සුවපහසු නින්දක හිටපු ජිමින් ඇදේ ඒ මේ අත පෙරලුනේ ඩෝ බෙල් එක නොනවත්වා රින්ග් වෙනව ඇහුන නිසා..ජිමින් ඇද පුරාම අත යවල හෙව්වෙ ජන්ග්කුක් ව.
JM : "ක්...කුකී..."
ජිමින් හෙමින් ඇස් ඇරල බැලුවා.තාමත් එලියට හුරු නැති ඇස් අරින්න ට්රයි කරන ගමන් නින්දෙන්ම ඇදෙන් බිමට පැනලා හැමතැනම ඇස් ගෙනියව්වෙ ජන්ග්කුක් කොහෙද බලන්න.
බැල්කනි එකේවත්,බාත්රූම් එකේවත් පේන්න නැති නිසා ජිමින් කිචන් එකට ආවා.හැමදාම ජිමින් උදේට කිචන් එකට ආව ගමන් දකින්නෙ ජන්ග්කුක් කෑ ගගහ සින්දු කියන ගමන් කෑම හදන විදිහ.ඒත් අද කිචන් එකෙත් නෑ..
ජිමින් අතෙන් නලල පොඩි කරන ගමන් ලිවින් රූම් එක දිගේ ඇවිදගෙන ගියෙ තාමත් එක දිගට වදින ඩෝ බෙල් එක නිසා.
JM : "මෙයා කොහෙ ගියාද..සමහරවිට ජිම් එකට යන්න ඇති..යාහ් කව්ද මේ මැරෙන්න හදන්නෙ.."
ජිමින් තරහෙන් ගිහින් දොර ඇරියා..
.
.
JM : "ටේ?ඔයාල මොකද උදෙන්ම?"
ජිමින් වත් තල්ලු කරගෙන එයාලගෙ ගෙදර වගේ ඇතුලට ආවෙ ටේයි,යුන්ගි යි.වගේ නෙවෙයි ඉතින් එයාලගෙත් තමයි.
V : "ආයිශ් ජිමිනා මෙච්චර වෙලාවක් ගියෙ මොකද දොර අරින්න?අපි ඒත් බැලුවා අපිටත් නොකියම දෙන්නා අපාර්ට්මන්ට් එක මාරු කරලවත්ද කියල."
JM : "යාහ් ටේ..ඇයි ඔයාල හිතුවද මං දොර ගාවට වෙලා ඔය දෙන්නා එනකම් බලාගෙන හිටියා කියල.මං නිදාගෙන හිටියෙ.."
V : "ඒක මාර නින්දක්නෙ.නවයත් පහු වෙලා.අපි කෑමත් අරගෙන එනකම් මෙයා ආතල් එකේ නිදි."
SUGA : "ටේ අරව මෙව්ව කියන්න එපා අපෙ අලුත් මනමාලයාට..මට නම් පේන්නෙ අද එක්කෙනෙක්ට ඇවිද ගන්නත් අමාරුයි වගේ.."
යුන්ගි ටේට ඇහැක් ගහලා හිනාවෙද්දි ටේත් මහ හයියෙන් හිනාවෙන්න පටන් ගත්තා..
JM : "මො..මොකක්ද?"
V : "ඔමෝ..එක්කෙනෙක් රතු වෙනවා.ඉතින් ඊයෙ රෑ මොකද වුනේ මගෙ ජිමිනි බෝලෙ.."
ටේ ඇහුවෙ ජිමින් ගෙ කම්මුලට කිස් එකක් දෙන ගමන්..යුන්ගි ගමී ස්මයිල් එකත් දාගෙන ගිහින් කවුච් එකට පැන්නා..
JM : " අලුතෙන් වෙන්න දෙයක් නෑ...ටේ මගෙන් අහගන්නැතුව ගිහින් වාඩිවෙනවද.."
ජිමින් ටේගෙ පිටට අත් දෙකම තියල කවුච් එක ලගට යනකම්ම තල්ලු කරගෙන ගිහින් වාඩි කෙරෙව්වා.
JM : "දැන් මොකද දෙන්නම උදෙන්ම මෙහෙට පාත් වුනේ.."
යුන්ගි ඩෝනට්ස් තිබුන ප්ලාස්ටික් බෑග් එකක් ජිමින්ගෙ අතට දුන්නා.
V : "ඔයාගෙ ආදරනීය හස්බන්ඩ් අපිට කතා කරල කිව්වා ඔයාට කන්න ගෙනත් දෙන්න එයාට හදිස්සියේම කම්පනි එකට යන්න වෙනව කියල.අනේ මන්ද බං අපි හිතුව උබල දෙන්න බැන්දමවත් අපිට නිදහසෙ ඉන්න පුලුවන් වෙයි කියල.හනිමූන් එකට ගියත් අපි නැතුව බෑ.."
JM : "යාහ් පාප මිත්රයා..ඔහේටත් අපි ඕන වෙන දවසක් එයිනෙ..ම්..ඒක නෙවෙයි කුකී ඇයි මෙච්චර උදෙන් ගියෙ..මට කියන්නැතුව..මොකටද.."
SUGA : "ජිමිනා.. පවුල් ප්රශ්න නම් අපිට අදාල නෑ.හැබැයි කුකා කිව්වා එයාගෙ ඒන්ජල් හස්බන්ඩ් නිදාගෙන ඉන්න විදිහ දැක්කම ඇහැරවන්න හිතුනෙ නෑ කියල."
JM : "ආයිශ් හ්‍යොන්ග්..දැන් ඕක ඇති."
ජිමින් ටේ ලගින් ඉදගෙන ඩෝනට් එකක් අරගෙන කන්න පටන් ගත්තා.ඇත්තටම ජිමින් හිටියෙ පුදුම බඩගින්නකින්.
V : "ආහ් තව දෙයක් ජිමිනා..කුකී කිව්වා ඔයාට ලෑස්ති වෙලා ඉන්න කියල..ජේජු යන්න හිහ්.."
JM : "ආහ් එයා එහෙම කිව්වද..ටේ ඔයාලත් යමුකො.."
ටේ ඇස් දෙක කරකලා ජිමින් දිහාට හැරුනා.
V : "ඔයාලගෙ හනිමූන් එකට ඇවිත් අපි මොන මගුලක් කරන්නද..බබා වෙන්නැතුව කාල ගිහින් ලෑස්ති වෙන්න...ම්..ජිමිනා?"
JM : " වේ?"
ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන ටේ දිහාට හැරුනා.
V : "ම්..මොකුත් ප්රශ්නයක් නෑ නේද?"
JM : "ආනී..මොකද එහෙම ඇහුවෙ?"
V : "මං නිකන් ඇහුවෙ.පරෙස්සමින් ගිහින් එන්න එහෙනම් හොදද.."
JM : "යාහ් මොකද මේ හැමෝම මට පරෙස්සමෙන් ඉන්න කියන්නෙ..ආහ්.."
SUGA : "ජන්ග්කුකා අපිට කිව්වා ඔයාව තනියම බාත්රූම් එකටවත් යවන්න එපා කියල හිහ්.."
JM : "මොන විකාරයක්ද මේ..ඒක නෙවෙයි..හිහ් මං ඔය දෙන්නගෙන් දෙයක් අහන්නමයි හිටියෙ."
ජිමින් ඩෝනට් එක ටේබල් එකෙන් තියල ඉක්මනට නැගිටලා අත් දෙකත් පපුවට බැදගෙන කිව්වෙ යුන්ගියයි ටේයි කටත් ඇරගෙන බලාගෙන ඉද්දි.
SUGA : "මොකක්ද?"
JM : "දැන් දෙන්නම උත්තර දෙන්න ලෑස්ති වෙන්න..මේකයි..මං දකින දකින වෙලාවක් ඇත්තම්,කොහෙද ඉන්නෙ මෙකද කරන්නෙ කියල අහන වෙලාවක් ඇත්තම් ඔය දෙන්නා එකටමයි ඉන්නෙ.අනික ටේ ඔයාට වෙනම අපාර්ට්මන්ට් එකක් තිබිලත් මොකක්ද හැමවෙලේම යුන්ගි හ්යොන්ග්ගෙ ගෙදරට වෙලා කරන්නෙ ආ..මොකක්ද මෙතන වෙන්නෙ කියල මට දැනගන්න පුලුවන් ද මිස්ටර් සෝල්මේට්?"
ටේයි යුන්ගි යි මූනෙන් මූන බලාගත්තා..
V : "ම්..මොකක්ද..මට තේරෙන්නෙ නෑ."
JM : "ඔව් ඔව් ඔහේ බබානෙ..මෙතන මොකාාාක් හරි තියනවා ටේ..මං හොයාගන්නම්කො."
SUGA : "යාහ් ජිමිනා..මගෙ කොල්ලට එක එක ඒවා කියන්නැතුව ගිහින් ලෑස්ති වෙනවද .."
යුන්ගි එහෙම කියන ගමන් ටේගෙ කර වටේ අත දාගත්තා.ජිමින් ගෙ ඇස් ලොකු වෙද්දි බොහොම අමාරුවෙන් හිනාව තදකරගත්තා.
JM : "මගෙ කොල්ලා නේද? වාව්..මගෙ කොල්ලා..හොදයි හොදයි ඔහොම යන්කො.ටේ..ඒයි මගෙ ඇස් දෙක දිහා බලනව.. ජේජු ගිහින් ආව ගමන් මට මේ දේවල් පැහැදිලි කරන්න ලෑස්ති වෙනව හොදද.."
ජිමින් හිනාවෙවී ඉන්න ටේගෙ කනත් මිරිකලා රූම් එකට ආවෙ ජේජු යන්න අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න.
SUGA : "මොකක්ද ඒ කිව්ව අපබ්රංස කතාව?"
V : "තනිකඩව ඉන්න හින්දනෙ මේ ඔක්කොම..යාහ් මට කෙල්ලෙක් හොයල දීපියව්.."
***********
ජන්ග්කුක් පාන්දර ම සේජින් ගෙ ක්ලබ් එකට ආවෙ නිදහසෙ කතා කරන්න ඕන වුන නිසා.සේජින් කියන්නෙ අවුරුදු ගානකට කලින් ජන්ග්කුක් ගෙ මැනේජර් වගේම එයාගෙ හොදම යාලුවෙක් කිව්වොත් හරි.
ක්ලබ් එකේ ඒ වෙලාවෙ කව්රුත්ම හිටියෙ නැති තරම්.ලාවට මියුසික් එකක් ප්ලේ වෙනව.බාර් එකට එහා පැත්තෙ හිටපු සේජින් ජන්ග්කුක් ව දැකපු ගමන් දුවගෙන ඇවිත් හග් කලා.
SJ : " ජන්ග්කුක්,ඉතින් මොකක්ද එක පාරම වුනේ?අපි රූම් එකට යනවද..මෙතන කතා කරනවද..."
JK : "වැඩිය කව්රුත් නෑනෙ හ්‍යොන්ග්..අපි මෙතන ඉමු.."
SJ : "මට ආයෙත් කියන්න හදන්න එපා RJ ගෙ ප්රශ්නයක් කියල."
JK : "හ්ම්..ඇත්තටම ඒක තමයි හ්‍යොන්ග් ප්රශ්නෙ."
SJ : "මොකක්?"
සේජින් ගෙ ඇස් ලොකු වුනේ බයෙන් වගේ..
JK : "ඔව් හ්‍යොන්ග් .ඒ මිනිහ දැන් සෝල් වල ඉන්නෙ..."
ජන්ග්කුක් ඊයෙ වුන හැම සිද්ධියක්ම සේජින් ට කිව්වා.
SJ : "ඒකත් එහෙමද..ජන්ග්කුක් මං හිතාන හිටියෙ දැන් ඒ හැමදෙයක්ම ඉවරයි කියල."
JK : "මාත් හිතුවෙ එහෙම තමයි.ඒත් ඌ මානසික ලෙඩෙක් හ්‍යොන්ග්."
SJ : "මානසික ලෙඩෙක් විතරක් නෙවෙයි භයානක කිලර් කෙනෙක්..මට හිතෙන්නෙ මේ මිනිහ ජිමින් ට ඇඩික්ට් වෙලයි ඉන්නෙ.ජන්ග්කුක්,මේක අපි හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි.ඒත් පොලිසිය ගාවගෙන අපිට මේ ප්රශ්නෙ විසදන්න බෑ.එහෙම වුනොත් ජිමින් ට කරදරයක් වෙන්න පුලුවන්."
JK : "මට තේරෙන්නෑ හ්‍යොන්ග් මං මොකක්ද කරන්නෙ කියලා."
ජන්ග්කුක් අත් දෙකෙන් මූන පොඩි කරලා ටේබල් එකෙන් මූන තියාගත්තා.
SJ : "ජිමින් මේ ගැන දන්නවද.."
JK : "ආනියා..මං කැමති නෑ එයා දැන ගන්නවට.කව්රුත් මේ ගැන දන්නෙ නෑ."
SJ : "එයා දැනගන්නැතුව කොහොමද ජන්ග්කුක්..එයා මේ වෙලාවෙ ගොඩක් පරෙස්සම් වෙන්න ඕනෙ ."
JK : "අපාර්ට්මන්ට් එකට කාටවත් එන්න බෑ.බොඩිගාඩ්ස්ලා ඉන්නව.අනික දැන් වුනත් ටේ එයා ලග ඉන්නව.මං එයාව තනි කරන්නෙ නෑ.ඒත් මට මේක සම්පූර්නයෙන් විසදගන්න ඕනෙ හ්‍යොන්ග්."
SJ : "ජන්ග්කුක් ,මට ටික දවසක් දෙන්න.කරන්න පුලුවන් හොදම දේ මොකක්ද කියල මං බලන්නම්.එතකන් ඔයා ජිමින් ව පරෙස්සම් කරගන්න."
ජන්ග්කුක් ඔලුව හෙල්ලුවා.
JK : "හ්‍යොන්ග් පුලුවන් තරම් ඉක්මනට..අපි ජේජු ගිහින් ආව ගමන් මට මේක ඉවරයක් කරල දාන්න ඕනෙ."
SJ : "ජේජු??"
JK : "හ්‍යොන්ග්,මේ අපෙ හනිමූන් එක."
SJ : "අරස්සෝ..ඒත් ඔයාට හිතෙන්නැද්ද මේ වගේ වෙලාවක තනියම ජේජු යන එක අවදානම් කියල."
JK : "බෑ එයාට යන්න ඕනෙ කියනව.අනික මං බය නෑ හ්‍යොන්ග්."
SJ : "මෝඩයෙක් වගේ කතා කරන්න එපා ජන්ග්කුක්. කිලර් කෙනෙක් එක්ක ඔයා මොනව කරන්නද."
JK : "අපි බලමු."
************
ජන්ග්කුක් ට ඕන වුනේ මේ ජේජු යන ගමන එයාලගෙ ජීවිතේ ලස්සනම මතකයක් කරගන්න.මොකද මේ එයාලා නිදහසේ යන පලවෙනි ට්රිප් එක.
හැම ප්රශ්නයක් ම අමතක කරල ජන්ග්කුක් හිනාවෙලා ඉන්න ට්රයි කලා.ඒත් හැමතැනකදිම ජන්ග්කුක් හිටියෙ ගොඩක් විමසිල්ලෙන්.ඇත්තටම මේ වගේ ලස්සන දවස් ටිකක් සැනසීමෙන් ගත කරන්න බැරි කරපු එක ගැන ජන්ග්කුක් ඒ නරුමයාට හදවතින්ම වෛර කරා.
මේ කිසිම දෙයක් දන්නැති ජිමින් හිටියෙ ඇස් දෙක චූටි වෙනකම් හිනාවෙච්ච ගමන්මයි.දැන් ලොකු කොල්ලෙක් වුනත් ජිමින් ජන්ග්කුක් ලග හැසිරනේ හරියට පොඩි ලමයෙක් වගේ.ජිමින් ට හැමවෙලේම කුකීගෙ අවධානය ඕන වුනා.
💜️💜️
Cheongju International Airport එකට එද්දි හොදටම හවස් වෙලයි තිබුනෙ...
එයාර්පෝර්ට් එකේ ඉදන් බීච් එක අයිනෙ පිහිටලා තියෙන ලස්සන ලක්සරි හොටෙල් එකට එනකම්ම ජිමින් හිටියෙ ජන්ග්කුක් ගෙ අත අල්ලගෙන.දෙන්නම හොටෙල් එකේ එන්ට්රන්ස් එක ලගට එනකම් තිබුන පාර දිගේ ඇවිදගෙන ආවා.
මුහුද නිසා එන සීතල හුලගත් එක්ක හරිම සැහැල්ලුවක් දැනුනෙ.දෙන්නම ඇදගෙන හිටපු සැහැල්ලු අත් දිග ශර්ට්ස් හුලගට එහෙ මෙහෙ යනව.
JK : "ජිමින් දැන් මගෙ අත දියවෙනවා..හුලං ටිකක් වදින්නවත් පොඩ්ඩක් අතාරින්න බැරිද .."
JM : "බෑ.."
ජන්ග්කුක් ජිමින් ගෙ හුරතල් මූන දිහා බලාගෙන හිනාවුනා.
JK : "ජිමින් අද අපි රෙස්ට් කරමු ම්..හෙට ඉදන් ඇවිදින්න පුලුවන්නෙ.දවස් පහේම අපි යන තැන් මං දැනටමත් ප්ලෑන් කරල තියෙන්නෙ."
JM : "යේහ්..කුකී ඔයා තමයි මේ ලෝකෙ ඉන්න හොදම හස්බන්ඩ්.."
ජිමින් ජන්ග්කුක් ගෙ අත අතෑරලා උඩ පැන පැන ඉස්සරහට දිව්වෙ ජන්ග්කුක් නැවතිලා හිනාවෙවී බලාගෙන ඉද්දි..
දෙන්නම එයලගෙ රූම් එකට ගිහින් වොශ් දාගෙන ඇවිදගෙන ආවෙ හොටෙල් එක ලගම තිබුන ජේජු කෑම වලට ගොඩක් ෆේමස් රෙස්ටූරන්ට් එකකට.
ජන්ග්කුක් අද උදේ ඉදන් කෑවෙම නැති තරම්.ඒ නිසා දෙන්නම ගොඩක් කෑම වර්ග ඕඩර් කලා.
කෑම එකින් එක ටේබල් එකට ගෙනත් තියද්දි ජිමින් හිටියෙ කටත් ඇරගෙන.
කොරියන් බාබකිව් බ්ලැක් පෝක්,සීෆුඩ් රාම්යොන්,ජේජු වලටම ආවේනික ගොගි ගුක්සු,ජින්සෙන් චිකන් සුප් ඔය වගේ විවිධාකාර කෑම වර්ග වලින් ටේබල් එක පිරුනා.ටේබල් එක මැදින් ගෙනත් තියපු ජේජු එන කෙනෙක්ට රස බලන්න ලැබෙන ටේබල් එකේ දිගටම වගෙ තිබුන ලොකු ගලිචි ගුඉ (Hairtail fish) ව දකිද්දි දෙන්නටම හිනාගියා.
JM : "ජන්ග්කුක්,දවස් පහටම හරියන්න ද ඔයා කෑම ඕඩර් කලේ?අපිට මෙච්චර කන්න පුලුවන්ද?"
ජන්ග්කුක් ට ජිමින් ගෙ මූන දිහා බලන්නවත් පුලුවන් තත්වෙක නෙවෙයි හිටියෙ.කටට කෙල උනනව.ජන්ග්කුක් ගෙ ඇස් දෙක තිබුනෙ ටේබල් එකේ.
JK : "ඔයා මට චැලේන්ජ් කරනවද බේබි?"
JM : "ම්..ඔව්..මං චැලේන්ජ් කරනව.මං හිතන්නෑ මේ ඔක්කොම කන්න පුලුවන් වෙයි කියල කීයටවත්."
JK : "හරි මං චැලේන්ජ් එක බාරගන්නවා.මොනවද මට හම්බවෙන්නෙ?"
JM : "ම්.."
ජිමින් කල්පනා කරනවා.ජන්ග්කුක් ගෙ මූනට කපටි හිනාවක් ආවා.
JK : "බෙිබ්...හරි මං කියන්නම්.."
ජන්ග්කුක් ජිමින් ගෙ කනට ලං වෙලා රහසින් මොකක්දෝ කිව්වා.
(Author : රහසින් කිව්ව නිසා මට ඇහුනෙ නෑ ඉතිම් මොකක්ද කියල 🙂)
ජිමින් ජන්ග්කුක් ගෙ පපුවට අත තියල තල්ලු කරා.
ජන්ග්කුක් ට හිනාව නවත්තගන්න බෑ.
JK : "මොකද කියන්නෙ?"
JM : "කපටියා..හරි මං කැමතියි.මොකද මං දන්නව ඔයාට කන්න බෑ කියල."
JK : "හරි බලමු."
ජන්ග්කුක් චොප්ස්ටික්ස් අතට ගත්තෙ මිෂන් එක පටන් ගන්න.
පැයකට පසු:
ජිමින් කටත් ඇරගෙන බලාගෙන හිටියෙ ජන්ග්කුක් ජින්සෙන් සුප් බෝල් එකේ අන්තිම ටිකත් බෝල් එක පිටින්ම කටට තියල බීලා ඉවර කරන දිහා..
JM : "වාව්..ජන්ග්කුක් ඔයා නම් මනුස්සයෙක් වෙන්න බෑ."
ජන්ග්කුක් ගෙ වගේම ජිමින් ගෙත් මූනු රතු වෙලා මොකද කෑම ඔක්කොම වගේ ගොඩක් ස්පයිසි.ජිමින්ගෙ පෆී ඇස් දෙකයි,රතු පාට කම්මුල් දෙකයි,සූස් ගගා උඩට අදින නහයයි එක්ක හරියට ජිමින් ව පෙනුනෙ තම්බපු ඉස්සෙක් වගේ.
JK : "බේබ්..මං තාමත් ගෝල්ඩන් මැක්නේ.තේරුනාද..හිහ් මට චැලේන්ජ් කරන්න හිතුව මදි."
දෙන්නම රෙස්ටූරන්ට් එකෙන් එලියට ආවෙ මත් වෙලා වගේ කාලම.
එදා රෑ ජිමින් ට බීච් එකට යන්න ඕන වුනත් දෙන්නම ඒ අදහස අතෑරලා රිසෝට් එකේම පූල් එකට ආවා.
🏝️🏝️🏝️🏝️
එහායින් පේන බීච් එකත් එක්ක පූල් එකට තිබ්බෙ හරිම ලස්සන වීව් එකක්.
ඉහලින් ලස්සනට හද පායපු අහස,ඉස්සරහින් නිල් පාට මුහුද,එයාව බැක් හග් කරගෙන ඉන්න ජන්ග්කුක්,සීතල වතුර..
ජිමින්ගෙ මූනට හිනාවක් ආවෙ එයා ආසම දේවල් ටික එකම තැනක තියෙනව නේද කියල හිතෙද්දි.
ජන්ග්කුක් ජිමින්ගෙ අතේ තිබ්බ වයින් ග්ලාස් එකත් අරන් එක හුස්මට බීගෙන ගියා.
JM : "කුකී..දැන් හොදටම ඇති.මේ අහිංසක මම කොහොමද මේ සද්දන්තයාව රූම් එකට අරන් යන්නෙ."
ජන්ග්කුක් හිටියෙ ජිමින්ගෙ උරහිසෙන් නිකට තියාගෙන ඇස් දෙකත් වහගෙන.එයා හොදටම බීලයි හිටියෙ මේ වෙද්දි.
JK : "ශ්..ජිමින් .."
JM : "වේ ?"
JK : " ඔ..ඔයා බය වෙන්න එපා තේරුනාද.."
JM : "මං මොකටද බය වෙන්නෙ?"
JK : "ක්..කාටවත් ඔ..ඔයාව ම්..මගෙන් උදුරගන්න බෑ.."
ජිමින් අනිත් පැත්ත හැරිලා ජන්ග්කුක් ගෙ මූන අත් දෙකෙන්ම අල්ලගත්තා..
JM : "විකාරද?ආයිශ් අපි දැන් යමු කුකී.."
ජන්ග්කුක්ගෙ මූනෙ තිබ්බෙ තරහක්.ජිමින් ට බයත් හිතුනා.
JK : "මං ඕකව මරනව ජිමින්.."
ජිමින් ගෙ ඇස් උඩගියා.
JM : "මොන?
කාවද?
මාවද?"
ජිමින් හිනාවෙවී කියද්දි ජන්ග්කුක් එක පාරම අඩන්න පටන් ගත්තා.අඩ අඩම ජිමින් ගෙ උරහිසෙන් ඔලුව තියාගත්තා.
JM : "කුකී ??"
ජිමින් හිතුවෙ ජන්ග්කුක් බීල ඉන්න නිසා මනස්ගාත කියවනව කියලා.
JM : "කුකී..මොකද මේ..අයිගෝ.."
අන්තිමේදි චූටි ජිමින් කොහොමහරි කුකියව අල්ලගෙන රූම් එකට එක්කගෙන ආවා.එනකන්ම ජන්ග්කුක් තනියෙන් කියවනවා.
බාත්රූම් එකට අරන් ගිහින් සෝදලා පිහලා පිජාමා එකකුත් අන්දවලා ජන්ග්කුක් ව ඇදෙන් හාන්සි කෙරෙව්වට පස්සෙ ජිමින් ට නිකන් උන වගේ මහන්සියටම.
දැන් නම් ජන්ග්කුක්ට තදටම නින්ද ගිහින්..
ජිමිනුත් වොශ් එකක් දාගෙන ඇදට ඇවිත් බ්ලැන්කට් එක අස්සට ගුලි වෙලා ජන්ග්කුක් ගෙ අත උඩ ඔලුව තියාගෙන හෙට දවස ගැන හිතුවා...
ඇත්තටම ජිමින් හිටියෙ ගොඩක් සතුටෙන්.හෙට උදේම ටේට කතා කරන්න ඕනෙ කියලත් හිතන ගමන්ම ජිමින්ටත් තෙහෙට්ටුවටම නින්ද ගියා...
**************
.
.
[ AN : කතාව කියවන,වෝට් කරන හැමෝටම ගොඩාාක් ආදරෙයි💜️
තැන්ක්යු 😍😢
]