🚫ꫀꪜ𝓲ꪶ 𝘳✺𝘴ꫀ 🚫(bl Non Fic...

By BhashiThisu

74.5K 11.2K 3K

ජීවිතේ වරදින්න එක තත්පරයක් හොදටම ඇති.........අනුන්ගෙ සතුට වෙනුවෙන් කවදාවත් වරදක් නොකරම වැරදිකාරයෙක් වුණ මාව ස... More

1.මගේ කතාව❤️‍🔥
2.පළිගැනීම💔
3.අසරණකම 💫
4.නොකළ වරදක් 😥
5.ආගන්තුක ඔහු 🙄
6.දුල්මිණ 💔
7.තීරණය
8.නිමක් නැති වේදනා 💔
9.නොසංසුන් හිත 🥺
10.ඇයි 🥺
11.ඉල්ලීම🙏
13.පැන යාම 🥺
14.වෙනසක් 🙃
15.මට හිමි තැන 💔
16.අසනීපය 🥶
17.මගේ තීරණය 💞
18.මගේ ගිනි මකරා🐉
19.හේෂ් නුඹ 💞
20.පාළුව 😔
21.නුඹේ නපුරුකම් 😒
22.අනතුරක සේයාවක් 💔
23.ආරක්ෂාව 💕
24.අවාසනාවන්ත දවසක් 👠
25.නුඹ නිසා 🎀
26.නොසිතූ මොහොතක් 😩
27.නුඹ නැතිව 💔
28.මතක පොත 📚
29.හේෂ්ගෙ ආදරේ
30.පිස්සු පූසා 🐱
31.නුඹේ ප්‍රේමය බර වැඩී 🥺❤️
32.නුඹ කරා ❤️
33.තෝරාගැනීම 🥳
34.පොඩි මකරා🐉
35.ඇමරිකාව බලා ✈✈
36.ඉරිසියාකාරයෙක් 😘
37.මගෙ මහත්තයා 💓
38.සැනසීම 🥺
39.යෝජනාව 💍
40.පැතු සෙනෙහේ 😍
41.සිත් තැවුල 💔
42.තනිවෙලා 💔
43.මගේ හුස්ම 💦
44.ප්‍රතිකාර ❤️‍🩹
45.සිදුවීම ❤️‍🩹
46.නුඹ වෙනුවෙන් 🥀
47.සැලසුම ඔස්සේ ⚔️
48.යක්ෂ පූසා 😈
49.අවී 😁
50.ලංකාව බලා 🇱🇰
51.ලංකාවේ ජීවිතේ ❤️
52.අවසාන කොටස (¡)💥
53.අවසාන කොටස (¡¡)ජීවිතය සහ ආදරය ❤️
Special Episode ❤️‍🔥

12.රැවටීම 💔

1.3K 235 59
By BhashiThisu

ꫀꪜ𝓲ꪶ  𝘳✺𝘴ꫀ.....
.
.
.
.
.
" ස්ටීවන්......මේ ඉන්නෙ මගේ එකා.......අවිනාශ්......ඩීල් එක යන්න ඕන මුගේ නමට....මගේ නමක් ගෑවෙන්න බෑ......."

දෙවියනේ මේ මිනිහා මොකද්ද කරන්න යන්නෙ.....ඌ මාව බිල්ලට දෙන්න නේද හදන්නෙ......ශිට් තිරිසනෙක් කිව්වට මූ ඊටත් අන්තයි බලන් ගියාම.....මුකුත් නොදන්න අහිංසක මාව මේ නරා වලට ඇදගත්තා මදිවට දැන් මුගේ නමට කරන අපරාධත් මගේ නමට දාන්නයි හදන්නෙ.....මං මුකුත් කරගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙද්දි අර බල්ලා බලෙන්ම මාව අර ස්ටීවන් කිව්ව මිනිහා ළගට තල්ලු කළේ උඹ වරදක් කරොත් උඹගෙ මුලු පවුලම විනාස කරනවා කියලා මට warning එකකුත් දීලා ....

පවුල ......මාව අතෑරලා දැම්මත් ඌ හොදටම දන්නවා මාව අසරණ වෙන එකම තැන ඒක කියලා ....ඉතිං අදත් ඌ ඒ තුරුම්පුවම පාවිච්චි කරලා මාව අර මිනිහා ළගට යවද්දි නොපෙනෙන දෙවියන්ගෙන් මං අයැදුවා මාව බේරගන්න කියලා .....වැඩක් නෑ මගේ පිහිටට කිසිම කෙනෙක් නෑ....මං රුක්ෂාන් කියන එකාගෙ වහලෙක්.....අවසානෙදි උන් මගේ නම දාලා ඩීල් එක Close කරද්දි මුකුත්ම නොදන්න මට වුණේ මගේ අත්සන ඒකට දෙන්න....ඉතිං ඒ ඩීල් එක මගේ නමින් ජාත්‍යන්තරයට යද්දි මහා අපරාධකාරයෙක් බවට මාවත් ඉබේම පත් වුණා....

උන්ගෙ හැම වැඩක්ම ඉවර කරගත්ත ගමන් හැමෝම ඉක්මනටම එතනින් විසිරිලා ගියා.......අන්තිමට රුක්ෂානුත් මාවත් ඇදගෙනම වාහනේට ආවා.....

"ඔන්න උඹ අද කලබලයක් නොකළ නිසා උඹ අද කලින්ම යවනවා....නැත්නම් මං හිටියෙ උඹව අද රහ බලන්නමයි 😋.......හැබැයි ඔන්න හෙට නම් උඹව ඕන 😋😋😋......"

මගේ කන ළගටම පාත් වෙලා අසික්කිත විදියට තොළකට ලෙවකන ගමන් ඌ එහෙම කියද්දි අප්පිරියාවටම මං අහක බලාගත්තා....Driver ඉන්න නිසා ඌ මට මුකුත් කරන්න පෙළඹෙන්නෙ නැති බව දන්න නිසයි ඌ අද මට මුකුත් කරන්නෙ නෑ කිව්ව නිසයි මං  වීදුරුවට ඔලුව ගහන් ඇස් පියාගත්තා....

මෙච්චර කල් මං ගෙවපු ජීවිතේ ගැන චිත්‍රපටියක් වගේ මැවිලා පෙනෙද්දි නොදැනීම මගේ ඇස් වලින් කදුලු වැටුණා....ඒත් එක්කමයි මට දුල්මිණව මතක් වුණේ.....එයා අද මට යන්න එපා කියපු එක ,එතකොට සමාවෙන්න කියපු එක ....ඒ හැමදෙයක්ම සලකලා බැලුවම මට හිතුණෙ දුල්මිණ හැමදෙයක්ම දැනගෙන ඉදලවත්ද කියලා ....ඒත් එහෙම දෙයක් වෙන්න විදියක් නෑ ...මේ මගේ මනස්ගාත වෙන්නැති කියලා හිතලා මං ආයෙමත් ඇස් පියාගත්තා......

මම දන්නෙ නෑ මට නින්ද ගියේ කොයි වෙලාවෙද කියලා වත් ....මට ඇහැරුණේ Driver කතා කරලා බහින්න කිව්වමයි.....එතකොටයි මං දැක්කෙ අපි ගෙදර ළඟ පාරෙ ඉන්නෙ කියලා....රුක්ෂාන් වාහනේ හිටියෙත් නෑ....සමහරවිට ඌ මගින් බහින්න ඇති....ඉතිං Driverටත් කියලා මං වාහනෙන් බැහැලා පාර දිගේ ගෙදරට ගියා.....මං යද්දි දුල්මිණ ගෙදර හිටියෙ නෑ...වෙලාව හවස 4ට විතර ඇති....එයා කොහේට හරි යන්න ඇති කියලා හිතපු මං කාමරේට ගිහින් හොදට නාගත්තා....ඇගේ පතේ මහන්සිය තිබුණත් ලොකු බඩගින්නක් දැණුන නිසා මං පහළට ගිහින් කන්න දෙයක් බැලුවා.....හ්ම්ම්......දුල්මිණ උයලා....ඉතිං කෑම එකක් බෙදාගෙන සාලෙට ගිහින් ඒකත් කාලා මං ආයෙමත් කාමරේට ගියේ දුල්මිණ තවමත් ආවෙ නැති නිසා....

ඇදේ හාන්සි වෙලා හිටපු මට ලාවට නින්ද යාගෙන එද්දිම ගෙදර දොර ඇරෙනවා මට ඇහුණා....ඉතිං ඒ දුල්මිණ බව අමුතුවෙන් හිතන්න දෙයක් නැති නිසා මං ආයෙ ඇස් පියාගත්තා...එතකොට තමයි මට දැණුනෙ දුල්මිණ 4n එකත් කනේ ගහන් හෙමින් දොර ඇරලා බලනවා...මොකද්ද හේතුවකට නිදි නැතත් මං නිදි වගේ ඉන්න හිතද්දි එයා දොරත් වහන් එළියට ගියේ ඔව් එයා නිදි කියාගෙනමයි....

දුල්මිණ ඒ කිව්වෙ මං ගැන කියලා තේරෙද්දි මගේ නින්ද උඩ ගියා....මොකද මං ගැන හොයන්න කිසිම කෙනෙක්ට උවමනාවක් තියෙන්න විදියක් නෑ....ඔක්කොටමත් වඩා මං ගැන හොයන කෙනා දුල්මිණට කතා කරන්නෙ ඇයි කියන එක මට ලොකු ප්‍රශ්නයක් වුණා....ඒ නිසාම මං හෙමින් නැගිටලා දොර ලාවට ඇරියෙ දුල්මිණ කොහෙද බලන්න....එයාගෙ කාමරෙයි මගේ කාමරෙයි තිබුණෙ එක ළඟ ....ඉතිං ඒ නිසා එයා කාමරේ ඇති කියලා හිතපු මං ඒ පැත්තට යන්න හදද්දිම දුල්මිණ එළියෙ ඉදන් කාමරේ පැත්තට ආයෙමත් එනවා දැක්ක නිසා මං ආයෙම මගේ කාමරේට ඇවිල්ලා දොර වහගත්තා...එයා තවමත් call එකේ ඉන්නෙ.....ඉතිං මං නිදි කියලා හිතපු නිසාමද කොහෙද එයා අපේ කාමර දෙක අතරෙ බිත්තියට හේත්තු වෙලා කතා කරන්න ගත්තා...මං හැමදෙයක්ම යතුරු සිදුරෙන් බලන් හිටියා වගේම එයා කියන දේවලුත් අහගන්න හිතුවා....කවදාවත්ම මං කාගෙවත් කතාවක් හොරෙන් අහන් ඉදලා නැතත් අද මට මේ කතාව නම් අහන්නම හිතුනා.....ඉතිං දොර ළඟ බිම ඉදන් මං ඒ කතාවට ඇහුම්කන් දුන්නා....
.
.
.
.
"අයියා තමුසෙ කවද්ද ඔය වැඩේ නතර කරන්නෙ ආහ් 😡......"

".............."

"තමුසෙට මිනිස්සුන්ගෙ ජීවිත සෙල්ලමක්ද......?"

".............."

"ඔව් යකෝ මං අවීට ආදරෙයි .....ඒකයි මං තමුසෙට කියන්නෙ ඒ අහිංසකයට රිද්දුවා දැන් ඇති කියලා.......😡"

"............"

"මොකක්ද තමුසෙ කියන්නෙ ආහ්.........?"

"............"

"මං පුලුවන් දෙයක් කරනවා තමයි යකෝ......"

"............."

"ඌ මෝඩයි නෙමෙයි අහිංසකයි අයියෙ.....මං කිව්වා අද යන්න එපා කියලා....ඒත් වැඩක් නෑ....තමුසෙ ඒ කොල්ලව හොදටම විනාස කරලා තියෙන්නෙ....ඌ බයටයි ඒ දේවල් කරන්නෙ.....තමුසෙ කොහොම හරි තමුසෙගෙ වැඩේ කරගත්තනෙ 😡"

".........."

"හරි දැන් කියනවා බලන්න තමුසෙ අද මොකක්ද ඒ අහිංසකයට කරේ......?"

"..............."

" What 😡......? Brother තමුසෙ නම් මහ අපරාධකාරයෙක් ඕයි 😡😡😡......තමුසෙ මේ කරන කරන අපරාධ වලට තමුසෙට අනිවාර්යයෙන්ම වන්දි ගෙවන්න වෙයි 😡😡😡........"

"...................."

"යකෝ අපේ ඩැඩාව මැරුවෙ ඌ නෙමෙයි උගෙ ඩැඩා.....ඉතිං ඒකට උගෙන් පළිගන්නෙ මොකටද මිනිහෝ 😡......තමුසෙ කරන දේවල් මමී දන්නවා නම් මැරෙන්නෙ heart attack හැදිලා ශිට් 😡😡😡......."

".................."

"මං ආයෙ තමුසෙට කියන්නෙ නෑ.....අවීට පාඩුවෙ ඉන්න දීපන්......හැබැයි ආයෙ ඒ කොල්ලව මේවට ගාවගත්තොත් මං උඹව මරනවා 😡....."

"............."

"මරපන්.....ඉතිං මාව මරපන්.....උඹ කොහොමත් තිරිසනෙක් ....උඹට අයියා කියන්නත් ලැජ්ජයි 😖...."

"..........."

"ඒ කියන්නෙ හෙට තමුසෙ ආයෙමත් ඒ කොල්ලව විනාස කරනවද....😡😡😡.....නෑ මං හෙට එන්න දෙන්නෙ නෑ අවීට  😡.......තමුසෙ පුලුවන් දෙයක් කරපන්......"

"..............."

"ඔව් යකෝ එදා තරහට මාත් ඌට වෛර කළා තමයි .....ඒත් ඒක පොඩි වෙලාවයි.....උඹ වගේ බල්ලෙක් උනේ නෑ මං.....අවීට ඇත්තටම ආදරෙයි  ......"

"................"

" Damn.....&%%$$& .....මං තියනවා.....😡"

"............."
.
.
.

දුල්මිණගෙ call එක ඉවර වෙනවත් එක්කම මගේ ඇඩිල්ල වැඩි වෙද්දි ඉකියක් පිට නොවෙන්න මං දුවලා ගිහින් කොට්ටෙ බදාගත්තා......

දෙවියනේ මෙච්චර කාලයක් එකට ඉදලත් මං ඉදලා තියෙන්නෙ ඒ තිරිසනාගෙ මල්ලි එක්ක කියලා හිතද්දි මට දරාගන්න බැරි වුණා...ඔක්කොටම වඩා දුල්මිණත් මට වෛර කරලා.....එයත් මේ හැමදෙයක්ම දැනගෙන ඉදපු එකට මට එයත් එක්කත් ආවෙ ලොකු තරහක්....එයා රුක්ෂාන්ට මං ගැන හැම දෙයක්ම කියලා වගේම රුක්ෂාන් ඌ කරපු හපන්කම් වගේම කරන්න ඉන්න හපන්කමුත් දුල්මිණ හොදටම දැනන් ඉදලා ....මට දැණුනෙ මහා කලකිරීමක් ..... විශ්වාස කරන්න පුලුවන් කියලා හිතපු එකම කෙනත් ඒ අධමයගෙ මල්ලි වෙද්දි එයා ඇත්තටම මට ආදරේ වුණත් ඒක ආදරේකට වඩා අනුකම්පාවක් කියලා මට තේරුණා....රැවටීම කියන දේ දරාගන්න හුඟාක් අමාරුයි ....ඉතිං ඒ වේදනාව දන්නෙ එහෙම රැවටුණ කෙනෙක් විතරමයි.....මොකද දුල්මිණත් කලින් මට වෛර කරලා....මං කැරකිලා වැටිලා තියෙන්නෙ ආයෙමත් අපායකට....මට මේ මර උගුල් වලින් ගැලවෙන්න ඕන 🥺....මං එක එක දේවල් හිත හිත හොදටම ඇඩුවා 😭😭😭😭.....මං දන්නෙ නෑ මොන කරුමයක් මට පඩිසන් දෙනවද කියලා...කිසිම කෙනෙකුට කරදරයක් නොකර පාඩුවෙ ආතල් එකේ ජීවත් වුණ අවීව මුන් සදහටම මැරුවා...ජීවිතේ මගේම කියන අය මාව අතාරිද්දි මට පිහිටට ආව එකම කෙනත් මගේ හතුරෙක් කියලයි මට හිතුණෙ......

අඩලා අඩලා මං barthroom එකට ගිහිනුත් හොදටම ඇඩුවා......හ්ම්ම්....අන්තිමට මං තීරණයක් ගත්තා.....මොන දේ වුණත් මං ඒ තීරණය වෙනස් කරන්නෙ නෑ කියලා හිතපු මං වෙනසක් පෙන්නන්නෙ නැතුවම කෑම කන්න පහළට ගියා.....මං වගේම දුල්මිණත් හොදටම අඩලා කියලා ඒ ඇස් සාක්ෂි දැරුවත් මට කිසිම හැගීමක් දැණුනෙ නෑ.....නිහඩතාවය බිදලා එයාම කතා කරන කම් මං වචනයක් වත් කතා කළෙත් නෑ......

"අවී අයියෙ ඔයා කීයටද ආවෙ.......? නිදි නිසා මං කතා කළේ නෑ ඔයාට......."

"හ්ම්ම්.....මං 5 වෙද්දි ආවා ......"

එයාට වෙනදා වගේ මල්ලි කියන්න වත් මට හිත දුන්නෙ නැති වෙද්දි අහන ප්‍රශ්න වලට ඕනවට එපාවට උත්තර දුන්න මං ඉක්මනටම කාලා කාමරේට ගියා........
.
.
.
.
.
.
.
.
.
මතු සම්බන්ධයි ........
.
.
.
.⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
.
මීළග කොටසින්..........

.
.
.
"ඇති යන්තම් දැන් වත් තමුසෙගෙ මොලේ පෑදිලා.....එනවා යන්න......"

"ම්...මොකක්.....🙄....
.
.
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
.
💔අවී අන්තිමට ගත්ත තීරණය මොකක් වෙන්න පුලුවන්ද ......?

💔ඇත්තටම දුල්මිණ සාධාරණද.....?එයාට අවීට ආදරේ කරන්න අයිතියක් තියනවද.....?

💔අවීට කොහොම දැනෙන්න ඇතිද 🥺.....?

💔ආයෙ අනිද්දට එන්නම්......

💔කතාවට ආදරේ කරන හැමෝටම ස්තූතී ....පුලුවන් නම් මහන්සිය ගැන හිතලා වත් vote එකක් වත් දාගෙන යන්න....

.
.
.
✍️තිසූ......

Continue Reading

You'll Also Like

G.S By Monaliza

Teen Fiction

2.7K 521 11
සරතැස් නිවූ පෙම් ඔසුව නුඹම විය මහද සුව කල අහිමි වූ පියපෙම සුන්දරව ජීවිතය මත තැවරූ නුඹට...., ආදරෙන්
Magister By Monaliza

General Fiction

36.2K 5.4K 22
මං පෙමින් බැඳුනේම උඹේ අමුතුම හිතට, මං පෙමින් රැඳුනේම නුඹත් මට දුන් පෙමට, විභූ X යාදෙව් || an extraordinary love between a sentimental, highly intro...
4.6K 888 7
●. Sinhala ●. Gay Stories ●. Short Stories ~ තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ... පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ.. වලාකුල් මැකිලා කවදා යයිද ආක...
68.1K 12.8K 102
✖️✖️✖️⚠️️⚠️️⚠️️✖️✖️✖️⚠️️⚠️️⚠️️ සමාවක් දෙන්න පුලුවන් නම් මම දෙන්නම්... එත් දැන් බෑ... හිත කඩන් යන්න ආදරේ කරලා අවසානේදී මට ඉතුරු එච්චරයි ✖️✖️✖️⚠️️⚠️️⚠...