𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥 (...

By MissKimTaenu

18.4K 3.4K 1.9K

Time Has Changed Me A Lot දගකාර කෙල්ලෙක් කාලය ආපස්සට ගියොත් මොනවගේ දේවල් වෙයිද ? ඒක ඇත්තටම කාලය හරහා යෑමක් ව... More

Chapter 1
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 ( Last Chapter )
NEW STORY
Jin And Jinnie At The End
Travel to past 2

Chapter 2

1.1K 205 196
By MissKimTaenu

වාහ් ඒක ලස්සනයි. මං ඒකට අත තිබ්බ ගමන් ඒක දිලිසෙන එක නතර උනා.

ඇයි අප්පා ඒ. මං ආයේ අත ගත්තම ඒක ආයේ දිලිසෙන්න ගත්තා. වාව් කවුද මේ ටෙක්නොලොජි එක ගමට ගෙනාවේ.

ලස්සනයි අප්පා.

මං ඒක ආයේ ඇල්ලුවා එතකොට දිලිසෙන්නේ නෑ . අත ගත්තා දිලිසුනා.

ඔහොම කීප පාරක් කරනකොටම ඒක මගේ අතින් බිමට වැටුනා.

මං ඒක කැඩිලා තියෙන්න එපා කියලා දෙයියොන්ට කියන ගමන් ඒක අනිත් පැත්ත හැරෙව්වා.

ඒක ඇරිලා. ඒක ඇතුලේ මොකක් හරි දිලිසෙනවා. මං ඒක හිමීට අතට අරගෙන බැලුවා.

වොච් එකක්. වාව් ඒක ලස්සනයි.

එත් ඒකේ වෙලාව වැරදියි වගේ. මං මගේ ෆෝන් එකෙන් වෙලාව බලලා ඒකේ වෙලාවට මේක හදන්න කරකවනකොට මගේ වටේම තිබ්බ දේවල් කැරකෙන්න ගත්තා.

මගේ වටේම දේවල් කැරකිලා කැරකිලා ඉවර වෙල එක තැනකින් ලොකු පාට පාට කුහරයක් මතු උනා.

මේක හීනයක්ද අප්පා. කොහොමද මෙහෙම වෙන්නේ.

වාව් ඒක ලස්සනයි.

මං අර වොච් එකත් අතේ තියාගෙන ඒ කුහරේ ලගට ටිකක් ගියා. මේක නම් හීනයක්ම තමයි.

මං ඒ කුහරේ ලග්ට යනවත් එක්කම මම ඒක ඇතුලට ඇදිලා ගියා.

මං ඒක වටේ කැරකෙනකොට ඒකේ පාට එකින් එක වෙනස් වෙන්න ගත්තා.

වාව් ඒක හරිම අමුතුයි. ඒත් දැන් නම් කැරකිලාම මට වමනෙට එන්න වගේ.

කවුරු හරි ඉක්මනට මාව ඇහැරවන්න.

මන් කැරකෙනකොට එකපාර මගේ අතේ තිබ්බ වොච් එක මගේ අතින් වැටුනා.

ආයිශ් දැන් මොකද කරන්නේ.

කැරකිලා කැරකිලා මං එකපර කොහේ හරි බිමකට කඩන් වැටුනා.

හැබැයි මට රිදුනේ නෑනේ. නිකන් කාගේ හරි ඇගක් උඩට වැටුනා වගේ.

මං හිමීට ඇස් ඇරලා බලනකොට මං දැක්කේ මං කාගෙ හරි ඇගක් උඩට වැටිලා ඉන්නේ කියල.

මං ඉක්මනට ඒ කෙනාගේ ඇග උඩින් නැගිටිනවත් එක්කම මගේ බෙල්ලට හතරවටින් කඩු තද උනා.

අම්මෝ මෙන්න මිනී මරන්න හදනෝ.

මං කෑගහන්න හදලත් හිමීට බෙල්ල හරවලා බලන්න හැදුවේ මොනාද වෙන්නේ කියලා.

මං බෙල්ල හරවන්න හදනකොටම වටේම තිබ්බ කටු මගේ පැත්තට තව ඉස්සරහට ආවා.

" යාහ් ඔහොම කඩු වලින් අනින්න බෑ මට. ඕවා එහාට ගන්න ඔයාලට පිස්සුද "

මං හයියෙන් කෑගැහුවත් කවුරුවත් මං කියන දේ ඇහුවේ නෑ.

පොඩ්ඩක් ඉන්න මාව අදෘශ්‍යමාන වෙලාද ? එහෙමත් නැත්තන් මේ ඇස් ඇස් පේන්නේ නැති අයද ?

මෙයාලා ඇයි මේ හන්බොක් ඇදන් ඉන්නේ. හරියට මීට අවුරුදු 2500 කට කලින් වගේ නේ අප්පා.

මොන රෙම්දක්ද්ද ? කඩු ටික මොකා හරි අයින් කරේ නැත්තන් මං දන්න ටෙයිකොන්ඩෝ වලින් දෙනවා මැරිලා වැටෙන්නම සෙම්ද ?

" කවුද තමුන් ? "

මං අර ඇග උඩ වැටුනු කෙනා එතන හිටිය කෙනෙක්ගේ උදව් අරන් නැගිටින ගමන් ඇහුවා.

දැන් මොකක්ද වෙන්න ඕන. මගේ කාමරේට ඇවිල්ලා මං කවුද...............

මගේ කාමරේ ???
එත් මේක එලියක් නෙ.

කොහොමද ? යාහ් මොනාද මේ වෙන්නේ.

තාරාවෝ තමුන් මාව විහිලුවකට අරන් මොනා හරි කරනවද ?

යාලුවෝ කිව්වා වැඩිය කේ ඩ්‍රාමා බලන්න එපා කියලා. ඒකයි මේ හීන පේන්නේ. හීනමානතාව . ඔව් ඔව් මේ ඒක තමයි.

මං ඇදන් හිටිය පිජාමා එක පිටින්ම හයියෙන්ම කොනිච්ච ගත්තා.

" ආආආආආආආව් "

ඒක රිදුනා.

" තමුන් කවුද කියනවා "

අර රජකාලේ ඇදගත්ත මනුස්සයා මං ලගට එන ගමන් ඇහුවා.

" මනුස්සයෙක් "

මං සාමාන්‍ය විදියට උත්තර දෙනකොට ඒ මනුස්සයාගේ මූනට අමුතු තරහක් ආවා.

" ඔත්තුකාරයෙක් නේද ? කවුද තමුන්ව එව්වේ පවසනු "

ළඟ හිටිය සෙබලෙක් කියලා හිතන්න පුලුවන් කෙනෙක්ගේ කඩුවක් ඇදලා අරන් මගේ බෙල්ලට තියන ගමන් අර මනුස්සයා කෑගැහුවා.

" ඕක ඇත්ත කඩුවක්ද ? "

මං එහෙම අහනකොට අර මනුස්සයා කට කොනෙන් හිනා උනා. අම්මපා කට ඉරලා දාන්න හිතෙනවා.

" කුමාරයෙක් බොරු කඩුවක් පාවිච්චි කරනවා දැකලා තියෙනවද "

කුමාරයෙක් ????

මූට පිස්සුද මට පිස්සුද ??

" කුමාරයෙක් ??? ඔයා කුමාරයෙක් නම් මම කුමාරියක්. මට ගෙදර යන්න ඔය කඩු ටික එහාට ගත්තා නම් හොදයි "

මාත්නිකන් රජකාලේ ආතල් එකක් ගන්නවා වගේ කියනකොට අර මනුස්පයා ආයේ අර විදියට හිනා උනා.

" එතකොට තමුන්ද මින් සනා කුමරිය "

මින් සනා ???

මින් සනා නෙමෙයි මල්සරා. මොන රෙම්දක්ද ?

" මං හිතන්නේ ඔයාට වැරදිලා. මටයි ටාටාටයි ගෙදර යන්න දීලා එහාට වෙනවද ? "

" ටාටා ??? ටාටා කියන්නේ මේ බෝනික්කටද ? නැත්තන් ඕකත් මොකක් හරි ආයුධයක්ද ? "

මොන පිස්සෙක්ද මේ. ටාටාට පුලුවන් නින්ද යනකන් මාත් එක්ක ඉන්න්. ඒක ආයුධයක් වෙන්නේ කෝම්ද? ඉන්නවාකෝ ඔහොම.

" ඔව් මේක අයුධයක් . ලගට ආවොත් ඩෝන් ගාලා යයි "

මං එහෙම කියනකොට අර සෙබලුන්ගෙන් හතර පස් දෙනෙක් අර මනුස්සයව පස්සට දාලා ඉස්සරහට ඇවිල්ලා කවර් කරගත්තා.

මේ මනුස්සයා ඇත්තටම කුමාරයෙක්ද ? ඒත් 2021 මොන කුමාරවරුද ?

" ලගට එන්න එපා ඩෝන් ගායි "

මං එහෙම් කියනකොට අර සෙබලු වගේ අය හිමීට පස්සට යන්න ගත්තා.

මගේ ටාටා දස්සයා.

මං ටාටාට කිස් එකකුත් දීලා යන්න හදනකොටම ආව ඊතලයක් මගේ අතට වැදුනා.

වටේම කරුවල වෙලා යනකොට මන් අන්තිමට දැක්කේ මගේ ලග්ට එන කලු ඇදගත්ත සෙබළු.

මං හිමීට ඇස් අරින්න හැදුවත් මට දැනුනේ ඇස් උඩින් ගල් දෙකක් තියලා වගේ. ආආආව් ඊයේ රෑ දැක්ක හීනෙත් මහ අන්ධ බූතයි.

මගේ ටාටා.

මං ටාටාව ඇද වටේම අත යව යව හෙව්වත් හම්බවුනේ නැති නිසා මං ඇස් දෙක ඇරියා.

මොහ් මං මේ කොහේද ඉන්නේ. එතකොට ඇයි මේ අත රිදෙන්නේ

මං අත දිහා බලනකොට දැක්කේ අත වෙලුම් පටි වලින් ඔතල තියෙනවා.

තුවාල වෙන එක නම් කම්ක් නෑ කියමු. මං මෙ කොහේද ඉන්නේ. මේක නිකන් ජෝසන් රජ සමයේ කාමරයක් වගේ නේ.

මං නැගිටින්න හැදුවත් ආයේම ඇදට වැටුනේ ඇගට පන නෑ වගේ දැනුනු නිසා.

මොන රෙම්දක්ද මට වෙලා තියෙන්නේ. එතකොට මං දැක්කේ හීනයක් නෙමෙයිද ?

එතකොට ඒවා ඇත්තට උනාද ???

මේ ඔක්කොම අර ඔරලෝසුවේ වැරදී. ඒත් ඒත් ඒක බිමට වැටුනා නේ. ආයිශ් මං ඒක හොයාගන්න ඕන.

එතකොට මං ඉන්නේ අවුරුද්‍ය් දහස් ගානක් පස්සට ඇවිල්ලද ?

මට පිස්සු හැදෙයි අයියෝ. බේරගන්නකෝ.

මං තුවාලේ තියෙන අතින් නැතුව අනිත් අතින් කොන්ඩේ ඇදගන්නකොට මට එකපාර ඇහුනා දොර ඇරගෙන කවුරු හරි එන සද්දයක්.

ඒ පාර මොකාද ?

මං දැක්කේ නිකන් සේවිකාවෝ වගේ ටිකක් .

( මාලිගාවේ සේවිකාවෝ අදින එක )

එකම වගේ හන්බොක් ඇදන් හිටිය අය. චන්ගුමී වගේ.

යාහ් රෙම්දක් හිතන්න එපා ටේනූ ඔයා මේ අතීතේ හිර වෙලා.

" උත්තමාවියනි ඔබතුමියව සූදානම් කිරීමට අවසර "

සේවිකවෝ දෙන්නෙක් මගෙ ඉස්සරහට ඇවිල්ලා කියලා ඉවර වෙලා මාව ඇදෙන් බැස්සුව.

මෙන්න බලහත්කාරකම් කරනෝ.

මොන රෙම්දක්ද ?

මෙන්න මගේ ඇදුම් ගලවන්න හදනවා.

බෑ පිස්සුද ?

මං ඒ සේවිකවකගේ අතට එකක් ගැහුවාම ඒ සේවිකාව පස්සට වෙලා ඔලුව පහත් කරගත්තා.

" තමුන්ලා කවුද ආහ් . එහෙම රෙදි ගලවන්න දෙනවද ? "

මං එහෙම අහනකොට එයාලා දනගහගෙන සමාව ගන්න ගත්තා.

" සමාවෙන්න උත්තමාවියනි. අනේ අපිට මරන දන්ඩනය නියම කරන්න එපා "

මට පිස්සුද මේ ගොල්ලෝ මරන්න. අර පාත්තයා හිටියා නම් පාත්තයව මරනවා.

" කුමක්ද මෙතන කලබලය ? "

එහෙම කියාගෙන ඇතුලට ආවෙ උදේ මං දැක්ක වදුරු මූනා.

එතකොටම බිම වාඩි වෙලා මට වැද වැද හිටිය අය නැගිටලා අර වදුරු පිටසක්වලයට ආචාර කලා.

යකොව් මෙන්න පැත්ත මාරු කරනවා. මටයි වැද වැද හිටියේ.

"කුමරුනි උත්තමාවිය ඇයව සූදානම් කිරීම ප්‍රතික්ශේප කරනවා "

එතන හිටිය සේවිකාවක් ඔලුව නමාගෙන කියනකොට තමා මටත් ලාවට වැඩේ මීටර් උනේ.

එතකොට මේ පිටසක්වල මූනා  ඇවිල්ලා කුමාරයෙක්ද ? ඒ මනුස්සයා කුමාරයෙක් උන පලියට මට උත්තමාවිය කියලා හරියනවද ? මගේ අත් නෑ කියලා හිතනවද මට රෙදි අන්දන්න එන්නේ .

සැක් මට බෑ අප්පා. පොඩි මෙව්වා එකක් තිබ්බා පොඩි කාලේ ඉදලා චන්ගුමී රගපාන්න. ඒකත් නැතිඋනා.

පොඩි කාලේ ගවුම අස්සෙන් අත දලා චන්ගුමීගෙන් ආතල් ගත්තඑකට තමා මේ කෙලවෙන්නේ.

" සියල්ල එලියට පිටව යනු "

යකෝ මූ මොකාටද එන්න හදන්නේ. ඔක්කොම එලියට යවලා.

අනෙ ප්ලීස් මෙන්න වැන්දා දෙවියනේ ෆෝන් එක නැතුව ඉන්න එක ඇරෙන්න ඕනම දෙයක් කරන්නම්.

මං එහෙම කියනකොට පිටසක්වලයා මගෙ ලගට එන්න ගත්තා.

මං එහෙමම හිටන් හිටියේ මේ මනුස්සයා මොකාටද එන්නේ කියලා බලන්න.  

" මොකද ඉස්සරහට එන්න එපා ඔහොම නවතිනවා "

මං හයියෙන් කෑගහලා කිව්වේ පිටසක්වලයා ලගට එන නිසා.

" ඔහොමද කුමාරයට කතා කරන්නේ ආහ්. "

" ඔව් ඇයි වෙනමම බාශාවක් තියෙනවද ? "

" දැන් ලෑස්ති වෙනවා සේවිකාවෝ කියන් විදියට ර්හෙම නැත්තන් තමුන්ගේ හිස මාලිගය ඉදිරිපස දොරේ එල්ලලා තියේවී "

මගේ මූන ලගටම එබුනු කුමාරයා කියනකොටම එකපාර දොර ඇරන් කවුරු හරි ඇතුලට ආවා.

එයාව දැක්ක ගමන් පිටසක්වල කුමාරයා මගේ තොල් උඩින් එයාගේ තොල් තිබ්බා.

" කුමරුනි 😠😠😠😠😠😠🔥 "

ටිකක් විතර තරහා ගිය මූනකින් ඒ කෙනා කෑගැහුවා. මං හිටියේ ඒ කෙනාව අද්‍ය්නය කරන ගමන් නිසා පිටසක්වලයා මාව කිස් කරනවා කියන එකත් මට අමතක වෙලා තිබ්බේ.

මං හයියෙන් පිටසක්වල කුමාරයාව තල්ලු කරනකොට කුමාරයා හින වෙලා අර කෙනා දිහාට හැරුනා.

" දේ ඔම්මා "

ඔම්මා ??? එතකොට මේ අගබිසවද ? 
මූ යකෝ. ඔම්මා ඉස්සරහ කෙල්ලෙක් කිස් කරනවද ?

" මොනාද මේ නටන විගඩම් කුමරුනි "

ඒ කෙනා අහනකොට පිටසක්වලයා මගේ දිහා හැරිලා අමුතු විදියට හින වෙලා පොඩි එකෙක් වගේ අගබිසව ගාවට ගියා.

මේ මනුස්සයට ලිට්ල් ස්පේස් එකක් වත් තියෙනවද ? නැත්තන් රගපානවද ?

අගබිසවව බදාගත්ත පිටසක්වලයා ඊලගට කියපු දේ නිසා මට ඒ මනුස්සයාව මරාගෙන කන්න හිතුනා.

" ඔම්මා මං එයාට කැමතියි. එයත් මට කැමතියි. අපි දෙන්නා ආදරේ කරනවා. "

මොන රෙම්දක්ද ?

අද උදේ දැක්ක මනුස්සයට ආදරේ කරන්න මං කවුරු කියලද හිතන් ඉන්නේ ආහ්.

"මොනාද කුමරුනි ඔබ පවසන්නේ. පෙනෙන්නේ නැද්ද ඇගේ හැටි. මොනවාද ඇය ඇද සිටින කඩමාලූ "

කඩමාලු මම කියන්නෙ  නෑ. මේකේ සනීපේ දන්නේ මමනේ.

" අනේ ඔම්මා මං එයාට කැමතියි නේ "

" කුමරුනි ඔබේ විවාහස මින් සනා කුමරිය එක්ක ඔබ එය දන්නවා "

" ඔම්මා මන් එකට කැමති නෑ. "

" මොකද කුමරුනේ මේ. ඇය මැයට වඩා කෙතරම් සුරූපීද ? "

" ඔම්මා "

" හරි ඉක්මනට රාජසබාවට එන්න මැයවත් රැගෙන 😒 "

අගබිසව අකමැත්තෙන් වගේ කියල යනකොට පිටසක්වලයාගේ මුනේ තිබ්බෙ හරි අමුතු හිනාවක්. පෙරේතයා.

ආයේ මං ගාවට එන පිටසක්වලයට මං පයින් පාරක් දුන්නේ ඇදන් වැටෙන්නම.

මට රවපු පිටසක්වලයා කනට කරලා කියපු එක නිසා මන් එතනම ගිනි ගන්නවා වගේ දැනුනා.

" සේවිකාවන්ට කියලා ලෑස්ති වෙනවද මම ලෑස්ති කරන්නද ? "

මගේ ඇගේ ලේ රත් වෙනවා වගේ දැනෙනකොට ආයෙමත් අර කට කොනෙන් දාන හිනාව දාගෙන එලියට ගියා.

ආයෙමත් ඇතුලට ආව සේවිකාවො මට අන්දන්න ගත්තා.

නිදහසේ නාන්නවත් නෑ අගබිසව ඉක්මනට එන්න කිව්වලු. රෙම්ද ? 😒

රෙද්දක් ඇදගන්න බැ තනියම එහෙන් මෙහෙන් අතගහනවා. කිචි යකෝ.

අන්තිමේදී අන්දවලා අන්දවලා අර එක එක මගුලවල් මූනෙත් උලලා කොන්ඩෙටත් මොනාද කරලා ඉවර උනාට පස්සේ තමයි එයාලා සන්සුන් උනේ.

මං එහෙමම කන්නාඩියට හැරුනේ මල මෝහිනී බලාපොරොත්තුවෙන් උනත් ඒකෙත් අමුතු ගතියක් තියෙනවා.


දැන් මේක කොරියන් කියන ඈයොන්ට හොදට කියන්න හිතෙනවා. මේක චයිනීස් ඇදුමක් නේ. එකත් මේක නිල් උනා නම් මැරෙනව්ද ?

මාව කන්නාඩිය ඉස්සරහින් නැගිට්ටෙව්ව අර සේවිකාවෝ මාව කාමරෙන් එලියට එක්කන් ගියා.

ඒක නිකන් කාමරෙන් එලියට දැම්මා වගේ ආයේ.

මං කාමරෙන් එලියට යනකොට අර මනුස්සයා එලියට වෙලා ඉන්නවා.

" පැය අරික්කාලක් පරක්කුයි "

මගේ දිහා බලලා කටකොනෙන් හින උනු පිටසක්වල කුමාරයා එහෙම කියනකොට මං කල්පනා කරේ පැය අරික්කාලක් කියන්නේ කොච්චර වෙලාවක්ද කියලා.

මගේ අතින් අල්ලගත්ත කුමාරයා මාවත් එක්කන් ගියේ මං ඇවිදින්න දන්නෙ නැති පොඩි එකෙක් කියල හිතාගෙනද කොහෙද ?

මේ පිටසක්වලයා කුමාරයෙක් නොවුනා නම් මේකා ඉන්නේ මාලිගාවේ නොවුනා නම් මං දනී කරන දෙ  රෙම්ද .

ඇවිදලා ඇවිදලා අපි නැවතුනේ ලොකු මාලිගාවක් වගේ තැනක.

ඒක දැක්ක ගමන් නේ මනුස්සය මගේ දිහාට හැරුනා.

" මව් බිසවට ආචාර කරන විදිය දන්නවද ? "

මං දැනගෙන හිටියත් දන්නේ නැ කියලා ඔලුව දෙපැත්තට වැනුවා.

" මොන ලෝකෙන්ද ආවෙ ඔයා "

" පෘතුවියෙන් "

මං එහෙම කියනකොට ඇස් දෙකත් ලොකු කරන් මගේ දිහා බැලුව කුමාරයා මට මව්බිසවට ආචාර කරන විදිය පෙන්නුවා.

" කට වහන් ඉන්න. කතා කරන්න එපා. ඔලුව හොල්ලන්න විතරයි පුලුවන් තේරුනා නේ "

අන්තිමෙදී මට කතා කරන්න්ත් නැති උනා. මං ඔව් කියලා කිව්වට පස්සේ ආයේ මගේ අතින් අල්ලගත්ත පිටසක්වල කුමාරයා අර ලොකු මෙව්වා එක ඇතුලට ගියා.

මොහ් රාජසබාවක්.

ඇතුලට යනකොටම කුමාරයා එනවා කියලා කෙනෙක් කෑගහලා කිව්වත් කුමාරයාගේ අතින් අල්ලන් එන මාව දැක්කම හැමෝම සූ ගාන්න ගත්තා.

කලින් දැක්ක මව්බිසවයි , ඇමතිවරුයි ඇරුනම තව කුමාරිකාවක් කියලා හිතන්න පුලුවන් කෙනෙක් එතන හිටියා.

එයාගේ ඇස් පුදුමෙන් වගේම තරහෙන් ලොකු වෙනවා මං දැක්කා.

පිටසක්වලයා රැජිනට ආචාර කරනකොට මේ මනුස්සයා කියලා දුන්න විදියට මාත් බිමට නැවිලා ඔලුව පොලොවට තියලා ආචාර කරා.

මං හොදට කලා කියන්න වගේ මගේ දිහා බලලා හිනා උන පිටසක්වල කුමාරයා මාව එතන තනියම තියලා සින්හාසනේට එහා පැත්තේ පුටුවකින් වාඩි උනා.

සිංහාසනේ හිස්. ඒ කියන්නේ රජතුමා මැරිලද ? 🤷😲

මං මෙතන මැද හිටන් මොන රෙද්දක්ද කරන්නේ. මං පිටසක්වලයා දිහා බැලුවම එයා මට එහෙමම ඉන්න කිව්වා.

" ඔබේ නම කුමක්ද ? "

අර මනුස්සයා කතා කරන්න එපා කිව්වට මං කොහොමද මව් රැජින ඉස්සරහ කත නොකර ඉන්නේ. ගස් තමයි.

" කිම් ටේනූ "

මං එහෙම කියන කොට හැමෝම පුදුමෙන් ඇස් ලොකු කරගත්තා.

" කිම් රාජවන්ශයෙන් "

රැජින එහෙම කියනකොට මං පිටසක්වලයා දිහා බැලුවේ මොනාද කියන්නේ කියලා අහන්න වගේ.

පිටසක්වලයා ඇස් වලින් ඔලුව වනන්න කියලා හින වෙලා පෙන්නනකොට මං ඔලුව වැනුව.

" හ්ම්ම්ම්ම් එතකොට ඔබ කුමාරයට ඇත්තටම ප්‍රේම කරනවද ? "

මොන ප්‍රේමද මට මගේ ටාටාව අරන් මේ මනුස්සයට හොද දෙකක් දීලා පැනලා යන්නයි ඕන.

ඒත් මං මගේ ටාටාටයි මටයි ආදරේ නිස මන් ඔව් කිව්වා.

" ඔබ දන්නවාද කුමරු මින් සනා කුමරිය සමග විවාහ ගිවිසගෙන සිටින බව "

එහෙම කිව්වේ අර කුමාරිකාවක් වගේ එක්කෙනාගේ එහා පැත්තේ වාඩි වෙලා හිටිය කෙනා.

එයාව දැක්කම නම් මට හොදටම බය හිතුනා. මූනේ පැත්තක කඩුවකට තුවාල උන තුවලෙයි ඒ මූනේ තිබ්බ දරුනු බවයි කටහඩේ තර්ජනාත්මක බවයි දැකලා මට එතන සූ යන්න වගේ ආවා.

මං හිමීට පිටසක්වල කුමාරයා දිහා බැලුවම ඒ මනුස්සයා මාව තේරුම් ගත්තා වගෙ කතා කලා.

" හ්‍යුන්ග් ඔයා එයාව බය කරනවා "

හ්‍යුන්ග් ????

මට පිස්සු හැදෙන්නයි යන්නේ. ඔම්ම අනේ මාව එක්කන් යන්න.

" කමක් නෑ ඔප්පා. කුමාරයාගේ සතුට ඒක නම් මගෙ ප්‍රශ්නයක් නෑ . "

අර රාක්ශයා වගේ එක්කෙනාට එහා පැත්තේ වාඩි වෙලා හිටිය කුමාරි වගේ එක්කෙනා එහෙම කිව්වා.

එයා ලස්සනයි. ඇයි ගෝතයා මේ සුරන්ගනාවියක් වගේ කෙල්ලට අකමැති.

" සනා ...................... "

අර පිටසක්වලයා හ්‍යුන්ග් කියපු කෙනා ටිකක් තදින් අහනකොට සනා ඒ කෙන දිහ බලල හින උනා.

" දෙ ඔප්පා මගේ අකමැත්තක් නෑ "

" එහෙනම් මගෙනුත් ප්‍රශ්නයක් නෑ "

අර ටිකක් බය හිතෙන කෙනා කිව්වම මව් රැජින වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටා. එතකොට අනිත් අයත් නැගිට්ටා

මව් රැජින හිමින් හිමින් මන් ලගට එනකොට මට බය හිතුනත් මං ඒ විදියට හිටගෙන අර පිටසක්වලයට හිතින් දෙහි කැපුවා.

මව්බිසව ඇවිල්ලා එකපාර මාව බදාගන්න්කොට මන් දැක්කා පිටසක්වලය හින වෙනවා.

" අපේ පවුලට සාදරයෙන් පිලිගන්නවා "

මං මගේ ගොබ්බ හිනාව දැම්මට පස්සේ මව්බිසව රාජසබාව විසුරවලා හැරියා.

ඊට පස්සේ මාත් එක්ක සනා කුමරිය කතා කරන්න ආවා. අර බය හිතෙන කෙනාගේ නම යුන්ගිලු.

කුමාරයාගේ නම අහලා කිච වෙන්න බැරි නිසා මං කටවහන් හිටියා.

ටික වෙලාවකින් මාවත් එක්කන් කුමාරයා කාමරෙට ආවා.

මේ රෙද්දවල් ඇදන් ඉන්නත් බෑ. දාඩියයි.මොකෝ ෆෑන් තියෙනවයි මෙහේ. මට ගෙදර යන්න ඕන.

ඔම්මාආආආආආආආආ

" ඔයා හොදට වැඩේ කරා "

එහෙම කියලා පිටසක්වල කුමාරයා මාව බදාගත්තා.

මං පිටසක්වලයාව තල්ලු කරා

" ඔයා මොනාද කියන්නේ මං ඉක්මනට යනවා "

මං එහෙම කිව්වම එයා ආයේ අමුතු විදියට හිනා වෙලා මං ගාවට ආවා.

" දැන් ආයෙ ඔයාට යන්න වෙන්නේ නෑ "

" හරි බලමු "

මං එහෙම කියලා ඇදට පැනලා හාන්සි උන. ඔහ් ඒක හරිම සනීපයි හ්ම්ම්ම්ම්

" මොකද බලන් ඉන්නේ ඔයාගේ කාමරේට යන්න "

මං එහෙම කියනකොට පිටසක්වලයා ඇවිල්ලා මගේ එහාපැත්තෙන් හාන්සි උනා.

" මේක තමයි මගේ කාමරේ "

මං එතකොටම නැගිටලා වාඩි උනා.

" කෝ එතකොට මගේ එක "

"මේකම තමයි "

" එහෙම බෑ "

" බැරි නෑ "

.......................................................................

........................

එසේම මා එසේ කරන්නම්

.........................

ඔහු ඉක්මනින් මියයයි.

........................

ඉස්තූතියි මැතිනියනි .

......................

මා කාටවත් පවසන්නේ නෑ.

........................

එසේය

.........................















........................................................................

කවුද යකෝ අර අවසානේ තනියම කියවපු එකා.

නෑ නෑ ඒ තනියම නෙමේ කියෙව්වේ.

ඒනම් මං ගිහින් එන්න්ම්.

Bye

MissKimTaenu

Stay safe 🌟
Love u ❤️
Borahae 💜️

Continue Reading

You'll Also Like

10K 795 17
Heartbeat සොරකම් කළ හදවතක් Sinhala fanfic JM 💜 🔞 ( විටක ) අහංකාර ,සිසිල් , දැඩි හදවතක් සොරකම් කළ ආදරණීය හදවත් පොරකම් කරන්නියකගෙ කතාවක් Written b...
608K 9.4K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
960K 21.9K 49
In wich a one night stand turns out to be a lot more than that.
687 130 8
-in the far away sky you look like a little star don't you have a mind about me now? looks like we are far away from ourselves .....<3 just a short...