PARTNER ☑

Bởi claerydee

18.3K 3.5K 254

මම ඒ කිසිම දෙයක් දන්නේ නෑ. මට උන් එක්ක කිසිම සම්බන්ධයක් නෑ කියන දේ තේරුම් ගන්නවා. එහෙම දෙයක් වුනේ කොහොමද කියන... Xem Thêm

Chapter 01
Chapter 02
Main Characters
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Note
Announcement

Chapter 03

636 121 5
Bởi claerydee

Jungkook pov

කිම් මැන්ෂන් එක මම හිතුව විදිය නෙමේ. සම්පූර්නෙන්ම වෙනස් තැනක් වුනා. මාෆියා වර්ල්ඩ් එකම රන් කරන් හිටපු කිම් නම්ජූන් එක්ක බිස්නස් ගැන විතරක්ම කතා කරලා තිබුනත් මේ විදියට එයාව හම්බවුනාම තේ⁣රුනේ මාෆියාව කියන වෙස් මුන යට හරි සුන්දර මනුස්සයෙක් ඉන්නවා කියලා. හෙට ඉදන් නම්ජූන් මැන්ෂන් එකේ නෑ කියන එක හිතද්දි මගේ හිතට හිස් ගතියක් ආවේ මට මෙතනින් එහාට ඉන්න වෙන්නේ නම්ජූන් ගේ මල්ලි කිම් ටේහ්‍යුන්ග් එක්ක නිසා. මම හරියට ඒ මූන දිහාවත් බැලුවේ නෑ. ඈතින් එද්දිම කිසිම හිනාවක් නැතුව ඇස් වල තරහා පුරවගෙන එන විදිය දැක්කම මට ඒ මූන දිහා බලන්න හිතුනේ නෑ. ඒත් එයාට අත දෙද්දි ඒ අත මුන තරමු රෆ් නෑ කියලා තෙරුනේ ගොඩක් සිනිදුවට දැනුන නිසා. නම්ජූන් ගේ සීක්‍රට් බුලට් එක එයා කිව්වත් කිසිම මෙල්ට් ගතියක් නැති ගෙස්ට් කෙනෙක්ටවත් කතා කරන්න දන්නනැති හිතුවක්කාර චරිතයක් නම්ජූන් ට වඩා හොදටම වෙනස් කෙනෙක් කියලා මට ඒ පලවෙනි හමුවීමෙන්ම තේරුණා. ඒත් එයාට නපුරු ඇස් දෙකක් එක්ක ලස්සන මූණක් වගේම ඇගකුත් තිබුණා. මට ආයෙම එයා දිහා හොදට බලාගන්න ඕනි වුනත් හෙමීට එයාව ස්ටඩී කරනවා කියලා හිතාගෙන මම එයා දිහා බලන්න ගියේ නැත්⁣තේ එයා ගොඩක් කේන්තියෙන් ඒ වෙලාවෙත් කෑ ගහපු නිසා. මට එයාගේ ඒ හේතුවක් නැති කෑ ගැහැලිල්ලට එයාට දෙකක් කියන්න හිතුනත් කට වහන් හිටියේ ජූන් හ්‍යුගැන හිතලා. වොශ් දාලා මම එහෙම බාත් රොබ් එකත් ඇදන් ඇවිත් ඇදට වැටුනා. මට එහෙමම නින්ද ගියේ රෑට කන්න යන්නවත් සිහි නැතුව.

Jungkook pov end

"යුන්ගියා ජන්ග්කුක් කෑම කන්න පහලට එන්නැති වෙයිද?"

"එන්න කියල නම් කිව්වා. "

"ලී යන්ග් ... දෙන්නගෙම කෑම දෙක අරන් ගිහින් ටේගේ රූම් එකෙන් තියන්න. ටේට කියන්න ජන්ග්කුක් ගේ ඩිනර් එක ගිහින් දෙන්න කියලා මම කිව්වා කියලා."

"හරී නම්ජූන් බොස්.."
.
.
.

"ටේ බොස් "

"ලී යන්ග් ඔතනින් තියලා යන්න මම පස්සේ කන්නම්."

"බොස් නම්ජුන් බොස් කිව්වා මේ කෑම එක මිස්ටර් ජියෝන් ගෙ රූම් එකෙන් තියන්න කියලා"

"මොන මඟුලක්ද කියන්නේ.. මම මොකටද එයාට කෑම අරන් යන්නේ. මේ බලන්න ලී යන්ග් ඔයා මගේ ගාඩ් කෙනෙක් ඔයා අහන්නෝන මම කියන දේ ඕක ගිහින් දෙන්න.."

"ඒත්"

"ඒත් මේත් නෙමේ තේරුණේ නැද්ද කියන එක. ගිහින් දෙනවා ඕක"

"හරි බොස්..."

"ආහ් ලී යන්ග් එයාට කියන්න හෙට උදේ 6ට ශූටින්ග් ප්‍රැක්ටිස් තියෙනවා කියලා ශූ⁣ටින්ග් රේන්ජ් එකට එන්න කියලා.."

"හරි බොස් මම කියන්නම්..."

Kimtaehyung pov

මේක හරි මගුලක් වුනානේ මම ඒ මනුස්සයාගෙ ⁣සර්වන්ට්ද. හරි බලමුකෝ හෙට ඉදන් කොහොමද ඉන්නේ කියලා. මාත් එක්කනේ ඉන්න වෙන්නේ.

මේ ගෙදරට මිනිස්සු ආවේම එයාලගේ අවසන් ගමන යන්න මිසක් මේ විදියට ගෙස්ට් ලා වගේ නතර වෙන්න නෙමේ. ඉතිං ඒ නිසාම මට ජියෝන් මෙහෙම නතර වෙලා ඉන්න එකට සැකයක් වගේම තරහකුත් තිබුනා. මට හිතුනෙම මේ මනුස්සයා මොනවම හරි ප්ලෑන් එකකට අපේ ගෙදරට එන්න ඇති කියලා. අනික මම ගැන පිටට ඩීටෙල්ස් යයි කියන සැකෙත් මට තිබුණා.

සාමාන්‍යයෙන් තනියම කෑම කන එක මගේ පුරුද්දක් නිසා හැමදාම මගේ මීල්ස් මගේ රූම් එකට අරන් එන්න ගාඩ්ස්ලා පුරුදු වෙලා හිටියා. මගේ වැඩ වලටම වෙනම ගාඩ්ස්ලා දහදෙනෙක් විතර හ්‍යුන්ග් දීලා හිටියා. ඒත් ඒ අයට මගේ කියලා කරන්න කිසිම වැඩක් තිබුනේ නෑ. එයාලා වැඩි පුරම කරේ මගේ කෑම එක ගෙනල්ලා දෙන එක. එහෙමත් නැති නම් මගේ අතින් අවසන් ගමන් යන්න ඉන්න ගොඩක් අයව ඒ අය අතින් අවසන් ගමන් යවන එක. එයාලා ගොඩක්ම කැමති වුනේ අපිට විරුද්ධ වෙන තරුණ අයට. මොකද මගේ ගාඩ්ස්ලා එහෙම අය එක්ක ගොඩක් විනෝද වුනා. මට මතක ඇති කාලෙකට මම එහෙම විනෝද වුනේ හ්‍යුන්ග්ගෙ සෙකට්‍රි එක්ක විතරයි. ඒත් අන්තිමට මගේන් පස්සේ තව පස් දෙනෙක්ගේ විතර අාසාවල් ඉශ්ට කරලා එයා ඒ රූම් එක ඇතුලේ අන්තිම හුස්ම හෙලුවා. මට පිරිමි අය ගැන ඉන්ට්‍රස්ටින් එකක් නැති නිසාම මම මගේ ගාඩ්ස්ලා වගේ වෙන පිරිමි එක්ක එන්ජොයි කරන්න ගියේ නෑ.

හ්‍යුන්ග්ට හිටපු සෙකට්‍රි මිස් යේ රී අවුරුදු ගානක් කපටි කමින් අපි ලඟට වෙලා ඉදලා අපේ වෙපන් බිස්නස් එක ශින් ෆැමිලි එකට පාවා දුන්නා. ඒක ගැන ටික ටික ක්ලූස් එන්න පටන් ගද්දි හ්‍යුන්ග් යේරීව අස් කරා. ඒත් ඒ දේට මම කැමති වුනේ නැත්තේ සමාව කියන වචනේ මගේ වොකබියුලරි එකේ නැති නිසා. එදා මම මගේ අය යවලා එයාව කිඩ්නැප් කරා. ඒ තමයි මම අන්තිමට විනෝද වුන දවස. ඒ දැනට මාස තුනකට උඩදි. එතනින් පස්සේ මම කිසිම කෙනෙක් එක්ක කිසිම විදියකට එන්ජෝයි කරලා තිබුනේ නෑ.

ඒත් මගේ සමහර අවශ්‍යතා වලට මම ලඟ යූ සන්ග් යී හිටියත් එයාට මාව බාත් කරන එක මගෙ බොඩි මාසාජ් කරන එක මම කියන විදියට ප්ලේ කරන එක ඩාන්ස් කරන එක හැර එතනින් එහාට කිසිම විදියකින් ලයින් එක ක්‍රොස් කරන්න අයිතියක් තිබුනේ නෑ. එයා මගේ රූම් එකේ ගොඩක් වෙලාවට හිටියේ ස්ලෙව් කෙනෙක් වගේ. එයාට මොන තරම් මම ගැන ආසාවල් තිබුනත් මට එයා ගැන ඒ විදියේ කිසිම ආසාවක් තිබුනේ නෑ. බොඩි මසාජින් කරන වෙලාවට එයා ඔවර් යන්න එන හැමවෙලාවකම මම එයාව නතර කරා. මගේ රූම් එකට එහා පැත්තේ එයාට වෙනම රූම් එකක් තිබුනා. ඒත් එකෙන් එලියට එන්න තිබුණ එකම දොර තිබුනෙ මගේ රූම් එකට. ගොඩක් වෙලාට බාත් රොබ් එක විතරක් ඇදගෙන හිටපු එයා හැම රෑකටම වගේ මගේ රූම් එකේ පෝල් ඩාන්සින් කරා. එ් මොනවා වුනත් මට එයා එක්ක සෙක්ස් කරන්න කිසිම ආසාවක් තිබුනේ නෑ. එක අතකට ඒ එයා මගෙන් බලාපොරොත්තු වුන රොමෑන්ටික් සෙක්ස් මට එයාට දෙන්න බැරි නිසා වෙන්න ඇති. එයා මගේ ලඟ හිටියේ ස්ලේව් කෙනෙක් විදියට. මට ඕනි වුනේ එයා මගේ ලඟ ඒ විදියට ඉන්නවා දකින්න විතරයි. මේ මැන්ශන් එකෙන් පිට යන්නත් එයාට කිසිම චාන්ස් එකක් තිබුනේ නෑ. එයාව දකින්න චාන්ස් එකක් තිබුනෙත් මට විතරයි. එයාට ෆීඩ් කරන්න මම වෙනම ගාඩ් කෙනෙක්ව දාලා හිටියා. ඒත් කවදාවත් ඒ ගාඩ්ට යූ සන්ග් ව දකින්න ලැබුනේ නෑ.

සමහර වෙලාවට යුන්ගී කියනවා මම ගත කරන්නේ බෝරින්ග් ලයිෆ් එකක් කියලා. ඒ මම පොඩි කාලේ ඉදන් ගෙදරින් පිට ගිහින් නැතිම තරම් නිසා. යූ සන්ග් ගේ ඩාන්සින් මසාජින් වලින් වගේම මිනිස්සු මරලා එන්ජෝයි වෙන එකම නෙමේ ලයිෆ් එක එලියට ගිහින් එන්ජෝයි කරන්න කියලා නිතරම් හ්‍යුන්ග්නුත් මාත් එක්ක කිව්වා.

ඒත් කොච්චර දුශ්ට වුනත් මගේ එක වීක් පොයින්ට් එකක් තිබුනා. ඒ මගේ තාත්තා. එයා හැමදාම දැක්කේ මම අමනුස්සයෙක් විදියට. එයාට හැමදාම ඕනි වුනේ අයියලා දෙන්නා විතරයි. ඒත් කවදාවත් මට අයියලා දෙන්න එක්ක ඒ නිසා තරහක් ඇවිත් තිබුනේ නෑ. ඒ ඒ සිද්දිය වෙලා මම මැන්ශන් එකේ තනි වුන දවසේ ඉදන් හැමදේම මට උගන්නලා මාව බලාගත්තේ මගේ අයියලා දෙන්නා නිසා. තාත්තා ඉස්සරහ තාත්තගේ හොදම යාලුවා මැරුව දවසේ ඉදන් තාත්තා මම එයාගේ පුතා කියලා පිලිගත්තේ නෑ. හැමදාම ඒ දේට හේතුව මම තාත්තට පැහැදිලි කරන්න හැදුවත් කවදාවත් තාත්තා එ්ක අහන්න ලෑස්ති වුනේ නෑ. නම්ජූන් හ්‍යුන්ග් මට කැමති විදියට එයා ලග මෙහෙම ඉන්න දෙන්නෙ වගේම මට ආරක්ශාව දෙන්නෙත් ඒ දේ එයා ඇස් දෙකෙන් දැකපු නිසා. ඒත් එයා කියන දේවත් අද වෙනකන් තාත්තා අහන්න ලෑස්ති වුනේ නැ.

එදා මාව තනියම මේ ගෙදර දාලා තාත්තා අම්මයි අයියලා දෙන්නයි ගාඩ්ලයි එක්ක අපේ අනිත් මැන්ශන් එකට ගියා. ගෙදර පොඩිම ලමය වුන මම අම්මා ලඟම ගොඩක් ආදරෙන් හැදුන කෙනෙක්. ඉතිං අම්මා නැතුව සතියක් මම තනියම ගෙදර හිටියා. ඒ්ත් දවසක් ජූන් හ්‍යුන්ග් ඇවිත් මට කතා කරලා කිව්වේ එයාගේ ගාඩ්ස්ලා තුන්දෙනෙක් මම ලඟ තියලා යනවා එයාලා මාව බලා ගනියි කියලා. එදා ඉදන් ඒ ගාඩ්ස්ලා මට හැමදේම ඉගැන්නුවා. ගන් ශුටින්, ෆයිටින්ග් හැමදේම. ඒ වගේම ජින් හ්‍යුන්ග් එයාට පුලුවන් හැම වෙලාවෙම තාත්තට හොරෙන් ඇවිත් මට බිස්නස් ගැන ඉගැන්නුවා. ඒ දෙවල් එක් ගෙදරින් පිට සමාජයක් ගැන මම හිතන එක නතර කරා.

ඒ මොනවා වුනත් මගේ අතින් ඒ වුන දේ එක්ක මගේ ජීවිතේ මම මතක් කරන්න ආස නැතිම දවස එදා වුනා. මට තාත්තා කෙනෙක් නැති වුන දවස. මට මගේ අම්මා නැති වුන දවස. සමාජේ එක්ක හැමෝටම වඩා හොදට හිනා වෙලා මාෆියාව කියන දේට වගේම මිනිස්සු මරන්න අකමැත්තෙන් හිටපු මම තාත්තා ඉස්සරහා අමනුස්සයෙක් වුන දවස. ඒ තමයි මම මතක් කරන්න ආස නැතිම දවස.

ඒත් ඒ අතීතේ එක්ක මම දැන් අවුරුදු පහලවක් තිස්සේ ජීවත් වෙනවා. එදා ගෙදර තනි වුන අවුරුදු දහතුනේ මම මිනි මරන්න විතරක්ම එලියට එන අන්ඩර් වර්ල්ඩ් එක ඇතුලේ බ්ලැක් වොල්ෆ් වුනේ මගේ අම්මගේ මරනෙන් පස්සේ. අම්මා ගැන මගේ හිතේ තිබුනෙම වෛරයක්. ඒ කවදාවත් එයා මාව බලන්න ආවේ නෑ කියන දේත් එක්ක. ඒත් අම්මාව තාත්තාගේ ලඟම යාලුවො වගයක් රේප් කරලා මැරුවා කියන ආරන්චියත්, ඒ අයව ඉවරයක් කරන්න කියලා තාත්තා මගේ ලඟට උන්ව එව්ව එකත්, තාත්තා ඒ දේ මම කරොත් මාව ආයෙම පුතා කියලා පිලිගනී කියන වීශ්වාසෙත් එක්ක මම ඒ අවජාතකයෝ පස් දෙනාව මරලා දැම්මා.

ඒත් එදා මම බලන් හිටියා තාත්තා මගේ ලගට ඇවිත් මට කතා කරයි කියලා. ඒක නිකන්ම බලාපොරොත්තුවක් වුනේ අද වෙනකන් මාව බලන්න තාත්තා ආවේ නැති නිසා. ඒ මොනවා වුනත් අම්මව මරපු මීණිමරුවො මම මරලා සතියකට විතර පස්සේ ජූන් හ්‍යුන්ග් ඇවිත් අම්මා මට කොච්චර ආදරේ කරාද අම්මට මාව කොච්චර ඕනි වුනාද ඒත් එයාට එන්න බැරි වුනා කියන එක වගේම, ජින් හ්‍යුන් මාව බලන්න එද්දි ගෙනාව කෑමත් අම්මා හදලා එවපුවා කියලා මාත් එක්ක කිව්වා. තාත්තා අම්මට මාව බලන්න එන්න දුන්නෑ කියන එක වගේම ඒ වෙනුවෙන් තාත්තගේන් පලි ගන්නත් එපා කියන එක ජූන් හ්‍යුන්ග් මට කිව්වා. මම ගෙදර තනි වෙලා අවුරුදු තුනකට පස්සේ අම්මා මැරුණා. තාත්තා එක්ක මට තිබුණ තරහට වගේම තාත්තගෙන් කවදාවත් පලි ගන්නෑ කියලා මම ජූන් හ්‍යුන්ග්ට වුන පොරොන්දුවත් එක්ක මම අවුරුදු දාසයේ ඉදන් මිණි මරන්න පටන් ගත්තා. තාත්තාට මාත් එක්ක තිබුණ තරහටත් එදා අමනුස්සයෙක් වුනේ නැතුවම වැදුන ලෙබල් එක ඇත්තක් කරන්නත් මම මැන්ශන් එකට ගේන අපිට විරුද්ධ වෙන හැම මනුස්සයවම මැරුවා.

අම්මගේ මිණිමරුවෝ අවුරුදු දා⁣සයේදි මම මැරුවා කියන එක අන්ඩර් වර්ල්ඩ් එකේම පැතිරෙන්න ගත්ත එකත් ඒ කවුරුත් මාව දැකලා තිබ්බේ නැති එකත් එක්ක මම කිම් ෆැමිලි එකේ බ්ලැක් වොල්ෆ් කියලා ප්‍රසිද්ධ වුනා. මගේ ලොකු හ්‍යුන්ග් අම්මගේ මරනෙත් එක්ක ලන්ඩන් ගියා. එයා එදා ඉදන් එහෙට වෙලා හිටියත් පවුලේ වෙන හැමදේම ගැන ලොකු අවදානෙකින් වගේම එහෙ ඉදන් හැමදේම බලාගෙන හිටියා. එයා කිව්වේ එයාට කොරියා ඉද්දි අම්මව මතක් වෙනවා කියලා. ඒත් මම අම්මගේ මලගෙදරටවත් ගියේ නෑ. ඒ ඒ වෙද්දි මම අම්මා එක්ක වෛරෙකින් හිටපු නිසා. ඒත් හැමදේම දැන ගත්තට පස්සේ හැම අවුරුද්දකම මම අම්මාව බලන්න එයාගේ ග්‍රෙව් එකට යන්න පුරුදු වුනා. ඒ තමයි මම එලියට යන එකම දවස. හැමදාම මම අම්මා ලඟට ගිහින් සාමාව ගත්තා. එයාව බේර ගන්න බැරි වුන එකට. එයාගේ ෆියුනරල් එකට ආවේ නැති එකට. ජින් හ්‍යුන්ග් ලන්ඩන් ගිහින් අවුරුදු දෙකකට විතර පස්සේ තාත්තා ජින් හ්‍යුන්ග් ලඟට ගියා කියලා ජූන් හ්‍යුන්ග් මට කිව්වා. අවුරුදු පහලවකින් මම තාත්තව දැකලා තිබුනේ නෑ. ඒත් මම ජුන් හ්‍යුන්ග්ගෙන් ඇහුවත් එයා ඒ කිසිම දේකට කවදාවත් මට උත්තරයක් දුන්නේ නෑ. ඒකෙන් මම තෙරුම් ගත්තේ තාත්තට එදා වගේම අදටත් මාව පිලිකුල් කියන එක. ඒත් තාත්තා නිසාම මම අද වෙද්දි අමනුස්සයෙක් වුනා. කවදාවත් සමාජ ආස්‍රයක් නැති ගෙදරක් ඇතුලේ වෙනස්ම ජීවිතයක් ගත කරන කෙනෙක් වුනා.

තාත්තා ලන්ඩන් ගියාම ජූන් හ්‍යුන්ග් එයාගේ කට්ටියත් එක්ක ආයෙම මම හිටපු මැන්ෂන් එකට ආවා. එයාලා එක්ක කතා බහා කරලා හිටියත් මම ප්‍රතිපත්තයක් විදියට කෑම කන එක වගේම ගෙදර ඇතුලේ එයාලා දාන පොඩි පොඩි ෆන්ශන් වලට යන එකත් කරේ නෑ.

ඒත් හෙට ඉදන් හ්‍යුන්ග් නැතුව ස්ට්‍රෙන්ජර් කෙනෙක් එක්ක පලවෙනි වතාවට මේ ගෙදර ඉන්න වෙනවා කියන එකම මට හිසරදයක් වුනා.

............................................................................
To be continue :-)

By Claerydee

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

140K 1.7K 48
Everything you wish to see can be right here! Currently not continuing so enjoy what I have wrote so far! Highest Tags: #2 in evanfong #5 in vanossga...
2.3K 50 8
After the Event at Komino, the League of Villains went into hiding and dropped off the face of the Earth. Having been given the chance to complete hi...
12.9K 2K 17
අයියා marry කරන්න ගිහිල්ලා මල්ලිට කැමති උනොත් මොකද වෙන්නෙ ?
5.2K 122 15
These are all part of author's imagination, daydreaming, and delusions.