His Moon [Jikook | Completed...

By chimmygirl_Z

16.6K 4K 486

' I love you deeply,madly, Unconditionally, forever and ever. Angel,You are the world to me.! ' -JK [ Jikook... More

01.Love Song
02.What's Wrong with them?
03.They don't know about us
04.A date?
05.Hyung,I'm Sorry
06.Truth Untold
07.Inseparable
08.You & I
09.You are Mine
10.Hyung,I like Him
12.Ten thousand Hours
13.Jimin's Favourite food
14. Miss You
15.Losing you
16.Saviour
17. Chance
18.His Moon
19.Always you
20.In a Hundred Lifetimes,I'd Choose you
21.Beginning
22. Jeju 🏝️ Part 1
23. Jeju 🏖️️ Part 2
24. Jungkookie..
25.It hurts
26. There for you
27.Family
28. Hot chocolate
29.With you
30.Love you unconditionally
31.Let me just give up
32.Fallen Angel
33.Memories
34.Trust is Fragile
35.Diamond
36. 1st Anniversary
37.I want him back
38.Rose Petals
39.Stay Alive
40.Still With You [ Final ]
💜️
New Story
• Bonus |

11.Babe,Are you sick?

507 120 8
By chimmygirl_Z

හොබීගෙ කට ඕ ශේප් එකට ඇරුනෙ තාමත් ජන්ග්කුක් කිව්ව දේ හරියට මොලේට දාගන්න බැරුව.ඒත් යුන්ගිගෙයි,ටේගෙයි නම් වැඩිය වෙනසක් පෙනුනෙ නෑ..

SUGA : "එතකොට ජිමින්?"

යුන්ගි ඇහුවෙ වයින් ග්ලාස් එක ටේබල් එකෙන් තියලා පුටුවට හේත්තු වෙන ගමන්..

JK : "අපි දෙන්නම ඒ ගැන කතා කරා හ්‍යොන්ග්..එ..එයත් මට ආදරෙයි.."

SUGA : "නියමයි ජන්ග්කුකා..මෙහෙම වෙයි කියල මං දැනගෙන හිටියා..එහෙනම් ඒකත් හරි..කරන දෙයක් පරෙස්සමින් කොල්ලෝ..හහ් අපි මේක සෙලිබ්රේට් කරන්න ඕනෙ.."

යුන්ගි නැගිටලා ජන්ග්කුක් ලගට ගිහින් පිටට තට්ටු කරා..

JH : "ජන්ග්කුකා.. මගෙ සුභ පැතුම්.."

හොබී ජන්ග්කුක් ලගට ගිහින් ඔලුව අතගෑවෙ හීනෙන් වගේ..

JK : "හ්‍යොන්ග්.."

ජන්ග්කුක් නැගිටලා හොබීව හග් කලා..ඇත්තටම මේ වගේ එයාව තේරුම් ගන්න පුලුවන් පවුලක් ලැබුනෙ වාසනාවට කියල ජන්ග්කුක්ට හිතුනා..

JK : "ක්..කුමාවෝ හ්‍යොන්ග්..මං හිතුවෙ නෑ මෙච්චර සතුටෙන් ඔයාලා මේක බාරගනියි කියලා."

හොබී ජන්ග්කුක්ගෙ මූන අල්ලගත්තා..

JH : "ජන්ග්කුකා,ඔය දෙන්නම මට මගෙම පොඩි එවුන් දෙන්නෙක් වගේ..සතුටෙන් ඉන්න..එච්චරයි වෙන්න ඕනෙ..අපි කව්ද කියල දන්නවනෙ..ඉස්සරහට ගොඩක් ප්රශ්න එයි..මං දන්නවා ඔයාට ඒ හැමදේකටම මූන දෙන්න පුලුවන් කියලා..ඒත් ජිමින්..එයා ලගින්ම ඉන්න..තේරුනාද?"

JK : "ම්..මං එයාට ගොඩක් ආදරෙයි හ්‍යොන්ග්.."

හොබී ජන්ග්කුක්ව තද කරල අල්ලගත්තා..ඒත් හොබීගෙ හිතට දැනුනෙ මහ බරක්..ඉස්සරහට මොනවගේ දේවල් සිද්ධ වෙයිද කියන බය හොදටම දැනුනා..

ජන්ග්කුක් හොබීගෙ උරහිසට උඩින් බාගෙට පියවුන ඇස් වලින් මෙච්චර වෙලා වචනයක්වත් කතා නොකර එයා දිහා බලාගෙන ඉන්න ටේ දිහා බැලුවා..

හොබීගෙන් ඈත් වුන ජන්ග්කුක් ගැස්සි ගැස්සි ටේ ලගට ආවා..

JK : "ටේ?"

V : "ඔහ්..බලාගෙන ජන්ග්කුක්.."

ටේ ඉක්මනට නැගිටලා ජන්ග්කුක්ගෙ ඇගෙන් අල්ලගත්තා..ජන්ග්කුක් ටේගෙ ඇගට බර වුනා..

ටික වෙලාවක් මොකුත්ම නොකියා හිටපු ටේ අන්තිමට කුකීව තද කරලා බදාගත්තා..

V : "එයාව හොදට බලාගන්න ජන්ග්කුක්.."

ජන්ග්කුක් ටේගෙ මූන දිහා බලලා ඔලුව හෙල්ලුවා..

V : "මට සතුටුයි..ගොඩක් සතුටුයි..ඇයි මට කලින් කිව්වෙ නැත්තෙ?"

හේතුවක් නැතුවම ටේ ගෙ ඇස් වල කදුලු දග කරා..

JK : "හ්..හැමදේම ඉක්මනට සිද්ධ වුනා ටේ.."

හොබී ගෙ ඇස් වලටත් කදුලු ආවා..

JH : "මගෙ පොඩ්ඩො දැන් ලොකු වෙලා.."

ටේත් ජන්ග්කුක්ගෙ ඔලුව අතගෑවෙ හරිම ආදරෙන්..

V : "ජන්ග්කුක්,දැන් නිදාගන්න..ඒයි..ආයෙ බොන්නෙ නෑ."

ටේගෙන් ඈත් වෙලා ආයෙත් වයින් බෝතලේ අතට ගත්ත ජන්ග්කුක්ගෙන් ටේ උදුරලා බෝතලේ අරගත්තා..

JK : "ටේ ?"

ටේ ජන්ග්කුක්ව පරෙස්සමට අල්ලගෙන ඇදට එක්කගෙන ආවා..

ජිමින් මේ කිසිම දෙයක් දන්නැතුව සනීපෙට නිදි..

ජිමින්ගෙ එහා පැත්තෙන් ජන්ග්කුක්ව හාන්සි කරවලා බ්ලැන්කට් එකත් උඩට කරලා හැමෝම රූම් එකෙන් එලියට ආවා..

තුන් දෙනාම ලිවින් රූම් එකට වෙලා ගොඩක් වෙලාවක් මේ ගැන කතා කරා..

යුන්ගි අන්තිමට කිව්ව දේ හැමෝගෙම හිතට තදින්ම වැදුනා..

SUGA : "කව්රුත් ආදරේ දැනෙන තැන නවතිනවා.."

**************

ජිමින්ට නින්දෙන්ම දැනුනෙ එයාගෙ ඉන වටේ එතුන හැඩිදැඩි අතක් එයාව ඇදල ලගට ගන්නවා වගේ..මේ නිසා නින්දෙන් ඇහැරුන ජිමින්ට ඊලගට දැනුනෙ එයාගෙ නලලෙන් දැනෙන තද කැක්කුම..

ජිමින් අමාරුවෙන් ඇස් අරින්න උත්සාහ කරා..ටික වෙලාවක් ඇසිපිය ගහලා අන්තිමේදි ඇස් ඇරලා බලද්දි දැක්කෙ එයාගෙ මූනට එබිලා එයා දිහාම බලාගෙන ඉන්න ලොකු බෝල ඇස් දෙක..

JM : "ක්..කුකී?"

ජිමින් ශර්ට් එකේ අතෙන් ඇස් දෙක පොඩි කරලා හොදට බැලුවෙ ජන්ග්කුක්ගෙ මූන දිහා..

ඒ ඇස් රතු වෙලා බාගෙට පියවෙනවා..

ජිමින් ජන්ග්කුක්ගෙ මූන අල්ලලා දෙපැත්තට හරවලා බැලුවා.

JK : "වේ?"

JM : "ඔයා බිව්වද ජන්ග්කුක්?"

ජන්ග්කුක් හෙමින් ඔලුව හෙල්ලුවා..

JK : " ද්..දැන් ඔලුවෙ කැක්කුම අඩුද ජිමින්?"

ජන්ග්කුක් නලල අල්ලලා බැලුවා..

JK : "ඔහ් ශිට් තාම හොදටම රස්නෙයි..නැගිටින්න.."

JM : "ඒ මොකටද?"

JK : "ම්..මොකටද අහන්නෙ..ඔයාට බෙහෙත් ගන්න යන්න.."

JM : "දැන්?"

ජිමින් ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන...

JK : "ඔව්.."

ජන්ග්කුක් ඇදෙන් නැගිටින්න හදනව දකිද්දි ජිමින් ඉක්මනට අතෙන් අල්ලගත්තෙ ජන්ග්කුක් වැටෙනකම් බීලා ඉන්නෙ කියල තේරුන නිසා..

JM : "ජන්ග්කුක්..දැන් පාන්දර වෙන්නත් ලගයිනෙ..අපි උදේ යමු..මට ලොකු අමාරුවක් නෑ.."

ජන්ග්කුක් ජිමින් දිහා බැලුවා..

JK : "බොරු කියන්න එපා..ඔයාට හොදටම උන.."

ජිමින් අත් දෙකෙන්ම ජන්ග්කුක්ගෙ ශර්ට් එකෙන් ඇදල ගත්තා..ජන්ග්කුක් ආයෙමත් ජිමින්ගෙ ඇග උඩට වැටුනා..

JM : "කාත් එක්කද මෙච්චර බිව්වෙ?
ඔයාට ඕනෙ නම් යන්න.මං නම් උදේ වෙනකම් මේ රූම් එකෙන් අඩියක්වත් එලියට ති⁣යන්නෙ නෑ."

ජිමින් ඇස් දෙක කරකවලා බැල්කනි එක පැත්තට මූන හරවගත්තෙ තරහෙන්..

JK : "හිහ් හිතුවක්කාර වෙන්න එපා ජිමින්.."

JM : "කට වහගෙන නිදාගන්නවද ?"

JK : "යාහ්..මේක මගෙ රූම් එක..මට ඕනෙ නම් ඔයාව එලියට ඇදලා දාන්න පුලුවන්.."

ජිමින් තුන් හතර පාරක් ඇසිපිය ගැහුවා..

JM : "කව්ද මාව මේකට උස්සගෙන ආවෙ ජියෝන් ජන්ග්කුක්..හරි මං යන්නම්..එහාට වෙනව මගෙ ඇගෙන්.."

ජිමින් උපරිම ශක්තිය දාලා තල්ලු කරත් ජන්ග්කුක් දශමයක්වත් හෙල්ලුනේ නෑ..

ජන්ග්කුක් හිනාවෙවී බලාගෙන හිටියෙ එයාගෙ අලුත් බෝයිෆ්රෙන්ඩ්⁣ ගෙ හුරතල් හැසිරීම දිහා...ජන්ග්කුක්ගෙ මුලු හදවතම ආදරෙන් පිරිලා..දරාගන්න බැරි තරම්..

ජිමින් තල්ලු කරලා බැරිම තැන ජන්ග්කුක්ගෙ උරහිස හයියෙන් හැපුවා..ඒත් ජන්ග්කුක්ගෙන් කිසිම සද්දයක් නෑ..

ජිමින් පපී ඇස් දෙක උස්සලා ජන්ග්කුක් දිහා බලද්දිත් ජන්ග්කුක් එකම විදිහට හිනාවෙලා එයා දිහා බලාගෙන ඉන්නවා..

JM : "එහාට වෙන්නකො ජන්ග්කුක්.."

ජිමින් හුස්මක් පාතට දාන ගමන් උත්සහය අතඇරලා ජන්ග්කුක්ට රවලා ආයෙත් බැල්කනි එක දිහාට මූන හැරෙව්වා..

රූම් එකේ මද එලියෙන් ජිමින්ගෙ මූන ජන්ග්කුක්ට පෙනුනෙ හරිම ලස්සනට.ඒ මූනෙ හැම රේඛාවක් දිහාම ජන්ග්කුක් බලාගෙන හිටියා...ඇස්පිල්ලමක් දිහා පවා ජන්ග්කුක් බලාගෙන හිටියෙ ආසාවෙන්..

ඒ හැමදෙයක්ම අයිති එයාට නේද කියල හිතද්දි ජන්ග්කුක්ට දැනුනෙ කවදාවත් දැනිල නැති විදිහෙ සතුටක්..

ජිමින්ට මේ වෙලාවෙ ජන්ග්කුක් එක්ක දැනුන තරහ කොයිතරම්ද කිව්වොත් තරහටම ඇස් වලට කදුලු පිරුනා..නින්දෙන් ඇහැරෙව්වා..ඒ මදිවට ඔලුව රිදෙනවා..

ජන්ග්කුක් අසිහියෙන් වගේ බලාගෙන හිටපු ඇස් දිගේ කදුලු බිංදුවක් වැටෙනවා දකිද්දි තමයි ජන්ග්කුක් පියවි සිහියට ආවෙ..

JK : "ජිමින්?"

ජන්ග්කුක් ඒ මූන අල්ලලා එයා දිහාට හැරෙව්වා..

JK : "ම්..මං මොකක්ද කරේ?ඇයි මේ?ඔහ් මියානේ බේබි..මං ඔයාට රිද්දුවද?"

JM : "ජන්ග්කුක්..මගෙ ඔලුව රිදෙනවා..මාත් එක්ක කතා කරන්න එපා ප්ලීස්.."

ජන්ග්කුක් මහපටැගිල්ලෙන් ජිමින්ගෙ ඇස් යට කදුලු පිහදැම්මා..

JK : "හ්..හරි හරි..මං එහාට වෙන්නම්.."

JM : "ඇයි මට බබෙක්ට වගේ සලකන්නෙ?"

JK : "ඔයා මගෙ බබා තමයි ඉතින්.."

ජන්ග්කුක් රෝස පාට තොල් ඉස්සරහට කරලා ඇස් වහගත්තා..

තරහෙන් වුනත් ජිමින් ඒ කඩවසම් මූන දිගේ අත ගෙනියව්වා..

ජිමින්ගෙ අත ජන්ග්කුක්ගෙ ඇස් දෙක ලග ඉදන් පාතට ඇවිත් නතර වුනේ ලිප් පියර්සින් එක ලග..

ජිමින් මූන උස්සලා හරිම ආසාවෙන් ජන්ග්කුක්ව කිස් කරන්න ගද්දි ජන්ග්කුක් ගැස්සිලා ගියෙ හැමදාමත් වගේ එක තත්පරෙන් මූඩ් එක මාරු කරන ජිමින් ගැන දහස් වෙනි වතාවටත් පුදුම හිතෙද්දි..

ජිමින්ට ඒ මෘදු තොල් වල රස්නෙ දැනෙද්දි ඔලුවෙ තිබුනෙ කැක්කුම අඩු වෙනවා වගෙයි දැනුනෙ.ඒක නිසාම ජිමින්ට තව තවත් ඒ උනුසුම ඕන වුනා..

ඊටත් වඩා ජන්ග්කුක්ගෙන් දැනෙන වයින් රස ජිමින්ව මත් කරනවා වගෙයි දැනුනෙ..ජිමින් ජන්ග්කුක්ගෙ තොල් වලින් ඈත් වුනා..

JM : "මාව කිස් කරන්න ජන්ග්කුක්.."

ඒ වචන ටික ජන්ග්කුක්ට නිකම් දිව්‍ය ලෝකෙට ෆ්රී ටිකට් එකක් හම්බවුනා වගේ..

ජන්ග්කුක් ජිමින්ගෙ නලලට,කම්මුල් වලට,ඇස් දෙකට,චූටි නහයට කිස් එකක් දෙන ගමන් අන්තිමට තොල් වලට ලං වුනා..

කාලය ගෙවුනෙ දෙන්නටම නොදැනි..

හරිම සීරුවෙන් කිස් කරන්න පටන් ගත්තත් ටිකෙන් ටික ජන්ග්කුක් පිස්සුවෙන් වගේ ජිමින්ව කිස් කරන්න ගද්දි ජිමින්ට හුස්ම ගන්න ලැබුනෙත් කලාතුරකින්..

ගොඩක් වෙලාවකට පස්සෙ ඒ තොල්වලින් ඈත් වෙලා ජන්ග්කුක් ජිමින් දිහා බැලුවා..ඒ ඇස් දැක්කම ජිමින්ට ඇත්තටම බය හිතුනා..ජන්ග්කුක් හැසිරෙන්නෙ හොද සිහියෙන් නෙවෙයි කියලා ජිමින් දන්නවා..

ජිමින්ගෙ චූටි නිකට කිස් කරපු ජන්ග්කුක් ඊලගට හෙමින් පාත් වුනේ ජිමින්ගෙ කිරි සුදු පාට බෙල්ලට..ඒ තමයි ජිමින්ට ගොඩක්ම සංවේදී තැන..

අඩුම ජන්ග්කුක්ගෙ හුස්ම වදිද්දි පවා ජිමින් ගැස්සිලා ගියා..ජිමින්ගෙ හදිසි ප්රතිචාරය දැනෙද්දි ජන්ග්කුක් ජිමින්ගෙ බෙල්ල අස්සෙ මූන හංගගෙනම හිනාවුනා..

ජිමින්ට හිතන්නවත් ඉඩක් නොදී ජන්ග්කුක් ජිමින්ගෙ බෙල්ල දිගේ තොල් ගෙනියද්දි මුලු රූම් එකම ජිමින්ගෙ කෙදිරිලි හඩෙන් පිරුනා...වචන වලින් විස්තර කරන්න බැරි තරම් ජිමින් සංවේදියි..

JK : "ජිමින්..හැමෝටම ඔයා මගෙ කියල මට පෙන්නන්න ඕනෙ.."

ජිමින්ගෙ කනට කොදුරපු ජන්ග්කුක් ආයෙත් බෙල්ලට ලං වුනා..ජිමින් හිටියෙ උත්තරයක් දෙන්නවත් පුලුවන් තත්ත්වෙක නෙවෙයි..ජන්ග්කුක් එයාට දෙන මේ සියුම් සතුටෙන් පවා එයාගෙ මුලු ඇගම වෙව්ලනවා වගේ දැනුනෙ..

බෙල්ල පුරාම ජන්ග්කුක්ගෙ දත්පාරවල් වදිද්දි ජිමින් හයියෙන් ජන්ග්කුක්ගෙ ශර්ට් එක අල්ලගත්තෙ එක අතකින් ජන්ග්කුක්ගෙ කොන්ඩෙ අතගාන ගමන්..

JM : "ම්ආහ්..ජන්ග්...කූක්..."

ජිමින්ගෙ කෙදිරිලි වලින් මුලු රූම් එකම පිරිලා..ජිමින් යටි තොල හපාගෙන කෑ නොගහ ඉන්න උත්සහ කරත් ජන්ග්කුක් එයාගෙ මුලු ඇග පුරාම අත ගෙනියද්දි ජිමින්ගෙ පිට ඇදෙන් ඉස්සුනේ ගැස්සිලා ගිහින්..

ජිමින් ජන්ග්කුක්ගෙ ඇස් දිහා බලාගෙන හිටියා..ඒ ඇස් වල පිරිලා තිබ්බෙ ආදරය වගේම විශ්වාසය..

JK : "හිහ් ජිමින්..ඔයා මේ තරම් සෙන්සිටිව් කියල මං දැනගෙන හිටියෙ නෑනෙ.."

වේගෙන් හුස්ම ගන්න ජිමින්ගෙ ඇස් මට්ටමට ආව ජන්ග්කුක් කිව්වෙ අතෙන් ජිමින්ගෙ ඇවිස්සුන කොන්ඩෙ පස්සට කරන ගමන්..

JM : "කට වහනව ජන්ග්කුක්..එහාට වෙනවා....ආහ්..."

JK : "වේ ජිමිනා?වේ?"

එකපාරම ජිමින්ගෙ සුදුමැලි වුන මූන දකිද්දි ජන්ග්කුක් බය වුනා..ජිමින් පපුවත් අල්ලගෙන බොරුවට රගපාන්න ගත්තෙ හිත ඇතුලෙන් හිනාවෙවී..

JM : "ආහ්..."

JK : "මොකද වුනේ?ජිමින්?මාව බය කරන්නැතුව කොහෙද රිදෙන්නෙ කියනවා.."

ජන්ග්කුක් ඉක්මනට ජිමින්ගෙන් ඈත් වෙලා ඇදෙන් ඉදගත්තා..

ලැබුන අවස්ථාවෙන් ඉක්මනට ඇදෙන් පැනපු ජිමින් බාත්රූම් එකට දුවල ගිහින් දොර වහගත්තෙ ජන්ග්කුක් කටත් ඇරගෙන බලාගෙන ඉද්දි..බාත්රූම් එකෙන් හයියෙන් හිනාවෙන සද්දෙ ඇහෙනවා..

^මොකක්ද ඒ වුනේ?^

ජන්ග්කුක් ඇදෙන් බැහැලා වැනි වැනී බාත්රූම් එක ලගට ගිහින් දොරට ගැහුවා..ඇත්තටම වෙලාවකට ජිමින් හැසිරෙන විදිහ ජන්ග්කුක්ට තේරුම් ගන්න බෑ ...

ජිමින් හිටියෙ දොරෙන් අනිත් පැත්තෙ දොරට මූන තියාගෙන හිනාවෙවී..

JK : "ඒ පාක් ජිමින්,දොර අරිනවා.."

ජිමින් අත් දෙකෙන් කට වහගත්තා..

JM : "හිහ්..ඔයාට නින්ද ගියාම මං එලියට එන්නෙ.."

JK : "හහ් ඔයා හිතනවද මේ ජන්ග්කුක්ව රවට්ටලා පැනලා යන්න පුලුවන් කියලා..හරි කීයට හරි එලියට එන්න එපැයි..මං මෙතනින් හෙල්ලෙන්නෙ නෑ.."

JM : "ජන්ග්කුක්,ගිහින් නිදාගන්නකො.."

JK : "එලියට ආවොත් මං පාඩුවේ ගිහින් නිදාගන්නවා.ආයෙ වද දෙන්නෙ නෑ.."

ජිමින් ටික වෙලාවක් කල්පනා කරා..

JM : "ප්රොමිස්?"

JK : "ඔව් ඔව් ප්රොමිස්.."

හෙමින් හෙමින් බාත්රූම් එකේ දොර ඇරගෙන චූටි ජිමින් එලියට එන දිහා ජන්ග්කුක් බලාගෙන හිටියෙ අත් දෙකත් බැදගෙන.

JK : "ඇයි බොරු කිව්වෙ?මං කොච්චර බය වුනාද ජිමින්.."

JM : "ඔයා කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ ඉතින්..මං නිදාගන්නද?"

JK : "හ්ම් යන්න ඉතින්.."

ජන්ග්කුක් ඇස් දෙකෙන් ඇද පෙන්නලා එහාට වුනා..ඒත් ජන්ග්කුක්ගෙ මූන දැක්කම ජිමින්ට හිතුනෙම එයාව අල්ලගනියි කියලා..

හිතුව වගේම එයා ලගින් යද්දි ජන්ග්කුක් ජිමින්ව අල්ලගන්න හැදුවා විතරයි මහ හයියෙන් හිනාවෙවී දිව්ව ජිමින් ලිස්සලා ගිහින් ඇද ලගම වැටුනෙ ජන්ග්කුක් ගෙ කකුල් දෙක හිටපු තැනම නතර වෙද්දි.

ජිමින් බිම ඉදගෙනම ජන්ග්කුක් දිහා රවලා බැලුවා..

JM : "ඔයා ප්රොමිස් වුනා නේද?"

JK : "මියානේ ජිමිනා..කොහෙහරි වැදුනද ?රිදෙනවද?"

ජන්ග්කුක් බිම ඉදගෙන ජිමින්ව අල්ලගද්දි ජිමින් අත ගසලා දැම්මා..

JM : "මං මගෙ රූම් එකට යනවා."

ජිමින් කකුලත් අතගගා නැගිට්ටෙ දොර ලගට යන්න.

ජන්ග්කුක් ඉක්මනට ගිහින් දොර ලගින් හිටගත්තා..

JK : "මං සමාව ගත්තනෙ ජිමින්..හරි මං දැන් ගිහින් අනිත් පැත්ත හැරිලා නිදාගන්නවා..යන්න එපා ප්ලීස්.."

ජිමින් බලාගෙන ඉද්දිම ජන්ග්කුක් එහෙම කියල ඇදට ගිහින් අනිත් පැත්ත හැරිලා හාන්සි වුනා..

දොර ලග ටික වෙලාවක් හිටපු ජිමින් ආයෙත් ඇදට ඇවිත් බ්ලැන්කට් එක මුලු ඇගම වැහෙන්න පොරවගත්තෙ දෙන්නා මැද්දෙන් කොට්ට දෙක තුනකුත් තියලා..

JK : "අයි ලව් යූ ස්වීට්හාට්..."

ජන්ග්කුක් හෙමින් අනිත් පැත්ත හැරිලා එයාගෙ බෝයිෆ්රෙන්ඩ්⁣ දිහා බලාගෙන කොදුරව්වා..

ජිමින් එයාගෙ හිනාවෙන මූන බ්ලැන්කට් එකෙන් වහගත්තා..

JM : "අයි ලව් යූ ටූ කුකී.."

****************

අනිත් දවසෙ උදෙන්ම ඇහැරුන ජන්ග්කුක් ජිමින් ඇහැ⁣රෙන්න කලින් කෑම හැදුවෙ ඊයෙ රෑත් ජිමින් හිටියෙ බඩගින්නෙන් නිසා..ඊට පස්සෙ වොශ් දාගෙන සැහැල්ලු ඇදුමකුත් ඇදගෙන ජිමින්ටත් ඇදුමක් ලෑස්ති කරපු ජන්ග්කුක් ජිමින් ලගට ගිහින් නලලට අත තියල බලල හුස්මක් පිට කරේ දුකෙන්.තාමත් රස්නෙයි...

*****************

ජන්ග්කුක්ගෙ ලොකු ශර්⁣ට් එකත් ඇදගෙන ජිමින් කිචන් එකට ආවෙ බඩගිනි දැනුන නිසා..ඒත් තාම උන ගතිය අඩු නෑ..

කෑම ප්ලේට් එකකට ලෑස්ති කරන ජන්ග්කුක්ව ඈත ඉදන්ම දැකපු ජිමින් දුවගෙන ඇවිත් පිටිස්සෙන් ජන්ග්කුක්ව බදාගත්තා..

JK : "ඔහ් ඔයාට ඇහැරුනාද?"

JM : "හ්ම්.."

JK : "අපි කාලා ඉක්මනට බෙහෙත් අරගෙන එමු.."

JM : "මට බඩගිනියි කුකී.."

JK : "හරි කෑම ලෑස්තියි.."

ජන්ග්කුක් ජිමින් ව ඉන්දවලා කෑම කවන්න පටන් ගත්තෙ ජිමින් එයාට තනියම කන්න පුලුවන් කියල බල කරද්දි..

JM : "ජන්ග්කුක්,මට තනියම කන්න පුලුවන්.."

JK : "ඔයාට තනියම කන්න පුලුවන් කියල මං දන්නවා.ඒත් අද බෑ..අද ඔයා අසනීපෙන් නෙ ඉන්නෙ.."

JM : "ඒත් මට කන්න පුලුවන්.."

ජන්ග්කුක් ජිමින්ගෙ කට ඇරලා බලෙන්ම කට ඇතුලට හැන්ද දැම්⁣මා..

ජිමින් කට වහගෙන බිම බලාගෙන කන්න පටන් ගත්තෙ නම්ජූන් කිචන් එකට එනවා දැක්ක නිසා..

ජන්ග්කුක් හැරිලා බැලුවෙ ජිමින්ගෙ කවදාවත් නැති මේ විනීත හැසිරීමට හේතුව මොකක්ද කියලා..

JK : "හ්‍යොන්ග්...ම්..ගුඩ් මෝනින්ග්.."

නම්ජූන් ඩයිනින් ටේබල් එක ලගට ඇවිත් හිටගත්තා..

RM : "ගුඩ් මෝනින්ග් දෙන්නටම.."

ජිමින් යටිතොලත් හපාගෙන බිම බලාගත්තෙ කියන්නෙ මොනවද කියල හිතාගන්න බැරුව..

RM : "ජිමිනා,ඔයාට සනීප නැද්ද?"

නම්ජූන් ජිමින්ගෙ ඔලුව අතගාලා අහද්දි ජන්ග්කුක්ගෙ හිතට නිදහසක් දැනුනා..

ජිමින් ඔලුව හෙල්ලුවා..

RM : "ජන්ග්කුක්,ඔයා අද ජිමින්ව ඩොක්ටර් ලගට අරන් යන්න.අද ප්රැක්ටිස් එන්න ඕන නෑ.."

JK : "හරි හ්‍යොන්ග්.."

ජිමින් තාමත් බිම බලාගෙන..

RM : "ජිමිනා, ඊයෙ වුන දේ මං හිතල කරපු දෙයක් නෙවෙයි.මට හොදටම තරහ ගිහින් හිටියෙ..මට බය හිතුනා දෙන්නම කොහෙද අතුරුදහන් වුනේ කියල..මියානේ.."

JM : "ආනී හ්‍යොන්ග්..ඒක අපෙ වැරැද්ද.."

ජිමින් නැගිටලා නම්ජූනී ව හග් කලා..නම්ජූන් කතා කරපු එක ගැන ජිමින් හිටියෙ සතුටෙන්..

RM : "එනිවේ,දෙන්නටම මගෙ සුභ පැතුම්.."

JM : "වේ?"

නම්ජූන් ජන්ග්කුක් දිහා බැලුවා..ජිමිනුත් ජන්ග්කුක් දිහාට හැරුනා..

JK : "ම්..මං හිතන්නෙ ජිමිනා ඊයෙ බීලා හිටපු වෙලාවෙ මං එයාලට හැමදේම කියලා.."

ජිමින්ගෙ කම්මුල් ලැජ්ජාවෙන් රත් වුනා..

*************

ජන්ග්කුක් දාපු හෙයාර්ස්ටයිල් එකත් එක්ක සුදු පාට ශෝර්ට් එකයි,රෝස පාට ඕවර්සයිස්ඩ් ටීශර්ට් එකයි ඇදගෙන හිටපු ජිමින්වත් කරේ තියාගෙන ජන්ග්කුක් අපාර්ට්මන්ට් එකෙන් එලියට ආවෙ ජිමින් ආයෙමත් එපා කියල බල කරද්දි..

JM : "ජන්ග්කුක්..ප්ලීස් මාව බිමින් තියන්න.කව්රුහරි දකියි.."

JK : "බෑ.."

ජන්ග්කුක් කිසිම ගානක් නැතුව එලවේටර් එක ලගට වෙලා ඉද්දි ජිමින් හැමතැනම බැලුවෙ කව්රුත් ඉන්නවද කියලා...

JM : "ජන්ග්කුක්?"

JK : "වේ?"

JM : " බෙල්ල මිරිකන්න කලින් මා ව බි මි න් ති ය න වා.."

JK : "ආව් මගෙ කන.."

අපාර්ට්මන්ට් එකෙන් එලියට ආව ගමන් ජන්ග්කුක් ජිමින්ව බිමින් තිබ්බා..

JK : "එනව එහෙනම් තනියම.."

එහෙම කියපු ජන්ග්කුක් හැරිලවත් බලන්නැතුව කාර් එක දිහාට ගියා..

ජිමින්ට ඇවිදින්න පුලුවන් වුනත් අඩියක් දෙකක් යද්දි පාර එක දෙක වෙලා පේන්න ගත්තෙ මිග්රේන් වැඩි වෙලා තිබුන නිසා..
.
.
JM : "ජන්ග්කුකා.."

ජිමින් කෑ ගහන සද්දෙ ඇහෙද්දි ජන්ග්කුක්ගෙ මූනට හිනාවක් ආවා..

JK : "වේ?"

ජන්ග්කුක් පිටිපස්ස හැරිල ආයෙත් ජිමින් දිහාට ගිහින් නැවිලා ඒ මූනට එබුනා..

JK : "ඇයි මොකක් හරි හෙල්ප් එකක් ඕනෙද මිස්ටර් ජිමින්?"

ජිමින් රතු වුන මූන බිමට හරවගත්තා..

ජන්ග්කුක් හිනාවෙවීම ජිමින්ව බ්රයිඩ්ල් ස්ටයිල් එකට වඩාගෙන කාර් එක ලගට එද්දි ජිමින්ගෙ කම්මුල් රතු වුනා..

JM : "ජන්ග්කුක්..ඔයා කරන්නෙම මගෙ උන ඩබල් වෙන දෙයක්මයි.."

එයාල දිහා බලාගෙන ඉන්න බොඩිගාර්ඩ් ව දැක්ක ගමන් ජිමින් ලැජ්ජාවටම ජන්ග්කුක්ගෙ පපුව අස්සෙ මූන හංගගත්තා..

ජිමින්ව කාර් එකෙන් තියලා ජන්ග්කුක් අනිත් පැත්තෙන් ගිහින් කාර් එකට නැංගා..

ජිමින් කම්මුල් දෙක අල්ලලා බැලුවෙ තාමත් රත් වෙලා වගේ දැනෙන නිසා..

කාර් එකේ යනකන්ම ජිමින් කලේ ජන්ග්කුක්ගෙ උරහිසට ඔලුව තියාගෙන නිදාගත්ත එක...

ඇත්තටම ජිමින් හිටියෙ හොදටම උන වැඩි වෙලා..ජිමින්ගෙ මූනෙ රස්නෙ ජන්ග්කුක්ගෙ උරහිසට දැනෙනවා..

ජන්ග්කුක් බලාගෙන හිටියෙ නින්දෙන් වුනත් එයාගෙ අත තද කරලා අල්ලගෙන ඉන්න ජිමින්ගෙ චූටි අත දිහා..ජන්ග්කුක් මහපටැගිල්ලෙන් ඒ චූටි අත අතගෑවෙ ජිමින්ගෙ අත වෙව්ලනවා වගේ දැනුන නිසා..අනිත් අතෙන් ජන්ග්කුක් ජිමින්ගෙ කොන්ඩෙ හෙමින් අතගෑවා..

JM : "කු..කී.."

JK : "ම්?"

JM : "කුකී ?"

JK : "වේ?"

ජන්ග්කුක් ජිමින්ගෙ නලලට තොල් දෙක තද කරන ගමන් ඇහුවා..

JM : "අපි අද පෙට් ශොප් එකට යන්න ඕනෙ.."

JK : "හිහ් ඕකද ඔයාට මේ උන අස්සෙ මතක් වුනේ..හරි අනිවාරෙන්ම යමු.."

JM : "හ්ම්..මගෙ හොද කුකී.."

JM : "කු..කී.."

JK : "ම්?"

JM : "ඔයා මාත් එක්ක තරහද?"

JK : "වේ? ඒ මොකටද?"

JM : "හැමවෙලේම ඔයත් එක්ක රන්ඩු කරනවට..මං වෙනස් වෙන්න ට්රයි කරන්නම්..ඒත් මට ඔය හා මූන දැක්කම ගහන්නමයි හිතෙන්නෙ.."

ජිමින් හිනාවෙවී කියවනවා..

^ඇත්තටම මෙයා උන විකාරෙන්ද?නැත්තම් මෙචිචර හොදින් කතා කරන්න විදිහක් නෑ..^

ජන්ග්කුක් එහෙම හිතන ගමන් ඒ සිනිදු මූන අල්ලලා උඩට හරවලා කිස් කලා..

JK : "ඔයා කවදාවත් වෙනස් වෙන්න හදන්න ඕන නෑ ජිමින්...ඔයා ඔයාම විදිහට ඉන්න..ඒ විදිහට තමයි මං ආදරේ තේරුනාද?"

ජිමින්ගෙ නිකටෙන් අල්ලලා ජන්ග්කුක් කිව්⁣වෙ ඒ කියුට් මූන දිහා බලාගෙන..

ජිමින් ඇස් දෙකත් වහගෙන ඔලුව හෙල්ලුවා..ජන්ග්කුක් ජිමින්ගෙ ඇග වටෙන් අත දාලා තවත් එයාට නිදාගන්න පහසු විදිහට පපුවට ලං කරගත්තා..

JM : "ම්..මං ඔයාට ඇබ්බැහි වෙලා වගේ මට දැනෙන්නෙ ජන්ග්කුක් හිහ්...."

ජිමින් තනියෙන් කියව කියව හිනාවෙනවා..

***********

ඩොක්ටර්ව මීට් වෙලා කාර් එකට ආව ගමන් ජන්ග්කුක් වතුර බෝතලෙත් අරන් ජිමින්ට බෙහෙත් බොන්න දුන්නා..

ජිමින්ට ඕන වුන විදිහට පෙට් ශොප් එකක් හොයාගෙන යනකම් ආයෙත් ජිමින් කාර් එකේම නිදාගත්තා..

JK : "හ්‍යොන්ග්,ටිකක් හෙමින් යමු.."

ජන්ග්කුක් එයාලගෙ ඩ්රයිවර්ට කිව්වෙ ජිමින් තද නින්දෙ හිටපු නිසා..
.
.

ඒත් එක්කම ටේ ගෙන් මැසේජ් එකක් ආවා...

~ කුකා,බෙහෙත් ගත්තද?~~
(10.20 a.m)

~ ඔව් හ්‍යොන්ග්..අපි දැන් එන ගමන්..~
(10.22 a.m)

~ එන ගමන් කම්පනි එකට එන්න..~
(10.22 a.m)

~ වේ? ~
(10.23 a.m)

~ පොඩි වැඩකට.ජිමින්ව කාර් එකේ තියල ඔයා විතරක් ස්ටූඩියෝ එකට එන්න..~
(10.24 a.m)

~ ඒ මොකටද ?~
(10.25 a.m)

~ කිව්ව දේ කරනවකො කුකී..~
(10.27 a.m)


************

Continue Reading

You'll Also Like

43.3K 2.9K 48
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
526K 104K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
49.8K 6.9K 28
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
125K 9.7K 6
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."