Moonchild | Namjoon Centric...

By Indigojin

5.6K 1.6K 233

~ලීඩර් කියලා මම හැමදේම දරාගන්න ඕනෙද ? -මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා මම අන්තිමට එකම එක ප්‍රශ්නයක... More

Dedication
Prologue
Jin
Sejin
Yoongi
Jimin
Jung Kook
Hoseok
BTS
Namjoon
RM
Moonchild

Taehyung

315 119 10
By Indigojin

Namjoon's POV

මම නිදාගෙන ඉන්න අතරේ මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. ඔහේ රින්ග් වෙන්න දීලා මම ආයේ නිදාගත්තේ මට මේ වෙලාවේ නිදාගන්න එක හැමදේටම වඩා ලොකු වෙලා තිබ්බ නිසා. ආයේ පාරක් රින්ග් වෙන කොට ඇස් වහගෙනම ෆෝන් එක සයිලන්ට් කරල මම දිගටම නිදාගෙන හිටියේ කවුරු කතා කරත් මට වැඩක් නෑ කියලා හිතලා.

හොදටම නිදාගෙන කියලා හිතාගෙන නැගිට්ටත් මම ෆෝන් එක අතට අරන් බලනකොට මිස්ඩ් කෝල් තියෙන්නේ විනාඩි 8කට කලින් කියලා දැක්කට පස්සේ මට තේරුනා මම මහ ලොකු වෙලාවක්  නිදාගෙන නෑ කියලා. මිස්ඩ් කෝල් තියෙන්නේ පීඩී නිම්ගෙනුයි, සේජින් හ්‍යුන්ග්ගෙනුයි කියලා දැක්කට පස්සේ මම ඉක්මනට ඇදෙන් වාඩි උනේ මම පීඩී නිම් ගේ ෆෝන් කෝල්ස් කවදාවත් මිස් කරගන්නේ නැති හන්දා.

මම ඉක්මනට කෝල් එකක් ගත්තත් පලවෙනි පාර පීඩී නිම් ආන්සර් කරේ නෑ. මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා බයට මම ආයේ සේජින් හ්‍යූන්ග්ට ගත්තත් එයා තුන් වෙනි රින්ග් එකේදි කෝල් එක කට් කරා. මම ආයේ පාරක් පීඩී නිම්ට ගන්නවද නැද්ද කියලා හිත හිත ඉන්න අතරේ ෆෝන් එක රින්ග් වෙනකොට පීඩී නිම්ගේ නම කෝලර් අයි ඩී විදිහට දැක්කට පස්සේ මම ඉක්මනට කෝල් එක ආන්සර් කරලා හෙලො කිව්වා.

'නම්ජූන් මොනවද කරේ මෙච්චර වෙලා ෆෝන් එක ආන්සර් කරන්නෙව් නැතුව.'

"සමාවෙන්න පීඩී නිම් මම.."

'දැක්කද ඩිස්පැච් එකේ අලුත් නිව්ස් එක මොකක්ද කියලා'

"න්-නෑ පීඩී නිම්."

'ඔයා මොන ලෝකෙද නම්ජූන් ඉන්නේ. ඩිස්පැච් එකෙම් ටේයුන්ගේ ඩේටින් රූමර් එකක් රිලීස් කරලා'.

"මො-මොකක්ද ?"

'හරි නම් ඔයයි මේවා මුලින් දැනගන්න ඕනේ. සේජින්වත් දන්නේ නෑ ටේයුන් දොලොස් වෙනිදා එලියට ගිහින් කියලා.එතකොට එයා කාට කියලද ගියේ?ඔයා මේ දේවල් දැන දැනම එයාලට සපෝර්ට් කරනවද? නම හදාගන්න මහ ලොකු කාලයක් ගියට නම කැත කරගන්න එකට තත්පරකුත් ඇති නම්ජූන්'.

'ම-මම බලන්නම් පීඩී නිම්"

'මම බලාපොරොත්තු වෙනවා ඔයා මීට වඩා වගකීමක් ඇතුව වැඩ කරයි කියලා. මම ඩිස්පැච් එකට ඔෆර් එකක් දීලා බලන්නම්. '

මම මොකුත් කියන්න කලින් පීඩි නිම් ෆෝන් එක කට් කරා. මගේ කේන්තිය වැඩි වෙනවා කියලා තේරෙනකොට මම ඉක්මනට දොර ඇරගෙන පහලට ආවේ පහලින් හැමෝම කතා කර කර ඉන්න සද්දේ ඇහුන හන්දා. හැමෝම ටීවි එකත් දාගෙන හිනා වෙවී ඉන්නකොට මට තවත් කේන්ති ගියේ මෙච්චර ප්‍රශ්න තියන වෙලාවකත් එයාලා මේ වගේ සැහැල්ලුවෙන් කොහොම ඉන්නවද කියලා හිතන ගමන්.

"තව හයියෙන් හිනා වෙනවා. මුලු කොරියාවටම ගිණි තියලා ඔයාලා තව හයියෙන් හිනා වෙනවා. "

"ජූන් හ්‍යුන්හ් රිලැක්ස් -"

"රිලැක්ස් වෙන්න තිබ්බා ටේයුන් තමුන් මෙතන ප්‍රශ්නයක්  දාගත්තේ නැත්තන්. තමුන් තමයි හැමදාම මේක ඇතුලේ රූමර්ස් හදන්න වැඩ කරන්නේ. කී පාරක් මම කිව්වත් වැඩක් නෑ පරිස්සම් වෙලා ඉන්න කියලා. පවුනේ කියලා යන්න දුන්නට පස්සේ ඒක මුලු කොරියාවෙම ගිණි තියන ප්‍රශ්නයක් කරලා නවතින්නේ-"

Continue Reading

You'll Also Like

4K 577 10
" මම ඔයාට ආදරෙයි හියෝන්ග් ...... " " තමුසෙ මිනීමරුවෙක් ටේහියොන් ..... " " මන් මිනීමරුවෙක් නෙවෙයි හියෝන්ග් ... " [ completed ]
586K 101K 91
මා දන්නා ප්‍රේමනීයම යක්ශපරානය අග්නි!!
4.6K 945 12
මම ඔයාට වයිර කරනවා..මට දැනුනු එකම කෙනාවයි ඔයා මගෙන් ඈත් කලේ.. මම දන්නේ නෑ කිසිම දෙයක් ..ඇයි මම ජීවත් වෙන්නේ...ඇයි මෙහෙම උනේ...
5.8K 1.7K 9
බැන්දෙමි පදයක් අහසට ඒ නොදුටු අහස සුන්දර ඇති මා නොදුටු , නමුදු වින්ද ඒ ආදරය තරම්ම (Short FF) •boyxboy •vimin •short story