13 part🖼️🎨

86 16 1
                                    


" මට බය හිතුන ටේ.මගේ හැඟීම් ගැන ඔයාට කිව්වට පස්සෙ අපි දෙන්නගෙ අවුරුදු ගානක තිබ්බ යාළුකමත් මට නැතිවෙයි කියල.එහෙම වෙනවට වඩා ඔයා මගේ ළඟින් මගේ යාළුව විදියට හරි ඉන්නවනෙ කියල හිතල මම මගේ හැඟීම් හංගගන්න තීරනේ කරා.ඒත්......ඔයා එදා ජන්කුක් ගැන මට කිව්වම මට තවත් ඒ හැඟීම් හංගන් ඉන්න බැරිවුනා ටේ.මට දැනුනෙ හරියට මගේ හදවත පන පිටින් ඉද්දිම පපුවෙන් එළියට ඇදල ගන්නව වගේ.ඒත් ඔයා ඉස්සරහ කවදාවත් මං දුර්වලයෙක් කියල මට පෙන්නන්න ඕනවුනේ නෑ.ඒ නිසාම මං ඔයා ඉස්සරහදි හිනාවෙලා ඉන්නතීරණය කරා.ඒ වගේම ඔයාට ඔයාගෙ ආදරේ ලබාගන්න උදව් කරන්නත් මං මටම පොරොන්දු වුනා.ඒත්.....ඒත්.....මං අද පරාජිතයෙක් ටේ...මට බැරිවුනා මං මුළු හදවතින්ම ආදරේ කරන කෙනාට එයාගෙ සතුට ලබල දෙන්න.මං පරාදවුනා ටේ.....ඒ වගේම ජීවිතේ පලවෙනි වතාවට මම පොරොන්දුවක් කැඩුව.😪"

ජිමින් කියපු දේවල් එක්ක ටේට දැනුනෙ එයාගෙ හදවත ගිනි ගොඩක දැවෙනව වගේ වේදනාවක්.ටේ තමන්ගෙ ඇස්වලින් වැටෙන කදුළු වලට ඉඩ දීල ජිමින් දිහාට හැරුනා.

"මං නිසා ඔයා විඳවල ජිමිනි.මං මහ පව්කාරයෙක්.මං වේදනා විදිනව මදිවට මගේ වටේ ඉන්න අයටත් වේදනාවක් දුන්න එක විතරයි මං කරේ.මට සමාවෙන්න ජිමින්.මට සමාවෙන්න ඉහි.....ඉහි....😭"

" ෂ්....ටේටේ කොහෙත්ම නෑ.ඔයා ඒ විදියට කවදාවත් හිතන්න එපා තේරුනාද?...දන්නවද ඔයා තමයි මට මේ ලෝකෙ වටිනම කෙනා මගේ ටේ.ඔයා නෙවෙයි පව්කාරය මේ මමයි.තමන් ආදරේ කරන කෙනාට තමන්ගෙ හැඟීම් ගැන කියන්නෙවත් නැතුව ඔහේ දුර්වලයෙක් වගේ පැත්තකට වෙලා හිටියෙ මමයි ටේ.ඒ නිසාමයි මට ඒ වගේ වේදනාවක් විඳින්න සිද්දවුනේ 😪 ඉතින් ඔයා ඒකට වැරදි නෑ මගේ බෙයා.කවදාවත් එහෙම හිතන්න එපා 🥺"

ජිමින්ගෙ වචන නිසා ටේට තවත් හයියෙන් ඇඬුනා.ජිමින්ගෙ පපුවට ඔළුව හේත්තු කරගත්ත ටේ මහ හයියෙන් කෑගහල අඬන්න ගත්තා. ජිමිනුත් ටේගෙ හිසකෙස් අතරින් එයාගෙ ඇඟිලි යවන ගමන් තමන්ගෙ කදුළු නිදහස් කරා.

ටේ ජිමින් දෙන්නම හිටියෙ එකම වේදනාවකින්....ඒ නිසාම ඒ දෙන්නටම ඒ දෙන්නගෙ තත්ව තේරුම් ගන්න පහසුවුනා.

.
.
.
.
.
.
.
.

දවස් ගෙවුනෙ හරි ඉක්මනින්.....ජිමින් ගැන ඇත්ත දැන ගත්ත මොහොතෙ ඉදන් ටේහ්‍යුන් ඒ ගැන ගොඩක් හිතුව...එයාට නොහිතුනාම නෙවෙයි ජිමින්ට අවස්ථාවක් දීල බලන්න...ඒත් එයා තාමත් ඒකට ලෑස්ති නෑ.ජන්කුක් තාමත් එයා⁣ගෙ හිතේ කොනක රැදිල හිටියා.තව හරියටම සතියකින් ජිමින්ගෙ බර්ත්ඩේ එක..එදා ටේයි ජිමිනුයි අන්තිම වතාවට හම්බුනාට පස්සෙ ටේහ්‍යුන් ආයෙ ජිමින්ව දකින්න යන දවස....මේ වෙනකන් ටේහ්‍යුන්වත් ජිමින්වත් එකිනෙකාව මුනගැහුනෙ නෑ...මොකද ඒ දෙන්නටම ටික කාලයක් ඕනවුනා මේ සිද්දවුන හැමදේම ගැන හිතන්න....

ඉතින් ජිමින්ගෙ බර්ත්ඩේ එක දවසට මොනවගේ දෙයක් වෙයිද?

.

.

.

.

.

.

Hey hey.....

🙃♥️

Taeshi♥️

ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now