11 part🖼️🎨

62 13 4
                                    




Flashback....

2 days before....


ටේහ්‍යුන් හිටියෙ එයාගෙ රූම් එකට වෙලා.ජන්කුක් ඇන්ද එයාගෙ පේන්ටින් එක දිහා බලාගෙන හිටපු ටේගෙ ඇස් වලින් පුංචි පුංචි කදුළු වැල් පහල​ට වැටුනේ ටේටත් හොරෙන්.

"දන්නවද කුක්.....ජීවිතේ පලවෙනි වතාවට මගේ හිතේ කෙනෙක් ගැන මේ විදියෙ ආදරයක් ඇතිවුනේ 🙂 ඒත්.....ඒ පලවෙනි වතාවට ඇතිවුන ආදරේ මේ විදියට මගෙ හිත ඇතුලෙම මරල දාන්න වෙයි කියල මං කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ කුක්....😪 ඔයා එයත් එක්ක සතුටින් ඉන්නව නේද? මම ආසයි ඔයාගෙ වයිෆ්ව හම්බෙන්න.එයත් එක්ක කතා කරන්න.ඒත් මගෙ හිතතරම්ම ශක්තිමත් නෑ කුක් 💔....😭"

ආයෙමත් ටේහ්‍යුන් අඬනව...අද දවසට කීවෙනි වතාවද කියන්න ටේවත් දැනන් හිටියෙ නෑ.ඊයෙ රෑ අඬල අඬල නිදාගත්තට පස්සෙ උදේ නැගිට්ට වෙලේ ඉදලත් ටේ කරේ අඬපු එක විතරයි.එයාගෙ හිතේ වේදනාව නැති කරගන්න ටේ දැනන් හිටියෙ ඒ විදිය විතරයි.ටේට හිතුන එයා​ගෙ ජීවිතෙන් වැඩක් නෑ කියල.එයා කාටත් හොරෙන් එයාගෙ ජීවිතේ නැති කරගන්නත් උත්සහ කරා.ඒත්......අන්තිමට එයා තීරණේ කරා, එයා වෙනුවෙන් නැතත් එයාට ආදරේ කරන අය වෙනුවෙන් ජීවත් වෙන්න ඕනෙ කියල...මොකද ටේ කැමති නෑ එයා නිසා අනිත් අයත් දුක් විදිනවට.



↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽


ඇදේ ඔහේ වැතිරිලා හිටපු ටේට ඇහුනෙ එයාගෙ රූම් එකේ දොර ඇරෙන සද්දෙ.ටිකක් ඔළුව උස්සල දොර දිහා බලපු ටේ දැක්කෙ දොර අඟුලට අතත් තියන් තමන් දිහා බලන් ඉන්න ජිමින්ව.


"චිමී ☺️"

මෙච්චර වෙලා අඬපු බවක් ජිමින්ට පෙන්නන්න ඕන නැති නිසාම තමන්ගෙ මූන ව්‍යාජ හිනාවකින් සරසගත්ත ටේ ජිමින්ට කතාකරා.ඒත් ටේ දන්නෑ එයා මේ බොරු කරන්නෙ පුංචි කාලෙ ඉදන් එයත් එක්කම ඉඳපු එයාගෙ සෝල්මේට්ට කියල.ජිමින්ට පුළුවන් ටේ හැරෙනකොටම එයා ඉන්නෙ දුකින්ද සතුටින්ද ප්‍රශ්නෙකින්ද කියල දැනගන්න.ඉතින් එහෙව් එකේ ජිමින් ටේගෙ මේ ව්‍යාජ හිනාව අඳුරගන්නැතුව ඉඳීද....

ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now