Namjoon's POV
මම වාහනයට නැගලා ඇස් වහගත්තේ තව කවුරු හරි මෙතන ඇවිල්ලා කියවන්න පටන් ගත්තොත් මගේ අතින් මොනවා වෙයිද කියන බය මගේ හිතේ තිබ්බ හන්දා. ඉයර් ෆෝන් නොගෙනාව මෝඩකම කියලා හිතුනේ ජිමින් එක්ක ටේයුන් වාහනයට නැගලා කියවන්න පටන් ගත්ත හන්දා. මම එයාලව ගනන් ගන්නේ නැතුව තදින් ඇස් වහගෙන මගේ කේන්තිය පාලනය කරගන්න පටන් ගත්තා.
"ඊට පස්සේ ජින් හ්‍යුන්ග් ඒක දන්නේ නැතුව රූම් එකට ආවා එක පාරටම එයාගේ ඇද උඩ ටික තියන ඇදුම් ටික දැක්කට පස්සේ හ්‍යුන්ග් හිතුවේ ඒ ජන්ග්කුක් කියලා. හහ් හහ් හහ්"
"ඊට පස්සේ?"
"ඊට පස්සේ හ්‍යුන්ග් කුක්ගේ කනෙන් ඇදන් ඇවිල්ලා එයාගේඇද උඩ ඇදලා දාලා තියන ඔක්කොම ටික නවලා අස් කරන්න කිව්වා. කුක්කා මෙලෝ දෙයක් දන්නේ නැතුව උඩ බිම බැලුවා. හහ් හහ් හහ්.."
ජිමින්ගේ හිනාව මගේ කන් දෙක හිල් කරගෙන යන්න වගේ හන්දා මම ඇස් ඇරලා ඔලුව උස්සලා ජිමින් දිහා රවලා බැලුවේ කටවහගන්න කියලා මට එයාට බනින්න බැරි කමට. මම එයා දිහා රැව්වා කියලාවත් ජිමින්ට තේරුනේ නැති වෙනකොට එයා ටේයුන් එක්ක තව තවත් කියව කියව හයියෙන් හිනා උනා..ඒත් ජිමින් මට පිටු පාලා හිටියට මම එයාලා දිහා බැලුවා කියලා ටේයුන් දැක්කා.ටේයුන් ඉක්මනට ජිමින්ගේ අතින් ඇදලා නැවැත්තුවට පස්සේ ජිමින් පිටිපස්ස හැරිලා මගේ දිහා බැලුවේ මොකක්ද කියලා අහන්න වගේ. ඒත් මගේ මූනේ තිබ්බ කේන්තිය තේරුම් අරන්ද කොහෙද ජිමින් කටවහගෙන සමාවගත්තා.
"සොරි හ්යුන්ග්."
මම ආයේ ඇස් වහගෙන ශීට් එකට හේත්තු උනේ මේ කිසිම සද්දයක් මට ඇහෙන්න එපා කියලා හිතාගෙන. ඒත් ඒ වෙනුවට ජිමින් ටේයුන් එක්ක රහසින් කතා කරන්න පටන් ගත්තේ මගේ කේන්තිය තවත් වැඩි කරන ගමන්. අද දවසට මට තව කෙනෙක්ට කෑ ගහන්න ඕනේ උනේ නැති හන්දා මම කේන්තිය පුලුවන් තරම් පාලනය කරගෙන ජිමින්ට නොබැන ඉන්න හිතාගත්තා. ඒත් එක්කම මගේ ඇස් පියවුනේ මට ඕනෙම වෙලා තිබ්බ නින්ද මට දෙන ගමන්.
"ජූන් හ්‍යුන්ග්."
"හ්‍යුන්ග්."
මගේ ඇස් පියවුනත් මගේ නින්ද හරියටම මගේ ලගට එනකොට කවුරු හරි මට කතා කරලා නැගිට්ටෙව්වා. මට නිදාගන්න හම්බුනේ එක ගැන තිබ්බ කේන්තියට මම නැගිට්ටපු කෙනා කවුද කියලා බලන්නෙ නැතුව එක පාරටම අතත් ගසා දාලා කෑ ගැහුවා.
"වට් ද ෆ...මට නිදාගන්න දෙනවා."
මගේ ඇස් හරියටම ඇරලා බැලුවම මම දැක්කා ජිමින් එක අතකුත් උස්සගෙන බය වෙලා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා. මම ටිකක් වටපිට බැලුවම මට තෙරුනා අපි ආයේ අපේ අපාර්ට්ම්නට් වලට ඇවිල්ලා කියලා. මම මගේ ඉස්සරහා ඉන්න ජිමින් දිහා බැලුවම එයාගේ මූණේ ලොකු බයක් තියනකොට මගේ හිතට වැරදිකාරී බවක් දැනුනත් මම ඒක ගැන හිතන්නේ නැතුව අනිත් පැත්තේ දොර ඇරගෙන එලියට ආවා. ජිමින්ට මොකක් හරි කියන්න ඕනේ උනත් මම ඒ ගැන හිතන්න ඕනේ නෑ කියලා හිතාගෙන කෙලින්ම මගේ රූම් එකට ආවා.
ශෙඩ්‍යුල් එකේ ඊලගට තව පැය දෙකකින් ස්ටූඩියෝ එකට යන්න තියනවා කියලා දැක්කම මම ඉක්මනට ඇදුම ගලවලා පහසු ඇදුමක් ඇදගෙන මගේ මේසෙන් වාඩි උනේ සේජින් හ්‍යුන්ග් ගන්න එනවා කිව්ව රිපෝර්ට් එක හදන්න. තියන ඔක්කොම එකින් එක ඇනලයිස් කරගෙන අන්තිම කවුන්ට් එක ලියන්න යනකොටම ජිමින් මගේ රූම් එක ලගින් කෑ ගහගෙන දුවගෙන ගියා..
"කුකී එපා......."
මම බය උන පාර ඉක්ම්නට දොර ඇරලා බැලුවත් ඒ දෙන්නා එයාලගේ සෙල්ලමක් කියලා දැකලා ආයේ ඇවිත් මේසෙන් වාඩි උනා..එතකොට මට තේරුනා මම මතක තියාගත්ත අන්තිම කවුන්ට් එක දැන් මට මතක නෑ කියලා. පැය බාගෙක කවුන්ට් කරපු එක අමතක උනා කියලා මතක් උනාම මගේ ඔලුවට යකෙක් ආවත් මම මේසේ උඩ තිබ්බ වතුර බෝතලයෙන් වතුර ටිකක් බීලා ආයේ කවුන්ට් කරන්න පටන් ගත්තා.
ටික වෙලාවක් යනකොට මගේ එහා පැත්තේ රූම් එකෙන් ගිරි යටින් කෑ ගහන සද්දේ ඇහුනම මම පුටුවත් පිටිපස්සට තල්ලු කරගෙන නැගිට්ටේ කෑ ගැහුවේ ජිමින් උනත්, ජින් හ්‍යුන්ග් උනත් කවුරු උනත් බනිනවා කියලා හිතාගෙන. මම ඒ රූම් එකට යන අතරේ මට ඇහුනා ජින් හ්‍යුන්ගේ සද්දෙත් හයියෙන්.
"ඔක්කොම එලියට ඇදලා දාලා කුකී වත් අහු කරා නේද ?දැන් මේ ඔක්කොම අස් කරන්න ඕනේ? හා..ඉක්මනට. කෝ?"
මම යනකොටත් දොර ඇරලා තිබ්බ කාමරේ මම ඇතුලට යනකොට ජින් හ්‍යුන්ග් ජිමින්ගේ කනෙන් අල්ලගෙන හිටියා. ජිමින් එක අතකින් කනත් අල්ලගෙන ආව්ව්ව් කියලා ආයේ හයියෙන් කෑ ගහන්න පටන් ගත්තම මගෙත් කට මටත් නොදැනීම ඇරුනා.
"මොන විකාරයක්ද මේක?දැන් කනක් ඇහිලා ඉන්නත් නෑනේ.මම අතන පණ යනකන් වැඩක් කරන්න හදනවා මෙයාලා මෙතන ජොලි කර කර කෑ ගහනවා. ජිමින් ඔයා මට කී පාරක් ඩිස්ටර්බ් කරා කියලද හිතන්නේ? ඔයා මෙතන වැඩක් නැතුව හිටියට මගේ බෙල්ල ලගටම ඇති වෙන්න මට වැඩ තියනවා. පොඩ්ඩක් කට වහගෙන ඉන්න. "
මම ඒක කියලා ඉවර වෙනවත් එක්කම මම ජීමින්ගේ ඇස් වල කදුලු දකිනකොට ජින් හ්‍යුන්ග් ජිමින්ව අල්ලගෙන ඇදෙන් වාඩි කෙරෙව්වා. තිබ්බ කේන්තියට තව දේවල් කියන්න ඕනේ උනත් මම මෙතන විනාඩියක් හරි නාස්ති කරොත් මට වෙලාවට මගේ වැඩේ ඉවර කරගන්න බැරි වෙයි කියලා මට තේරුන හන්දා මම ආපහු මගේ රුම් එකට ඇවිල්ලා මගේ වැඩේ කරන්න පටන් ගත්තා. ඒත් විනාඩි පහක් විතර යනකොට ආයේ මගේ දොරට තට්ටු කරනවා ඇහුනම මම ගිහින් දොර ඇරියේ සේජින් හ්‍යුන්ග් නම් එයාටත් බැනලා යවාගන්නවා කියලා හිතාගෙන.
මම සේජින් හ්‍යුන්ග්ව බලාපොරොත්තුවෙන් ගියත් එතන හිටියේ ජින් හ්‍යුන්ග්. මම කවදාවත් හ්‍යුන්ග් අගරු කරලා කතා කරලා නැති උනාට අද මගේ කටින් එහෙම ඇයි කියලා කියවුනා.
"ඇයි?"
"ඔයාට මම උදව් කර්-"
"මට පාඩුවේ ඉන්න දෙන්න..ඒක තමයි කරන්න පුලුවන් ලොකුම උදව්ව. "
හ්‍යුන්ග් තව මොකක් හරි කියන ගමන් මගේ රූම් එක ඇතුලට එන්න හැදුවත් මම ඉක්මනට පිටිපස්සට වෙලා හයියෙන් දොර වැහුවේ එයාගේ කතාවට මම ලෑස්ති නැති හන්දා. මම ආයේ පුටුවෙන් වාඩි වෙලා රිපෝර්ට් එක හදන අකුරක් ලියන්න හැදුවත් මගේ ඇස් වලට ඇස් වලට කදුලු පුරවගෙන වාහනේ හිටපු ජිමිනුයි, ජින් හ්‍යුන්ග්ගේ රුම් එකේ හිටපු ජිමිනුයි මාරුවෙන් මාරුවට මැවිලා පෙනුනා.
ඒත් මට කරන්න දෙයක් නෑ.....
To be continued ....
ගිය තැනකින් ඉක්මනට ඇවිල්ලා ඊලග අප්ඩේට් එක ඕනේ මොකටද කියලා ඉක්මනට කියන්න!!!