His Moon [Jikook | Completed...

By chimmygirl_Z

16.6K 4K 486

' I love you deeply,madly, Unconditionally, forever and ever. Angel,You are the world to me.! ' -JK [ Jikook... More

01.Love Song
02.What's Wrong with them?
03.They don't know about us
04.A date?
05.Hyung,I'm Sorry
06.Truth Untold
07.Inseparable
08.You & I
09.You are Mine
10.Hyung,I like Him
11.Babe,Are you sick?
12.Ten thousand Hours
13.Jimin's Favourite food
14. Miss You
15.Losing you
16.Saviour
17. Chance
18.His Moon
19.Always you
20.In a Hundred Lifetimes,I'd Choose you
21.Beginning
22. Jeju 🏝️ Part 1
23. Jeju 🏖️️ Part 2
24. Jungkookie..
25.It hurts
26. There for you
27.Family
28. Hot chocolate
29.With you
30.Love you unconditionally
31.Let me just give up
32.Fallen Angel
33.Memories
34.Trust is Fragile
35.Diamond
36. 1st Anniversary
37.I want him back
38.Rose Petals
40.Still With You [ Final ]
💜️
New Story
• Bonus |

39.Stay Alive

269 72 6
By chimmygirl_Z

V : "දේහ් ජිමිනා..දැන් අපි එයාර්පෝර්ට් එකෙන් ආවෙ.."

JM : "ඕහ්..අපි ටිකක් එලියට ආවා ටේ.ම්..කොහොමත් මං අද ඔයාව බලන්න එනවා.ආයිශ් උඹල දෙන්නා සෝල් වලට එද්දි අපි හෙට USA යනවා.."

V : "ඒකට කමක් නෑ බං.ආවාම හැමෝම සෙට් වෙමු.ඉතින් මේ රෑ කොහෙද දෙන්නා ගියෙ.."

JM : "ම්..අපි..මං ආවාම කියන්නම්කො.එහෙනම් පරෙස්සමින් වරෙන් හරිද.."

V : "හරි බං.."

ජිමින් ෆෝන් එකත් බැක් පොකට් එකට දාගෙන පාර අයිනෙ නවත්තලා තිබුන කාර් එකේ දොරත් ඇරගෙන එලියට ආවෙ සීතල නිසා ජැකට් එකත් ඇගට තද කරගන්න ගමන්.ජන්ග්කුක් කාර් එකට හේත්තු වෙලා මද අදුරකින් වැහුන ඈතින් පේන කදූ වළල්ල දිහා බලාගෙන හිටියා..

JM : "ජන්ග්කුකී..ඇයි හනා ඔයාට මේ වගේ තැනකට එන්න කිව්වෙ?"

බර කල්පනාවක හිටපු ජන්ග්කුක් දන්නෙ නෑ කියන්න වගේ ඔලුව හෙල්ලුවේ ජිමින් ගෙ කර වටේ අත දාගන්න ගමන්..

JK : "ම්..මං දන්නෙ නෑ ජිමින්.අපි බලමු.එයා දැන් එයිනෙ.."

එදා දවල් හනා ජන්ග්කුක් ට කෝල් කරල කිව්වෙ එයාට කියන්න ගොඩක් වැදගත් දෙයක් තියෙනවා,මෙතනදි මීට් වෙන්න පුලුවන්ද කියලා.ඒක ජීයූ සම්බන්ධ දෙයක් කිව්ව නිසා වගේම ජීයූ වත් අරන් එනවා කිව්ව නිසා ජන්ග්කුක් ජිමින් වත් බලෙන්ම එක්කගෙන ආවෙ එයාට නොපෙන්නුවත් ජිමින් ට ජීයූ ව මතක් වෙනව කියල හොදටම දැනුන නිසා..

JK : "ජිමින්,එයාට ජීයූ ව අපිට දෙන්න හිතුනවත්ද?"

ජන්ග්කුක් හිනාවෙවී කිව්වෙ විහිලුවට වුනත් ජිමින් ට හිතුනා ඇත්තටම එහෙම වෙනවනම් කියලා..

JM : "හිහ්..ඔයාට පිස්සු ද..ම්..කුකී මං ඔයාට ප්රොමිස් වුනා ආයෙත් හනාගෙ මූනවත් බලන්නෙ නෑ කියලා.ඔයා මොකටද මාවත් ඇදගෙන ආවෙ?"

JK : "ආහ්..ඒ ගැන හිතන්න එපා.ඔයා ආවෙ මාත් එක්කනෙ.අනික ජීයූ ටත් ජිමිනි අන්කල්ව බලන්න ආස ඇති.."

ජන්ග්කුක් කිවිවෙ ජිමින් ගෙ සිනිදු කම්මුලේ නහය ගාවන ගමන්..

JM : "හ්ම්..ජන්ග්කුකී..."

JK : "ම් ? "

JM : "ම්..මට මොකක් හරි අමුත්තක් දැනෙනවා.අපි එක්කො යමුද.."

ජිමින් කිව්වෙ ජන්ග්කුක් ගෙ ශර්ට් එකේ අතෙන් අල්ලගෙන.

ජන්ග්කුක් හිනාවුනා..

JK : "ඒ කිව්වෙ ?මට තේරෙන්නෙ නෑ බේබි.ඇයි ඔයාට ජීයූ ව බලන්න ඕන නැද්ද.."

ජන්ග්කුක් හිනාව නවත්තගත්තෙ ජිමින් සීරියස් මූනක් හදාගෙන ඉන්නවා දැකපු නිසා..

JM : "එහෙම නෙවෙයි.මට අද උදේ ඉදන් මහ මූසල හැගීමක් දැනෙනවා.මං දන්නෙ නෑ.අපි ගෙදර යමුද කුකී.."

ජිමින් ජන්ග්කුක් ගෙ ඉස්සරහට ඇවිත් ඇහුවත් ජන්ග්කුක් උත්තරයක් දෙන්නත් කලින් හනාගෙ කාර් එක ඇවිත් එයාලා ලගම නතර වුනා..

......හනා ඉක්මනට කාර් එකෙන් බැහැලා එයාලා ලගට ආවා.ජිමින් ගෙ ඇස් හෙව්වෙ ජීයූ ව..

HANA : "අන්යොන්ග් !! "

හනා දෙන්නටම ඔලුව නවලා හිනාවුනා.ඒත් හනාගෙ මූනෙ හිනාවකින් වහන්න බැරි විදිහෙ බයකුත්,දුකකුත් ලියවිලා තිබුනා..

JK : "හනා,ජීයූ කොහෙද.."

HANA : "ම්..ජීයූ ට ටිකක් සනීප නෑ ජන්ග්කුක්.ඒක නිසා මට එයාව තියලා එන්න වුනා.."

JM : "ඕහ්..වේ? ජීයූ අසනීපෙන්ද ?"

HANA : "අහ් ආනී ඒක නිකම් පොඩි බඩේ අමාරුවක් ජිමින්.."

ජිමින් දුකෙන් වගේ ඇහුව විදිහ දැක්කම හනා ගෙ මුලු හිතම වරදකාරී හැගීමකින් පිරිලා ගියෙ ජිමින් ජීයූ ට ආදරේ කරපු තරම මතක් වුන නිසා වගේම එයා කොයිතරම් හොද යාලුවෙක්ද කියල හිතුන නිසා..

ජිමින් එයි කියලා හනා බලාපොරොත්තු වුනේ නෑ.ජිමිනුයි,කුකියි දිහා බලාගෙන හිටපු හනාට හිතුනෙම මේ තරම් ආදරෙන් ඉන්න,ලස්සන,කරුනාවන්ත දෙන්නෙක්ව වෙන් කරන පවට එයාටම කවදාවත් සමාව දෙන්න බැරි වෙයි කියලා.මුලු ජීවිත කාලෙම තමන්ටම පසුතැවෙන්න වෙයි කියලා හනාට හිතුනා..

බයෙන් සුදුමැලි වෙලා කලබලෙන් වගේ ඒ දෙන්නා දිහා බලාගෙන ඉන්න හනාව දැක්කම ජිමින් ටයි,කුකී ටයි හිතාගන්න පුලුවන් වුනා හනා ඉන්නෙ ලොකු ප්රශ්නෙක හිර වෙලා කියලා..

JK : "හනා ??"

ජන්ග්කුක් හනාගෙ මූන ඉස්සරහින් අත දෙපැත්තට කලේ එයා ⁣ඉන්නෙ අසිහියෙන් කියල පෙනුන නිසා..

JK : "මොකක් හරි ප්රශ්නයක් ද ? "

JM : "ඔයා මොකද බය වෙලා වගේ.."

හනාගෙ උගුර කටත් වේලිලා වගේ..ඒ මිනිහා ජන්ග්කුක් ට කරදරයක් කරයිද ?

නෑ මට මේක කරන්න බෑ..හනා ලොකු හුස්මක් ගත්තා..ඊලගට වෙන දේ මොකක් වුනත් හනාට එයාගෙ හෘදසාක්ෂියට එකගව මේ දේ කරන්න බැරි වුනා..

HANA : "මට සමාවෙන්න ජිමින්..මට සමාවෙන්න ජන්ග්කුක්.."

JK : "ආහ්.. ඔයා එදා ක්ලබ් එකේ වුන දේ ගැන තාමත් හිතනවද? චහ්..දැන් ඒක අමතක කරන්න හනා.අපි හැමෝම අතිත් වැරදීම් වෙනව.ඒ ගැන හිතන්න එපා.."

ජන්ග්කුක් යාලුවෙක් වගේ හනා ගෙ උරහිසට තට්ටු කරලා කිව්වෙ හනා ඉන්නෙ ලොකු ප්රෙශර් එකකින් කියල තේරුන නිසා..

ජන්ග්කුක් ගෙයි,ජිමින් ගෙයි ආදරනීය,අවංක හැසිරීම දකිද්දි හනාට තවත් මේ දේ වෙන්න ඉඩ අරින්න හිත දුන්නෙ නෑ.එයාලා ජීවත් වෙන්න ඕනෙ.එයාලා මේ ලෝකෙට ඕනෙ..

හනා වටපිට බැලුවෙ දැනටමත් ජේ මෙතෙන්ට එන ගමන් කියල දන්න නිසා..

හනා ඉක්මනට ජන්ග්කුක් ගෙ ලගට ගිහින් වුන හැමදෙයක්ම කලබලෙන් කියන්න පටන් ගත්තා..

HANA : "ජන්ග්කුක්..මං කියන දේ හොදට අහගන්න.ඔයා RJ කියල කෙනෙක්ව මැරුවද.."

ජිමින් බය වෙලා වගේ ජන්ග්කුක් ගෙ මූන දිහා බැලුවෙ RJ ගෙ නම ඇහෙද්දි පවා කොදුඇට පේලිය දිගේ අමුතු වෙව්ලීමක් දැනුන නිසා..

JK : "ඔ..ඔයා කොහොමද මේ දේවල් දන්නෙ ?"

HANA : "අහන්න..ඒ RJ කියන කෙනාගෙ අයියා ඔයාව හොයනව ජන්ග්කුක්.එයාට ඕනෙ ඔයාව විනාශ කරන්න..මං ජිමින් ගෙ යාලුවෙක් කියල ඒ මිනිහා දැනගෙන තියෙනවා.ඌ මට තර්ජනය කලා ජීයූ ට කරදර කරනවා කියලා..ඒ..ඒකයි මං මේ හැමදෙයක්ම කලේ ජන්ග්කුක් .මට සමාවෙන්න දෙයියනේ..එයාට ඕනෙ ඔයාව මරල දාන්න.ඉක්මනට මෙතනින් යන්න ජන්ග්කුක් ප්ලීස්.."

කදුලු ඇස් දිගේ ගලාගෙන යද්දි හනාගෙ තොල් වෙව්ලන්න පටන් ගත්තා..

JM : "මො..මොකක්ද..ඔයා මොනවද කියවන්නෙ හනා.."

HANA : "මං කියන්නෙ ඇත්ත ජිමින්..උන්.."
.
.

ඒත් එක්කම ජීප් රථ දෙකක් වේගෙන් ඈතින් එන විදිහ තුන් දෙනාම දැක්කා.

ඉයර්පීස් එකෙන් හනා කියවන හැමදෙයක්ම අහගෙන හිටපු ජේගෙ ඇගේ ලේ රත් වෙලයි තිබුනෙ..

"ඉක්මන් කරපන්.අද මුලින්ම ඔය මෝඩ ගෑනිව මං ඉවර කරන්නෙ.."
.
.

හනා හොදටම කලබල වුනා..

HANA : "දෙයියන්ගෙ නාමෙට මෙතනින් යන්න ජන්ග්කුක් ප්ලීස්..යන්න ජිමින්.යන්න මෙතනින්.."

හනා ජන්ග්කුක් ගෙ අතකින් අල්ලගෙන බැගෑපත් වුනා..මොකක් වුනත් සිද්ධ වෙන්න යන්නෙ ඒ තරම් හොද දෙයක් නෙවෙයි කියලා ජන්ග්කුක් ට තේරුනා.ඉක්මනට ජන්ග්කුක් ජිමින් ව එයාගෙ පස්සට කලා..

JK : "ජිමින්..කාර් එකට නගින්න.දැන්ම.."

වාහන දෙක නවතිනවත් එක්කම හනාවත් ඇදගෙනම කාර් එක ලගට දුවපු ජන්ග්කුක් ගෙ කකුල් එකතැනම නතර වුනා..ඒ වෙද්දිත් හනාගෙ ඇග පසාරු කරගෙන බුලට්ස් කිහිපයක්ම ගිහින් ඉවරයි..

JM : "හනා !!!!"

හනා ජන්ග්කුක් ගෙ ඇගට බර වුනා.අන්තිම හුස්ම පිට කරන්න කලින් හනා අමාරුවෙන් වචන කීපයක් කියාගන්න ට්රයි කලා..

HANA : "ම්..මට..සමා..වෙන්න..මගෙ ජීයූ ව බ්..බලාගන්න ජ..න්ග්කුක්.. ය..න්න මෙ...තනින්.."

ජන්ග්කුක් ට හනා ගැන දැනුනෙ වචන වලින් කියාගන්න බැරි තරම් වේදනාවක්.මේ හැමදෙයක්ම වුනේ තත්පර කිහිපයක් ඇතුලත..
.
.

..ජන්ග්කුක් ගෙ කාර් එකේ ස්පීඩ් එක වැඩි වෙනවත් එක්කම ජේගෙ වාහන දෙකත් තව තවත් ලං කලා. ජිමින් ව එක්කගෙන ආව එක ගැන ජන්ග්කුක් ට දැනුනෙ ලොකු පසුතැවීමක්..

ජිමින් හිටියෙ හොදටම කලබල වෙලා.
' RJ ගෙ අයියා..ජන්ග්කුක් ව මරන්න ට්රයි කරනවා..'
ඒක හිතද්දි ජිමින් ගෙ මුලු ඇගම රත් වුනා..

JK : "බය වෙන්න එපා බේබි ප්ලීස්.."

...ජිමින්ට තේරුනා ජන්ග්කුක් ඉන්නෙ මිශන් එකක...

ජන්ග්කුක් කියන්නෙ කවදාවත් අරමුනක් නැතුව දෙයක් කරන කෙනෙක්වත්,ලේසියෙන් දෙයක් අතඅරින කෙනෙක්වත් නෙවෙයි.එයා හැමවෙලේම එයා කරන දේ ගැන හොදටම දැනගෙන හිටියා..

ජන්ග්කුක් ට්රයි කලේ කාර් එකට නොනවත්වා වදින බුලට්ස් මගහරින ගමන් මේන් රෝඩ් එකට ඇතුල් වෙන්න...

ජිමින් මිරර් එකෙන් දැක්කා එක වාහනයක් එයාලගෙ කාර් එකට ලං වෙන විදිහ.නැත්තම් ජන්ග්කුක් හිතාමතාම ලං වෙන්න දුන්නද කියල ජිමින් ට හිතුනා..

ජිමින් කටත් ඇරගෙන බලාගෙන හිටියෙ කොහෙන්,කොහොම ජන්ග්කුක් ගෙ අතට ගන් එකක් ආවද කියලා...

ග්ලාස් එකෙන් එලියට ඔලුව දාපු ජන්ග්කුක් ඩ්‍රයිව් කරන ගමන්ම පිටිපස්සෙන් ආව වාහනේට ශූට් කලා.ජිමින් දැක්කා ලොකු බ්ලාස්ට් එකක් එක්ක ගිනි ජාලාවක් මැද්දෙන් ඒ වාහනේ පාරෙන් පහලට පෙරලෙන විදිහ..

ජන්ග්කුක් අයෙත් ස්පීඩ් එක වැඩි කලා..

ජේගෙ වාහනේ කීප වාරයක්ම ජන්ග්කුක් ගෙ බෙන්ස් එකේ බැක් එකට වැදුනා...

මේ අතරෙ ජිමින් ට ඇහුනා පොලිස් කාර් කීපයක සයිරන් හඩත්..

ජන්ග්කුක් ගෙ සයිඩ් එකටම ලං වුන ජේගෙ වාහනේ එකදිගට ම ඇටෑක් කලා..

ජන්ග්කුක් වැඩේ අතාරින්න ලෑස්ති නෑ..

..එකපාරම ගැටුන වේගෙට වාහන දෙකේම බැලන්ස් එක නැති වෙනවත් එක්කම ජේගෙ වාහ⁣නේ කන්දෙන් පහලට පෙරලුනා.හැබැයි කුකීත් මේ වෙලාවෙ ලොකු උත්සහයක් දරමින් හිටියෙ...

ජන්ග්කුක්ගෙ බෙන්ස් එකත් එයාගෙ පාලනයෙන් ගිලිහිලා කදු ගැට්ට පාමුලටම ගිහින් පහලට පාත් වුනේ හිතාගන්නවත් බැරි විදියට..

JK : "ෆ*** ! "

ජිමින් ගෙ ඇස් දෙක බයෙන් ලොකු වුනේ වෙන්න යන විනාශෙ තේරුන නිසා..

JM : "ජන්ග්කුක් !!!!! "

..කාර් එක පහලට පෙරලෙනවත් එක්කම තවදුරටත් එක තත්පරයක්වත් පහු නොකරපු ජන්ග්කුක් ජිමින් ගෙත් සීට් බෙල්ට් එක ගලවලා ජිමින් වත් අරගෙනම කාර් එකෙන් එලියට පැන්නා...

දෙන්නම කන්ද දිගේ ටික දුරක් පහලට පෙරලීගෙන ගිහින් ලොකු ගල්පතුරක් උඩ නතර වුනා...

ජන්ග්කුක් ගෙ තුරුලෙ හිටපු ජිමින් හෙමින් ඇස් ඇරලා ඉස්සිලා බැලුවා..

ජන්ග්කුක් ගෙ හැඩිදැඩි අත් හරිම ආරක්ෂිතව ජිමින් ගෙ ඇග වටේ එතිලා තිබ්බා..

JM : "ක්..කුකී.."

JK : "ම්හ්..ජි..මින්.."

ජිමින් අමාරුවෙන් නැගිටලා ජන්ග්කුක් ගෙ මූන අත් දෙකෙන්ම අල්ලගත්තා..ජන්ග්කුක් ගෙ කැරලි කොන්ඩෙ ඇතුලෙන් නලල දිගේ ලේ ගලාගෙන එන විදිහ ජිමින් දැක්කා..

JM : "කු..කී.. කුකී..කුකී...!!"

ජිමින් ජන්ග්කුක් ගෙ උරහිස් වලින් අල්ලලා හෙල්ලුවා.ජන්ග්කුක් ගෙන් කිසිම සද්දයක් නෑ...

JM : "නෑ...නෑ..ඇස් අරින්න ජ....න්ග්කුක්...අනෙ..උදව් කරන්න...ජන්ග්කුක් !!!!! "

ජන්ග්කුක් ව එයාගෙ ඔඩොක්කුවට ගත්ත ජිමින් මහ හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා.ජිමින් ගෙ කෑගැහිල්ල කන්ද පුරාම දෝංකාර දුන්නා..
.
.

'රසිකයින් මිලියන ගනනකගේ හදවත් සසල කරමින් ලෝකප්රසිද්ධ ජියෝන් ජන්ග්කුක් සහ ජියෝන් ජිමින් මාරාන්තික රිය අනතුරකට...'
.
.

*************

JM : "ඔ..ම්මා.."

"මගෙ ජන්ග්කුකී..අනෙ..මගෙ ජන්ග්කුකීගෙන් ඈත් වෙලා ඉන්න ජිමින්..එයා හැමදාම ඔයා නිසා දුක් විදිනවා.."

ජන්ග්කුක් ගෙ ඔම්මා හොස්පිට්ල් එක දෙවනත් වෙන්න ඇඩුවා..

SUGA : "ඔමොනී !! ජිමින් ට එහෙම කතා කරන්න එපා ප්ලීස්.. "

ටේටයි,යුන්ගි ටයි එයාර්පෝර්ට් එකෙන් කෙලින්ම එන්න වුනේ හොස්පිට්ල් එකට..

ටේ හිටියෙ පිස්සු හැදිලා වගේ..

ජිමින් ගෙත් අත් කකුල් පුරාම තුවාල පාරවල්.මුලු ඇගම දැවිල්ලයි..

කව්රුත් කියන දෙයක් ගැනවත්,එයාගෙ ලග ඉන්නෙ කව්ද කියලවත් ජිමින් ට දැනුනෙ නෑ..ඒත් ජන්ග්කුක් ගෙ ඔම්මාගෙ වචන ජිමින් ගෙ හදවත පසාරු කරගෙන ගියා වගේ..

ජිමින් ගෙ ඇස් තිබුනෙ ඉමර්ජන්සි රූම් එක ඇතුලෙන් පේන ජන්ග්කුක් ලග...

නෑ..ප්ලීස් ඔයා ජීවත් වෙන්න ඕනෙ ජන්ග්කුක්..

එකපාරම ඩොක්ටර්ස්ලා වට කරගෙන කලබලෙන් වගේ ජන්ග්කුක් ගෙ චෙස්ට් එකට පැඩ්ල්ස් වලින් ඉලෙක්ටිුක් ⁣ශොක් එක දෙන්න පටන්ගත්තා..

ටේ ජිමින් ව ඇගට හේත්තු කරගත්තත් ජිමින් ටේව එහාට කලා..

ජිමින් ඉන්න විදිහ දැක්කම ටේට කියන්නෙ මොනවද,හිත හදන්නෙ කොහොමද කියලවත් හිතාගන්න බැරි වුනා..එයා මේතරම් සන්සුන් ව ඉන්නෙ මොන තරම් දුකක් හිරකරගෙනද කියන එක ටේ දන්නවා..

ජිමින් ට එයාගෙ ඇස් බොද වෙද්දි දැනුනා එයාව ෆේන්ට් වෙන්න යන්නෙ කියලා..

JM : "ටේ..මාව රූම් එකකට අරන් යන්න ප්ලීස් .."

V : "ඔ..ඔව් ඒක හොදයි ජිමින්..යං.."

ටේ ජිමින් වත් අරගෙන රූම් එකකට ඇවිත් ජිමින් ව ඇදෙන් හාන්සි කරවලා ඔලුව අතගෑවා..

V : "එ..එයාට මොකුත්ම වෙන්නෙ නෑ ජිමින්.මට ඒක විශ්වාසයි..ප්ලීස් ඔය විදිහට ඉන්න එපා.මට බය හිතෙනවා ඔයා ඔහොම ඉද්දි.."

JM : "ටේ,ජීයූ ව හොබී හ්‍යොන්ග් අරන් ආවා නේද.."

V : "ඒ ගැන හිතන්න එපා..හොබී ජීයූ ව බලාගනියි.."

JM : "හ්ම්.."

V : "ජිමින්..හිතේ හිරකරගෙන ඉන්න එපා.අඩලා හරි හිත නිදහස් කරගන්න.."

ජිමින් ට අඩන්න ඕන වුනේ නෑ..

V : "වේ..කොහෙද යන්නෙ ?"

ජිමින් ඇදෙන් බහින්න හදන විදිහ දැකලා ටේ ඇහුවා..

JM : "ම්..බාත්රූම් එකට.."

ටේ ජිමින් ව බාත්රූම් එකට අරගෙන ආවා..

JM : "එලියට යන්න.මට ටිකක් තනියම ඉන්න ඕනෙ.."

V : "නෑ..මං යන්නෙ නෑ.. මෙතන ඉන්නම්.."

ජිමින් කවදාකවත් නැති තරම් තරහකින් ටේ දිහා රවලා බලපු විදිහට ටේට කෙලත් ගිලුනා..

JM : "ටේ..මං ආයෙත් කියන්නෙ නෑ..එලියට පලයන් මෙතනින්."

V : "ජිමින් ? "

ජිමින් ටේව දොර ලගට තල්ලු කරගෙන ආවා..

JM : "ටේ ප්ලීස්..මට ටිකක් තනියම ඉන්න ඕනෙ.මට හිත හදාගන්න බෑ.."

ජිමින් කිව්වෙ වේදනාවෙන්..

V : "හරි.. මට පොරොන්දු වෙන්න ඔයා මොකුත්..මං කියන්නෙ මොකුත් මෝඩ වැඩක් එහෙම කරන්නෙ නෑ කියල.."

JM : "ඔයාට පිස්සු ද..මං දන්නවා ජන්ග්කුක් ට ඉක්මනට හොද වෙනව.හරි..මං පොරොන්දු වෙනවා ටේ.."

ජිමින් ටේගෙ ඇස් දිහා බලාගෙන කියල දොර වැහුවා..

~ මට සමාවෙන්න ටේ..ආයෙත් මාව ඔයාලා කාටවත් වදයක් වෙන එකක් නෑ..කුකීට වගේම මං ඔයාටත් ආදරෙයි ටේ.. ~

ජිමින් ටීශර්ට් එක ගලවලා බාත්ටබ් එකෙන් හාන්සි වුනා..

~ ජ..න්ග්කුක්..මට තවත් ඉවසන්න බෑ.ඔයාට තනියම යන්න දෙන්න බෑ මට.ඔයා යන විදිහ තියා ඔයා විදවන විදිහවත් මට බලාගෙන ඉන්න බෑ..ම්..මං දන්නවා ඔයාට ඕන එකම දේ මං ජීවත් වෙනව දකින එක කියලා.ඒත්..මං ඔයා හිතන තරම් ශක්තිමත් නෑ ජන්ග්කුක්..මට බෑ..ජන්ග්කුක් නැති ලෝකෙක කිසිම දෙයක් වෙනුවෙන් මට ජීවත් වෙන්න බෑ..ඇයි හැමදාම ඔයාව මගෙන් ඈතට අරන් යන්නෙ..අපෙ දෛවයට මං වෛර කරනවා ජන්ග්කුක්..ඔයාගෙ ඒන්ජල් ට සමාව දෙන්න ජන්ග්කුකී.."

ජිමින් ටබ් එක පිරෙන්න වතුර ඇරලා දාලා පහලට වුනා...

ජිමින් පොරොන්දු වුන නිසා ටේට බයක් තිබුනෙ නෑ.මොකද ජිමින් කවදාවත් එයාට වුන පොරොන්දුවක් කඩන්නෙ නෑ කියල ටේ දන්නවා..දොරට කන තියාගෙන ජිමින් අඩනවද කියල අහගෙන හිටපු ටේගෙ කකුල් වලට ටික වෙලාවකින් අමුතු සීතලක් දැනුනා..

බාත්රූම් එක ඇතුලෙන් වතුර ගලාගෙන එනවා..

ටේගෙ තොල් බයෙන් ගැහුනෙ එයා හිතනව වගේ දෙයක්නම් වෙන්න එපා කියලා...

ටේ දොරත් කඩාගෙන ඇතුලට ආවා..

V : "ජිමින් !!!! "

**********






















💜️ මාස තුනකට පසු...

සෝල් නගරය හිරුරැස් වලින් නැහැවුනේ තවත් ලස්සන සැහැල්ලු දවසක උදාව සනිටුහන් කරමින්..

හනාගෙ ෆියුනරල් එකෙන් පස්සෙ ටේයි,යුන්ගියි ජීයූ ව ගෙදර අරන් ආවා..

ඒ දෙන්නා විතරක් නෙවෙයි හොබියි,එයාගෙ ගර්ල්ෆ්රෙන්ඩ් කයිලායි හැමවෙලේම ජීයූ ව බලන්න ආවෙ සෙල්ලම් බඩු,තෑගිබෝග ගොඩක් අරගෙන..

ටේ හරියටම දන්නවා කොහොමද චූටි කොල්ලෙක්ව ආදරෙන් බලාගන්නෙ කියලා.ඒක නිසාම ටේගෙ පිස්සු කෝලම් එක්ක ජීයූ ට එයාගෙ ඔම්මගෙ මතකෙත් ටිකෙන් ටික නැති වේගෙන ගියා..

V : "ජීයූ බබෝ..අපි ඉක්මනට ලෑස්ති වෙමු හොදද.."

ටේ ජීයූ ගෙ කොන්ඩෙ ලස්සනට පීරලා ඒ රෝස පාට චබී කම්මුල් අත් දෙකෙන්ම අල්ලගත්තා..

V : "ඔහ්..කියෝප්තා.."

👼 : "ටේ අන්කල්..අපි කෝද යන්නෙ ?"

V : "ම්..අපි අද ගොඩාාක් දුරකට යනවා ජීයූ.."

👼 : "ඕ..ඒ කීවෙ අපි ප්ලේන් එකෙන් යනවද.."

V : "හ්ම්..ඔව්..අපි ⁣ඇමරිකාවට යනවා ජීයූ..ඔයා ආසයි නේද.."

👼 : "යේහ්..මං ආසයි..එහෙ ගොඩක් ලස්සනද ටේ අන්කල්.."

V : "හ්ම්..ගොඩාක් ලස්සනයි."

ටේ ජීයූට ඩෙනිම් ජම්ප් සූට් එකක් අන්දලා ලෑස්ති කරලා,උස්සලා ඇද උඩින් තිබ්බා..

👼 : "අපි දැන්ම යනවද ටේ අන්කල් ?"

ටේ දනගහලා ජීයූ ඉස්සරහින් වාඩි වුනා..

V : "යුන්ගි අන්කල් ගෙදර ආව ගමන් හොබී අන්කල්ටත් බායි කියල අපි යමු හොදද...ඔයා දන්නවද පැටියො.. ඇමරිකාවෙ ඔයා එනකම් ඔයා ගොඩාක්ම ආස කෙනෙක් බලාගෙන ඉන්නවා.."

👼 : "කාද ඒ ?"

V : "ම්..එහෙ ජූනී අන්කල් ඉන්නවා..තව ජිනී අන්කල් ඉන්නවා..ගියාම බලමුකෝ හොදද.. "

ජීයූ හිනාවෙලා ඔලුව හෙල්ලුවා..

හුරතල් ජීයූ ගෙන් ඇස් අහකට ගත්ත ටේ ග්ලාස් වෝල් එකෙන් පේන ඈත අහස දිහා බලාගෙන හිටියා...

********

Continue Reading

You'll Also Like

34.8K 6.6K 39
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...
107K 25.9K 76
හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි හරි මේ හීන එකට මුණගැහුනොත්...... එහෙම වෙ...
49.4K 6.8K 28
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
64.9K 15.2K 35
නිදුක් හාමු.........දන්නවද....හංසයෙක්ට ඉන්නෙ මුලු ජීවිත කාලෙටම එකම සහකාරයලු........ ම්න්......එතකොට....හංසකට ඉන්නෙ ජීවිත කාලෙටම මං විතරද?