The hidden secret of a mistak...

By Hazoo_Shigeta

1.8K 555 842

"ඇයි තමුන්ලට කෙල්ලව අරන් එන්න කීවාම මේ කොහෙවත් නැති හිකනලයෙක්ව උස්සන් ආවේ !!!?" අත්වැරදීම් කියන්නෙ හැමෝටම සිද... More

🟢 intro
🟣 ready to halloween
🟤 The designer
⚪ halloween wave
⚫ Halloween
🟠 Who is j a y ?
⚫ who lost ?
🔴 save him
🟣 missions
🟢meet again ✍️
🔵 Another secret
🔴 Vision
⚫ Success
🟢 brother
🍅 One year later
🟠 New lives
🔵 what is the matter?
⚪ who is jo?
⚫ party party
🟣 another bucket
🔴 problems
🔵 mission 2
⚪everything be okay soon
🟣 families
🔵 feels better
🔴 together
🟢 One more..
🔵 End
🔴 Thank you

🔵 why is this alarm ringing!!?

159 29 56
By Hazoo_Shigeta

y/n කියන්නෙ කොරියාවෙ පෝසත් පවුලක ළමයෙක්..ඒත් y/n කැමති වුනේ නෑ ඒ සුඛෝපභෝගී ජීවිතේට..ඒක නිසාම y/n තීරණය කළා එයාගෙම කියලා පුංචි ගෙදරක තනියම ජීවත් වෙන්න..මේකට එයාගෙ ඔම්මයි අප්පයි අකමැති වුනෙත් නෑ..මොකද එයාලගෙ බිසී ජීවිතෙත් එක්ක ගොඩක් වෙලාවට එයාලට එකට ඉන්න වෙලාවක් නැතුව යනවා..

@y/n's house

"ට්‍රික්...ට්‍රික්.....ට්‍රික්...ට්‍රික්.."

y/n තවම තනිකඩ ජීවිතේට ඒ තරම් පුරුදු වෙලා නම් නෑ...ඒක නිසා කොලේජ් යන්න උදේම ඇහැරෙන්න ඕනි නිසා මෙයා එලාම් එක තියලයි තියෙන්නෙ..

y/n : ආයිශ් !! මොන කරච්චලයක්ද මංදා !!!! මෝඩ එලාම් එක !

හොදට හීනයක් බල බල නිදි කුම්බරියක් වගේ නිදියන් හිටිය y/n එලාම් එකට බැන බැන එලාම් එක අතට අරන් පැත්තකට විසි කළා...

infront of the y/n's house

jay : ආයිශ් ! උදේ පාන්දර ඔරලෝසුවකින් කන්න වෙයි කියලා මං කීයටවත් හිතුවෙ නෑ...කමක් නෑ..මේක උඹෙ කරුමෙ ජේ !!

ඇත්තටම y/n විසික්කරපු එලාම් එක කෙලින්ම ගියේ ජනේලෙන් එලියට...වැඩේ කියන්නෙ ඒ වෙලාවෙම එයාලගෙ ගේ ළගින් ජේත් ඇවිදන් ගියා..ඒක නිසාම ජේගෙ මොකද්දෝ කරුමෙකට එදා උදේම හොද එලාම් පාරක් කන්න සිද්ධ වුණා.. මොනා වුනත් ජේ හැමදාම වගේ ඔය පාරෙන් උදේට ඇවිදන් ගියාට එයා කවදාවත් ඔය වගේ එලාම් පාරක් නම් කාලා නෑ...

jay : ඇත්තටම මේ ගෙදර මොන පිස්සෙක් ජීවත් වෙනවද මංදා !! මං මෙතනින් යද්දි හැමදාම එක එක බඩු ජනේලෙන් එලියෙ !!? නාස්තිකාර මිනිස්සු !!

හැමදාම වගේ ජේ ඒ එලාම් එකටයි ඒකෙ අයිතිකාරයාටයි බැනලා එතනින් යන්න ගියේ ආව වැඩේ ඉවරයක් කරන්න..

මේ අතරෙ....

හීසන්ග්,හූනි,ජේක්,නිකී,සන්වු,වොනී කට්ටියම ජීවත් වෙන්නෙ එකම තැනක..එයාලා වඩා පහසුවට තම තමන්ගෙ වැඩවලට යන්න ඕනි නිසා එයාලගෙ දෙමව්පියන්ගෙන් වෙන් වෙලා එයාලටම කියලා වෙන් වුනු කුලී ගෙදරක තමා ජීවත් වෙන්නෙ..

පොඩි කාලෙ ඉදන් එකටම හැදිලා ලොකු වෙද්දිත් මෙයාලට ඕනි වුණා එකටම ඉන්න..ඉතින් එයාලා දෙමව්පියන්ගෙ අවසරේ ඇතුව තමා මෙහෙම ජීවත් වෙන්නෙ....

ඉතින්....

තට්ටු දෙකක මේ ගෙදර ඉස්සරහ ගේට් එකේ enha dorm කියලා ලොකු බෝඩ් එකක් ගහලා තිබුණා..මේ ගෙදර අයිතිකාරයා මේක කුලියට දෙන නිසා අදුනගන්න ලේසි වෙන්න තාමා ඔය නම ගහලා තියෙන්නෙ...

@enha dorm

heeseung : කොල්ලනේ නැගිටපියා......ව් !!!! උඹලට අදත් පනිෂ්මන්ට් ලැබෙයි ආ !! ඔන්න මං නම් දන්නෑ...

මේ ගෙදර කවුරුත් උදේ නැගිටින්න ඕනියි කියලා එලාම් එකක් නම් තියන්නෙ නෑ කවදාවත්...මොකද ඒ වෙනුවට මේ ගෙදර හීසන්ග් ඉන්නවනෙ උදේ පාන්දර කුක්කු කූක් ගාන්න...

hoonie : අඩ්ඩේ උඹ මොකටද බං අදත් කුකුලගෙ රස්සාව කරන්නෙ?? මුන්ට කියලා වැඩක් නෑ !! මුන් ඕනි එකක් කරගෙන එන්නැතෑ ! මෙන්න මෙහෙ වරෙන් යන්න..මට පරක්කු වෙනවා !!!

heesung : අඩේ ඒත් !? උඹේ හිතේ මුං ගැන පොඩි අනුකම්පාවක්වත් නැද්ද ඩෝ?

hoonie : අනුකම්පා කෙහෙම්මලක් නෙවේ බං මට උදේ නිව්ස් දෙන්න යන්න තියෙනවා !! උඹ දන්නවනෙ ලොක්කගෙ හැටි ??

heeseung : හරි හරි බං ! බොරුවට හූල්ලන්නැතුව හිටහං !!

jake : ආ මෙයාලා !!! දෙන්නා උදේම යන්න වගේ නේ ලෑස්තිය?

හූනියි හීසන්ග්නුයි ඒ විදියට කුටු කුටු ගගා ඉද්දි ජේකුත් කොහෙදෝ ඉදන් එතනට කඩා පාත් වුණා..

hoonie : පොල් බූරුවා !! ඔහොමත් කඩන් පනිනවද මං අහන්නෙ !!?

හූනි හොදවයින් දෙකක් කියාගෙන ජේක්ගෙ කන මිරිකුවේ ජේක් උඩ තට්ටුවේ ඉදන් පහළට බහින පඩිපෙළේ වැට දිගේ රූටගෙන පහළට ආපු නිසා...

jake : ආ...ආව්..!! ම්..මගෙ කන අතාරිනවා !!!

heeseung : තව ටිකක් මිරිකහන් හූනි !! දැන් බලහන් මූ ඕකෙ පල්ලෙ වැටුනනම් කොහෙන්ද අපි මුට බෙල්ලක් හොයන්නෙ කියලා??

හීසන්ග්ටත් ඉතින් ආයෙ දෙයක් නෑ....

jake : අයියෝ සොරි අප්පා !!!!!!! මගේ පුස්තකාරූඪ මොළරාජයාට ජාතක කතාවක් වගේ අදහසක් ආවා !! අ..අපි ඒක ක්‍රියාත්මක කරලා බලමුකෝ!!!?

ජේක් වැට උඩ ඉදන් දගල දගල එහෙම කීවට හූනි නම් නෙවේ කනකටවත් ගත්තෙ...

heeseung : ම්ම්..අපි මුට අවස්ථාවක් දීලා බලමු එහෙනම් !! හූනි උඹට තව කොච්චර වෙලා තියෙනවද?

hoonie : තව විනාඩි දහයයි !!

heeseung : ජේක් ! අපි උඹට විනාඩි තුනක් දෙන්නම් !! අපි දෙන්නා කැබ් දෙකේ ඉන්නවා එලියෙ ! විනාඩි තුනක් ඇතුළත ලෑස්ති වෙලා ඇවිත් වාහනවලට නගින අයව විතරක් අපි අද එක්කන් යනවා !! ඔන්න උඹට තමා මේ සේරම භාර ! හරිය???

මදෑ ජේක්ගෙ පුස්තකාරූඪ මොළරාජයට කුණාටුවක් වගේ ආපු අදහසට වුනු හදියක්...

හීසන්ග් දෙයක් කීවොත් කීවම තමා...ඒක නිසා ඉතින් ජේක්ට කොහොමහරි කරලා අනිත් ගොඨයිම්බරයො ටික ඇහැරවන්නම සිද්ධ වුණා..මොනා කරන්නත් එයාලට තිබුනෙ විනාඩි තුනයි...

jake : මාගේ එම්බල ගෝඨයිම්බරයනි !!! මගුලක් නොකර ඇහැරපියා.......ව් !!!!

ජේක් තත්පර දෙකක් ඇතුළත එයාගෙ මොළරාජයාට ආපු අදහස ඒ විදියට ක්‍රියාත්මක කළේ ෆ්‍රිජ් එකේ තිබුනු කූල් වතුර එකක් අරන් නිදියන් හිටිය එක එක්කෙනාගෙ කකුල්වලට හලාගෙන යන ගමන්.....

Niki : ආයිශ් ! මොකාද මගේ කකුලට අහවල් දේ කළේ !!!? ශැක් !! සන්වුආ !! වොනී!! උඹලා දෙන්නා නේහ් !!!?

නිකී ඔය අහවල් දේ කියලා අදහස් කළේ අහවල් දේ...

sunwoo : ආයිශ් !! ගොන් තඩියා !! ඇයි වතුර හලව්වෙ !!?

wonie : අනේ අම්මපා මූට නම් !!!!

jake : හෙහ් ! වතුර ?? වතුර නෙවේ උඹලට හලන්න තියෙන්නෙ !! තව විනාඩි දෙකක් තියෙනවා ! එක එකෙක් ඉක්මනට නැගිටලා ලෑස්ති වෙලා වාහනවලට එනවලා !! මතකයිනේ !!!? තව විනාඩි දෙකායි !!

හිස් වතුර බෝතලෙත් කරක කරක ජේක් ආඩම්බර ලීලාවෙන් එහෙම කියන් අනික් අයට ගස්සගෙන වැඩ්ඩා වගේ වාහනේට යන්න ගියා..

After one minute...

niki : බූරු තඩියා !! තමුසෙ මගේ කලිසම ඇදන් මොකද කරන්නේ !!? ඕක මෙහාට දෙනවා !! මට ඉක්මනට යන්න ඕනි !

wonie : ආයිශ් ! සන්වු !! ඕක මගේ එක !!

sunwoo : යකෝ !! එතකොට කෝ මගේ එක ??

niki : ඇයි ඔය ඇදන් ඉන්නෙ අහවල් එකද???!!

ඕක තමා කියන්නෙ එකම මානසිකත්වෙ ඉන්න ඔය වගේ මෙන්ටල් කේස් එක තැන තියන්න එපා කියලා.....අනේ ඉතින් පව් ඒ සෙට් එක....

කොහොමහරි විනාඩි දෙකක් ඇතුළත බාගෙට ලෑස්ති වෙලා ඒ සෙට් එකත් වාහනවලට නැග්ගෙ එදා දවසෙ එයාලගෙ වැඩ පාඩු කරගන්න බැරි නිසා..මොනා කරන්නත් හූනිට විනාඩි පහක් ඇතුළත ඉක්මනට ඔෆිස් එකට යන්න පුලුවන් වේවිද දන්නෑ..කොහොමත් පැයක ගමනක් විනාඩි පහෙන් යන්නෙ කොහොමද..

To be continued ✍️

Continue Reading

You'll Also Like

1.5K 348 8
ᵉᵛᵉⁿ ⁱᶠ ⁱ ˡᵉᵃᵛᵉ ʸᵒᵘ ˢᵒᵐᵉʰᵒʷ.. ᵖˡᶻ ᵈᵒⁿ'ᵗ ᵍᵉᵗ ˢᵃᵈ, ᵐʸ....ᵐʸ ᵐᵉᵐᵒʳⁱᵉˢ ʷⁱˡˡ ʰᵉˡᵖˢ ʸᵒᵘ ᵗᵒ ˡⁱᵛᵉ ᵃⁿᵈ ᵈᵒⁿ'ᵗ ʷᵒʳʳʸ, ᶜᵘᶻ ᵐʸ ʰᵉᵃʳᵗ ʷⁱˡˡ ᵒⁿˡʸ ᵇᵉᵃᵗ ᶠᵒʳ ʸᵒᵘ💓~ ⁱ...
4.2K 666 17
Fate decides who comes in to your life But your heart decides who stays😏❤️ Published on November 12 , 2021
31.5K 4.9K 32
සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්නා තරුණයෙකුගේ හැරවුම් ලක්ෂ්‍ය වේද ? 🍃🌼...
771K 17.4K 46
In wich a one night stand turns out to be a lot more than that.