හිමිදිරි උදෑසන නැගෙන හිරු එළියෙන් ආලෝකවත් වෙන ජන්කුක්ගේ කාමරේ ළඟම තියෙන අඹ ගහේ අත්තක ලස්සන කූඩුවක් පුංචි කුරුල්ලෙක් දවස් ටිකකට කලින් සාදා නිම කලා. අද වෙනකොට ඒ කූඩුවේ පුංචි කුරුලු පැටව් දෙන්නෙක් සෑම උදයකම කිචි බිචි ගාමින් සිංදු කියනවා. උදේ පාන්දර පුංචි කුරුලු පැටව්ගේ අම්මා කෑම සොයන් එනකම් කිචි බිචි ගාන පුංචි කුරුලු පැටව්ගේ සද්දෙට ජන්කුක්ට එකපාරටම ඇහැරුණා. ජන්කුක් හිමීන් ඇස් ඇරලා තමන්ගේ කාමරේ වටේට ඇස් යවලා හිමීන් නැගිටලා ඇඳේ ඉඳගෙන ඇස්වල ඇලිලා තියෙන කබ කැඩුවේ ඈනුමකුත් යවමින්. ටික වෙලාවක් ඇඳේ එහෙමම හිටපු ජන්කුක් නැගිටලා වොෂ්රූම් එකට ගියේ ලෑස්තිවෙලා ඔෆිස් එකට යන්න හිතාගෙන. ලෑස්ති වෙලා පහළට ආපු ජන්කුක් දැක්කේ කවදාවත් දකින්න නොලැබෙන දර්ශනයක්. ඒ දිහා හිටි තැනම කටත් භාගෙට ඇරන් ගල් ගැහිලා බලාගෙන හිටිය ජන්කුක්ව ඔහු දැක්කේ කෑම මේසෙට කෑම ටික තියන්න හැරෙනවත් එක්කම.
- "හ්යුන්ග්"
පුදුමෙන් ඇස් ලොකු කරන් ගල් ගැහිලා කටත් ඇරන් බලන් ඉන්න ජන්කුක් දිහා හිනාවෙලා බලමින් කතා කරපු ථේ අතේ තිබ්බ සෝස් පෑන් එක මේසේ උඩින් තියලා ජන්කුක් ළඟට දුවගෙන ගිහින් අතෙන් ඇදන් ඇවිත් කෑම මේසේ පුටුවෙන් ඉන්දෙව්වා. තාමත් හිතාගන්න බැරුව ඉන්න ජන්කුක් ථේ දිහා බලන් හිටියේ තාමත් තමන් ඉන්නේ නින්දෙන්ද කියලා හිතමින්. මේ අතර මිසිස් කිම් හිනාවෙිවි පහළට ආවේ තම සැමියගේ විහිළු කතා අසමින් උදේ කෑම හදන්න කුස්සියට. ඇයගේ පිටුපසින් කරට අතකුත් දාගෙන හිනාවෙවි ආව මිස්ටර් කිම් සහ ඔහුගේ බිරිඳත් කුස්සියට ආව සැනින් වික්ෂිප්තව ඇසුත් ලොකු කරන් හිටි තැනම ගල් ගැහුණා.
- "ඔම්මා අප්පා. good morning"
හිනාවෙවි පහළට ආපු තමන්ගේ දෙමව්පියන්ව දැක්ක සැනින් තමන්ගේ බොක්සි ස්මයිල් එක ඉක්මනටම ප්‍රදර්ශනය කරපු ථේ ඔවුන් ළඟටත් ගොස් පුටුවෙන් ඇවිත් වාඩි වෙන්න කියලා හුරතල් විදිහට ආයාචනා කලා. මේ කිසි දෙයක් හිතාගන්න බැරුව ඉන්න මේ තුන්දෙනා දිහා ථේ ටික වෙලාවක් බලන් ඉඳලා හිනාවෙලා ආයෙත් සෝස් පෑන් එකෙන් තමන් හදපු Buchimgae (Buchimgae යනු Korean pancake) එකින් එක මුනින් අතට හරවලා තිබ්බ පිඟන් තුන හරි පැත්තට හරවලා තුන් දෙනාගේ පිඟන්වලට බෙදලා එයාලට සංග්‍රහ කලා. ඒත් එක්කම මිස්ටර් කිම් ථේගේ නලලට අත තියලා ඇසුත් ලොකු කරන් කතා කලා.
- මොකෝ පුතේ මේ ඔයාට උණද?"
- "අනේ අප්පා මට ඇති උණක් නෑ. මං හොඳින්." ථේ අප්පගේ අත අහකට කරලා මූණත් දෙක කරන් යටි තොල උඩට කරලා පිම්බා. ඇස් උඩට කරලා කටින් පිම්බ හුළඟට ථේගේ නලලට වැටිලා තිබ්බ කොණ්ඩේ හරි ලස්සනට තව ටිකක් එහාට මෙහාට වෙන දිහා බලන් ජන්කුක් හිනා වුනා.
- "මේ කෑම ඔයා තනියමද හැදුවේ?" ඒ අතරේ තමන්ගේ පිඟාන තිබ්බ Buchimgae දිහා බලන් මිසිස් කිම් පුදුමෙන් ඇහුවා.
- "ඔව් ඔම්මා මං තමයි. ඇයි අනේ ඔයාලා මේ පුදුම වෙලා."
- "පුදුම වෙන්නේ නැද්ද ථේ. ඔයා කවද්ද උයන්න පුරුදු වුණේ? මං දැන්න හිටියේ නෑනේ ඔයා උයන්න දන්නවා කියලා."
මිස්ටර් කිම් හිනාවෙලා හැන්ද අතට අරන් අහනකොට ථේ උත්තර දෙන්න හදද්දි මිසිස් කිම් මැද්දෙන් පැනලා තවත් පැනයක් නැගුවා.
- "අනික ඔයා කුස්සියේ පැත්ත පලාතෙවත් එන්න කැමති නෑනේ කන්න ඇරෙන්න."
මිසිස් කිම් හිනාවෙලා නොණ්ඩියට වගේ කිව්වම ථේගේ අතේ තිබ්බ හැන්ද මිට මොලවලා තද කලා. නමුත් ථේ උදේ පාන්දර ඇහැරිලා බොහොම අමාරුවෙන් හැමදේම කරලා එක තත්පරෙන් එය විනාස කරන්න ඔහුට උවමනා උනේ නෑ. ඇත්තටම ථේ මොකාටද මේ එන්න හදන්නේ?
.
.
.
.
.
.
- Flash back -
කවදාවත් නැතුව උදේ පාන්දර ඇහැරුණු ථේ ටිකක් වෙලා ඇඳේ හාන්සි වෙලාම කල්පනා කලේ දැන් මොකද කරන්නේ කියලා. කොහොමහරි ඔහුට අයිති දේවල් ඔහු ලබා ගන්න කල්පනා කරමින් හිටපු ථේගේ මොලේට එකපාරටම පත්තු වුන අදහසක් නිසා ඔහු දඩි බිඩි ගාලා වොෂ් එකක් අරන් පහළට දිව්වා. කුස්සියට ගියපු ථේ කට කොනින් හිනාවෙලා වටේ ඇස් යැව්වේ ඔහුගේ ටිකිරි මෝලේට ආපු අදහස ක්‍රියාත්මක කරන්න හිතාගෙන. ඔහු හදන්න දන්න එකම කෑම තමයි කොරියානු පෑන් කේක්. ඒත් ඒක ඔහු කාටවත් කිව්වේ නැහැ. මොකද එය ඔහු ඉගෙන ගත්තේ ජන්කුක්ගෙන් නිසා ඔහුට බය හිතුණා වගේම අකමැති වුණා ඒකේ වරප්‍රසාදත් ජන්කුක් ලබා ගන්නවට.
🐯 ආයිෂ්... කෝ මේ එළවළු... ආහ් මේ තියෙන්නේ. හ්ම් හොඳ වෙලාවට මම මේක හරි හදන්න ඉගෙනගෙන තිබුණේ. කවුද හිතුවේ මට කුස්සියේ උයන්නත් වෙයි කියලා.
සෝස් පෑන් එක අතට අරන් ඒක දිහා බලන් හයියෙන් හිනාවුණු ථේ ලිප ළඟට ගිහින් එය ලිප මත තැබුවා.
🐯 හ්ම්.... කොහොමහරි අර දුර්වලයට මේ දේපල ලියන්න කලින් මං හැම එකක්ම ලබා ගන්න ඕනේ. මේ වැඩේ හරි ගියොත් මං ඔය හ්යුන්ග්ව ගෙයින් එළියට දානවා. මළ කරදර කාරයෙක්. ඔය මනුස්සයා නිසා මට කවදාවත් නැතුව මේ කුස්සියේ උයන්නත් උනා. ආහ්.......... මට එන කේන්තියක්.
තමන්ගෙම සහෝදරයට හිත යටින් බැන බැන කෑම ටික හදපු ථේ පෑන් එකත් අතේ තියන් හැරුණේ කෑම මේසේට කෑම ටික බෙදන්න. ඒ හැරෙනවත් එක්කම ඔහු දැක්කේ කටත් ඇරන් ගල් ගැහිලා බලාගෙන ඉන්න ජන්කුක්ව.
.
.
.
.
.
.
- Present -
උදේ ආහාරය ගත්ත කිම් පවුල සිනා මුසු මුහුණෙන් නැගිට්ටේ පොඩි පුතාගේ හපන්කම් ගැන කතා කරමින් සිනාවෙමින්.
- "අම්මේ.... බලන් ගියාම ථේට රහට කෑම හදන්නත් පුළුවන්නේ ආහ්. කවද්ද දරුවෝ ඔයා මේවා ඉගෙන ගත්තේ?"
මිස්ටර් කිම් හිනාවීගෙන අහද්දි ජන්කුක්ට හිනා ගියා. ජන්කුක් හිනා වෙනවා දැක්ක ථේ කේන්තිය පිට නොකර ඉන්න ලොකු උත්සාහයක් දරමින් අහක බලාගත්තා.
🐯 මං දැන් මොනවද කියන්නේ? ජන්කුක් උයන දිහා බලන් ඉඳලා පුරුදු උනේ කියලා කිව්වොත් මෙයාට සැප තමයි. ආහ්... නෑ... නෑ... වෙන මොනවහරි කියන්න ඕනේ.
- "අයියෝ... අප්පා. ඔය ඉන්ටනෙට් එකේ ඕන තරම් කෑම හදන හැටි තියෙන්නේ."
- "ඕහ්.........." මිස්ටර් කිම් සහ මිසිස් කිම් ඇසුත් ලොකු කරන් එහෙම කියද්දි ථේ බැලුවේ ජන්කුක් දිහා. ආයෙමත් අප්පගේ පැත්තට හැරුණු ථේ ලාවට හිනාවෙලා හිතේ මෙච්චර වෙලා හිර කරන් හිටපු සැලැස්ම ක්‍රියාත්මක කලා.
- "අප්පා. මං අද ඉඳන් company එකේ වැඩට එන්න කියලා හිතුවේ."
- "ආ......?"
●・○・●・○・● - ・○・●・○・●
ඔන්න අදත් කතාව අරන් ආවා මම 😁
ඩේලි අප්ඩේට් දෙනවා මං කවදාවත් නැතුව. මං හොඳයිනේ 😁
දැන් යන්නම් ✋
ටටා....
සරන්හේ ❤
✍ -M_o_n_s_t_e_r Jeni- 🐨✌