Black Eyes ( Season Two- BL ✔...

By BantiPrabu

35.3K 6.4K 2.7K

ඒ කළු ඇස්........... ඒ මගේ රන් බබා ද....???? 🍁 ඇයි ඒ සුවඳ ආයෙමත්.....18+ Story 🍁 More

1 - You නෙවෙයි Yu
2 - හිතුමතේ ජීවිතයක්
3 - ඒ සුවඳ
4 - රන් බබා කවුද
🍁 short introduction 🍁
5 - නොසන්සුන්
6 - අමුතු සිදුවීම
7 - ඔයා කවුද ?
8 - අමුතු හැසිරීම
9 - පැටලිල්ල
10 - පෙරලිය
11 - ජීවිතයේ අලුත් පිටුව
12- නිහඬ ගීතයක්
13 - මොකක්ද ඒ උනේ
14 - ඒ හාදුව
15 - මගේ මල්ලි
16 - බලාසිටි මොහොත...
17 - නැවත හමුවීම
18 - අලුත් බැඳීම්
19 - කාලය
20 - දුක බෙදා ගැනීම
21 - අනුරාගී මොහොත
22 - චූටි බබා
23 - සැහැල්ලුව
24 - සැලසුම
25 - හදවතට එකඟව
26 - මනරම් රැය
27- කඩයිම
28 - සෙනෙහස
30 - රාගය ද ප්‍රේමය ද
31- අරුත්බර සෙනෙහස
Special Last

29 - සමාව ගැනීම

934 184 44
By BantiPrabu

Black Eyes Season Two....

Hiru's POV🍁

" උඹ....????"

මගේ ඇගේ ලේ ටික පිච්චිලා ගියේ සුද්දායියව දැකලයි....
ඌ මගේ ගෙදර මගේ අම්මා අප්පච්චි අයිති කරගෙන මදිවට  මම කලින් අභී එක්ක එකට ඇදපු බතික් සරමත් ඇදගෙන .. මට කේන්තීයි.. ඌ පුතා විදියට මට අයිති සේරම අයිතිවාසිකම් බුක්ති විදිද්දී මම පැනපු ගමන් සුද්දගේ බෙල්ලෙන් අල්ල ගත්තා..

" අතෑරපං හිරුවෝ.....අප්පච්චි බලලා ඉවර වෙලා වලි දාගනින්... දැන් ඉවසපං..."

නෙතුම් ඉක්මනින් පැනලා මාව සුද්දා ගාවිත් ඇදලා ගත්තට මම ඌ ඇදලා ගන්න කලින් අරූගේ මූන සමතලා වෙන්න කම්මුලට මිටි මොළවලා පාරක් ගැහුවා...

" ආහ්...........!!!"

මගේ පාරේ සැර වැඩිකමට සුද්දා කෑගහද්දී චුට්ටි අඩාගෙන දුවලා මගේ කකුල් දෙක ගාව දණ ගැහුවා...

" අනේ මැණික් අයියේ එයාට ගහන්න එපා.... අපිට සමාවෙන්න.. අපි අයියගේ මේ ගේ ඉඩම ආපහු දෙන්නම්... "

" අහ්... ඒ කියන්නේ උඹලා මේක දැනටමත් ලියාගෙන ද..?"

කේන්තියට මාව වෙව්ලන්න පටන් ගත්තා..  නෙතුම් මාව තද කරලා අල්ල ගත්තත් මගේ කකුල් චුට්ටිට ගහන්න ඉස්සෙද්දී මට මතක් උනේ ඒකිගේ දරු දෙන්නා ගැන.. අනික බඩ දරු අම්මෙක්ට ගහලා මම පව් පුරවගන්නේ නෑ..  සේරම බල බලා අම්මා අඩද්දී ආපු කේන්තියට අම්මට පේන්න මම පැත්තක හිටපු අභීව ඇදලා බදාගත්තා.. ඇත්තටම මට ඕනි උනේ කේන්තිය පාලනය කරගන්න.. ඒකට හරියනම බෙහෙත මගේ රන් බබා.... මම එයාගේ උණුසුමට ගුලි වෙලා මගේ නහරයක් ගානේ දුවපු කේන්‍තිය ඇස් පියාගෙන  අඩු කරගත්තා..  මට දැනුනා පපුව පිච්චි පිච්චි තිබ්බ කේන්තිය නිවිලා යනවා..
එයා මාව සනසන්න වගේ මගේ පිට අතගෑවා.. මේ ලෝකේ මාව හොඳටම තේරුම් අරගෙන ඉන්න දෙවෙනි හදවත මගේ රන් බබා.. එක නෙතුම්.. මොකද ඌ අභී සම්බන්ධ දේවල්වලදීත් මං ගැන හොඳටම අදුරනවා..

" හිරුවා........යමන් බන්.. ගිහින් එමු.. "

ආපහු නෙතුම්ගේ කටහඩ මගේ ඇහෙද්දී අභී මගේ ඔලුව අතගෑවා...

" බය වෙන්න එපා හිරූ.. අප්පච්චි හොඳින්.. හැමදේම හොඳින් වෙයි බබා මං වෙනුවෙන් ඉවසන්න.. මං ආස නෑ ඔයා ඔහොම කේන්ති අරන් මූනත් නපුරු කරගෙන ඉන්නවා බලන්න.. ප්ලීස් ඒ නිසා ඉවසන්න... !"

රන්බබා මගේ ඔලුව අත ගගා කියද්දී මට එයා වෙනුවෙන් පපුවේ පුරවගෙන හිටපු ආදරේ තවත් වැඩි වෙන්න පටන් ගත්තා..  මගේ ඇස්වලින් මටත් නොතේරී කඳුළු පිටවෙද්දී මම එයාගේ නලලට හාදුවක් දුන්නා.. 

"හරී.. අපි යමු...!"

මම බබාගේ ඇඟිලි මගේ ඇඟිලිවල පටලව ගත්තා... පිට අත්ලට හාදුවකුත් තියලා මම එයා එක්ක හිනා වුනා..  ඒ ඇස්වල තිබුණේ ලොකු දුකක්.. පව් මගේ අහිංසකයා හිතනවා ඇති අම්මල ඈත් වෙන්න හේතුව එයා කියලා..

" හිරූ මං ඉන්නද.?"

එයා කාමරේ කැටයම් කරපු වීදුරු දොර අල්ලගෙන අහද්දී ඒ වීදුරු මල් කැටයම් අස්සේ එයාගේ ඇඟිලි තුඩු එහෙ මෙහෙ ගියා. මගේ හිත ඒ අහිසක හදවත අස්සේ හැමදාම අතරමං වෙනවා.. ඒකට හේතුව මගේ අභීගේ පිවිතුරු ගතිගුණ.

" ඔයා මගේ...එයාලට ඒක පිළිගන්නම වෙනවා..ඒක  බැරිනම් මං මොහොතක් මෙයාලා එක්ක ඉන්නේ නෑ.. මාව බල්ලෙක් අවජාතකයෙක් ගානට දාලා කතා කරද්දි එදා මට දැනුනු දුක මේ සමාවට සන්සිදුවා ගන්න පුළුවන් නම් මම සේරම අමතක කරලා දානවා.රන් බබා ඔයා නෙතුම් වගේම යුගීත් මගේ පවුල...එයාලට මගේ පවුල පිළිගන්න බැරිනම් මට කරන්න දෙයක් නෑ...දැන් යමු...!"

මම එයාව අතාරින්නේ නැතුවම ඇතුලට ගියා... ඒත්........ඒත් මගේ අප්පච්චි .........ඇදේ උඩු අතට ඔහේ ඉන්නවා දැක්ක මගේ ඇස් දෙකෙන් පාලනය කරගන්න බැරි කඳුළු වැලක් වැක්කෙරුනා..

" අනේ මගේ අප්පච්චි !!!"

************************************

Nethum's POV....

හිරුවා ගිහින් අප්පච්චි ලඟ දණගහගෙන බදාගෙන අඬද්දි මගේ අතේ එල්ලිලා හිටපු යූ බබාත් අඩන්න ගත්තා.. ඒ අතරේ අභීත් හිරූ ලගින්ම වාඩි වෙලා හිරූගේ පිට අත ගාද්දී මට දැනුනේ අපේ පුංචි පවුල ගැන ලොකු අනුකම්පාවක් .. ඇත්තටම අපි හැමෝම හැමදාම මොකක් හරි නිසා වේදනා විඳපු අය..

මම වයිෆ් නිසා දුක් වින්දා...
යූ බබා පපා නිසා දුක් වින්දා...
අභී හිරූගේ අම්මා අප්පච්චි නිසා දුක් වින්දා...
හිරූ අභී නිසා දුක් වින්දා...

දැන් හිරූගේ අප්පච්චි එයාලම කරපු පව් නිසා දුක් විඳිනවා...ජීවිතේ පුදුමාකාරයි.. ඒත් මගේ හිත කියන්නේ ප්‍රශ්න සේරම මෙතනින් ඉවර වෙයි කියලා... මමයි මගේ රෝස මලයි අභීලා දිහා බලාගෙන ඉද්දී හිරූගේ  අප්පච්චි ඒ කෙට්ටු කටු ගැහුණු ඇඟ හරවලා අපි දිහ හොඳට ඇස් ඇරලා බැලුවා..

"පු....පු....තේ....ම..ගේ...කැහ්....කැහ්........මගේ පුතේ.... උ...ඹ...ආව...ද...මගේ...පු...තේ...??"

අප්පච්චි ආත අමාරුවෙන් උස්සලා හිරූගේ ඔලුව අතගාන්න පටන් ගත්තා... හිරූ අප්පච්චිගේ පපුව බදාගෙන අඩද්දී අභී කතා කලා...

" අනේ අප්පච්චි අපිට සමාව දෙන්න අප්පච්චි අපිට වෙන් වෙන්න බෑ.. මම ඔයාගේ පුතාට ගොඩක් ආදරෙයි අප්පච්චි .. අනේ මට එයාව දෙන්නකෝ අප්පච්චි ?"

අප්පච්චි ක්ලාන්ත හිනාවක් එක්ක අභීගේ මූනට අත දික් කරාම මාව ගැස්සුනා.. බැරි වෙලාවත් කොල්ලගෙ කම්මුලටවත් ගැහුවොත්..?
ඒත් අභී මං වගේ හිත හිතා හිටියේ නෑ... එක පාරටම පාත් උනා...
අප්පච්චි ඒ මූන පුරාම අතගාද්දී මගේ ඇස් ගියේ නලලට.. මම කවදාවත් ඒ නපුරු මිනිහගෙන් එහෙම අනුකම්පාවක් , ආදරයක් බලාපොරොත්තු උනේ ම නෑ..
හිරූ තාමත් අඬද්දී මං වගෙත් අභී පුදුම වෙලා. ඉක්මනින් ආපහු අප්පච්චිගේ අත අල්ල ගත්තා...

" ම...මට ...ස...මා..වෙයන්....බන්.. මම වැරදී.......මට සේරම වැරදිවලට දඬුවම්...ලැ...බුණා.... මට තව වෙලා නෑ.. උඹලා ඔක්කොම සතුටින් ඉන්න ඕනි..."

" අනේ මගේ අප්පච්චි!!!!!!!!"

" පුතේ මට.......ස.....ම...........මා.......ව................දී.........ප......න්.........අහ්ම්...........අහ්...............!!!"

අප්පච්චිගේ සිරුර නිසල වෙද්දී හිරූ ගම දෙවනත් වෙන තරම් හයියෙන් කෑ ගැහුවා... ගෙදර මලගෙයක් වෙද්දී ඒ කෑගැසීම් කඳුළුවල හිරූගේ අම්මත් එකතු වෙද්දී මම කලන්තේ දාලා වැටුණ යූ බබාව දෝතට ගත්තා... අහිංසක මල මගේ...එයාට ඕවා බර වැඩී... මොකද එයා දුක් වින්ද කෙනෙක් නෙවෙයි....
මුළු ගේම කෑගැසීම්වලින් පිරුණා... අල්ලපු ගෙවල්වලින් එකා දෙන්නා දුවගෙන එද්දී මම ඉක්මනින් 1919 ට කෝල් කලා...
විනාඩි 10 කින් විතර ග්‍රාම නිළධාරී තුමා එක්ක ප්‍රින්සිපල් ආවම මම මරණය වුන වෙලාව එයාලට දුන්නා...
තව වෙලාවකින් අප්පච්චිව ඇම්බියුලන්ස් එකේ දාගෙන යද්දී හිරූ මිදුල මැද පොළොවෙ වැටිලා වැලි නාගෙන අඩන්න පටන් ගත්තා...

" අනේ අප්පච්චි මට සමාවෙන්න........මම මගේ අභීට ගොඩක්  ආදරෙයි ...

දින 07 ක් අපි මරණ ගෙදර සේරම වැඩ ටික ඉවර කලා... අභී හිරූ යූ බබා සේරමලාට ඒ තරම් සිහියක් නොවුනකොට මම මරණ ගෙදර සේරම දේවල් බලාගත්තා.. ඒ ජීවිත තුනත් නිරායාසයෙන්ම මගේ කරට බර දීලා තිබ්බම මම ඒ බර දරාගත්තා..
ගේ ඉඩම ආපහු හිරූටම චුට්ටිලා දුන්නත් හිරූ ඒක එයාලටම දීලා අම්මගේ වගකීම එයාට බාර දුන්නේ තාමත් හිරූගේ අම්මා අභීව පිළි අරන් ආපහු එන්න අකමැතී වුන නිසයි... ඒ නිසා හත් දවස ඉවර උනාම තුන් මාසයේ දානෙට අපි එන්නම් කියලා ආපහු ජපන් ආවේ හිරූගේ අවසාන විභාගයට මාස 4 ක් විතරක් තිබුණු නිසයි..
එයා ඩොක්ටර් කෙනෙක් උනාම එයාගේ හීනෙත් හැබෑ වෙනවා.. යූ බබාත් මනෝවිද්‍යාඥයෙක් උනාම එයාගේ හීනෙත් සැබෑ වෙනවා.. මට කොහොමත් ගැටලුවක් නෑ මගේ බිස්නස් මම ගානට හැන්ඩ් කරන් යනවා. අභී මමයි ඒ දේවල්  බලාගත්තේ අභීට ආපහු කොලේජ් යන්නම බෑ කිව්ව නිසයි..
අපේ ජීවිත ඔහේ මාස 03 කට ලං වෙන්න ගෙවිලා ගියේ අප්පච්චිගේ මරණයත් එක්ක හිරූ ටිකක් අවුලෙන් හිටපු නිසයි... අවුරුදු ගානක් තරහා වෙලා හිටපු අප්පච්චි ආපහු හම්බුනාම හිරූ දැක්කේ ඒ අප්පච්චිම අවසන් හුස්ම හෙල නවා...

අපේ ජීවිත හැල හැප්පිලි එක්ක ගෙවිලා යද්දී අපි ආපහු ලංකාවට ගිහින් දානේ වැඩ කටයුතු ඉවර කලා... සේරම ඉවර වෙලා අපි ජපානේ සෙට්ල් වෙනවා කියලා හිරූ අම්මට කිව්වම අම්ම රවලා අහක බලාගත්තා...
සේරම හොඳින් කරලා මම ලෑස්ති කලේ අපේ සරල වගේම ලස්සන වෙඩින් එක...මොකද අප්පච්චි නිසා අපිට ලොකුවට වෙඩින් ගන්න බෑ...ඒත් නොගෙන ඉන්නත් බෑ..  මොකද ඒක මගේ හීනයක් ....

ඉදිරියට

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

🍁වෙඩින් එකට යන්න ඇඳුම් ගන්න... හනිමූන් නම් එක්කන් යන්ලෑ😁😁😁

Continue Reading

You'll Also Like

36.5K 5.6K 16
ඇත්තටම සල්ලි නැති තැන ජීවිතයක් තියෙද....නෑ...මට අනුව නම් නෑ....මොකද සල්ලි තමයි ජීවිතේ....සල්ලි තියේ නම් මොනවද කරන්න බැරි....මොනවද ගන්න බැරි.... . . ...
79.8K 14.1K 65
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
184K 4.6K 71
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
988K 35.6K 42
🚨 ဒီ Fic မှာ Adult Scences တွေပါဝင်တာကြောင့် မကြိုက်တဲ့လူများရှောင်ဖို့ ကြိုတင်အသိပေးပါတယ်နော် 🚨 🚨 ဒီ Fic မွာ Adult Scences ေတြပါဝင္တာေၾကာင့္ မႀက...