මම උදේම නැගිට්ටේ කවුරු හරි මං හිටිය කුටියේ දොරට ගහනවා ඇහිලා.
ඊයේ රෑ වෙච්ච දේවල් ඔක්කොම මතක් වෙනකොට ඇස් වලට කදුලු ආවත් මං ඒවා පිහිදගෙන දොර ඇරියා.
එතන හිටගෙන හිටියේ මගේ වයසෙම වගේ කෙල්ලෙක්. පොඩ්ඩක් ඉන්න. මං හරියට එයා දිහා බැලුවම දැක්කේ යූරා.
එයාගේ ඔලුවේ තිබ්බ කොන්ඩ කටුව දැක්කම මට එයා තමයි ජන්කුක්ගේ වයිපරේ කියලා මට තේරුනා.
එතකොට අපේ ලොකෙත් කවදා හරි සෙට් වෙන්නෙ මේ දෙන්නද ? ඒත් මේ යූරා හරි සන්වරයි වගේනේ.
මං හරි සිහියට ආවේ යූරා මගේ මූන ඉස්සරහින් අතක් ගෙනිච්ච නිසා.
" මම පාර්ක් යූරා. දැන් නම් ජියොන් යූරා. ඔබව හදුනා ගැනීම සතුටක් "
යූරා එහෙම කියනකොට මට හිනා යන්න ආවේ එයාට ඌරා කියන එක මතක්වෙලා. හිකිස්.
" මම කිම් ටේනූ ඔබව හදුනා ගැනීම සතුටක්. "
මං එහෙම කිව්වම එයා හිනා වෙලා මගේ අතින් ඇදුමක් තිබ්බා.
" ජන්කුක් කිව්වා ඔබ ඔහුගේ මිතුරියක් බව. සූදානම් වී උදේ ආහර ගැනීමට පැමිනෙන්න "
යූරා එහෙම කියල යනකොට මම ඇතුලට ඇවිල්ලා ලේ ගෑවිලා තිබ්බ් ගවුම අයින් කරලා මූන අත පය හෝදගෙන යූරා ගෙනත් දුන්න ඇදුම ඇදගත්තා. ඒකට ටේ දුන්න අර ඇදුමේ ගහන අමුතු එකත් මං ගහගත්තා. ඒක නිල් පාටයි. 😁😢
ඒත් මං ගාව රෙදි තියේනේ. 🤷🙄
මොනා උනත් නිල් නේ. මං මගේ ඇදුම් පොට්ටනිය මෙට්ටේ උඩින් තියලා ඒ ටික හදලා කාමරෙන් එලියට ආවේ යන්නේ කොහෙටද කියලා හිතාගන්න බැරුව.
මං ටික දුරක් ඇවිදන් යනකොට පාලිකාවක් කියලා හිතන්න පුලුවන් කෙනෙක් මට කෑම ගන්න කාමරේ පෙන්නුවා
මං ඒක ඇතුලට යනකොට එතන පොඩි බබෙකුයි යූරායි ජන්කුක්තුයි තව වයසක හරබොජි කෙනෙකුයි වාඩි වෙලා හිටියා.
( බබාට කෙල හලන්න එපා ළමයි. )
( බොලාලා අපේ හරබොජිටත් කෙල හැලුවා නේද ආහ් )
මං එයාලට ආචාර කරලා වාඩි වෙනකොට හරබොජි මාත් එක්ක හින උනා. මේ හරබොජි නම් හොද පාටයි.
" ඉතින් මෙ ළමයා ජන්කුක්ගෙ යාලුවෙක්ලු නේද "
හරබොජි අහනකොට මං ජන්කුක් දිහා බලලා ඔව් කිව්වේ කොහොමත් මගේ ලෝකේ ජන්කුක් මගේ යාලුවෙක් නිසා.
" ඉතින් මොකද මෙ ලමයට එකපාර උනෙ. රෑම මෙහෙ ආවේ "
මම කියන්න හදනකොටම ජන්කුක් කතා කලා.
" හරබොජි එයාගේ අප්පාට පොඩි ප්‍රශ්නයක් වෙලා. එහා රටේ හමුදාව පහර දීලා නිවසට. පලා එනකොට තමයි මාව මතක් වෙලා ඇවිල්ලා තියෙන්නේ "
ජන්කුක් ගානට බොරුව හදලා කියනකොට මං ජන්කුක්ට රැව්වා.
" හ්ම්ම්ම්ම්ම්ම් ඉතින් අපි ඕක ගැන මව්බිසවට හරි කුමාරයට හරි පැමිණිලි කරොත් හොදයි "
හරබොජි එහෙම කියනකොට මගේ ඇගේ නිකන් කරන්ට් එකක් ගියා වගෙ උනා. මට බෑ එයාලට මං ඉන්න තැන දැනගන්න දෙන්න.
" අහ් මේ හරබොජි මම හරබොජි කිව්වට කමක් නෑ නේ "
" කමක් නෑ දරුවෝ "
" මේක මාලිගාවට කියන්න ඕන නෑ හරබොජි මන් අද කොහොමත් යනවා අගනුවර දාලා "
මං එහෙම කියනකොට යූරා මගෙ දිහා බැලුවේ පොඩි බබාට කවන ගමන්.
" ඔයා යන්න ඕන නෑ ටේනූ ඔයාට මෙහේ ඉන්න පුලුවන් නේ. මටත් කවුරුත් නැතුව හිටියේ. "
යූරා එහෙම කියනකොට මං ඒක ගැන කල්පනා කරා.
මේක වංශවත් පවුලක් නම් අනිවාරෙන් මං ගැන ටේ හොයාගනී. මට බෑ ආයේ එහෙට ගිහිල්ලා එයාගේ ජීවිතේ විනාස කරන්න.
" අනියෝ මං එහෙම කරදර කරන එක හරි නෑ . මං යන්නම් "
මං හිනා වෙලා කියනකොට යූරා හරි අමුතු මූනක් හදන් ජන්කුක් දිහා බැලුවා.
" ජන්කුක් බබා පොඩ්ඩක් බලන්නකෝ ".
යූරා හැටහතර මායම් නෙමේ මායම් එකලක්ශ ගානක් දාගෙන කියනකොට ජන්කුක් මගේ දිහ හරි අසරන විදියට බැලුවා.
මට හිනා යන්න ආවත් මං කට තද කරන් හිටියේ ජන්කුක් යූරා ගැන කියපු ඒවා ඇත්ත කියලා හිතුනු නිසා.
" ආහ් එකනේ ටේනූ. යූරාත් තනියම. අනික ඔයා බබාටත් කැමතී නේ. ඔයාට පුලුවන් එයාව බලාගෙන ඉන්න "
ජන්කුක් මගෙ එහා පැත්තේ යූරාගේ උකුලේ වාඩි වෙලා හිටිය චූටි බබාව මගේ උකුලෙන් තිබ්බා.
Awwwww එයා කියුට්. කටින් කෙල පෙරාගෙන බෝල පුම්බනවා. අත්පුඩි ගගහා.
අලේ සෝයි. බබෙක් ගන්න ඕන කඩෙන් හදාගන්න. 😏
" හරි නේ ටේනූ. ඔයාට නිකන් ඉන්න බැරි නම් බබා බලාගන්න හරිනේ "
යූරා එහෙම කියනකොට මං බැලුවේ හරබොජි දිහා.
" කමක් නැ ඔය ලමයා නවතින්න කොහොමත් අපි බබාව බලාගන්න කෙනෙක් සොයමින් හිටියේ "
හරබොජි එහෙම කියනකොට මං හිනා උනා.
අලේ මේ චූටු බබා සෝයි අප්පා. මගේ ගවුමෙන් ඇද ඇද. Awwwww
මං බබාව අතේ තියන් යූරා දුන්න කෑම එකත් බබාට කව කව මාත් කෑවා.
යූරාගෙනුයි ජන්කුක්ගෙනුයි හරබොජිගෙනුයි අවසර අරන් මන් එලියට ආවා බබාවත් වඩාගෙන.
එයා සෝයි අලේ. මං එයාව උරහිසෙන් තියාගෙන ටික වෙලාවක් එහාට මෙහාට යනකොට බබා නිදාගත්තා.
මං යූරාට බබාව ගිහින් දීලා එයාලටත් කියලා ඉවර වෙලා ගෙදරින් එලියට ආවේ ඒනජල් ජින් ඔප්පා කියපු කෙනා හොයාගන්න.
මගේ අතිතෙටයි වර්තමානෙටයි සම්බන්ද කෙනෙක්.
කවුද ඒ
කොහොමද මං හොයාගන්නේ.
අලේ දෙවියනේ ප්ලීස් හෙල්ප් මී.
මං වීදී දිගේ එහාට මෙහාට ඇවිද ඇවිද බැලුවේ මං අදුරන කෙනෙක් ඉන්නවද කියලා.
එතන තිබ්බ හරි අමුතු කෑමක්.
පුඩින් නේද ? ඒකත් ජෙලි පුඩින්. වාව් මේ කාලේ. සෝස පාට එක ස්ට්‍රෝබෙරි එකද කොහේද ? ආව් මට කන්න ඕන.
ඔම්මා හිටියා නම් බිම වාඩි වෙලා අඩනවා. 🙂🙂🙂🙂 අරන් දෙනකන්
" මේ මොනාද ? "
මං ඒ මනුස්සයා ලගට ගිහිල්ලා ඇහුවම ඒ මනුස්සයා මගේ දිහා නිකන් බැලුවේ හරියට අමුතු සතෙක් දිහා බලනවා වගේ.
" අයියෝ ලමයෝ මේ හෙලවෙන පුඩින් නේ. කාලා නැද්ද ? "
මොකක් හෙලවෙන පුඩින් කිව්වා. 😂😂
මං ඉක්මනට එහා පැත්ත හැරිලා හිනා වෙලා ආයේ මේ පැත්ත හැරුනා
" හැබැයි මං ළඟ සල්ලි නම් නෑ. "
මං මට දාන්න පුලුවන් උපරිම කියුට් හිනාව දාල කියන කොට ඒ මනුස්සයාගේ මූනේ තිබ්බ ප්‍රිමනාප බව නැතිම වෙලා ගියා.
" එහෙනම් මෙතනින් යන්න ඔය ළමයා වදයක් නොවී මට මේ වෙලදාම එක කරගන්න දීලා. "
මං මූනත් එල්ලන් එතනින් හැරෙනකොටම මං කෙනෙක් ගේ ඇගේ හැප්පුනා.
" මියානිමිදා....................නම්ජූන් ඔප්පා"
මං ඇස් දෙකත් ලොකු කරන් හිටියේ නම්ජූන් ඔප්පව දැකලා.
එයත් මෙහේ ඉන්නවද ?
" ඔහ් මීයානිමිදා මං ඔයාව දන්නවද ? "
නම්ජූන් ඔප්පා කතා කරත් මගේ ඇස් තිබ්බේ නම්ජූන් ඔප්පාගේ අතේ තිබ්බ මගේ චිත්‍රයක් ඇදලා තිබ්බ කොලේ.
ඔහ් මාව හොයනවද ?
මං නම්ජූන් ඔප්පට මාව අදුරගන්න පුලුවන් වෙන්න ඉස්සර වෙලා එතනින් දිව්වා.
නම්ජූන් ඔප්පා මට මොකක් හරි දෙන්න වගෙ කතා කරත් මං පස්ස බලන්නේ නැතුවම දිව්වා.
ජන්කුක්ලයි ගෙදරට ආව ගමන් මං හති අරිනකොට දැක්කේ මගේ ගවුමේ ගහලා තිබ්බ ටේ දුන්න එක හැලිලා කියලා.
මං එහෙමම මෙට්ටෙට පැනලා කොට්ටේ බදන් අඩන්න ගත්තේ ටේව මතක් වෙන්න තිබ්බ අන්තිම දේත් මගේ අතින් නැති උන නිසා.
ඒත් එකපාරම කවුරු හරි ඇතුලට ආවා. ඒ වගේම එයා මං අඩනවා දැක්කා.
........................................................................
Hi
මං හොද ලමයෙක් හරිය.
නම්ජූන් ඒක ඇහිද ගත්තද ?
දැන් මොනා වෙයිද ?
කවුද ඇතුලට ආවේ.
🤷
Bye
Stay safe 🌟
Love u ❤️
Borahae 💜️