Give My Heart Back (Completed)

Bởi BhashiThisu

32.6K 7.3K 2.7K

කියාදෙන්න ආදරේ තරම්💚❤️🐰🦁 Xem Thêm

හැදින්වීම
Part 1
part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 31
Part 32
Part 33
Part 34
Part 35
Part 36(සුන්දර අවසානය)
A/N

Part 12

847 203 73
Bởi BhashiThisu

මගේ කතාවලටVote,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛
.
.
.
හෙට දවසෙ plan එක ගැන කතාකරගෙන ඉවර වෙලා ටේඕ ආපහු ගියේ එයාට Hospital එකේ වැඩ නිසා...

ඉතිං යීබෝ ඔක්කොම අස් කරලත් ඉවර නිසා ශාන්ට call එකක් ගත්තා...call එක එනකම් බලාගෙන හිටියා වගේ ශාන් ගත්ත ගමන්ම answer කළා..answer කරලා යීබෝට කතා කරන්න වත් ඉඩක් නොතියා ශාන් කතා කරන්න පටන් ගත්තා...

"බෝදි ඔයා කෑවද?අලුත් තැනට ගියාද?එතන හොදයිද?කොහේද ඉන්නෙ????"

"අම්මෝ බනී relax  මැණික...."

"හී හලි හලි ඉතිම් කියන්නකො විස්තර....ඉස්සෙල්ලම කියන්නකො මගේ සිංහ පැටියා කෑවද කියලා?"

"ඔව් මැණික ගෙදරට ටේඕ එද්දි පීට්සා ගෙනැල්ලා තිබ්බා...මගෙ මැණික කෑවද?"

"ඔව් බෝදි අක්කා ඇවිල්ලා ගියා..ඉතිං මාත් කෑවා😁"

"හොද බබා.."

"කෝ කියන්න දැං ඔයාගෙ අලුත් ගෙදරද ඉන්නෙ බෝදි??"

"ඔව් බනී මෙතන හරිම නිදහස්...මං මගේ බනී බබාවත් එක්කන් එන්නම්කො මෙතනට"

"එහෙනම් සනීප වුණ ගමන්ම මං එනවා 😌"

"අම්මෝ හරි හරි මැණික...ඒත් ඔයාගෙ ඩැඩා මාව මරයිද දන්නෑ😐"

"යී.....බෝ......මං කිව්වා ඔයාට මැරෙන කතා කියන්න එපා කියලා මං තියනවා😤"

"අනේ සොරි බනී...බනී......"

යීබෝ කතා කරද්දිම ශාන් 4n එක cut කරලා හොදටම ඇඩුවා....යීබෝ දැනගෙන හිටියා දැන් ශාන් හොදටම අඩනවා ඇති කියලා...ඉතිං ඊටපස්සෙ ශාන්ව යාලු කරගන්නත් ඕන නිසා යීබෝ තීරණය කළා hospital එකට යන්න...

ඔව් මීට අවුරුද්දකට කලින් මුලු ලෝකයක්ම වටින එයාගෙ බනීව ලැබුණු තැන...ඒ වගේම හැමදේම අතෑරලා ආයෙමත් කවදාවත් එන්නෙ නෑ කියලා හිතන් හිටපු තැන....Zee Hospital එක....අද ආයෙමත් එයාගෙ පණ බනී නිසා යීබෝ එතනට යනවා....පරණ මතක හෙමීට හිත පුරා ඇදෙද්දි යීබෝ ඒ රෝහල් භූමියට පය තිබ්බා....

Hospital එකට යද්දිම වීන් එලියට ආපු නිසා යීබෝට ශාන්ගෙ room එකට යන්න පාර වීන් කිව්වෙ යීබෝට විහිලු කරන ගමන්මයි.....

කොහොම හරි වීන්ගෙ විහිලුවටත් ලක්වෙලා යීබෝ ශාන් හිටපු කාමරේ ළගට ආවා..ඇවිල්ලා කාමරේ දොර අරිද්දි දැක්කෙ ශාන් කොට්ටයක් බදාගෙන නිදාගෙන ඉන්නවා...ඒ මූණෙ තිබ්බ තාමත් වේලිච්ච කදුලු වලින් යීබෝ තේරුම් ගත්තා ශාන් මෙච්චර වෙලා අඩලා කියලා...එයාගෙ පපුව පත්තුවෙලා ගියේ මේ අහිංසක හා පැටියා එයාට මෙච්චර ආදරේ කරනවා නේද කියලා හිතෙද්දි...

ඉතිං යීබෝ ශාන් ඉන්න තැනට ගිහිල්ලා ඒ ඇදෙන්ම ඉදගෙන නළට පුංචි හාදුවක් දුන්නෙ දරාගන්න බැරි ආදරේකින්....ඊටපස්සෙ හෙමීට ඔලුව අතගගා බලාගෙන හිටියෙ එයාව ඇහැරවන්න ලෝභකමට...ඒත් ටිකක් වෙලා යද්දි ශාන්ට ඇහැරුණා...

"මැණික ඇහැරෙව්වද මං ඔයාව😌"

"නෑ නෑ බෝදි ...ඒත් ඔයා මෙහේ😮?"

"මගේ පණ්ඩිත හාවා මාත් එක්ක තරහා වුණානෙ, ඉතිං මට හිතුණා..මං ආවා😏"

"අනේ මැණික සොරි මට දුක හිතුණනී🤧🤧🤧"

"හරි බබා මටත් සමාවෙන්න...මං ආයෙ ඒ වගේ කතා කියන්නෙ නෑ හොදද"

"හ්ම්ම්...,ඔයා දැන්ම යනවද බෝදි....?,මෙතන ඉදන් ගොඩක් දුරයිද හෙදරට?"

"තව ටිකකින් යන්නම් බනී...මෙතන ඉදන් වැඩි දුරක් නෑ ගෙදරට...ටේඕ හැමදේම බලලා Zee hospital එකටයි City hospital එකටයි සමාන දුරකින් තියන ගෙයක් තමා අරන් තියෙන්නෙ...තැන් දෙකටම ගෙදර ඉදන් විනාඩි 20ක දුර😍"

"අනේ ශෝයි බෝදි...මටත් එන්න ඕන ඔයා එක්ක😌"

"මං බබාව සනීප වෙච්ච ගමන්ම එක්කන් යන්නම්කො එහාට ම්ම්ම්"

"හලී😍😍😍"

ඔය විදියට දෙන්නම කතා කර කර ඉදලා හවස් වෙද්දි වීන්ටත් කියලා යීබෝ හෙදරට ගියා....

ගෙදරට ගියපු යීබෝ ශාන්ටත් ආවා කියලා රෑට කෑමත් හදාගෙන කාලා නින්දට වැටුණෙ පසුදින office එකේ වැඩ ටික handle කරලා hospital එකට යන්න හිතාගෙන...

ඉතිං කතාකරගත්ත විදියටම පහුවදා ජූන් ඇවිල්ලා හිටියා...යීබෝ එයා එක්ක ගිහිල්ලා මුලු office එකේම පාලනය එයාගෙ අතට අරගත්තා...ඊටපස්සෙ හැමෝටම meeting එකක් කැදවලා කිව්වෙ අද ඉදන් ජූන්ට මේ office එකේ හැම වැඩක්ම භාර දෙනවා කියලා...ඒ වගේම යීබෝත් පුලුවන් වෙලාවට ඇවිල්ලා බලලා යනවා කියලත් කිව්වා...මේ ආරංචියට මුලු office එකම ගොඩාක් සතුටු වුණා...මොකද හැමෝටම ගානියගෙ යටතෙ වැඩ කරලා එපා වෙලයි තිබ්බෙ...ඒ වගේම ජූන් වගේ ප්‍රසිද්ධ කෙනෙක් යටතෙ වැඩ කරන්න ලැබුණු එකත් ලොකු සතුටක් වුණා හැමෝටම....

ඉතිං යීබෝ ජූන්ට මේ දේවල් භාරදීලා ඕනම ප්‍රශ්නයක් ජූන්ට ඉදිරිපත් කරලා විසදගෙන සහයෝගයෙන් වැඩ කරන්න කියලා hospital එකට යන්න පිටත් වුණා..ගානියා නම් මේ දිහා බලාගෙන හිටියෙ ගිනිපිටවෙන දෑසකින්....දැන් කිසිම කෙනෙක් ගානියාව සත පහකට ගනන් ගත්තෙ නෑ😁
.
.
.
කාලය ඔහොම සාමකාමී විදියට ගතවෙලා ගිහින් ශාන්ව ගෙදර එක්කන් යන දවසත් ආවා...හරියටම සති 2ක් ශාන් hospital නවත්තලා හිටියා...මේ කාලය ඇතුලත යීබෝ හැමදාම හවසට ටේඕ එක්ක හරි තනියම හරි ශාන්ව බලන්න ආවා...අද එයාගෙ ටිකට් කපන නිසා යීබෝ,ටේඕ ,රූහි අක්කා වගේම වීනුත් හිටියෙ ගොඩාක් සතුටින්...මේ වෙද්දි රූහි අක්කත් එක්ක යීබෝ ගොඩාක්ම fit වෙලා තිබ්බා...ශාන් ඉතිං නිතරම අක්කට නෝක්කාඩු කිව්වෙ එයාව අමතක වෙලා යීබෝ නිසා කියලා...ඒත් ඇත්තටම ශාන් හදවතින්ම සතුටු වුණා යීබෝ අක්කත් එක්ක එකතු වෙච්ච එකට...

මේ වෙද්දි ශාන්ගෙ අක්කයි ඩොක්ටර් වීනුයි ගොඩාක් සමීප වෙලා හිටියා😍ශාන්ටත් ඒක ලාවට දැනිලා තිබ්බත් අක්කම කියනකම් අහන්නෙ නෑ කියලා එයා හිතුවා...
.
.
.
ටිකට් කපලා යීබෝට ඕන වුණේ ශාන්ව එයාගෙ ගෙදරට එක්කන් යන්න...ඒත් අක්කගෙ ඉල්ලීමට මුලින්ම එයාලගෙ ගෙදරට ශාන්ව එක්කන් යන්න තීරණය කළා...හැබැයි ඉතිං යීබෝ දවස් කීපෙකට විතරයි ඒකට කැමති වුණේ...ශාන්ටත් ඉක්මනටම යීබෝගෙ ළගට යන්න ඕන වුණත් අක්කගෙ හිත රිද්දන්න බැරි නිසා ටික දවසකට ගෙදර නවතින්න කැමති වුණා...
.
.
.මේ අතර ගානියා නම් හිටියෙ කුලප්පු වෙච්ච අලියෙක් වගේ....ඒ නිසාම එයා හොය හොයා හිටියෙ යීබෝගෙ weak point එකක්...ඒත් තාම කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා😏...
.
.
.
.
ශාන් ගෙදර නැවැත්තුවට පස්සෙත් යීබෝ හැමදාම වැඩ ඉවර වෙලා එහේ ගියා....ශාන්ටත් වගේම යීබෝටත් දැන් දෙන්නවම නැතුවම බැරි වුණා....අක්කත් මේ දෙන්නට හදවතින්ම ආශිර්වාද කළා.....දැන් ශාන්ට හොදටම හොද නිසා එයා hospital එකට යන්නයි ලෑස්ති වුණේ...

මෙච්චර දවස් ඇතුලෙම හිටපු නිසා අක්කා වගේම යීබෝත් කැමති වුණේ නෑ ශාන් drive කරනවට...උදේ යීබෝත් වැඩට යන නිසා අක්කා ශාන්ව hospital එක ළගින් දාගෙන යන්නම් කියලා කිව්වා...යීබෝත් ඒකට කැමති වුණා....

Hospital එකට ගියත් වීන් ශාන්ට වැඩ කරන්න දුන්නෙ නෑ...මොකද ආපහු ශාන්ට මේ පරිසරය ටිකක් හුරුවෙන්න දෙන්න වීන්ට ඕන වුණා...ශානුත් ඉතිං ඒ අණට කීකරු වෙලා හැමදේම බලාගෙන වටේ පිටේ ඇවිද ඇවිද හිටියෙ එයාලා මේ කරන්නෙ ලෙඩ්ඩුන්ගෙ ජීවිත එක්ක කරන සටනක් නිසා....

ටිකක් වෙලා ඇවිද ඇවිද ඉද්දි ශාන්ට යීබෝගෙන් video call එකක් ආවා...ඉතිං ශාන් ඒක answer කළේ හරිම සතුටින්...

"හෙලෝ බෝ මැණික"

"අම්මෝ බනී ඔහොම හුරතල් වෙන්න එපා දෙයියනේ..මට උස්සන් යන්න හිතෙනවා😘"

"අනෙ යන්න බෝදි ඔයා මාව තාම ඔයාගෙ ගෙදරටවත් එක්කන් ගියේ නෑ හුම්😐"

"හරි හරි මැණික මං ඉක්මනටම මගේ මැණිකව එක්කන් යන්නම්කො...ඉතිං අක්කනෙ කිව්වෙ ඔයාව නවත්තගන්න ඕන කියලා හුම්ම්ම්😌"

"හා හා ඉතිං...දැං ඒක හරි😌"

"මොකද කරන්නෙ මගෙ පැටියා දැං ම්ම්ම්"

"මුකුත් නෑ මගෙ බෝදි...මට වීන් අද වැඩ කරන්න දුන්නෙ නෑ😁"

"ඒක හොදයි මැණික😍..මං මේ කතා කළේ අද රෑට මට ලොකු surjary එකක් කරන්න තියනවා "

"ඉතිං😌"

"ඉතිං පැටියෝ අද හවසට මට ඔයාව බලන්න එන්න වෙන්නෙ නෑ🙄,ඔයාව මං අද මගේ ගෙදරට එක්කන් යන්නනෙ හිටියෙ සොරි මැණික"

"හ්ම්ම් කමක් නෑ බෝදි ඔයා වැඩ ටික කරගෙන පරිස්සමට ගෙදර යන්නකො...මේ ටිකේම ඔයා ආවනෙ මාව බලන්න😌"

"හරි මැණික මං තියන්නම් පරිස්සමින් අක්කා එක්ක ගෙදර යන්න හොදද ,, මං අක්කටත් කිව්වා"

"හරි බෝදි"

යීබෝ 4n එක තිබ්බහම ශාන්ට ගොඩාක් දුක හිතුණා ....මොකද මෙච්චර කල් හැමදාම හවසට යීබෝ ඇවිල්ලා ශාන්ව බලලා යන්න පුරුදු වෙලා හිටියා...ශානුත් ඒ හැම වෙලාවකම යීබෝට තුරුල් වෙලා හුරතල් වෙවී ඉන්න පුරුදු වෙලා හිටියා...ඒ වගේම අද ශාන් යීබෝගෙ ගෙදරට යන්නයි හිටියෙ....ඒක මතක් වෙලා  ශාන්ට ගොඩාක් දුක හිතුණා...ඒත් මේක එයාලගෙ රාජකාරිය නිසා ශාන් හිත හදාගත්තා....කොහොම වුණත් යීබෝ කවදාවත් රෑට වැඩ කළේ නෑ නේද කියලා එතකොට තමයි ශාන්ට මතක් වුණේ...

මගේ බෝදි වෙනස් වෙලාවත්ද කියලා ශාන්ගෙ යටි හිත කියද්දි උඩු හිත ඒක පිළිගන්නම කැමති වුණෙ නෑ

To be continued

🎀ඒ පාර බෝට මොකද වෙලා තියෙන්නෙ🤔??

🎀කුඩම්මා හොයාගනීද යීබෝගෙ weak point එක??

🚫මෙය සම්පූර්ණයෙන්ම මාගේ උපකල්පනයක් වන අතර උපුටා ගැනීම සපුරා තහනම්🚫

තිසූ💚❤️

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

5.5K 648 5
රුද්‍ර , දන්නවද ? .. ලෝකෙටම හොරෙන් පිපිල පරවෙලා යන කඩුපුල් මල් අයිති උනේම හදට විතරයි .. හරියට මාව අයිති උඹටම විතරක් වගේ ... ..ඉර මුලු ලෝකෙටම එලිය...
103K 18.2K 50
මියැදුණු සෙනෙහසක නැවත පුනරාගමනය.....🌼
92.7K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
13.8K 2.3K 25
හැරයන්න සිතුවාට සැගවී හොරෙන්.. ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්... වාවන්න බැරි කදුළු ආවත් නෙතින්... හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්... නමුත් මන් ඔයාගෙන...