𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥 (...

By MissKimTaenu

18.3K 3.4K 1.9K

Time Has Changed Me A Lot දගකාර කෙල්ලෙක් කාලය ආපස්සට ගියොත් මොනවගේ දේවල් වෙයිද ? ඒක ඇත්තටම කාලය හරහා යෑමක් ව... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 ( Last Chapter )
NEW STORY
Jin And Jinnie At The End
Travel to past 2

Chapter 13

810 174 59
By MissKimTaenu

මං කට වහන්ම හිටියේ ටේට කතා කරන්න ඕන කියලා කිව්ව නිසා.

ඒත් ටේ එකපාරටම මගේ උරහිසෙන් නිකට තියාගන්න්කොට මං ගැස්සිලා ගියා.

" අහන්න ඇත්තටම ඇයි මං මෙච්චර කල් බොරුවක් කලේ "

ටේ හිමීට කියනකොට මං බැලුවේ මේ මනුස්සයාගේ ඔලුවවත් කොහේවත් වැදිලද කියලා.

ඇයි යකෝ එයා බොරු කියන ඒවා ගැන මම කියන්න මම සාත්තර කාරයෙක්ද ?

" මං මේ දේවල් ඇත්තටමයි කියන්නෙ ටේනූ මං මං ගොඩක් කාලෙක ඉදන් හන්ගන් හිටියේ "

ටේ කියන දේ හරියට තේරුම් ගන්න බැරි උනත් මං අහගෙන හිටියා. ඔය හන්ගන් ඉන්න එක එලියට ගත්තා නම් ප්‍රශ්නේ ඉවරයි නේ.

" මම ඔයාට............................ "

ටේ එයා හන්ගන් ඉන්න එක මොකක්ද කියලා කියන්න යනකොටම එකපාර දොර ඇරගෙන සේවිකාවක් කසාය අරන් ආවා.

" සමාවෙන්න කුමරුනි "

සේවිකාව කසායත් තියාගෙන දෙකට තුනට නැවෙනකොට ටේ මගෙන් ඈත් වෙලා සේවිකාවට රවනවා මං යාන්තමට දැක්කා.

සේවිකාව ලගට ගිහිල්ලා ඒකට කමක් නෑ කිව්ව මම් කසාය එකත් අරන් ඇද උඩට ආවා.

ඇඩුවා නම් කසාය බීපන් ටෙනුවෝ කිව්වලු.

මං ඒක හිමීට නහයට ලන් කරපු ගමන් පැත්තකින් තිබ්බා.

ඔහ් ශික් ඒකෙන් ආව ගද. ඕකට ගොම දියකරලද ?

" ඇයි ටේනු ?? "

" ඒක බොන්න බැරියෝ "

මං එහෙම කියන ගමන් නහය ළඟින් ඒක අයින් කරා.

" ඈයියාආආආආආආආආආආආආආ "

" කෑගහන්නේ මොකද දැන් "

ටේ අහනකොට මං කතා නොකරම ඒක ටේගේ මූන ලගට ලන් කරා.

එයා කිසිම හැගීමක් මූනෙන් පෙන්නන්නේ නැතුව ඒකේ සුවද බැලුවා. එයාට ගද සුවද දැනෙන්නේ නැද්ද. නහය කුනු වෙලාද ආහ්.

" මොකද ටේනූ මේකේ ප්‍රශ්නයක් නෑ මේක බොන්න "

ටේ ඒක ආයෙමත් මගේ දිහාට දික් කරනකොට මං ඇද උඩට පැනලා මූන කොට්ටෙක හන්ගගත්තා.

" ටේනූ.............. "

" ටේනූ............."

" ටේනූ............. "

ටේ මට හය හත් පාරක් කතා කලත් මං ඇහෙන්නේ නෑ වගේ මූන කොට්ටේ අස්සෙම ගහන් හිටියේ දැන් නැගිට්ටොත් ඕක බොන්න වෙනවා කියල දන්න නිසා.

" හරි එහෙනම් ඕන දෙයක් කරගන්නවා ඔලුවේ කැක්කුම වැඩි උනොත් මං නම් බලන්නේ නෑ "

ටේ මට ඔම්මා බෙහෙත් බොන්නේ නැති උනාම බනින විදියටම බැනලා යන සද්දේ මට ඇහුනා.

මං හිමීට කොට්ටෙන් මූන ඈත් කරලා බැලුවා.

ටේ නෑ.

ඔහ් යෑස්.

දැන් මං අර මගුල බොන්න ඕනත් නෑ.

මං හිමීට ඇදෙන් නැගිට්ටේ මං නැගිටින සද්දේ ඇහුනොත් ආයෙ ටේ එයි කියලා හිතුනු නිසා.

මං එහෙමම ඇදෙන් බහිනකොටම ආයේ ඇදටම තද උනේ කවුරු හරි මාව පිටිපස්සෙන් අල්ලගත්ත නිසා.

" ගියේ නැද්ද මෝඩයෝ "

මං කෑගහලා අහනකොට ටේ හිනා වෙන සද්දේ මට ඇහුනා.

" පොල් බූරුවා මාව අතාරිනවා. මට ඕන නෑ ඕක බොන්න. අනික මට ඔලුව රිදෙන්නේ නෑ "

මං කියන එක අහන්නේ නැතුවම ටෙ මගේ කට මිරිකලා පොඩි එකෙක්‍ට බෙහෙත් පොවනවා වගේ පොවන්න ගත්ත

ඈයියා

මට එපා.

බ්ලෑක්ක්ක්ක්කාආආ

ටේ කෝප්පේ ගන්නවත් එක්කම මං ඒ ටික ආයේ දාන්න හැදුවත් ටේ එයාගෙ
අතකින් මගේ කට වහලා අල්ල ගත්තා.

මං ටේගේ අතේම ඒ ටික දානකොට ටේ කෑගහගෙන එහාට උනා.

" මොකක්ද ඒ කරේ 😒😒😒😒 "

ටේ රවාගෙන වගේ අහනකොට මං ඊට එහා පැත්තේ තිබ්බ වතුර එකක් බීගෙන බීගෙන ගියේ අර කසායද මොකෙන්ද ආව පල් ගද අයින් කරගන්න.

මං ටේට රවාගෙනම වතුර කෝප්ප හතරකට වඩා බිව්වත් ඒ පල් රහ කටින් ගියේ නෑ.

" මොකද ඒක එච්චර තිත්ත නෑ "

" නෑ නෑ ඒක තිත්තයි. ඈයියා. පල් රසයි. ඔයාට තේරෙන්නේ නැ ගොබ්බ කුමාරයා "

මං ටේට රව රවම තව කෝප්පයක් බොනකොට ටේ මගේ අතේ තිබ්බ කෝප්පේ උදුරලා ගත්තා.

" මොකද ඕක දෙන්න මට වතුර බොන්න ඕන "

මං ටෙ දිහට අත දික් කරන් කිව්වත් ටේ මට කෝප්පේ දුන්නේ නැ.

" බීපු ටිකවත් ඇගේ තියෙන්නේ ටික වෙලාවක් වතුර නොබී ඉන්න "

ටේ එහෙම කියලා කාමරෙන් යන්න් වගේ හදනකොට මං බොරුවට ඇඩුවේ මට කෝම හරි වතුර බොන්න ඕන නිසා

" මොකද ඒ පාර "

" තිත්තයි "

" ඉතින් "

" තමුන් නපුරුයි මෝඩ හිකනල් කුමරයා . 😒 "

" දැන් මටද හිකනලා කිව්වේ "

" හිකනලාට හිකනල කියන්නේ නැතුව වෙන කාට කියන්නද ? "

" ටේනූ.......... "

" මොකද ??? "

ටේ මට හයියෙන් කෑගහපු විදියටම මාත් කෑගැහුවා

එයාට මොකට හරි ඩෝන් ගිහින් හිටියට මං පලිද ? 😒

" ඇයි ඔයා ඔහොම කිසිම දෙයක් තේරෙන්නේ නෑ වගේ ඉන්නේ. "

පොඩ්ඩක් ඉන්න අනිවාරෙන් අර කසායේ සුවදින් ටේට මොකක්ද හරි වෙලා.

" මොකක් ගැන්ද දැන් ඔය කියන්නේ "

මං ඩෝන් ගිහින් ඉන්න ටේ දිහා බලන් ඉන්නකොට එයා මගේ දිහා බලලා ලොකු හුස්මක් බිමට දාන ගමන් කුටියෙන් එලියට ගියා.

මෝඩයා අර කලින් කියන්න ගිය එක කිව්වෙත් නෑ. මෙතන කොප්පෙත් අරන් ගියා.

ඈයියා පල් රහ

මං ටෙ එනකන් බලන් හිටියා. පලතුරු කකා හිටිය මන් කොච්චර ටේ එනකන් බලන් හිටියත් ටේ නෙමෙයි ආවෙ.

දැන් රෑත් වෙලා

මං හිමීට කුටියෙන් එලියට ආවේ කොහෙන් හරි පිටසක්වල කුමාරයාව හොයාගෙන හොද දෙකක් කියලා ටොක්කක් අනිනවා කියලා හිතලා.

මං එලියට එනකොට එලියේ හිටිය සෙබළු මට ආචාර කලා

මන් ටේ කොහෙද කියලා ඇහුවම එයාලා මාව එක්ක ආවේ ලොකු මංඩපයක් වගේ එකකට

ඒක එලියෙන් බලනකොට නම් ලස්සනට තිබ්බා. ඇතුලේ ගොඩක් ඉටිපම්දන් පත්තු කරලා ඇති කියලා මට හිතුනා.

මොකද ඒක ඒ තරන් එලියයි. ඒ වගේම ඇතුලෙන් ගෙජ්ජි වගේ සද්දයක් ඇහුනා.

මේ මනුස්සයා නටනවද නැත්තන් මිනිස්සුන්ව නටවනවද මන්දා ?

මං සෙබලුන්ට එලියෙන් ඉන්න කියලා ඇතුලට ඔලුව දැම්මා

කිසි දෙයක් පේන්නේ නැති නිසා මං හිමීට ඇතුලට ගියා.

ඒක ගොඩක් ලොකුයි.

මං ටිකක් ඉස්සරහට ඇවිදන් ගියා. හැමතැනම එලිය වෙලා ඉටිපන්දම් වලින්.

මුලු පාරම තිබ්බේ කාමරයක් ලගට

ඒක ඇතුලෙන් එලියට වඩා එලියක් විහිදිලා තිබ්බා.

මං කාමරේ දොර ලගට ගිහිල්ලා හිමීට ඒක ඇරලා ඔලුව දැම්ම

එතන...................... 🙂💔

ඇයි ???? ඇයි ?????

මං නොදැනුවත්වම මගේ ඇස් වලින් කදුලු එන්න පටන් අරන් තිබ්බා

මං මං අඩන්නේ නෑ.

මං දැක්ක දේවල් බොරු.ඒවා බොරු.

අනිත් පැත්තට හැරුනු මම එතනින් පුලුවන් තරම් වේගෙන් දිව්වා. මට මේ තැනින් අතුරුදහන් වෙලා යන්න ඕන.

ඇයි ඇයි තමුන් එහෙම කරෙ ටේ.

මං දැක්ක දේවල් බොරු නේද ඔයා ඔයා එයාව කිස් කරේ නෑ නේද ? ඔයා අඩුම තරමේ එයා කවුද කියලාවත් දන්න්වද ? නොදන්න ගෑනු කෙනෙක් එක්ක.

නෑ ඔයා එහෙම නෑ

මං දුවගෙන ගිහිල්ලා තවත් දුවන්න බැරි තැන එතනම දනගහගත්තා.

ඇයි ඇයි ඔයා එහෙම කරේ.

මං ඔලුව පල්ලෙහාට කරගෙන අඩන්න ගත්තා. මං මං අඩන්නේ නෑ.

මෝඩයෙක් වෙන්න එපා ටේනූ එයා එයා එහෙම තමයි  ඔයා වගේ කෙනෙක්ට එයා කැමති වෙයි කියලා ඔයා කොහොමද හිතුවේ ආහ්.

මං මාත් එක්කම තර්ක කරන ගමන් ඉන්නකොට එකපාරට ඔලුව පිටිපස්සට වැදුනු පාරක් නිසා මං එතනම ඇදන් වැටුනේ අවසාන වතාවට ටෙගේ මූන එක්ක අර නමක් ගමක් නොදන්න නාටිකාන්ගනාවගේ මූන මැවිලා පේනකොට.






















........................................................................

Hi

ලමායි ඉතිම් කොමද ?

මාව මරන්න ප්ලෑන් කරන්න එපා ඉතිම්. ටේනේ වැරැද්ද කලේ.

ටේනූට උනේ මොකක් වෙන්න ඇතිද ? 🤷

එහෙනම් මං ගිහින් එන්නම්.

කලබලේ ලිව්වේ අද තව එකක් දෙන්න හිතන් හිටිය නිසා. ඒ නිසා මොකක් හරි වැරැද්දක් තිබ්බා නම් සමාවෙන්න.

Bye

MissKimTaenu

Stay safe 🌟
Love u ❤️
Borahae 💜️

Continue Reading

You'll Also Like

9.4K 1.6K 13
A person who came to change his life. And if his life is linked to the mafia How do you accept it? ❌🙃🔥
867 259 21
" ඔයාලා කාටවත් මාව මතක නෑ " From : Tutu To : geethma16
659K 40.3K 104
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
681K 33.7K 24
↳ ❝ [ ILLUSION ] ❞ ━ yandere hazbin hotel x fem! reader ━ yandere helluva boss x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, a powerful d...