A sub - god

By parkshinhay5427

1.7K 460 201

ඒක මහ එපා කරපු දෙයක්.. More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21

Chapter 16

75 18 21
By parkshinhay5427

කයිරොන් කියන විදිහට මන් දෙවියෙක් ගෙයි මනුස්ස කාන්තාවකගෙයි ලේ වලින් ඉපදුන ලමයෙක්.

ඒ කියන්නේ මන් අර්ධ ලෝහිතයෙක්. එයාලව උපදෙවිවරු කියලත් හදුන්වනවා.

මෙහෙ ඉන්න අනික් ලමයිනුත් ඒ විදිහට දෙවිවරුන්ගේ දෙවගනන්ගේ ලේ යි මිනිස් ලේයි එකතු වෙලා හැදුන අයලු.

එහෙම ලමයින්ට මෙහෙ නවාතැන් දෙන්නේ එයාලගේ ලේ මිශ්‍රවෙලා තියෙන ඔලිම්පියානුවාට අනුවලු.

මගේ අප්පා කවුද කියලා දන්නේ නැති නිසා මට නවාතැන් ලැබුනේ හර්මිස්ගේ, ඒ කිව්වේ හොරුන්ට අධිපති දෙවියන්ගේ කැබින් එකේ..

ඒ කැබින්එකේ නායකයා නම්ජූන්.ලේසියට එයාව හදුන්වන්නෙ ජූන් කියලා..

එයාට තමා මාව බාරවෙලා තීන්නේ මට එයාලගෙ කැබින් එකේ ඉන්න ඕනි කරන දේවල් එයා ගබඩා කාමරෙන් හොරකන් කරන් ඇවිත් තිබුනා.

මන් ඒවත් අරන් කැබින් එකේ මට වෙන්වුන තැනට ගියා.

මන් මගේ බඩු එතනින් තියලා හැරෙනවත් එක්කම මගේ ලග හිටියේ හේසෝක්.

එයා මාව එක්කන් කදවුර පෙන්නන්න ගියා.එහෙම යන ගමන් අපි දෙන්නා අපේ විස්තර බෙදාගත්තා.

හේසෝක් කියන්නේ කැබින් අංක හයේ නවාතැන්කරුවෙක්.ඒ කියන්නේ නුවනට හා යුධෝපායන්ට අධිපති ඇතීනගේ ලමයෙක්.

එයා මෙහෙට ඇවිත් තීන්නේ ගොඩාක් පුන්චි කාලෙදි.එයාත් මන් වගේ සැරින් සැරේ ස්කූල් මාරු කරපු කෙනෙක්.

ඒ වගෙම එයාටත් මට තීන ලෙඩ දෙක තිබිලා තීනවා.ඒ කියන්නේ ඒවා අර්ධ ලෝහිතයන්ට ආවේනික දෙවල්.

එයාලගේ මනස පෞරාණික ග්‍රීක අකුරු කියවන්න හුරුවෙලා තීන නිසා වචන අන්ධතාවයෙන් පෙලෙනවලු..

වචන අන්ධතාවය කියන්නේ සාමාන්‍ය පොතක් කියවන්න ගත්තාම අකුරු පාවෙන්න අරන් ඒවා කියවගන්න බැරි වෙන එක..

ඒ.ඩී.එච්.ඩී කියන එක අපිට තීන්නේ අපිට රන බිමට හැඩගැහුන ප්‍රතිරූපයක් තීන නිසාලු.

ඒ කියන්නේ අපි වටපිටාවේ වෙන දේවල් වලට අධික සන්වේදීතාවයක් දක්වනවා වගෙම සාමාන්‍ය මනුස්සයෙක් දකිනවට වඩා දේයක් දකින එක.

ඒකෙන් අපිට රාක්ෂයන්ගෙන් ආරක්ෂාවෙන්න පුලුවන්ලු.

රාක්ෂයන් කියන්නේ ඈත අතීතයේ ඉදන් පැවත එන දෙවිවරු වගේ අමරනීය කොට්ටාසයක්ලු..

ඒ අයව ටික කාලෙකට නැතිකරන්න පුලුවන් උනත් මරන්න බැයිලු...

එයාලගේ ප්‍රධාන ආහාරය අර්ධ ලෝහිතයන්ලු එයාලා ඉක්මනින් ඒ ලේවල සුවදට ඉක්මනින් ආකර්ෂනය වෙනවලු.

ඒ නිසාලු අර්ධලෝහිතයන්ට ජීවත් වෙන්න මේ වගේ තැනක් නිර්මානය කරලා තීන්නේ..

මන් මිසිස් හන් ගැන එයා එක්ක කතා කරද්දි ඒ ෆියුරි කෙනෙක් කියලා කෙටිනමකින් හොබී කිව්වා.

දෙවිවරුන්ගේ නම් වගෙම රාක්ෂයන්ගේ නමුත් බලගතුයි කියලා එයා මට කිව්වා.

එයාලා ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලනම් මට තෙරෙන්නෑ.

කොහොමත් මෙතන වෙන ගොඩාක් දේවලින් ගොඩාක් දෙවල් මට නොතේරෙන ඒවා.

මන් එයා එක්ක කතාකරකර කදවුරේ පුහුනුවීම් කරන තැන් ටික, කැම ගන්න තැන වගෙම කැබින් ටිකත් නැරඹුවා.

ඒ කැබින් වලින් සියුස්,හේරා,පොසෙයිඩන් කියන ලොකු තුන්කට්ටුවේ කැබින් සම්පූර්නයෙන්ම හිස් ඒවා..

එරිස්ගේ කැබින් එකෙයි හර්මිස්ගේ කැබින් එකෙයි තමා ටිකක් වැඩිපුර ලමයි හිටියේ..

හර්මිල්ගේ කැබින් එකේ ගොඩාරියක් කට්ටිය ඉන්නේ,සමහර දෙවිවරු ඒ තමන්ගේ ලමයි කියලා එයාලව පිලිගන්නෙ නැති නිසයිලු..

"ඔයා මෙහෙ ගෙවන ජීවිතේ සතුටින්ද ඉන්නේ..."

හොබී එක්ක පොකුනක් ලග නතර උන මන් පොකුන ඇතුලේ හිටිය කෙල්ලො දෙන්නෙක් එක්ක හිනාවෙන ගමන් ඇහුවා.

"ඒ ජල දෙවගනන්..එයාලට අනුබල දෙන්න ගිහින් අමාරුවේ වැටෙන්න වේවී.."

මන් දන්න විදිහට ජල දෙවගනෝ කියන්නේ ඇෆ්‍රොඩයිට්ගේ ලමයි..

*සැක් මන් ඒ විෂයවත් හරියට ඉගෙන ගෙන නෑනේ..*

"ඔයා මන් අහපු දේට උත්තර දුන්නෙ නෑ"

"අපිට සතුටින් ඉන්න නෙමේ ජීවත් වෙන්න ඕන්නම් ඉන්න තීන එකම ආරක්ෂාකාරී තැන තමයි මෙතන.."

"මෙහෙට රාක්ෂයන්ට එන්න බැයිද.."

"විශේෂ කැදවීමකින් ඇරෙන්න මෙහෙට රාක්ෂයන්ට එන්න බෑ වගෙම ඉඩමේ මායිම පහුකරලා කිසිම මනුස්සයෙක්ටත් මෙහෙට එන්න බෑ..අපි මෙහෙදි සම්පූර්නයෙන්ම ආරක්ෂිතයි "

එයා මන් එක්ක හිනාවෙලා කිව්ව ඒ දේ බොරුවක් කියලා තේරෙන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ..

"ආ...අලුත් ලමයෝ...!"

"මොකද මින්හෝ මේ පැත්තට ආවේ..ඔයා වෙන තැනකට ගියානම් හොද නැද්ද..."

"හයියෝ හේසෝක් ඔයාගේ ඔය මෝඩ පහේ දෙබස් විසික් කරලා මාව මෙයාට අදුන්වලා දෙන්නකෝ.."

"ටේහියුන් මේ ඉන්නේ එරිස්ගේ කැබින් එකේ ලීඩර් මින්හෝයි එයාගේ ගෝලයොයි"

මන් ලගට ආපු මරුමුස් පෙනුමක් තීන කොල්ලො රංචුව පෙන්නපු හොබී මට එයාලව අදුන්වලා දුන්නා..

"එහෙනම් ටේහියුන් මේ ඔයාව පිලිගන්න මෙහොතයි..යන් අපිත් එක්ක.."

"මට බෑ...."

එයාලා මගේ අත්දෙකෙන් අල්ල ගද්දි මන් මගේ අත් ගසාදාලා කිව්වා..

ඒත් මන් කියන දේවත් හොබී කියන දේවත් ඇහුවේ නැති මින්හෝ මාව එක්කන් වැසිකිලි පැත්තට ගියා..

පට්ටම ජරා ගදක් එන වැසිකිලියක් ලගට මාව ඇදන් ගිය මින්හෝ අනික් අය වටවෙලා බලන් ඉද්දි මගේ ඔලුව කොමඩ් එක ඇතුල්ට ඔබන්න හැදුවා.

මන් මගේ ඔලුව කොමඩ් එක ඇතුල්ට යන්න නොදී ආපස්සට ගද්දි එයා මට බැන බැන ඔලුව ඇතුලට ඔබන්න ට්‍රයි කලා.

මොන දේ උනත් මේ වැසිකිලි වලේ ඔලුවනම් ඔබාගන්නේ නෑ කියලා මන් තදින්ම හිතුවා.

එතකොටම මගේ බඩවැල් තදවෙලා මගේ ඇග ඇතුලේ ලොකු විපර්යාසයක් වෙන්න ගත්තා.

ඒ එක්කම වැසිකිසිවලට සම්බන්ද වෙලා තිබුන පයිප්ප බඩ ඉදිමිලා පුපුරන්න ගත්තා වගෙම,

වැසිකිලියේ වතුරත් මගේ ඔලුවට උඩින් ඇදිලා ගිහින් මින්හෝවයි එයාගේ යාලුවන්වයි ඒවෙන් නෑව්වා.

මගේ ශරීරයේ හැමදේම සාමාන්‍යවෙද්දි මන් ඔලුව උස්සලා වටපිට බැලුවේ ඒ උනේ මොකක්ද කියලායි

කියන්න සතුටුයි මගේ ඇස් මුලින්ම දැක්කේ අපිරිසිදු වතුර ඔලුවේ ඉදන් නාන් ඉන්න මින්හෝවයි එයාගේ යාලුවන්වයි..

ඊටපස්සෙයි තෙමිච්ච කුකුල්ලු වගේ ඉන්න හොබීවයි හර්මිස් කැබින් එකේ අයවයි.

එයාලා දිහා දුකින් බලපු මන් ඊලගට බැලුවේ මන් දිහා.

කියන්න පුදුමයි මගේ ඇගේ රෝම කූපයක් තියා මගේ ඇදුමේ නූල් පොටක්වත් තෙමිලා තිබුනේ නෑ..

කොටින්ම කියනවනම් මන් වටේට අගල් කීපයකදුරින් තිබුන කිසි දෙයක් තෙමිලා තිබුනේ නෑ..

"තමුන් දින්නා කියලා හිතන්නෙපා අලුත් එකෝ..මෙතන ඉදන් තමුන්ගේ ජීවිතේ අන්තිම දවස් ටික ගෙවෙන්න ගනීවී.."

මින්හෝ මට ඇගිල්ලක් දික්කරන් තර්ජනේ කරා...

after few minutes..

"ටේහියුන්..දැන් රාත්‍රීභෝජන සංග්‍රහය පටන් ගන්න වෙලාව....අපි යන්න ඕනී.."

මින්හෝගෙ ප්‍රශ්නයෙන් පස්සේ හොබී ඇදුම් මාරුකරන්න ගිහාම මන් මගේ කැබින් එකේ නිදන බෑග් එක ඇතුල්ට වෙලා ඉද්දි ලගට ආපු ජූන් හියුන්ග් කිව්වා

ඉතින් මන් මිනටෝර් අග නිදන බෑග් එක ඇතුලට දාලා එයායි කැබින් එකේ අනික් අයයි එක්කලා කෑමකන තැනට ගියා.

එතනට සුගා හියුන්ග් ඇවිත් භෝජන සංග්‍රහය පටන් ගත්තට පස්සේ අපි වාඩිවෙලා හිටි මේසේ උඩින් කෑමවර්ග මතු උනා..

"දෙවිවරුන් වෙනුවේන්....."

කෑම කන්න කලින් තමන්ගේ ග්ලාස් උස්සලා එහෙම කිව්ව හැමෝම තම තමන්ගේ ප්ලේට් අරන් ගිහින් ලග තිබුනේ ගිනි මැලේට කෑමවලින් කොටසක් දැම්මා.

ජූන් හියුන්ග් ගිනිමැලේට මිදිපොකුරක් දාලා එයාගේ තාත්තව මතක් කරද්දි ගිනී මැලේට රෝස් කරපු මස් කැල්ලක් දැම්මා.

"ඔයා කවුරු උනත් මන් ඔයාගේ පුතා කියලා පිලිගන්න.කරුනාකරලා මට පනිවිඩයක් එවන්න.."

රාත්‍රී භෝජනයෙන් එදා දවස නිමා කරපු අපි අපේ කැබින් වලට ගියා..

-----------------------------------------------------------


Happy happy birthday manika..🥰

🥳🥳🥳🥳🥳🥳🥳

Continue Reading

You'll Also Like

461K 64K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
22.2K 3.6K 27
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
2K 86 23
Gwen's whole life has been about one thing, hockey. Growing up Gwen didn't have it easy and always had to work hard at what she wanted. She had put a...
68K 3.7K 58
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။