Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (�...

By Kolabear0912

74.5K 9.9K 1.2K

................ තම සහෝදරයට පණ මෙන් ආදරය කරන සොහොයුරෙක් වගේම තම එකම සහෝදරයට දැඩි ලෙස වෛර කරන සොහොයුරෙක්... More

⚠️ Auther note ⚠️
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chaptet 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chaptet 34
Last Chapter
Epilogue
Thanks everyone
Coming soon

Chapter 18

1.7K 260 37
By Kolabear0912

( At 2 a.m)

Kim's house -

ටික් ටොක් ටික් ටොක්....... 🕑

මිස්ටර් කිම් අතේ ඇඟිලි එකට අතුල්ලමින් කලබලයෙන් සාලේ එහාටත් මෙහාටත් සක්මන් කරමින් වෙලාව බැලුවා. පාන්දර 2 කණිසම වැදෙනවත් සමඟම මිස්ටර් කිම්ගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තේ තම පුතු ජන්කුක් තවමත් ගෙදර නොපැමිණීම නිසා.

- "මේ දරුවා කොහෙද ගියේ?" 

සක්මන් කරමින්ම තමන්ට ඇසෙන සේ එසේ මිමිණු මිස්ටර් කිම් නැවතත් බිත්තියේ එල්ලා තිබූ අලංකාර ලියවැලකින් මෝස්තර කර තිබූ ඔරලෝසුව දිහා බැලු සැනින් මිස්ටර් කිම්ගේ දෑස් විසල් වුණේ මෙතරම් ඉක්මනට විනාඩි 5කුත් ගොස් ඇති නිසාවෙනි. හදවත වේගයෙන් ගැහෙනකොට මිස්ටර් කිම්ගේ උගුර වේලී යන බව දැනුණා. නොසන්සුන් වෙලා ඉන්න මිස්ටර් කිම් දෙස මෙතරම් වෙලා සෝෆා එකේ වාඩි වී බලා සිටි මිසිස් කිම් නැගිට හිමින් තම සැමියගේ අතින් අල්ලා ඔහුව සන්සුන් කරන්න වෙහෙසුණා.

- "පුතාට අද වැඩ වැඩි වෙලා ඔෆිස් එකේම නින්ද යන්න ඇති හනී. කලබල වෙන්න එපා. ඔයාට ඒක හොඳ නෑ,"

- "ඔයා කොහොම ද හයෝ ජින් ඔහොම ඉන්නේ?" 

මිස්ටර් කිම් නොරිස්සුම් හඬින් එසේ පවසා තම අත මත තිබූ බිරිඳගේ අත පහළට දැම්ම මිස්ටර් කිම් නැවතත් සාලේ එහාට මෙහාට සක්මන් කරමින් අත් දෙක එකට අතුල්ල අතුල්ල ඔරලෝසුව දිහා බැලුවා. ඔරලෝසුවේ තත්පර කට්ට ටික්... ටික්.... නගන හඬ ඇසෙන වාරයක් පාසා මිස්ටර් කිම්ගේ හදවත තව තවත් බයෙන් ගිලුණා. හදවත වේගයෙන් ගැහෙන වාරයක් වාරයක් පාවා තම පුතුට කුමක් හෝ අනතුරක් වෙලාද යන බිය තව තවත් ඔහුගේ සිතිවිලි අතර උඩු දුවමින් ඔහුව ඔහුගේම සිතිවිල්ල තව තවත් ඔහුව බිය ගැන්වූවා. ෆෝන් එක අතට ගත් මිස්ටර් කිම් ජන්කුක්ට කතා කලත් මෙවරත් ඔහුට ලැබුණේ එකම පිළිතුරයි.

📴 [ඔබ ඇමතු ග්‍රාහකයා මේ මොහොතේ සම්බන්ධ කල නොහැක. කරුණකර පසුව අමතන්න.]

- "මට ජන්කුක් ගැන බයක් දැනෙනවා හයෝ ජින්. ථේ කිව්වේ ජන්කුක් එයාට project එක යේ ජින් ගෙන් ගන්න කිව්වට පස්සේ එයා ජන්කුක්ව දැක්කේ නෑ කියලා. ෆෝන් එක වැඩ කරන්නෙත් නැහැ." 

- "හනී.... ඇයි ඔයාට ථේට අවස්ථාවක් දෙන්න බැරි? ජන්කුක් ථේව විශ්වාස කරනවා වගේ ඔයාත් එයාව විශ්වාස කරන්න ඕනේ නේද?" 

- "මං දන්න නෑ හනී. ථේ අපේ දරුවා තමයි. ඒත්... ඒත් මට එයා ගැන අමුත්තක් දැනෙනවා."

- "ඒ ඔයා ථේට වඩා ජන්කුක්ගේ ළඟින් ඉන්න නිසා."

- "හනී ජන්කුක්ට කරදරයක්වත් ද? ජන්කුක් කවදාවත් මට නොකියා කොහේවත් යන්නේ නෑ. කොහෙද මගේ දරුවා? අනේ කරදරයක් නම් වෙන්න එපා මගේ දරුවට." 

මිස්ටර් කිම්ගේ දෑස්වලින් කඳුලු බිංදුවක් රූටාවිත් ඔහුගේ කම්මුල් තෙත් කලේ ඔහුටත් අවනත නොවීමයි. මිස්ටර් කිම්ගේ වචන හමුවේ දරදඬු මවක් ලෙස සිටින මිසිස් කිම් ශක්තිමත් ලෙස අඟවන්න දරණ උත්සාහයත් නිශ්ඵල කරමින් ඇයගේ ඉදිරිය බොඳ කරමින් දෑස්වල කඳුළු පිරුණේ නිරායාසයෙන්.

📲📲📲📲📲

ජන්කුක් ගැන හිතේ තියෙන බය නිසාම මිස්ටර් කිම්ගේ හදවත බියෙන් වෙලි යන වාරයක් පාසා ඔහු නොසන්සුන් කමින් සක්මන් කල නිසා මේසේ උඩට දැමූ ෆෝන් එක වයිබ්රේට් වෙනවත් මිස්ටර් කිම් දුටුවේ නැහැ. නමුත් මිසිස් කිම් ෆෝන් එකට කොල් එකක් එන බව දුටු විගසම ක්ෂණිකයෙන් එය අරන් මිස්ටර් කිම්ට දුන්නා.

- "ජන්කුක් පුතේ ඔයා කොහෙද ඉන්නේ? ඇයි මගේ කෝල්ස්වලට ආන්සර් කලේ නැත්තේ? ඉක්මනට ගෙදර එන්න දරුවෝ මම බනින්නේ නැහැ. එන්න ඉක්මනට." 🤳

- "කිම් සර් මම යේ ජින්. ජන්කුක් සර් තවම ගෙදර ආවේ නැද්ද?"

- "ඕහ්... යේ ජින්. සමාවෙන්න මං හිතුවේ ජන්කුක් කියලා. ඔයා දන්නව ද ජන්කුක් සර් ඉන්නේ කොහෙද කියලා.?"

- "මේකයි සර් මේක අහලා කලබල වෙන්න එපා."

- "යේ ජින් මොකක්ද වුණේ? කොහෙද මගේ දරුවා?"

- "සර් මේකයි ථේ සර්උත් ගියාට පස්සේ ටික වෙලාවකින් මම store room එකට යනකොට ජන්කුක් සර් සිහිය නැතුව වැටිලා හිටියා. මං හිතන්නේ සර්ව කවුරුහරි ඇතුලට දාලා හිර කරලා. ජන්කුක් සර් අමාරුවෙන් හිටියේ. ඉතින් මම ගෙදරට ඇරලවන්න ද කියලා ඇහුවත් ජන්කුක් සර් කිව්වා සර්ට තනියම යන්න පුළුවන් කියලා. මට සමාවෙන්න සර් මට තනියම යවන්නේ නැතුව ඉන්න තිබ්බේ." 

- "ඒක ඔයාගේ වරදක් නෙමෙයි යේ ජින්. ජන්කුක් එහෙනම් දැන් එන ගමන් වෙන්න ඇති. ස්තූතියි ඔයාට මට මේ ගැන කිව්වට."

කෝල් එක කට් වෙනවත් එක්කම මිස්ටර් කිම් මිසිස් කිම් දෙස හැරි බලා ථේගේ කාමරයට යන්න අඩිය තියනවත් එකක්ම ඩෝ බෙල් එක වැදුණා.
.
.
.
.
.
.
(Flash back)

- In the vehicle -

- "ඉක්මනට මෙයාව වාහනෙන් එළියට ඇදලා දානවා." 

කැප් ටී ෂර්ට් එකක් ඇඳන් මාස්ක් එකක් පැළඳ තම මුහුණ වසාගෙන සිටි ඔහු ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා හිටිය තම සඟයට පැවසුවා. ඒ ලැබුණු අණත් සමඟම ඔහු වාහනයෙන් බැස පිටිපස සීට් එකේ දොර විවර කර ජන්කුක්ව වාහනෙන් එළියට ඇඳලා දාන්න හදද්දි ජන්කුක් තමා අසල වාඩි වී සිටි තමන්ව මීට සුළු මොහොතකට පෙර විනාශ කර දැමූ පුද්ගලයගේ අතින් ඇල්ලුවා. නොහිතපු මොහොතක සිදු වුන දේ නිසා ටිකක් ගැස්සුණු ඔහු ඒ ක්ෂණිකයෙන් ජන්කුක්ගේ අත ගසලා දැම්මා.

- "අහ්ම්. මොකද තමුසේට ඒ පාර බහින්න හිත දෙන්නේ නැද්ද? තව ඕනේ වෙලාද?" 

ඔහු කට කොනින් සිනා සී උඩුකය නිරුවත්ව කටින් නාසයෙන් ලේ වැගිරෙමින් සිටි ජන්කුක් දෙස බලා ඇසුවේ නෝක්කාඩු ස්වරූපයෙන්.

- "මං දන්නවා ඔයා කවුද කියලා."

●・○・●・○・● - ・○・●・○・●

කවුරු වෙන්න ඇත් ද? 🤔

කතාව කියවන වෝට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි. ඊළඟ කොටස සඳුදට බලාපොරොත්තු වන්න. 😊

Stay safe.... 🎈
හැමෝම පරිස්සමෙන් ඉන්න.

Lv u all 💜
සරන්හේ ❤

✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌

Continue Reading

You'll Also Like

39.5K 2.2K 53
just some memes for the swifties! folklore and evermore included!! no lover slanders allowed ofc. we only accept taylor's version ❤ ❌🛴 I STAND WITH...
40.4K 6.6K 77
ඇයත් සිහින මැව්වා තම දෙමව්පියන්ගේ උනුහුම විදින්න, ඇයත් සිහින මැව්වා ඔවුන් සමග ආදරෙන් බැදෙන්න, ඇයත් සිහින මැව්වා ඔවුන් සමග සතුටින් ජීවිතය විදින්න, නම...
127K 21K 34
// "එයාලට පිස්සුද එයාලගෙ පුතාව කොල්ලෙක්ට බන්ඳන්න මෙච්චර කෙල්ලො ඉඳිද්දි? අනික මට බෑ. මං ටේහ්‍යුන්ග්ට ආස නෑ." . . . . "හ්ම්ම්.. ඒක දිග කතාවක්. ඒක නෙවෙය...
208K 4.3K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...