🚫ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ 🚫(bl Non Fic...

By BhashiThisu

74.1K 11.2K 3K

ජීවිතේ වරදින්න එක තත්පරයක් හොදටම ඇති.........අනුන්ගෙ සතුට වෙනුවෙන් කවදාවත් වරදක් නොකරම වැරදිකාරයෙක් වුණ මාව ස... More

1.මගේ කතාව❤️‍🔥
2.පළිගැනීම💔
3.අසරණකම 💫
4.නොකළ වරදක් 😥
5.ආගන්තුක ඔහු 🙄
6.දුල්මිණ 💔
7.තීරණය
8.නිමක් නැති වේදනා 💔
9.නොසංසුන් හිත 🥺
10.ඇයි 🥺
11.ඉල්ලීම🙏
12.රැවටීම 💔
13.පැන යාම 🥺
14.වෙනසක් 🙃
15.මට හිමි තැන 💔
16.අසනීපය 🥶
17.මගේ තීරණය 💞
18.මගේ ගිනි මකරා🐉
19.හේෂ් නුඹ 💞
20.පාළුව 😔
21.නුඹේ නපුරුකම් 😒
22.අනතුරක සේයාවක් 💔
23.ආරක්ෂාව 💕
24.අවාසනාවන්ත දවසක් 👠
25.නුඹ නිසා 🎀
26.නොසිතූ මොහොතක් 😩
27.නුඹ නැතිව 💔
28.මතක පොත 📚
29.හේෂ්ගෙ ආදරේ
30.පිස්සු පූසා 🐱
31.නුඹේ ප්‍රේමය බර වැඩී 🥺❤️
32.නුඹ කරා ❤️
33.තෝරාගැනීම 🥳
34.පොඩි මකරා🐉
35.ඇමරිකාව බලා ✈✈
36.ඉරිසියාකාරයෙක් 😘
37.මගෙ මහත්තයා 💓
38.සැනසීම 🥺
39.යෝජනාව 💍
40.පැතු සෙනෙහේ 😍
41.සිත් තැවුල 💔
42.තනිවෙලා 💔
43.මගේ හුස්ම 💦
44.ප්‍රතිකාර ❤️‍🩹
45.සිදුවීම ❤️‍🩹
46.නුඹ වෙනුවෙන් 🥀
47.සැලසුම ඔස්සේ ⚔️
48.යක්ෂ පූසා 😈
49.අවී 😁
50.ලංකාව බලා 🇱🇰
52.අවසාන කොටස (¡)💥
53.අවසාන කොටස (¡¡)ජීවිතය සහ ආදරය ❤️
Special Episode ❤️‍🔥

51.ලංකාවේ ජීවිතේ ❤️

811 134 132
By BhashiThisu

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
.
වාහනේ ගෙදර ළඟින් නවත්තද්දිත් හේෂ්ට තුරුල් වෙලා අවී සුව නින්දක .....ඒ නිසාම අවීට කරදර කරන්නෙ නැතුව එයාව ශීට් එකට හේත්තු කරලා ඉක්මනටම බැහැපු හේෂ් වාහනේ දොර ඇරලා අවීව එයාගෙ අත් දෙකට ගත්තා.....ඊටපස්සෙ ඩේව්ට බෑග් ටික ගන්න කියලා හේෂ් ගෙට ඇතුලු වුණා....ඒ එක්කම ඉස්සරහට ආව ඇලිස්ට හිනාවකින් සංග්‍රහ කරපු හේෂ් අවීව කාමරෙන් තියලා එන්නම් කියලා අතින් සන් කරන් උඩට ගියා....අවීව අරන් උඩට යන හේෂ් දිහා ඇලිස් වගේම ඩේව්ත් වලන් හිටියෙ හරිම ආදරෙන්....

අවීව පරිස්සමින් ඇදෙන් තිබ්බ හේෂ් අවීගෙ සපත්තු ගලවලා දාලා ශීට් එක පොරවලා A/C එකත් සාමාන්‍ය ප්‍රමාණයට on කරලා පහළට ආවා.....

"කොහොමද ඇලිස්....?"

කුස්සියට ගිහින් වතුර එකක් බොන ගමන් තමන්ට පිටුපාලා උයන ගමන් ඉන්න ඇලිස්ගෙන් හේෂ් ඇහුවා...

"වරදක් නෑ මහත්තයා ....ඒත් මහත්තයාලා දෙන්නා නැතුව මුලු ගෙදරම පාළු වෙලයි තිබුණෙ..."

අව්‍යාජ ගතිගුණ වලින් පිරුණ කාන්තාවක් වුණ ඇලිස් හේෂ්ග් පැත්තට හැරිලා හදවතින්ම එහෙම කියලා හිනාවුණා...හේෂ් ඇලිස්ට ලෙංගතු හිනාවක් දෙන ගමන් වතුර එක බිව්වා...

"මහත්තයා තේ හදන්නද.....?"

හේෂ් වතුර වීදුරුවක් බොනවා දැකලා ඇලිස් ඇහුවා...

"ඕන නෑ ඇලිස් .....අරයත් නැගිට්ටම බත්ම කමු...."

"හොදයි මහත්තයා ...."

"ආ කෝ ඇලිස් පොඩ්ඩා.....?"

ඇලිස්ගෙ පුතාව මතක් වෙලා හේෂ් ඇහුවෙ වෙනදා වගේ පේන්න හිටියෙ නැති නිසා....

"කොල්ලා ඔය ගමේ යාලුවො රොත්තකට එකතු වෙලා සෙල්ලම් කරනවා මහත්තයා ...දැනුත් යන්න ඇති ක්‍රිකට් ගහන්න....ඌට ක්‍රිකට් පිස්සුව ...."

"එහෙමද....කොල්ලා ඒ දේවල් වලට දක්ෂද.....?"

"මම නම් ඕවා ගැන වැඩිය දන්නෙ නෑ මහත්තයා ....ඒත් කොල්ලා කියනවා හැමදාම ඌ ඉන්න පැත්ත දිනන්නෙ නම් ඌ නිසා කියලා....ඒත් මහත්තයා මූ සෙල්ලමට ඇබ්බැහි වෙලා පාඩම් වැඩක් කරන්නෙත් නෑ දැන්....😑..."

"කොල්ලා කොහොමත් පාඩම් කරන්න කම්මැලියා ඇලිස්....කොල්ලා දක්ෂ ඒ පැත්තට නම් අපි ඒ පැත්තට කොල්ලව යොමු කරනවා මිසක් ඒවට බැනලා වැඩක් නෑ...අනික ක්‍රිකට් කියන්නෙ දියුණු කරගත්තොත් ජාතික කණ්ඩායමට වුණත් යන්න පුලුවන් දෙයක්...."

"මට තේරුමක් නෑ මහත්තයා ....."

"කොල්ලා ආවම මාව හම්බවෙන්න එන්න කියන්නකො.....ඒ පැත්තට ආස නම් මං ඒ දේවල් වලට වැඩපිළිවෙළක් හදන්නම්....."

"හොදමයි මහත්තයා .....මහත්තයට පින්......."

ඇලිස්ගෙයි හේෂ්ගෙයි සංවාදෙ ඒ විදියට ඉවර වෙද්දි එතනට ආවෙ ඩේව්....

"ඩේව්....මොකද මේ කලබලෙන්.....?"

"මහත්තයා පොඩ්ඩක් එළියට යමුද......?"

"හා යමු......"

ඇතුළෙ කතා කරන්න නුසුදුසු දෙයක් බව තේරුණ හේෂ් ඩේව්ව අනුගමනය කරමින් එළියට ආවා....

"කියන්න ඩේව් මොකද්ද ප්‍රශ්නෙ....?"

"මහත්තයා අර දුල්මිණ කියන කොල්ලා accident එකක් වෙලානෙ හිටියෙ....."

"ඉතිං.....?"

"ඌ මේ දැන් නැතිවෙලා......"

"හ්ම්ම්.....මං දැනගෙන හිටියා ඔහොම දෙයක් වෙයි කියලා...."

ලොකු හුස්මක් පිට කරපු හේෂ් එහෙම කිව්වා....

"මහත්තයා ....."

"රුක්ෂාන් ගැන සෙවිල්ලෙන් හිටපන්....ඌ දැන් පිස්සු බල්ලෙක් වගේ වෙලා ඇති....."

"හරි මහත්තයා ....."

ඩේව් පණිවිඩේ දීලා පිටවෙලා යද්දි හේෂ් ඇදුමෙ button ගලවන ගමන්ම කාමරේට ගියා....අවී නිදි නිසා towel එකත් අරන් barthroom එකට ගිහින් හොදට නාගත්ත හේෂ් කාමරෙට ඇවිල්ලා ඇදුමක් දාගෙනම අවී ළඟින් ඉදගත්තා.....

"අවී.....අවී ......"

"ම්ම්හ්ම් 😴....."

"හරි ශෝක්....මේකව කවුරුහරි උස්සන් ගියත් දන්නෙ නෑ 😏...."

"ම්....මහත්තයා 😳.....අපි ආවද ගෙදරට....?"

"හුහ්....ආවා ආවා ඇවිල්ලා පැයකටත් කිට්ටුයි...."

"හී හයියෝව් මට නින්ද ගියානි අප්පා 🙈...."

"ආ උඹ දැන් ඔය මායම් දාන්නෙ මොකද ආහ්....මල කෝලම 😏...."

"ම්ම්හ්ක්....මහ නපුරෙක් 😒...."

"මෙන්න මෙහෙ වරෙන් බන් wash දාන්න...හඩ්ඩා වගේ නිදාගෙන මෙතන 😏...."

ඇදට පැනපු හේෂ් කම්මැලිකමේ ඉන්න අවීව හරහට උස්සගෙන barthroom එකට අරන් ගියේ අවී හේෂ්ගෙ පිටට ගගහා කෑගහද්දිමයි .... හැබැයි ඉතිං ඒ හිතේ තරහක් නෑ....අවීට ඒ දේවල් වලින් මතක් වුණේ මෙහේ ආව මුල් දවස්...ඒ ලස්සන මතක වලට අවී අදටත් ගොඩාක් ආදරෙයි .....හේෂ් කියලත් වෙනසක් නෑ...
.
.
.
.
.
අවීගෙ නසරාණි වැඩ නිසා හේෂ්ට අවී එක්ක ආයෙමත් නාන්න වුණා.....ඔක්කොම කරලා දෙන්නම ලෑස්තිවෙලා පහළට එද්දි ඇලිස් අවීව උණුසුම් විදියට පිළිගත්තෙ අවී එද්දි ආවෙ හේෂ්ගෙ අත්වල හොදට නිදාගෙන නිසා...ඉතිං අවී ආසම කෑම ජාති ගොඩාක් ඇලිස් අතින් හැදිලා තියෙද්දි හරිම ආසාවෙන් තමයි අවී කෑවෙ...අවීගෙ සතුට දැකලා හේෂ්ගෙ නම් හිතත් පිරිලා....කෑම කාලා සතුටු සාමීචියෙ යෙදිලා හේෂ් අවී දෙන්න කාමරේට ගියේ දීර්ඝ ගමනක් නිසා ගමන් මහන්සිය තදින්ම දැණුන නිසා....වෙනදටත් කලින් දෙන්නම එකිනෙකාට තුරුල් වෙලා සුව නින්දක් ලබා ගත්තා....
.
.
.
.
.
.
.
.
.
සාමාන්‍ය විදියට දවස් දෙකක් ගෙවිලා ගියේ අලුත් දවසකට ඉර පායන ගමන්.......

"අවී මට අද special meeting එකක් තියනවා...ඒ නිසා අද නම් office එකට යන්නම ඕන....පරිස්සමින් ඉදපන් මැණික ....මම ඉක්මනට එන්නම්...."

"හරි මගෙ මහත්තයා ....පරිස්සමින් ගිහින් එන්න ....බුදු සරණයි ....ජේසු පිහිටයි...."

වැදගත් වැඩ ගොඩාක් වගේම special meeting එකක් තියන බව private secretary call කරලා කිව්ව නිසා මේ දවස් දෙකේ ගෙදරටම වෙලා අවී එක්ක හිටපු හේෂ්ට Office එකට යන්න සිද්ධ වුණා...ඉතිං අවීට උපදෙස් රාශියකුත් දීලා හේෂ් ඩේව් එක්ක පිටත් වෙලා ගියේ ගෙදරට security එකත් හොදටම වැඩි කරලා.....
.
.
.
.
.
.
.
"ඇලිස් අම්මා.....ඇලිස් අම්මා......"

"පුංචි මහත්තයා ....?"

"ඇලිස් අම්මා අපි කේක් එකක් හදමුකො...."

"හරි මහත්තයා මං හදන්නම්....."

"නෑ නෑ.....ඇලිස් අම්මා මට උදව් කරන්න...මං හදන්නම්......මට පුලුවන් ....කම්මැලී ඇලිස් අම්මා කාමරේට වෙලා ඉන්න...."

"අනේ මන්දා පුංචි මහත්තයා ...මට මහත්තයා බනීද දන්නෑ පුංචි මහත්තයා කුස්සියෙ වැඩ කළා කියලා...."

"පිස්සුද ඇලිස් අම්මා...එයා බනින්නෙ නෑ....අනික මං ඔය වැඩ හොදට දන්නවා....."

එහෙම කිව්ව අවී වැඩ්ඩා වගේ කුස්සියට යද්දි ඇලිස් අම්මත් අවීගෙ පස්සෙන් කුස්සියට ගියා....
.
.
.
.

ට්‍රීං ට්‍රීං 🔔
.
.
.
කුස්සියෙ කේක් එකේ වැඩ කර කර හිටපු දෙන්නම බැලුවෙ බෙල් කළේ කවුද කියලා.....

"ඇලිස් අම්මා කවුද ඒ......?"

"ඉන්නකො මහත්තයා මං බලලා එන්නම්.....ගෑස් එක ගේන්න කියලත් කිව්වා සමහරවිට ඒක ගෙනැල්ලද දන්නෑ......"

"අහ් හරි හරි ඇලිස් අම්මා යන්න...."

රෙද්දෙන් අත් දෙකත් පිහදාන ගමන් ඇලිස් අම්මා සාලෙ පැත්තට ගිහින් ඉස්සරහා දොර ඇරියා....

"නෝනා ගෑස් එක ගෙනාවා......"

"අහ් මට හිතුනා..කෝ එන්න......"

.
.
.
.
.
.
.
මතු සම්බන්ධයි ..........

up next....

"මහත්තයා දුවන්න......පුංචි මහත්තයා ........"

"අහ්හ්......."

"ම්.....හ....ත්....තයා......"

.
.
.
.
.
.
💧අවසාන කොටසින් හමුවෙමු.....

💧කතාව ගැන අදහසක් කොටන් යන්න 😴...

💧 Vote Comment කරන හැමෝටම ස්තූතී💛 ....
.
.

✍️තිසූ.......

Continue Reading

You'll Also Like

15.3K 2.1K 31
සත්නිදු🖤 - සමහරවිට ඉර වුනත් දැනන් නොඉන්න ඇති සූරියකාන්ත මල එයා වෙනුවෙන් පිච්චෙන විත්තිය... 💙 පිච්චිලා පිච්චිලාම මමත් දැන් පරවෙලා මැලවිලා යනවා.... ම...
30K 5.4K 59
නුඹ හා ගතකල සුන්දර මොහොතක රසය විඳින්නට ඉඩදෙනු දැන්.....
18K 3.5K 29
"බලන්න සංදීප්... හඳ පායලා!" "ම්ම්..." මමත් හඳට අවධානය යොමු කලෙමි. අහසේ හඳ දීප්තිමත්ව බැබලෙමින් තිබුනි. "හඳ පායපු දවසට කවුරුත් තරු ගැන කතා කරන්නේ නෑ න...
16.2K 2.6K 52
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව