Black Eyes ( Season Two- BL ✔...

By BantiPrabu

35.4K 6.4K 2.7K

ඒ කළු ඇස්........... ඒ මගේ රන් බබා ද....???? 🍁 ඇයි ඒ සුවඳ ආයෙමත්.....18+ Story 🍁 More

1 - You නෙවෙයි Yu
2 - හිතුමතේ ජීවිතයක්
3 - ඒ සුවඳ
4 - රන් බබා කවුද
🍁 short introduction 🍁
5 - නොසන්සුන්
6 - අමුතු සිදුවීම
7 - ඔයා කවුද ?
8 - අමුතු හැසිරීම
9 - පැටලිල්ල
10 - පෙරලිය
11 - ජීවිතයේ අලුත් පිටුව
12- නිහඬ ගීතයක්
13 - මොකක්ද ඒ උනේ
14 - ඒ හාදුව
15 - මගේ මල්ලි
16 - බලාසිටි මොහොත...
17 - නැවත හමුවීම
19 - කාලය
20 - දුක බෙදා ගැනීම
21 - අනුරාගී මොහොත
22 - චූටි බබා
23 - සැහැල්ලුව
24 - සැලසුම
25 - හදවතට එකඟව
26 - මනරම් රැය
27- කඩයිම
28 - සෙනෙහස
29 - සමාව ගැනීම
30 - රාගය ද ප්‍රේමය ද
31- අරුත්බර සෙනෙහස
Special Last

18 - අලුත් බැඳීම්

973 207 48
By BantiPrabu

Black Eyes Season Two.....

" දැන් ඔය මදැයි හිරූ.... ඇත්තටම මම ඔයාට වඩා ආදරේ මගේ මල්ලිට... ඒ නිසා මගේ මල්ලිව තනි නොකර එයා ලඟට ආපහු යන්න..."

" ඒත් යුගී බබා ඔයා එයාව මීට් වෙන්නේ නැද්ද..? එයා මල්ලිනේ..?"

" මොකෝ නැත්තේ යමං යන්න..  මේ දැන් මට බබා හුකුන් ගාන්න එපා..දැන් මම අයියා.. ඒ කියන්නේ උඹේ මස්සිනා..."

යුගීත් හිරූගේ අත් ගොබයකට මිට මොළවලා පාරක් ගැහුවා...

" ආශ්.... හිතන් ඇති... මහ ලොකු අයියා වෙන්න.. හාල් මැස්සෙක් වගේ ඉදගෙන..හ්හ්හ්හ්හා "

" අනේ මේ.......පෙනුම වැඩක් නෑ දැන් මට ගරුසරු ඇතුව කතා කරොත් හොඳයි.. නැත්නම් පපාට කියනවා මල්ලිව දෙන්න එපා කියලා..!"

යුගීත් ඒක විහිළුවට කිව්වත් හිරූගේ මූන ඒකට ඉක්මනින් වෙනස් උනා..

" හපෝ.....මූනේ හැටි.. එහෙම කරනවද අනේ මං... උඹලා එකතු වෙන එක මගේ ජීවිතේ ලොකුම සතුට හිරූ... මම මගේ ඇස් දෙකෙන් දැක්කා උඹ පිස්සෙක් වගේ විඳවනවා...මට හැමදාම ඕනි උනේ එක්කෝ උඹ මගෙන් සැනසෙන්න... නැත්නම් උඹේ රන් බබා උඹේ ලගට එන්න. මම උඹට ලං වුනේ මට දරාගන්න බැරි නිසා...
ඒත් මම හිතුවේ අන්තිමට ඔයා මගෙන් සැනසුනා.. මගේ උත්සහය සාර්ථක වුනා කියලා... ඒත් ඇත්තටම මොකක්ද උනේ කියලා මම දන්නවා.. අර නෙතුම් මෝඩයා හොයලා දීපු වැරදි තොරතුරු නිසානේ සේරම....
එක අතකට ඔයාලගේ වරදක් නෑ.. අපේ පපා අපි දෙන්නගෙම පපා වෙද්දී ඔයා දන්නේ නෑනේ ඔයාගේ අභීට අයියෙක් ඉන්නවා කියලා.. මේක ඇත්තටම දෛවය....එච්චරයි දැන් අපි යමු....!"

යුගීත් කියපු දේවල් හිරූ අහගෙන ඉද්දී ඒ ඇස් දෙකේ කඳුළු පිරුණා... අවසාන තප්පරයේ ඒවා කම්මුල්වලින් රූටලා වැටෙද්දී යුගීත් හිරූගේ උරහිසට ටිකක් බරට අත තිබ්බා....

" සේරම හරි.. දැන් ඔයා මාව අදුන්වල දෙන්න මගේ මල්ලි බබාට.. මොකද එයා එකපාරටම මාව පිළිගන්න කැමති වෙයිද දන්නෑනේ... "

හිරූ ඔලුව වනලා ඇතුලට යන්න යද්දී යුගීත් ආපහු හිරූගේ අතින් අල්ල ගත්තා... හිරූ ඇයි කියන්න වගේ යුගීත් දිහා බලද්දී කලින් තිබ්බ අභීට සමාන බැල්මක් එක්ක ඒ ඇස් හැඟීම් බරව තිබුණා....

" අන්තිම වතාවට මට ඔයාව බදාගන්න පුළුවන් ද..? මොකද මට ඕනි මේ වැලඳ ගැනීමෙන් ඔයාට සමුදෙන්න... මගේ මස්සිනාව පිළිගන්න..."

යුගීත්ගේ සංවේදී වචන හිරූගේ හද පත්ලටම කිඳා බහිද්දී හිරූ යුගීත්ව වැළඳගෙන නලලට බර හාදුවක් තිබ්බා.... ඒ හාදුව ඇයි... ඒ හාදුවට එකතු උන හැඟීම් මොනවද...? ඒ කිසිම දෙයක් දෙන්නට දෙන්න කතා නොකරද්දී අවසාන තප්පරේ යුගීත් හිරූගේ පපුවටත් තුරුළු වෙලා හිරූගෙන් මිදුනා...

" තව දෙයක්...... මල්ලිට ඔයා අතීතය ගැන කියනවනම් එයාට කියන්න එපා එයාගේ අයියා එයාගේ තැන ගන්න හැදුවා කියලා... ප්ලීස් හිරූ.. මගේ වරදක් උන ඇත්තටම වරදක් නොවුන දේ ව මට එයාගෙන්  හංගන්න උදව් කරන්න.... "

" හ්ම්ම්.. ඒත් මට එයා එක්ක රහස් තියාගන්න බෑ.. ඕක කවදාහරි දැනගනී... ඒත් මම ඒක කියන එක එයා හොඳටම මෙන්ටලි හෙල්ත්ලි හොඳ වෙනකන් බ්‍රේක් කරන්නම්...."

" ඕකේ තැන්ක්ස් මචං...දැන් යන්..!"

" මචං..????"

" ඔව් මචන් සමානයි මස්සිනා.. ඕක දෙමල වචනයක්නේ.."

"' හපො හා.. දැන් යමං... "

යුගීත් චකිතයෙන් ඇතුලට අඩිය තිබ්බත් හිරූ එයාගේ උරහිසට අත තියලා ශක්තියක් උනා.. දෙන්නම ඇතුලට යද්දී අභී වෙද හාමුදුරුවො දීපු පොතක් කියවනවා....
දෙන්නම ඇතුලට ගිය සද්දේ නිසා එයා පොත වහලා පැත්තකින් තියලා ඒ පැත්ත බැලුවා...

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Abi's POV...

ජීවිතයේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා ඇස්වල කඳුළු පුරවගෙන වැලපෙද්දී අපිට උනොත් එයා අසරණ වෙනවා බල බලා සදහටම  යන්න..
ඒ හැඟීම  කොහොම දැනෙයි ද..?

ඇත්තටම මම ඒ වේදනාව මගේ ඇස් ඉස්සරහම වින්දා... මට මේ ලෝකේ වටිනම කෙනාව දාලා මට යන්න උනේ මගේ පපුවත් පැලෙන්න තරම් වේදනාවක් මට දැනෙද්දී...
ඒත් ජීවිතයේ දෛවය විසින් අපිට තව අවස්ථාවක් දීලා ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණම මට දැනුනු සතුටේ නිමක් නෑ...
මම මගේ ඇස් ඇරපු ගමන් හෙව්වේ මගේ ආදරේ , මගේ ජීවිතේ මගේ හබී....
ඒත් ඒ වෙනුවට මගේ පපා ලඟ හිටියම මම බය උනා..
මට මගේ මැණික නැතිවෙයි කියලා ඇත්තටම මම බය වුනා... ඒත් පපා කිව්ව විදියට මගේ හිරූ  මාව බලන්න එනගමන් කියලා කිව්වම මගේ ඇස් බලාපොරොත්තුවලින් පිරිලා ගියා...
මට ඒ බලාගෙන හිටපු මොහොත තරම් දිගු කාලයක් මගේ ජීවිතේටම තිබිලා නෑ...
බැරිම තැන මම පාපාගෙන් සැරෙන් සැරේ වෙලාව ඇහුවා.. මගේ මැණික එන්න ගතවුන පැය දෙක මට කල්පයක් තරම් දිගුයි වගෙ දැනුනා..
ජීවිතයේ කිසි දෙයක් ස්ථීර නෑලු.. ඒ වගේමයි දුකත් හැමදාම ස්ථීර නෑ.. වේදනාවත් හැමදාම ස්ථීර නෑ...බුදුහාමුදුරුවො සේරම දේවල් නිත්‍ය නෑ කිව්ව දේ සතුටට  විතරක් බලපාන්නේ නෑ... දුකටත් එහෙමයි...
අපි දෙන්නා වින්ද දුක අවසන් වෙලා ජීවිතවලට ආලෝකයක් එන්න වැඩි ඈතක් නෑ...
වැස්සක් වැහැලා කුණාටුවක් ආවත් කුණාටුවෙන් අඩපන වෙලා දේවල් ඉතුරු උනත් සමහර දේවල් නැත්තටම නැතිනුනත් සමහර දේවල්වලට කිසිම බලපෑමක් නැති වෙන්න පුළුවන් ..
වාසනාවකට වගේ අපේ ජීවිතවලට ආපු දුක් කම්කටොලු නමැති කුණාටුව අපිව අඩපන කරත්  දැන් සේරම අවසන්...  ඉතින් හිමීට ඉර පායගෙන දැන් අපේ ලෝකය එළිය වෙයි....

ඒ ගැන හිතුව මොහොතෙමයි මගේ මැණික හිමීට බයෙන් සැකෙන් වගේ මං ලගට ආවේ.. මොකක්ද හේතුවකට එයා මාව දැක්කම පුදුම උනා.  හරියට මම මැරිලා ඉපදිලා ඉන්නවා දැකලා වගේ... මට හිනත් එක්ක.. මගේ කෝලම...
බදාගෙන ඇඩුවේ හරියට මාව කල්පයකින් හම්බුනා වගෙයි... සමහරවිට මම හොස්පිටල් එකේ ටික කාලයක් ඉන්න ඇති...
මාව බදාගෙන අඩනකොට මටත් ඇඩුනා.. මොකද එයාගේ කඳුළුවලට මගේ කඳුළු ප්‍රතිචාර දක්වනවා හරිම ඉක්මනට...
අපි දෙන්නා බදාගෙන පැය ගානක් ඇඩුවා... එයාගේ සීතල තොල් මගේ මූන බෙල්ල අත් දෙක පුරාම එහෙ මෙහෙ පිස්සුවෙන් වගේ දුවද්දී මම හැමදාම වගේ ඒ පහසට ලෝබකම් කලා..
ඒත් මං දැක්ක දේ තමයි මගේ කොල්ලා ඉස්සර වගේ නෙවෙයි කෙට්ටුයි... ඉස්සර තිබ්බ පිං පාට ගිහින්.. ඇස් යට ගිහින් රැවුලත් අපිළිවෙලයි.. ඒක ඒ තරම් නොවුනත් හැමදේකම යම් අපිලිවෙලක් තිබුණා.. ඒත් ඒ ඇස්වල තිබ්බ දීප්තියේ නම් කිසිම අඩුවක් නෑ....
ඇත්තටම මට එයාගේ අතේ එල්ලිලා ඇවිදින්න ඕනි.. සුදු සීයට ස්තූති කරන්න ඕනි. මොකද මගේ ඇගට දැන් කිසිම අමාරුවක් නෑ...
ඒ නිසා මම එයාට එලියට යමු කිව්වා... ඒත් ඒ ඇස්වල මොකද්දෝ අමුතු වරදකාරී බවක් තිබුනා.. සාමාන්‍යයෙන් මට මගේ මැණික හැරෙනකොට කියන්න පුළුවන් .. ඒ නිසා මම ඒ ඇස් අස්සේ දැක්කේ පසුතැවීමක්....
එයා එලියට ගිහින් එන්නම් කිව්ව නිසා මම එහෙමම ඇදෙන් බහින්නේ නැතුව එයා එනකන් බලාගෙන හිටියා....
ඒත් මම අඩ එළියෙන් දැක්කේ තව කෙනෙක් මගේ මැණික පස්සෙන් එනවා...  මට හරියට පේන්නෑ....

" හිරූ මේ ජනේලය අරින්නකෝ.. මට නැත්නම් කිසිම දෙයක් පේන්නේ නෑනේ....!

මට මේ අඩ අඳුර එපාම උන තැන මම මගේ හිරූට කිව්වා.. එයා නිහඩවම ගිහින් ජනේලය ඇරියම ඒකේ ආලෝකයේ සැරට මම ආපු කෙනාව හරියට දැක්කේ නෑ.. ඇස් දෙකට එක පාර ආලෝකය දරාගන්න අමාරු වෙද්දී මම අමාරුවෙන් මගේ ඇස් ආලෝකයට හුරු කරගත්තා...
ටිකක් වෙලා ගියාට පස්සේ මම දැක්කේ මගේ ඉස්සරහා ඉන්න මාවම..........ඒ ඇස් පුදුමයෙන් මං දිහා බලාගෙන හිටියා....
මගේ ඇගම හිරි වැටිලා මට ලොකුම ලොකු බයක් දැනුනා..ඇගපුරා සීතලක් කීරිගැහීගෙන යද්දී මට දැනුනේ බයක්...

" මෙ......මෙ........මෙ.........ම......ම........මමනේ........හිරූ........ඇයි මේ මගේ ඉස්සරහා මම.........ඉන්නේ......"

ඒත් ඒ ආපු කෙනා බක බක ගාලා හිනා උනාම මට මාරයා ආවේස වේගන මගේ සුපුරුදු කේන්තිය මතු උනා..

අහ් පොඩ්ඩක් ඉන්න...අඩේ මූ මට වඩා ටිකක් වෙනස්.. මගේ කොණ්ඩේ ටිකක් බොකුටුනේ.. මෙයාගේ කොණ්ඩේ ස්ට්‍රේට් එහෙන් කලර් කරලා... අහ් .. ඒ නහය ලාවට වගේ වෙනස්... මට වඩා පොඩ්ඩක් දිගයි නේද..?
මගේ හිතට ආවේ එකම එක දෙයක්... මම ලෙඩ වෙන්න කලින් මට දැනගන්න ලැබුණු මගේ අයියා..
එතකොට මේ මෝඩයා මගේ අයියද.?
සා ......වෝව්
.............. නැගිටලා පැනලා ගිහින් බදාගෙන ඉඹින්න හිතුවත් ඊට කලින් මගේ මහන්තත්තකම පිටට ආවා...

" අඩේ එතකොට තමුසෙද අර කිව්ව  මගේ අයියා........?????"

" අහ්...චූටී......කට පරිස්සමෙන් .. අයියට ඔහොමද කතා කරන්නේ..??"

" ආශ්............."

මගේ හැකර කට පපාට මාට්ටුනේ.. මං දැක්කා අර මෝඩ හිරුවා මට හිනාවෙනවා හොඳ වැඩේ කියන්නා වගේ මූඩ් එකකින්....

" සොරි......බ්‍රදර්....!"

" මට මගේ මෝඩ චූටිව පොඩ්ඩක් බදාගන්න පුළුවන් ද..??"

අහ්.. මේක මට පපා කියන නම කියන්න ගත්තා නේත... මම මේකට මොකක්ද කියන්නේ....ම්ම්ම්..............බ්‍රදර් කියමු.. අයියා කියන්න මොකක්ද වගේ... හැබැයි ඒකත් මං වගේම ලස්සනයි අහ් නෑ හැන්ඩ්සම් ද..ම්...ලස්සනද දෙකමද මංදා..
කොහොමහරි හිරූ පිටිපස්සෙන් දැක්කනම් ඒකව මම කියලා රැවටෙනවා.. ඇයි යකෝ මගේ ඇස් දෙක හොරකම් කරලා වගේනේ... එහෙන් කටහඩ... සේරම එකවගෙයි...
ඒත් මොනා වුනත් ඒ තමයි එක බඩවැල කඩාගෙන නාවත් මගේ ඇගේ නහරයක් ගානේ දුවන ලේ හා සමාන සහෝදරයා....
ඉතින් මට ඇත්තටම දැන් සහෝදරයෙක් ඉන්නවා.. හිතද්දිත් දැනෙන සතුට වචනවලට හරවගන්න මට අමාරුයි.. ඒ නිසා මම මගේ අහංකාරකම මොහොතකට පැත්තකින් තියලා අයියට දෝතම පෑවා..
ඒකා හිනා වෙලා මට ලං වෙද්දී දැනුනේ මම මාවම බදාගන්නවා වගෙයි.. ඒ තරම් ඒ හිනාව පවා මගේ වගෙයි..
ඒ උණුසුමේ අමුතුම සෙනෙහසක් ආදරයක් මට දැනුනා.. දෙයියනේ මගේ අයියනේ...
එයා ලඟ මට අමුතු හැඟීමක් ඇති වුනා.. එයා මාව කිටි කිටියේ බදාගත්තම මගේ උරහිසට මට දැනුනේ තෙතක්.... අඩේ මේ හරකා අඩනවද... යකෝ අඩන්න මම මැරිලා හිටියද... මුං ඔක්කොම හැසිරෙන්නේ මම වලෙන් ගොඩෑවිත් වගෙයිනේ..
මමත් එයාව බදගත්තම එයා මගේ මූනෙන් අල්ලගෙන නලල ඉඹලා මගේ කම්මුල් දෙකත් ඉඹලා කෙලත් ගෑවා .. ගොං වස්සා.. ඒත් මම දැක්කේ අයිනක ඉදගෙන මූනත් ඇද කරන් රවන මගේ ඉරිසියාකාර බෝම්බෙව.. ඕකට මාව වෙන එකෙක් අල්ලනවාවත් දරාගන්න බෑ... පොඩ්ඩක් අවුස්සන්නත් එක්ක මම අයියවත් බදාගෙන ඉම්බා...
හිතුවා වගේම මේක අයියව මගෙන් එහාට ඇදලා අරන් මගේ මෝඩ අයියට රවලා ගස්සලා බොරුවට වතුර ගන්න මේසේ ලගට ගියා...
අයියා කම්මුල් දෙකට හුලං පුම්බලා ඇස් දෙකෙන් මගේ මෝඩ ඉරිසියාකාරයට රවද්දි මට බකස් ගාලා හිනා ගියා.. යකෝ ඌත් මටම හොදයි වගේ....
මගේ හිරුවාවගේ බෝරින්ග් නෑ. ජොලි පොරක් වගේ.. ඒ කියනනේ අපිට එකතු වෙලා ගොඩක් දේ කරතෑකි....









ඉදිරියට

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

🍁 හවසට WangXian ff එක දෙන්න ද , Yashoora නංගා GL එකක් ඉල්ලුවා එයාගේ Birthday එක නිසා...

එහෙම එකක් ඕනිත... කියෝනවද.. නැත්නම් WangXian එක දෙන්නම්.....

නංගා " Happy BIRTHDAY" හිතන පතන හැමදෙයක්ම සාර්ථක වෙනන කියලා ප්‍රාර්ථනා කරනවා...


🍁 අනේ මට මේ දවස්වල yizhan ලියන්න අමාරුයි.. අනික ඒ කතා දෙක තුනටම ගොඩක් මහන්සි වෙන්න ඕනි.  මට වීව්ස් 200 ක් වත් නැතුව මම කතාවකට ගොඩක් මහන්සි වෙන එක තේරුමක් නෑනේ..
ඒ නිසා මම ලියන්නැත්තේ...

ඊට වඩා මට ලියන්න අමරු නැති මේ වගේ ලේසි කතාවක් ලියලා ඔයාල 50ක් බැලුවත් මට ඇති...
මම වීව්ස් පස්සේ දුවන්නෑ.. ඒත් මගේ මහන්සියට මට අවුල් යනවනේ...

ඒ නිසා yizhan දැන්ම ඉල්ලන්න එපා... ඔක්කොම හෝල්ඩ්... ආයේ මට ෆ්‍රී දවසක දෙන්නම්.. ඔයාලට කැමතිනම් ලයිබ්‍රි ඕෆ්ලයින් එකේ තියේනම් අයින් කරගන්න...

Continue Reading

You'll Also Like

83.4K 13.7K 30
✅ COMPLETED ජීවිත දෙකක් අහිමි උනේ, අපේ ඉරණම අපිව මුණගස්සලාද?
36.7K 5.6K 16
ඇත්තටම සල්ලි නැති තැන ජීවිතයක් තියෙද....නෑ...මට අනුව නම් නෑ....මොකද සල්ලි තමයි ජීවිතේ....සල්ලි තියේ නම් මොනවද කරන්න බැරි....මොනවද ගන්න බැරි.... . . ...
1M 36.1K 42
🚨 ဒီ Fic မှာ Adult Scences တွေပါဝင်တာကြောင့် မကြိုက်တဲ့လူများရှောင်ဖို့ ကြိုတင်အသိပေးပါတယ်နော် 🚨 🚨 ဒီ Fic မွာ Adult Scences ေတြပါဝင္တာေၾကာင့္ မႀက...
92.6K 12.4K 99
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...