💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 (...

Senikook tarafından

6K 1.1K 585

මේක first love එකේ season 02 . Daha Fazla

💥 Auther 💥
💥 Chapter 01 💥
💥 Chapter 02💥
💥 Chapter 03💥
💥 Chapter 04💥
💥 Chapter 05💥
💥Chapter 06💥
💥Chapter 07💥
💥Chapter 08💥
💥 Chapter 09💥
💥Chapter 10💥
💥 Chapter 11💥
💥 Chapter 12💥
💥 Chapter 13💥
💥 Chapter 14💥
💥 Chapter 15💥
💥 Chapter 16💥
💥 Chapter 17💥
💥 Author Note 💥

💥 Chapter 18💥

366 63 55
Senikook tarafından


යුන්ගි යේහා දෙන්න ගොඩක් දේවල් ගැන කතා කරලා රූම් එකෙන් එළියට එනකොට දියා හැමදෙයක්ම වගේ ජන්කුක්ට කියලා තිබ්බෙ.දියාගෙ ඔම්මා තමන්ගෙ යාලුවෙක්ගෙ දිහා ගිහින් තිබ්බ හින්දා ගෙදර හිටිය මේ කට්ටිය විතරයි .

"ඒ කියන්නෙ යේහා යුන්ගි හ්‍යුන්ගෙ නංගි "

ජන්කුක් යේහා දිහායි යුන්ගි දිහායි බලාගෙන එහෙම කියද්දි ඒකට උත්තරේ දුන්නේ දියා.

" ඒ වගේම ජන්කුක් යේහා කියන්නෙ ඔයාගෙත් නංගි ."

"පිස්සුද ? "

"කොහෙද ජන්කුක් පිස්සු වෙන්නෙ.යුන්ගි කියන්නෙ ඔයාගෙ ඔම්මගෙ අයියගෙ පුතානේ.ඒ කියන්නෙ ඔයාගෙ මාමාගෙ.එතකොට යේහා කියන්නෙ ඔයාගෙ කවුද කියන්න බලන්න."

දියා හරියට පොඩි එකෙක්ට නෑදෑකම් ගැන උගන්නවා වගේ එහෙම කියද්දි දියාගෙ වැඩේට යුන්ගිත් හෙල්ප් එකක් දුන්නා.මොකද ජන්කුක් යුන්ගි දියා දෙන්නව චාටර් කරනවා වගේම දියා යුන්ගි දෙන්නත් ජන්කුක්ව චාටර් කරන්න අවස්ථාවක් ආවොත් ඒක නැති කරගන්න කැමති වුනේ නෑ.

" ඔයා කියනකන් මට ඒක මතක් වුනේ නෑනේ බබා.එතකොට යේහාට ඔප්පල දෙන්නෙක් ඉන්නවා."

යුන්ගි එහෙම කියන ගමන් චාටර් හිනාවක් ජන්කුක්ට දාන ගමන් සෝෆා එකෙන් ඉදගත්තා .

"එතකොට මේ දෙන්නගෙ රිලේෂන්ශිප් එක ගැලපෙන්න නෑ නේද දියා.හරියන්නෙ නෑ.අයියයි නංගි දෙන්න මැරි කරන්නෙ ."

"මගුලක් කියනවා "

"මගුලක් නෙමේනේ ජන්කුක් කිව්වෙ.මායි යුන්ගියි කිව්වෙ ඇත්තනේ.යේහා කියන්නෙ ඔයාගෙ නංගි ."

" නංගි නෙමේ නෑනා.මාමාගෙ දුව කියන්නෙ නෑනා.ඔයාල දෙන්න තමා මෙතන නෑදෑකම් පටලවන් තියෙන්නෙ.අපි දෙන්න නෑනයි මස්සිනායි.සෝ කිසි ප්‍රශ්නයක් නෑ ."

ජන්කුක් අත් දෙකත් බැදගෙන එහෙම කියද්දි දියා යුන්ගි දෙන්න දෙන්නට දෙන්නගෙ මූණ බලාගෙන හිනාවෙන්න ගත්තා.

"ආශ් මොකද හිනාවෙන්නෙ ආ ? "

ජන්කුක් එහෙම අහද්දි වුනේ යුන්ගි දියා දෙන්නගෙ හිනාව තවත් වැඩි වුන එක.

"අයියෝ ඔප්පා ඇයි අනේ ඔයාට තේරෙන්නෙ නැත්තෙ මේ දෙන්න ඔයාව බයිට් කරනවා කියලා."

යේහා එහෙම කියන ගමන් ජන්කුක් ගාවින් ඇවිත් ඉදගනිද්දි ජන්කුක් යුන්ගි දියා දෙන්න දිහා බලල ඔරොවලා මොනාහරි කියන්න ගියත් ඒ වෙලාවෙ යුවී ආව නිසා කොල්ල මොනවත් කියන්න ගියේ නෑ.පුංචි කෙල්ල දුවගෙන ඇවිත් දියාගෙ ඔඩොක්කුවට නැග්ගට පස්සෙ පුංචි යුවී ඇහුව දේ නිසා දියා යුන්ගිගෙ මූණ දිහා බැලුවා.

" ඔම්මා බබාල එන්නෙ කොහොමද ? "

පුංචි යුවී දියා දිහා බලන් එහෙම අහද්දි කෙල්ල මොනවත් කිව්වෙ නැති නිසා යුවී බැලුවේ යුන්ගි දිහා.

"අප්පා කියන්නකෝ."

"කියන්නකො හ්‍යුන් .මටත් දැනගන්න ඕනේ බබාල එන්නෙ කොහෙන්ද ? "

"ඔප්පා මොනාද ඔයා ඔය අහන්නෙ ."

ජන්කුක්ට යුන්ගි දිහා බලාගෙන හිනා වෙවී එහෙම අහද්දි යේහා ජන්කුක්ගෙ කනට ලන් වෙලා එහෙම කිව්වා.

"එයා මාව බයිට් කරා මන් දැන් කරනවා."

" අප්පා කියන්නකෝ."

"ආ මේ මෙහෙමයි යුවී පැටියෝ .ඔම්මයි අප්පයි දෙන්න ගොඩක් සතුටින් ඉන්නවනම් ගොඩාක් ආදරෙන් ඉන්නවනම් ඒ දිහා දෙවියො බලන් ඉන්නවා.ඉතින් ගොඩක් ආදරෙන් ඉන්නකොට දෙවියො එයාලට ගිෆ්ට් එකක් දෙනවා.ගොඩක් වටින ගිෆ්ට් එකක්.ඉතින් දෙවියො එයාලට චූටි බබෙක් ගෙනත් දෙනවා.
යුවී පැටියවත් අපිට හම්බවුනේ එහෙම තමා.නැද්ද දියා ? "

"ඔව් පැටියෝ .ඒ වගේම තමා ඔම්මයි අප්පයි යුවී බබාට ගොඩාක් ආදරෙයි."

"එතකොට අප්ප ඔම්මට ආදරේ නැද්ද ? "

" අප්ප ඔයාටයි ඔම්මටයි ගොඩාක් ආදරෙයි පැටියෝ .ඇයි දැන් මගෙ පැටිය එහෙම ඇහුවෙ."

"එහෙනම් ඇයි දෙවියො මට මල්ලි බබෙක් ගෙනත් දෙන්නෙ නැත්තේ."

" යුවී ආසද මල්ලි බබෙක්ද? "

යුන්ගි යුවී දිහා බලාගෙන එහෙම අහද්දි පුංචි යුවී ඔව් කියන්න ඔලුව වැනුවා.

"එහෙනම් ඉතින් දෙවියො අපේ යුවීට මල්ලි බබෙක් ගෙනත් දෙයි නැද්ද දියා."

යුන්ගි එහෙම කියලා තමන්ගෙ දිවෙන් කම්මුල තෙරපන ගමන් දියා දිහා බලන් හිටියා.

" අද නිදාගෙන ඉවරයි ."

දියා තමන් එක්කම එහෙම කිව්වත් දියාට එහාපැත්තෙන් හිටිය ජන්කුක්ට ඒක ඇහුනා.

" යුවී පැටියෝ අපි ගමන් යමුද ? "

ජන්කුක් එහෙම අහද්දි යුවී

" කුකී සම්චොනුත් මට මල්ලි බබෙක් ගෙනත් දෙන්නද යන්නෙ ."

" මොකක්.නෑ.ගෙදර නර්සරි යන බබෙක් ඉද්දි තව බබාල මොකටද මට.මන්.කිව්වෙ අපි තුන්දෙනා යමු කානිවල් එක බලන්න.හැබැයි පැටියෝ අද ඔයාට සම්චොන් එක්කයි ආන්ටියි එක්කයි තමා ඉන්න වෙන්නෙ."

"බෑ ඔම්මයි අප්පයි ඕනේ."

"මේකනේ පැටියෝ ඔයාට මල්ලියෙක් ඕනෙනම් අද ඔම්මටයි අප්පටයි තනියෙන් ඉන්න දෙන්න වෙනවා.මල්ලි බබෙක් ඕනෙ නැත්තන් ඉතින් කමක් නෑ.ඔයා ගෙදර ඉන්න.මායි යේහා ආන්ටියි දෙන්න යන්නම්."

ජන්කුක් එහෙම කියන ගමන් යේහාගෙ අතින් අල්ලන් සෝෆා එකෙන් නැගිටිද්දි මෙච්චර වෙලා දියාගෙ ඔඩොක්කුවෙ හිටිය යුවී දියාගෙ ඔඩොක්කුවෙන් බැහැලා ඇවිත් ජන්කුක්ගෙ අතේ එල්ලුනා

" හලි යන්.යුවීට මල්ලි බබා ඕනේ."

" යුවී මල්ලි බබා ගෙනත් දෙන්නකො ඔය දෙන්න.ඕන්නක් ඉතින් යුවීව හෙටත් තියාගන්නම්."

ජන්කුක් එහෙම කියලා යුන්ගි දිහා බලලා ඇහැකුත් ගහලා යුවීවත් වඩාගෙන යේහා එක්ක එළියට ආවා.


































After six months

මේ මාස හයට වෙච්ච දේවල් කිව්වොත් මුලින්ම යුන්ගියි දියායි ගැන කියන්නම්.යුන්ගිත් හිමීය දියාට වැඩේ දීලා තිබ්බා.මේ වෙනකොට දියා ප්‍රෙග්නන්ට් වෙලා මාස හතරක් වෙනවා.යුන්ගි ගැන කිව්වොත් කොල්ලා දියා ලගින් හෙල්ලෙන්නෙවත් නෑ .අඩුම කෙල්ලට ගෙදරින් එළියට බැහැලා තනියෙන් කොහෙවත් යන්න දෙන්නෙත් නෑ.

අද දවස යේහාට වගේම ජන්කුක්ටත් ගොඩක් විශේෂ දවසක් වුනා.මොකද අද තමා ජන්කුක් යේහාව මැරි කරේ .

වෙඩින් එකේ වැඩත් ඉවර වෙලා කපල් එක ගෙදරට ගියාට පස්සෙ අනිත් අයත් තමන්ගෙ ගෙවල් වලට යන්න පිටත් වුනා.

ජන්කුක් යේහා එක්ක තමන්ගෙ ගෙදරට ඇවිත් ඇතුලට ගියාට පස්සෙ යේහාගෙ පිටිපස්සෙ හිටිය ජන්කුක් යේහාව බැක් හග් කරලා කෙල්ලගෙ උරහිසෙන් තමන්ගෙ ඔලුව තියාගත්තා .

"අද ඔයා ගොඩක් ලස්සනයි මිසිස් ජෝන්."

ජන්කුක් එහෙම කියන ගමන් කෙල්ලට කම්මුලට පෙක් එකක් දුන්නා .

"මන් විතරද ? වෙඩින් එකට ආවා කෙල්ලො හැරි හැරි බැලුවෙ කවුරුදිහාද දන්නෙ නෑ ."

"වෙන කවුරු දිහාද ඉතින් ඔයාගෙ මේ handsome cute හබී දිහා තමා."

"ඒකනම් දැක්කා."

"ඇයි ජෙලස්ද ? "

"අනේ වැඩේමනේ ඔප්පා.අනික මන් මොකටද ජෙලස් ගන්නෙ.මටනම් ජෙලස් නෑ ."

"ඇයි දන්නෙ නෑ ."

"මොකද ඉතින් ඔයා මගෙනේ."

යේහා එහෙම කියන ගමන් ජන්කුක්ගෙ කම්මුලට පෙක් එකක් දීලා . යේහා ජන්කුක්ට පෙක් එකක් දුන්නට පස්සෙ කොල්ල යේහාව හරහට වඩාගත්තා .

"ඔප්පා මොනාද කරන්නෙ මාව බිමින් තියන්න.කවුරුහරි දකියි."

"කවුරු දකින්නද ළමයෝ.මේ ගෙදර ඉන්නෙ අපි දෙන්න විතරයි .අනික ඔයා මගෙ වයිෆ්නේ.දැක්කත් මොකද ? දැන් ඉතින් අපි රූම් එකට යමු."

"ඉතින් මන් ඇවිදන් යන්නන්."

"ඔය ෆ්‍රොක් එක ඇදන් පඩිපෙල නගින්න පුලුවන්ද ? හෝල් එකේදිත් මන් දැක්කනේ ඕක ඇදන් හිටිය විදිහ ඔයා.දැන් ඉතින් කටවහන් ඉන්න."

ජන්කුක් එහෙම කියලා යේහාවත් උස්සන් පඩිපෙල නැගලා ගියේ තමන්ගෙ රූම් එකට.රූම් එක ඇතුලට ගියාට පස්සෙ ජන්කුක් යේහාව බිමින් තිබ්බා.යේහාව බිමින් තිබ්බට පස්සෙ කොල්ලා තමන් දාන් හිටිය බ්ලේසර් එකයි ටයි එකයි ගලවලා පැත්තකින් දාලා කෙල්ල ලගට ආවා

"ඔයා චේන්ච් කරගන්න.මන් එළියට වෙලා ඉන්නම්.ඉවර වුනාම මට කතා කරන්න.මන් දොර ලගමයි ඉන්නෙ."

ජන්කුක් එහෙම කියලා තමන්ගෙ කබඩ් එකෙන් හූඩි එකකුත් අරන් රූම් එකෙන් එළියට ගියේ දොරත් වහගෙන.ජන්කුක් රූම් එකෙන් එළියට ගියාට පස්සෙ යේහා ඇද ලගට ගිහින් තමන්ගෙ කොණ්ඩෙට ගහලා තිබ්බා වේල් එක ගලවලා පැත්‍තකින් දැම්මා.

කෙල්ල තමන්ගෙ අත පිටිපස්සට කරලා ෆ්‍රොක් එකේ ශිපර් එක ගලවන්න හැදුවත් කෙල්ලට ඒක කරගන්න බැරි වුනා.

" මේක ගලවන්න බෑනේ.ඔප්පට තමා කියන්න වෙන්නේ.ඒත් බෑ මගේ.එදා වුනත් මගෙ ඇදුම් චේන්ච් කරලා තියෙන්නෙ ඔම්මනේ.ඔප්පා කිව්වට එයා කියලා.

දැන් කාට කියලද මේක ගලවන්නෙ.කමක් නෑ ඔප්පට කියලා.අනික ඉතින් දැන්.එයා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් නෙමේ හස්බන්නේ.ඔප්පට කියන්නෙ නැතුව කාට කියන්නද මම."

යේහා තමන් එක්කම එහෙම කියන ගමන් ඇද  ලග ඉදන්ම ජන්කුක්ගෙ නම කියලා කතාකරා.ජන්කුක්  තමන්ට කතා කරපු ගමන්ම රූම් එක ඇතුලට ආවා.ඒ වෙලාවෙ කොල්ලා තමන් ඇදන් හිටිය shirt එක  වෙනුවට හූඩි එකක් ඇදන් හිටියෙ .

" මොනාහරි ඕනෙද ? "

"ඔප්පා මේ "

යේහා ජන්කුක් දිහායි බිම දිහායි බලාගෙන එහෙම මුමුණන්නදි ජන්කුක්

" ශිපර් එක ගලවගන්නනේ කතා කරේ."

ජන්කුක් එහෙම අහද්දි කෙල්ල ඔව් කියන්න ඔලුව වැනුවා.ජන්කුක් හිනා වෙලා ඇද ගාවට යද්දි කෙල්ල අනිත් පැත්ත හැරුනේ ජන්කුක්ට ශිපර් එක ගලවන්න ලේසි වෙන්න.

"තෑන්ක්ස් ඔප්පා."

ජන්කුක් යේහාගෙ ෆ්‍රොක් එකේ ශිපර් එක ගැලෙව්වට පස්සෙ කෙල්ල එහෙම කියලා යන්න ගියත් ජන්කුක් ඇදෙන් ඉදගෙන කෙල්ලව ඇදල අරන් තමන්ගෙ ඔඩොක්කුවෙන් ඉන්දව ගත්තා .

" You have no idea how much I love you baby ."

" So you think you have any idea how much I love you Oppa ? "

" I have no idea at all."

ජන්කුක් එහෙම කියන ගමන් හිනා වෙලා කෙල්ලගෙ ලිප්ස් වලට ලන් වෙලා කෙල්ලව කිස් කරන්න ගත්තා.කොල්ලා යේහාව කිස් කරන ගමන් බන් එකක් විදිහට ගැටහලා තිබ්බ කෙල්ලගෙ කොණ්ඩෙ තමන්ගෙ අතින් ලෙහුවා.

ජන්කුක් යේහාව කිස් කරද්දි කෙල්ල තමන්ගෙ අතක් කොල්ලගෙ සිනිදු කොණ්ඩෙ අස්සෙන් ගෙනියන ගමන් අනිත් අත ජන්කුක්ගෙ බෙල්ල වටේ දාගත්තා.

විනාඩි දෙකක විතර සිපගැනීමකට පස්සෙ ජන්කුක් යේහාගෙන් ඈත් වෙලා කෙල්ල දිහා බලන් හිටිය .

" Can I my lady ? "

ජන්කුක් එහෙම අහද්දි යේහා ජන්කුක්ට පමිෂන් එක දෙන්න ඔලුව හොල්ලද්දි කොල්ලා ආයෙත් කෙල්ලට ලන් වෙලා කෙල්ලව කිස් කරන්න ගත්තා.සොෆ්ට් විදිහට පටන් ගත්ත කිස් එක රලු වෙද්දි ජන්කුක් යේහාව ඇදට දාලා තමන් ඇදන් හිටිය හූඩි එකත් ගලවලා කෙල්ල උඩට ඇවිත් කෙල්ලව කිස් කරන්න ගත්තා.
































( ඉතිරි කෑලි නෑ.අලුත් බැදපු ජෝඩුවට නිදහසේ ඒ ටික කරගන්න දෙන්න ඕනෙනේ. මෙතන ඉදන් වෙන දේ ගැන ජන්කුක් බලාගනී.කොල්ලා වැඩිය යේහාට රිද්දන එකක් නෑ.කැමතිනම් ඉතින් එතන ඉදන් වෙන දේ ඔයාල කැමති විදිහට හිතාගන්න.😏😏😏😏😏.)

(තාම ඉවර නෑ හොදේ.)















































After two years

මේ අවුරුදු දෙකට වෙච්ච දේවල් කිව්වොත් මුලින්ම යුන්ගි දියා ගැන කියන්නම්.යුවී ඉල්ලුව වගේම යුන්ගි දියා දෙන්නා යුවීට මල්ලි කෙනෙක් ගෙනත් දුන්නා.යුන්ගියි දියාගෙයි බබාට මේ වෙනකොට අවුරුදු එකයි මාස හතක් වෙනවා.

ජන්කුක් ගැන කිව්වොත් කොල්ල තමන්ගෙ ජොබ් එකෙන් අයින්වෙලා තමන්ගෙ අප්පගෙයි ඔම්මගෙයි බිසනස් බාරගත්තා.මේ වෙනකොට ජන්කුක් කියන්නෙ ලොකු බිසනස්මන් කෙනෙක්.

ඒ වගේම ජන්කුක් කියන්නෙ චූටි දුවල දෙන්නෙක්ගෙ අප්පා කෙනෙක්.ටේහ්‍යුන්ටයි ජිමින්ටයි චැලේන්ජ් කරා වගේම ජන්කුක්ටයි යේහාටයි හම්බවුනේ දුවල දෙන්නෙක්.මේ වෙනකොට යේහා ජන්කුක් දෙන්නම දෙමව්පියො වෙලා ඉවරයි.දෙන්නගෙ දුවල දෙන්නටනම් තාම අවුරුද්දයි.

ජන්කුක් තමන්ගෙ කම්පැනි එකේ ඉදන් ගෙදර එද්දි ගොඩක් වෙලාවට කොල්ලගෙ හොදම යාලුවො වෙච්ච ටේහ්‍යුන් ජිමින් දෙන්නත් ගෙදර ඇවිත් යන්නෙ.ජන්කුක් ටේහ්‍යුන් ජිමින් එක්ක ගෙදර යනකොට ජන්කුක්ගෙ දුවලා දෙන්නනම් හිටියෙ යුන්ගිගෙ පුතා දෝයොන් එක්ක බිම ඉදගෙන සෙල්ලම් කර කර. යේහා දියා දෙන්නා සෝෆා එකෙන් ඉදගෙන ඉද්දි පොඩි බබාල දිහා බලාගෙන ඉන්න වැඩේනම් කරේ යුවී.

" අපේ යුවී දැන් ලොකු නූනා කෙනෙකුයි ඔන්නි කෙනෙකුයි වෙලානේ."

ජන්කුක් එහෙම කියන ගමන් යුවීගෙ කොණ්ඩෙ අවුස්සද්දි යුවී වෙනුවට උත්තර දුන්නෙ දියා

"ඒ ගැනනම් කියලා වැඩක් නෑ ජන්කුක් දැන් කොල්ලා එක්කත් ගහගන්නවා.පොඩි කාලෙ තිබ්බ අහිංසකම දැන් පැත්ත පලාතක නෑ."

"එහෙම තමා මගෙ කෙල්ල.ගැවුවොත් ගහන්න ඕනේ "

එහෙම කියාගෙන සෝෆා එකෙන් ඉදගත්තෙ යුන්ගි .

"ඔය කිව්වෙ.අප්පයි දුවයි බලාගන්න එකයි තියන්නෙ නඩු ගැන.අනේ මන්නම් ඕවාට නෑ."

" ජිමින් මේ පින්ක් කලර් ෆ්‍රොක් එක ඇදන් ඉන්න ඒන්ජල් මගෙ පුතාට හොදේ."

"ඔරේන්ජ් කලර් ඩ්‍රෙස් එක ඇදන් ඉන්න ප්‍රින්සස් මගෙ පුතාතේ ටේ."

එහෙම කියන ගමන් ලිවින් රූම් එකේ හිටියෙ ටේහ්‍යුන් ජිමින් දෙන්න ජන්කුක්ගෙ දුවලා දෙන්නව වඩාගන්න හැදුවත් ඊට කලින් ජන්කුක් තමන්ගෙ දුවලා දෙන්නවම වඩාගත්තා .

" එකෙක් එන්නෙ නෑ මගෙ දුවලට අයිතිවාසිකම් කියාගෙන.හිතේ ඇති මන් මගෙ ඒන්ජල්වයි ප්‍රින්සස්වයි උබල දෙන්නගෙ පුතාලට දෙයි."

"මොකක්ද ජන්කුකා."

"උබල දෙන්න වගේ මාමණ්ඩිලා දෙන්නෙක් මගෙ දුවලා දෙන්නටනම් එපා."

"ඒවා කොහෙද ? අපේ පුතාල දෙන්න තමා උබගෙ දුවලා දෙන්නව බලන්නෙ."

" ආස ඇති ජිමිනෝ. යන යන හැම තැනම දෝයොන් එක්ක යවනවා මම කෙල්ලො දෙන්නව."

" ඉතින් දෝයොන්ට බලාගන්න වෙන්නෙ එක්කෙනාවනේ.අනිත් කෙනාව බලාගන්නෙ කවුද ? "

" අපි දෙන්න හදමු බබා තව පුතෙක්ව.
එතකොට මගෙ පුතා එයාගෙ නූනාල දෙන්නව බලාගනී.අනික ඉතින් උබලමනේ කිව්වෙ මගෙ දුවලා දෙන්නව ඕනෙ නෑ කියලා.ඒක නිසා දෙන්නෙම නෑ මම."

" එව්වා විහිලුවට කියපුවනේ.මූට ජෝක් තේරෙන්නෙ නැද්ද ජිමිනා.ඇයි කැමති නැත්තේ ? "

ටේහ්‍යුන් ජන්කුක් දිහා බලාගෙන එහෙම අහද්දි ජන්කුක් තමන්ගෙ අතේ හිටියා තමන්ගෙ දුවලා දෙන්නව ආයෙත් සෙල්ලම් කරන්න බිමින් තිබ්බට පස්සෙ ජන්කුක් ආයෙත් ජිමින් දිහායි ටේහ්‍යුන් දිහායි බැලුවා.

"කොල්ලො දෙන්නගෙනම් අවුලක් නෑ."

"එහෙනම් මොකක්ද තියෙන ප්‍රශ්නෙ ."

"ප්‍රශ්නෙද ? මේකයි බන් ප්‍රශ්න.පුතාල හොදයි.හැබැයි මන් කැමති නෑ මගෙ දුවලා දෙන්නව නට්ලූස් මාමණ්ඩිලා දෙන්නෙක් ඉන්න ගෙදරට යවන්න.උබල දෙන්නගෙ තමා අවුල ? අනික බන් උබල දෙන්න දැන් වයසයිනේ.ඒ කාලෙ වෙද්දි තවත් වයසට යනවා.මන් වගේ නෙමේනේ.මන්නම් තාම අවුරුදු දාසයේ කොල්ලෙක් වගේ.ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා කියන්නත් බෑ.

ඒකට උබල දෙන්නා ඒ කාලෙ වෙද්දි හැට පැනලා හොට බිම ඇනිච්ච වයසක පොරවල් දෙකක් වෙයි.ඉතින් මන් කොහොමද හිත හදාගෙන මගෙ කෙල්ල දෙන්නව දෙන්නෙ.උබලා දෙන්නව දැක්කම මගෙ කෙල්ල දෙන්නගෙන් අහයි මේ ඉන්නෙ ඔයාලගෙ හරබොජිද කියලා."

ජන්කුක් එහෙම කියන ගමන් එතනින් දුවද්දි ජන්කුක් කිව්වා දේවල් එක්ක යක්ෂයා ආවේශ වෙච්ච ජිමින් ටේහ්‍යුන් දෙන්නා ජන්කුක්ගෙ පස්සෙන් එලවන්න ගත්තෙ හරියට පොඩි උන් තුන්දෙනෙක් වගේ.

THE END

ඔන්න ඉතින් ඉවරයි .අවුල්ද මන්දා ඉවර කරපු විදිහ.

මෙකටනම් ලොකු කමෙන්ට් එකක් ඕනේ.

මෙච්චර කල් මේක කියවපු අයට ගොඩක් තෑන්ක්ස් .

විශේෂයෙන් ඔයා මේකට කැමතිනම් එච්චරයි සුදූ.මොකද මේක ඔයාගෙ birthday gift  එකනේ
😊😊😊😊😊.

මන් ඔයාලට කලින් චැප්ටර් එකක කිව්වනේ ඔයාලට surprise  එකක් තියෙනවා කියලා.ඒ surprise  එක මොකක්ද කියලා මම Auther note  එකෙන් කියන්නම් ඔයාලට.

තව ඔයාලට මොනාහරි අවුල් තැන් තියෙනවනම් ඒවත් අහන්න.ඒවාට උත්තරත් මන් Auther Note  එකෙන්ම දෙන්නම්.
බබාලගෙ ෆොටෝස් ඕනෙනම් ඒවාත් Auther note  එකෙන්ම දෙන්නම්.

Auther Note  එක දෙනකන් තව ටිකක් මේක library  එකට දාලා තියාගන්න.😊😊😊

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

Okumaya devam et

Bunları da Beğeneceksin

2.7K 437 18
කී දෙනෙක් රාක්ශයා කියලා එයාට කරදර කරත් , කී දෙනෙක් ළමා මනසක් තියෙන කෙනෙක් කියලා එයාව කොන් කරත් ඇයි මට හිතෙන්නේ එයා තේරුම් ගන්න බැරි උන හරි ලස්සන පිරි...
21.7K 3.4K 32
What is the answer ? Is it love or jail ? 🥂💥 One violent criminal falls in love with a woman police officer. She is the person in charge of findin...
636K 32.2K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
15.3K 448 14
He's an idol and she's a foreigner. They cross paths and things never remained the same. When their relationship begins, she feels everything will be...