Destiny (completed)

By Myungshi04

10.9K 1.8K 161

හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩ... More

චරිත හඳුන්වාදීම
01 දිගහැරුම
02 දිගහැරුම
03 දිගහැරුම
04 දිගහැරුම
05 දිගහැරුම
06 දිගහැරුම
07 දිගහැරුම
කතුවරියගෙන්.....,
08 දිගහැරුම
09 දිගහැරුම
10 දිගහැරුම
11 දිගහැරුම
12 දිගහැරුම
13 දිගහැරුම
14 දිගහැරුම
15 දිගහැරුම
16 දිගහැරුම
17 දිගහැරුම
18 දිගහැරුම
19 දිගහැරුම
20 දිගහැරුම
21 දිගහැරුම
22 දිගහැරුම
23 දිගහැරුම
24 දිගහැරුම
25 දිගහැරුම
26 දිගහැරුම
27 දිගහැරුම (Bonus)
28 දිගහැරුම
29 දිගහැරුම

30 දිගහැරුම (අවසානය)

564 66 47
By Myungshi04

________________________________________________________________

_After 10 years_


(අහිංසා):" *යෙනූ... නංගි අපි යමු නේද දැන්.* .."


(යෙනුලි):" *හ්ම්... අනේ අක්කෙ මං විනාඩි දහයකින් එන්නම්.අක්කා යන්නකො* ..."


(අහිංසා):" *හ්ම් හරි... තව ටිකකින් එන්නකො ඒනම්.මං යන්නම් අරහෙට* ..."


(යෙනුලි හිටියෙ සෙමෙට්‍රි එකේ  විහඟව මිහිදන් කරපු ඇහැළ ගහේ යට එයා වෙනුවෙන්ම ලස්සනට හදලා තියෙන බ්‍රිජ් එකේ තිබුණ ෆොටෝ එක දිහා බලාගෙන.කෙල්ල හැම සතියකටම පාරක් ඇවිත් විහඟ දිහා බලන් ඉඳලා විහඟ එක්ක කතා කරනවා. කෙල්ල වෙනදට එන්නෙ තනියම. ඒත් අදට විහඟ නැතිවෙලා අවුරුදු දහයක්.ඒනිසා අද යාෂ්ලත් ආව කෙල්ල එක්කම.තනියම එන හැම දවසකම කෙල්ල වරු ගණන් මෙතනට වෙලා ඉන්නවා.සතිය පුරාවට වෙච්ච හැමදේම විහඟ එක්ක කියලා තමයි කෙල්ල යන්නෙ.ඉතින් විහඟ යෙනුලි එක්ක හිනා වෙනවා වගේ කෙල්ල කියන ගොඩක් දේවලට හීනි හුළඟක් ඇවිත් ඇගේ වදිනවා.යෙනුලි හිතන්නෙ ඒ විහඟ එයා එක්ක හිනාවෙනවා කියලා.අවුරුදු දහයක් ගිහින් කෙල්ල රූපෙන් වෙනස් වුණාට ඒ ආදරේ එදා වගේම අදටත් තියනවා කිසිම අඩුවක් නැතුවම.ඉතින් අදත් යෙනුලි අහිංසාගෙන් තනියම ඉන්න වෙලාවක් ඉල්ලුවෙ විහඟ එක්ක කතා කරන්න...)

(යෙනුලි):" *අයියෙ කොහොමද ඔයාට... දන්නවද ඔයා මගෙ ජීවිතේ ඇස් දෙකට පේන්න නොආවට අවුරුදු දහය පුරාවටම ඔයා හිටියා වගේ මට ලොකු ආරක්ෂාවක් දැනුනා. දැනුත් මං දන්නවා මං කියන හැම දේම ඔයා අහගෙන ඉන්නවා කියලා.ඔයා මට කිව්වා වගේම මං මගේ හීනෙට ආවා.මේ අවුරුදු දහය පුරාවටම ළඟින් ඉදන් දුන්න හයිය ඇත්තටම මහමෙරක්.හෙට මං මගෙම company එක පටන් ගන්නවා.දැන් අවුරුදු පහක ඉඳන් අර කණ්නාඩි මෑන් ළඟ ඉදලා මට නිකන් පිස්සු වගේ.ඒකෙ Main fashion designer මං උනාට එයාගෙ පඬි වදන් තමා මට අල්ලන්නැත්තෙ. මං ඔයාට කියලා තියනවනෙ එයා ගැන ඉතිං. මහ පිස්සු සමයමක් ඒ මනුස්සයා නම්... ආහ් හොඳම වැඩේ කියන්නෙ ඒ මනුස්සයා මට වැඳගෙන එනවා රෙසිග්නේෂන් එක දෙන්නෙපා. ඔයා මේකෙත් වැඩ කරන්න කියලා.දැන් තමා එයාට මගෙ අගේ තේරෙන්නෙ* ..."

(එදා පොඩි එකෙක් වගේ කියව කියව හිටිය කෙල්ල අදත් ඒ විදියමයි. කිසි වෙනසක් නෑ.විහඟ බලාපොරොත්තු වුණෙත් එහෙම්මමයි.කොල්ලට කවදාවත් ඕන වුණේ නෑ යෙනුලි අඬ අඬ හිතින් වැටෙනවා දකින්න.එයා  එදා කිව්ව විදියට ම අද කෙල්ල එයාගෙ හීනෙට ඇවිත් ඉවරයි.අවුරුදු පහක කාලයක් කෙල්ල මහන්සි වෙලා වැඩ කරලා ඉතුරු කරපු හැම මුදලකින්ම අද කෙල්ල එයාගෙ කම්පනි එක වෙනුවෙන් වගේම තනියම කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙනවා.හරිම සැනසීමෙන් විහඟ ගෙ ආදරේ එක්ක.ඉතින් විහඟ කොතනක හිටියත් අද යෙනුලි දිහා බලාන සතුටුවෙනවා ඇති.ඒ තමයි සැබෑ ආදරේ. හුස්ම නැවතුනත් ආදරේ නවතින්නෙ නැහැ...)

" *හෙට මගෙ කම්පනි එක ඕපන් කරද්දි ඔයා ඇවිත් මගෙ එහාපැත්තෙන්ම ඉන්නෝ න හරිද. කියන්න දෙයක් නෑ ඔයා කොහොමත් මං ළඟ ඉන්නවනෙ.එහෙනම් මං යන්නම්. අද පොඩී එක්කන් එන්න යන්නත් තියනවනෙ. ආදරෙයි මගෙ හැලපයට* ..."

(ඒ එක්කම හීනි හුළඟත් එක්කම ලස්සනට මල් පිපුණු ඇහැළ ගහේ මල්  වැටෙන්න ගත්තෙ විහඟ යෙනුලිට අවනත වෙලා වගේ.ඕනතරම් වෙලා ඔය විදියට කියව කියව ඉන්න එක කෙල්ලට පුරුදුයි දැන්.පොල්ගහවෙල මහමෙව්නා අසපුව කියන්නෙ විහඟ නැතිවුණාට පස්සෙ කෙල්ලගෙ ජීවිතෙ වැඩි වෙලාවක් ගිය තැනක්.විහඟ වෙනුවෙන් ජීවිතයම පේ වෙලා කෙල්ල අද ගෙවන්නෙ හරිම සාමකාමි ජීවිතයක්. පුළුවන් හැමවෙලේම තව කෙනෙක් ට සරණක් වෙන්න කෙල්ල ඕනම වෙලාවක ලෑස්තියි. ඉතින් ළඟින් නොහිටියත් විහඟ ගෙ ඒ ආදරේ අරුත්බරයි නේද? කෙල්ලෙක් විදියට ජීවිතේ ගෙනියන්න යෙනුලිට මේ ආදරේ තරම් හයියක් තවත් තියෙනවද?.... )

(අද යාෂ්ලා එක්ක ආව නිසා ඒ තරම් වෙලාවක් ඉන්න බැරි එයාලා අද හවසම ආය යෙනුක එක්කන් එන්න එයාර්පෝට් යන්නෝන නිසා. දැනට අවුරුදු හයකට කලින් යෙනුක ඕස්ට්‍රේලියා ගියෙ බිස්නස් මැනේජ්මන්ට් ගැන ඉගෙනගන්න.නාමල්ගෙ නුවර කම්පනි එක යෙනුකට ගෙනියන්න යාෂ් බාර කරන්න යන්නෙ යෙනුකට දැන් කම්පනි එක හැන්ඩ්ල් කරන්න ඕන දැනුම තියන නිසා...)


              🌼🌼🌼🌼🌼🌼🌼🌼


" *චූටි බාප්පේ* ...... "

(යෙනුක):" *වැටෙයි පොඩ්ඩො...හිමින්.... අනේ මන්දා මේ කොල්ලගෙ දාංගලේ ඉතිං* ..."

(පොඩී කාර් එක ළඟට එනව පෙනි පෙනීම ශෙනුල් දුවගෙන ගිහින් පොඩීගෙ කරේ එල්ලුණා.ශෙනුල් කියන්නෙ අපේ ලොකූ ගෙ පුත්‍ර රත්නය.ඇරපු ඇතක් නෑ පියාට උරුම වෙලා තියනවා හා සමාන  කටක් පිහිටලා තියනවා.තාම අවුරුදු අටක් වුණාට කට තියෙන්නෙ දාහකට ගහන්න තරම්. තාත්තාගෙම පුතානෙ ඉතිං.ඒ වුණාට පොඩ්ඩා එක්ක වචනයක් කතා කරත් ඇති හැම දුකක්ම අමතක වෙලා යනවා...)

(යාෂ්):" *අම්මෝ මේකගෙ හැඩ... සෙල්ලන්ද ඉතිං අවුරුදු හයකින් නෙ දකින්නෙ...මේ යමු නේද ගෙදර.රවීනුයි රුක්ෂියිත් ඇවිල්ලා ඉන්නෙ.ශෙනුල් ආන් ඔයාගෙ මේලි නංගිත් ඇවිත් ඉන්නෙ* ..."

(මේලි කියන්නෙ රුක්ෂි අක්කගෙයි රවීන් අයියගෙයි දුව.එයාට නම් තවම අවුරුදු පහයි.ශෙනුල් මේලි දෙන්නා එකතු වුණා කියන්නෙ එතන බෝම්බ පිපිරෙනවා කියන එක.පුදුම වලිනෙ තියෙන්නෙ.ඒත් දෙන්නට දෙන්නා මාර එකතුයි...)

(යෙනුක):" *වාහ්... ඒ ඩබලත් ඇවිත් ද...මගෙ චූටි මේලි කෙල්ලව බලන්නත් ඕන... යං යං අනේ මට මාර බඩගින්නක් තියෙන්නෙ. අම්මගෙ කෑමක් කෑවෙ නෑනෙ දැං අවුරුදු හයකින්* .

*ආනේ මගේ ශුඩූ අක්කණ්ඩිය.... කෝමද ඒයි ඔයාට. මං යද්දි හිටියට වඩා දැං නං සතුටෙන් කියලා මට මූණෙන් පේනවා* ..."

(කියව කියව ඇවිත් පොඩී යෙනුලිගෙ කරට අත දාගෙන හිනා වෙවී ඇහුවෙ යෙනුක රට යන කාලෙ කෙල්ල හිටියෙ වේලිලා ගියපු ඇස් දෙකක් එක්ක නිසා....

ඩීනු නිකී දෙන්නා අදටත් එකට ජපානයේ ඉඳන් එයාලගෙ ඩිසයිනින් ෆීල්ඩ් එකේ යනවා වගේම සුලා අද වෙනකොට කොළඹ ප්‍රසිද්ධ ම කම්පනි එකක main designer කෙනෙක් විදියට එයාලගෙ හීන වලට පාර කපාගෙන ඉවරයි.අදටත් වෙලාවක් හම්බුනාම කට්ටිය එක්ක කතා කරන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම තරුක් ලිවිනි දෙන්නත් දැනට අවුරුදු තුනකට කලින් මැරි කරලා දෙන්නා එක්කම England ගියෙ තරුක්ට ලැබුණ උසස්වීමක් නිසා වගේම ලිවිනිටත් එයාගෙ වැඩ ටික කරගෙන යන්න පහසු නිසාමයි.... විහඟ ගෙ තාත්තාත් විහඟ නැතිවෙලා මාස දෙකකට පස්සේ හැමෝවම දාලා යන්නෙ හෘදයාබාධයකින්. විහඟ ගෙ අම්මා සංසාර ගමන නිමා කරනු වස් දස සිල් පූරණය කරමින් අල්පේච්ඡ වන දිවි ගෙවන දස සිල් මාතාවක්....කාලය හරි පුදුමයි නේද... අද වෙනකොට ජීවිත වෙනස්කර ලා තියන අරුමය...

කාර් එකට නැගපු වෙලේ ඉඳන් යෙනුක කට්ටිය එක්කම කියව කියව ආවේ අවුරුදු හයක කාලෙදි යෙනුක ගත්ත අත්දැකීම් ගැන.ඒත් මේ හැමදේම හොදින් සිද්ධවුණා ට හිනා වෙලා හිටියට යෙනුලිගෙ හිත අදටත් හැම හිනාවක් මැද්දෙන් ම කෑගහනවා. කෙල්ල හිත ඇතුළෙන් අදටත් විහඟ ගෙ නමින් සුසම්ලනවා....,)


" *අනේ අද ඔයත් මං එක්ක මෙයාලාගෙ හිනාව බෙදාගන්න හිටියනම්* ..."





                      --සමුගන්නට අවසර--






"" _දහසක් පැතුම් මල් පිපි ඒ ජීවිත වල සියළුම මල්  පිපී නිමමුත් යෙනුලිගෙ හිත අස්සෙ සුපිපි ඒ ආදර පැතුම් මල මෙසේ විහඟගෙ පුදසුනට ඈ අද පුද දී හමාරයි. යලි නොයෙන බව දැන දැනම එක හිතක් වෙනුවෙන් ජීවිතයම පුදන තැන ඇත්තේ කාමයවත්,රාගයවත් නොව නිතැතින්ම නිර්මල ආදරයයි.විහඟ මෙන් අප්‍රමාණ ව ආදරය දී අවසන් මොහොතේ සැම අතැර ගිය අනන්ත ප්‍රේමවන්තයෝ ඇති.යෙනුලි මෙන් දඟකාර,කටකාර අසීමිත ආදරයක් හිත අස්සෙ තියාන යළි නොඑන ඒ ආදරය වෙනුවෙන් දිවිය කැපකරන ප්‍රේමවන්තියන් අනන්ත ඇති.පිටින් දකින කෙනෙක් එවන් ආදරයක් පිස්සුවක් කියලා හංවඩු ගැහුවට නිමල ආදරයක් එකිනෙකා වෙනුවෙන් කැපවුණු යෙනුලි විහඟ වන් ආදරවන්තයින් ළඟ නිසැකයෙන්ම තියෙනවා.නමුදු සියල්ල අස්ථිර අසාර වූ මේ ලොව තුළ ආදරයද හුදෙක් අල්පමාත්‍ර වූ අස්ථිර දෙයක් බවට සිහි තබා ගත යුතුමය.මාරයාගෙන් කුලියට අරන් වන්දනාවෙ ආ මේ දිවිය තුළ හිමිවන්නට අහිමිවන්නට බොහෝ දේ ඇති.ලැබෙන දේ සතුටින් බාර ගෙන සිනහවෙන් මියෙන තුරු දිවි ගෙවීම හුදෙක් සැනසීමම ළඟා කරවන්නකි_ ...🌼🌼🌼🌼""






________________________________________________________________


මගේ ආදරණීය යාළුවනේ.....

"Destiny" අදින් අවසන්.... මෙතෙක් කාලයක් මගෙ කතාව එක්ක ඉඳලා වචනෙකින් හරි මට හයියක් වුණ හැම දෙනාටම මං හදවතින්ම ස්තුති වන්ත වෙනවා.ඔයාලගෙ ඒ එක වචනයත් මට මහ හුඟක් වටිනවා ජීවිතේ පුරාවටම සතුටක් ලබන්න.මේ කතාව මගේ හිතේ ඇඳුනු එක කතාවක්.වර්තමානෙ ගොඩක් ආදර කතා තියෙන්නෙ ඔයා මැරුණොත් මාත් මැරෙනවා කියන තැන. ඒත් මට ඕන වුණේ ඒ මානසිකත්වයෙන් ඔබ්බට ගිහින් යථාර්ථය පැහැදිලි කරන්න.මොකද අපි නිර්වස්ත්‍රව තනියම ලෝකෙට ඇවිත් සුදු ඇඳුමක් තව කෙනෙක් අන්දවලා පස් එක්ක දිය වෙනවා.ඒකයි නියත දහම. ඉතිං කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ ලැබුණ මේ ජීවිතය ආත්ම ඝාතනයක් කරගන්නවා කියන එක කොච්චර මෝඩකමක්ද... අපි හිතන විදියට සතුට හැමදාම අපි ළඟ රැදෙන්නෙ නෑ.ඇත්තට මූණ දෙන්නම වෙනවා දවසක. දෛවයට පිටුපාන්න පුළුවන් කමක් නෑ.හිතේ හයියෙන් අපිට අවසානය දක්වා ජීවත් වෙන්න වෙනවා... ඇත්තටම කතාව මේ කතාව ලියපු මම කතාව ඇතුළෙ ජීවත් වුණා. මගෙ ඇස්වලට කඳුළු ආවා සමහර අවස්ථාවල.ඒ තරම් යෙනුලි, විහඟ චරිත වලට මං ආදරය කළා වගේම ඒ චරිත එක්ක ජීවත් වුණා...දන්නෙ නෑ මං කොච්චර දුරකට සාර්ථකයිද කියලා.මොකද මේක මගෙ පළවෙනි නිර්මාණය.කතාවට වෝට් කරලා කමෙන්ට් කරපු වගේම කමෙන්ට් නොකළත් වෝට් නොකළත් අවසානය වෙනකම් කතාව එක්ක හිටපු ඔයාලට ගොඩාක් පිං... ඉතිං කියවපු ඔයාලා හැමෝගෙන්ම අවසන් වතාවට එකම එක වචනයක් හරි බලාපොරොත්තු වෙනවා.තවත් අලුත් කතාවක් ලියන්න බලාපොරොත්තුවෙන් ඒනං මං නවතින්ම්... ❤️







*Happy* :)

Continue Reading

You'll Also Like

20K 889 51
100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම
273K 17.4K 48
The feeling of being abandoned by one's own family was not unknown to Aadhira. She hates her family for abandoning her when she was only a newborn, l...
4K 886 19
පික්පොකට් ගහන රස්තයාදුකාර කෙල්ලෙක්... අහින්සක පෝසත් ශීලාචාර කොල්ලෙක්... සගවත්ත ලොකු රහසක්... ★★★★★★★★★★★★★★★★★ "මම පොඩ්ඩක්වත් ආස නෑ අර ඩාර්ක් ෆෙයරිට...