ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekoo...

By jeon_taeshi_

1.4K 237 60

නිස්සාර සංසාර හීනේ අතීතේ ඔබ ඉන්නවා දැනෙනවා..... කවදාක හමුවෙන්න දැකගන්න වේදො තුන්යාමෙ මං අහනවා...... More

1 part 🎨🖼️
2 part 🎨🖼️
3 part 🎨🖼️
4 part 🖼️🎨
5 part🖼️🎨
6 part 🖼️🎨
7 part
8 part 🖼️🎨
9 part 🖼️🎨
10 𝐩𝐚𝐫𝐭🖼️🎨
11 part🖼️🎨
13 part🖼️🎨
14 part 🖼️🎨
15 part🖼️🎨

12 part🖼️🎨

79 12 2
By jeon_taeshi_





ඩයරියෙ මුල් පිටු කිහිපය ටේ කියෙව්වෙ මූනේ ඇදුන ලස්සන හිනාවකුත් එක්ක.ඒ හැම පිටුවකම වගේ ලියල තිබුනෙ එයාල දෙන්න පුංචි කාලේ ඉදන්ම එකට එකතුවෙලා සෙල්ලම් කරපු විදිය, දඟවැඩ කරපු විදිය වගේම එයාල ස්කූල් එකේදි කරපු එක එක විකාර වැඩ ගැන.ඒව කියවනකොට ටේට ආපහු එයාලගෙ අතීතෙ එයා ඉස්සරහ මැවිල පේන්න ගත්තා.

තව ඉස්සරහට ඩයරිය කියවගෙන යනකොට ටේගෙ මූනෙ තිබුන හිනාව ටික ටික මැකිල ගියේ එයාගෙ ඇස්වල කදුළු පුරවල.



"ආදරණීය දින පොත,

ම්ම්ම්....අදත් වෙනද වගේම මම ඔයාට කියන්න ආවෙ අද මගෙ දවස ගෙව්න හැටි....ඒත් අද දවස...ම්ම්ම්...අද දවස අනික් දවස්වලට වඩා ගොඩක් විශේශයි කියල මට හිතෙනව.අද ටේටේයි මමයි යුනිවර්සිටි එකට ගිය පලවෙනි දවස.මමයි ටේටේයි අද ගොඩක් සතුටින් හිටියෙවගේම අපිට අලුත් යාළුවොත් හම්බුනා ☺️

කායි, සේහූන්, ජෙනී මෙයාල තමයි අපිට අද හම්බුන යාළුවො.

උදේ ඉදන්ම අපිට ලෙක්චර්ස් තිබුන නිසා අපිට අද වැඩිය යුනි එකේ වටයක් දාන්නවත් හම්බුනේ නෑ.

අද ටේටේ ගොඩක් ලස්සනයි.එයාව උදේම දැක්කවෙලාවෙ ඉදන් මගෙ හාට් එක රේස් දුවනව.ආශ්...මට මේ ලෙඩේ තියෙන්නෙ හයිස්කූල් කාලෙ ඉදල 😒 ටේටේව දකින හැම වෙලාවකම මගේ හාට් එක මහ සද්දෙන් ගැහෙන්න ගන්නව.ඒ වෙලාවට මට හරි අමුත්තක් දැනෙනව.අනේ මන්ද 😒

ඔය ඉතින් දැන් ආයෙ ටේටේව මතක් උනා විතරයි මේ හාට් එක රේස් දුවනව....

අදට ඇති එහෙනන්....

good night my dear dairy 💗"



එතනින් එහාට හැම පිටුවකම තිබුනෙ ජිමින්ට ටේටේ ගැන දැනෙන හැඟීම් වගේම එයා ටේටත් හොරෙන් ටේ දිහා බලාගෙන හිටපු විදිය.ටේව කරදර වලින් ආරක්ෂා කරපු විදිය වගේ දේවල්.මේ හැමදේම කියවනකොට ටේට දැනුනෙ එයාගෙ හාට් එක දෙකට ඉරනව වගේ ලොකු වේදනාවක්.ටේ එයාගෙ ඇස්වලින් වැටෙන්න පොරකන කදුළු කොච්චර නවත්තගන්න උත්සහ කරත් ඒ කදුළු එයාගෙ කම්මුල් තෙමාගෙන පහලට ගලාගෙන ගියා.

"ච්...චිමී😭"

හැඬුම් අතිරින්ම ටේගෙ තොල් අතරින් ජිමින්ගෙ නම මිමිණුනා.තවත් ඉස්සරහට ඩයරි එක කියවගෙන යන්න බෑ කියල දැනුනත් ටේට දැනගන්න ඕනවුනා.ඒ හැමදෙයක් ගැනම ටේට දැනගන්න ඕන වුනා.මේ නිසාම ටේ කදුළු අතරින්ම තවත් පිටු කිහිපයක් ඉස්සරහට කියවගෙන ගියා.



" hey dairy,

අද මට ඔයාට කියන්න ලොකු කතාවක් තියෙනව.අද ටේටේට ලොකු කරදරයක් වෙන්න ගියා.හොද වෙලාවට මම ටේ ළඟට වෙලාවට ගියේ.නැත්තන් මම මගේ ජීවිතේ ගොඩක්ම පසු තැවෙන දවස අද වෙනව...

ටේටේ වොෂ්රූම් එකට ගිය වෙලේ එයාට කැමැත්තෙන් හිටපු කොල්ලෙක් එයාගෙන් කැමැත්ත අහල.එයා ඒ කොල්ලව රිජෙක්ට් කරාමකොල්ල ටේව වොෂ්රූම් එකට දාගෙන එයාට කරදර කරන්න හදල.ටේ පරක්කු ඇයි කියල බලන්න වොෂ්රූම් පැත්තට ගියාමයි මට ඇහුනෙ ටේටේ උදව් ඉල්ලල කෑ ගහන විදිය.ඒ වෙලාවෙ වොෂ්රූම් පැත්තෙ ළමයි කව්රුත් හිටියෙ නෑ.මට ලොකු බයක් දැනුන.වොෂ්රූම් එකේ ලොක්කරල කිබුන දොරත් පයින් ගහල කඩල දාපු මම ඇතුලට ගියපු ගමන් දැක්කෙ ටේටේගෙ බෙල්ලට පාත්වෙලා බෙල්ල තදින් කිස් කර කර හිටපු ඒ තිරිසනාව.ඒ එක්කම මටවත් තේරුන්නෑ මට මොනව වුනාද කියල.කවදාවත් මගේ හිතට දැනුන නැති තරමෙ තරහක් මගේ හිතේ ඇතිවුනා.මම ඒ කොල්ලව ඇදල අරන් මගේ කේන්තිය නැතිවෙනකන්මකොල්ලට ගැහුව.ඌට සිහිය නැතිවුනාට පස්සෙත් දෙක තුනක්ම ගැහුවේවෙනකොටත් මගේ තරහ හරියටම නිවිල තිබුනෙ නැති නිසා.ඌට ගැහුවට පස්සෙ මම හැරුනෙ ටේටේ දිහාවට.බිම වාඩිවෙලා එයාගෙ කකුල් අස්සෙ මූන ඔබාගෙන ටේටේ හොඳටම අඬනව.මගෙ හදවතට ලොකු වේදනාවක් දැනුන.මම ඉක්මනටම ටේටේ ගාවට ගිහින් එයාව තුරුල් කර ගත්තා.ඊට පස්සෙ එයා තවත් මට තුරුල් වෙලා හයියෙන් ඇඬුවා.

මම තව ටිකක් හරි පරක්කුවුනානම් අද මගේ ටේටේට එයාගෙ ජීවිතේ වටිනම දේ නැතිවෙනව.අහ් පොඩ්ඩක් ඉන්න...මම කිව්වෙ මගේ ටේටේ කියලද?....ඔව්මගේ ටේටේ...මම අද තමයි හරියටම තේරුම් ගත්තෙ මේ තරම් කාලයක් මගේ හිතේ ටේ ගැන ඇතිවුන යාළුකමට එහා ගිය හැඟීම ආදරය කියල...ඔව් මම ටේටේට ආදරේ කරනව.....

මම දන්නව ඒක වැරැද්දක්.....ටේටේ මාව දකින්නෙ එයාගෙ හොඳම යාළුව විදියට විතරයි.එහෙව් එකේ මම මෙහෙම හිතන එක වැරදි...ඒත් මොනව කරන්නද.....මට බෑ මගේ හැඟීම් පාලනය කරගන්න....දැන්නන් කොහොමත් බෑ.....

ටේටේ මම ඔයාට ආදරෙයි මැණික....මම ළඟදිම ඔයාට ඒක කියනව...ඔයාගෙ උත්තරේ මොකක්වුනත් මම ඒක භාරගන්න ලෑස්තියි....."


ඒ පිටුව කියෙව්වට පස්සෙ ටේට තවත් හයියෙන් ඇඬුනා.ජිමින්ගෙ ඩයරි එක තමන්ගෙ පපුවට තුරුල් කරගත්ත ටේ​ටේ හයියෙන් කෑ ගහල අඩන්න ගත්තා.ටේට මතක්වුනා එදා එයා ජිමින්ට එයා ජන්කුක්ට ආදරේ කරනව කියල කියපු විදිය.එයාට ඒ වෙලාවෙ කොයිතරම්නන් දුකක් දැනෙන්න ඇද්ද.ටේට හිතුන.....


" ඔයා ගොඩක් දුක් වෙන්න ඇති චිමී.....අනේ මට සමාවෙන්න 😭💔"

ටේගෙ කටින් පිටවුනා.


ආයෙමත් ජිමින්ගෙ ඩයරිය පෙරලපු ටේ ඉතිරි පිටු කිහිපයත් කියවගෙන ගියා.ඒ පිටුවල තිබුනේ ටේ ජන්කුක්ට ආදරේ කරනව කියල කිව්වට පස්සෙ ජිමින්ගෙ හිතේ ඇතිවුන වේදනාව....ඒ දුක එයා වචන කරල තිබුන විදිය.ටේ එදා රෑ ගොඩක් ඇඬුවා.ජිමින්ටත් තමන් ලොකු වේදනාවක් දීල කියල ටේ තමන්ටම දොස් පවර ගත්තා.ටේ හොඳටම දන්නව ඒක පාර්ෂවික ආදරයක් කියන්නෙ කොයිතර්ම්නන් ලොකු වේදනාවක්ද කියන එක.එයා ඒක අත්වින්ද....අදටත් අත්විදිනව....ඉතින් ජිමින් කොහොම ඒක දාරාගන්න ඇද්ද....💔

"ම්....මට ස්...සමාවෙන්න ච්...චිමී 😪"

අඬල අඬල ටේට නින්ද යන මොහොතෙදිත් ටේගෙ කටින් පිටවුනේ ඔය වචන ටික.....





Flashback end......

ඇස්වල කදුළු පුරවගෙන තමන් දිහා බලාගෙන ඉන්න ටේ දිහා ජිමින් බලන් හිටියෙ කිසිම හැඟීමක් නැති ඇස්වලින්.....හැඟීම් තිබුනත් ජිමින් ඒ හැම දෙයක්ම ටේ ඉස්සරහදි හන්ගගත්තා.එයා හදවතින් ගොඩක් ඇඬුව.....කාටත් හොරෙන්....💔😪





↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽



අගක් මුලක් නොගැලපෙන පිස්සු කැප්ටර් එකක් 🥲

පාඩම් කරන ගමන් ටයිප් කරේ....මිස්ටේක්ස් ඇති.....




💗 𝐚𝐮𝐭𝐡𝐨𝐫 𝐉𝐄𝐎𝐍_𝐓𝐀𝐄𝐒𝐇𝐈_ 💗

Continue Reading

You'll Also Like

1.5K 405 6
" All of those moments will be lost like tears in the rain...." Top Jimin Just a Short Story Start Date : 05.10.2022 End Date : 05. 10.2022
877K 53.6K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
399K 6.4K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
5.1K 1.2K 11
"I saw that you were perfect, and so I loved you. Then I saw that you were not perfect and I loved you even more." - Angelita Lim