(Back to the present)
- Jimin's house -
තමන්ගේ ජීවිතේ උඩු යටිකුරු වුන ඒ දවස පින්තූරයේ හරිම ලස්සනට සිනාවී සිටින තම බිරිඳගේ දෑසෙන් මැවී පෙනෙද්දි නම්ජුන්ගේ දෑස් අගින් කඳුළු බිංදු නොනවත්තවා ඇඳ හැලුනේ් හදවත සිය දහස්වාරයක් රිදුම් දෙද්දි. පින්තූරය තම දකුණතින් සිමින් පිරිමදිමින් සිටි නම්ජුන්ට එක්වරම පිටුපසින් උණුසුම් ස්පර්ශයක් සමඟ තම ඉණ වටා එතුණු අත් දෙකක් නිසාවෙන් නම්ජුන් මදක් ගැස්සි ගියත් ක්ෂණිකයෙන් එම දෙඅත් හි හිමිකරු ඔහු හඳුනාගැනීමෙන් ඇස් අග වැටෙන්න දඟලන කදුළු බිංදු හිමින් පිහදැම්මා.
- "ඩෑඩ්."
- "ජිමින්. අපි යමු එහෙනම් පරක්කු වෙනවනේ."
- "ඩෑඩ්?"
- "හ්ම්."
- "ඔම්මාත් එක්ක හ්යුන්ග්උත් ඉන්නවනේ ඩෑඩ්. ඉතින් ඔම්මයි හ්යුන්ග්උයි සතුටින් එහේ ඉඳන් අපි දිහා බලන් ඉන්නවා ඇති. අපි අඬනකොට එයාලට දුක හිතෙයි. ඒ නිසා අඬන්න එපා ඩෑඩ්."
ජිමින් තමන්ගේ දෑසෙන් වැටෙන්නට දඟලන කඳුළු නවතා දමන්නට උත්සාහ කරමින් එසේ පැවසුවත් ඔහු එයට ප්‍රමාද වුණා. ජිමින්ගේ කම්මුල් සිප ගනිමින් කඳුළු බිංදු පහතට රූටා ගියා.
- "ඔයාට තියෙන්නෙත් ඔම්මට වගේම හොඳ හදවතක් ජිමින්. ඔයා එයා වගේමයි."
ජිමින්ගේ කම්මුල් තෙත් කරමින් ඇඳෙන කඳුළු හරිම පරිස්සමට ආදරයෙන් තම දබරඇඟිල්ලෙන් පිස දැම්ම නම්ජුන් ජිමින්ගේ හිස අත ගෑවේ ඔහුගේ ඇස් අඟ තෙත් වී ඉදිරිය බොඳ වී යද්දි.
- "ඒත් ඩෑඩ්... ඩෑඩ් නම් කිව්වේ ඔම්මට කේන්ති යන්නෙම නෑ කියලා. මට කේන්ති යනවනේ. මට හිතෙන්නේ හ්යුන්ග් නම් ඔම්මගේ කපාම පලුව වෙන්න ඇති."
ජිමින් මූණත් හද හද එලෙස පැවසුවම නම්ජුන්ගේ මුහුණ තවත් අඳුරු උනේ නිරායාසයෙන්.
- "ඇයි ඩෑඩ්? අනේ සමාවෙන්න. මට එහෙම......."
- "මං ඔයාගේ හ්යුන්ග්ව දැක්කේ නෑ ජිමින්."
- "මොකක් ද? ඒක කොහොමද වෙන්නේ? හ්යුන්ග් ඉපදේදිම නැති වුනා නම් එයාගේ බොඩි එක ඩෑඩ් දැක්කේ නැත්තේ කොහොමද?"
- "මට හ්යුන්ග්ව බලන්න ඩොක්ටර් අවසර දුන්නේ නෑ. මං දන්නේ නෑ ඇයි කියන්න. ඒත් එදා මං හිටියේ හොඳ සිහියෙන් නෙමෙයි. ඔම්මයි හ්යුන්ග්උයි නැති වුණා කිව්වත් ඒ සැනින් මගේ අතට ආවේ ඔයා. එදා මං ඔයාව මගේ අතට ගද්දි මං බය වුණා මම තව දුරටත් මාෆියාවේ හිටියොත් මට ඔයාවත් නැති වෙයි කියලා. ඉතින් මම හැමදේම අත ඇරියා. ඒ ඔයා නිසා. දැන් මගේ මුළු ලෝකෙම ඔයයි ජිමින්. ඔයා විතරමයි."
ජිමින්ගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලන් ආදරණීයව පැවසු නම්ජුන් ජිමින්ගේ නළලට හාදුවක් දුන්නා. කාමරයෙන් පිටතට පැමිණි නම්ජුන් සහ ජිමින් එයාපෝට් එකට යන්න ගෙදරින් එලියට අඩිය තියනවත් එක්කම ජිමින් එක්වරම ඇසු දෙයින් ගැස්සි ගිය නම්ජුන් ආපසු හැරි ජිමින් දෙස බැලුවේ එක ඇහැක් උස්සන්.
- "එදා හියුන්ග් වැරදිලා හරි බේරිලා නම් මොකද?"
🐥 මං ඇයි එහෙම කිව්වේ? මම දන්නෑ ඇයි මම එකපාරටම එහෙම කිව්වේ කියන්න. කොහොමඋනත් මේ ළඟකදි ඉඳන් මට හිතෙන්නෙම මගේ හියුන්ග් මැරුණේ නෑ කියලා. මට විශ්වාස කරන්න අමාරුයි ඔයා මැරුණා කියලා. මගේ හ්යුන්ග් ඔයා ඉන්නවාද? මට මේ දැනෙන දේ මොකක්ද?
ජිමින්ගේ සිතේ ටික කලක සිට මෙම සිතුවිල්ල උඩු දුවමින් සිටියා. ඒ කවදා ඉඳලද? ඔව් ඒ ජන්කුක් මුණ ගැසුණු දා සිට. නමුත් ඒ ඇයි? එය තවමත් ඔහුට සිතාගන්න බැහැ. ජන්කුක්ව දැක්ක පළවෙනි දවසෙම අමුතුම හැඟීමක් ඔහුගේ කොඳු නාරටිය දිගේ ඇඳී යනවා ඔහුට දැනුණා. ඔහුගේ දෑස් කඳුලින් තෙත් වුණා. හරියට අවුරුදු ගාණකින් තමන්ට මඟ හැරුණු දෙයක් නැවත මුණ ගැසුණා හා සමාන හැඟීමක් ඔහුට දැනෙන්න ගත්තා. ජන්කුක්ට අතට අත දෙද්දි දැනුණු ඔහුගේ ස්පර්ශය තමන්ගේ මුළු සිරුරම අඩ පණ කලා මෙන් ඔහුට දැනෙන්න ගත්තා. කෑ ගහලා අඬන්න හිතුණා. ඒත් ඇයි ඒ? එය අමුතුයි. එය ආදරයද? නැතිනම් වෙන දෙයක් ද? ජිමින් තමන්ගෙන්ම ප්‍රශ්න කලා.
- "මොකක්?"
.
.
.
.
.
.
(At 3.30a.m)
- Kim's house -
- "මං දන්නවා ඔයා කවුද කියලා."
ජන්කුක් පැවසු දෙයින් ඔහුගේ දෑස් විසල් වුණේ නිරායාසයෙන්. ඔහුගේ කකුල් ගැහෙන බව ජන්කුක් යාන්තමට දුටුවා. ජන්කුක්ට සිහින් සිනහවක් මුහුණේ ඇඳුණේ සමහරවිට ජන්කුක් ඔහුව අඳුරගෙන නම් ඔහු එය පොලිසියට පැමිණිලි කරාවි යැයි බිය දැනුන නිසා විය හැකියි යැයි ජන්කුක්ට සිතුණා. ජන්කුක්ට මෙලෙස සිදු කල පුද්ගලයා ජන්කුක් පැවසු දෙයින් මදක් ගැස්සි ගියත් ක්ෂණිකවම ඔහු ඔහුගේ වෙස් පෙරලගත්තේ හින්දි මෙගා නාට්‍යක නිලියක් මෙනි.
- "මේකව ඉක්මනට බස්සනවා.........."
ජන්කුක්ගේ අත ගසලා ඔහුව තල්ලු කරමින් ඇස් ගින්දර පිටකරන්නාක් මෙන් තරහෙන් ඔහු කෑ ගැසුවේ වාහනයේ සිටින පුද්ගලයන්ව බිය ගන්වමින්. ජන්කුක්ව වාහනෙන් එළියට ඇදලා දාපු ඔහු තවත් මොහොතක්වත් නොයිද වාහනය පණ ගන්වා එතනින් පලා ගියා. ජන්කුක්ගේ දෑසින් නොනවත්වාම කඳුළු කඩා හැලුණේ ඔහුට සිදු වූ දේ ඔහුටවත් විශ්වාස කරගැනීමට අපහසු වෙද්දි. කෙසේද දැන් ගෙදරට මුහුණ දෙන්නේ? නොනවත්වාම දෙනෙතින් ඇඳ හැලෙන කඳුළු බොහොම අමාරුවෙන් මැඩ ගන්න උත්සාහ කරමින් වගේම සමහර වැටෙන කඳුළු මැඩ ගන්න අතපසු වෙද්දි එම කඳුළු අතෙන් පිස දමමින් ජන්කුක් අමාරුවෙන් නැගිට ඉස්සරහ පෙනෙන්නට තිබූ තමන්ගේ ගෙදර දෙසට හිමින් හිමින් අඩිය තියමින්, තියෙන අඩියක් පාසා දැනෙන වේදනාවට මුවින් කෙඳිරි නගමින් ඇවිද ගියා. විටෙක බඩ ගාත් විටෙක ඇවිදත් ගොස් අමාරුවෙන් ගේ දොරකටට පැමිණි ජන්කුක් ඩෝ බෙල් එක නාද කර බලා සිටියේ කවුරුන් හෝ පැමිණ දොර විවෘත කරනාතුරු.
- "අ...ප්පා... මට සමා....වෙන්න."
දොර විවෘත කරනවත් එක්කම ජන්කුක් මිස්ටර් කිම්ගේ ඇඟට බර වී සිහිසුන් වුණා. එක්වරම දුටු දේ නිසා බය වුණු මිසිස් කිම් යටිගිරියෙන් කෑ ගසන්නට වූයෙන් ථේගේ කාමරයේ සිටි ඔහු දොරත් ඇරන් ආවේ කලබලයෙන්. උඩු මහලේ සිට සාලේ දිහා බලන් සිටි ඔහුගේ මුව විවර වුනේ තමන් මේ දකින දේ සිතාගත නොහැකිව.
- "ජන්කුක්"
🧑🦰 දෙයියනේ මෙයාට මොකද වුණේ?
තමාට ඇසෙන සේ එසේ කියු ඔහු තමන්ගේ කකුල් දෙක පණ නැති වීගෙන යන බව හැඟීමෙන් ක්ෂණිකවම පඩිපෙලේ handrail එකෙන් අල්ලගත්තා. ඒත් එක්කම කවුරුන් හෝ ඔහුව පිටුපසින් අල්ලගන්නවා දැනුනයින් ඔහු ක්ෂණිකයෙන් පිටුපස හැරි බැලුවේ කවුද වග.
- "ථේ හ්යුන්ග්."
- "යනවා දැන් මෙහෙන්. ඉක්මනට. මට නිදාගන්න දීලා."
- "ථේ..... ඔයාගේ හ්යුන්ග්....."
බයෙන් වෙව්ලමින් ථේට පහළ පෙන්නුවත් ථේ ඒ කිසි දෙයක් කනකට නොගෙන ඔහුව ඉක්මනට ඇඳන් කාමරේ ඇතුලට ගිහින් දොර වහාගත්තේ දැන් පහළ ජන්කුක්ගේ සිහියෙන් සිටින දෙමාපියන් ථේලා දෙන්නෙක් උඩ ඉන්නවා දැක්කොත් සිහිසුන්ව බිම ඇඳ වැටුනොත් යන බියට. කාාමරයට ඔහුව ඇඳන් ආපු ථේ ඉක්මන් කර ඔහුට බැල්කනිය ජනේලයෙන් පැන යන ලෙස කලබලෙන් කිව්වේ ඔහුව බැල්කනියට තල්ලු කරමින්.
- "මං තමුන්ට මෙහේ ඉන්න කිව්වේ මං එනකන් විතරයිනේ. දැන් යනවා. මෙන්න සල්ලි. අරන් යනවා ඉක්මනට." 💸
ථේ දුන්න සල්ලිත් අතට ගත් ඔහු බැල්කනියෙන් පැන දිව්වේ හරියට ගෙට හොරෙන් පැන හොරකම් කරපු බඩු ටික අරන් පැනලා යන හොරෙකු මෙන්. ථේගේ කීමට ථේ ලෙස කාමරයේ සිටි ඔහු ථේගේ යාළුවා වන ජැක්සන් එව්ව කොල්ලෙක්. ථේ ගෙදර නොසිටින බව දෙමාපියන්ට නොදැනීමට ථේ මෙලෙස සැලැස්මක් ජැක්සන් සමඟ එකතු වී සකසා ජන්කුක්ව Kim company එකේ හිර කර ගෙදරට පැමිණ සැණින් බැල්කනියෙන් පිට වුණා. ථේ ගෙදරින් යන ටික වෙලාවට ඔහු වෙනුවට පෙනී සිටින ලෙස ඔහුට පැවසුවත් මුලින් අකමැති උනත් පසුව කැමති උනේ ඉල්ලන ගාණක් දෙන්නම් කියා පොරොන්දු වූ නිසා. ථේ ඇඳට වැටී හරි බරි ඇර නිදාගන්න සැරසෙනවත් එක්කම පහළින් ඇහුණේ මිස්ටර් ජෝන්ගේ කෑ ගැසීම.
- "ඉක්මනට ඩොක්ටර් මින්ට කතා කරන්න."
.
.
.
.
.
.
- At the hospital -
- "ජන්කුක් ඉන්නේ අවධානමක මිස්ටර් කිම්. එයාගේ ලේ ගොඩක් පිටවෙලා තියෙනවා. අපිට ඕන වෙන්නේ 0 වර්ගයේ ලේ. නමුත් දැන් මෙහේ ඒ රුධිර වර්ගය නැහැ. පැයක් ඇතුලත ලේ දෙන්න බැරි වුනොත් අපිට ජන්කුක්ව බේරගන්න බැරි වෙයි."
ඩොක්ටර් පැවසු දෙයින් තමන්ගේ මුළු ගතම පණ නැති වී යන බව හැඟීමෙන් ඉස්සරහ තිබූ බිත්තිය තදින් අල්ලගත්තේ දෑසින් වැටෙන කඳුළුවලට ඔහේ යන්නට ඉඩ දී. ඒත් එක්කම ඩොක්ටර් මින් මිස්ටර් කිම්ගේ උරහිසට අත තියමින් ඔළුව වනා සාක්කුවේ තිබූ ෆෝන් එක අතට ගත්තා.
- "දැන් තමයි වෙලාව"
●・○・●・○・● - ・○・●・○・●
Answer
01. ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්න ඇති. ථේ දෙතැනක හිටියේ නෑ. වෙන කෙනෙක් කාමරේ හිටියා. එතකොට ථේ හිටියේ එලියේ. හරිනේ 😉
නමුත් ප්‍රශ්න දෙකටම එක නංගි කෙනෙක් ගෙස් කරලා තිබ්බා හරි.
@MoonBear__TJK හොදට හිතලා තියෙනවා. ථේ කාමරේ නෙමෙයි හිටියේ කියලත්. නම්ජුන් කවුද කියලත්. 😊😉 ඉතින් මං ඔයාව කුකිගේ ගැලවුම්කාරිය විදිහට මේ කතාවේ චරිතයක් දෙනවා. 😊 සුභ පැතුම් ඔබයි කුකිගේ ගැලවුම්කාරිය. 🤗😊
මගේ කතාව කියවන ඔයාලට ගොඩක් ගොඩක් ආදරෙයි. 😘😘❤❤❤❤❤❤
එහෙනම් ඊළඟ කොටසෙන් නැවත හමුවෙමු. 😉
Stay safe.... 🎈
හැමෝම පරිස්සමෙන් ඉන්න.
Lv u all 💜
සරන්හේ ❤
✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌