𝐀𝐩𝐩𝐚(。♡‿♡。) ᵈᵒ ᵘ ˡᵘᵛ ᵐᵉ...

Bởi vMocHi_uHtiR

9.9K 1.5K 261

Don't u love me Appa(๑♡⌓♡๑) why u isn't care about me I am ur sweetheart pls don't be so rude to me I love y... Xem Thêm

(◍•ᴗ•◍)❤INTRO(。♡‿♡。)
This part is for AUTHOR(๑˙❥˙๑)
ඔන්න එහෙනම් මම කතාව පටන්ගත්තා Chapter 01 (◍•ᴗ•◍)❤
CHAPTER 02(◍•ᴗ•◍)❤
CHAPTER 03(◍•ᴗ•◍)❤
CHAPTER 04(◍•ᴗ•◍)❤
CHAPTER 05 (◍•ᴗ•◍)❤
CHAPTER 06(◍•ᴗ•◍)❤
CHAPTER 07(◍•ᴗ•◍)❤
CHAPTER 08 (◍•ᴗ•◍)❤
CHAPTER 09(◍•ᴗ•◍)❤
CHAPTER 10(◍•ᴗ•◍)❤
CHAPTER 11(◍•ᴗ•◍)❤
CHAPTER 12(◍•ᴗ•◍)❤
CHAPTER 13(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
CHAPTER 15(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
CHAPTER 16 (⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤

CHAPTER 14(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤

471 88 18
Bởi vMocHi_uHtiR


Junghi Pov ♡

මට කලින්ම මේ දේ බලාපොරොත්තු වෙන්න තිබුණා. හැමෝම ඉස්සරහා ලැජ්ජා වෙන්න විතරයි මට සිද්ධ උනේ. මං හරි මෝඩ උනා. මං හරිම ආත්මාර්ථකාමී උනා ඒ ආදරේට. කවදාවත් ලැබෙන්නේ නෑ කියලා දැන ගෙනත් මං ආත්මාර්ථකාමී නිසා මෙච්චර කල් ඒ ආදරේ බලාපොරොත්තුවෙන් හිටියා. එයා මට කිසිම අවස්ථාවක් දෙන්නේ නෑ. පිස්සුවෙන් වගේ හීන දැක්කේ මම මහ මෝඩියෙක් වගේ හිතපු නිසා.

" තවත් නම් නෑ.... "

" මම ඔයාට වෛර කරනවා අප්පා... "

" ඔයා දවසක මේ හැමදේටම පසුතැවිලි වෙයි. එදාට ඔයා වේදනා විදින්නේ කොයි වගේද කියලා දකින්න මම ගොඩක් ආසයි. "

ඒ දවස් ගෙවිලා දැනට අවුරුදු 10 වෙනවා....

මට මං ගැනම සතුටුයි. එදා ඒ වගේ ශක්තියක් මට ආවේ නැත්තම් මම තාමත් ඒ අපායට වෙලා විදවනවා..ඒත් දැන්..

" මට අණ කරන්න පුළුවන් කවුරුත් නෑ.... "

" අතීතයට වෛර කරාට වර්තමානේට මම ගොඩක් ආදරෙයි. "

⬅️⬅️⬅️⬅️⬅️⬅️

Junghi- අප්පා......

කදුළු ඇස්දෙක පුරවගෙන හිටියා.

" එයා මාව විශ්වාස කරයි... "

ලොකු බලාපොරොත්තුවක් තිබුණා අප්පා මාව ඒ මිනිහගෙන් බේර ගයි කියලා. ඒත් නෑ. මට වැරදුනා. එයා ගත්තේ එයාගේ වයිෆ්ගේ පැත්ත. ගෙදර හිටපු හැමෝම ආවා. ඒ හැමෝම ඉස්සරහා,

Sara- මොනාද ඔයා ඔය කියන්නේ කියලා දන්නවද ආ....

Sara- හහ්..... මෙච්චර කල් මටයි මගේ දරුවටයි වැරදි කිව්වා. දැන් මගේ සහෝදරයාටත් ඒකම කරනවද ?

Sara- මම දුක් වෙනවා තමුන්ව මගේ දරුවෙක් විදියට පිළිගත්තට.

සාරා ඔම්මාගේ හැම රගපෑමක්ම අප්පා පිළිගත්තා මම මෙච්චර බැගෑපත් වෙලා ඇත්ත කියද්දිත් එයා ඇහුන්කම් දුන්නේ සාරා ඔම්මට. මට එයාලා ඉස්සරහා පැරදෙන්න ඕන නෑ.... කවදාවත් ම..

" අප්පා ඔයා විදවයි..... "

➡️➡️➡️➡️➡️➡️

එදා මම ගෙදරින් පැනලා ආවේ නෑ මම එයාලව සදහටම අත ඇරලා ආවා.

" අප්පා මම කවදාවත් ඔයාට සමාව දෙන්නේ නෑ. "

ගොඩක් වෙලා මට මගේ සිතුවිලිවලට හිර වෙන්න ලැබුණේ නෑ.

Jessica - මැඩම්.... මේ අයි කම් ඉන්...

Junghi- ඕහ්.....ජෙසිකා එන්න.

Jessica - මැඩම් අපිට මීටින් එකක් තියෙනවා.

Junghi- ආහ්...... ඒක ලෑස්ති කරන්න. 10.30 අපි පටන් ගමු.

Jessica- හරි මැඩම්.

ජෙසිකා මගේ office රූම් එකෙන් එලියට ගියා. ආහ්...මේ වෙන පිස්සු මොනාද කියලා හිතෙනවා ඇති නේද හරි මම කියන්නම්.

අප්පාව මට ආයේ දකින්න ඕන නැති උන නිසා මම එයාව දාලා ආවා. ඒ කාලෙදිනම් ඒක හරියට ගෙදරින් පැනලා ආවා වගේ. ඒත් ඇත්තටම මම එයාව දාලායි ආවේ.

ඉතින් ඒ වෙලාවේ අසරණ වෙලා හිටපු මට උදවු කරේ හොබී අන්කල්. වෙන කාවවත් මොකුත් කියන්න මට ධෛර්යයක් තිබ්බේ නෑ. එදා මම ගියේ මට විශ්වාස කරන්න පුළුවන් එකම එක්කෙනා වෙන හොබී අන්කල් ගාවට. ඇත්තටම එයා මට උදව් කරා. ගොඩක් කාලෙකට කලින් හොබී අන්කල් මාවත් අරගෙන USA ආවා. මට higher education ඉවර කරේ එහෙදි. අන්කල් මගේ භාරකාරීත්වය ගත්ත නිසා මගේ හැම විශේෂ අවස්ථාවකදිම මගේ ලගින් අන්කල් හිටියා. එයා මැරි කරේ නෑ . දන් නෑ ඇයි කියලා. මම හැමදාම ඒක ඇහුවා ඒත් මට එයා උත්තරයක් දුන්නේ නෑ.

Higher education ඉවර කරලා ආයෙත් කොරියාවට ආවේ දැනට අවුරුද්දකට කලින්. ඒ වගේම J_h company එක දැන් මගේ. අන්කල් එයාගේ කම්පැනි එකේ සම්පුර්ණ අයිතිය දුන්නේ මට. අලුත් CEO විදියට වැඩ කරන එක ගොඩක් අමාරු උනත් හොබී අන්කල් මට උදව් කරන නිසා ඒක මට විනෝදයක් වගේ.

දැන් මම ගොඩක් සතුටින්. එයාව මතක් නොවෙනවම නෙවෙයි. ඒත් මම දැන් ඒක ගන්න ගන්නේ නෑ. හොබී අන්කල් අප්පා එක්ක තිබ්බ හැම යාළුකමක්ම අත ඇරලා දැම්මා. එයාත් මං වගේම අප්පගෙන් ඈත් උනා. ඉතින් මෙච්චර අවුරුදු ගානක් එයා ගැන අපිට කිසිම තොරතුරක් නැහැ. එහෙම තොරතුරක් ගැන අපි හොයන්න ගියෙත් නෑ.

" මං නැතුව ඔයාගේ ජීවිතේට ලොකු නිදහසක් ලැබෙන්න ඇති නේද අප්පා.. "
















කම්පැනි එකේ CEO උනාට මට හුස්ම ගන්න තරම් වත් වෙලාවක් නැතුව වැඩ.

" හහ්..... "

ඇති යාන්තම් හුස්ම ටිකක් ඉතුරු කරගෙන ගෙදරට එන්න පුළුවන් උනා.

Junghi- අම්මෝ.........

Hobi- ආහ්......ආපු ගමන් පෙරලිලා නිදියන්න නෙවෙයි. ගිහින් වොෂ් එකක් දාගෙන එන්න...

Junghi- ශූ........ සද්ද කරන්න එපා. මම නිදි ( මූණ කොට්ටෙ කින් වහගෙන)

Hobi- මේ කෙල්ලවනම් මට හදන්නම බෑනේ.....

හොබී ජන්ග්හි දිහා බලාගෙන හිනා උනා එයාගේ කියුට් ඇක්ෂන් වලට. පස්සේ එයා යන්න ගියා ජන්ග්හිට කන්න රෑට කෑම හදන්න.

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

4.6M 31K 19
Kate Hutchinson is sixteen years old. She possess a very special power: the power of seduction.
1.3K 301 9
" යන්න එපා.." හායුන් ගේ හදවත කඩන් වැටුනා. ඇයට දැනුනා හදවතට පිහි තුඩකින් අනිනවා වගේ. " එයා මම එනකන් බලන් ඉන්නවා." ඇය ඔහුගේ හුස්ම ලගම මුමුනව්වා. තේහ්...
615K 9.6K 88
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...