Destiny (completed)

Von Myungshi04

10.9K 1.8K 161

හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩ... Mehr

චරිත හඳුන්වාදීම
01 දිගහැරුම
02 දිගහැරුම
03 දිගහැරුම
04 දිගහැරුම
05 දිගහැරුම
06 දිගහැරුම
07 දිගහැරුම
කතුවරියගෙන්.....,
08 දිගහැරුම
09 දිගහැරුම
10 දිගහැරුම
11 දිගහැරුම
12 දිගහැරුම
13 දිගහැරුම
14 දිගහැරුම
15 දිගහැරුම
16 දිගහැරුම
17 දිගහැරුම
18 දිගහැරුම
19 දිගහැරුම
20 දිගහැරුම
21 දිගහැරුම
22 දිගහැරුම
23 දිගහැරුම
24 දිගහැරුම
25 දිගහැරුම
26 දිගහැරුම
27 දිගහැරුම (Bonus)
28 දිගහැරුම
30 දිගහැරුම (අවසානය)

29 දිගහැරුම

264 52 13
Von Myungshi04

________________________________________________________________

(යෙනුලි): "ඇ...ඇයි අයියෙ... විහඟ.. අයියට.. මොකද වුනේ..."

(යාෂ්):"පැංචි ඉක්මනට හොස්පිට්ල් එකට එන්නං... විහ..ඟයට අමාරුයි..."

(කෙල්ලට දැණුනෙ කෙල්ලගෙ කකුල් දෙක පණ නැති වුණා වගේ...කෙල්ලට ගානක්වත් නෑ කෙල්ලගෙ ඇස් වලින් කඳුළු වැටෙනවා... යාෂ් ගෙ කෝල් එක කට් වෙනවත් එක්කමයි යෙනුන ආවෙ...)

(යෙනුක):" *අක්කෙ විහඟ අයියා* ...."

(යෙනුලි):" *ලොකූ මට කතා කලා. ඉක්මනට යන්... මට එයාව බලන්න ඕන පොඩී* ..."

(යෙනුක හරියට කියන්නත් කලින් යෙනුලි වාහනේට නඟින ගමන්ම කිව්වෙ වෙව්ලන හඬකින්.කෙල්ලගෙ ඇස් වලට නොනවත්වාම කඳුළු ආවෙ විහඟ ගෙ ඒ හිනාව, කතාව මතක් වෙලා.කෙල්ලවත් දන්නෙ නෑ කෙල්ලගෙ හිත ඒ නිවුණු කටහඬ ට ආස කරපු තරම්...)




            🌼🌼🌼🌼🌼🌼🌼🌼




(එදා යාෂ්ලගෙ ගෙදර ආවට පස්සේ කොල්ලට ගෙදරදි රෑ අමාරු වුණා.එකදිගටම කැස්ස ඇවිත් විහඟගෙ නහයෙන් ලේ එන්න ගත්තා.ඒ එක්කම දැනුණ කරකැවිල්ල ත් නිසා විහඟ අම්මට කතා කරනවා එක්කම ඇදගෙන වැටුණා.අවසානෙට කොල්ලා ඇස් අරිද්දි හිටියෙ ඇඳක් උඩ.ඒ එක්කම දැක්කෙ විහඟ ළඟින් ඇස් වල කදුළු පුරවන් හිටිය කොල්ලගෙ අම්මව...)


(විහඟ):" *අම්මා ඇයි මේ... තාත්තා ඔයත්...ඇයි මේ විදියට ඉන්නෙ* ..."

" *ඇයි පුතා ඔයා මේ දේවල් හැංගුවෙ අපෙන්. මං ඔයාගෙ අම්මා නේද... මටවත් ඇයි නොකිව්වෙ* ..."

(විහඟ ගෙ අම්මා කිව්වෙ ආයෙත් ඒ ඇස් වල කදුළු අලුත් කරන ගමන්.මොන අම්මටද පුළුවන් දරාගන්න තමන් ලේ කිරි කරලා පොවපු දරුවා ඇස් ඉස්සරහ ම මැරෙන්න හුස්ම ගන්නකොට. ඒ තරම් වේදනාවක් මේ ලෝකෙ තවත් නෑ.තාත්තා කවදාවත් ඇස් වල කදුළු පුරවන් අඬලා නැති වුණාට ගෑනු හිත් වලට වඩා සංවේදිම පිරිමි හිත්.විහඟට පැය දවසකට විතර පස්සෙයි මේ සිහිය ආවෙ.මේ වෙද්දි ඩොක්ටර් නදීක විහඟ ගෙ තත්වය විහඟ ගෙ අම්මටයි තාත්තාට යි පැහැදිලි කරලයි තිබුණේ. අවුරුදු දෙකක ඉඳන් ඇඟ පුරාම උඩු දුවපු මේ අසනීපය විහඟ දැනගත්තෙ ට්‍රීට්මන්ට්ස් කරන්න ගත්තෙ දැනට දවස් තුනහතරකට කලින්.කලින් ටික ටික ලක්ෂණ ආවට කොල්ලා ඒවට බෙහෙත්වත් ගත්තෙ නැත්තෙ ඒ ගැන වැඩිය උනන්දුවක් නොදැක්වුවෙ ස්ටඩීස් වලට මහන්සි වෙන නිසා වෙන්නැතියි හිතලා.එදා ඉදන් විහඟ ට හොස්පිට්ල් එකයි ගෙදර යි ඇරෙන්න වෙන කොහෙවත් යන්න විදියක් තිබුණෙ නෑ. ඒ දවස් ටිකේ කොල්ලට අර වගේ සිහි නැති වුණ වෙලාවල් තිබුණා.කලින් තිබුණ පිරිපුන් ඇඟ දැන් එන්න එන්නම කෙට්ටුයි.ඒත් කොල්ලා තවමත් හිනා වෙලා කතාකරනවා. යෙනුලිව දකින්න බැරි වුණාට මතක් වෙන වාරයක් ගානෙ කොල්ලා කරන්නෙ ෆෝන් එකේ ලොක්ස්ක්‍රීන් එක දිහා බලන් හිනාවෙන එක.යාෂ්ලගෙ වෙඩින් එක දවසෙ දි දෙන්නා එක්ක ගත්ත ෆොටෝ එකක් විහඟ ලොක්ස්ක්‍රීන් දාලා තියෙන්නෙ.ඔය අතරෙ යාෂ් හැමදාම විහඟව බලන්න ආවා.ඔෆිස් එක වහලා හැම දවසකම වගේ ආවා.ඒත් යාෂ් යෙනුලිව එක්ක ආවෙ නැත්තෙ විහඟ ව දැක්කට පස්සේ කෙල්ලට ගොඩක් හිතින් වැටෙනවා කියලා දන්න නිසාමයි.මොකද යෙනුලිගැන කාටත් වඩා යාෂ් දන්නවා.ඒවගේම විහඟ හැම දවසකම යාෂ් එක්ක ඉන්නකොට යෙනුලි ගැන අහනවාමයි.ඉතින් මේ දවස් ටිකේම යෙනුක එක්ක යෙනුලිව ගෙදර යැව්වෙ යාෂ් විහඟ ව බලන්න ආව නිසයි.යෙනුලිත් විහඟ ව බලන්න යන්න යාෂ්ට බල කළේ නැත්තෙ කෙල්ල දන්නවා විහඟ ඒ ඉන්න විදිය කෙල්ලට කොහොමත් දකින්න අමාරුයි කියලා.ඇස්දෙකට බලන්න නොගියට හැමදාම හිතින් මැරි මැරි යෙනුලි මේ ටිකේ ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වුනා...අදත් යාෂ් ආවෙ විහඟ ව බලන්න හොස්පිට්ල් එකට.දවස් දෙකකට කලින් විහඟ ට ගෙදරදි ආය අසනීප වුණා නිසාම කොල්ලාව හොස්පිට්ල් නතර කළේ එදා ඉදන්මයි.යාෂ් එක්ක අදත් වෙනදා වගේම විහඟ කතා කරන අතරෙ කොල්ලට කලින් වගේම කැස්ස එන්න ගත්තා ලේ එක්කම.විහඟගෙ අම්මටයි තාත්තටයි කතා කරගන්න තරම්වත් හයියක් නෑ.මොකද ඩොක්ටර් නදීක ඒ දෙන්නට කියලා තිබුණෙ මෙහෙම අවස්ථා වක් බලාපොරොත්තු වෙන්න වෙනවා කියලා. ඩොක්ටර් නදීක ඇවිත් ට්‍රීට්මන්ට්ස් කරත් දැනගෙන හිටියා විහඟ ගෙ ජිවිතේ ට තව වැඩි වෙලාවක් නෑ කියලා...)

(විහඟ):" *යාෂ් මට... මට යෙනුලිව බලන්න ඕන* ..."

(විහඟ ගෙ අම්මයි තාත්තයි ත් දැනගෙන හිටියා දැනට මාස දෙකකට විතර කලින් විහඟ යෙනුලිට ආදරය කරනවා කියලා.ඉතින් ඒ දෙන්නගෙත් මේකට කිසිම අකමැත්තක් නොතිබුණෙ යෙනුලිගෙ කිසිම අඩුපාඩුවක් නැති නිසා.ඒ වගේම ඒ දෙන්නත් යෙනුලිව පොඩි කාලෙ ඉඳන් ම දන්නවා වගේම හරිම ආදරෙයි.ඒ වගේම යාෂ් මේ ගැන නාලනීටත් කියලා තිබුණෙ...)

(යාෂ්):" *මං චූටි ට කතා කළා එයා එනවා... විහඟයා උබට මුකුත් වෙන්නෑ. බයවෙන්නෙපා* ..."

(විහඟ දන්නවා එයාගෙ හුස්ම  වැටෙන්නෙ තව ටික වෙලාවයි කියලා.ඒනිසාම කොල්ලට ඕන වුණේ යෙනුලිව එකම එක පාරක් හරි ඇස් දෙකට දකින්න...)

(විහඟ):" *මට බයක් නෑ බං. මට මගේ පිස්සිව එකම එක පාරකට බලන්න ඕන.එයාට මං ආදරෙයි කියලා කියන්නෝන.කොහෙ හිටියත් ඉස්සර වගේම මං එයාව පරිස්සම් කරනවා කියලා කියන්නෝන.* "


🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

(හොස්පිට්ල් රූම් එකේ දොර ඇරගෙන පිස්සියෙක් වගේ අඬාගෙන ආවෙ යෙනුලි...කෙල්ල කරේ මොහොතක් වත් නතර වෙන්නැතුව විහඟගෙ පපුවෙ ඔළුව ගහගෙන අඬන්න ගත්ත එක...)

(විහඟ):" *අයියෝ මගේ නපුරි අඬනවද ඉතින්...* .."

(විහඟ එක අතකින් කෙල්ලගෙ ඔළුව අතගාන ගමන් ඇහුවා.කෙල්ල කලේ තවත් ඒ උණුහුමට තුරුළු වුණ එක.යාෂ්ගෙන් පස්සෙ යෙනුලිට ආරක්ෂාවක් දැනුණ එකම පිරිමි උණුහුම විහඟ.ඒත් අද විහඟත් ගොඩක් දුරකට යන්න යනකොට යෙනුලි කොහොම දරාගන්නද. ආදරෙයි කියලා දෙන්නාට දෙන්නා වචනෙන් නොකිව්වට හිතින් ආදරය කළා මහ හුඟක් දෙන්නම...)

(විහඟ):" *දන්නවද මේ විදියට මගෙ කෙල්ලව ජීවිතේට ම තුරුල් කරන් ඉන්න මං ආසයි.ඒත් මට මේ ආත්මේ ඒ වාසනාව නෑ.අපිට ජීවිතේ වෙලාව ආවම යන්න වෙනවනෙ. ඔයාට නොකියා ඔයාගෙ පස්සෙන්ම ඉඳන් මං ඔයාව පරිස්සම් කළා* . *මං කොහෙ හිටියත් ඔයාව ඒ වගේම පරිස්සම් කරනවා.ඔයා ළඟින්ම ඉන්නවා.මගෙ ප්‍රින්සස් මට ආදරෙයි කියලා මං දන්නවනෙ.ඔයාගෙ හීනෙට අනිවාරෙන්ම එන්න.මං ළඟින්ම ඉන්නවා ඔයාට හයියක් වෙලා.කවමදාවත් ආය අඬන්න බෑ හරිද මගෙ පිස්සි.* *ම්ම්* ... *ජීවිතේට එන හැම දෙයක්ම සතුටින් බාර ගන්න* . *හිනා වෙලා ඉන්න* .
*තේරුණාද මගෙ මැණිකට* ..."

(යෙනුලි):" *මෝඩයා. මෙච්..ච..ර ආදරේ කර...ලා මාව දැ...න් දාලා ය..නවද* ... *බෑ ඔ..යාට... ඔයාට... බෑ මාව දාලා යන්න* අනේ මං ... ආදරෙයි..නෙ ..."

(යෙනුලි කඳුළු අස්සෙන් කතා කරේ බිදුණු කටහඬකින්.හිනා වෙලා පොඩි එකෙක් වගේ පිස්සු නටපු කෙල්ල මෙහෙම අඬනවා දැක්කම විහඟ කොහොම ඉවසන්නද.ඒත් කොල්ලට කකුල් දෙකෙන් නැගිටින්න බැරි තරම් දැන් දුර්වල යි.කොල්ලා කරේ කොල්ලගෙ අතේ දාන් ඉන්න රින්ග් එක ගලවලා යෙනුලිගෙ අතට දැම්ම එක.ඒක ඇතුළු පැත්තෙන් දෙන්නගෙ නම් දෙක ගහලා විහඟ එයා වෙනුවෙන්ම හදවපු රින්ග් එකක්...)

(විහඟ):" *මේ බලන්නකො මේක හැමදාටම ඔයා ගාවම තියාගන්න.මං ළඟම ඉන්නවා.හැම කරදරේකදිම ඔයාව පරිස්සම් කරයි.ඉස්සර හිටියා වගේ ආයෙත් හිනා වෙලා ඉන්න මගෙ ප්‍රින්සස්* ..."

(එහෙම කියලා විහඟ කෙල්ලගෙ නළලට උණුසුම් දෙතොල් තද කළේ පළවෙනි වතාවට වගේම අවසාන වතාවට...)

(විහඟ):" *මං... මං.. ආදරෙ.. යි... මැණික* ..."

(විහඟ ට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි.මෙච්චර වෙලා යෙනුලිගෙ අත අල්ලගෙන කතා කරපු විහඟ ගෙ අත පහළට වැටෙද්දි කෙල්ල කළේ විහඟව බදාගෙන කෑ ගහල අඬපු එක. ඒ උණුහුම හිනා වුණ මූණෙන් ඇස් පියාගෙන ඉන්න විහඟ ව කෙල්ල තත්පර ගානක් නෑ විනාඩි ගානක් ඒවිදියටම තුරුල් කරන් ඉන්න ඇති.බැදීම් කියන්නෙම දුකක්. ජීවිතේ අපි හුස්මට වඩා  කෙනෙක්ට ආදරය කරනවනම් ඒ වෙන්වීම කියාගන්න බැරි දුකක් එකතු කරනවා අනිත් කෙනාට ජීවිත කාලෙම විඳවන්න... විහඟ ගෙ අම්මා එක පැත්තකින් යෙනුලි හා සමානවම කදුළු එක්ක හුස්ම ගන්නවා.යාෂ් , යෙනුක දෙන්නත් කදුළු පිරුණු ඇස් වලින් බලාගෙන ඉන්නවා. හොඳ අයට මේ ලෝකෙ ඉඩ හරි අඩුයි.එයාලව හරි ඉක්මනට දෙවියො ළඟට ගන්නවා. විහඟ කියන්නෙත් කිසිම වරදක් නොකරපු කෙනෙක්.හැමෝම එක්ක සුහදව හිනා වෙලා ඉන්න කෙනෙක්...එයා නැති ඒ අඩුව පුරවන්න කාටවත් පුළුවන් වෙන එකක් නෑ...)



________________________________________________________________

තව එක කොටසයි ළමාආයි.......♥️😊

දෛවය කියන්නෙ හරිම පුදුම දෙයක්. අපි නොහිතන දේවල් නොහිතන වෙලාවල්වල වෙනවා.ඉතිං ඇත්ත ඒකයි.අපිට ඒ දේවල්වලට මූණදෙන්නම වෙනවා.කවමදාවත් ඇත්තට බොරු කරන්න අපිට පුළුවන්කමක් නෑ. ඉතින්.....,
අවසානයට ම ඇවිත් ඉන්නෙ බලමු ඊළඟට මොනවගේ දේවල් වෙයිද කියලා මේ ලස්සන ජීවිත වලට... රැඳිලා ඉන්න කතාවත් එක්ක... ආදරෙයි  කියවන ඔයාලට....

කඩු කිණිසි ඒම උස්සන් ආවනම් මට දීලා යන්න.ඕතර්වරිය ආදරයෙන් ඒවා බාරගන්නවා.... 😁❤️

වෝට් කරලා කමෙන්ට් කරන්න... ♥️♥️

ඒනං...,

අවසන් කොටසින් හමුවෙමු...🌼🌼🌼🌼🌼🌼🌼🌼

*Happy* :)

Weiterlesen

Das wird dir gefallen

1.7M 142K 65
RATHOD In a broken family, every person suffers from his insecurities and guilt. Successful in every field but a big failure when it comes to emotio...
4K 886 19
පික්පොකට් ගහන රස්තයාදුකාර කෙල්ලෙක්... අහින්සක පෝසත් ශීලාචාර කොල්ලෙක්... සගවත්ත ලොකු රහසක්... ★★★★★★★★★★★★★★★★★ "මම පොඩ්ඩක්වත් ආස නෑ අර ඩාර්ක් ෆෙයරිට...
1.3K 187 20
"" මන් අසලියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තේ කිසිම දැනහැදුනුම්කමකට නෙවේ.......... ගෙදර අය ගේන්න හදන ප්‍රපෝසල් වලින් බේරෙන්න........."" "" එයාලගේ ස්ටඩි හව...
Alina Von ihidethisapp

Aktuelle Literatur

1.5M 40.1K 80
The Lombardi family is the most notorious group in the crime world. They rule both the American and Italian mafias and have many others bowing at the...