🚫ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ 🚫(bl Non Fic...

By BhashiThisu

74.4K 11.2K 3K

ජීවිතේ වරදින්න එක තත්පරයක් හොදටම ඇති.........අනුන්ගෙ සතුට වෙනුවෙන් කවදාවත් වරදක් නොකරම වැරදිකාරයෙක් වුණ මාව ස... More

1.මගේ කතාව❤️‍🔥
2.පළිගැනීම💔
3.අසරණකම 💫
4.නොකළ වරදක් 😥
5.ආගන්තුක ඔහු 🙄
6.දුල්මිණ 💔
7.තීරණය
8.නිමක් නැති වේදනා 💔
9.නොසංසුන් හිත 🥺
10.ඇයි 🥺
11.ඉල්ලීම🙏
12.රැවටීම 💔
13.පැන යාම 🥺
14.වෙනසක් 🙃
15.මට හිමි තැන 💔
16.අසනීපය 🥶
17.මගේ තීරණය 💞
18.මගේ ගිනි මකරා🐉
19.හේෂ් නුඹ 💞
20.පාළුව 😔
21.නුඹේ නපුරුකම් 😒
22.අනතුරක සේයාවක් 💔
23.ආරක්ෂාව 💕
24.අවාසනාවන්ත දවසක් 👠
25.නුඹ නිසා 🎀
26.නොසිතූ මොහොතක් 😩
27.නුඹ නැතිව 💔
28.මතක පොත 📚
29.හේෂ්ගෙ ආදරේ
30.පිස්සු පූසා 🐱
31.නුඹේ ප්‍රේමය බර වැඩී 🥺❤️
32.නුඹ කරා ❤️
33.තෝරාගැනීම 🥳
34.පොඩි මකරා🐉
35.ඇමරිකාව බලා ✈✈
36.ඉරිසියාකාරයෙක් 😘
37.මගෙ මහත්තයා 💓
38.සැනසීම 🥺
39.යෝජනාව 💍
40.පැතු සෙනෙහේ 😍
41.සිත් තැවුල 💔
42.තනිවෙලා 💔
43.මගේ හුස්ම 💦
44.ප්‍රතිකාර ❤️‍🩹
45.සිදුවීම ❤️‍🩹
46.නුඹ වෙනුවෙන් 🥀
47.සැලසුම ඔස්සේ ⚔️
49.අවී 😁
50.ලංකාව බලා 🇱🇰
51.ලංකාවේ ජීවිතේ ❤️
52.අවසාන කොටස (¡)💥
53.අවසාන කොටස (¡¡)ජීවිතය සහ ආදරය ❤️
Special Episode ❤️‍🔥

48.යක්ෂ පූසා 😈

879 144 56
By BhashiThisu

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
.
නුඹගේ හමුවීම අහම්බයක්.....නමුදු හිමිවීම අපගේ දෛවයේ ලියා තිබූ දෙයක්.....ඉදින් හැකිද වලකන්නට නුඹ හා මා අතර ඇති ප්‍රේමය කිසිමදාකවත්....නොහැකී....ඉඩ නොදෙමි....රැක ගනිමි....සදා සුරකිමි.....මන්ද යත්....;නුඹ මගේ පමණක්ම නිසා......මගේ ප්‍රාණය නුඹම වූ නිසා.....

රත්තරනේ නුඹ මගේ පණ නිසා.....
සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා......❤️
.
.
.
.
.
.
.
.
මේ තරම් කාලයක් එයා ආව ගමන ගැන කල්පනාවක හිටපු හේෂ් පැය එක හමාරක විතර ගමනකින් පස්සෙ ගෙදර ළගට ඇවිල්ලා තිබුණා.......

"සර් location එකට ආවා....."

රියදුරාගෙ හඩත් එක්කම හේෂ් වාහනෙන් බැස්සෙ අදාල ගාස්තුවත් දීලා....අත ටිකක් අමාරු වුණත් ඒ බවක් නොපෙන්වා gate එක ඇරන් හේෂ් ඇතුළට ගියේ අත තුවාල වුණාට අවීගෙන් බැනුම් අහන්න බලාගෙනමයි......අවීට මේ කිසි දෙයක් නොකිව්වත් බිග්ට කතා කරලා හැමදේම අහගන්න ඇති කියලා හේෂ් හිතුවා....හිතුවා වගේම හේෂ් ගෙට අඩිය තියනකොටම ඉනටත් අත් දෙක බැදන් අවී ඉන්නවා ඩෙවිල් සීන් එකේ 😈......ඒ ඉන්න විදියට තිබ්බ අමාරුකම් ඔක්කොම වැඩි වෙච්ච හේෂ්ගෙ කටේ කෙළත් හිදුණා......

"අවී......"

හේෂ් මොංගල් හිනාවකුත් දාලා අවී දිහා බැලුවත් අවීගෙ බැල්මෙ නම් කිසි වෙනසක් තිබ්බෙ නෑ.....

"අවී......ඔන්න mission එක success ....."

පුලුවන් තරම් ගට්ස් අරගෙන එහෙම කිව්ව හේෂ් ගියේ අවීව හග් කරන්න....මොකද එතකොට වත් ඔය නපුරු බැල්ම නැතිවෙලා යයි කියලා....ඒත් කොහෙද.....හේෂ් ළගට එද්දිම අවී පස්සට වුණා....

"Don't dare to touch me 😠.....

"අ.....අවී......මොකද මැණික මේ........?"

අවීගෙ කේන්තියට හේතුව දැන දැනත් හේෂ් ඇහුවෙ අවීව යාලු කරගන්න හිතගෙන.....ඒත් තවත් මූණ නපුරු කරගත්ත අවී හේෂ් ළගට ආවා....

"මං තමුංට කිව්වා නේද සීරීමක් වත් වෙන්න බෑ කියලා ආහ්....😠....මතක නැද්ද....බක පණ්ඩිතකමට අර උදව්වට ගිය මිනිහව තියලා වීරයා වෙන්න ගිහින් ඔය කරගෙන තියෙන්නෙ වැඩක්....😠.....කතා කරන්න එපා මාත් එක්ක 😠......mission ......මගුල තමයි 😠....."

එහෙම කිව්ව අවී හේෂ්ගෙ තුවාල නොවුණ අතින් අල්ලගෙන කාමරේට එක්කන් ගියා....ඊටපස්සෙ tub එකට hot and cool water mix කරලා හදලා හේෂ් ළගට ආවා....හැබැයි වචනයක් වත් කතා නොකර....හේෂුත් මුකුත් කියන්න ගියේ නැත්තෙ එයාගෙ අතේ වැරැද්ද නිසා...මොකද අවී මගින් මගටම කිව්වා හැමදේටම බිග්ව එකතු කරගන්න වගේම එක සීරීමක් වත් වෙන්න බෑ කියලා...

"කෝ ඔය ෂර්ට් එක ගලවන්න අත උස්සන්න....."

"අවී මං කරගන්නම්...."

අවී ලෑස්ති වෙන්නෙ එයාව සොදවන්න කියලා තේරුණ නිසා හේෂ් එහෙම කියද්දි අවීගෙන් ලැබුණෙ පිච්චිලා අලුවෙලා යන තරම් බැල්මක්...ඉතිං ඒ බැල්මෙන්ම හේෂ් silent ....

"අනේ මේ හේෂ් ...මගෙන් අහගන්න එපා මුකුත්...මෙහාට එනවා....."

අවී අතින් හේෂ් සම්පූර්ණයෙන්ම නිරුවත් වෙද්දි හේෂ්ට ලැජ්ජත් හිතුණා....ඒත් ආයෙමත් මේ යක්ෂ පූසව තරහ ගස්සන්න බැරි නිසාම කට වහන් හිටියා .... අවී හේෂ්ව එක්කන් ගිහින් barth tub එකට බහින්න කියලා අත නොතෙමෙන්න  උඩට අල්ලන් හේෂ්ව පිරිසිදු කළේ හරියට හේෂ්ගෙ අනිත් අතයි කකුල් දෙකයි නෑ කියලා සලකලා වගේ....මොනවා වුණත් මේ කාලෙ ඇතුළත අවීගෙ සීතල පෙණුම නම් අඩු වුණේම නෑ...

හැමදේම තරහා ගිහින් කළාට ඒ තරහා ඇතුළෙ තියෙන්නෙ අසීමිත ආදරේ බව හේෂ් දැන් දන්නවා....ඉතිං හේෂ්ට අවී ගැන ඇතිවුණේ පුදුම තරම් ආදරයක්.....තමන්ට සීරීමක් වත් වෙනවට අකමැති මේ වගේ ආදරේ කරන කෙනෙක්ව ලබන්න වගේම අවීව ජීවිතේ කරගනිපු එක ගැන හේෂ් හදවතින්ම සතුටු වුණා....තරහින් හිටියත් හැම වෙලාවකම ඒ ඇස්වල නලියන කදුලු හේෂ් දැක්කා....

කතාවක් නැතුවම හේෂ්ව පිරිසිදු කරලා ඇදුමුත් අන්දවපු අවී පහළට ගියේ හේෂ් දිහාට බැල්මක් හෙලලා.....ඒ බැල්ම ඇතුලෙ ඕනවටත් වඩා දුක වගේම හේෂ්ගෙ ජීවිතේට අනතුරක් වුණා නම් කියන බය රැදිලා තිබුණා කියලා ඕනවටත් වඩා පේන්න තිබුණා.....ඒ තරම් අවී හේෂ්ට ආදරේ කළා....

අවී පහළට ගියපු නිසා හේෂ් පොඩ්ඩක් හාන්සි වුණත් ඒ එක්කම වගේ ලොකු බත් පිගානක් අරන් කාමරේට ආව අවී නිසා හේෂ්ට ආයෙ නැගිටින්න වුණා.....

"කෝ කට අරින්න....."

කලින් තරම් සැරක් නැතුව අවී කියද්දි බඩගින්නකුත් දැණුන නිසාම හේෂ් කීකරුව කට ඇරියා ...

"අවී........."

"කතා එපා...කන්න......."

"කෑවද...?......"

"............."

හේෂ්ට කවද්දි අවී කෑවද ඇහුවත් පිළිතුරක් නොලැබෙද්දි හේෂ් දැනගත්තා අවී කාලා නෑ කියලා...

"උඹත් කාපන් මැණික ....මං එක්ක තරහා වුණාට කමක් නෑ....ඒත් නොකා ඉන්න එපා අසනීප වෙයි.....🥺....මට ඇති......"

බත් එකේ බාගයක්ම එහෙමම තියෙද්දි එහෙම කියලා හේෂ්  වතුර එක බීව්වා....ඊටපස්සෙ හේෂ් බලන් ඉද්දිම අවී ඒ කෑම එකත් අරන් නැගිටලා පහළට ගියා....

හේෂ් ලොකු හුස්මක් පිට කරලා ජනේලෙන් පේන ඈත අහස දිහා බලන් ඉද්දි එකපාරටම එයාගෙ ඇහැ ගැටුණෙ එයාගෙ ගිටාර් එක.....වැඩ එක්ක බිසී වුණත් හරි හේෂ්ට එයාගෙ සංගීත ජීවිතේ අමතකම වෙලා ගිහිනුයි තිබුණෙ ... ඉස්සර එයාගෙ විනෝදාංශය තමයි නිදහසේ ඉන්න වෙලාවට සිංදු කියන එක....ඉතිං ඒ මතක වලින් මිදිලා ගිටාර් එක දිගේ අත ගෙනියපු හේෂ්ට ඒක play කරන්න ඕන වුණා....අතේ අමාරුව කොච්චර වුණත් ගානට නොරිදෙන්න ගිටාර් එක රදවගනිපු හේෂ් නිදහස් අතින් ගිටාර් එක play  කරන්න පටන් ගත්තා........

හේෂ් කාපු කෑම එකේ ඉතුරු ටික සාලෙට වෙලා කාපු අවී ඩෙස්මියන්ටත් කාලා නිදාගන්න කියලා උඩට යද්දි ඇහුණෙ හේෂ්ගෙ කවදාවත්ම අහලා නොතිබුණ ඒ ලස්සන කටහඩ....කකුල් දෙක දොර ළගම ලොක් වෙලා වගේ වෙද්දි ජනේලෙන් ඈත අහස දිහා බලන් අමාරුවෙන් play කරන ගමන් ලස්සනට සිංදුව කියන හේෂ් දිහා අවී බලන් හිටියෙ භාවනාවකට සමවැදිලා වගේ....
.
.
.
.
.
.
.
.
🎶 🎶🎶🎶🎶🎶🎶

මියෙනා තුරා මගේම වේවා
සතුටින් ඔයා ලොව හිඳීවා
මොහොතක් මගෙන් වෙන් නොවේවා
අහසක් තරම් පෙම දැනේවා
(ඔබ ළඟින් මා සසරේ ඉන්නම්........//)
නෙතු පියෙනා තුරුම ඔබේම වෙන්නම්

හිත ඔබ විමසන්නේ ඇයි දැයි නෑ දන්නේ
ඔය නෙත් සිහි වෙන්නේ හැම මොහොතක් ගානේ
නෙතු පියෙනා තුරුම ඔබේම වෙන්නම්....

මියෙනා තුරා මගේම වේවා
සතුටින් ඔයා ලොව හිඳීවා
මොහොතක් මගෙන් වෙන් නොවේවා
අහසක් තරම් පෙම දැනේවා.....

අත් වාරුව වෙන්නේ එකටම දිවි ගමනේ
අද හෙට දින එන්නේ ඔබ කැන්දා යන්නේ
නෙතු පියෙනා තුරුම ඔබේම වෙන්නම්.....

මියෙනා තුරා.....

🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

(මං ආසම සිංදුවක් 🥺❤️)
.
.
.
.
.
.
.
.
.
සිංදුව ඉවර වෙනවත් එක්කම ඇඩුම් වාවගන්න බැරි වුණ අවී දුවලා ගිහින් තුරුල් වුණේ හේෂ්ගෙ පපුවට......

"අනේ මගෙ මහත්තයා  😭😭😭😭😭......."

"අවී.....ඇයි මැණික අඩන්නෙ ම්ම්ම්ම්......?"

"මට සමාවෙන්න මහත්තයා ....ම්...මං හොදටම බය වුණා.....ඒකයි.....ඒකයි මං 😭😭😭😭......."

"ෂ් .....අඩන්න එපා බන්.....මං තරහා නෑ....ඒ අතින් මං හරි වාසනාවන්තයි මැණික ....මොකද උඹ මට ඒ තරම් ආදරේ නිසා......"

"අනේ 😭😭😭.....මහත්තයා .....මගේ පණනෙ ඔයා 😭😭😭....තුවාලෙ දැක්කම වාවන්නෙ නැතුව ගියා...මගෙ මහත්තයට මොකක් හරි වුණා නම් එහෙම 😭😭😭......"

"එහෙම වෙන්නෙ නෑ බන්....උඹගෙ ආදරේ මාව ශක්තිමත් කරනවා හැම වෙලාවකම ....ඒ වගේම මටත් සමාවෙන්න මැණික  ....මං ආයෙ උඹට රිද්දන්නෙ නෑ මුරණ්ඩු වෙලා 🥺....කෝ දැන් අඩන්න එපා....."

"ම්ම්ම්......ගොඩක් රිදෙනවද මහත්තයො 😭"

අවී ඒ බැන්ඩේජ් එක උඩින් අතගාන ගමන් අහද්දි හේෂ් ඔලුව වැනුවෙ ඔව් කියන්න....අත නොපෑරෙන්න ඒක උඩින් පුංචි පුංචි හාදු තියපු අවී හේෂ්ට තවත් තුරුල් වුණා......

"මගෙ මහත්තයගෙ කටහඩ ගොඩාක් ලස්සනයි  🥺.....මං දැනන් හිටියෙ නෑනෙ මහත්තයට සිංදු කියන්න පුලුවන් කියලා ....."

"ම්ම්.....ඉස්සර මගේ ජීවිතේ කොටසක් සංගීතය කියන්නෙ.....ඒත් ජීවිතේ ගොඩාක් busy වුණාම මට ඒ දේවල් මගෑරුණා අවී....."

"ම්ම්ම්......මහත්තයා ආස නම් ආයෙ අපි ඒ දේවල් කරමු.....මං ආසයි මහත්තයා සිංදු කියනවා අහන්න......"

අවී හුරතල් විදියට කියද්දි හේෂ් හිනාවෙලා අවී දිහා බැලුවෙ හරි ආදරෙන්.....

"උඹගෙ කැමැත්ත ඒක නම් මං කරන්නම් මැණික ...උඹට නොදෙන දෙයක් නෑ මගේ ජීවිතේ ....."

"අනේ 😭😭😭......"

"ඔන්න ඔන්න ආයෙ ටැප් එක ඇරගත්තා....ඇත්තමයි බබා මං මේ කල්පනා කළේ දැන් ටිකකට කලින් මට සද්දෙ දාපු යක්ෂ පූසමද මේ කියලා 😌....."

"මහත්තයා 😒......"

"අම්මෝ හරි හරි ඉතිම් .....දැන් නිදියමුද බබා .....මට හරි අමාරුයි  😓 ....."

"ඔව් ඉතිං අමාරු නොවී තියෙයිද  තියන බකපණ්ඩිතකම.......බ්.බ්.....ම්ම්ම්හ්....හ්ම්ප්..."

අවී ආයෙමත් වයින් වේගෙන එන නිසා කතාව සම්පූර්ණ කරන්න නොදී හේෂ් අවීගෙ ලිප්ස් සීල් කළේ මුලින් දැගලුවත් පස්සෙ ඉබේම අවීත් ඒකට හවුල් වෙද්දි....
.
.
.
.
.
.
මතු සම්භන්ධයි .....
.
.
.
.
.
.
.
🎶අද චැපිය කෝමද 🙈 යක්ෂ පූසා නොහොත් අවියා 😈....

🎶 Vote Comment කරන හැමෝටම ස්තූතී💛 ....

🎶 කතාව කොටස් 50න් ඉවර වෙයි ගොඩාක් දුරට 🥺....ඉතිං එහෙනම් අවසාන කොටස් කීපයෙන් හමුවෙමු.....

🎶ගිහින් එන්නම්.....පරිස්සමින් ඉන්න ....අලාව්‍යෝ ❤️ 💕💕💕💕 💛

✍️තිසූ.....

Continue Reading

You'll Also Like

1.6M 125K 41
( ရိုးမာန်ဂုဏ် ♡ နွေလရိပ် ) ♡ 28 . 8 . 2021>♡< 19 . 12 . 2021 ♡
15.3K 2.2K 31
සත්නිදු🖤 - සමහරවිට ඉර වුනත් දැනන් නොඉන්න ඇති සූරියකාන්ත මල එයා වෙනුවෙන් පිච්චෙන විත්තිය... 💙 පිච්චිලා පිච්චිලාම මමත් දැන් පරවෙලා මැලවිලා යනවා.... ම...
41.5K 7.9K 35
(Non fictional BL) මේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයා කවුද? _ ඒ මම.
11.2K 2.3K 15
විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ, කැප්ටන් අසේල මුතුකුඩගේ අලුත්ම මෙහෙයුම එයාගේ බාප්පා ගැනම ඔත්තු බලන්නයි! ජූඩ් මුතුකුඩගේ පර්සනල් ඇසිස්ටන්ට් විදිහට රඟපාන...