Pink Hearts (Completed)

By mei_xianqi

6.3K 1K 773

5 crazy girls.... A new girl group.... Not only romance. This story includes friendship, teamwork, leadership... More

Introduction
Episode 1 (පියබා යනවා මා ආකාසයේ)
Episode 2 (මනෝ පාර)
Episode 3 (හෙර)
Episode 4 (කෑම & ඇඳුම්)
Episode 5 (ලව් ලෙටර්)
Episode 6 (මාළුවා නැහෙන්නේ කට හින්දා ලු)
Episode 7 (ලව් ඇට් ෆස්ට් සයිට්)
Episode 8 (තනිකඩ ජිවිත අසරණයි ලු)
Episode 9 (Selected)
Episode 10 (වාව් ලස්සනයි..)
Episode 11 (මින්හෝ ඔප්පා)
Episode 12
Episode 13 (හයිබ් සවාරි)
Episode 14 (කන්ට්‍රැක්‌ටුව)
Episode 15 (ඒසී දාලත් රස්නෙයි)
Episode 16 (අසීගෙ සම්ප්‍රාප්තිය)
Episode 17 (ඩෝම්)
Episode 18 (අළුත් පවුල)
Chapter 19
Chapter 20 (ෆෝන් හොරු)
Chapter 21 (මීයෝ)
Chapter 23 (ලව් ඇඩ්වයිස්)
Chapter 24 (හැටහතර මායම්)
Part 25 (Happily Ever After)

Chapter 22

174 33 28
By mei_xianqi

Yoongi pov

*flashback*

මම අත අතෑරිය ගමන් සේයෝන් කලබලෙන් එලියට දිව්වා.. වෙච්ච දේත් එක්ක කෙල්ල ටිකක් ෂොක් වෙලා වගේ..

එයා විතරද? මාත් ෂොක් වෙලා මේ ඉන්නෙ..

මම ඔෆිස් එක වටේ පොඩ්ඩක් ඇස් කරකවල බැලුවේ ඇත්තටම සේයෝන් මොනාටද මෙහෙට ආවේ කියලා බලන්න..

මන් එද්දී එයා හිටපු ලාච්චුව ළඟට මන් ගිහින් ඒක ඇරලා බැලුවා.. ඒක ඇතුලේ තියෙන ෆෝන් එක අතට අරන් ඔන් කලේ කාගේද බලන්න..

ප්ෆ්ෆ්ට්😂🤭...

ලොක් ස්ක්‍රීන් වෝල්පේප එක දැක්ක ගමන් මට‍ ගෙස් කරන්න අමාරු උනේ නෑ කාගේද කියලා...

*flashback ends*

සේයෝන් ගේ ෆෝන් එකත් අතේ තියාගෙන ඇඳ විට්ටමට හේත්තු වෙලා මම  මුළු වෙලාවෙම කලේ ඒකේ ලොක් ස්ක්‍රීන් එක දිහා බලන් හිටපු එක..

එයා අනිවාරෙන් එන්න ඇත්තේ කට්ටියගේ ෆෝන් ටික උස්සන් යන්න.. මටත් මතකයි අපේ ට්‍රේනින් පීරියඩ් එකේ අපේ ෆෝන්ස් අරගත්තා.. Pd නිම් ගේ ඇස් වහලා ෆෝන් ටික ඉස්සුවට pd නම් ට අහු වෙන්නෙ නැති වෙයි කියලා හිතුවේ කොහොමද දන්නෑ..

මොකෝ කරන්නේ..? කෝල් එකක් ගන්නවද..?

ඒත් පාස්වර්ඩ් එක දන්නේ නෑනේ..

එහෙනම් ඔන්න ඔහේ ඩෝම් එකට ගිහිල්ලම දීලා දානවා. ඕන එකක් කරගනියිනේ..

මන් එහෙම හිතලා ජැකට් එකත් අරගෙන පල්ලෙහාට ගියා.. යනකොට පොඩි උන් තුන්දෙනයි හොබියි දුව දුව මොනාද සෙල්ලමක් කරනවා..

🖤"ජින් හ්යුන්ග්... මම පොඩ්ඩක් එලියට යනවා.."

🦓"ගියාට කමක් නෑ ඉක්මනට එන්න. ඒ වගේම කාටවත් අහු වෙන්න එපා. මාස්ක් එකයි කැප් එකයි දාගත්තද?"

🖤"හරි හ්යුන්. වෑන් එකේ තියෙනවා.."

මම හ්යුන්ගෙනුත් අවසර අරගෙන එලියට යන්න අඩිය තියද්දීම කවුරුහරි කෙනෙක් මගේ අතේ තිබ්බ සේයෝන් ගේ ෆෝන් එක උදුරලා ගත්තා..

🖤"එහ්.. ජිමින්.. ඕක මෙහාට දෙන්න!"

මන් ජිමින්ව අල්ලගන්න ඉස්සෙල්ල එයා ඒ ෆෝන් ඒක කුකී ගේ පැත්තට විසිකරලා දිව්වා..

🐰"Ooo... කාගේද බලමු මේක...?"

කුකී එහෙම කියන ගමන් සෙටියේ හරි බරි ගැහිලා ඉඳගෙන ෆෝන් එක ඔන් කලේ හොබී, ජිමින්, ටේ තුන්දෙනත් එතනටම රොක් වෙද්දී..

🐶"මේක කාගේ උනත් හ්යුන්ග් ගේ නම් වෙන්න බෑ.. හ්යුන්ග් මොකටද මගේ ලොකු ෆොටෝ එකක් වෝල්පේප එකට දාගත්තේ..."

ඔව්නේ ඉතිං.. සේයෝන් ගේ අල්ටිමේට් බයස් ජිමින් නේ.. පුහ්..

🐯"කෝ කුකී කන්ටැක් ලිස්ට් එක බලන්න... කාගේද කියලා දැනගන්න පුළුවන් වෙයි.."

කන්ටැක් ලිස්ට් එක? එයා කොහොමද ලොක් එක ඇරගත්තේ..?

මම පැනලා ගිහින් ෆෝන් එක උදුරලා ගත්තා..

ශා.. ලොක් ස්ක්‍රීන් එක ඇරලා..

🖤"කොහොමද ඇරියේ?"

🐶"පුරුද්දට වගේ L  ගැහුවා.."

🖤"ෂාහ් නියමයි නේ ජිමින්.."

මන් ජිමින් ගේ පිටට තට්ටුවක් දාන ගමන් කියලා ආපහු කාමරේට දිව්වා..

ම්ම්ම්.. මොනාද ඉස්සෙල්ලම බලන්නේ..?

කන්ටැක් ලිස්ට් එක බලමු..

බුදුඅම්මෝ.. මොනාද මේ නම්.. එයාලගේ රටේ අය ගෙ නම් මෙච්චර දිගද.. සැක් කියවගන්න බෑනේ..

බලමු ජිමිනුයි එයයි මොනාද චැට් කරලා තියෙන්නේ කියලා..

|😍🐣Ma Mochi Oppa😆💜|

සේව් කරලා තියෙන විදිහ😒.. ඒක වෙනස් කලා නම් හරි..

|Jimin-shi💜|

මම චැට් එක ඕපන් කලා..

ඔහ්.. වැඩි දෙයක් නෑ. වැඩකට නැති ඕප දූප ටිකක් කතා කරලා තියෙන්නේ.. තව එයාගේ යාළුවා ගැනත් ටිකක් තියෙනවා..

මම මගෙ නම්බරේ එයාගේ ෆෝන් එකේ සේව් කලා..

|Min Yoon gi🐱💜|

එකෙන් මට‍ මැසේජ් එකක් දාල ඩිලීට් ෆො මී කලේ එයා දැක්කොත් කියලා..

ඊළගට මගේ ෆෝන් එකෙනුත් එයාව සේව් කර ගත්තා..

|😵බෙලෙක්ක කට🥴💥|

දැන් හරි.. මොකද්දෝ හේතුවකට මට‍ මාරම සතුටක් දැනුනා..

ටිකකින් මේ ෆෝන් එකට කෝල් එකක් ආවා.. සේව් කරලා තිබ්බේ සිංහලෙන්.. අනිවාරෙන් එයාගේ ෆෝන් එක අතුරුදහන් කියලා මීටර් වෙන්න ඇති..

මම ඒක ආන්සර් කලා...

❤"යෙබුසෙයෝ...."

Seyeon pov

❤"යෙබුසෙයෝ.."

අසී ගේ ෆෝන් එකෙන් මගේ ෆෝන් එකට අපි කෝල් අරන් අරන් ස්පිකර් ඔන් කරගත්තා..

🖤"යෙබුසෙයෝ.."

හුටා.. යුන්ගි ඔප්පා නේද!!!

අපි හැමෝම අපේ මුණවල් දිහා බලාගත්තේ අසරණ වෙලා..

🧡"ඉවරයි.. ඒ කියන්නේ ෆෝන් එක හම්බෙලා තියෙන්නේ ඔප්පට ද?"

සේජා රහසින් අපිට විතරක් ඇහෙන්න කිව්වා.

🖤"ඔව් මට‍ තමයි හම්බුනේ.."

ශීට්.. ඔප්පා ටත් ඇහිලා..

❤️"අහ්ම්.. අහ්ම්.. මේ... ඔප්පා..."

🖤"මම හෙට බිග්හිට් එකේදී ඔයාට ෆෝන් එක දෙන්නම්. එතනින් එහාට සිද්ද වෙන දේවල් වල වගකීම මන් බාරගන්නේ නෑ.."

❤"අනේ ඔප්පා මේ ගැන pd නිම් ට නම් දැනගන්න තියන්න එපා.. ප්ලීස්.."

🖤"මට‍ ඔය වගේ දේවල් කරනවට වඩා වෙන වැඩ තියෙනවා.."

එහෙම කියපු යුන්ගි ඔප්පා තව මොනවත් කියන්නේ නැතුව කෝල් එක කට් කරලා දැම්මා..

එදා රෑ නිදියද්දීත් මම කල්පනා කලේ හෙට මොනා වෙයි ද කියලා. වැඩ්ඩෝ ටික වගේ ගිහින් ෆෝන් හොරකන් කලා. දැන් තමයි බය හිතෙන්නේ..
.
.
.
.
.
.

🖤"ආ මෙන්න.. "

ඊලග දවසේ බිග්හිට් එකට ගියපු ගමන් මම කලේ යුන්ගි ඔප්පගෙන් මගේ ෆෝන් එක ඉල්ලගත්තු එක..

❤️"තෑන්ක්ස්.. "

ඔප්පා ස්තුතිය බාරගන්න වගේ ඔළුව වැනුවා.

❤️"තව.. මේක pd නිම් ට කිව්වේ නැති එකටත්.. තෑන්ක්ස්.. "

🖤"ගානක් නෑ.. අපිත් ඕවා කරලා තියෙනවා.. "

මම ඉතිං ඒ ගැන වැඩිය පුදුම උනේ නෑ. හිතාගන්න පුළුවන්..

මම ඔප්පට ආචාර කරලා ආපහු ආවා.. ඇත්තටම පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ එලියට ආවම.. ඊයේ සිද්දියෙන් පස්සේ ඔප්පට මුහුණ දෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර හිටියේ.. ලොකු අවුලක් නෑ වගේ.. ඒත් එයාට ඇත්තටම ඒත් මතක නැද්ද..?
.
.
.
.

"සේයෝන්-ශි.. Pd නිම් ඔයාලා පස් දෙනාට ඔෆිස් එකට එන්න කිව්වා."

අපි ප්‍රැක්ටිස් කරන අතරේ ස්ටාෆ් මෙම්බර් කෙනෙක් ඇවිල්ලා කියලා ගියා.

ඉහිම් ඉහිම්.. මේ මොහොතේ අපි පස් දෙනාම පොඩ්ඩක් බය වෙලා ඉන්නෙ. එකපාරටම එහෙම කතා කරාම බය හිතෙන්නේ නැද්ද මන් අහන්නේ. අපි හොර වැඩකුත් කරලා තියෙන අස්සේ..

අපි pd නිම් ගේ ඔෆිස් එකට ගියා..

🅿️"ඔයාලා ආවද? එන්න ඉඳගන්න. වැදගත් දේවල් ටිකක් කියන්න තියෙනවා."

අපි ගිහින් එතන තිබ්බ සෙටියේ ඉඳගත්තම pd නිම් හෙන සීරියස් මූඩ් එකක් හදාගෙන අපි ඉස්සරහින් ඉඳගත්තා.

🅿️"හොදයි ළමයි.. මම ඔයාලට අඬගැහුවේ ඔයාලගේ ඩෙබියුට් එක ගැන කියන්න.. ඔයාලා ළඟදීම පිනක් හාට්ස් කියන නමින් ඩෙබියුට් කරන්න ඉන්නෙ.. "

අම්මෝ නියමයි..

💚"ළඟදීම කිව්වේ කොච්චර කාලෙකින් ද? "

ශෙරින් අපි හැමෝටම අහන්න ඕනේ වෙලා තිබ්බ ප්‍රශ්නේ ඇහුවා.

🅿️"මාස පහක් විතර.."

"මාස පහක්!!" අපි පස් දෙනාම එකටම ඇහුවා.

🅿️"ඒක ලොකු කාලයක් තමයි. ඒත් අපිට හුගක් වැඩ තියෙනවා කරන්න. ඔයාලට ලෑස්ති වෙන්න දේවල් ගොඩක් තියෙනවා. ඉස්සෙල්ලම අපි සින්දු හදන්න ඕනේ, ඒවට කොරියෝ හදන්න ඕනේ, ඊට පස්සේ සෝන්ග් රෙකෝඩින්, ඩාන්ස් ප්‍රැක්ටිස්, ඔයාලගේ කොස්ටියුම්ස්, ඇක්සෙසරිස්, ඊළගට ෂූටින්.. ෂූටින් වලට හරියන සෙට්ස් හොයාගන්න එක ලේසි නෑ.. වැඩ ගොඩයි. තේරෙනවා නේ.. "

හම්මෝ එච්චර වැඩ.. හිතා ගන්නවත් බෑ. සාමාන්‍යෙන් අපි නිකන් ඉන්නකොට kpop සින්දුවක් ඇහුවම හිතෙන්නේ නටන්නයි සින්දු කියන්නයි විතරයි තියෙන්නේ කියලනේ. ඒත් හෙන වැඩ කන්දරාවක් තියෙනවා නේ..

🅿️"දැන්ම බය වෙලා හරියන්නේ නෑ.. මන් ඔය පොඩ්ඩයි තාම කිව්වේ. ෆොටෝ ෂූට්, ප්‍රි-ප්‍රමෝෂන් වගේ ගොඩක් දේවල් ඉස්සරහට තියෙනවා..... ඒ වගේම... ඔයාලා මෙච්චර කල් දකින්න අසාවෙන් හිටපු ෆෝන්ස් ටික ඩෙබියුට් එකට ලං කරලා දෙන්න අපි තීරණය කලා. ඒවයේ හදන්න දේවල් ටිකකුත් තියෙනවා...."

අපේ බය වෙච්ච මුණවල් දිහා බලාගෙන pd නිම් හිනා වෙවී කිව්වේ අපිව තවත් බය කරන ගමන්..

🅿️"දැනට ඔච්චරයි. අනිත් අයට යන්න පුළුවන්. සේයෝන් විතරක් ඉන්න.. "

කිව්ව‍ විදහටම මම විතරක් ඉඳලා අනිත් අය ගියා..

❤"pd නිම් මොකක්හරි අවුලක් ද"

🅿️"අළුත් අවුලක් නම් නෙමෙයි.. කලින් තිබ්බ අවුලම තමයි. ඔයාගේ වෝකල්ස්.."

ඌහ්.. තාමත් මට‍ හරියට රැප් කරන්න බෑ කියලා මතක් උනේ දැන්.. ශික්.. යුන්ගි ඔප්පා බෑ කිව්වනේ..

🅿️"සේයෝන්.. අපිට තව සීමිත කාලයයි තියෙන්නේ. ඔයාට මාස දෙකක් වගේ තමයි උපරිම කාලේ ලැබෙන්නේ මොකද ඒ අපි ඔයාලගේ ඩෙබියුට් එකට කරන්න තියෙන මූලික වැඩ කටයුතු කරන කාලේ නිසා. ඊට පස්සේ තනිකර ඔයාලගේ තමයි රාජකාරි තියෙන්නේ.. ඒ නිසා ඔයාලා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ.."

❤️"මට‍ තේරෙනවා pd නිම්.. ඒත්.."

මන් මොනා කියලා කියන්නද?... මට‍ තාම රැප් වත් වෝකල් වත් බෑ කියන්නද.. මට‍ දැන්ම ඩෙබියුට් කරන්න බෑ කියන්නද...

මට‍ නම් ගැනම කලකිරීමක් දැනුනා.

🅿️"මන් දන්නවා ඔයා මොනාද හිතන්නේ කියලා.. බය වෙන්න එපා. ක්‍රමයක් තියෙනවා.. යුන්ගි, එයා කිව්වා ඔයා එයාගෙන් උදව් ඉල්ලුවා කියලා. ඉතිං මන් එයාට අවසර දුන්නා ඔයාට උදව් කරන්න. වෙලාවේ හැටියට යුන්ගි තමයි හරියනම කෙනා..

වට්..!? ඇම් අයි ඩ්‍රිමින්.. වෝහ්.. නියමයි නේ..

🅿️"ඔන්න මම ඔයාට හොදම රැපර් කෙනෙක් වගේම ප්‍රඩියුස කෙනෙක්ව දුන්නා උදව්වට.. ඔයා මහන්සි වෙලා ප්‍රැක්ටිස් කරලා හොද ප්‍රතිපලයක් දෙන්න ඕනේ හරිද.."

Pd නිම් එහෙම කියද්දී මට‍ මාරම අවුල් ගියා. එයා අපි ගැන ලොකු ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒත් එයා දැනගත්තොත් අපි ෆෝන්ස් tika ඉස්සුවා කියලා.. එයා මොනා නොහිතයි ද..

ඔහ් ගෝඩ්.. අපරාදේ ෆෝන්ස් ටික ඉස්සුවේ..

ඒ ගැන හිත හිත මම ප්‍රැක්ටිස් රූම් එක පැත්තට ගියා..

🧡"එහ් මචන්.. මට‍ හෙන අවුල් බං.."

මන් ආපු ගමන් සේජා මගේ ළගට ඇවිත් කිව්වේ ඒක.. එයත් එක්කම අනිත් තුන් දෙනාත් ආවා..

💛"ඔව් බං මටත්.. අපරාදේ ෆෝන් ටික ඉස්සුවේ. Pd නිම් අපි ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ."

💙"අහන්න ලැබුණු විදිහට pd නිම් සේරම ගෘප්ස් වල වැඩ අතෑරලා අපේ එකට අවධානෙ දීලා තියෙන්නේ. Txt කම්බැක් එකට ඉන්වෙස්ට් කරපු ගානත් ටිකක් අඩු කරලා අපේ එක ඉහලටම කරන්න ඕනේ නිසා."

💚"ආ මෙන්න.. මොනා උනත් pd නිම් අපි වෙනුවෙන් කරන දේවල් දැන දැන මට‍ මේක පාවිච්චි කරන්න හිත දෙන්නේ නෑ.."

එන්න ඒ විදිහට අපි හැමෝම එකග වෙලා අපේ ෆෝන්ස් ටික ආපහු තිබ්බ තැනටම දාන්න ගියා. Pd නිම් ඔෆිස් එකෙන් ගියපු ගමන් මන් කට්ටියගේ ෆෝන් ටික ඉල්ලගෙන ඒ තිබ්බ විදිහටම මම ඒ ලාච්චුවට දැම්මා..
.
.
.
.
.
ඒත් සේයෝන් වත් අනිත් පස් දෙනා වත් දැනන් හිටියේ නෑ එයාලට පිටිපස්සේ ඉඳන් pd නිම් නිහතමානී ආඩම්බරයකින් එයාලා දිහා බලන් හිටියා කියලා.....

_____________________________________

කාලෙකින් වචන 1100 පන්නල චැප්ටර් එකක් ලිව්වේ...

අද කොටස කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න සුදූලා..

Continue Reading

You'll Also Like

321K 7K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
2.5K 341 11
ඕනෑම දෙයක් ඕනෑවට වඩා වැඩිවීමම විනාශයක් ..... 🌋 මේක ආදරයට උනත්, යාළුකමට උනත් පොදු දෙයක් .... ❤️ . . . . . . . ඉතින් මේකත් ඒ ගැන විහිළුවෙන් ලියපු පොඩි...
12.6K 3.3K 27
"මම කවුද කියලා තමුන් කවදම හරි දැනගනී නිම්.. එදාට තමුන්ට පසුතැවෙන්න වෙයි..ගොඩාක්...." -ජින්- " මේ ඒක නෙමේ පොඩි බඩගින්නට කන්න දෙයක් නැද්ද?? හි හීඊඊ " ...
4.2K 716 27
අහම්බෙකින් හම්බුණ අවස්ථාවක් නිසා මගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.. ඒත් මම ආසයි ඒ වෙනසට.. ඒ වෙනසට මම හැමදාමත් ආදරේ කරා...!