Pink Hearts (Completed)

By mei_xianqi

6.3K 1K 773

5 crazy girls.... A new girl group.... Not only romance. This story includes friendship, teamwork, leadership... More

Introduction
Episode 1 (පියබා යනවා මා ආකාසයේ)
Episode 2 (මනෝ පාර)
Episode 3 (හෙර)
Episode 4 (කෑම & ඇඳුම්)
Episode 5 (ලව් ලෙටර්)
Episode 6 (මාළුවා නැහෙන්නේ කට හින්දා ලු)
Episode 7 (ලව් ඇට් ෆස්ට් සයිට්)
Episode 8 (තනිකඩ ජිවිත අසරණයි ලු)
Episode 9 (Selected)
Episode 10 (වාව් ලස්සනයි..)
Episode 11 (මින්හෝ ඔප්පා)
Episode 12
Episode 13 (හයිබ් සවාරි)
Episode 14 (කන්ට්‍රැක්‌ටුව)
Episode 15 (ඒසී දාලත් රස්නෙයි)
Episode 16 (අසීගෙ සම්ප්‍රාප්තිය)
Episode 17 (ඩෝම්)
Episode 18 (අළුත් පවුල)
Chapter 20 (ෆෝන් හොරු)
Chapter 21 (මීයෝ)
Chapter 22
Chapter 23 (ලව් ඇඩ්වයිස්)
Chapter 24 (හැටහතර මායම්)
Part 25 (Happily Ever After)

Chapter 19

163 33 27
By mei_xianqi

Seyeon pov

ජනේලෙන් ගලන් ආපු ඉර එළියෙන් මගේ ඇස් දෙකට වදිද්දී මන් අමාරුවෙන් ඇස් ඇරගත්තා.

හොදයි... දැන් මන් ඉන්න විදිහ විස්තර කලොත්, ඇත්ත වශයෙන්ම සේරම අනිත් පැත්ත හැරිලා පේන විදිහට මම ඉන්නෙ සෙටිය උඩ කකුල් දෙක උඩටත් ඔලු ගෙඩිය පහලත් හරවගෙන වගේ... ඒත් මට‍ මතක හැටියට මන් හරි පැත්තට නිදා ගත්තේ..

එනිවේ.. මන් පොඩි කරනම් පාරක් ගහල හිටගන්න හැදුවත් උනේ බැලන්ස් නැතුව බිම වැටුන එක..

මන් කොන්දත් අත ගගා නැගිටලා වටපිට බැලුවා..

අපොයි දෙයියනේ.. සාලේ හැටි..

දේදුනු, සේජා, ශෙරින් තුන්දෙනා එක එක තැන් වල බුදි... ඊයේ රෑ කාපු ස්නැක්ස් වල කොළ ටික එහෙම්පිටින්ම බිම. අපි හැමෝටම ඊයේ රෑ මූවි එක බලන කොට දන්නෙම නැතුව නින්ද ගිහිල්ලා...

ඒත්.. කො ඇන්ඩි...?

මන් වට පිට බැලුවේ ඇන්ඩි කොහෙහරි පේන්න ඉන්නවද බලන්න..මුළු ගේ හැමතැනම බලලා අන්තිමේදී මන් රූෆ්ටොප් එකට ගියා.

❤"ඇති යන්තම්.. මෙයා මෙතන ඉන්නවා."

මන් සුසුමක් හෙලලා සැහැල්ලුවෙන් කිව්වා.

ඒ සද්දේ ඇහිලා අහස දිහා බලාගෙන හිටපු ඇන්ඩි මගේ පැත්තට හැරිලා පස්සේ ආපහු අහස දිහා බලාගත්තා. මමත් එයා ලගටම ගිහින් එතනින් වාඩි වෙලා ටිකක් හිටියා..

[මෙතන ටික ඉංග්‍රීසියෙන් එයාලා කතා කරන්නේ.]

💙"මුකුත් අහන්න නැද්ද?"

ඇන්ඩි මගේ හිත කියවලා වගේ ඇහුවේ මාවත් පුදුම කරවල...

❤"හ්ම්ම්... ඔයා මොකද්ද එදා කිව්වේ යාළුවෝ හිටියත් එකයි නැතත් එකයි කියලා. "

මන් ටික වෙලාවක් ඇන්ඩි දිහා බලන් ඉදලා ඇහුවම එයා සුසුමක් හෙලලා බිම බලා ගත්තා..

💙"එයාලා මට‍ ඉරිසියාවෙන් ඉදලා තියෙන්නේ.. මන් සිලෙක්ට් වෙච්ච දවසේ එයාලා කිව්වේ මාව bighit එකෙන් ගත්තේ පෙනුමය් සල්ලියි නිසා කියලා.. කවදාවත් මට‍ ඩෙබියුට් කරන්නත් බැරි වෙයි ලු.."

ඇන්ඩි එහෙම කිව්වම මටත් හුගක් දුක හිතුනා. ඇත්තටම අර වගේ අයත් මේ ලෝකේ ඉන්නවා නේද කියලා හිතෙද්දි මට‍ ලොකු අවුලක් දැනුනා.. ඒ වගේම ඇන්ඩි ත් පෙන්නන තරන් නරක නෑ කියලත් මට‍ දැනටමත් තේරිලා තිබ්බේ..

මන් එයාව සනසවන්න හිතාගෙන පිටට තට්ටු කලා..

❤"ඔයා ඒවා ගණන් ගන්න ඕනේ නෑ. ඔයා ඇත්තටම ගොඩක් දක්ෂයි. මන් ඇත්තමයි කියන්නේ. මම ඔයා එච්චරම දක්ෂ නිසා ඉරිසියා කලත් එක්ක.. හැබැයි ඉතිං අවුලකට තියෙන්නේ ඔයාගේ හැසිරීම් තමයි."

මුල් ටික හරිම සාවදානෙන් අහන් හිටියත් අන්තිම ටික කියද්දී එයා රවාගෙන මන් දිහා බැලුවා..

❤"ඔය ඉතිං.. මන් කිව්වේ.. විහිළුවක් කලාම හිනා වෙන්නයි ඕනේ. නැතුව ඔහොම රවන්න නෙමෙයි..😂"

💙"ඒක විහිළුවක් නෙමයි😡."

❤️"නෑ ඒක විහිළුවක් තමයි😂."

💙"නෑ එහෙම නෙමෙයි😤."

❤️"එහෙම තමයි😂."

💙"නෙමෙයි🤭."

❤️"තමයි😂."

💙"නෙමෙයි කියලනේ කිව්වේ😂..."

අන්තිමේදී අපි දෙන්නම බඩත් අල්ලන් හිනා වෙවී තමයි නැවතුනේ...
.
.
.
.
.
.
.
❤️"මේ... උබට ඩ්‍රයිව් කරන්න පුළුවන් නේද..?"

හැමෝම වෑන් එකට නැග්ගට පස්සේ මාත් ඉස්සරහ සීට් එකේ වාඩි වෙන ගමන් අසී ගෙන් ඇහුවේ මූව මට‍ සත පහකට ශුවර් නැති නිසා.. කවුද දන්නේ.. මුගේ මොංගල් කමත් එක්ක අපිව ගිහින් හැප්පෙයි කියලත් පොඩි සාධාරණ සැකයක් තියෙනවා... හුම්..

🎀"අනේ මේ ඔය බෙලෙක්ක කට වහගෙන පාඩුවේ වෙන දෙයක් බලා ගෙන පැත්තකට වෙලා ඉන්නවා.."

අසී මගෙ ඔළුවට පාරක් ගැහුවේ පිටිපස්සේ ඉදන් අර සෙට් එක හිකි හිකි ගගා මට‍ හිනා වෙද්දියි...

ඒත් අර කිව්වත් වගේ මගේ බෙලෙක්ක කටින් පිට උනේ මන් වත් බලාපොරොත්තු නොවූ විදිහේ වචන පේලියක්🙂.

❤"අනේ යනවා යන්න.. ඔහෙට බෑ මට‍ බෙලෙක්කෙ කියන්න. ඒම කියන්න පුළුවන් යුන්ගි ඔප්පට විතරයි..😤"

කිව්වයිම් පස්සෙයි තේරුනේ මොකක්ද කියවුනේ කියලා.. ඇත්තටම මන් මොකක්ද ඒ කිව්වේ..

මන් සේප් එකේ පිටිපස්සට ඔළුව දාල බැලුවේ කට්ටියගේ මූණු දිහා.. හැමෝම මොංගල් වගේ බලන් ඉන්නවා..

එකපාරටම කට්ටියගේ හිනාව පුපුරලා ගියේ මාව අන්ත අසරණ තත්වෙකට පත් කරලා..

කොහොමහරි ඔය සීන් එකට මග දිගටම මට‍ විහිළු කර කර කට්ටියත් එක්ක ලොකු ස්ටේඩියම් එකකට ආවා.. ඒක තිබ්බ තැන වත් වට පිටාවේ වත් වැඩි දෙනෙක් පේන්න හිටියේ නෑ.

ග්‍රවුන්ඩ් එක මැද බිම සෝජූන් ඔප්පා ඉඳගෙන හිටියා. අපිත් ඒ තැනටම දුවගෙන ගිහාම ඔප්පා නැගිටලා අපේ වටේ වටයක් කැරකුනා...

Ⓜ️"අයිගෝ ළමයි... වට් ඊස් දිස්..."

🧡"ඇයි අපි ඇඳන් ඉන්න ඇඳුම් අවුල් ද?"

සෝජූන් ඔප්පා අපි දිහා බලන් හිටපු විදිහට සේජා එයාගේ ඇඳුම් දිහා බල බල ඇහුවා..

🎀"අවුල්දත් අහනවා.. මන් කිව්වා ඔයාලට.."

❤"මොකක්ද?"

Ⓜ️"හොද වෙලාවට කලින් රෙඩි උනේ. අසී.. ගිහින් අර ට්‍රේනින් සූට් ටික ගේන්න."

ඔප්පා කිව්ව‍ ගමන් අසී වෑන් එක පැත්තට දුවගෙන ගියා.

💙"ඔප්පා.. ඇයි අපේ සූට් වල අවුල මොකක්ද?"

අපි හැමෝටම තිබ්බ ප්‍රශ්නේ ඇන්ඩි ඇහුවා.

Ⓜ️"ළමයි.. මේක ෆැෂන් ෂෝ එකක් නෙමෙයි හැඩ බල බල අඳින්න.. ඔයාලා එක්සයිස් කරන්න පහසු ඒවායි අඳින්න ඕනේ.. චඃ චඃ චඃ"

ඔළුව දෙපැත්තට වන වන එහෙම කියපු සෝජූන් ඔප්පා අපිට ට්‍රේනින් සූට් ටික දුන්නම අපි ඒ ටිකත් ඇඳගෙන එතනට ආවා..
.
.
.
.
.
.
මේ විදිහට සති දෙක තුනක් ගෙවිලා ගියා. අපිට ලැබුණු ශේඩියුල් එකට අපි රොබෝලා වගේ වැඩ කලේ.. උදේම එක්සසයිස්, ඊට පස්සේ ඩාන්සින් ට්‍රේනින්, ඊටත් පස්සේ පැයක් විතර වෝකල්ස්..

මන් අනිත් ඒවා කොච්චර හොදට කලත් හැමපාරම කෙල උනේ වෝකල්ස් වලදී. මට‍ සින්දු කියාගන්නවත් රැප් කරගන්නවත් මෙලෝ දෙයක් බෑ.. හැමපාරම ඔප්පයි pd නිම්යි නම් කියනවා කාලයත් එක්ක හරියයි කියලා.. ඒත් මන් නැති තැන එයාලා මට‍ ඩෙබියුට් කරන්න බැරි උනොත් සෝලෝ ආටිස්ට් කෙනෙක් කරන එක ගැන කතා කරනවා මන් දන්නැතුව නෙමෙයි..

අවසානෙදි මන් තීරණය කලා.. මට‍ කොහොමවත් වෙන ගෘප් එකකවත් සෝලෝ ආටිස්ට් කෙනෙක් විදිහටවත් ඩෙබියුට් කරන්න බෑ. ඩෙබියුට් නොකර ඉන්නත් බෑ. මේ වෙලාවේ මට මහන්සි වෙන්නම වෙනවා..

මම හැමදාම අපේ නෝමල් ෂෙඩියුල් එකට ට්‍රේනින් එක අරගෙන මම හවස නැවතිලා රෙකෝඩින් රූම් එකට වෙලා වෝකල් ප්‍රැක්ටිස් කලා..

අදත් ඒ විදිහටම මම මගේ වෝකල්ස් ටික හදාගන්න ගමන් හිටියේ. දේදුනු නැවතිලා මට‍ උදව් කරන්නද ඇහුවත් මම එයාට යන්න කිව්වේ දැන් එයාටත් මහන්සි ඇති කියලා..මටත් මහන්සි නැතුව නෙමෙයි..

✨️"ටක් ටක් ටක්.. මන් ඇතුලට එන්නද? "

එළියෙන් යොන්ජුන් ගෙ කටහඩ ඇහෙද්දී මම මගේ හෙඩ්සෙට් දෙක ගලවලා දාල දොර අරින්න ගියා.. ඇවිල්ලා හිටියේ යොන්ජුන්. සාමාන්‍යෙන් එයා මෙහෙට එන්න පුරුදු වෙලා හිටියා.

✨️"ඉතිං.. මොකෝ තත්වේ.."

යොන්ජුන් මගේ ඔළුව අවුල් කරන ගමන් එතන තියලා තිබ්බ සෙටියෙන් ගිහින් ඉඳගත්තේ එයාගේ අතේ තිබ්බ කෝක් කෑන් එකක් කඩල මගේ අතේ තියන ගමන්..

❤"වෙනසක් නෑ.. සතියකට කලින් තිබ්බ විදිහමයි.. "

✨️"රැප් ට්‍රයි කලේ නැද්ද?"

❤"කලා.."

✨️"හරියන්නැහ්?"

❤"හ්ම්ම්.."

ටික වෙලාවකට අපි දෙන්නා අතර ඇති වුනේ නිශ්ශබ්දතාවයක්.

❤"ඒක නෙමෙයි.. මොකෝ මේ පැත්තේ.. අළුත් කම්බැක් එකක් ලඟදි තියෙනවා නේ? ප්‍රැක්ටිස් කරන්නේ නෑ?"

කම්බැක් එකට බිසී නිසා මේ දවස් ටිකේම යොන්ජුන් ආවේ නැති නිසා එකපාරටම ආව නිසා මන් ඇහුවා.

✨️"ප්‍රැක්ටිස් කරනවා.. ඒකනේ ආවේ. බ්‍රේක් එකක් ලැබුනා. ඔයා ඉන්නවා කිව්ව‍ නිසා මතක් වෙලා ආවා. තව මන් ගාව ඔයාට හොද අයිඩියා එකකුත් තියෙනවා.. "

❤️"ඒ මොකක්ද?"

✨️"මොකෝ කියන්නේ යුන්ගි හ්යුන්ග් ගැන.."

කටේ තිබ්බ කෝක් ටික ඉස්මොල්ලෙත් ගියා ඒ කියපු කතාවට නම්.

❤️"යා.. පිස්සුද? විහිළු කරන්න එපා."

✨️"ජෝක් නෙමෙයි.. සීරියස් කිව්වේ.. මන් කියන්නේ... හ්යුන්ග් ප්‍රඩියුස කෙනෙක්. තව රැපර් කෙනෙක්. ඔයාට වෝකල් බැරි උනාට මන් නම් හිතන්නේ නෑ රැපින් බෑ කියලා. ඔයාට තියෙන්නේ උනන්දුවක් නැති කම. ඔයා වෝකල්ම බදා ගෙන ඉන්නවා. හ්යුන්ග් ගේ උදව්ව ගන්න පුළුවන් උනොත් ගොඩ."

යොන්ජුන් කියපු කතාවෙ ඇත්තටම පොයින්ට් එකක් තිබ්බා..

❤"කැමති වෙයිද?"

මම ඇහුවා..

✨️"ඒකනේ කිව්වේ මන්. ඔයාට තමයි ශේප් කරගන්න වෙන්නෙ."

අවසානෙදි මම යොන්ජුන් කියපු එක පිළිගත්තා. දැන් මට‍ තියෙන්නේ යුන්ගි ඔප්පව කැමති කරගන්නයි..

_____________________________________

කට්ටියට කතාව අමතකද?

අප්ඩේට් පරක්කු එකට සොරි වෙන්නෝනේ.. මන් මේ දවස් වල මගේ අළුත් කතා දෙකට බිසී වෙලා ඉන්නෙ.. 😁

කමෙන්ට් කරන් යන්ඩෝ...

මේ දවස් වල මම 2nd generation kpop songs වලට පිස්සු වැටිලා ඉන්නෙ.. ඔය පල්ලෙහායින් දාන සින්දුව අහන්න.

ඔයාලා අහලත් ඇති. ඒක kpop girl group anthem එක.. කොරියාවේ මේ සින්දුව නොදන්න කෙනෙක් නෑ..

Continue Reading

You'll Also Like

8.4K 1.9K 20
නොපිපෙන්නටම වාරු වූ මගේ හැඟීම ඔබත් ඇයත් අතර දෝලනය විය... අවසානයේදී ආත්මය බඳු ආදරය සමඟම මම...
1M 55.3K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
10.8K 2.2K 16
A craZy Girl how build her life enjoyable ❤️ හිනා වෙන්න ඕන අය කියෝලා බලන්න.... 😂💔 මෙය ෆෑන්ෆික්ෂන් එකක් නොවන ෆෑන් ෆික්ෂන් එකක් බව ඔබට කියවා අවබෝධ කර...
228 60 10
තාත්තා කෙනෙක් ගෙ ආදරේ දෙන වැඩිමල් සහෝදරයෙක්.. එකිනෙකාට හාත්පසින් ම වෙනස් ගතිගුන තියෙන නිවුන්නු දෙන්නෙක්... සැර උනත් ආදරනීය වැඩමල් සහෝදරයෙක්... එයාටම...