මුලු seoul නගරෙම හිම වලින් වැහිලා. මොකද මේ තමා සීතල දෙසැම්බර් මාසය . හැම seoul නගරවැසියෙක්ම නත්තලතටත් ලඟ ලඟම එන අලුත් අවුරුද්දටත් හරිම උනන්දුවෙන් ලෑස්ති වෙනවා. මුලු නගරෙම හරියට දිව්‍යලෝකයක් වගේ . හැම කෙනෙක්ගෙම හිත් අලුත් බලපොරොත්තු වලින් පිරිලා එත්...........................
Han river එක පැත්තට වේගෙන් ඇවිදගෙන යමින් හිටියෙ කලු පාට hoodie එකක් ඔලුව වැහෙන්නම දාගෙන හිටපු කෙල්ලෙක් . තමන්ව කවුරු හරි අදුරගනී වගේ බයෙන් වට පිට බලබල ගිය කෙල්ලගෙ ඇස් එකසැරෙ නැවතුනේ building එකක ගහලා තිබුණ ලොකු poster එකක් ගාව ඒක දැකත් එක්ක කෙල්ලගෙ අත මිට මෙල වුනෙ දුකටත් වඩා තරහට ඇස් වල කදුලු පිරෙද්දි
" I hate this poster "
කෙල්ලට පුලුවන්කමක් තිබ්බානම් ඒ poster එක ගිනිතියන්න කෙල්ල ඒකත් කරයි . එත් තමන් ඉන්න poster එකක් ඒ කෙනාම ගිනිතියනවා දැක්කොත් එතන කොයිවගෙ තත්වයක් ඇති වෙයිද?
ඒ poster එකේ හිටියෙ world famous solo artist කෙනෙක් වගෙම korea වල ඉන්න ලස්සනම model කෙනෙක් වෙන Park Minha
හැම actress කෙනෙක්ගෙම idol කෙනෙක්ගෙම model කෙනෙක්ගෙම හීනෙ වුණේ තමන්ගෙ රූපෙත් ඒ building එක උඩ තියනවා දකින්න. එත්තාම අවුරුදු 21කක කෙල්ලෙක් වෙලත් මින්හා ට ඒ chance එක හම්බුනා. වෙන කෙනෙක් උනානම් තමන්ගෙ photo එකක් seoul වල උසම building එකේ තියනවා දැකලා උඩ පැන පැන නටලා.එත් minha ? කෙල්ලට ඒ ගැන ගානක් වත් නෑ . එච්චර ලොකු සතුටක් යටපත් වෙන්න තරම් වේදනාවක් කෙල්ලට තිබ්බා.
.
.
.
.
MINHA'S Prov
Han river එක පැත්තට ඇවිදගෙන ගිය මගේ ඇස් නැවතුනේ seoul shopping complex එකේ උඩ තිබුණු මගේ poster එක ගාව. එක දැක්කත් එක්කම අමතක කරන්න හදපු ඒ හැමදෙම අයිත් මගේ මතකෙට ආවා. ඒ පොස්ටර් එකත් එක්ක,මගේ ප්‍රසිද්ධිය එක , ගොඩක් අය පිස්සුවෙන් වගෙ ආදරේ කරන මගේ කටහඩත් එක්ක වගෙම මන් මගේ හැම දේටම වඩා ආදරේ කරපු, විශ්වාස කරපු Hyungsik එක්කත් මට ඇතිවුනේ ලොකු තරහක්. ඇයි මේ විදිහට සතුට හැමවෙලේම මගෙන් ඈතට යන්නේ ?
ඈත පේන poster එක දිහා බලාගෙන මං මතක් කරේ ඒ වේදනාකරී අතීතෙ
පොඩිකාලේ ඉදන් අනාථ නිවාසෙක හැදුනු මං මගෙ eomma ගෙයි appa ගෙයි නම වත් දන්නෑ. ඒ හේතුව නිසාම high school එකේදි collage එකේදි විතරක් නෙමේ පාරෙදිත් මට අහන්න හම්බුනෙ 'අනාථයා' 'අවජාතකයා' වගේ වචනම විතරයි. අද මං මේ ඉන්න තැනට ආවෙ මගෙ කටහඩ නිසා. ඒ වගේම මගේ hyungsik නිසා . එයා මගේ ජිවිතෙට ආවම මං හිතුවේ පොඩි කාලේ ඉදන් මට අහිමි වෙච්ච සතුට , සෙනෙහස මට අයිත් හම්බුණා කියලා . එත් මං හිතපු විදිහ වැරදි කියලා මට තේරුණා.
Flash back
Hyungsik -: minha I want to talk to you
"but oppa ..i...
" I said just now. please come to rose gold hotel "
එක දිගටම කියවගෙන ගිය එයා මට වචනයක් වත් කියන්න නොතියා call එක කරා . එයා හිටියේ ලොකු හදිස්සියකින් වගේ . අවුරුදු 2ක් තිස්සේ අශ්‍රය කරාට ගේ මේ වගේ හැසිරිමක් නම් මන් කවදාවත් දැකලා නෑ.
maskඑකයි cap එකයි දාගත්ත මම golden rose එකට car එක drive කරේ mask එක නොදා ගියොත් මිනිස්සු මාව අදුරගන්න නිසා .එක අතුලට ගිය මම දැක්කා අයිනක තිබ්බ table එකක් ලග වාඩි වෙලා එලිය බලන් ඉන්න හැටි . වටේ හිටපු කෙල්ලො කීප දෙනෙක්ම සැරින්සැරේ එයා දිහා බලන හැටිත් මට හොදටම පෙනුණා.
[A/N - minha ගේ first love එක jungkook නොවුණට අවුලක් නෑනේ 😁]
"oppa ඇයි ඔයා මේ හදිස්සියෙම call කරේ"
මං ඇහුවේ එයාගෙ ඉස්සරහින් වාඩි වෙන ගමන්. එත් එයාගෙන් ලැබුණේ මං කීයතවත් හිතපු නැති උත්තරයක්
"let's break up park minha ! "
එයා කිව්වෙ කෙලින්ම මගේ ඇස් දිහා බලාගෙන . ඒ ඇස් වල දුකක් කණගාටුවක් ගෑවිලා තිබ්බෙවත් නෑ
"මොකක්ද hyungsik ඔයා මේ- "
"I'm getting married next week"
එයා කිව්වෙ මගේ ඇස් වලින් මිදිලා mirror glass එකෙන් එලිය බලාගෙ
"මොකක්ද ඔයා මේ කියවන්නෙ" ?
"මට ඔයා නිසා මගේ ජිවිතේ විනාස කර ගන්න ඕනෙ නෑ minha . becoz you have........"
කියන්න හදපු දේ නවත්තපු hyungsik mask එකයි sunglass එකයි දාන් එතනින් ගියේ මට වචනයක්වත් කියන්න ඉඩ නොතියා
මං අනාගතේ ගැන මවපු හැම හීනයක්ම ඒ විදිහට මගේ ඇස් ඉස්සරහදිම කැඩිලා ගියා. මතත් නොදැනීම කදුලු වලට මගේ ඇස් බොද වුණා.
"එයා ඇයි මට එහෙම කරේ ?"
මං හිරවුණේ උත්තර නැති ප්‍රශ්න ගොඩක් මැද්දෙ
.
.
.
.
.
.
.
.
.
........................................................................................................................................................
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
HI ARMY....................
chapters short වැඩි වගේ හිතෙනවා නම් කියන්න 🤧🤧🤧🤧🤧
මේ type කරන එක මහ කම්මැලි වැඩක් අනේ................. 😑
කතාව හොදනම් vote එකක් දාගෙන යන්න
vote කෙසේ වෙතත් comment එකක් නම් ඔනී 🥺🥺🥺🥺🥺
borahae