Moonchild | Namjoon Centric...

By Indigojin

5.4K 1.5K 233

~ලීඩර් කියලා මම හැමදේම දරාගන්න ඕනෙද ? -මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා මම අන්තිමට එකම එක ප්‍රශ්නයක... More

Dedication
Prologue
Jin
Yoongi
Jimin
Jung Kook
Hoseok
Taehyung
BTS
Namjoon
RM
Moonchild

Sejin

463 135 23
By Indigojin

ඊයේ රෑ ඉවර කරන්න තිබ්බ පේපර් වර්ක්ස් ටික මම උදේ පාන්දරම නැගිටලා කරන්න පටන් ගත්තේ අද දවසත් ඉන්ටවිව් වලට ගියාට පස්සේ මට මේක කරන්න වෙලාවක් නෑ කියලා මම දන්න හන්දා. නිදි කිර කිර එකම පේපර් එක දෙවනි තුන් වෙනි පාර වරද්දනකොට මට ආයේ ආයේ ඒවගේ ප්‍රින්ට් අවුට් අරගෙන ආයේ ඒ දේවල් මුල ඉදන් ෆිල් කරා.

ටික වෙලාවක් ඉන්නකොට මට මේසේ උඩම නින්ද ගියේ මගේ අවාසනාව තවත් ඩබල් කරන ගමන්. අද උදේ වෙද්දී මේක බාර දෙන්න ඕනේ කියලා දැන දැනත් හොදටම නින්ද ගිය මට සේජින් හ්‍යුන්ග් ඇවිත් දොරට තට්ටු කරනකන් නිකමනට වත් නැගිටුනේ නෑ.

වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ගිහින් මම සේජින් හ්‍යුන්ග්ට දොර ඇරියා. එයාගේ මූණ එච්චර හොද නෑ කියලා මට දැක්ක ගමන් තේරුනාම මට මතක් උනා මේසේ උඩ තියන තාමත් කම්ප්ලීට් කරන්න බැරි උන පේපර් වර්ක්ස් ටික.

"ගුඩ් මෝනින් හ්‍යුන්ග්. "

"මෝනින්. මේ යක්ශ පැටවු තුන් දෙනා නැගිට්ටවනවට මට වෙනම  ගාණක් දෙන්න ඕනේ නම්ජූන්. ඔයා හරි වෙලාවට වැඩ කරන එක මට ලොකු දෙයක්.  ඉක්මනට ලෑස්ති වෙලා පහලට එන්න"

සේජින් හ්‍යුන්ග්ට පේපර්ස් ටික මතක නෑ කියලා මට හිතුනම ටිකක් හිතට නිදහසක් ආවේ  මට දැන් ඉක්මනට ලෑස්ති වෙලා ඒකේ ටිකක් හරි කරන්න පුලුවන් නේද කියලා මතක් වෙලා. හිතුව විදිහටම මම ඉක්මනට එවපු ඇදුම් ඇදගෙන තව පිටු දෙකක් ඉවර කරාට පිටු දා හතරක අපේ රිපෝර්ට් එක තව ලියන්න තිබ්බා.

කන්න යන වෙලාවෙත්  මම යන ගමන් කන්නම් කියලා කාමරේට වෙලා ඉතුරු ටික සම්පූර්ණ කරන්න හැදුවට මට ඒක හරියට කරගන්න බැරි උනේ අපි වැඩ කරපු දවස් ගැන මගේ ඔලුවේ හරියට තිබ්බේ නැති හන්දා. මතක් කර කර ලියන අතරේ සේජින් හ්‍යුන්ග් ඇවිල්ලා  පේපර් ටික ඉල්ලනකොට මට කියාගන්න දෙයක් නැති උනා.

"හ්‍යුන්ග්. මේ.... තව ටිකක් තියනවනේ කවර් කරන්න. "

"තව? දැන් ඒක දීලා කොච්චර දවස්ද නම්ජූන්.  සති දෙකකට කලින් දිලත් හරියට දවසට ඉවර කරලා දෙන්න බැරිද? මාසේ අන්තිම මේක ඕනේ කියලා දන්නේ නැද්ද? ඔයත් අනිත් අයට දෙවනි නෑනේ. වගකීමක් නැතුවම වැඩ කරන්න පටන් අරන්. අද ඉන්ටර්විව් එකට ගිහින් ආව ගමන්ම මට ඒක ඕනේ. පැයක් දෙන්නම් සම්පූර්ණ කරලා මට දෙන්න. ඔයා මේ ලගදි ඉදන් ඔයාගේ වැඩ මග අරිනවා.මතක තියාගන්න ඔයා මේකේ ලීඩර් උනේ නමට නෙවෙයි කියලා. "

සේජින් හ්‍යුන්ග් බැනලා බැනලා යන්න ගියාට පස්සේ මම කාමරේ දොර හයියෙන් වැහුවේ කේන්තිය දොරෙන් පිට කරන ගමන්. ඒත් ඒකත් සේජින් හ්‍යුන්ග්ට ඇහිලා එයා මට ඇවිල්ලා ඒකටත් කෑ ගහලා ගියා 

"ඔයාලට කම්පනි එකෙන් හැමදේම දෙනවා කියලා දකින දකින දේ කඩලා දාන්න ලෑස්ති වෙන්න එපා. ඔක්කොටම කලින් තමුන්ගේ ඔය කේන්තිය පලනය කරගන්නවා. "

සේජින් හ්‍යුන්ග් කෑ ගහලා යන්න ගියාම මම එයා දිහා බලාගෙන ඉදලා එලියට ආවා. අනිත් හැමෝම වගේ කෑම මේසෙන් නැගිටලා හිටියේ කෑම අරගෙන ඉවරයි කියලා මට අගවන ගමන්. කන්න ඕනේ නෑ කියලා හිතාගෙන මම එලියට යන්න හදනකොට කුකී ඇවිල්ලා මගෙ අතට ලන්ච් බොක්ස් එකක් තිබ්බා.

''හ්‍යුන්ග් යන ගමන් මේක කන්න "

"යන ගමන් මාව කනවා ජන්ග්කුක්."

මම මගේ අතට තිබ්බ ලන්ච් බොක්ස් එක ආයේ ජන්ග්කුක්ගේ අතේ තිබ්බම මම ඇහැ කොනෙන් දැක්කා ජන්ග්කුක් ජින් හ්‍යුන්ග් දිහා බලාගෙන ඉන්නවා. ඒත් මේ වෙලාවේ මට එයාලව නලව නලව ඉන්න හිතක් තිබ්බේ නෑ. මට හිතේ තිබ්බේ අද හවස කම්ප්ලීට් කරන්න තිබ්බ පේපර් වර්ක්ස් ටික විතරයි.

Continue Reading

You'll Also Like

59.1K 8K 32
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
2.5K 754 13
යුන්ගි ගොඩනැගිල්ල මතින් කකුල් පහළට දමා සොලවමින් පහළ බැලීය.වරායේ සිට මෙගොඩට ඇදෙන ශ්වේත වර්ණ ග්‍රීක කබා ඇඳගත් සිසුන් පෙළ තවමත් අවසන් නැත.ඔහු තම නළල් තල...
3K 917 6
"ඕහ් දඟ මල්ල හිටියේ බඩගින්නේ ද ? මං හිතුවේ ඔයා මං දිහා බැලුවා කියලානේ , ඒත් ඔයාට ඕනේ වෙලා තිබුනේ මගේ කෑම එකද ?"
1.3K 320 8
ටචාට උපහාරයක්ම වේවා!😗❤ 18+ Get Ready with some holy water babiesss😌