His Moon [Jikook | Completed...

By chimmygirl_Z

16.6K 4K 486

' I love you deeply,madly, Unconditionally, forever and ever. Angel,You are the world to me.! ' -JK [ Jikook... More

01.Love Song
02.What's Wrong with them?
03.They don't know about us
04.A date?
05.Hyung,I'm Sorry
06.Truth Untold
07.Inseparable
08.You & I
09.You are Mine
10.Hyung,I like Him
11.Babe,Are you sick?
12.Ten thousand Hours
13.Jimin's Favourite food
14. Miss You
15.Losing you
16.Saviour
17. Chance
18.His Moon
19.Always you
21.Beginning
22. Jeju 🏝️ Part 1
23. Jeju 🏖️️ Part 2
24. Jungkookie..
25.It hurts
26. There for you
27.Family
28. Hot chocolate
29.With you
30.Love you unconditionally
31.Let me just give up
32.Fallen Angel
33.Memories
34.Trust is Fragile
35.Diamond
36. 1st Anniversary
37.I want him back
38.Rose Petals
39.Stay Alive
40.Still With You [ Final ]
💜️
New Story
• Bonus |

20.In a Hundred Lifetimes,I'd Choose you

379 93 21
By chimmygirl_Z

💜️ වසර 5 කට පසු 💜️ :

වෙනදට වඩා ඉක්මනින් මෝර්නින්ග් රුටීන් එක ඉවර කරලා බ්ලැක් ස්කිනී ජීන් එකකට බ්ලැක් ඕවර්සයිස්ඩ් හුඩී එකක් ඇදගෙන කලින්ම ලෑස්ති වෙලා හොයාර් ස්ප්රේ එකත් අරගෙන ජන්ග්කුක් මිරර් එක ලගට ගියා.

කොන්ඩෙ අතෙන්ම පස්සට කරල හදන ගමන් ජන්ග්කුක් එයා දිහාම බලාගෙන හිනාවුනා.

අවුරුදු ගානක් ගත වෙලා තිබුනත් තාමත් ජන්ග්කුක් ගෙ කඩවසම් බවේ කිසිම වෙනසක් පෙනුනෙ නෑ.එදා වගේමයි.නෑ එදාටත් වඩා කඩවසම්....

තවත් එකම වතාවක් මිරර් එක දිහා බලල ජන්ග්කුක් කර්ට්න් එක මෑත් කරලා ස්ලයිඩ් ඩෝ එකත් එහාට කරගෙන බැල්කනි එකට ආවා.උණුසුම් හිරු රැස් මූනට වැටෙද්දි ජන්ග්කුක් අත් දෙකත් ස්ට්රෙච් කරන ගමන් අපාර්ට්මන්ට් එකෙන් පහල බලාගෙන හිටියා.

ඈතින් පේන ගස් කොල හැලිලා කනාටු වේගෙන යනවා.තැඹිලි,කහ වගේ පාට පාට කොල වලින් පාරවල් වැහිලා හරියට පාරාදීසයක් වගේ.

ඒ සරත් ඍතුවේ අවසානය නිසා ලස්සනට ඉර පායලා තිබුනත් තද සීතල හුලගක් නිතරම ඇග වටේ දැවටෙනවා.

කාර්යබහුල සෝල් නගරයට අද තවත් එක් සාමාන්‍ය දවසක් වුනත් ජන්ග්කුක් ට අද දවස ගැන හිතද්දි දැනුනෙ වචන වලින් කියාගන්න බැරි විදිහෙ හැගීමක්....

අවුරුදු ගානක් තිස්සෙ දැකපු අවිනිශ්චිත හීනයක් අද එයාගෙ ඇස් ඉස්සරහ ඇත්තක් වෙන්න යනව කියල හිතද්දි ජන්ග්කුක් ට දැනුනෙම පපුව හිරවෙනව වගේ.මේ නිසාම ඊයෙ රෑ පුරාම ජන්ග්කුක් ට නින්දක් තිබුනෙත් නෑ.

හැමදේම හරිම සන්සුන්...හරියට මහා කුනාටුවකින් පස්සෙ දැනෙන නිහඩ බව වගේ..

ජීවිතේ හොදම කාලය ගෙවිලා ⁣ගිහින් කියල හිතුනත් හැමදාමත් වගේ ජන්ග්කුක් ගෙ හිතේ තිබුනෙ හෙට දවස ගැන නැවුම් බලාපොරොත්තුවක්.

ඩිස්බෑන්ඩ් වෙලා වගේම මිලිටරි සර්විස් එකෙන් ඉවත් වෙලා අවුරුද්දක් වෙන්නත් ලගයි...

ඒත් තාමත් ජන්ග්කුක් ට විතරක් නෙවෙයි මෙම්බර්ස්ලා හැමෝටම එයාල ආදරේ කරපු දේවල් වලින් ඈත් වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්න බැරි තරම්.හැමෝම හිතාමතාම අතීතය ගැන මතක් නොකර ඉන්න උත්සහ කලේ ඒක එදා එයාල හිතුවටත් වඩා අද දරාගන්න බැරි දෙයක් කියල දන්න නිසා.

මේ වෙද්දි ජන්ග්කුක් වෙනම අපාර්ට්මන්ට් එකක ජීවත් වුනත් එයාල හැමෝම මුන නොගැහුන දවසක් නැති තරම්.හැම දවසකම වගේ මුලු හවස් වරුවම එයාල වෙන් කරගන්නෙ විනෝද වෙන්න....

..හයි එන්ඩ් ස්ට්‍රීට් වෙයාර් සහ ඇක්සෙසරීස් නිපදවන  "JEON COMPANY " එක මේ වෙද්දි සෝල් වල විතරක් නෙවෙයි මුලු ලොව පුරාම හරිම කෙටි කාලයක් ඇතුලත ෆේමස් වුනේ JMK ක්ලෝතින්ග් බ්රෑන්ඩ් එක නමින්.මේ එක්කම හොබී HOPE Entertainment එකත් පටන් ගෙන තිබුනා.

JEON ? ඔව් මේ ඒ දෙන්නා අලුතෙන්ම පටන්ගත්ත එයාලගෙම කම්පනි එක...

ඈතින් පේන හන් ගග දිහා බලාගෙන හිටපු ජන්ග්කුක් හැරිලා බැලුවෙ එයාලගෙ මාස්ටර් බෙඩ් රූම් එක දිහා.

කින්ග් සයිස්ඩ් බෙඩ් එකේ හරි මැද වයිට් පිජාමා එකකුත් ඇදගෙන ගුලිවෙලා නිදාගෙන ඉන්න ජිමින් ලගට ආව ජන්ග්කුක් බෙඩ් එකේ අයිනකින් ඉදගෙන බලාගෙන හිටියෙ එයාගෙ කියුට් බෝයිෆ්රෙන්ඩ්⁣ ගෙ ම්..නෑ එයාගෙ හස්බන්ඩ්ගෙ ලස්සන කියුට් මූන දිහා.නින්දෙන් හිටියත් ජිමින්ව ජන්ග්කුක් ට පෙනුනෙ මීට අවුරුදු ගානකට කලින් වගේම ඒන්ජල් කෙනෙක් වගේ.

ජන්ග්කුක් මහපටැගිල්ලෙන් ඒ සිනිදු කම්මුල හෙමින් අතගාලා මූනට වැටිල තියෙන කොන්⁣ඩෙ එහාට කලා.ජන්ග්කුක් ගෙ ස්පර්ශය නිසා පිජාමා එකේ අතෙන් චූටි නහය පොඩි කරල ජිමින් ආයෙත් බ්ලැන්කට් එක අස්සෙ ගුලි වුනේ ජන්ග්කුක් හිනාවෙවී බලාගෙන ඉද්දි.ජන්ග්කුක් තවත් හොදට බ්ලැන්කට් එක ජිමින් ව වැහෙන්න පොරවලා ස්ලයිඩ් ඩෝ එක වැහුවෙ ඇතුලට සීතල එන නිසා.

රූම් එකෙන් එලියට ආව ජන්ග්කුක් කිචන් එකට ගියෙ ඉක්මනට සිම්පල් බ්රෙක්ෆස්ට් එකක් හදන්න හිතාගෙන.

JK : "වේ?වේ?  මොකද කකුල් දෙක අස්සෙ පැටලෙන්නෙ ගුකී? ආයෙත් බඩගිනිද ? "

"මියෑව්.."

ඇත්තටම ජන්ග්කුක් ට උදේ ඇහැරුනෙත් ඔය මියෑව් එලාම් එක නිසා.

JK : "අයිගෝ..ඔහොම කෑවොත් නම් ඔයාව උස්සන්නවත් බැරිවෙයි ගුකී..ඉස්සර හිටපු චූටි කොල්ලා නේද මේ බතලයා වගේ ඉන්නෙ."

ජන්ග්කුක් චූටි කුකීව උස්සලා අරන් කැට් ෆුඩ් එකත් අතට ගත්තා.දැන්නම් එයා චූටි නෑ.වඩාගන්නවත් බැරි තරම් චබී ලස්සන සුදු පාට හුරතල් බූල් බෝලයක්.

JK : " ආයෙ මියෑව් කිව්වොත් කටට සෙලෝටේප් එකක් ගහනව.තේරුනාද...හ්ම්..හොද කොල්ලා.."

ජන්ග්කුක් ෆ්රීසර් එක ඇරලා කල්පනා කලේ මොනවද හදන්නෙ කියල.මුලු ෆ්රීසර් එක පුරාම ඇස් ගෙනියලා අන්තිමට සොෆ්ට් ටෝෆු පැකට් එකකුයි,එග්ස් සහ ග්රීන් අනියන්ස් ටිකකුයි අරගෙන ෆ්රීසර් එක වැහුවා.

ජන්ග්කුක් හිතුවෙ සොෆ්ට් ටෝෆු එග් රයිස් හදන්න....

එග්ස් ටික බීට් කරලා ඒක ටෝෆු වලට එකතු කරල ඔයිස්ටර් සෝස් එක්ක මික්ස් කලා.ඊලගට පෑන් එකකට ඔලිව් ඔයිල් දාල මේ මික්ස්චර් එක සීරුවට දාලා චොප්ස්ටික්ස් වලින් මික්ස් කලා.ටිකකට මික්ස් කරන එක නවත්තපු ජන්ග්කුක් ඇස් දෙක වහගෙන කිය කිය හිටපු සින්දුවේ ලිරික්ස් මතක් කලා.

JK : "අයිගෝ..මෙච්චර ඉක්මනට ලිරික්ස් අමතකද .."

ස්ක්රැම්බල්ඩ් එග් එක හදාගත්තට පස්සෙ අන්තිමට ඒ ටික රයිස් එක්ක මික්ස් කරල බෝල් දෙකකට දැම්මා..

ඒකට උඩින් කපාගත්ත ග්රීන් අනියන්ස් ටිකයි,සෙසමි ඔයිල් ටිකකුයි දාලා වැඩේ ඉවර කරා.
.
.

//BUZZ//

ජිමින් නින්දෙන්ම අත යවලා නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ ෆෝන් එක අරන් කනෙන් තියාගත්තා.

JM : "යොබු..සේයෝ.."

V : "ඔහෝ.. මනමාලයා තාම නිදි වගේ.."

එතකොට තමයි ජිමින් හෙමින් ඇසිපිය ගහන්න පටන් ගත්තෙ.

JM : "ටේ??ම්...මොන මනමාලයෙක්ද?"

V : "ජින්ජා? ඇයි ඔයාට අමතකද ? අද මගෙයි පීඩී නිම්ගෙයි වෙඩින්ග් එකනෙ..ඔයා එන්නෙ නැද්ද."

JM : "මොකක්??"

V : "ජිමින් තමුසෙ මොන ලෝකෙද ඕයි ඉන්නෙ.අද ඔහේගෙයි,හා දතාගෙයි වෙඩිම කියල අමතකද.වෙලාව නවයයි...දහය වෙද්දි එනව හරිද..බදින එකාට අපිට තරම්වත් උනන්දුවක් නෑනෙ දෙයියනෙ.."

ජිමින් ගෙ ඇස් දෙක ලොකු වෙලා උගුර හිරවුනා.ඇත්තටම අද නේද මගෙ වෙඩින්ග් එක??වෙලාව නවයයි...ඔහ් ශිට්..

JM : "යාහ්..ජ  න්  ග්  කු  කා..!!!!!!"

ජන්ග්කුක් කිචන් එක ක්ලීන් කරන ගමන් ගැස්සිලා ගියෙ ජිමින්ගෙ මිහිරි කටහඩ ඇහෙද්දි.

ජන්ග්කුක් දැක්කෙ එයාලගෙ රූම් එක ගාව ඉදන් එයා වගේ දෙගුනයක් විතර ලොකු පිජාමා එකකුත් ඇදගෙන තාරාවෙක් වගේ එයා දිහාට එන ජිමින් ව.

JK : "ඔහ්..ඇහැරුනාද ස්වීට්හාට් ..වේ?මොකද කෑ ගහන්නෙ?"

ජිමින් ලගට ඇවිත් ජන්ග්කුක් ගෙ මූනෙ ඉදන් කකුල් දෙක වෙනකම් එයාගෙ පපී ඇස් දෙක ගෙනියව්වා.

JM : "වාහ් ඔයා රෙඩි වෙලා නේ...මොකද මට කලින් කතා කරේ නැත්තෙ ආ.දැන්⁣ වෙලාව කී⁣යද.අද අපෙ වෙඩින් එක ජියෝන්..ආයිශ් මට ලෑස්ති වෙන්න වෙලාව මදි..මොකද කලින් ඇහැරුනානම් මට කතා කලේ නැත්තෙ ?"

ජිමින් පපුවට අත් දෙකත් බැදගෙන ඇහුවා.

JK : "හිහ් ඔමෝ.. ඔයාට මාර හදිස්සියි නේ මගෙ හස්බන්ඩ් වෙන්න.."

ජන්ග්කුක් හිනාවෙවී කිව්වෙ ජිමින් ගෙ ඉන වටේ අත් දාගෙන ලගට ඇදල ගන්න ගමන්.

ජිමින් දෙපාරක් එයාගෙ කොන්ඩෙ පස්සට පීරලා ජන්ග්කුක් දිහා මාරාන්තික බැල්මක් දැම්මා.

JM : "ජන්ග්කුක්..අද වගේ දවසකත් මාව අවුස්සන්න ලෑස්ති වෙන්න එපා."

JK : "යාහ්...මං මොකක්ද කලේ.ඔයාට ඕනෙ නම් උදෙන්ම ඇහැරෙන්න තිබුනනෙ.ගෙම්බා පොලවෙ ගැහුව වගේ නිදාගෙන හිටියෙ.මං කීයක් දේවල් කරාද..බ්රෙක්ෆස්ට් හැදුවා.අර පූස් තඩියට කන්න දුන්නා..තව.."

ජිමින් ජන්ග්කුක්ගෙ අත් අයින් කරන්න ට්රයි කලත් ජන්ග්කුක් තද කරල අල්ලගත්තා .

JM : "හරි අරස්සෝ.ඔයාට ඕනෙ ඔයා විතරක් හැන්ඩ්සම් වට පේන්න.නේ..ඒකනෙ මට කලින් කතා කරේ නැත්තෙ..මොකද ඔයා දන්නවා මං ඔයාට වඩා හැන්ඩ්සම් කියල.ඔයාට ඉරිසියයි ජියෝන්."

JK : "ආයිශ්..ජිමින්..ඔයා හිතාගෙන ඉන්නෙ අපි මේ ඇදුම් පිටින්ම ස්ටේජ් එකට යනව කියලද.අපි එතෙන්ට ගිහින් සූට් එකක් කියල එකක් අදිනව.තව එතන ස්ටයිලිස්ට් කෙනෙක් අපි එනකම් බලාගෙන ඉන්නවා...අහන්න ජිමින්..දැන් මෙතන කියව කියව ඉද්දි තව වෙලා යනවනෙ.හොද ලමය වගේ ඉක්මනට කාලා ලෑස්ති වෙන්න..ම්.."

JM : "මට කන්න බෑ.මං ලෑස්ති වෙන්න යනවා."

ජිමින් ජන්ග්කුක් ගෙ අත ගසල දාල යන්න හැරුනත් ජිමින් ගෙ චූටි අත ජන්ග්කුක් හයියෙන් අල්ලගත්තා.

JK : "ඒ ඒ කොහෙද යන්නෙ.මොනව කරන්නත් කලින් කාල ඉන්න ඕනෙ.මේවා මං මහන්සි වෙලා හැදුවෙ.. "

ජන්ග්කුක් බලෙන්ම ජිමින් ව උස්සලා අරන් ඇවිත් ඩයිනින් ටේබල් එක උඩින් වාඩි කරවලා බෝල් එක අරගෙන කවන්න පටන් ගත්තා...

ඒත් ස්පූන් එක ලං කරත් ජිමින් තොල් දෙක තද කරගෙන ඉන්නව.

JK : "ජිමින්!!!!කට අරින්න.මං ආයෙ කියන්නෙ නෑ.ඔයා මේ කරන දේවල් වලින් තවත් වෙලා යනවා."

JM : "මට කන්න බෑ.."😒

ජිමින් අහක බලා ගත්තා.

ජන්ග්කුක් හොද හුස්මක් අරන් ස්පූන් එක පුරවලාම අතට ගත්තා.

JK : "ජිමින්,මගෙත් එක්ක පොඩි ලමයෙක් වගේ සෙල්ලම් කරන්න හදන්න එපා."

ජන්ග්කුක් එයාගෙ ලොකු අතෙන් ජිමින් ගෙ කට ඇරලා කට ඇතුලට ස්පූන් එක දැම්මා.

JM : "ම්ම්හ්..ම්..ජ..ජන්ග්කුක්..අයි හේට් යූ කුකී.."

JK : "ඒකට කමක් නෑ.කට අරිනවා."

ජිමින් ඇස් වල කදුලු පුර⁣වගෙන මූනත් බිමට හරවගෙන එයාගෙ පිජාමා එකේ අත අල්ල අල්ල තරහෙන් ජන්ග්කුක් කවන කෑම කන්න පටන් ගත්තා.ඕනවට එපාවට ජන්ග්කුක් කටට දාන ඒවා ගිලල දැම්මා.

JM : "නපුරා.. ජියෝන් දන්නවද මට ඔයාව මැරි කරන්න ඕනෙ නෑ."

JK : "හිහ් ඒත් මට ඕනෙ ජියෝන් ජිමින්..කරන්න දෙයක් නෑ.දැන් පරක්කු වැඩියි..කොහොමත් ඔයා⁣ට අද මාව මැරි කරන්න වෙනව."

ජන්ග්කුක් ජිමින් ගෙ ලිප්ස් වලට පොඩි කිස් එකක් දීලා අන්තිම කෑම ටිකත් කටට දැම්මා.

JM : "නපුරු ජියෝන්..දුෂ්ටයා.."

ජන්ග්කුක් හිනා⁣වෙවී බලාගෙන හිටියෙ තනියම කියව කියව රූම් එකට යන ජිමින් දිහා.

කොහොමහරි ටික වෙලාවකින් ජිමින් බ්ලැක් ජීන් එකකුයි,වයිට් බැගී ටීශර්ට් එකකුයි ඇදගෙන ලෑස්ති වුනා.ජන්ග්කුක් ජිමින් වටේ කැරකි කැරකි කියවන විකාර කතා නිසාම ටික ටික ජිමින් ගෙ මූඩ් එක හොද අතට හැරුනා.

                   *************

RM : "ටේ,එයාල කොහෙද?දැන් වෙලා ගිහින් තියෙන්නෙ."

V : "දැන් ලග ඉන්නෙ කිව්වා හ්‍යොන්ග්."

ටේ කිව්වෙ යටිතොල වේගෙන් හපන ගමන්.මොකද දැන් ටේ ස්ට්රෙස් වෙලා ඉන්නෙ.මොකද ජන්ග්කුක් ගෙ වගේම ජිමින්ගෙ අප්පා,මෙම්බර්ස්ලා හැමෝම එයාගෙන් තමයි දෙන්නා ගැන විස්තර අහන්නෙ.හැමදාමත් වගේ මේ දෙන්නගෙ වැඩ වලට ටේව තමයි මුලින්ම අහු වෙන්නෙ.

SUGA : " ආයිශ්,ඔය ඩබල ඉස්සර ප්රැක්ටිස් ආවත් එන්නෙ පටන් ගත්තම.අද වෙඩින් එකත් පටන් ගත්තම එන්න ඉන්නවද දන්නෙ නෑ.ටේ මොකද කියන්නෙ අපි දෙන්නවත් ඒ දෙන්නා එනකම් මැරි කරමුද ආ.."

යුන්ගි ටේගෙ පපුවට තට්ටුවක් දාද්දි ටේ ගෙ මූන රතු වුනා.

V : "යාහ්..මොන මගුලක්ද හ්‍යොන්ග්.හැම ⁣එකටම මාව අල්ලගන්නෙ."

ඇත්තටම ⁣මෙම්බර්ස්ල පස් දෙනාම මුලු විශාල වෙඩින්ග් හෝල් එකෙන්ම කැපී පෙනුනා.පස් දෙනාම ඇදගෙන හිටපු එකම විදිහෙ ඩාර්ක් බ්ලූ කලර් සූට් නිසා හරිම පර්ෆෙක්ට් ලුක් එකක් තිබ්බෙ.

මේ වෙද්දි හරිම ලස්සන එක්ස්පෙනිසිව් වෙඩින් හෝල් එක ගෙස්ට්ස්ලගෙන් පිරිල ඉතිරිලා යමින් තිබුනෙ.

හරියටම දහය පහුවෙලා විනාඩි දහයක් යද්දි වේගෙන් ආව බ්ලැක් කලර් ලැම්බො එක බිල්ඩින්ග් එක ඉස්සරහින් නැවැත්තුවා.

ජන්ග්කුක් ජිමින්ගෙ අතෙන් ඇදගෙන ඉක්මනට එයාලට වෙන් වුන රූම් එකට ආවා.
.
.

ජන්ග්කුක් ඒ සූට් එකට හරිම හැන්ඩ්සම් විදිහටත් ජිමින් හරිම කියුට් විදිහටත් පෙනුනෙ.ටේ වගේම හ්‍යොන්ග් ල ටික දෙන්නා ලගටම වෙලා රූම් එකේ හිටියා.

ටේ ජිමින්ගෙ ලගින් හෙල්ලුනේවත් නෑ.ස්ටයිලිස්ට් එයාගෙ වැඩ ඉවර කරල අන්තිමට ජිමින් ගෙ ටච් අප් එකකුත් කලාට පස්සෙ ටේ ජිමින් දිහා බලාගෙන හිටියෙ කටත් ඇරගෙන.

JM : "වේ?ඇයි ඔහොම බලන්නෙ?"

V : "වාහ් මට අද තමයි තේරුනේ මගෙ හොදම යාලුවා කියන කෙනා මෙච්චර හැන්ඩ්සම් කියල."

JM : "ආහ් ටේ..මට බයයි.."

ටේ ජිමින් ව හග් කරද්දි ජිමින් ටේගෙ පපුව අස්සෙ මූන තියාගත්තා.ටේ හෙමින් ජිමින් ගෙ කොන්ඩෙ අතගෑ⁣වා.

V : "ආනි ආනී ජිමිනී..බය වෙන්න දෙයක් නෑ.මං ලගින්ම ඉන්නවනෙ.මේ වගේ දවසක් ආයෙ එන්නෙ නෑනෙ.අද ඔයාගෙ ජීවිතේ ලස්සනම දවස.හිනාවෙලා ඉන්න.ම්..මගෙ හොද කොල්ලනෙ.."

ටේ ජිමින් ගෙ මූන එයාගෙ ලොකු අත් දෙක මැද්දට ගත්තා.

V : "බ්රීත් ඉන්..බ්රීත් අවුට්..ඕකේ?"

ජිමින් ටේ කිව්ව විදිහට හුස්ම ඉහල පහල දැම්මා.ඇත්තටම ටේ ලගින් ඉන්නව කියල දැනෙද්දි ජිමින් ට ලොකු ප්රෙශර් එකක් දැනුනෙ නෑ..

JM : "කුමාවෝ ටේ.."
.
.

💜️                                                             💜️

මේ වෙද්දි මුලු හෝල් එකේම සීට්ස් ගෙස්ට්ස් ලගෙන් පිරිලා තිබුනෙ.ජිමින් ගෙ වගේම ජන්ග්කුක් ගෙ පවුල් වල අයත් හිටියෙ ගොඩක් සතුටෙන්.ජීහියුන් ටේ වගේම ජිමින්ගෙ ලගින් හිටියා.

ග්රූම්ස්ල ස්ටේජ් එකට එන්න කලින් MC ගෙස්ට්ස්ල හැමෝවම පිලිගත්තා.

ඊටපස්සෙ ජිමින්ගෙ වගේම ජන්ග්කුක් ගෙ දෙමව්පියෝ ව⁣ගේම හොබී,නම්ජූන් දෙන්නත් එයාලගෙ කතාවල් ඉදිරිපත් කරන්න පටන් ගත්තා.

තවත් ටික වෙලාවකින් මුලු හෝල් එකේම ගෙස්ට්ස්ල නැගිටලා අත්පුඩි ගහන්නත් චියර් කරන්නත් පටන් ගත්තෙ ජන්ග්කුක් ස්ටේජ් එකට එද්දි.

ඇත්තටම ජන්ග්කුක් ව දකින ඕනෙම කෙනෙක්ට එයාගෙන් ඇස් එහාට ගන්න බැරි තරම්.ඒ තරම් ආකර්ශනීයයි.

ඊලගට හැමෝම එන්ට්රන්ස් එක දිහා බලාගෙන හිටියෙ ජිමින් ව බලාපොරොත්තුවෙන්.

ජිමින් එයාගෙ අප්පාත් එක්ක ටිකක් ලැජ්ජාවෙන් වගේ ස්ටේජ් එකට ආවෙ හැමෝම හරිම ආදරෙන් බලාගෙන ඉද්දි.ජිමින් ව දකිද්දි හැමෝටම දැනුනෙ හරියට එයාලගෙ ඉස්සරහින් ඒන්ජල් කෙනෙක් ඇවිදගෙන යනව වගේ..

දෙන්නව ඒ විදිහට දකිද්දි ටේගෙ,හොබීගෙ විතරක් නෙවෙයි කවදාවත් නැතුව යුන්ගියාගෙ පවා ඇස් වලට කදුලු ආවා...

ජිමින් ස්ටේජ් එකේ රතු වෙලා ඉන්නවා දකිද්දි ජන්ග්කුක් ට නම් හිත යටින් හිනා යනවා.. හොද වැඩේ උදේ මාව කන්න හැදුවට හිහ්..

JK : "ජිමින්,ලස්සනයි ඈ..."

JM : "ශට් අප්..!"

කෝකටත් ජන්ග්කුක් ජිමින් ගෙ අත තද කරල අල්ලගත්තා.ජන්ග්කුක් එයාගෙ අත ඇතුලෙ හිරවෙලා තියෙන ජිමින් ගෙ අත හෙමින් මහපටැගිල්ලෙන් අතගෑවෙ ජිමින් ව ටිකක් සන්සුන් කරන්න ඕන නිසා.

ජිමින් මූන උස්සලා ජන්ග්කුක් දිහා බලද්දි දැක්කෙ දැනටමත් ජන්ග්කුක් එයා දිහා බලාගෙන ඉන්න විදිහ.දෙන්නම ටික වෙලාවක් දෙන්නගෙ ඇස් දිහා බලාගෙන හිටියෙ කියාගන්න බැරි හැගීමක් ඇස් වල පුරවගෙන.

මේ ජිමින් එයාගෙ ජීවිතේ කවදාවත් සිද්ධ නොවෙයි කියල හිතපු තවත් දෙයක්.ඒත් අද ඒ දේ සිද්ධ වෙනවා...😍

ප්රීස්ට් කතාව පටන් ගත්තා..

"....අද ඔබ සැමදෙනම මෙහි රැස් වී සිටින්නේ ජියෝන් ජන්ග්කුක් සහ පාර්ක් ජිමින් යන අයගේ ජීවිතේ එක්තරා සුවිශේෂී සන්ධිස්ථානයක් වන....."

ජිමින් ජන්ග්කුක් ගෙ අත තවත් තද කරල අල්ලගත්තා..මොකද දැනටම ජිමින්ගෙ ඇස් වල කදුලු පිරිලා.

ජිමින් ගෙ ඇස් හෙව්වෙ ටේ ව.

V : "හ්වයිටින්!!"

ටේ ගෙ තොල් මුමුනන විදිහ ජිමින් දැක්කා.හැමදාමත් වගේ ජිමින් ට සැහැල්ලුවක් දැනුනා.

JK : "බේබ්..රිලැක්ස්.."

ඊලගට වෙඩින්ග් රින්ග්ස් ස්ටේජ් එකට අරන් එනවත් එක්කම දෙන්නටම ඊලගට තිබුනෙ වව්ස් හුවමාරු කර ගන්න.

JK : "පාර්ක් ජිමින් !  ජියෝන් ජන්ග්කුක් වන මම ජීවිත කාලය පුරාවටම ඔබට ආදරය කරන්නටත්,සහය වන්නටත් දිවුරා පොරොන්දු වෙමි..තවද.."

ප්රීස්ට් කියන දේවල් ජන්ග්කුක් ජිමින්ගෙ ඇස් දිහා බලාගෙනම කියාගෙන ගියා.

ඊලගට ජිමින් ගෙ වාරය.

ඒත් ජිමින් ගෙ පපුව වේගෙන් ගැහෙනවා.වෙව්ලන කටහඩෙන් ජිමින් කියන්න පටන් ගත්තා..

JM : " ජියෝන් ජන්ග්කුක් ! පාර්ක් ජිමින් වන ම්..මම.."

ජිමින් ජන්ග්කුක් ගෙ ඇස් දිහා බලාගෙන කියාගෙන යද්දි ඇස් වලින් කදුලු වැටෙන්න ගත්තා.

ජන්ග්කුක් ජිමින් ගෙ ඉන වටේ අත දාලා ඇගට තද කරගෙන හිනාවෙවී බලාගෙන හිටියත් එයාගෙත් ⁣ඇස් වල කදුලු පිරිලා.හැමෝම මේ කියුට් කපල් එක දිහා බලාගෙන හිටියෙ ආසාවෙන්.ආදරෙන්..

JK : "ඉට්ස් ඕකේ.."

ඊටපස්සෙ ජන්ග්කුක් ජිමින් ටත්,ජිමින් ජන්ග්කුක් ටත් රින්ග් එක දාද්දි හැමෝම අත්පුඩි ගහන්න පටන් ගත්තා..

"... පාර්ක් ජිමින්,අද සිට ඔබගේ නම ජි⁣යෝන් ජිමින් ලෙස වෙනස් වනු ඇති.ඒ අනුව ජියොන් ජන්ග්කුක් සහ ජියෝන් ජිමින් ඔබ දෙදෙනා අද සිට ස්වාමිපුරුෂයන් ලෙස මා මේ සියලු දෙනා ඉදිරියේ දැනුම්දෙනවා...."💜️

හැමෝගෙම අත්පොලසන් මැද්දෙ ජන්ග්කුක් ජිමින් ව කිස් කලා නෙවෙයි තාමත් කරනවා.

ජිමින් ජන්ග්කුක් ගෙ පපුවට අත් දෙක තියල තල්ලු කරා..

JM : "ආයිශ් කුකී..ඇති..එහාට වෙනවා.. මෝඩයා !"

ජන්ග්කුක් වගේම හැමෝම හිනාවුනා.ජීහියුන් ජිමින් දිහා බලලා ඇහැක් ගැහුවෙ ජිමින් ලැජ්ජාවෙන් බිම බලාගද්දි.

                      ***********

දවසම විනෝද වෙලා රෑ වෙද්දි දෙන්නම එයාලගෙ අපාර්ට්මන්ට් එකට යන ගමන් හිටියෙ.මොකද හෙට උදේම එයාල ජේජු දූපතට පිටත් වෙනවා.

ජන්ග්කුක් ඔහේ කාර් එක පදවගෙන යන අතරෙ ජිමින් ජන්ග්කුක්ගෙ එක අතක් එයාගෙ ඔඩොක්කුවේ තියාගෙන ජන්ග්කුක් ගෙයි එයාගෙයි රින්ග්ස් දිහා බලාගෙන තනියම හිනාවෙනවා.

ශෝර්ට් එකකුයි ශර්ට් එකකුයි ඇදගෙන කකුල් දෙකත් සීට් එක උඩින් තියාගෙන ජිමින් කරන මේ කෝලම් දිහා ජන්ග්කුක් හැරිලා බලල ආයෙත් ඉස්සරහ බලාගත්තෙ මූනෙ හිනාවක් ඇදෙද්දි.

JK : "වේ??මොකද තනියම හිනාවෙන්නෙ ආ.."

JM : "කුකී..ම්..ඇත්තටම අපි හෙට ජේජු දූපතට යනවද?"

JK : "හ්ම්...නේ..ඇයි ඔයාටනෙ ඕන වුනේ ජේජු යන්න.මං ඔයාට කිව්වා මේ ලෝකෙ ඔයා කියන ඕන තැනකට අරන් යනවා කියල.ඒත් ඔයාට ඕන වුනේ මේ කොරියාව ඇතුලෙම කැරකෙන්න."

JM : "මං ජේජු දූපතට යන්න ආසයි ග්ගුකී.."

ජිමින් කිව්වෙ ජන්ග්කුක් ගෙ උරහිසට නිකට තියාගෙන ජන්ග්කුක් ගෙ මූන දිහා බලාගෙන.ඉස්සරහ බලාගෙන ඉන්න ජන්ග්කුක් එයා දිහා බලන්නෙ නැති නිසා ජිමින් තවත් ජන්ග්කුක් ගෙ මූනට එබුනා..

JK : "හිහ්..ජිමින් මං ඩ්රයිව් කරනවනෙ බේබි..හොද ලමයා වගේ ⁣විකාර කරන්න එපා.."

JM : "හරි ජන්ග්කුක්සී.."

ජිමින් මූනත් පුම්බගෙන ආයෙත් එයාගෙ සීට් එකට හේත්තු වුනා..

JK : "ම්...ජිමිනා..අපි මොනවහරි කාලා යමුද..ආයෙ ගිහින් මට කෑම හදන්න බෑ..අනික බඩගිනියි.."

ජන්ග්කුක් කිව්වෙ රෙස්ටූරන්ට් එකක් ලගට කාර් එක හරවන ගමන්.

JM : "ආනී,කුකී මට අර කොෆී ශොප් එකට යන්න ඕන."

JK : "කොහෙද?"

JM : "අර අපි බයික් එකේ ආව දවස...කම්පනි එකේ ඉදන් වැස්සෙ...හැමදේම පටන් ගත්ත තැන..මතකද..එතන කොෆී ශොප් එකට.."

JK : "හැමදේම පටන් ගත්ත තැන??හිහ්..අර ඔයා නම්ජූන් හ්‍යොන්ග්ගෙන් ගුටි කාපු දවස නේ.."

JM : "හ්ම්..මොකද හිනාවෙන්නෙ..ඔයා නිසයි මට ගුටිකන්න වුනේ.."

JK : "අරස්සෝ..ඒත් දැන් මොකටද එතෙන්ට යන්නෙ?"

JM : "දැන් ඔයා මහ ලොකුවට කිව්ව නේද ලෝකෙ කියන ඕන තැනකට අරන්
යනව කියලා.ඒත් මේ එහා ස්ට්රීට් එකේ තියෙන කොෆී ශොප් එකට අරන් යන්න කම්මැලියි.."

JK : "ආනියා..කජා.."

JM : "හැමදේම පටන් ගත්තෙ එතනින්.ඉතින් අද එදා මවපු හැම හීනයක්ම ඇත්තක් වුනා.හෙට ඉදන් අපි අලුත් ජීවිතයක් පටන් ගන්නවා.මට අන්තිම වතාවට එතන බලන්න ඕන කුකී.."

JK : "ඒක ඇත්ත ජිමින් .."

                            **********

ජන්ග්කුක් කොෆී ශොප් එක ලගින් කාර් එක නවත්තලා කාර් එකෙන් එලියට ආවා.ජිමිනුත් කාර් එකෙන් එලියට ඇවිත් තාමත් එතන තියෙන ලොකු ගහ දිහා බලාගෙන හිටියෙ කාර් එකට හේත්තු වෙලා.

JK : "ඇතුලට යමු.. සීතලයි ජිමින්.."

JM : "ආනී.. ඔයා අරන් එන්න කුකී.මං මෙතන ඉන්නම්.."

ජන්ග්කුක් එයාගෙ ජැකට් එක ගලවලා කාර් එකට හේත්තු වෙලා ඉන්න ජිමින්ගෙ ඇගට දැම්මා.

JM : "හහ්..ඔයාට මතකද එදත් ඔයා මට ජැකට් එකක් දැමිමා.."

ජන්ග්කුක් ඔලුව හෙල්ලුවා..

JK : "ම්..මෙතනින් එහාට අඩියක්වත් යන්න එපා හොදද..මං ඉක්මනට එන්නම්.."

ජන්ග්කුක් ශොප් එක ඇතුලට යන දිහා ජිමින් බලාගෙන හිටියා.ආයෙත් ජිමින්ගෙ ඇස් නතර වුනේ අර ගහ ලග..එදා දවස ජිමින් ගෙ ඇස් ඉස්සරහ මැවිලා පේනවා..ආයෙත් ඒ දවසට ගිහින් හැම දෙයක්ම මුල ඉදන් පටන්ගෙන මෙච්චර කල් ජන්ග්කුක් එක්ක ගෙවුන හැම දවසක්ම ආයෙත් ගතකරන්න තිබ්බනම් කියල ජිමින් ට හිතුනා..මොකද ගෙවුන කාලෙ ගැන එයාට ලෝභයි.ඒත් දැන් ජන්ග්කුක් එයාගෙම වෙලා ඉවරයි.. ජිමින් හිටියෙ ජීවිතේ කවදාටත් වඩා සතුටෙන්..
.
.

ජන්ග්කුක් හොට් කොෆී ඕඩර් කරලා කවුන්ටර් එක ලගට වෙලා ඉන්න ගමන් හැරිලා ග්ලාස් එකෙන් බැලුවෙ ජිමින් දිහා.ජන්ග්කුක් හිනාවෙලා ආයෙත් කවුන්ටර් එක දිහාට හැරුනා.

ඒත් එක්කම ජන්ග්කුක්ට කලින් කොෆී එක අතට ගත්ත බ්ලැක් හූඩී එකක් මූන වැහෙන්නම ඇදගත්ත කෙනෙක් ජන්ග්කුක් ට කට කොනින් ලාවට හිනාවෙලා ශොප් එකෙන් එලියට ආවා.

හුඩී එක අස්සෙන් ලාවට දැක්කත් ඒ මූන,ඒ ඇස්,ඒ හිනාව කොහෙදිම හරි,කවදම හරි දැකලා තියෙනව නේද කියල ජන්ග්කුක් ට හිතුනා.ජන්ග්කුක් ඒ කව්ද කියල මතක් කරන්න උත්සාහ කරත් මීටර් වෙන්නෙ නෑ.

ජන්ග්කුක් එයාගෙ බ්ලැක් කාඩ් එක කැශියර් එකට දීලා කොෆී දෙක අතට ගත්තා.

ඒත් එක්කම ජන්ග්කුක් ගෙ ඇස් ටිකෙන් ටික ලොකු වුනේ මහ භයානක දෙයක් මතක් වුන නිසා...

ඔව්..අවුරුදු ගානක් ගත වුනත් ඒ මූන ජන්ග්කුක් ට අමතක වෙන්න විදිහක් නෑ..

ආර්.ජේ !

ජන්ග්කුක් ගෙ උගුර වේලිලා පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ ජිමින් එලියෙ තනියම නේද ඉන්නෙ කියල මතක් වෙද්දි.එයා අපිව ෆලෝ කලාද..එක තත්පරේකට ජන්ග්කුක් ට මොකක්ම හරි වෙනසක් දැනුනා.නැත්තම් අවුරුදු ගානකට පස්සෙ අහම්බෙකින් මේ විදිහට මුන ගැහුනා වෙන්න බෑ ..

ජන්ග්කුක් ට ඕන වුනේ පුලුවන් තරම් ඉක්මනට ජිමින් ලගට දුවගෙන යන්න...

........ජන්ග්කුක් හැරෙන්න හිතද්දිම මුලු නිහඩ වටපිටාවම දෙවනත් කරමින් කොෆී ශොප් එකෙන් එලියෙ වෙඩි සද්දයක් ඇහුනෙත්,ජන්ග්කුක් ගෙ අතෙන් කොෆී දෙකම බිමට වැටුනෙත් එකම වෙලාවෙ...

හැමෝම කලබලෙන් ඒ මේ අත දුවද්දි ජන්ග්කුක් තාමත් එකම තැන.ජන්ග්කුක් ගෙ හදවත මොහොතකට නැවතුනා.සිද්ධ වුනේ මොකක්ද කියල හොදාකාරවම තේරුනත් ජන්ග්කුක් ට ඒ ඇත්ත පිලිගන්න ඕන වුනේ නෑ..

JK : "ජි..මි..න්..!!"

ජන්ග්කුක් ගැහෙන කකුල් වලින් ශොප් එකෙන් එලියට දුවගෙන ආවා...

                      *************

Continue Reading

You'll Also Like

26.7K 6.1K 37
tk sinhala
66K 15.3K 35
නිදුක් හාමු.........දන්නවද....හංසයෙක්ට ඉන්නෙ මුලු ජීවිත කාලෙටම එකම සහකාරයලු........ ම්න්......එතකොට....හංසකට ඉන්නෙ ජීවිත කාලෙටම මං විතරද?
130K 13.8K 9
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
76.4K 10.8K 52
کچ زوتر بە ڕێگا ئەڕوات ، زوتر بە قسـە دێت زوتر گـەورە ئەبێ.. ئەسـڵەن ئەڵێی هەر لە سـەرەتاوە پەلـەیەتی! ئەڵێی هیـچ کات کاتی بـۆ خۆی نییە..هەتـا یاریەک...