Destiny (completed)

By Myungshi04

10.9K 1.8K 161

හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩ... More

චරිත හඳුන්වාදීම
01 දිගහැරුම
02 දිගහැරුම
03 දිගහැරුම
04 දිගහැරුම
05 දිගහැරුම
06 දිගහැරුම
07 දිගහැරුම
කතුවරියගෙන්.....,
08 දිගහැරුම
09 දිගහැරුම
10 දිගහැරුම
11 දිගහැරුම
12 දිගහැරුම
13 දිගහැරුම
14 දිගහැරුම
15 දිගහැරුම
16 දිගහැරුම
17 දිගහැරුම
18 දිගහැරුම
19 දිගහැරුම
20 දිගහැරුම
21 දිගහැරුම
22 දිගහැරුම
23 දිගහැරුම
24 දිගහැරුම
25 දිගහැරුම
27 දිගහැරුම (Bonus)
28 දිගහැරුම
29 දිගහැරුම
30 දිගහැරුම (අවසානය)

26 දිගහැරුම

220 48 0
By Myungshi04

________________________________________________________________

... මුලින්ම නැකත් පිළිවෙලින් යාෂ් ගෙයි අහිංසා ගෙයි පෝරුවේ චාරිත්‍ර සිද්ධ කළා...

________________________________________________________________

(අක්කගෙයි අයියගෙයි වෙඩින් එකේ වැඩ ඔක්කොම හවස 4 වෙද්දි ඉවර ඉවර වුණා.මට නං දැං බාගෙට මැරිලා ඉතුරු පණ ටික යනකං ICU බෙඩ් එකේ ඉන්නවා වගේ ෆීලින්ග් එකක් දැනෙන්නෙ.හොටෙල් එකේ වැඩ ටික සෙට්ල් කරලා කට්ටියත් එක්ක ගෙදර ආවෙ මග යන්න පණ නැතුව...)

(යෙනුක):" *ඒ බං අක්කෙ මට නං පාළුයි වගේ ලොකූ යි රුක්ෂි අක්කයි නැතුව* ..😞😥."

(යෙනුලි):" *මටත් එහෙම තමා ඒයි...😢අක්කටත් වඩා අයියා නැතුව මට පාළු* ..😓."

(ඒක කියනකොටත් මට නිකං ඇඩෙන්න වගේ... පොඩීටයි මටයි මහ තනියක් දැනෙනවා. වෙනදට අපි දෙන්නා ගොං වැඩ කරලා අක්කවයි අයියවයි අවුස්සනවා.දැන් ඒවත් නෑ.අක්කනං ටික දවසකට මෙහෙ ඉඳලා ට්‍රාන්සර් එකත් හදාගෙන කැන්ඩි යනවා.මොකද රවීන් අයියා එහෙනෙ.අයියයි අක්කයිත් වෙනම ගෙදරකට යනවා.පොඩි කාලෙ වගේ සෙල්ලම් ගෙවල් හදන්න,ගහමරා ගන්න දැන් බෑනෙ.ජීවිතේ හැටි එහෙමනෙ. ඇදට වෙලා කල්පනා කර කර දුක නැති වෙන්න අඬලා මගේ ඒකපාර්ශවික ආදරේ වුණ මගෙ විරූ ඉන්න ෆිල්ම් එකක් බලන්න ගත්තෙ හිත හදාගෙන.ලිවී නම් හෙට කැම්පස් යනවා කිව්වා.මං නං හෙට නිවාඩුවක් දානවා.අම්මත් එක්ක ටිකක් ඉන්න.පොඩීත් ඉන්න නිසාම අම්මට පාළු නැතිවෙයි...)


                  🌼🌼🌼🌼🌼🌼🌼


" *පුතා ඔයා ලෑස්ති වෙලා ඉවර නම් එන්න පහළට කෑම කන්න* ..."

(විහඟ):" *ආහ් හරි අම්මා* ...ඒ අස්සෙන් මේ ඔළුවෙ කැක්කුම... "

(විහඟ ඊයෙ රෑ ඉදන්ම ඉන්නෙ වෙන ලෝකෙක. එච්චර ළං වෙලා යෙනුලි එක්ක කතා කරපු කොල්ලො දෙන්නා කවුද කියලා දස අතේ කල්පනා කරන ගමන්.උදේට ගෙදරින් කෑවෙත් ඕනවට එපාවට.ෂොප් එකට ගිහිල්ලත් කැබි එකට වෙලා කොලේක කුරුටු ගගා එක එක විකාර හිතනවා.මෙහෙම ගියොත්නම් මානසික රෝහලේ නතරවෙන සයිස් එකක් තියෙන්නෙ..😅😂.)

(විහඟ):" *කවුද ඒ හාල්මැස්සෝ දෙන්නා😕.යෙනුලිට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වත් ඉන්නවද... නෑ එහෙම වෙන්න බෑ යාෂ් ඒනම් කියනවනෙ☹️.අරූ කරටත් අත දැම්මා.ඒකට කොහෙන් ආව හයියක් ද මගෙ කෙල්ලට අත තියන්න😬😠.ඊයෙ දවසම හිටියෙ උන් දෙන්නා යෙනුලි එක්ක. කැම්පස් එකේ අයවත්ද... හරි එහෙම වුණත් මොන එහෙකටද කරට අත දාන්නෙ😬. ආෂ්..😠. අහුවෙයිනෙ ආය මට...දෙකට නවලා ඔබනවා කාණුවක් ඇතුළෙ* ..😤."

(විහඟ ඩීනුවගෙ හතුමුතු පරම්පරාව ම අතීතාවර්ජනය කරන ගමන් මේ වෙනකොට දෙහි ගෙඩි දහයක් විතර කපලා.ෂොප් එකේ විහඟ ගෙ ඔෆිස් රූම් එකට වෙලයි කොල්ලා මේ ජාතිය අමතන්නෙ.ඒත් කොල්ලා දන්නෑ කොල්ලගෙ ඉස්සරහ දුමාල් දැන් පැය භාගයක විතර ඉදන් හිටගෙන ඉන්නවා කියලා...,)

(දුමාල්):" *සර්... මං මේ ෆයිල් එක මෙතනින් තියලා යන්නද* ..."

(විහඟ):" *ආහ් දුමාල් දැන් ද ආවෙ.මං බලන් හිටියෙ එනකම් තමා.ස්ටොක් එකේ මැනේජ්මන්ට් ෆයිල් එක ගෙනාවද* ..."

(දුමාල්):" *මං ඇවිල්ලා දැන් පැය භාගයකටත් වැඩි සර්... සර්ට මං කොච්චර කතා කළාද..සර් කාටහරි බනිනවා* ..."

(විහඟ):" *ආහ් අනේ සොරි දුමාල්.මං දැක්කෙ නෑ.හරි ඕක තියලා යන්නකො* ..."

(දුමාල්):" *ඕකේ සර්* ... "

(විහඟ ට ඒ වෙලාවෙ නම් එතනම පොළොව පළන් යන්න හිතුනා.දැන් ඉතිං රෙද්දක් ඇදන් දුමාල් ඉස්සරහින් යන්නෙ කොහොමද.කියපු ඒවා එයාටම මතක නෑනෙ...ඒ එක්කමයි විහඟ ගෙ ෆෝන් එකට කෝල් එකක් ආවෙ...)

"____________________"

(විහඟ):"yes, speaking.."

"_____________________"

(විහඟ):"මොකක්...😳"

                 🌼🌼🌼🌼🌼🌼🌼

(යෙනුලි):" *අම්මා... මං බැටර් එක හැදුවා. අනේ පොඩ්ඩකට එන්නකො* ..."

(නාලිනී):" *ඉන්න චූටි.මං එන්නම්* ..."

(අද මායි පොඩියි දෙන්නම ගෙදර නිසා වෙනසකටත් එක්ක මං කේක් එකක් හදන්න ගත්තා. ගොඩ කාලෙකින් හැදුවෙත් නැති නිසාම අම්මයි මායි එකතු වෙලා කළේ.බැටර් එක හදලා ඉවර වෙලා මං අම්මට කතා කරනකොට මෙච්චර වෙලා පොඩි එකා වගේ කිචන් එකේ මේසේ උඩ ඉඳගෙන බිස්කට් පෙට්ටියත් බදාගෙන කකා හිටපු මල්ලිකාරයා බෙරිහන් දෙන්න ගත්තා...,)

(යෙනුක):" *අම්මා මේ අද අපිට මෙයාගෙ කේක් කලා ටොයිලට් පෝලිමේ ඉන්න වෙයිද දන්නෑ* .🤣😂🤣"

(යෙනුලි):" *අනේ මේ පොඩී. තමුසෙට එහෙම වෙයි නම් නොකා ඉන්නවා😠.බලෙන් කවන්නෑ ඔහේට.වැඩිය කියවන්නෙපා කේක් කෑල්ලක්වත් දෙන්නෑ හරිද* 😬..."

(ඒ අස්සෙන් ඒකා දිවත් දිග් කරනවා.අම්මපා මේකව උස්සලා අවන් එකට දාන්න හිතෙනවා.රිලවා...,)

(යෙනුලි):" *මේ මල්ලි තමුසේ මගෙන් ගුටි කනවා දැන්... දියබරියා* ...😬"

(යෙනුක):" *කැරපොත්ති* ..😂🤣"

(මට මේ ලෝකෙ ඉන්න අප්‍රසන්න ම සතා.ගෑනු පිරිමි දෙගොල්ලොම එකයි.උන් පියාඹනකොට ඊට වඩා හපන්.පොඩීගෙ කට බිමට වැටෙන්න දෙන්න හිතෙනවා.ඇයි වෙඩිම වෙන සතෙක් ඇත්තෙම නැද්ද කියන්න😕... පොඩියි මායි බලාංශෙ පොඩිඋන් දෙන්නෙක් වගේ රණ්ඩු වෙනවා.සත්තු වත්තෙන් ඉන්නවද මන්දා එච්චර සත්තු.උන් දන්නවනම් අපහාස නඩු දානවා..😂✋.,)

"සයිබීරියන් හැලි වඳුරා"

"ඉතියෝපියන් වැඳිරි"


              🌼🌼🌼🌼🌼🌼🌼🌼



(හවස ෂොප් එකත් වහලා අද විහඟ කලින්ම ගෙදර ආවා. ආව ගමන් කාත් එක්කවත් කතා නොකර කොල්ලා කරේ ගියපු ගමන් කාමරේට ගිහින් දොර වහගත්ත එක.ෂොප් එකේදි ආව කෝල් එකෙන් පස්සේ කොල්ලා හිටියෙ ලොකු අවුලකින්...,)


(විහඟ):" *ඇයි අනේ මටම මෙහෙම වෙන්නෙ.අනේ මගෙ කෙල්ල* ..."



මතු සම්බන්ධයි 🌼🌼🌼🌼🌼

*Happy* :)

Continue Reading

You'll Also Like

1.5K 93 8
ඔහු, වස්සානයක්, නමුදු එක, සැඩ වර්ෂාවක්!! Started - 2023.10.17 Finished-
4K 886 19
පික්පොකට් ගහන රස්තයාදුකාර කෙල්ලෙක්... අහින්සක පෝසත් ශීලාචාර කොල්ලෙක්... සගවත්ත ලොකු රහසක්... ★★★★★★★★★★★★★★★★★ "මම පොඩ්ඩක්වත් ආස නෑ අර ඩාර්ක් ෆෙයරිට...
5.5K 1K 10
________පෙනී නොපෙනීම ඔවුන්ගේ ආත්ම ඒ අවට තවමත් සැරිසරනවා ඇති. _______ ......................................... ........ මම දැක්කෙ මගේ මානසික මට්ටම අ...
3.7K 525 15
අදුරු රාජදානියේ උරුමකරු ලොවක් හදුනන විද්‍යායවරියක් මේ ඔවුන්ගේ කතාවයි 💜️❤