Pink Hearts (Completed)

By mei_xianqi

6.3K 1K 773

5 crazy girls.... A new girl group.... Not only romance. This story includes friendship, teamwork, leadership... More

Introduction
Episode 1 (පියබා යනවා මා ආකාසයේ)
Episode 2 (මනෝ පාර)
Episode 3 (හෙර)
Episode 4 (කෑම & ඇඳුම්)
Episode 5 (ලව් ලෙටර්)
Episode 6 (මාළුවා නැහෙන්නේ කට හින්දා ලු)
Episode 7 (ලව් ඇට් ෆස්ට් සයිට්)
Episode 8 (තනිකඩ ජිවිත අසරණයි ලු)
Episode 9 (Selected)
Episode 10 (වාව් ලස්සනයි..)
Episode 11 (මින්හෝ ඔප්පා)
Episode 12
Episode 13 (හයිබ් සවාරි)
Episode 14 (කන්ට්‍රැක්‌ටුව)
Episode 15 (ඒසී දාලත් රස්නෙයි)
Episode 16 (අසීගෙ සම්ප්‍රාප්තිය)
Episode 17 (ඩෝම්)
Episode 18 (අළුත් පවුල)
Chapter 19
Chapter 20 (ෆෝන් හොරු)
Chapter 21 (මීයෝ)
Chapter 22
Chapter 24 (හැටහතර මායම්)
Part 25 (Happily Ever After)

Chapter 23 (ලව් ඇඩ්වයිස්)

151 29 27
By mei_xianqi

❤"අන්යහසෙයෝ ඔප්පා"

මම යුන්ගි ඔප්පට ආචාර කරන ගමන් රෙකෝඩින් රූම් එක ඇතුලට ගියා.

ඔප්පා තවත් හැන්ඩ්සම් වෙලා වගේ..

ඔප්පා මට‍ ඉඳගන්න කියලා එතන තිබ්බ සෝෆා එක පෙන්නලා මොනාද කොළ වගයක් අරන් ආවා.

🖤"වැඩ පටන් ගමු. ඔයා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ හොදේ?"

ඔප්පගේ කටහඩ වෙනදට වඩා හරිම මෘදුයි.

*time pass*

Yoongi pov

මම කොෆී දෙකකුත් අරන් කැෆටේරියා එකේ කොනක තිබුණු මේසෙක ඉඳගෙන එයාගේ බීම එක එනකන් බලන් හිටපු සේයෝන් දිහාවට ගියා.

🖤"ආ.. මෙන්න ඔයාගේ කොෆී එක. "

මාත් එයාගේ ඉස්සරහින්ම ඉඳ ගත්තා.

❤"කොෆී? මන් ඉල්ලුවේ කූල් ඩ්‍රින්ක්ස් නෙ.. "

🖤"මේ දවස් වල ඔයාට කූල් වර්ග හොඳ නෑ. කට වහගෙන ඔන්න ඕක බොන්න."

මන් එහෙම කිව්වම එයා මට‍ රවල මූනත් ඇඹුල් කරගෙන කොෆී එක බිව්වා.

ටික වෙලාවකින් මම කතාවකට මුල පුරන්න හිතුවා.

🖤"ඉතිං.. මොකද හිතෙන්නේ? අල්ලගන්න පුළුවන් වගේ ද."

❤"ඔප්පා උගන්නනව නම් ඉතිං අල්ලගන්න බැරි වෙන එකක් නෑ.. හී.."

කෙල්ල හිනා වෙවී කිව්ව‍ විදිහට දන්නෙම නැතුව මටත් හිනා ගියා..

❤"ඔහ්.. ඔන්න ඔයා හිනා වෙනවා."

සේයෝන් ඇඟිල්ලත් මගේ මූණ දිහාට දික් කරගෙන පුදුමෙන් වගේ කිව්වා. වෙනදට නම් මම එහෙම කිව්වම හිනාව නවත්තගනියි. ඒත් අද එහෙම කරන්න හිතුනේ නෑ.

🖤"ඔයාගේ මෙතන මොනාද තියෙනවා."

මම එයාගේ තොල් දෙක ළඟ පෙන්නන ගමන් කිව්වා. ඇයි දන්නෑ මම එහෙම කිව්වේ. එතන ඇත්තටම ඇති දෙයක් තිබ්බෙත් නෑ..

❤"කෝ.. කොතනද?"

එයා එයාගේ මූණේ මම පෙන්නපු තැන පිහිදන්න ගත්තා.

🖤"කෝ ඉන්න.. "

එයා මුකුත් කරන්න කලින් මම ඉස්සරහට නැමිලා එතන මහපට ඇඟිල්ලෙන් පිහිදන්න ගත්තා..

ටික වෙලාවකින් මගේ අස් නතර උනේ එයාගේ තොල් දෙක ගාව. ඇයි දන්නෑ මීට කලින් මට‍ මේවායේ ලස්සන පෙනුනේ නැත්තේ? දන්නෙම නැතුව මගේ ඇඟිල්ලත් එයාගේ තොල් උඩ එහාට මෙහාට යන්න ගත්තා..

❤"ඔප්පා?"

සේයෝන් ගේ කටහඩ ටයි මන් හරි සිහියට ආවේ. මම වට පිට බලනකොට දැක්කේ කැෆටේරියා එකේ කිහිපදෙනෙක් ගේම අස් මේ වෙනකොට අපි ළඟ තියෙන්නේ කියලා. මම ඉක්මනට මගේ තැනින් වාඩි උනා.

❤"හ්ම්ම්.. මන්.. මන් දැන් යන්න ඕනේ"

ගොත ගගහ එහෙම කියපු කෙල්ල ඉක්මනට කොෆී එක අරන් බීගෙන බීගෙන ගියා..

'ඒයි කට පිච්චෙයි' මම කියන්නත් ඉස්සෙල්ල එයා අස් දෙකේ කඳුළු පුරෝගෙන කූල් වතුර හොයාගෙන දුවන්න ගත්තා..

ආශ් මේ කෙල්ල නම්..

🖤"ඒයි.. ඔයාට කූල් හොඳ නෑ.. "

.

.

.

.

Seyeon pov

ඔ ශීට්.. මට‍ මොකක් වෙලාද මන්දා.. ලඟකදී ඉදන් මම ඔප්පා ඉස්සරහ හැසිරෙන්නේ මහා ලැජ්ජා හිතෙන විදිහටනේ.. හැබැයි.. ඇත්තටම මන් කොහොමත් එයා ඉස්සරහ හැසිරුනේ ලැජ්ජා හිතෙන විදිහටනේ..

ඒත්.. මේක කලින් ට වඩා වෙනස්. මේ සේරටම මුල ඔප්පා තමයි. එදා එයා මාව අරම.. කිස්...

ආශ්.. නෑ නෑ.. ඒක අමතක කරලා දාන්න සේයෝන්..

ඒ විකාර ඔලුවෙන් අයින් කරගන්න කියලා මම මගේ කම්මුල් දෙකට ගහගත්තා..

හරි.. මතක් උනා..

මේ වගේ වෙලාවට ඇඩ්වයිස් ගන්න හොදම එක්කෙනා තමයි යොන්ජුන්..

මන් ඉක්මනට යොන්ජුන් ට මැසේජ් එකක් දාන්න කියලා ෆෝන් එක ගන්න සාක්කුවට අත ගෙනිච්චා. ඒත් ෆෝන් එක නෑනේ අපි ගාව. තිබ්බත් ඉතිං යොන්ජුන් ගේ නම්බර් එක නෑ කියලත් මතක් උනේ දැන්..

මම ඉතිං txt ලගේ ෆ්ලෝර් එක පැත්තට ගියා..

"නූනා!?" ග්‍යු ගේ කටහඩ..

❤"ඔහ්.. ග්‍යු.. ඈ.... ඈඈ..."

මම අනිත්පැත්ත හැරිච්ච ගමන් මෙන්න මේකා මගේ ඇගට කැරපොත්තෙක් දැම්මා.

මන් කෑ ගහගෙන එහාට පනිද්දු ඒ කැරපොත්ත බිමට වැටුනා..

හැහ්!.. මොකක්!? ප්ලාස්ටික්!!?

බොම්ග්‍යු:-"අම්මෝ නූනා.. ඔයා නම් නියමයි ඈ.. කෑ ගහගෙන පැනපු විදිහ.. හහ්හහ් හා"

මුට හිනා.. ඉදපම් මම කරන්න..

❤"තමුසෙට මන්.. "

මම පැන්න ගමන් උගේ බෙල්ල හිරවෙන්නම අල්ලගත්තා.

ග්‍යු:- "බුදුඅම්මෝ.. හ්යුන්ග්... යා චෝයි යොන්ජුන්.. තමුසේ කොහෙදෝ.. මෙන්න මේ යක්සනී මාව මරනෝ..."

මේකා නම්..

ග්‍යු ගේ කෑ ගැහිල්ල අහිලම අනිත් අතරදෙනා ම මේ පැත්තට ආවා.

✨️"මොකෝ දෙයියනේ මේ"

යොන්ජුන් මාවයි ග්‍යුවයි ඈත් කළා..

.

.

.

.

එතන ප්‍රශ්නේ විසඳලා යෝන්ජුනුයි මායි එයාගේ රූම් එකට ගියා..මන් ගියපු ගමන් උගේ ඇඳේ පත බෑවුනා.

✨️"මොකෝ ගෑනියේ වෙලා තියෙන්නේ. පොඩි එකෙක් වගේ නෙ හැසිරෙන්නේ.. "

යොන්ජුන් මගේ එහා පැත්තෙන් වාඩි වෙන ගමන් ඇහුවා.

❤"තමුසෙට ඉතිම් කියලා වැඩක් නෑ.."

✨️"ඔයා ඉතිං ග්‍යු ගෙ නසරානි කම් ගැන දන්නවනේ. ගණන් ගන්න එපා. පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා.."

❤"නිකන් හරියට ඔයත් ඉවසන් ඉන්නවා වගේනේ"

මන් යොන්ජුන් ට කොට්ටෙකින් ගැහුවා..

✨️"හරි දැන් ආවේ මොකටද කියනවා.. අනිවා මොකක්හරි අවුලක් දාගෙන. "

උත් මට‍ අනිත්පැත්තට කෝට්ටෙන් දමලා ගහන ගමන් ඇහුවා.. මම ඇඳේ කෙලින් වෙලා පහසුවෙන් ඉඳගත්තේ මේක මේ එසේ මේසේ ප්‍රස්නයක් නෙමෙයි නිසා. ටිකක් සීරියස් විදිහට ඉන්න ඕනේ.

❤"මේකයි මචන් සීන් එක...."

මන් සේරම සිද්දිය කෙටියෙන් පැහැදිලි කළා..

✨️"ඒ කියන්නේ දැන් ඔයාට ඕනේ.. එයා ඔයාට කැමති ද කියලා දැනගන්න.. මන් හරිනේ."

❤"හරියටම හරි.."

✨️"අයියෝ ඕක ඔච්චර හිතන්න ත් දෙයක් ද? කෙලින්ම ගිහින් හ්යුන්ග් ගෙන් අහන්න. ඉවරයි නෙ."

❤️"මොට්ටයෝ.. එහෙම කරන්න පුළුවන් නම් මන් මෙලහකටත් කරලා නෙ.. හදිස්සියේ වත් නෑ කිව්වොත්... නිකන් කිච වෙනවනේ. "

✨️"මොකක්.. කිච?"

❤️"ඔයාට තේරෙන්නේ නෑ එව්වා.. දැන් ඉතිං කියනවකො.."

✨️"හරි මේමයි.."

❤"ඔව්?.. "

✨️"ඔයා ඔයා එයාගේ බැල්ම ගන්න ට්‍රයි කරන්න.. "

❤️"උයිට වඩා පැහැදිලි කලොත්?"

✨️"ඒ කිව්වේ මගේ මෝඩ මිතුරියේ.. ඔයා එයාගේ eye contact එක ගන්න ඕනේ. ඔයා එයාගේ ඇස් දිහා බලාගෙනම ඉඳලා, බලන්න එයත් ඔයාගෙ ඇස් දිහාම බලනවද කියලා.. ඊට පස්සේ එකපාරටම අහක බලාගන්න.. ඊට පස්සේ ඉක්මනට බලන්න එයාගේ ඇස් ගැස්සෙනවා ද කියලා.. එයා එහෙම ගැස්සෙනවා කියන්නේ අනිවා හ්යුන්ග් ඔයාට කැමතියි..."

අම්මටසිරි.. එහෙමත් පුළුවන් නෙ.. ට්‍රයි පාරක් දාල බලන්න ඕනේ.. ඒත් ඒක හරිගියේ නැති උනොත්..

❤"ඒයි.. ඒත් ඒක--"

✨️"වැඩ කරේ නැති උනොත් ද?.. බය වෙන්න එපා.. මට‍ ඒකටත් ප්ලෑන් බී එකක් තියෙනවා.."

නියමයි.. දෙන්.. ලේට්ස් එන්ටර් දි ගේම්..

__________________________________

කාලෙකින් නෙ..

සොරි වෙන්න ඕනේ. එක්සෑම් නිසා ලියාගන්න බැරි උනේ..

අද කොටස කොහොමද.. කමෙන්ටුවක් කොටාගෙන යන්න.

අපි බලමු සේයෝන් යුන්ගි ගේ අවධානෙ ගන්න මොන වගේ දේවල් කරයි ද කියලා..

Continue Reading

You'll Also Like

4.2K 716 27
අහම්බෙකින් හම්බුණ අවස්ථාවක් නිසා මගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.. ඒත් මම ආසයි ඒ වෙනසට.. ඒ වෙනසට මම හැමදාමත් ආදරේ කරා...!
228 60 10
තාත්තා කෙනෙක් ගෙ ආදරේ දෙන වැඩිමල් සහෝදරයෙක්.. එකිනෙකාට හාත්පසින් ම වෙනස් ගතිගුන තියෙන නිවුන්නු දෙන්නෙක්... සැර උනත් ආදරනීය වැඩමල් සහෝදරයෙක්... එයාටම...
315K 7K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
1M 55.1K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...