I Bite You In My Eyes ✔️✔️

Madhu_96 által

81K 15.7K 8.1K

🍁 Yizhan Fanfiction ආකාර්ෂණය මතම පමණක් ඇති වූ සබදතාවක්... සෑම විටම මගේ යැයි හැගුන එක් තරුණයෙක්... ලොවට වසන... Több

Short & Sweet Introduction 😁
🔞 1st Bite 😜
🔞 2nd Bite 😳
🔞 3rd Bite 😊
🔞 5th Bite ❤️
🔞 6th Bite 😜
🔞 7th Bite 😜
🔞 8th Bite 😁
🔞 9th Bite 🔞
🔞 10th Bite 😊
🔞 11th Bite ❤️
🔞 12th Bite 🔞
🔞 13th Bite 🔞
🔞 14th Bite ❤️
🔞 15th Bite 😊
🔞 16th Bite ❤️
🔞 17th Bite 😊
🔞 18th Bite ❤️
🔞 19th Bite ❤️
🔞 20th Bite ❤️
2nd Character Introduction
🔞 21st Bite 😊
🔞 22nd Bite ❤️
🔞 23rd Bite 😭
🔞 24th Bite 🥺
🔞 25th Bite 🥺
🔞 26th Bite ❤️
🔞 27th Bite 🔞
🔞 28th Bite 😊
🔞 29th Bite ❤️
🔞 30th Bite 😊
🔞 31st Bite ❤️
🔞 32nd Bite 😡
🔞 33rd Bite 😊
🔞 34th Bite ❤️
🔞 35th Bite 😊
🔞 36th Bite 🥺
🔞 37th Bite ❤️
🔞 38th Bite ❤️
🔞 39th Bite ❤️
🔞 40th Bite 😳
🔞 41st Bite ❤️
🔞 42nd Bite 🔞
🔞 43rd Bite 😊
🔞 44th Bite ❤️
🔞 45th Bite ❤️
🔞 46th Bite ❤️
🔞 47th Bite 😊
🔞 48th Bite ❤️
🔞 49th Bite ❤️
🔞 50th Bite ❤️
🔞 51st Bite 🥺
🔞 52nd Bite 😊
🔞 53th Bite ❤️
🔞 54th Bite ❤️
🔞 55th Bite ❤️💚
💚 Special Bits ❤️
🔞 Bite Special - 01 💍💍
🔞 Bite Special - 02 💙

🔞 4th Bite 😱

1.8K 360 114
Madhu_96 által

I Bite You In My Eyes  😱

..

ජාන් කඩාගෙන බිදගෙන වොශ් රූම් එකට රිංග ගත්තේ දවල් කාපුවට හරියන්න දැන් ලෝඩ් එකක් ෆුල් ලෝඩ් වෙලා නිසා.. කොල්ලට කොහොමත් ඔය වැඩේටනම් සෑහෙන්න වෙලාවක් යනවා.. තදියම කොච්චරද කියනවනම් බෑග් එක වගේම ස්නැක් පැකට් තියෙන බෑග් එකත් දැන් තියෙන්නේ වොශ් රූම් එකේ...

ඒ අස්සේ ජාන්ගේ ෆෝන් එක ටෝන් ටෝන් ගාන්න ගත්තා... අහ්... සුපර් සෙවන් ගැන්සියේ ගෲප් චැට් එක... හෝ ගාලා එක දිගට ෆෝන් එක කෑ ගහනව..

🔺 අඩෝ අද ජානාගෙ රූම් එකට රිංගපු පාහරයා මොකා වෙන්න ඇතිද...

🍁 කවුරු උනත් අද උගෙ ඩෙඩ් බොඩි එක තව ටිකකින් හම්බෙයි..

💎 හීක්...😁😁

🔺 ගස් බල්ලෝ... මැසේජ් වලිනුත් තෝ හීක් ගානවද...

💎 හීක් ගෑම කලාවක් නම් මන් එහි පිකාසෝ වෙමී...

🍁 හීක්... සොරි ඉක්කාවක් ගියා...

🔺 කවුද මල්ලි මේ.. මැසේජ් වලින් ඉක්කා යවන පොර.. තූ

❤️ බම්ලෝ කටවහපල්ලා.. මන් බලාගන්නම් ආව මුස්පේන්තුවා මොකාද කියලා... අද මන් ඕකගේ ජ%&* ඔලුවෙන් ගලවන්නේ...

🔺 එහෙනම් මුලින්ම ඒක ඉරලා හිටපන්... නැත්තම් ගලවන්න බෑනේ...

💎 හීක්...😁

ජාන් ෆෝන් එක අල්ලලා පැත්තකට කරා... වැඩේ ඉවර වෙද්දි නාන්නත් හිතලා ආව ඩයල් එකේ මූණ පොඩ්ඩක් බලාගන්න හිතපු ජාන් රූම් එකට ආවා...

❤️ කෝ යකෝ මූ...

ජාන් ආවත් කිසි කෙනෙක් පේන්න නෑ...ජාන්ගෙ ඇස් උඩ ගියේ ඇද වෙන් කරලා තියනවා දැකලා... දඩිබිඩි ගාලා ඇද ගාවට ගිය ජාන්ගෙ රතු කට්ටයි නිල් කට්ටයි ඔක්කොම පනින්න ගත්තා...

❤️ මොන හු$%%$ ද යකෝ... ඇදත් වෙන් කරලා... කෝ මේ කාමරේට ආව අලුත් ඉලන්දාරියා... මේ හිච්චන් ඇදේ මට බෑ නිදාගන්න...ආ පාරෙන්ම ගියොත් ආව එකාගෙ ඇගට ගුණයී...හොදේ...

ඇද දිහාම බලන් මූණත් රතු කරන් කිව්ව ජාන් අනෙක් පසට හැරෙද්දි ජාන්ගෙ ඇදේ ඉතුරු භාගෙ පැහැරගත්ත කාමරේට ආව අලුත් හාදය පස්සත් උඩ දාන් ගොරෝ ගොරෝ නිදී... ජාන් මෙච්චර කෑ ගහනවා අරයා නිදී...

❤️ මේ ගස් බම්ලා..  පුප උඩ දාන් නිදන් ඉන්නේ යකෝ බලපන්කෝ... ඒයී නැගිටපන් හිවලෝ...

ජාන් කකුලත් උස්සලා යීබෝ ට කකුලෙන්ම තට්ටු දැම්මේ පුපුර පුපුර තට්ටු නෙවෙයි මොන මට්ටුව දැම්මත් යීබෝ මුකුත් දන්නෑ කොල්ලා නිදි...

❤️ මුගේ ආච්චිට.. හිටපන්කෝ කරන්න හොද වැඩක්...  මගේ කාමරේට ඇවිල්ලා...මුළු ඔක්කොම අස් කරලා...පව් යකෝ මගේ හූනූ කැරපොතු යාලුවො ටික.. මූ ඇවිත් උන්ගෙ නිදහසටත් බාදාවක් වෙලා...දෙන්නම් බොට අද...

ජාන් පැනලා දිව්වේ වොශ් රූම් එකට... රෙදි සෝදන තඩි බකට් එක පිරෙන්නම වතුර පුරව ගත්ත ජාන් බැරි බර ගාතේ හතරට පහට නැමිලා බකට් එක උස්සන් ගිහින්...

❤️ එකායී... දෙකායී... තුනායී.... සාදරයෙන් පලිගත්තා ඕන්....

ජාන් වතුර බකට් එකම යීබෝගේ ඔලුවටම හැලුවා.. ඒ පරක්කුවට බකට් එක පැත්තකට ජාන් දාද්දිම..

💚 බුද්දාම්මෝ... සුනාමියක්...

යීබෝ ලෝකේ පෙරලගෙන වගේ ඇදත් පෙරලන් නැගිටින්න ගිහින් වතුර ගොඩේම පතබෑවෙද්දී ජාන්ගේ දිග කකුල් වගේම ඒ කුපාඩි හිකි හිකි හිනාව ඇහිලා යීබෝ හිතට ආව කේන්තියෙන්ම මූණ උස්සද්දී...

💚 මොන මගු.....

❤️ බුද්දාම්මෝ.... 😱😱😱😱

ජාන් යීබෝට නොදෙවෙනි ලෙසින් තමන් හලපු වතුර ගොඩේම ගෙම්බා පොලේ ගහලා වගේ වැටෙද්දී යීබෝ දණිපනි ගාලා නැගිට්ටා...

❤️ බුද්දාම්මෝ කොන්ද ලෙෆ්ට් ඉතින්..

💚 ජා......න්..

❤️ ආයීශ් රිදෙනවා අප්පා... නැගිට්ටවන්නකෝ...

බිම නිදාගෙනම ජාන් අත් දෙක දික් කරද්දි යීබෝ තෙමිච්ච කුකුලා වගේ ජාන්ගේ කිහිලි යටින් අත දාලා ජාන්ව කෙලින් තිබ්බා... හැබැයි යීබෝගේ යස්ස මූණ දැකලා ජාන්ට නම් සුලුදිය පහ වෙන්න ඉතා ආසන්නයී...

💚 තමුසෙට පිස්සුද..

❤️ ඔයා කියලා මන් දන්නවද...

💚 කවුරු උනත් ඔහොම කරනවද...

❤️ නිදාගද්දි මූණ පෙන්නන්න දන්නැද්ද...

💚 පිස්සුද ජාන්...

දෙන්නත් එක්ක තරගෙට ප්‍රශ්න අහනවා...උත්තර දෙන්න කවුරුත් නෑ... ජාන් ගිහින් ජාන්ගෙ ඇදෙන් වාඩි වෙද්දි යීබෝ තෙත බැනියම ගලවලා විසික් කරේ ජාන්ගේ මූණට..

💚 වහාම යනවා... මගේ ඇදේ රෙදි සෝදලා..  මෙට්ටේ අයින් කරනවා.. අද මන් ඔය ඇදේ නිදාගන්නවා.. තමුන් බිම නිදාගන්නවා.. යනවා ජාන් යනවා...

❤️ මට බෑ...

💚 මොකක්ද කිව්වේ...

යීබෝ කේන්තියෙන් ජාන් ගාවටම ගිහින් ජාන්ගේ මූණ කෙලින් පහත් වෙද්දි ජාන් ඒ හා සමානව ඇදට පහත් උනා...

❤️ සොරි...

රෑස් පුස් වෙලා ජාන් මුමුණද්දි යීබෝගේ කට කොණට නැගුනේ නක්කල් හිනාවක්...

💚 ඇහුන්නෑ...

❤️ ආයේ කියන්නෑ...

💚 කියනවා ඉතින්...

යීබෝ සැරෙන්ම අහද්දි ජාන් එයාගෙ අත් දෙක යීබෝගේ පිට හරහා යවලා යීබෝව තම ඇගට තද කරගත්තා...

❤️ සොරි.. සොරී...සොරී.. ඔයා කියලා දන්නවනම් කරන්නෙ නෑ...

💚 ම්ම්.. කමක් නෑ දැන්... මොකද රැස් බැහැලා ම්ම්... චුට්ටක් කේන්තියෙන් ඉන්න..  මන් ආසයි එහෙම...

❤️ ඔයා ඔහොම ඉද්දි කේන්ති නෙවෙයි මට වෙන වෙන දේවල් නම් වෙනවා...

💚 ඇත්තට.. ඔව්මයි නේ..  නැගිට්ටට කමක් නෑ කියන්න.. මන් තරහා නෑ...

යීබෝ ජාන්ගෙ ඇගෙන් මෑත් වෙද්දි ජාන් ඒ පරක්කුවට නැගිටිද්දි බලන් උන්නේ යීබෝගේ කිරි පපුව දිහා.. යීබෝ ජාන්ගේ අතින් ඇදලා ලගට ගන්න යද්දිම පොල් කඩනවා වගේ දොරට තඩි බාන්න ගත්තා කවුරු හරී...

❤️ මොන මගුල.....ක්ද...

ජාන් පොලවට පයින් ගගහා ගිහින් දොර ඇරපු ගමන් ජාන්ව ටොනෑඩෝ එකකට අහු උනා වගේ දැනුනේ කොල්ලො හය දෙනාම කාමරේට කඩන් පාත් උන නිසා...

💎 හීක්...😁 සර්...

කොල්ලො හය දෙනාම එහෙම්ම බිම වාඩි වෙලා තෙමිච්ච යීබෝ දිහයි ඇද දිහායී ජාන් දිහායී මාරුවෙන් මාරුවට බලන්න ගත්තා.... ජාන්ගේ ඇස් නම් කේන්තියට රතුවෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ...

❤️ තොපි මොකද ආවේ...

🔴 ආව එකා හොදින් යහතින් ඉන්නවද කියලා බලන්න ආවේ.. අවුලක් නෑ නෙහ්...

❤️ අවුලක් නෑ...පලයව් තොපි ඔක්කොම... මන් කියලා තියෙනවා නේද එන්න එපා කියලා... යාලුවො හරි මොක්කු හරි.. කවුරුත් එන්න එපා.. යනවලා... මට තනියම ඉන්න ඕනා...

ජාන් ගිරිය පුප්පලා ලග තිබ්බ කෝප්පෙකුත් පොලවෙ ගහලා කියද්දි කොල්ලො ඔක්කොම ඉබේම නැගිට්ටා.. මේ ගෙවිලා ගිය අවුරුදු 2කටම කවදාවත් කවුරුත් මේ කාමරේට ආවේ නෑ...ජාන් එන්න දුන්නෙත් නෑ.. එයා හැමදාම මේ කාමරේ අස්සේ හැංගිලා ඉන්න උත්සහා කරා... ඒත් අද වෙනස් වෙලා යීබෝ ඇවිත්.. ඒ අස්සේ යාලුවෝ ඇවිත් ජාන් ඔලුවත් බදාගෙන බෙරිහන් දෙද්දි..

💎 මචන් යමු... ඌ කැමති නෑනෙ...මන් කිව්වා උබලට..

යූබින් ඔක්කොම ඇදන් එලියට ගිය ගමන් යීබෝ පුදුමෙන්ම ඇවිත් දොර ලොක් කරා... බිම පුරාම වීදුරු කටු..  ඒ අස්සේ ජාන්ගෙ ඇස් වලිනුත් දුම් දානව...

💚 ජාන්.... ඔයා...

❤️ යනවා යන්න...

ජාන් කෑ ගහගෙන ඇදට යන්න යද්දි යීබෝ නැගිටලා ඇදලා ගත්තා ජාන්ව ඇගට..  තුරුල් වෙලා උන්නත් කේන්තියෙන් උන්න ජාන් යීබෝගෙ පපුවම දත් වලින් අල්ලද්දී...

💚 ආහ්...ම්...

දත් පාරම හිටින්න ජාන් යීබෝගේ පපුව හපලා දැම්මේ කේන්තියෙන්..

💚 දැන් හරි ජාන්.. එයාලා ගියා ම්ම්.. ඒක ඉවරයී.. සන්සුන් වෙන්න ප්ලීස්.. 😥

යීබෝ ජාන්ව තුරුල් කරන්ම එහෙම කිව්වා... ජාන්ගෙ දත් පාරට පින් සිද්ද වෙන්න පොඩි ලේ පාරකුත් යීබෝගේ පපුව මත පැල්ලමක් වෙලා තිබ්බා...

" ඔයා නම් ලේසී නෑ ජාන්... කමක්නෑ.. ඔයාගෙ මුරණ්ඩු කම හිමින් නැති කරන්නම්.. "

යීබෝ ජාන්ව උස්සලා ගෙනිහින් තිබ්බෙ ඇදෙන්... ජාන් ඉන්නවා යීබෝගේ මූණ වත් බලන්නේ නෑ... යීබෝ ජාන් ගාවින්ම බිම වාඩි වෙලා බිමට හැරිලා තිබ්බ ජාන්ගේ ඔලුව ඉස්සුවා..

💚 මන් දන්නෑ ජාන්.. මන් මේ කාමරේට ඇවිත් කරේ වරදක්ද කියලා නම්.. ඒත් යන්න තැනක් මට තිබුනේ නෑ දරුවෝ.. ඒකයි ආවේ... මන් ඔයාට ඇද ආයේ එකතු කරලා හදලා දෙන්නම්.. ම්ම්... මන් ඩීන් එක්ක කතා කරලා කාමරෙන් යන්නම්.. ම්ම්.. චුට්ට දවසක මට දෙන්නකෝ.. ඉක්මනින් යන්නම්.. ඔහොම කේන්ති ගන්න එපා.. ඔයාට මොනවා හරි වෙයි..ඒකට නම් මන් ආස නෑ.. නක්කල් හිනාවක් දාලා සෙක්සි වැඩ කර කර කට කැඩිච්ච කතා කියන ජාන්ට තමයි මන් ආස..  ඉතින් ඔහොම ඉන්න එපා හොදේ..

යීබෝ ජාන් ගාවින් නැගිටලා යන්න කලින් ඒ වචන ටික ජාන්ගේ මූණ දිහාම බලන් කිව්වා.. ජාන් බිම බලාගත්තේ යීබෝගේ කතාව ඉවර උනාමයී.. යීබෝ නැගිටලා කාමරේ අස් කරන්න කියලා මොප් එක ගේන්න යන්න ගියේ... ඒත්...

එක්වරම යීබෝගේ ඉන හරහා දෑත් යැව්ව ජාන් යීබෝගේ බඩ අස්සේ මූණ ඔබාගත්තේ ඉකි ගගහා අඩන ගමන්.. යීබෝ කලබල උනේ නෑ කිව්වොත් බොරු..

❤️ අනේ යන්න එපා සර් ඔයා....😥😥 ප්ලීස් යන්න එපා..

..

..

..

ඊලග කොටසින් හමුවෙමු.

..

..

ඔයාලා හිතපු තරම් දෙන්නා පුදුම උනාද කියලා නම් මන් දන්නෑ...මට හැකි ලෙස මන් ලිව්වා..

ජාන් කියන්නේ අමුතු කෙනෙක් කියලා මන් කලින් කිව්වනේ... එයාට ඔහොම වෙන්න හේතු ඇති.. කෙනෙක් කේන්ති ගන්නේ එයාට ඒකට හේතු තියෙන නිසා වෙන්නැතිනේ...

ඔන්න දැන් තමයි කාමර සෙල්ලම් පටන් ගන්නේ... බෝනස් දුන්නා...ආයේ අනිද්දා එන්නම්...

උදේට ටුවින්ස් අරන් එන්නම්..

✍️ මම මධු🤓

Olvasás folytatása

You'll Also Like

3.6K 364 17
" කවුද ඔයා ? " 👀👣 " එ මුද්ද උබේ නෙවෙයි ... ගලවපන්..." 👣 [ YiZhan]
56K 14K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...
15.2K 2.5K 20
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
51.1K 9K 45
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...