...මූනට ලා රස්නයක් දැනෙද්දි ජිමින් හෙමින් ඇසිපිය ගහල වටපිට බැලුවා.කර්ට්න් එකෙන් රූම් එකට ඉරඑලිය වැටිලා..
ජිමින් ට ඇහැරුන ගමන් වෙනසක් දැනුනා.. මොකද මේ එයාලගෙ රූම් එක නෙවෙයි.ඇදේ ඉදගෙනම රිදුම් දෙන නලලත් අතගාන ගමන්ම ජිමින් කල්පනා කරේ ඊයෙ රෑ මොකක්ද වුනේ කියල.
ජීයූ කින්ඩර්ගාට්න් එකට අරන් ගිය විදිහ,හනාගෙ යාලුවොත් එක්ක ක්ලබ් එකට ගිය විදිහ,ජන්ග්කුක් එයාව ගෙදර අරගෙන ආව විදිහ ටිකෙන් ටික මතකෙට ආවා.
ජන්ග්කුක් කොහෙද ?
..ජිමින් ඉක්මනට ඇදෙන් බැහැලා රූම් එකෙන් එලියට ආවා.එයාලගෙ බෙඩ්රූම් එකේවත් කිචන් එකේවත් ජන්ග්කුක් පේන්න හිටියෙ නෑ.ඒත් උදේ කෑම හදල ඩයිනින් ටේබල් එක උඩ තියල තිබ්බා.
දෙන්නා හැමදාම එකටමයි කම්පනි එකට යන්නෙයි එන්නෙයි.ජිමින් ට හිතාගන්න බැරි වුනා ඇයි අද එයාව ඇහැරවන්නෙවත් නැතුව ජන්ග්කුක් ගිහින් තියෙන්නෙ කියල..
හිටගෙනම ෆෘට් ජූස් එක අරන් තොල ගාන ගමන් ජිමින් ඇස් දෙකත් පියාගෙන කල්පනා කරේ ඊයෙ රෑ හරියටම මොකක්ද වුනේ කියල.
අපි දෙන්නා රන්ඩු වුනාද ?ජිමින් ට ලාවට මතක් වුනා ක්ලබ් එකෙන් එලියට ජන්ග්කුක් එයාගෙ අතෙන් ඇදගෙන ආව විදිහ.ජන්ග්කුක් ගෙ කදුලු පිරුන ඇස්.මොකක්ද ඇත්තටම වුනේ ?
ජිමින් ගෙ පපුව තාලෙට ගැහෙන්න ගත්තෙ මොකක්ම හරි නරක දෙයක් වෙලා තියෙනව වගේ දැනුන නිසා.
ජිමින් ඉක්මනට රූම් එකට දුවල ගිහින් ෆෝන් එක අරගෙන ජන්ග්කුක් ට කෝල් කලා.ආයෙ ආයෙත් කෝල්ස් ගත්තා.ඒත් ආන්ස්වර් කරන්නෙ නෑ.
බැරිම තැන කම්පනි එකේ සෙකියුරිටි එකට කතා කලා.
JM : "යොබුසේයො හ්‍යොන්ග්,ජන්ග්කුක් ආවද ?"
"ඔව්..ජන්ග්කුක්ශී දැන් ටිකකට කලින් ආවෙ ජිමින්ශී.."
.
.
ජිමින් අසිහියෙන් වගේ ෆෝන් එකත් පැත්තකින් තියල සැහැල්ලු ටීශර්ට් එකකුයි,ශෝර්ට් එකකුයි ඇදගෙන ඉක්මනට ලෑස්ති වෙලා එයාගෙ කාර් එක අරගෙන කම්පනි එකට ආවා.
.
.
එලවේටර් එක ඇතුලෙදිත් ජිමින් යටිතොල හප හප කල්පනා කරේ මේ පාර එයාගෙ අතෙන් මොන වගේ මොංගල් වැඩක්ද වුනේ කියලා.ඒත් හැමදේම හරියට බොද වෙලා පේන හීනයක් වගේ..ආහ් ශිට් මේ මොලේට මොකුත් එන්නැත්තෙ ඇයි?
..එයාලගෙ ඔෆිස් රූම් එක තියෙන ෆ්ලෝ එකට ආව ගමන් ජිමින් දුවගෙන ගිහින් දොරත් ඇරගෙනම ඇතුලට ආවා.අඩුම තරමෙ ජිමින් ගෙ හිතට සහනයක් දැනුනා ජන්ග්කුක් එම්ප්ලෝයර් කෙනෙක් එක්ක කතාවක ඉන්නව දකිද්දි..
JK : "දේහ්..ෆයිල්ස් ටික තියල යන්න.මං කතා කරන්නම් යුන්හි."
"ඕකේ සර්.ගුඩ් මෝර්නින්ග් මිස්ටර් ජිමින්.."
යුන්හි ජිමින් ටත් ආචාර කරල රූම් එකෙන් එලියට ගියා.
ජිමින් රූම් එකේ දොරත් ලොක් කරගෙනම චෙයාර් එකට හේත්තු වෙලා ග්ලාස් වෝල් එකෙන් පේන සෝල් ටවුන් එක දිහා හිස් හැගීමකින් බලාගෙන ඉන්න ජන්ග්කුක් ලගට දුවගෙන ආවා.
JM : " ජන්ග්කුකී ?"
JK : "වේ?මොකද?"
ජන්ග්කුක් එකපාරම ටේබල් එකට අත් දෙකෙන්ම ගහල නැගිටලා ජිමින් ලගට ආවෙ ජිමින් අඩියක් දෙකක් පස්සට විසිවෙද්දි.
ජිමින් ගෙ පපී ඇස් බයටම ගැහෙනව වගේ.ජන්ග්කුක් ජිමින් ඉස්සරහ කවදාවත් මෙච්චර සද්දෙන් කතා කරල නෑ.දැනුත් ජන්ග්කුක් ට එහෙම කරන්න ඕන වුනේ නෑ.ඒත් දැන් ජන්ග්කුක් ට එයාවම පාලනයෙන් ගිලිහිලා වගේ.
JM : "කු..කී.."
ජන්ග්කුක් ජිමින් ගෙ ඉන වටෙන් අත් දාලා ලගට ඇදලා ගත්තා.
JK : "ම්..දේ..කියන්න ඒන්ජල්.බය වෙන්න එපා.ඉතින්..අද ඔයා ජීයූ බලන්න යන්නෙ නැද්ද..ම්.."
ජන්ග්කුක් ජිමින් ගෙ මූනට වැටිලා තියෙන රෝස පාට කොන්ඩ කැරැල්ලක් එහාට කරල සමච්චල් හිනාවක් දාගෙන අහපු විදිහට ජිමින් ගෙ උගුර කටත් වේලුනා..
JM : "මියානේ කු..කී.."
JK : "ඔහ්..ඒ මොකටද?"
ජන්ග්කුක් ජිමින් ගෙ ලිප්ස් වලට පොඩි කිස් එකක් දීලා ටේබල් එකට හේත්තු වෙලා අත් දෙක පපුවට බැදගත්තා.
JM : "ම්..ඊයෙ රෑ වුන දේට.."
JK : "මොන දේටද ?"
ජන්ග්කුක් අදුරු ඇස් වලින් කෙලින්ම එයාගෙ ඇස් දිහා බලාගෙන ඉන්න විදිහෙන් ජිමින් ට ලොකු වෙනසක් දැනුනා.
JM : "ම්..මං දන්නව ඔයා තරහෙන් ඉන්නෙ කියල.ඇ..ඇත්තටම මං ඉක්මනට ගෙදර එන්න හිටියෙ.ඒත්..යාලුවොත් එක්ක..ම්..ටිකක්.."
JK : "ඔහ්..හරි..යාලුවොත් එක්ක..ඉතින්.."
ජන්ග්කුක් ගෙ ගැඹුරු කටහඩ ඇහෙද්දි නිකන්ම ජිමින් ගෙ ඇස් වල කදුලු පිරුනා.
JM : "යාහ්..ඔය විදිහට කතා කරන්න එපා ජන්ග්කුක් ප්ලීස්.මං දන්නව ඊයෙ අපෙ ඇනිවසරි එක නිසා ඔයා බලාන හිටියා කියල.මට ඕන වුනේ ඉක්මනට එන්න.ඒත්..ම්..මියානේ..මං ඒ වෙලාවෙ හොදටම බීලා හිටියෙ.මට මතක නෑ කොච්චර වෙලාවක් මං ක්ලබ් එකේ හිටියද කියල.ආයෙත් කවදාවත් එහෙම වෙන්නෙ නෑ.ම..මට සමාව දෙන්න ජන්ග්කුක් ප්ලීස්."
ජිමින් හෙමින් ඉස්සරහට ඇවිත් ජන්ග්කුක් ව හග් කලා.
ජන්ග්කුක් ලොකු හුස්මක් ගත්තා.එයාට කවදාවත් ජිමින් ගෙ මේ උනුසුමෙන් ඈත් වෙන්න බෑ..
කව්රුත් ඉස්සරහ පෙන්නන්නැති, ජන්ග්කුක්ගෙ දුර්වල පැතිකඩ ජිමින් විතරමයි දැකල තියෙන්නෙ.
JK : "ජිමින්..මාත් මනුස්සයෙක් දෙයියනෙ.මටත් ඔයාට වගේම හැගීම් දැනීම් කියල දෙයක් තියෙනව.."
එකපාරම ජන්ග්කුක් ගෙ ගැහෙන කටහඩ ඇහෙද්දි ජිමින් ඉක්මනට ජන්ග්කුක්ගෙ හැඩිදැඩි පපුවෙන් ඈත් වෙලා මූන උස්සලා පුදුමෙන් බැලුවා.
ජන්ග්කුක් මූනත් පාත් කරගෙන ලාවට ඉකිගහන්න පටන් ගත්තා.කදුලු බිංදු එකින් එක කම්මුල් දිගේ ගලාගෙන යනව.ජිමින් ගෙ මුලු හදවතම වේදනාවකින් පිරිලා ගියා..
JM : "අ..කුකී..අනෙ අඩන්න එපා..ම්..මං..මියානෙහ්..ප්ලීස්.."
ජිමින් අත් දෙකෙන්ම ජන්ග්කුක් ගෙ මූන අල්ලගෙන ඇස් ලොකු කරගෙන බයවෙලා ජන්ග්කුක් දිහා බලාගෙන හිටියා.
..ජන්ග්කුක් ඉක්මනට කදුලු පිහදගෙන ටේබල් එකෙන් ඈත් වෙලා කෙලින් හිටගත්තා.
JK : "මට ඇත්ත කියන්න..හනා කියන්නෙ ඔයාගෙ කව්ද ජිමින් ?"
JM : "මො..මොකක්ද ? ඒ මොන වගේ ප්රශ්නයක් ද.. ජීයූ නිසා එයා දැන් මගෙ හොද යාලුවෙක්.ඔයා දන්නවනෙ මට ගොඩක් යාලුවෝ ඉන්නවා කියල ජන්ග්කුක්.ඒ වගෙ තවත් යාලුවෙක්.."
JK : " හ්ම්..ඔයා ඔය කියන යාලුවෝ ගැන හිතන තරම්වත් මං ගැන හිතනවද ජිමින් ?"
JM : "ම්..මොන මගුලක්ද කියවන්නෙ ජන්ග්කුක්.යාලුවොත් එක්ක මං ඔයාව සසදන්නෙ කොහොමද.ඒ නිකන් මගෙ යාලුවෝ.ඔයා මගෙ හස්බන්ඩ්.ඔයා ගැන හිතන්නැතුව මං වෙන කව්රු ගැන හිතන්නද.මං ඔයාට.."
ඒත් එක්කම ජන්ග්කුක් ඔෆිස් එක දෙවනත් වෙන්න කෑ ගහන්න පටන් ගත්තා.රූම් එක සවුන්ඩ්පෘෆ් නොවුනනම් මුලු ෆ්ලෝ එකටම ඇහෙන්න තිබුනා..
JK : "ඇති..හොදටම ඇති ජිමින්.ඔයාට ජීයූ වත් ඕනෙමයි කියල හිතෙනවනම් මාව බාධාවක් කරගන්නැතුව හනාව මැරි කරානම් මොකද ජිමින්.මං ඔයාට මහ ගොඩක් ආදරෙයි තමයි.ඒත් මට ජීවිතේ ඕන එකම දේ ඔයාගෙ සතුට විතරයි ජිමින්.."
..ජිමින් ගෙ කට බාගෙට ඇරුනෙ ජන්ග්කුක් ගෙ කටෙන් පිටවෙන මේ වචන වල මුලක් මැදක් හිතාගන්න බැරුව.
JM : " Wtf ? ජ..ජන්ග්කුක් කියන දෙයක් තේරෙන විදිහට කියනවද ? මං ජීයූ බලන්න යනවට අකමැති නම් ඔයා මට කියන්න තිබුනා.ඒත් ඒ හැමවෙලාවකම හිනාවෙලා යන්න කියල දැන් පිස්සු කතා කියවන්නෙ මොකද..ඔයාට මොකද වෙලා තියෙන්නෙ.ඇයි හැමදාම මං ගැන ඔය වගේ පහත් විදිහට හිතන්නෙ ආ..ජන්ග්කුක් මං කියන දේ අහන්න.මගෙ යාලුවෝ,ජීයූ,මගෙ පවුලෙ අය,ෆෑන්ස් ල ඒ හැමෝම මගෙ ජීවිතේට වැදගත් අය තමයි.ඒත් ඒ හැමකෙනෙක්ටම වඩා ඔයාව මට වටිනව.ඔයා කියනවනම් ආයෙත් එක දවසක්වත් ජීයූ ව බලන්න යන්න එපා කියල..හරි ප්රොමිස් මං හෙට ඉදන් ඒ පැත්ත පලාතකවත් යන්නෙ නෑ."
ජිමින් කිව්වෙ ඇස් රතු වෙලා කදුලු පුරවගෙන..
JK : "හහ්..නිකන්ම යාලුවෙක් කොහොමද මැරි කරල ඉන්නෙ කියල දැන දැනත් මගෙ ඇස් ඉස්සරහම කිසිම බයක් සැකක් නැතුව ඔයාව කිස් කරන්නෙ ජිමින් ?"
JM : "මො..මොකක්ද ?"
JK : " ඔයාට මොකුත් මතක නැද්ද.පොඩ්ඩක් සෝශල් මීඩියා පැත්තෙ ගිහින් බලන්න මොකක්ද කියල.මට දැන් මේ හැමදෙයක්ම එපා වෙලා තියෙන්නෙ ජිමින්.දන්නවද..ආදරේ කරලයි, හිත රිදිලයි මං හෙම්බත් වෙලා ඉන්නෙ.ආහ්..මට ටිකක් තනියම ඉන්න දෙන්න ප්ලීස්.."
JM : "..ම්..මො..ඒ කියන්නෙ ඔයාට මාවත් එපා වෙලා කියන එකද ජන්ග්කුක් ? "
ජන්ග්කුක් තව වචනයක්වත් කියන්නැතුව ජිමින් ව තනි කරල රූම් එකෙන් එලියට ඇවිත් කෙලින්ම රූෆ්ටොප් එකට ගියෙ බර වෙලා තියෙන හිත ටිකක් නිදහස් කරගන්න..
JM : "..ඇයි මටම මෙහෙම වෙන්නෙ ? කිස් කලා ? කව්ද ?!"
ජිමින් ඉක්මනට ගැහෙන අත් වලින් ෆෝන් එක අරගෙන ඔන්ලයින් ගිහින් බැලුවා.නොටිෆිකේෂන් සිය ගානක්..
' ජියෝන් ජිමින් ඔහුගේ අලුත් පෙම්වතිය සමග රාත්‍රී සමාජ ශාලාවක..'
ජිමින්ට කැරකිල්ලක් වගේ ආවා..ඒත් එක්කම තිබ්බ වීඩියෝ එක ප්ලේ කලාම ජිමින් ට හීල්ලුනා.එක අතකින් ඉබේටම කට වහගත්තා..
JM : "$%&*&*..එහෙම වුනේ කොහොමද.හනා ?"
ජන්ග්කුක්ට මූන දෙන්න තරම්වත් ජිමින් ගෙ හිතට ශක්තියක් දැනුනෙ නෑ.මේ දැන්ම හනාව මුනගැහෙන්න ඔින වුනත් මීඩියා වලින් මේ ප්රශ්නෙ තවත් අවුලන්න ඉඩ තියෙනව කියල හිතුන නිසා ජිමින් ආයෙත් නැවතුනා.
කූල් වතුර බෝතලයක් අරන් බීගෙන බීගෙන ගියපු ජිමින් එහෙම්ම ඉදගත්තා..
එදා දවසම හරිම දරුනු විදිහට ජන්ග්කුක් ජිමින් ව හිතාමතාම මගහැරියා.ඒත් ඒ අදටත් ජිමින් ව අවිශ්වාස නිසා නෙවෙයි.ඊයෙ රෑ වුන දේ මොකක්ද කියල තාමත් තේරුම් ගන්න බැරි වුනත් ඒ වුන කිසිම දෙයක් ජිමින් ගෙ කැමැත්තෙන් වුන දෙයක් නෙවෙයි කියල ජන්ග්කුක්ට තේරුනා.ජන්ග්කුක් දන්න එකම දේ ජිමින් ආදරේ එයාට විතරමයි කියන එක විතරයි.
ජන්ග්කුක් ටික දවසකට ජිමින් ව මගහරින්න හිතුවෙ තරහකට නොවුනත් එයාට ඕන වුනේ ජිමින් ට එයාගෙ වටිනාකම දැනෙන්න දෙන්න.හැමවෙලාවකම වගේ හග් කරල සනසන තැනට එයාගෙ හිත වෙනස් නොවෙන්න ජන්ග්කුක් ට්රයි කලා.
ජන්ග්කුක්ට ජිමින් එයා ලග හිටියනම් කියල හිතුන ගොඩක් වෙලාවට ජිමින් කලේ යාලුවෝ එක්ක විනෝද වුන එක.ලගකදි ඉදන් ජීයූ ව බලන්න ගියපු එක.ඒ හැමදෙයක්ම ජන්ග්කුක් ඉවසුවේ ජිමින් සතුටෙන් ඉන්න නිසා.ඒත් ඒ හැමවෙලාවකම දුකක්,ඉරිසියාවක් නොදැනුනා කිව්වොත් ඒක බොරුවක්.
දැන් එයාලගෙ රිලේශන්ශිප් එකට අවුරුදු හත අටක් වෙනවා.ඒ කාලය පුරාවටම ජිමින් ගෙ මේ හැසිරීම ජන්ග්කුක් ව රිද්දුවා.ඒකෙන් කියවෙන්නෑ පැය විසිහතරම ජිමින් ජන්ග්කුක් ට ඇලිලා ඉන්න ඕනෙ කියල.ඒත් ජන්ග්කුක් ආදරේ කරන තරමට ජිමින්ගෙන් ඊට වඩා අවධානයක් එයා වෙනුවෙන් ලැබෙන්න ඕනෙ නේද?
ජිමින් මේ වෙලාවෙ පාඩමක් ඉගෙන ගන්නම ඕනෙ.ඒක නිසාම ජන්ග්කුක් තද පෙනුමක් ජිමින් ඉස්සරහ පෙන්නුවා.ඒ අහිංසක,හුරතල් මූන දකින වාරයක් ගානෙ හිතේ තියෙන ඇත්ත හැගීම් වහගෙන ඉන්න අයිස් කන්ද දියවෙලා ගිහින් වෙනද වගේම ආදරෙන් තුරුල් කරගන්න ඕන කියල නොහිතෙන්න ඕන නිසාම ජන්ග්කුක් ජිමින් ව මුලු දවසම මගහැරියා..
ජන්ග්කුක් බලාපොරොත්තු වුනාටත් වඩා ජිමින් ගෙ හිත රිදිලයි තිබුනෙ.හවස ජිමින් කම්පනි එකේ තනි වෙද්දි ජන්ග්කුක් තනියම කාර් එක අරගෙන ගෙදර යනකන්ම ජිමින් දරාගෙන හිටියා..
**************
..මූවි එකකට සමවැදිලා හිනාවෙවී හිටපු හොබී මේ ලෝකෙට ආවෙ ඩෝ බෙල් එක වදින සද්දෙට.
දොර ඇරපු ගමන් හොබී දැක්කෙ හොල්මනක් වගේ සුදුමැලි වෙලා ලොකු ලෙදර් බෑග් එකකුත් කරේ දාගෙන බිම බලාගෙන ඉන්න ජිමින් ව.
JH : "ජිමිනී ?"
හොබී ජිමින් ගෙ අතෙන් අල්ලලා ගේ ඇතුලට අරන් දොර වැහුවා.
ජිමින් එකපාරම හොබීව තද කරල බදාගත්තා.ජිමින් කියන්නෙ ගොඩක් සංවේදී,හිත රිදිලා තියෙන හැම වෙලාවකම තව කෙනෙක්ගෙ උරහිසක් නැතුවම බැරි කෙනෙක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.ඒක එයාලා හැමෝම දන්නවා..
JH : "අයිගෝ ජිමිනි,මේ මොකද.."
හොබී ටික වෙලාවක් ජිමින්ගෙ සිනිදු කොන්ඩෙ හෙමින් අතගෑවා.
ජිමින් හොබීගෙන් ඈත් වෙලා මූන උස්සලා බලද්දි තමයි හොබී ජිමින් ගෙ ලස්සන මූන දැක්කෙ.පෆී ඇස්,කොන්ඩෙ දාඩියට නලලට ඇලිලා,චූටි නහය රතුම රතු වෙලා,කම්මුල් ඉදිමිලා..ජිමින් ඉන්නෙ හොදටම අඩල කියල හොබීට තේරුනා.
JH : "ජිමිනී ? "
JM : "හ්‍යොන්ග්,මං ටික දවසකට මෙහෙ නවතින්නද.."
JH : "ආහ් ජන්ග්කුකී එක්ක ආයෙත් රන්ඩුවක්ද.ඔය දෙන්නගෙ රන්ඩු නිසා අපිට කොහොමත් හොද වෙන්නැති ඔලුවෙ කැක්කුමක් හැදුනෙ දැන් අවුරුදු හතකට විතර කලින් ජිමිනා."
JM : "හරි.. හ්‍යොන්ග් කැමති නැත්තම් මං යන්නම්."
ජිමින් ආයෙත් යන්න හැරුනා.
JH : "යාහ්..මං එහෙම කිව්වද පබෝ...හහ් අහන්න දෙයක් තියෙනවද ජිමිනී.ඔයාට හැමදාම වුනත් මං ලග ඉන්න පුලුවන්.ඒත් මං දන්නව තව ටිකකින් ජන්ග්කුක් ඇවිත් ඔයාව ඇදගෙන යනව හිහ්.."
JM : "එයා එන්නෙ නෑ හ්‍යොන්ග්.."
ජිමින් ගෙ කදුලු ආයෙත් අලුත් වුනා..
JH : " ඔහ් මොකක්ද වුනේ? අයිගෝ අඩන්න එපා.හරි අපි මුලින්ම ඇතුලට යමුකො.මොනව හරි බීලා ඉමු.රාමේන් හදල දෙන්නද.."
හොබී ජිමින් ගෙ කදුලු පිහදලා ජිමින් ව රූම් එකකට එක්කගෙන ගියා.
මේ වෙලාවෙ වෙනද වගේ හැමදෙයක්ම ටේට කියන්න දහස් වාරයක් හිතුනත් ජිමින් එහෙම නොකලෙ ටේගි දෙන්නා මේ වෙලාවෙ ෆ්රාන්ස් වල ඉන්න නිසා..
හොබී ජිමින් ට වොශ් එකක් දාගන්න කියල කිචන් එකට ගිහින් ඉක්මනට හොද ස්පයිසි රාමේන් එකක් හැදුවා.ඒත් එක්කම ෆෝන් එක රින්ග් වුනා.හොබීගෙ මූනට හිනාවක් ආවෙ ඒක එයා මේ වෙලාවෙ බලාපොරොත්තු වුන කෝල් එකක් නිසා..
JK : "හ්‍යොන්ග්?"
JH : "ඕ කියන්න කුකා.."
JK : "ජිමින් ආව නේද හ්‍යොන්ග් ?"
JH : "හ්ම්..මොකක්ද වුනේ කුකා.අර ක්ලබ් එකේ සීන් එකද.කොල්ලා හොදටම අවුලෙන් ඉන්නෙ.ඔයා එනවද."
JK : "ආනි ආනී.එයා පාඩමක් ඉගෙන ගන්න ඕනෙ හ්‍යොන්ග්.ඔය අඩ අඩ හිටපුදෙන්.ම්..ඒ වුනාට එයාට නින්ද යනකන් ලග ඉන්නවද හ්‍යොන්ග්.කොහොමහරි කන්න දෙන්න.තව.."
හොබීට හිනා යනවා..
JH : "මට ඔය තරම් හුරතල් කරන්න බෑ.ඇයි ජිමින් පොඩි බබෙක්ද.."
JK : "ආහ් හ්‍යොන්ග් ප්ලීස්.තව දෙයක්.. මං කතා කරා කියලනම් කියන්න එපා හරිද..හහ් හ්‍යොන්ග් දන්නවනෙ..මට එයා නැතුව බෑ.ඒත් එයාට මං ලග නැති අඩුව දැනෙන්න ඕනෙ හ්‍යොන්ග්."
JH : "හ්ම්..ඔයතරම් නපුරු වෙන්නැතුව ඇවිත් කතා කරානම් මොකද."
JK : "හ්‍යොන්ග් ප්ලීස්.."
JH : "චහ්..හරි හරි..මං තියනවා එහෙනම්.. නලවලා නිදි කරල එන්නම්කො.."
.
.
..ජිමින් බාත්ටබ් එකට වෙලා කල්පනා කරේ මෙච්චර දවස් එයා නොදැනුවත්වම ජන්ග්කුක්ගෙ හිත කොයිතරම් රිද්දලාද කියල.
අපිට වැඩියෙන්ම ආදරේ කරන අයව ගොඩක් වෙලාවට අපිට මගඇරෙන්නෙ ආදරේ පෙන්නුවත්,නොපෙන්නුවත් එයාල ඕනෙම වෙලාවක අපි ලගම ඉන්නව කියල දන්න නිසා.ඒත් එයාල ලග නෑ කියල දැනෙද්දි මුලු ලෝකෙම ලග හිටියත් වැඩක් නෑ.හරියට මේ වෙලාවෙ ජිමින් ට ඕන වුනේ ජන්ග්කුක් ලග ඉන්න විතරමයි වගේ..
JM : "මි..මියානේ කුකී..මිස් යූ.."
ආයෙත් දැන් ටික දවසකට කලින් හොද වුන ජිමින්ගෙ භයානක ඔලුවෙ කැක්කුම එන්න පටන් ගත්තා.නෑ.. ජිමින් ට ආයෙත් ඒ තත්වෙට එයාව වැටෙනව දකින්න ඕන වුනේ නෑ.ජිමින් ඉක්මනට බාත්රූම් එකෙන් එලියට ඇවිත් ඇග පිහාගෙන,පජාමා එකකුත් ඇදගෙන එයාගෙ බෑග් එකේ පොකට් එකක තිබුන පේන්කිලර් එකක් බීලා ඇදට වැටුනා..
මේ වෙලාවෙ හොබී දුම්දාන රාමේන් බෝල් එකත් අරගෙන රූම් එකට ආවා..
JH : "අපි කාලා ඉමු ජිමිනී..කෝ නැගිටින්න හොද ලමයනෙ.."
හොබී ජිමින් ව නැගිට්ටවලා බලෙන්ම කන්න දුන්නා.ඒත් ජිමින් ගෙ ඇස් ඉස්සරහ මැවිලා පෙනුනෙම ජන්ග්කුක් ගෙ හිනාව.වෙනදට මේ වෙලාවට ජන්ග්කුක් කෑම හදනකම් කිචන් එකට වෙලා එයා කියව කියව ඉන්න විදිහ..
ජිමින් ආයෙත් ඉකිගහන්න පටන් ගත්තා..
JH : "දැන් ඔය ඇඩුවා ඇති.කොයි එන්න මගෙ ලගට."
හොබී ජිමින් ලගට ගිහින් ඇදෙන් වාඩිවෙලා ජිමින් ව එයා ලගට අරන් පපුවට හේත්තු කරගත්තා.ජිමින් හොබීගෙ ශර්ට් එක අත් දෙකෙන්ම තද කරල අල්ලගෙන අඩන්න පටන් ගත්තා..
JM : "හ්‍යොන්ග්..එයා කිව්වා එයාට මාව එපා වෙලා ඉන්නෙ කියල.ඒක එහෙම වෙන්න ඕනෙ.මේක මගෙ වැරැද්ද.එයා හැමදාම මං නිසා දුක් විදිනව හ්‍යොන්ග්.."
හොබී ජිමින් ගෙ කොන්ඩෙ අතගාන ගමන්ම එයාගෙ නිකට ජිමින් ගෙ ඔලුව උඩින් තියාගත්තා.
JH : "ජන්ග්කුක් ඔයාට ආදරෙයි ජිමින්.මං එයාගෙ පැත්ත ගන්නව නෙවෙයි.ඒත් ජිමින් ඔයා දන්නවද අපි හැමෝම ජන්ග්කුක් ට කිව්වා ඔයා ජීයූ ගැන හිතන එක,ඒ පොඩි බබාව බලන්න යන එක, ඒ හැමදේම ඕනවට වැඩී කියල.එතකොට ජන්ග්කුක් මොකක්ද කිව්වෙ කියල දන්නවද."
JM : "මොකක්ද?"
JH : "ජන්ග්කුක් හිතාගෙන ඉන්නෙ අර කාලකන්නියාගෙ සිද්ධියෙන් පස්සෙ ඔයාව ඉක්මනට සනීප වුනේ ජීයූ නිසා කියල.එයා ඒක නිසා සතුටෙන් හිටියෙ.එයා ඕනවටත් වඩා ඔයා ගැන හිතනව ජිමින්.ඔයා ගොඩක් වාසනාවන්තයි එහෙම කෙනෙක් ලැබෙන්න.ඒක නිසා හැමදේකින්ම ඈත් වෙලා එයා ලගම, එයත් එක්කම සතුටෙන් ඉන්න බලන්න..හැගීම් කියන දේ වෙනස් වෙන්න පුලුවන් නෙ ජිමින්."
ජිමින් මහ හයියෙන් ඉකිගහන්න පටන් ගත්තා.
JH : "ශ්ශ්..දැන් අඩන්න එපා ඉතින්.."
JM : "හ්‍යො..න්ග් මං කිසිම වැරැද්දක් කරල නෑ.හනා මගෙ යාලුවෙක් විතරයි.එදා රෑ වුනේ මොකක්ද කියල මං දන්නෙ නෑ......මට ජන්ග්කුක් ව ඕනෙ හ්‍යොන්ග්.."
JH : "මට ඔයාව විශ්වාසයි ජිමින්.හරි හරි.. ජන්ග්කුක් කොහෙවත් ගිහින් නෑනෙ.ඔය තරහ නිවුනම ඔයාට කතා කරයි.දැන් බබෙක් වගෙ අඩන්නැතුව ඉමු.."
JM : "මං බබෙක් නෙවෙයි..ඉවසන්න බැරි නිසානෙ අඩන්නෙ.."
JH : "අරස්සෝ අරස්සෝ.."
ජිමින් ගෙ ඉකිගහන සද්දෙ අඩු වෙනකන්ම හොබී ජිමින් ගෙ ඔලුව අතගෑවා.ටික වෙලාවකින් තදට හුස්ම ගන්නව දැනෙද්දි තමයි හොබීට තේරුනේ ජිමින් ට නින්ද ගිහින් කියල..
හොබී එහෙම්ම ජිමින් ව පරෙස්සමට හාන්සි කරවලා කොට්ටෙකුත් තියල තික් බිලැන්කට් එක චූටි ඇගම වැහෙන්න දැම්මා..
************
ජන්ග්කුක් ගෙ ඉවසීම කොයිතරම් නරක අතට හැරිලද කිව්වොත් මේ වෙලාවෙ ජන්ග්කුක් හිටියෙ හොබීගෙ අපාර්ට්මන්ට් එක ලග.ජන්ග්කුක් ට ජිමින් නැතුව ඒ ගෙදර ඉන්න හිතුනෙ නෑ..
JH : "කුකා ?"
JK : "එයා නිදිද හ්‍යොන්ග් ?"
ජන්ග්කුක් රහසෙන් වගේ ඇහුවා.
JH : "ඔව් නින්ද ගිහින්.දැන් මහලොකු වීරයා කිව්වා නේද එන්නෑ කියල."
ජන්ග්කුක් බෙල්ල පිටිපස්ස අතගාන ගමන් බිම බලාගෙනම හොබී පිටිපස්සෙන් කිචන් එකට ආවා.
JH : "ඇතුවත් බෑ.නැතුවත් බෑ.ගිහින් බලල එනවා..මොනව හරි බොමුද."
හොබී ඇහුවෙ වයින් බෝතල් දෙකකුයි,සෝජු බෝතල් දෙකකුයි ඩයිනින් ටේබල් එකෙන් තියන ගමන්..
JK : "බොමු..හැබැයි ජිමින්ට ඇහැරෙන්න කලින් මං යන්න ඕනෙ හ්‍යොන්ග්.."
JH : "මාර ප්ලෑන් මෙව්වා.අපිටත් පිස්සු හැදෙනවා."
.
.
..ජන්ග්කුක් හෙමීට ගිහින් ජිමින් හිටපු රූම් එකේ දොර ඇරලා බැලුවා.කොට්ටෙත් බදාගෙන එයාගෙ ඒන්ජල් සනීපෙට නිදි.දැන් තමයි ජන්ග්කුක් ගෙ හිතට සතුටක් දැනුනෙ..
ජන්ග්කුක් සද්දයක් එන්නැති වෙන්න ලගට ගිහින් නැවිලා ජිමින් ගෙ මූන දිහා ටිකක් බලාගෙන හිටියා.තාම ඇස් වල කෙලවර කදුලු වලින් තෙත් වෙලා තියෙන විදිහ ජන්ග්කුක් දැක්කා.නොදැනෙන්න ඒ ඇස්වල හාදුවක් තියපු ජන්ග්කුක් බ්ලැන්කට් එක තවත් උඩට කරල ලයිට්ස් ඕෆ් කරල එලියට ආවා..
එදා මුලු රෑම හොබීට වුනේ සුපුරුදු පරිදි ජන්ග්කුක් ගෙ දුක අහන්න.බිව්වම ජන්ග්කුක් ගෙ හිතේ තියෙන ඔක්කොම එලියට එනවා..
JK : "හ්‍යොන්ග්.මට ඇත්ත කියනව.ඔහේට කෙල්ලෙක් ඉන්නව නේද.හිහ්..මට බොරු කරන්න ලෑස්ති වෙන්න එපා.මං ඔක්කොම දන්නවා."
හොබීටත් මේ වෙලාවෙ ටිකක් වැඩි වෙලයි තිබ්බෙ.
JH : "හ්ම්.."
JK : "ආව්..මට සම්පූර්න විස්තරයක් ඕනෙ හ්‍යොන්ග් හුම් කියල මදි.."
JH : "බලමු බලමු..මං එයාව ඔයාලට ලගදිම මුනගස්සන්නම්කො කුකා.."
JK : "චින්චා?"
හොබී හිනාවෙලා ඔලුව හෙල්ලුවා..
කුකී ටික වෙලාවක් බැල්කනි එකට පේන කලුවර අහස දිහා බලාගෙන කල්පනා කලා.
JK : "හ්‍යොන්ග්,එහෙනම් ඔය දෙන්නා මැරි කරාම අපිට බබෙක් හදල දෙනවද.. ජීයූ වගේ.."
හොබී බිබී හිටපු වයින් උගුරත් හිරවුනා..
JH : "හහ් බලමු.."
JK : "හිහ් එල.."
කුකී අතෙන් හොබීගෙ බඩට පාරක් ගහල හිනාවුනා..
JK : "හ්‍යොන්ග් මං දැන් යන්න ඕනෙ."
JH : "ආනී..මේ විදිහට බීලා රෑ තනියම යවන්න බෑ.ටිකක් නිදාගෙන ඉදල පාන්දර යන්න කුකා.යං.."
ජන්ග්කුක් ට ඈනුම් යනව ඉවරයක් නෑ.දෙන්නම ඇතුලට ඇවිත් නිදාගත්තා..
ඉර පායන්න මොහොතකට කලින් ජන්ග්කුක් ආයෙත් එයාගෙ අපාර්ට්මන්ට් එකට ආවා..
*************