REBORN 🚫 (By Sash) [ Comple...

Per ___Sash___

35.7K 6.4K 1.3K

ළමා වියේ ප්‍රේමය නිසා පියා අහිමි වූ තරුණයෙක්, වරදවා වටහාගැනීම් හේතුවෙන් පීඩා විඳි තරුණියක්, නොලැබුණු ආදරය වෙන... Més

Introduction
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 12
Chapter 13 🔞
Chapter 14 🔞
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18 🔞
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
chapter 29
chapter 30
නිහඩ ආදරවන්තයා.

chapter 11

912 197 41
Per ___Sash___

"අ..ආ.. ටේ.. ඔ..ඔයා.. ආවද ..මම මේ..උයන්න කියලා හැදුවෙ.. "

"මට කන්න බෑ . මහන්සියි. මම යනවා නිදාගන්න . ඔයා කාලා නිදාගන්න"

ටේ එහෙම කියලා හරිම මහන්සියෙන් එයාගෙ room එකට ගියා ...

"හරිම පුදුමයි. එයා මට කාලා නිදාගන්න කියලා නේද ඒ කිව්වෙ... එයාම උදේ මගේ කෑම එක විසි කරලා දැන් මට රෑට කාලා නිදාගන්න කියනවා.... අනේ මන්දා ... මට මේ මනුස්සයව ඇත්තටම තේරුම් ගන්න බෑ.."

සාරා රෑට කෑමත් හදලා කාලා නිදාගත්තා..

Time skipped

Next Day.

සාරා උදේම නැගිටලා උදේට කන්න කෑමත් හදලා wash එකකුත් දාගෙන ටේ නැගිටලා එනකන් බලාගෙන හිටියා.

ටේ wash එකක් දාගෙන ඇවිල්ලා කෑම කන්න කියලා ගත්තා සාරා එයාට කන්න sandwich ලෑස්ති කරලා තිබ්බා. Sandwich එක කටේ දාගත්ත ටේ එකපාරටම ඒක කටින් විසි කරලා දැම්මා....

"තූ..... shit .. මොනාද මේ ආ...."

"ඇ..ඇයි ..ටේ මොකක්ද උනේ...."

"ඇයි අහන්නෙ.. බලනවා මේකෙ හොඳටම ලුණු වැඩියි.. මනුස්සයෙක්ට කන්න පුළුවන්ද මේවා... තමුසෙ මගෙන් පලිගන්න හිතාගෙනද මෙහෙම කරන්නෙ ආ... එහෙනම් තමුසෙට වැරදිලා .. ඉන්නවා මම අද තමුසෙට පෙන්නන්නම් මම කවුද කියලා .."

"න්..නෑ ..නෑ..ටේ.. මම..මම ඇයි ඔයාගෙන් පලිගන්නෙ.. මට එහෙම ඕන උනේ නෑ ටේ... මම රස බැලුවා ටේ .. ඒත් එහෙම ලුණු වැඩියි කියලා මට දැනුනෙ නැහැ.. මේ ඇත්තමයි ටේ...."

"ආ.. ඒකත් එහෙමද ඒ කියන්නෙ තමුසෙට රස හරියට දැනෙන්නෙ නැහැ. එහෙම නේ... හිටපන් මං තමුසෙට හොඳට පහදලා දෙන්නම්."

එහෙම කියලා ටේ kitchen එකට ගිහින් ලුණු දාලා තිබ්බ බෝතලයක් අරගෙන ආවා....

"මේ මොනාද කියලා තමුසෙ දන්නවද "

"ල්..ලුණු ...."

"ඕ තමුසෙ දන්නව නේ.. එහෙනම් මේක ඉවර වෙනකන් කනවා.."

"ම්..මොකක්ද ..මේක කන්න..."

" ඇයි තමුසෙට එක පාරක් කිව්වම තේරෙන්නේ නැද්ද .. ඕක ඉවර වෙනකන් කන්න කියලයි මම කිව්වෙ."

එක පාරටම සාරා ගල් ගැහුනා. එයා හෙලවුනේවත් නැතුව ඒක දිහා බලාගෙන හිටිය නිසා ටේ එකපාරටම ඇවිත් සාරගෙ කොන්ඩෙන් අල්ලලා පිටිපස්සට ඇද්දා..ඒත් එක්කම අනිත් අතට ලුණු බෝතලය ගත්ත ටේ සාරගෙ කටට ඒක හලන්න හත්තා....

" දැන් ගිලිනවා ඕක....."

සාරට වමනෙ එන තරමට ටේ සාරගෙ කටට ලුණු හලන්න ගත්තා...දැනුනු අප්පිරියාව නිසාම එයාට වමනෙ යන්න වගේ ආවා.. මුළු ඇස් දෙකම කදුලු වලින් පුරවගෙන අත් දෙකෙන්ම කොන්ඩෙන් අල්ලගත්ත සාරා ටේ ගෙ අත නිදහස් කර ගෙන කෙලින්ම දුවගෙන ගියේ washroom එකට ... 

සාරා washroom එකට ගියත් එක්කම ටේ මුකුත් වුනේ නැති ගානට අත් දෙකත් හෝදගෙන ‍යන්න ගියා .....

Washroom එකේ ඉදලා ආව සාරා ගොඩාක් වෙලා යනකන් ඇඬුවා... ඊට පස්සෙ බිම වැටිලා තිබ්බ ලුණු අස් කරලා දාලා.. කෑම ටිකත් විසි කරලා නොකාම නිදාගත්තා...

ඊට පස්සෙ ඉදලා සාරා ටේ ගෙ කෑම ගැන ගොඩාක් සැලකිලිමත් උනා.. කෑම table එකට යවන්න කලින් කිහිප වතාවක්ම එයා කෑම වල රස බැලුවා..

Marriage එකෙන් දවස් තුනකට පස්සෙ සාරා ආයෙත් college යන්න ගත්තා.. සිද්ධි උන කිසිම දෙයක් අඩුම තරමේ සාශාටවත් කියන්නෙ නෑ කියලා සාරා හිතාගත්තා. මොකද එයා බය උනා වැරදිලාවත් ටේ මේ දේවල් දැන ගත්තොත් කියලා ....

දවස් සති,සති මාස වලටත් ගෙවිලා ගියා..... ටේහ්‍යුන් හැමදාම වගේ මොකක්හරි වැරැද්දක් අල්ලගෙන සාරට කරදර කරන්න ගත්තා...

Braking News .

" මේ දින වල සෝල් වල පවතින අයහපත් කාලගුණය නිසා සියලුම වැසියන්ට තම නිවෙස් වලට වී ආරක්ශිතව සිටින ලෙසට රජයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා..."

එදා රෑ හොඳටම වැස්ස. සෝල් වල ගොඩාක් ප්‍රදේශ වතුරින් යට වෙලයි තිබ්බෙ.

" ලිලී.... කොහෙද තමුසෙ ඉන්නෙ."

" ආ... ඇයිද ටේ.. ඔයාට මොනාහරි ඕනද "

සාරා kitchen එකේ ඉදලා එනකොට ටේ සෝජු බෝතල් තුනක්ම ඉවර කරලයි තිබ්බෙ.. එයා හිටියේ හොඳ සිහියෙන් නෙවෙයි ...

" යනවා.. අර ළඟ තියෙන බාර් එකෙන් මට තව සෝජු බෝතල් තුනක් අරගෙන එනවා..."

" මේ..මේ .. දැන් .. ඒත් ටේ බාර් එකට මෙතන ඉදලා ගොඩාක් දුරයි නේ.. අනික මේ වෙලාවෙ එළියට යන්නත් එපා කියලයි තියෙන්නේ .. අනික දැන් රෑ...."

" තමුසෙට එක පාරක් දෙයක් කිව්වම කරන්න බැරිද ආ.... තමුසෙට මොනා වෙන්නද ගිහින් ඕක කරන් එනවා.."

සාරට වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති නිසා එයා ලොකු කුඩයකුත් අරගෙන ගෙදරින් එළියට බැස්සා... හුළගෙ වේගය නිසාම කුඩේ පාලනය කරගන්න එයාට ටිකක් අමාරු උනා. ඒ නිසාම එයාගෙ මුළු ඇගම වගේ වැස්සට තෙමුනා.. සාරා බාර් එකට එනකොට එයා ඇදගෙන හිටපු සුදු පාට දිග ගවුම වතුරට පෙගිලයි තිබ්බේ.. සාරා බාර් එක ඇතුලට ආවම එතන හිටපු මිනිස්සු එයා දිහා බලාගෙන හිටියෙ හරියට කන්න වගේ... සාරා බාර් එක ඇතුලට ගියේ හරිම අපහසුතාවයකින්. වැස්සට තෙමිලා වතුර බින්දු බේරෙන තෙත කොන්ඩෙ, සුදු පාට ඇඳුමට යටින් වතුරට තෙත් වෙලා තිබ්බ පපුව දිහා අනිත් අය කන්න වගේ බලාගෙන ඉන්නකොට සාරා එයාගෙ අත් දෙකෙන් පපුව වහ ගත්තා.. සෝජු බෝතල් තුනත් අරගෙන එයා යන්න හදනකොට ඒ වෙනකොටත් හොඳටම මත් වෙලා හිටපු පිරිමි තුන්දෙනෙක් එයාගෙ මාර්ගය හරස් කලා...

" ආ... ඇයි මේ කලබලෙන් ... ම්ම්.. ඔය සෝජු බෝතල් තුන මෙතනින් තියන්නකෝ... අපිත් හරිම තිබහෙන් හිටියේ... නේද ... "

"ඒකනෙ... බලන්නකෝ .. ඔයා හොඳටම තෙමිලා නේද .... අයියෝ ඔහොම කොහොමද ඔයා ගෙදර යන්නෙ.. ම්ම්... එන්න අපි ඔයාව ගෙදරට ඇරලවන්නම්.."

එයා එහෙම කියලා සාරගෙ අතින් ඇල්ලුවා... සාරා එයාගෙ අත ගසලා දාන්න කොච්චර උත්සාහ කලත් ඒ පිරිමි කෙනාගෙ ඇගේ ශක්තිය සාරට වඩා ගොඩාක් වැඩියි. ඒත් එක්කම සාරගෙ අතේ තියන wedding ring එක දැකපු එක මනුස්සයෙක්...

" අනේ දෙයියනේ ... මේ බලන්නකෝ .. මෙයා බැඳපු කෙනෙක්නේ..මෙයාගෙ අතේ wedding ring එකකුත් තියෙනවා.. අනේ පැටියෝ මේ මහ රෑ ඔයාගෙ husband ඔයාව මේ විදියට බාර් එකකට එව්වෙ කොහොමද ... අයියෝ එයා හරිම නරක කෙනෙක්නේ.. ඒකට කමක් නෑ දැන් අපි ඉන්නවනෙ ඔයාට නේද ....."

සාරා එතනින් පැනලා යන්න කොච්චර උත්සාහ කලත් එයාලගෙන් සාරට කිසිම බුරුලක් ලැබුනෙ නැහැ.. ඒත් එක්කම එක්කෙනෙක් එයාගෙ ඉනට අත දාලා සාරව එයාගෙ ළඟට ගත්තා . එයා සාරව සිප ගන්න ගොඩාක් උත්සාහ කලා. ඒත් එක්කම සාරා කෑ ගහලා එයාගෙ කම්මුලට තදින් පහරක් ගැහුවා..

"බැල්ලි.. තමුසෙ කොහොමද මට අත ඉස්සුවෙ... ඉදපන් මම තමුසෙට මම කවුද කියලා පෙන්නන්නම්.."

එහෙම කියලා එයාලා සාරගෙ කටත් වහගෙන සාරව එළියට එක්කගෙන ආවා.. ඒ වෙනකොට වැස්ස තවත් වැඩි වෙලයි තිබ්බෙ.. එතන තිබ්බ වෑන් එක ඇතුළට සාරව බලෙන් දාගන්න එයාලා උත්සාහ කලත් සාරා ඒ එක්කෙනෙක්ගෙ අතක් හපලා එතනින් පැනලා ආවා...

මහ වැස්සේ සාරා දුවගෙන යනකොට ඒ මිනිස්සු තුන්දෙනත් එයාගෙ පස්සෙන්ම ආවා.. එයා ඇදගෙන හිටපු දිග ගවුම නිසා එයාටදුවන්න ගොඩාක් අමාරු උනා.. ඒත් එක්කම එයාගෙ ඉස්සරහට වාහනයක් එනවා දැක්ක සාරා ඉක්මනට ගිහින් වාහනය ඉස්සරහ හිට ගත්තා...

" සර්..සර්.. ප්ලස් මට උදව් කරන්න ...."

ඒත් එක්කම වාහනෙන් එළියට ආව කෙනාව දැක්කම සාරගෙ හිතට ලොකු සහනයක් දැනුනා..

" න. නම්ජූන් ...."

හොඳටම බය වෙලා හිටපු සාරා දුවගෙන ගිහින් නම්ජූන්ව බදා ගත්තා... එයාට ඒ වෙලාවෙ දැනුනෙ ලොකු සහනයක්..

" ඕයි තමුසෙ කවුද ... නිකං ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව ඔය කෙල්ලෙව අපිට දීලා යන දේවාලෙක මකබෑවෙනවා.."

නම්ජූන්ට තේරුනා මෙතන මොකක්හරි වැරැද්දක් සිද්ධ වෙන බව.. මුකුත්ම නොකියා එයා තමන්ට තුරුලු වෙලා හිටපු සාරව අත් දෙකට අරගෙන වාහනේ පිටිපස්සෙ දොර ඇරලා එයාව ඇතුලට දාගන්න හදනවත් එක්කම පිටිපස්සෙන් ආව එක මනුස්සයෙක් නම්ජූන්ගේ පිටට පිහියෙන් ඇන්නා.. නම්ජූන්ගෙ උරහිස කපාගෙන ඒ පිහි පාර ඇතුලට යනවත් එක්කම එයා ඉක්මනට සාරව වාහනේ ඇතුලට දාලා අනිත් පැත්ත හැරුණා.. ඒත් එක්කම නම්ජූන්ගෙ bodyguard , gun එක අරගෙන පාරට shoot කලා..  gun එකට බය උන මිනිස්සු දුන් දෙනා එතනින් ඉක්මනට පැනලා ගියා ...

" මිස් සාරා.. ඔයා හොදින් නේද "

නම්ජූන් සාරගෙ අත් දෙකෙන් අල්ලගෙන එහෙම අහනකොට නම්ජූන්ගෙ උරහිස දිගේ බේරිලා ආව ලේ බින්දුවක් සාරගෙ සුදු පාට ගවුමට වැටුනා..

" ල්..ලේ.. දෙයියනේ .. නම්ජූන් ඔයාට තුවාල වෙලා ...."

"අනේ දෙයියනේ මට සමාවෙන්න නම්ජූන්... ඔයාට ගොඩාක් රිදෙනවද .... අපි..අපි ඉක්මනට හොස්පිටල් එකකට යමු..."

" නෑ .. නෑ .. සාරා .. කලබල වෙන්න එපා .. මේක පොඩි කැපුමක් විතරයි ... හරි .. ඉන්න .. ඔයා බය වෙන්න එපා .. අපි බෙහෙත් දාමු හරිද... "

හැපුම් තුවාලය ටිකක් ගැඹුරු උනත් නම්ජූන්ට සාරව තවත් බය කරන්න ඕන උනේ නැහැ. ඒ නිසා එයා ඒක ලොකු තුවාලයක් නෙවෙයි කියලා ඇගෙව්වා...

සාරව ගෙදර ගිහින් ඇරලවන්නම් කියලා නම්ජූන් කිව්වත් සාරට ඕන උනා නම්ජූන් බෙහෙත් දාගන්නකම් එයා ළඟ ඉන්න.. ඒ නිසා එයා බෙහෙත් දාගෙන එනකන් සාරා හොස්පිටල් එකට වෙලා හිටියා.. ටිකක් වෙලා යනකොට නම්ජූන්ට බෙහෙත් දාපු  doctor එළියට ආවා..

" ඩොක්ටර්... නම්ජූන්ට කොහොමද .. එයාට ප්‍රශ්නයක් නෑ නේද ..."

සාරා හිටියේ ගොඩාක් බය වෙලා .. මොකද හොස්පිටල් එකට එන අතරමගත් නම්ජූන්ගෙන් ගොඩාක් bleed උනා..

සාරගෙ අතේ තිබ්බ wedding ring එක දැකපු doctor හිතුවෙ සාරා , නම්ජූන්ගෙ wife කියලයි..

" කලබල වෙන්න දෙයක් නෑ මිසිස් නම්ජූන්... එයාට දැන් හොඳයි.. එයාගෙන් ගොඩාක්  bleed වෙලා තිබ්බ නිසා දැන් එයාට සිහිය නැහැ. අපි එයාට දීපු බෙහෙත් නිසා කොහොමත් එයාට නින්ද යනවා. ඒ නිසා හෙට උදේ වෙනකොට ඔක්කොම හරියාවි... මම බෙහෙත් ටිකක් ලියලා දෙන්නම් . වෙලාවට ඒ ටික දෙන්න.. ආ.. තව දෙයක්. එයාගෙ අත හොල්ලන්න කරන්න ටික කාලයක් යනකන් එයාට අමාරු වේවි.කොහොමත් තුවාලෙ හොඳ වෙන්න මාස දෙක තුනක් යනව නෙ.. ඒ කාලෙ හොඳට ඔයාගෙ husband ව බලාගන්න හරිද..."

Doctor එහෙම කියලා යන්න ගියා..

සාරට එයා නම්ජූන්ගෙ wife නෙවෙයි කියලා කියන්න ඕන උනත් එයාට ඒක කියාගන්න බැරුව ගියා..

Doctor ගියත් එක්කම සාරා, නම්ජූන් හිටපු room එකට ගියා.. සිහිය නැතුව ඇදේ හාන්සි වෙලා ඉන්න නම්ජූන්ව දැක්කම සාරට කියාගන්න බැරි දුකක් දැනුනා.. මෙයා මෙහෙම ඉන්නෙ තමන්ගෙ වැරැද්ද නිසා කියලා ,වරදකාරී හැගීමක් එයාට දැනුනා.. ඒක නිසා නම්ජූන්ට සිහිය එනකන් මුළු රැයක්ම සාරා නම්ජූන් ළඟ හිටියා...

Time skipped .

උදේ පාන්දර මූනට වැටුන ඉර එළිය නිසා නම්ජූන් අවදි උනා.. ඒත් එක්කම ඇද ළඟ තියෙන පුටුවෙ කකුල් දෙකත් මූන ළඟටම අරගෙන සීතලෙ ගුලි වෙලා ඉන්න සාරව එයා දැක්කා... ඉර එළිය නිසා එයාගෙ තලෙළු හම දිලිසෙන්න ගත්තා... නම්ජූන්ට එයාට කතා කරන්න ඕන උනත් එයා ටිකක් වෙලා යනකන් ඇස් පිය ගහන්නෙ නැතුවම සාරා දිහා බලාගෙන හිටියා.... ඒත් ඇස් දෙකට ඉර එළිය වැටුණත් එක්කම සාරා අවදි උනා...

" ම්ම්ම්..... මිස්ට.. නම්ජූන් ඔයා අවදි උනාද .. දැන් කොහොමද ඔයාට..අත ගොඩාක් රිදෙනවද ... ඇගට අමාරුයි වගේද .. අනේ.. ඇත්තටම මට සමාවෙන්න 🥺..මම නිසා නෙ ඔයාට මෙහෙම දෙයක් උනේ.. ඇත්තටම මට සමාවෙන්න මිස්ට නම්ජූන්....."

" හෝව් හෝව්.... එක පාරකට එක ප්‍රශ්නයක් අහන්න.. අනික දුක් වෙන්න එපා මේක කලේ ඔයා නෙවෙයි නේ .අර මිනිස්සු නේ.. ඔයා මොනා කරන්නද ඒකට.....අයියෝ... ඔය ඉතින් අඩනවා.. මට ප්‍රශ්නයක් නෑ කෙල්ලේ... මේ මං ඉන්නෙ මහා උරග දැවැන්තයා වගේ ...."

අතේ වේදනාව හොඳටම දැනුනත් නම්ජූන් එහෙම කිව්වෙ සාරව හිනස්සන්න ඕන උන නිසා....

" විහිළු කරන්න එපා අනේ 🥺.. මම දන්නවා ඔයාට වේදනයි කියලා .. ඉන්න අපි බෙහෙත් බීලා ඉමු.."

සාරා නම්ජූන්ට බෙහෙතුත් දීලා.. එයාට හොඳ වෙනකන් එයාව බලන්න එනවා කියලා පොරොන්දු උනා ..

හොස්පිටල් එකෙන් එළියට එනකොට තමයි සාරට ටේහ්‍යුන් ගැන මතක් උනේ.. නම්ජූන්ගෙ driver සාරව ගෙදර ළඟටම ගෙනල්ලා ඇරලුවත් සාරා ගෙදර ඇතුලට ගියේ ගොඩාක් බය වෙලා .....

අදට මෙච්චරයි ළමයි 🌝.

අද වචන 1555ක්.

පරිස්සමෙන් ඉන්න 🌝❤️.

කතාවට කැමති නම් vote එකකුත් දාගෙන යන්න 🌝.

සාරන්හේ ❤️

මම ගියා 😌👋

Continua llegint

You'll Also Like

14.4K 1.9K 19
"මට ලොකු වගකීමක් තියෙනවා මිස්ටර් කිම්.... මට අනික් ගැහැණු ලමයි හැසිරෙනව වගෙ හැසිරෙන්න වෙලාවක් නෑ...මට සමාවෙන්න සර්...😔" "එතකොට තමුසෙ ජන්කුක් ඉස්සරහ...
26.9K 2.3K 72
ဖတ်ကြည့်နော်😉😉
31.6K 5.9K 58
සියලු සැප සම්පත් මැද ජීවත් වුවත් ආදරය අහිමි වූ එක් අයෙක්.......වෙන කිසිම දෙයක් නැතත් ආදරය පමණක් ජීවිතයට ලැබුණු තවත් අයෙක්...... මොවුන්ගේ ජීවිත කතාව ක...
278K 48.4K 60
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)