💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 (...

By Senikook

6K 1.1K 585

මේක first love එකේ season 02 . More

💥 Auther 💥
💥 Chapter 01 💥
💥 Chapter 02💥
💥 Chapter 03💥
💥 Chapter 04💥
💥 Chapter 05💥
💥Chapter 06💥
💥Chapter 07💥
💥Chapter 08💥
💥 Chapter 09💥
💥 Chapter 11💥
💥 Chapter 12💥
💥 Chapter 13💥
💥 Chapter 14💥
💥 Chapter 15💥
💥 Chapter 16💥
💥 Chapter 17💥
💥 Chapter 18💥
💥 Author Note 💥

💥Chapter 10💥

226 50 42
By Senikook

" යේහා ඔයාගෙ මේ බෝයිෆ්‍රෙන්ඩ් කොහෙද අපිව එක්කන් යන්නෙ."

දියා යේහාගෙන් එහෙම ඇහුවෙ කාර් එක ඩ්‍රයිව් කරන ජන්කුක් දිහා බලාගෙනමයි.

"Wait and watch "

ජන්කුක් ඉස්සරහ බලාගෙනම එහෙම කියද්දි ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ හිටිය යේහා ජනේලෙන් එළිය බලාගෙන හිනාවුනේ තමන්ගෙ වැඩේ ගැන හිතලා.

" ඔය දෙන්න මොන ගේමක් ගහන්නද යන්නෙ.ආවෙ හොස්පිටල් යනවා කියලනේ.හොස්පිටල් එක තියෙන්නෙ අනිත් පැත්තෙ .දැන් කොහෙද යන්නෙ කියනවා මට දෙන්නම.යුවීව ගන්නත් ලේට් වෙනවා."

දියා එහෙම කියලා කෑගහද්දි යේහා දාන් හිටිය සීට් බෙල්ට් එක ගලවලා පිටිපස්සට හැරුනා.

"ඔන්නි ඩෝන්ට් වොරි.යුවීව ඔම්මා එක්කන් යනවා කිව්වා.අද දවසම යුවී ඔම්මා එක්ක ඉදියි .යුවී ගැන බයවෙන්න එපා.අද දවස එන්ජෝයි කරන්නකො ඔයා."

"එන්ජෝයි.මොනා එන්ජෝයි කරන්නද ?"

" ආශ් දියා පොඩ්ඩක් ඉවසන්න බැරිද ඔයාට.මේ කෙල්ලොන්ටනම් ඇත්තමයි ඉවසීම ඇත්තෙම නෑ.ඉවසන් ඉන්න ඔයාටම බලාගන්න පුලුවන් වෙයි "

"මොනා බලන්නද ? ඔක්කොටම කලින් කියන්න දැන් කොහෙද යන්නෙ කියලා."

"සැලොන් එකට."

යේහා එහෙම කිව්වෙ දියාගෙන් බේරෙන්න බැරි බව දන්න නිසාමයි.

" ඒ මොකටද සැලොන් එකට යන්නෙ."

" යන්නෙද ? එළවළු ගන්න.ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් ඒවා තියෙනවා ."

යේහා එහෙම කියද්දි කෙල්ල කිව්ව දේ නිසා ජන්කුක්ට හිනායන්න ආවත් කොල්ලා මාර ගේමක් දීලා හිනාව නවත්තගත්තා.

" ඔන්න එහෙනම් අපි ආවා."

ජන්කුක් එහෙම කියන ගමන් ස්පීඩ් එක අඩු කරලා කාර් එක නැවැත්තුවා .ජන්කුක් කාර් එක නැවැත්තුවට පස්සෙ යේහා තමන්ගෙ ඔඩොක්කුවෙ තියන් හිටිය බෑග් තුනත් අරන් කාර් එකේ දොර ඇරල කාර් එකෙන් එළියට බැහැලා ගිහින් පිටිපස්ස දොර ලගින් හිටන් හිටියෙ දියා කාර් එකෙන් බහිනකන්.

"ඔන්නි බහින්න."

දියා මිරර් එකක තට්ටුවක් දාන ගමන් එහෙම කියද්දි දියා කාර් එකෙන් බැස්සෙ තමන් බහිනකන් යේහා ඔතනින් අයින්වෙන්නෙ නෑ කියන එක දන්න නිසාමයි.

දියා කාර් එකෙන් බැස්සට පස්සෙ ජන්කුක් ඩ්‍රයිවින් සීට් එකෙන් දොර ඇරලා මේ දෙන්න ලගට ආවා.

" දියාව රෙඩි කරාට පස්සෙ හ්‍යුන්ට කියන්න.එයා එක්කන් යන්න එයි."

"කොහෙ යන්නද ? "

"ඒක අපි දන්නෙ නෑ නැද්ද බබා.එහෙනම් මම යනවා.කෙල්ලො සැලොන් ගිහාම ඉතින් එළියට එන වෙලාව කියන්න බෑනේ ."

ජන්කුක් එහෙම කියලා යේහාගෙ කම්මුලට පෙක් එකක් දීලා ආපහු කාර් එකට නැග්ගෙ quarters එකට යන්න.ජන්කුක්ගෙ කාර් එකේ නොපෙනී යනකන්ම ඒ දිහා බලන් හිටිය යේහා කාර් එක ඈතට ගියාට පස්සෙ දියාගෙ අතිනුත් ඇදන් සැලොන් එක ඇතුලට එක්කන් ගිහින් රිසෙප්ෂන් එක ගාවින් හිටගත්තා .

"මැඩම් ඔයාල appointment එකක් දාලාද තියෙන්නෙ."

රිසෙප්ෂන් එකේ හිටිය ලේඩි එහෙම අහද්දි යේහා.

" මිසිස් මින් දියාගෙ නමිනුයි මිස් ශින් යේහාගෙ නමිනුයි  අපොයින්මන්ට් එකක් දාලා ඇති."

" හරි මැඩම් මන් චෙක් කරන්නම්."

රිසෙප්ෂන් එකේ ලේඩි එහෙම කියලා ඩීටේල්ස් චෙක් කරන්න ගත්තා.විනාඩි දෙකක් විතර මොනිටර් එක දිහා බලන් හිටිය එයා තමන්ගෙ ඔලුව උස්සල දියා දිහායි යේහා දිහායි බැලුවා.

" මිස් ඔයාලගෙ අපොයින්මන්ට් එකනම් පහට තියෙන්නෙ .පොඩ්ඩක් මෙතනට වෙලා ඉදගෙන එන්නකෝ.තව විනාඩි පහලොවකින් වගෙ ඇතුලට යන්න පුලුවන් මැඩම්ලට."

යේහා එහෙම කියන ගමන් තමන්ගෙ වොච් එක දිහා බැලුවෙ වෙලාව බලන්න.

4.45 pm

"තව වෙලා තියෙනවා."

යේහා එහෙම කියන ගමන් ගෙනාව බෑග් තුනත් සෝෆා එකෙන් තියලා ඉදගනිද්දි දියාත් යේහා ලගින් ඉදගත්තා .

"යේහා."

"අමතනවා."

" මොකක්ද මෙතන වෙන්නෙ ? ".

"මන් දන්නෙ නෑ ."

" ඔයා දන්නෙ නැති වෙන්නෙ බෑ."

"ඇත්තටම මන් දන්නෙ නෑ ඔන්නි.යුන්ගි ඔප්පා මොනවත් කිව්වෙ නෑ මට.අද විශේෂ දවසක් කිව්වා ඔය දෙන්නට.ඒක හින්දා ඔයාව ලස්සනට රෙඩි කරන්න කිව්වා.ඔප්පම තමයි ඔය ඩ්‍රෙස් එකත් සිලෙක්ට් කරේ.
මට කිව්වෙ ඔයාව සැලොන් එකට එක්කන් ගිහින් රෙඩි කරන්න කියලා.
ජන්කුක් ඔප්පාවත් මොනවත් දන්නෙ නෑ.එයා යන ගමන් අපි දෙන්නව ඩ්‍රොප් කරන් ගියා.එච්චරයි .
මන් හිතන්නෙනම් යුන්ගි ඔප්පගෙ හිතේ මොකක්හරි ප්ලෑනක් වැඩ කරනවා.මොකක්ද විශේෂ ආ ? "

යේහා දියා දිහා බලාගෙන එහෙම අහද්දි දියා ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියෙ යේහා දිහා.

" ඇයි හොල්මනක් දැක්ක වගේ මන් දිහා බලන්නෙ.".

"අමුතුවෙන් බලන්න දෙයක් නෑ කොහොමත් හොල්මනනේ."

"ඔන්නි ඔයානම්.කමක් නෑ.කමක් නෑ. මන් මේ දවස්වල ඇවිස්සෙන්නෙ නැතුව ඉන්න පුරුදු වෙනවා."

යේහා ලොකු හුස්මක් අරන් එහෙම කියද්දි දියා

"ඒ මොකටද ඒ ? "

"නෑ ඉතින් ඔප්පාගෙ වැඩේ මාව අවුස්සන එක.එයා ඒකෙනම් මාව ජොලියල් ලබන්නෙ.ඒක හින්දා මන් මේ දවස්වල ඇවිස්සෙන්නෙ නැතුව ඉන්න ෆුල් ට්‍රයි කරනවා."

දෙන්නගෙ කතාව නැවතුනේ මෙතනට රිසෙප්ෂන් එකේ ලේඩි ආව නිසා.

"මිස් දැන් ඔයාලට ඇතුලට යන්න පුලුවන් ."

රිසෙප්ෂන් එකේ ලේඩි ඇවිත් එහෙම කියලා එතනින් ගියාට පස්සෙ යේහා සෝෆා එකෙන් නැගිටලා තමන් ලග තිබ්බ බෑග් තුනෙන් දෙකක් අරන් දියගෙ අතට දුන්නා.

" ඔන්නි ඇතුලට ගිහින් ලස්සන වෙලා එන්න.සමහරවිට ඔප්පගෙ නෑ එක්කො ඕනෙ නෑ."

යේහා මොනාහරි කියන්න ගියත් කෙල්ල ඒක කියන්නෙ නැතුව නවත්තගත්තා .කෙල්ල මූණෙන් දියාට කියන්න පුලුවන් වුනා කෙල්ල මොන වගෙ දෙයක්ද කියන්න ගියෙ කියන එක.ඒක නිසාම දියා ඉදගෙන හිටිය තැනින් නැගිටලා යේහා ලගට ආවා.

"කමක් නෑ කියන්න යේහා.මොකක්ද ? "

"නෑ ඒක ඕනේ නෑ."

"යේහා."

"ඔයට ඔච්චරටම දැනගන්න ඕනෙනම් ඉතින් මන් කියන්නම්.කිව්වට පස්සෙ මට ගහන්න එහෙම එන්න එපා.මන් දානව නඩු හොදේ."

"නඩු .හාකො.නඩු දාන්න කලින් කියන්න ගිය දේ කියල ඉන්න මුලින්."

" මන් කියන්නෙ ගියෙ සමහරවිට ඔප්පගෙ කන්ට්‍රෝල් එක නැති වෙයි කියලා.මේ බී චූටි බබෙක් එන්නත් පුලුවන් .එහෙම වුනොත් ශෝයි අනේ.ඔන්න මන් තමා එයාව බලාගන්නෙ."

"එහෙම වෙනවනම් හොදයි."

දියා එකපාරටම කිව්ව දේ නිසා යේහා හිටියෙ පුදුමවෙලා.මොකද යේහා බලාපොරොත්තු වුනේ දියාගෙන් හොද බැණුමක්.

"ඔන්නි මොකක්ද කිව්වෙ ඔයා.මන් හිතන්නෙ මගෙ කනේ දෝෂයක් "

යේහා ඇස් දෙකත් ලොකු කරන් දියාගෙන් එහෙම අහද්දි දියා කරේ හිනාවෙච්ච එක.

"ඇයි පුදුමවෙලා වගේ ඉන්නෙ යේහා.මන් එහෙම දෙයක් කිව්ව නිසාද ? ඔයාට ඇහුනෙ දේ හරි.
එදා යුන්ගියි ඔයයි කතා කරපු හැමදෙයක්ම වගේ මන් අහන් හිටියෙ.
කොහොමත් මන් යුන්ගිට ආදරෙයි.මන් ඔයාට කොච්චර නෑ කිව්ව වුනත් මන් මැරේජ් එකට පවා කැමති වුනේ යුවී නිසා විතරක්ම නෙමේ.මන් එයාට ආදරේ කරන එකත් ඒකට එක හේතුවක් .
ඔයා කොහොමත් දන්නවනේ යේහා මන් පොඩ්ඩක් විතර ආඩම්බර මුරණ්ඩු කෙනෙක් කියලා.ඒක හින්දමයි මන් යුන්ගිට සමාවදුන්නෙ නැත්තෙ.දැන්නම් මේ වෙනකොටත් මන් එයාට සමාවදීලා ඉවරයි .තාම කිව්වෙ නෑ.

අනික ඒ මෝඩයාත් බලන්නකෝ.මන් පමිෂන් දෙනකන් ඉන්න ඕනෙද මන් ලගට එන්න.ආවනම් ඉවරනේ."

"ඕහෝ  එහෙනම් මන් කිව්ව දේ හරිනේ.මෙතන තියෙන්නෙ  එහෙනම් සෙකන්ට් වෙන්න බැරි ප්‍රශ්නයක් එහෙනම් තියෙන්නෙ ."

"හරියටම කිව්වා.කෙල්ලො කොහොමත් කැමති නෑනේ කාටවත් සෙකන්ට් වෙන්න."

" පොඩ්ඩක් සෙකන්ට් වෙනවකො හලෝ.මට චූටි බබෙක් ඕනේ .ඔයා මගෙ හොද ඔන්නිනේ ඒක හින්දා සෙකන්ට් වෙන්න හොදේ."

"මට කියන්නෙ .ගිහින් ජන්කුක්ට කියන්න.එයා ගෙනත් දෙයි.ඔච්චරටම බබෙක්ට ආසයින්නම්."

"කියල බලන්න ඕනේ ."

යේහා එහෙම කියද්දි දියා යේහාගෙ ඔලුවට ටොක්කක් ඇන්නා.

" ආව් ඔන්නි .මොකද ටොකු අනින්නේ.මේ මොලේට මොනාහරි වුනත් පේෂන්ලව බලාගන්නෙ කවුද ?"

" මගෙන් අහගන්න හදන්නෙ.තමන් ගැනවත් බලාගන්න බෑ.මටනම් සැකයි පේෂන්ලව කොහොම බලාගන්නවද කියලා.වැරදි බෙහෙත් එහෙම දීලා නෑනේ කාටවත් ."

"ඔන්නි."

"මන් තව කියල ඉවර නෑ.ඔච්චරටම බබෙක්ට ආසනම් මුලින් මැරි කරලා ඉන්නවා.එනවා මෙතන ."

"බෑ මට බබෙක් ඕනෙමයි.ගෙනත් දෙන්නකෝ.අනේ ඕනෙමයි.චූටි බබාල කියුට් ."

යේහා එහෙම කියන ගමන් දියාව අවුස්සන්නත් එක්ක දියාගෙ අතේ එල්ලුනා.

"මොන මල විකාරයක්ද මේ.තමුසෙට සනීප නැද්ද ? මන් යනවා ඇතුලට .මගෙ ඔලුවත් විකාර කරනවා ."

දියා එහෙම කියලා යේහාගෙ අතත් අයින්කරලා යද්දි යේහා එයාගෙ හිනාව කන්ට්‍රෝල් කරගත්තෙ ඉන්න තැන ගැන මතක් වුන නිසා.දියා ඇතුලට ගියාට පස්සෙ යේහාත් තමන් ගෙනාව අනිත් බෑග් එකත් අරන් දියා ගිය රූම් එක එහාපැත්තෙ රූම් එකට ගියේ තමන්ගෙ අපොයින්මන්ට් එකත් රෙඩි නිසා.

To be continue .

මන් පුලුවන් වුනොත් තව එකක් දෙන්නම් අද.ශුවර් නෑ ඉතින් .ට්‍රයි කරන්නම්කෝ.

Hide and Seek  එක පොඩ්ඩක් පරක්කු කරලා මන් මේක දීලා ඉවරකරන්න හදන්නෙ.කමක් නෑනේ.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

Continue Reading

You'll Also Like

6.9K 267 45
Imagines Y/NxSana gxg I accept request guys, don't be shy 👉👈
1M 65.1K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
5.6K 1.3K 13
❤️𝙺𝚘𝚘𝚔 + 𝚂𝚑𝚒𝚟𝚎 + 𝙲𝚑𝚒𝚖𝚖𝚢❤️ 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀 ♡𝙸𝚏 𝚙𝚘𝚜𝚜𝚒𝚋𝚕𝚎, 𝚐𝚒𝚟𝚎 𝚝𝚑𝚊𝚝 𝚕𝚒𝚏𝚎 𝚊 𝚗𝚊𝚖𝚎....♡ 🥀🥀�...
255K 7.5K 87
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...