𝕋𝕣𝕒𝕧𝕖𝕝 𝕋𝕠 ℙ𝕒𝕤𝕥 (...

Od MissKimTaenu

18.3K 3.4K 1.9K

Time Has Changed Me A Lot දගකාර කෙල්ලෙක් කාලය ආපස්සට ගියොත් මොනවගේ දේවල් වෙයිද ? ඒක ඇත්තටම කාලය හරහා යෑමක් ව... Více

Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17 ( Last Chapter )
NEW STORY
Jin And Jinnie At The End
Travel to past 2

Chapter 1

2.2K 228 202
Od MissKimTaenu

Kim Taenu pov

" අනේ ඔම්මා අදත් යන්න ඕනද ? අපි ගිය මාසෙත් ගිහින් ආවනේ ඔම්මා "

මං ඔම්මාගේ පස්සෙන් බාගෙට අඩ අඩ ගියෙ මං කොහෙත්ම ගමේ යන්න ආස නැති නිසා.

ඩේගූ............... ඩේගූ වලත් ඈතින් තියෙන ගමක් ඒක. මං එහේ යන්න අකමැති ලොකුම හේතුව එහෙට සිග්නල් නෑ. සිග්නල් නෑ කියන්නේ මට නිකන් කන්න නෑ වගේ.

( A/ n සිග්නල් නැත්තන් ක්ලෝගාඩ් වලින් මදින්න )

මං කොච්චර නහයෙන් ඇඩුවත් ඔම්මා නෙමේ මං කියන එක අහන්නේ.

" ටේනූ ලෑස්ති වෙන්න. හවස අප්පා ආපු ගමන් අපි යනවා "

ඔම්මා කුස්සියෙන් ඉදන් කෑගහනකොට මං ඔම්මටත් ගස්සගෙන එතනින් ආවේ ඔම්මම පේන්නේ නෑ කියලා දැන දැන මයි.

හ්ම්ම්ම් මොන වදයක්ද අප්පා. සිග්නල් නැතුව ඉන්නේ කෝමද ? ඒකත් මේ පාර සතියක්. ආයිශ්. ඇයි අප්පා මෙහෙම මටම වෙන්නේ .

මං කාමරේට ගිහිල්ලා හයියෙන්ම දොර වැහුවේ ඔම්මට ඇහෙන්න.

" ඔය දොර කඩන්න්ද හදන්නේ "

ඔම්මා පල්ලෙහා කෑගහනකොට ඒක ඇහෙන්නේ නෑ වගේ මං ගිහිල්ලා ඇද උඩින් එරමිනියත් ගොතන් වාඩි උනා.

ෆෝන් එක අතට ගත්ත මම දැක්කේ ඇවිල්ලා තිබ්බ මැසේජ් ගොඩ.

මේ පැයට ඔච්චර නම් මං එහේ ගිහින් එනකොට. අනේ මට යන්න බෑ.

මං බාගෙට අඩ අඩම ඕපන් කලේ යාලුවාගේ මැසේජ් ටික.

Yunhi

තෝ මැරිලද යකෝ. උදේ ඉදන්
ඉදන් අපි උන්නද මලාද
හොයන්නේ නෑ.

වරෙම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

ටේනුවාආආආආඅ

තෝ මලාද යකෝ

චොකලට් බිස්කට් ඕන

වරෙම්ම්ම්ම්ම්ම්ම්ම්

                                                  Taenu

                              ඉන්නවා යකෝ. අපි අද    
                               ගමේ යනවා

මොකක් දවස් කීයකටද ?

                                 සතියක් 🙂🙂💔💔

මොකක් ??? උබ ඔන්ලයින්
එන්නේ කෝමද යකෝ

                                   ඒක තමා පස්නේ 🙂

කමක් නෑ එහෙනම් පරිස්සමින්
ගිහින් එන්න.

                                   හ්ම්ම්ම් හා බායි.

මං කියන්න ඕන හැමෝටම කියලා මගේ ඇදුම් ලෑස්ති කරන්න ගත්තා. ගමේ යන එකත් හරි කියමු ඒත් මං කොහොමද අර ගවුම් කෑලී එල්ලන් ඉන්නේ. කලිසමක් ඇන්දොත් දේශනා අහන්න වෙනවා. රෙම්ද තමා.

අනික හරබොජි නැති උනාම මං එහේ යන්න එච්චර ආස නෑ. හැල්මොනි මට ආදරෙයි. මාත් ආදරෙයි. ඒත් අනේ මන්දා හරබොජි නැති උන දවසෙ ඉදලා මං එහේ යන්න ආසම නෑ.

ඒකට හරි යන්න එහේ ගියාම මට හමබවෙන්නේත් හරබොජිගේ කාමරේමයි. ඒකත් මටම කෙලින්න එනවා වගේ.

මං කාමරේ බඩු වලට බැන බැන ගමේ ගියාම අදින්නම ගත්ත ගවුම් ටිකකුයි ශෝර්ට් ටිකකුයි ගත්තේ ගවුමට යටින් අදින්න 😏

කෝකටත් කියලා ෆෝන් එකේ අහන සින්දු ඔක්කොම ඩව්න්ලෝඩ් වෙන්න දාලා එයර්ෆෝන් දෙකත් ගත්තා.

තව මොනාද ? ආහ් මගේ මැනික. රත්තරන් චූටි කොට්ටේ.

මයේ ටාටා මැනිකවත් අතට ගත්ත මම ඉක්මනට බෑග් කත් අරන් පහලට දිව්වේ අප්පාගේ කාර් එක එනවා ඇහුනු නිසා.

අප්පා ආව ගමන් කාලා නාලා එනකන් මං එලියට ගිහින් සෙල්ෆි දෙක තුනක් ගත්තා.

( A/n ජීවිතේට කැමැත්තෙන් සෙල්ෆියක් ගහලා හෝ සෙල්ෆියකට සහබාගී නොවුන මම 🙂💔 )

ඒක IG වලට දාලා " let's meet soon " කියලා කැප්ශන් එකත් දාලා පෝස්ට් කරා.

දාලා විනාඩියක් යන්න ඉස්සර වෙලා කමෙන්ට්ස් ලයික්ස් පිරිලා. මං ඒවා බලන්න යනකොටම අප්පා කෑගැහුවා එන්න කියලා.

මං ඉන්ස්ටා වල ෆොටෝ දානව කියලා දැනගත්තොත් මං ගස් තමා.

මං ඉක්මනට ෆෝන් එක ගවුමේ සාක්කුවේ දාගත්තා.

" අනේ බලන්න මේ ලමයා ගවුම් ඇන්දම හුරතලේ "

මොන කියුට්ද අප්ප. මං අප්පා දිහාට හිනාවක් දාන ගමන් හිතින් හිතුවා.

බාච්චුව වගේ මේක එල්ලන් පලකෝ දැන් ඉතින්. හූම් 😒😒😒😒

මං කාර් එකේ පිටිපස්සෙන් නගිනකොට ඔම්මායි අප්පයි ඉස්සරහින් නැග්ගා.

අප්පා එක්ක ගමනක් යනකොට තියෙන ප්‍රධානම නීතිය ෆෝන් එක පාවිච්චි කරන්න බැ. මොකද මේක ෆැමිලි එක එක්ක යන එකක්. බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්.

මං ෆෝන් එකේ මං ආසම සෝන්ග් එකක් දාලා බ්ලූතූඩ් සෙට් කරගත්තා.

එහෙමම ජනේල්ව්න් එලිය බලාගෙන මම ආවා.

ඔම්මයි අප්පයි කතා කර කර එනවා. මම ඒවාට හ්ම්ම්ම් හ්ම්ම්ම් ගගා යනව. ආයිශ් ගෙදර හිටියා නම් චැට් කර කර හරි ඉන්න තිබ්බා. හූම්ම්ම්ම්ම්

එලිය බලාගෙනම ඉදලා කම්මැලී තැන මං හිමීට ඇස් දෙක පියාගෙන නිදාගත්තා.

" ටේනූ........... ටේනූ...........ලමයෝ නැගිටින්න "

ඔම්මාගේ සද්දෙට මං ගැස්සිලා නැගිටිනකොට දැක්කේ මං කාර් එකෙන් බහිනකන් බලන් ඉන්න ඔම්මයි අප්පයි හැල්මොනියි.

කොච්චර ගමේ එන්න අකැමති උනත් මං හැල්මොනිට ආදරෙයි. මං හැල්මොනි ගාවට දුවලා ගිහිල්ලා බදාගත්තා.

" මගේ කෙල්ල ලොකු වෙලා තියෙන තරමක් ඉතින් "

හැල්මොනි මාව එයාගෙන් ඈත් කරලා මගේ කම්මුල් මිරිකන්න ගත්තා.  මං ආසම නැති වැඩේ.

එයාලට නම් මේක කියුට් ලු. හූම්.

මං හැල්මොනි දිහාට පව්ට් ෆේස් එකක් දැම්මේ එයා මං ඒක දැම්ම ගමන් මට මහන්සී කියලා හිතන නිසා.

" මගේ ටේනූ කෙල්ලට මහන්සී ඇති එන්න යන්න "

හැල්මොනි මාව එක්කන් ඇතුලට යනකොට ඔම්මයි අප්පයි හැල්මොනිට අනම් මනම් කියනවා මට ඇහුනා.

" යාහ් මමයි ඔයාගේ පුතා ඔම්මේ . මිනිබිරී ආවම ඔක්කොම අමතකයි "

ඔම්මයි අප්පයි ඔහේ කියවද්දි මායි හැල්මොනියි ගේ ඇතුලට ආවා.

දැන් මෙහේ නේද ඉන්න ඕන කියලා හිතෙනකොට මගේ බඩ පපුව දගලන්න ගත්තා.

ඒත් එක්කම මං හයියෙන් හිනා උනේ මගේ ඉස්සරහට දුවගෙන ආපු කොල්ලෙක් බිම වැටෙනව දැකලා.

තාරාවෙක් වගේ .😂😂😂😂😂 ඒ මදුවට බිම ඉදන් හින වෙනවා.

හැල්මොනිත් ඉනට අත තියන් හින වෙනවා. ඒ වැටිච්ච කොල්ලා එකපාර ඇවිල්ලා හැල්මොනිව බදාගත්තා.

යාහ් හැල්මොනි මගේ. මං ඒ පාත්තයට රවනකොට පාත්තයා ආපිට මට රැව්වා.

" හා හා දෙන්නා රවාගෙන හිටියා ඉවර නම් දැන් දුරගන්න. ටේනූ මේ ඉන්නේ ජිමින් ඔයාගේ මස්සිනා. එතකොට ජිමින් මේ ඉන්නේ ටේනූ ඔයාගේ නෑනා "

හැල්මොනි කියාගෙන යනකොට මං කල්පනා කරේ මස්සිනා කියන නෑකම එන්නේ කොහොමද කියලා. ඒක හිතාගන්න් බැරි තැන මං බොරුවට හැල්මොනි දිහා බලලා හින උනා.

" අනෙ බලන්න මේ දරුවට මහන්සී වගේ. ජිමින් මෙයාව හරබොජිගේ කාමරේට එක්කන් යන්න "

හැල්මොනි එහෙම කියන්කොට ජිමින් කියපු එක නිසා මට මල පැන්නා.

" අනේ හැල්මොනි මෙයාට කකුල් තියනව නේ මං මොකටද පෙන්නන ඕන "

හහ් මට කකුල් තියෙනව තමයි . මං කිව්වේ නෑනෙ එක්කන් යන්න කියලා.

" යාහ් ජිමින් කවුරු හරි ආවම ඔහොමද සලකන්නේ ආහ්. යන්න ගිහින් කාමරේ පෙන්නන්න "

හැල්මොනි එහෙම කියලා ඔම්මලා ගාවට යනකොට අර පාත්තයා මටත් ගස්සගෙන කාමර පැත්තට ගියා.

මං මොකෝ දන්නේ නැතෑ හරබොජිගේ කාමරේ. අපේ හැල්මොනිටත් පිස්සු.

මං යනකොට අර පාත්තයාඅටත් රවාගෙන හරබොජිගේ කාමරෙ ඉස්සරහා හිටන් ඉන්නවා.

" මෙන්න කාමරේ. රහසක් කියන්නද ? ඕකේ හොල්මන් ඉන්නවා "

අර පාත්තයා මට එහෙම කියාගෙන ඇහැකුත් ගහන් ගියා.

හහ් මේ මනුස්සයා හිතුවද දන්නේ නෑ මං හොල්මන් වලට බයයි කියලා. පුහ් මගේ හැටි දන්නේ නෑ පාත්තයා.

මොන උනත් කොට උනත් පාත්තයා හැන්ඩියා. 😁😁😁😁😁

මං කාමරේ ඇතුලට ගිහිල්ලා හරබොජිගේ අල්මාරිය ඇතුලට මගේ ඇදුම් ටික දාගත්තා.

මං හරි හැදිච්ච පිලිවෙල ළමයෙක් ගමේ ආවම. 😁 ඇයි යකෝ නැත්තන් නෑදැයොන්ගේ කතා අහන් ඉන්න එපැයි.

මං ඇදුම් ටික අස්කරලා ඉවර.උනු ගමන් මගේ ටාටා මැනිකවත් බදාගෙන ඇදට පැන්නා.

හ්ම්ම්ම්ම් දැනෙන සනීපයක්. ඇද  පරන උනාට ශෝයි. හරබොජි වගේම සනීපයි.

යාන්තන් ඇස් දෙක පියවීගෙන එනකොට මොකෙක් හරි ඌරු බස්සෙක් දොරටතඩි බාන්න ගත්තා. මෙව්වට මොකුත් කියලත් බෑ නොකියත් බෑ.

මං ගිහින් දොර ඇරියට පස්සේ එතන හිටිය අර පාත්තයා අහක් බලාගෙන මගේ නලලටත් තට්ටු කරනවා දොර කියලා හිතාගෙන.

එකපාරම මේ පැත්ත හැරෙනකොට මාව දැක්ක පාත්තයා නිකන් මහසෝන දැක්කා වගේ පස්සට පැන්නා.

" යාහ් ඔහොම බය කරනවද ආහ් "

පාත්තයා පපුවට අත් දෙක තියාගෙන කෑගහනකොට මං පාත්තයා දිහා බලන් හිටියේ මේ මොන පිස්සෙක්ද වගේ බැල්මකින්.

" තාම නෑවේ නැද්ද ? ඊයා ගදයි හලෝ.නාගෙන එනවා හැල්මොනි කන්න එන්න කිව්වා "

" හ්ම්ම්ම්ම් "

මං හ්ම්ම් ගාන ගමන් පාත්තයාගේ මූනටම දොර වහලා ඇදුම් ටිකත් අරගෙන වොශ්රූම් එකට ගියා.

ශැක් වතුර සීතලයි. හොට් වෝටර් ඕන ප්ලීස්. ආයිශ් මෙහෙට ඊලග පාර එනකොට හීටර් එකක් අරන් එන්න ඕන.

හිමීට වොශ් එකත් දාගෙන මං වෙව්ල වෙව්ල මගේ ටාටාවත් තුරුල් කරන් කාමරෙන් එලියට ගියා. 

කාමරෙන් එලියට යනකොටම දොර ගාව හේත්තු වෙලා හිටිය පාත්තයා දැකලා ටිකක් බය උනත් මං බය උනේ නෑ වගේ කත කලා

"මොකද මෙතන "

"හැල්මොනි කිව්වා තමුන් නැතුව එන්න එපා කියලා. දැන් වත් යන්ද ? මට බඩගිනී "

මට ගහන්න වගේ කියලා එතනින් ගිය පාත්තයට හොදවයින් දෙකක් හිතින් කියන ගමන් මං ගිහිල්ල කෑම මේසෙන් වාඩි උනා.

නැන්දයි මාමයි තුත් ඉන්නවා. මන් මගේ මොලේට විනීතව හැසිරියන් කියන පනිවිඩේ දීලා ගිහිල්ලා සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ වාඩි උනා.

" අනේ මේ කෙල්ලා දැක්ක කල් ඉතිම්. "

නැන්දා මට බටර් ගනකොට මන් හින උනා. ඇයි යකෝ මාසයක් දකින්න නැතුව ඉන්න බෑද ?

" ඒකනේ මේ මහත්තයට වැඩ තිබ්බා නැත්තන් කලින් එනවා "

ඔම්මා එහෙම කියනකොට හැල්මොනි ඔම්මටයි නැන්දට දෙන්නටම රැව්වා.

හැල්මොනිගේ ප්‍රධානම නීතිය. කනකොට කතා කරන්න බෑ.

ඒකත් හොදයි.

ගෙදරදී කනකොට නම් මගේ වැඩේ මේසේ යටින් ෆෝන් එකෙන් චැට් කරන එක. මොන චැට් ද මේ සෙද්දේ සිග්නල් නෑනේ.

හෙට උදෙන් ගිහිල්ලා වටේ රවුමක් දාන්න ඕන සිග්නල් තියෙන තැනක් හොයන්න.

මං හිමීට සාන්තව කනකොට මොකෙක් හරි කකුලට ගැහුවා උගේ අම්ම මුත්තා මතක් වෙන්නම. ඔක්කොටම වඩා මට ඒකට කෑගැහුවා.

" මොකද ලමයෝ කෑගහන්නේ "

හැල්මොනි අහනකොට තමයි මං බැලුවේ මොකාද මගේ උස්සරහා ඉන්නෙ කියල. පාත්තයා. තමුන් ගැන පස්සේ බලාගමු ඈ.

"කුබියෙක් කෑවද කොහෙද හැල්මොනි "

මං එයාලා මගේ ඔය කියුට් කියන හිනාව දාගෙන කියනකොට හැල්මොනිත් හිනා උනා.

" ඒ උනාට කූබියෙක් කෑවා කියලා ඔච්චර විලාප තියන්න එපා ලමයෝ අනික ගෑනූ ළමයෙක් නේද ? "

ඔන්න ගෑනූ ළමයෙක් නේද සංවාදය පටන් ගන්නයි යන්නේ.

මං ඉක්මනට කාලා නිදිමතයි කියලා කාමරේට ආවා.

අම්මෝ ඔයින් බේරුනා මදැයි. හෙට උදේට පාත්තයට හොද වැඩක් කරනවා.

දොරත් ලොක් කරලා ෆෝන් එකත් අරන් මං බැල්කෙනි එකට ගිය.

ෆෝන් එක ගත්තට වැඩක් නෑ. ඒ උනාට ඉතින් සින්දුවක් අහන්න පුලුවන් නේ. මං ආසම සින්දුවකුත් දාගෙන මං බැල්කෙනියට වෙලා බලන් හිටියේ හද දිහා.

අද full moon ඩේ එකත් ද කොහේද ? හද ලොකුවටම තියෙනවා.

වොහ් ඒක මෙතනට ලස්සනට පේනවා.

මං ඒකේ ෆොටෝ එකක් අරන් ig අප්ලෝඩ් කර. තව පැය පහකින් විතර ඕක අප්ලෝඩ් වෙයි. 😒

මං ටික වෙලාවකින් සින්දුවත් ඔෆ් කරන ගමන් කාමරේ පැත්තට ආවේ හද වලාකුලකින් වැහුනු නිසා.

කාමරේ ඇතුලට එනකොට මං දැක්කේ හරබොජිගේ මේසේ උඩ දිලිසෙන මොකක් හරි දෙයක්.

ඔහ් එතන කලින් මොනාත් තිබ්බේ නෑනේ. ඉතින් කොහොමද දැන්.

🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷🤷

මං හිමීට එතනට ගියේ අර පාත්තයා කිව්ව විදියට ඇත්තටම හොල්මනක්ද බලන්න.

ඒත් එතන තිබ්බේ දිලිසෙන පෙට්ටියක්.


































........................................................................

Hi

ඔන්න අලුත් එකක්.

වැඩිය එපි තියෙන එකක් නෑ.

ඉක්මනට ඉවරයි.

කියවලා බලන්න.

Bye

MissKimTaenu

Stay safe 🌟
Love u ❤️
Borahae 💜️

Pokračovat ve čtení

Mohlo by se ti líbit

9.6K 779 17
Heartbeat සොරකම් කළ හදවතක් Sinhala fanfic JM 💜 🔞 ( විටක ) අහංකාර ,සිසිල් , දැඩි හදවතක් සොරකම් කළ ආදරණීය හදවත් පොරකම් කරන්නියකගෙ කතාවක් Written b...
877K 40.8K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
311K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
1.1M 49.3K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC