💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 (...

By Senikook

6K 1.1K 585

මේක first love එකේ season 02 . More

💥 Auther 💥
💥 Chapter 01 💥
💥 Chapter 02💥
💥 Chapter 03💥
💥 Chapter 04💥
💥 Chapter 05💥
💥Chapter 06💥
💥Chapter 07💥
💥 Chapter 09💥
💥Chapter 10💥
💥 Chapter 11💥
💥 Chapter 12💥
💥 Chapter 13💥
💥 Chapter 14💥
💥 Chapter 15💥
💥 Chapter 16💥
💥 Chapter 17💥
💥 Chapter 18💥
💥 Author Note 💥

💥Chapter 08💥

216 56 52
By Senikook

යේහා යුන්ගි එක්ක ඇතුලට යනකොට සෝෆා එකේ ඉදන් හිටිය කෙනා නැගිට්ටා.ජන්කුක් හිටිය ඒ කෙනාට ඉස්සහරින් ඉදගෙන .සෝෆා එකේ ඉදගෙන හිටිය කෙනා පිටිපස්ස හරවන් හිටිය නිසා යුන්ගි යේහා දෙන්නට ඒ කවුද කියන එක හරියටම අදුනගන්න බැරි වුනා.කවුරුහරි ආව කියන එක තේරුන නිසා ඒ කෙනා පිටිපස්ස හැරුනෙ තමන්ගෙ පිටිපස්සට වෙලා ඉන්නෙ කවුද කියන එක බලාගන්න.

ඒ කෙනාව දැක්ක ගමන් යුන්ගි ගොඩක් කන්ෆියුස් වුනා වගේම කොල්ලගෙ කටින් හිනීයට වචනයක් පිටවුනා.එතන හිටියෙ ගෑණු කෙනෙක්.ඒ කෙනා දෙන්නටම ඇතුලට එන්න කියද්දි යේහා යුන්ගිත් එක්ක ඒ කෙනා ලගට ගිහින් ඒ කෙනාගෙ පැත්තෙන් හිටගත්තා .ඒ වෙලාවෙ යේහා වගේම ජන්කුක් හිටියෙත් බිම බලාගෙන.
එතන හිටිය ගෑණු කෙනා ආයෙත් ජන්කුක් දිහා හැරිලා කොල්ල දිහා බලන් හිටියෙ ගොඩක් කේන්තියෙන් .

"ජන්කුක් මොකක්ද මේකෙ තේරුම "

ඒ ගෑණු කෙනා එහෙම අහද්දි ජන්කුක් ඔලුව උස්සලා ඒ කෙනා දිහා බැලුවා.

"ඔම්මා මේ."

" ඔම්මා තමා ජන්කුක් .ඇයි මාව වෙන කෙනෙක් වගේද පේන්නෙ.මන් අහන්නෙ මොකක්ද නේ නටන නාඩගම."

ඒ ඇවිත් හිටියෙ ජන්කුක්ගෙ ඔම්මා.

"ඔම්මා පොඩ්ඩක් මන් කියන දේ අහන්නකෝ."

"අහන්න මොනා අහන්නද ජන්කුක්.මේ කරන වැඩේ හරි කියලද හිතෙන්නෙ.මේ කරන දේවල් වල තේරුම මොකක්ද කියන්න මට ඔක්කොටම කලින්.මන් කැමති නෑ මේකට."

"ඔම්මා මට කියන්න දෙන්න මුලින් .මන් ඔයාට කලින් කිව්ව ගෑණු ළමයා තමා යේහා."

"ඒත් ඔයා කිව්වද මේ ඉන්නෙ කලින් මැරි කරන්න හිටිය කෙනාගෙ නංගි කියලා.ඔයා මොන දේ කිව්වත් මන් මේකට කැමති නෑ ජන්කුක් .කවදාවත් මේක වෙන්න දෙන්නෙත් නෑ."

"ඔම්මා ඔයාට බෑ එහෙම කියන්න.මන් යේහාට ආදරෙයි ."

"ආදරේ වෙනුවෙන් ඔම්මව අතාරිනව කියලනේ කියන්නේ."

"ඔම්මා.ඔයා හොදටම දන්නවා මන් ගැන.මට වටින දේවල් මන් නැති කරගන්නෙ නෑ කියලා.මට ඔය දෙන්නම ඕනේ ඔම්මා.ආදරේ නිසා මන් ඔයාව නැති කරගන්නෙ නෑ.ඒ වගෙම මන් මගෙ ආදරේ නැති කරගන්නෙත් නෑ ඔම්මා."

"ඔයා මොනා කිව්වත් මන් මේකට කැමති නෑ ජන්කුක් .ඔයාට මේක නවත්තන්නම වෙනවා."

"ඔම්මා පොඩ්ඩක් මන් කියන දේ අහන්න."

"ආන්ටි මේ."

යේහා ජන්කුක්ගෙ ඔම්මට කතා කරද්දි ජන්කුක් ඔම්මා යේහා දිහා හැරිලා කේන්තියෙන් කතා කරා.

"මන් කවදද ඔයාගෙ ආන්ටි වුනෙ ."

ජන්කුක්ගෙ ඔම්ම කේන්තියෙන් එහෙම කියන ගමන් යේහා ලගට එද්දි යේහා බිම බලාගත්තා .

"ඔම්මා යේහාගෙ වරදක් නෑ ."

ජන්කුක් එහෙම කියද්දි ජන්කුක් ඔම්මා ජන්කුක් දිහා බලලා යේහා ලගට ගිහින් හිටගත්තා .

" මන් ඔයාගෙ ආන්ටි නෙමේ.මට එහෙම කතා කරන්න එපා.ඔම්මා කියන්න."

ජන්කුක් ඔම්මා එහෙම කියන ගමන් යේහාව බදාගනිද්දි යේහාත් ජන්කුක්ගෙ ඔම්මව තද කරලා බදාගත්තා .එකපාරටම වෙච්ච දේ නිසා ජන්කුක් හිටියෙ ෆුල් කන්ෆියුස් වෙලා.ඒ වෙලාවෙ යුන්ගිනම් බලන් හිටියෙ ජන්කුක්ගෙ ඔම්ම දිහාමයි.

"බලන්නකො දුව ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් බයවෙලා. අනේ බලන්න ඔනේ ඒ වෙලාවෙ මූණ."

ජන්කුක්ගෙ ඔම්ම යේහා දිහා බලාගෙන හිනාවෙවී එහෙම කියද්දි යේහා

"ඒකනේ ඔම්මා.ඔම්මගෙ ඇක්ටින්නම් මරු.තව ටිකෙන් මාත් බයවෙනවා."

"මොකක් කිව්ව ඇක්ටින්.මොනාද ඔය දෙන්න කියවන්නෙ.ඔම්මා.ඔයා එතකොට යේහාට අකමැති නැද්ද ? "

ජන්කුක් වෙච්ච දේ හිතාගන්න බැරුව එහෙම අහද්දි ජන්කුක්ගෙ ඔම්මා ජන්කුක් දිහා බලාගෙන හිනා වුනා.

"අකමැති වෙන්නෙ.මන් ඇයි අකමැති වෙන්නෙ.මොන හේතුවකටද ? මෙච්චර ලස්සන කියුට් අහිංසක හුරතල් කෙල්ලෙක්ව මගෙ ලේලි කරගන්න මන් ඇයි අකමැති වෙන්නෙ.ලේලි නෙමේ දුව.කොහොමත් මන් ආසාවෙන් හිටියෙ මගෙ හැමදේම කියන්න පුලුවන් දුවෙක් ඉන්නවට.මේ කොල්ල හිටියට වැඩක්ද ?
දැන්නම් කිසි ප්‍රශ්නයක් නෑ.දැන් මට මගෙ දුව ඉන්නවා.ඔයාම ඕනෙම නෑ කුකී."

ජන්කුක්ගෙ ඔම්ම එහෙම කිව්වෙ යේහාගෙ කම්මුල් දෙක මිරිකන ගමන්.

" ඔහොම පොඩ්ඩක් ඉන්න.එතකොට මේ හැමදෙයක්ම බොරුවක්ද ? ඒ කියන්නෙ මෙච්චර වෙලා මම.ආශ් ඔම්මා."

"මෙච්චර වෙලා ඔයා ඇන්දුන එක වුනෙ මගෙ පැටියෝ .කොහොමද ඔම්මගෙ ඇක්ටින් හොදයිනේ."

"හොදම නිළියට හිමි සම්මානෙ ලැබෙනවා ඔම්මා.අපිට තව ටිකක් ඔප්පව බයකරන්න තිබ්බ නේද ඔම්මා."

"අපරාදෙ ෆොටෝ එකක් ගහන්න තිබ්බෙ .ඒක අමතක වුනේනේ.මේ හැමදෙයක්ම ඇක්ටින් එකක් කුකී.අපි දෙන්න එකතු වෙලා ඔයාව බයකරානේ.අයිඩියා එක අපි දෙන්නගෙම.යේහා ඔයාට කෝල් කරන වෙලාවෙ ඔයා හිටියෙ නෑනේ.ඒ වෙලාවෙ මම ඒ කෝල් එක ආන්සර් කරා.ඒ වෙලාවෙ තමා අපි දෙන්න ප්ලෑන් එක ගැහුවෙ."

ජන්කුක්ගෙ ඔම්මා එහෙම කියන ගමන් හිනාවෙද්දි ජන්කුක්ට තමන් රැවටුනා කියන එක මතක් වෙද්දි ලැජ්ජ හිතුනත් කොල්ලා ඊට වඩා සතුටින් හිටිය මොකද කිව්වොත් තමන්ගෙ ඔම්මා යේහාගෙ කැමති වුන නිස.

ජන්කුක් ඔම්මගෙ අවදානේ ඒ වෙලාවෙ තමා යුන්ගිට ගියේ.

"කවුද මේ handsome කොල්ලා.ඔයාව දැකල පුරුදුයි වගේ මට.කාවහරි මතක් වෙනවා."

ජන්කුක්ගෙ ඔම්මා යුන්ගි දිහාට හැරිලා කතාකරද්දි  යුන්ගි හිටියෙ මේ තුන්දෙනාට ටිකක් ඈතින්.ජන්කුක්ගෙ ඔම්මා යුන්ගි ලගට යද්දි යුන්ගි  වෙනුවට උත්තර දුන්නෙ ජන්කුක් .

"ඔම්මා හ්‍යුන් තමා දියාව මැරි කරල ඉන්නෙ."

ජන්කුක් එහෙම කියද්දි යුන්ගි ජන්කුක්ගෙ ගෙ ඔම්මට ආචාර කරා.

"කොහොමද මිසිස් ජෝන්."

"ඔය ඉතින් මට ආන්ටි කියන්න."

ජන්කුක්ගෙ ඔම්මා එහෙම කියන ගමන් යුන්ගිගෙ පිටට තට්ටුවක් දාද්දි යුන්ගි ජන්කුක්ගෙ ඔම්මා දිහා බලන් හිටියෙ ඇස් වල කදුලු පුරවගෙන.යුන්ගිගෙ ඇස් වලට  එකපාරටම කදුලු පිරුණු නිසා ජන්කුක්ගෙ ඔම්මා විතරක් නෙමේ ජන්කුක් යේහා දෙන්නත් ගොඩක් කන්ෆියුස් වුනා.

"ඔයාට මාව අදුනගන්න බැරිද ? "

යුන්ගි කදුලු පිරිච්ච ඇස් වලින් හිනා වෙලා ජන්කුක්ගෙ ඔම්මගෙන් එහෙම අහද්දි ජන්කුක්ගෙ ඔම්මා යුන්ගි කිව්ව දේ ගැන කල්පනා කරා.යුන්ගිව දැක්ක ගමන් ජන්කුක්ගෙ ඔම්මට යුන්ගි කියන්නෙ තමන් හොදට දන්න කෙනෙක් කියලා හිතුනත් .යුන්ගිගෙ හැඩරුවෙන් කෙනෙක්ව මතක් වුනත් ජන්කුක්ගෙ ඔම්මා ඒක හිතෙන් අයින්කරගත්තෙ ඒක කීයටවත් වෙන්න බෑ කියලා දන්න නිසා.

යුන්ගි ජන්කුක්ගෙ ඔම්මගෙ අත් දෙකින්ම අල්ලන් ජන්කුක්ගෙ ඔම්මගෙ මූණ දිහා බලද්දි හේතුවක් නොදැන වුනත් යුන්ගිගෙ මූණ දිහා බලන් ඉද්දි ජන්කුක්ගෙ ඔම්මගෙ ඇස් වලින් කදුලු වැටුනා.

"ඇත්තටම මාව අදුනගන්න බැරිද කියන්න.සමහරවිට බැරුව ඇති කොහොමත් මන් දැන් ගොඩක් වෙනස් වෙලානේ.කලින් හිටියට වඩා.හැබැයි මටනම් ඔයාව අදුනගන්න පුලුවන් .ඔයා පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.ඒ වගේමයි."

යුන්ගි එහෙම කියද්දි ජන්කුක්ගෙ ඔම්මා යුන්ගිව ස්කෑන් කරන්න වගේ බලද්දි වෙන දේ හිතාගන්න බැරුව ජන්කුක් යේහා දෙන්න මූණට මූණ බලාගත්තා .

"මතකද ඔයා ඉස්සර හැමදාම මට ලස්සන කතන්දර කියලා දෙනවා .දැන්වත් මාව අදුනගන්න බැරිද ආන්ටි ඔයාට."

යුන්ගි එහෙම කියද්දි ජන්කුක්ගෙ ඔම්මගෙ මූණ ඉරියව් වෙනස් වුනා.

"යුන්ගි."

To be continue .

මන් ඔයාලව පටලලද ? 😁😁😁.

කොහොමද දන්නෙ නෑනේ යුන්ගි ජන්කුක්ගෙ ඔම්මව දන්නෙ.බලමුකෝ .

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

Continue Reading

You'll Also Like

5.6K 1K 15
" ඔප්පා මොනා ද කියන්නේ... " " හ්‍යුන් මොකද්ද මේ අහ්.. " " This is not a marriage .... ඔප්පා..." " No.. never.. This is a marriage ... this is your...
566K 8.6K 86
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
15.3K 448 14
He's an idol and she's a foreigner. They cross paths and things never remained the same. When their relationship begins, she feels everything will be...
199K 4.2K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...