Pink Hearts (Completed)

By mei_xianqi

6.3K 1K 773

5 crazy girls.... A new girl group.... Not only romance. This story includes friendship, teamwork, leadership... More

Introduction
Episode 2 (මනෝ පාර)
Episode 3 (හෙර)
Episode 4 (කෑම & ඇඳුම්)
Episode 5 (ලව් ලෙටර්)
Episode 6 (මාළුවා නැහෙන්නේ කට හින්දා ලු)
Episode 7 (ලව් ඇට් ෆස්ට් සයිට්)
Episode 8 (තනිකඩ ජිවිත අසරණයි ලු)
Episode 9 (Selected)
Episode 10 (වාව් ලස්සනයි..)
Episode 11 (මින්හෝ ඔප්පා)
Episode 12
Episode 13 (හයිබ් සවාරි)
Episode 14 (කන්ට්‍රැක්‌ටුව)
Episode 15 (ඒසී දාලත් රස්නෙයි)
Episode 16 (අසීගෙ සම්ප්‍රාප්තිය)
Episode 17 (ඩෝම්)
Episode 18 (අළුත් පවුල)
Chapter 19
Chapter 20 (ෆෝන් හොරු)
Chapter 21 (මීයෝ)
Chapter 22
Chapter 23 (ලව් ඇඩ්වයිස්)
Chapter 24 (හැටහතර මායම්)
Part 25 (Happily Ever After)

Episode 1 (පියබා යනවා මා ආකාසයේ)

625 61 19
By mei_xianqi

මාස දෙකකට කලින් BTSලා කොන්සට් එකකට ලංකාවට ආපු වෙලාවේ BigHit එකෙන් අලුත් girl group එකක් හදන්න ඔඩිෂන් එකක් තිබ්බා. ඔඩිෂන් එකක්‌ කොහොමද කියලා බලන්න තිබ්බ ආසාවට මම ගිහින් තරග කරාට කීයටවත් හිතුවේ නෑ මම තේරෙයි කියලා. අම්මයි තාත්තයි හිතුවෙත් නෑ. ඒත් මම සිලෙක්ට් උනා කිව්වම ඒ දෙන්නා මට‍ අවසර දුන්නා කොරියාවට ගිහිල්ල එන්න. මොකද මේ වගේ අවස්ථාවක් ආයේ හම්බෙන්නේ නෑනේ.

අපේ මුළු රටෙන්ම තුන් දෙනෙක්ට විතරයි ඔඩිෂන් එකෙන් සිලෙක්ට් වෙන්න චාන්ස් එක ලැබුනේ. ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි මම. අනිත් දෙන්නත් වෙන කවුරුවත් නෙමෙයි මගෙ පරම අතිජාත මිත්‍රයෝ දෙන්නා. දේදුනුයි සේජායි.

ඇත්තම කිව්වොත් ඒ දෙන්න මේකට සිලෙක්ට් වෙච්ච එකේ සම්පුර්ණ ගවුරවය හිමි වෙන්න ඕනේ මට‍. මොකද මන්නේ බෑ බෑ කියද්දී මුන් දෙන්නව මගෙ උදවුවට ඇදන් ගියේ.

ඉතින් දැන් අපි අපේ idol ට්‍රේනින් එකට කොරියාවට ඇවිල්ලයි ඉන්නේ. හම්මේ කොරියාවට ආවම දැනෙන සතුට. කවදාවත් හිතුවේ නෑනේ කොරියාවට එන්න ලැබෙයි කියලා. දැන් නම් මට‍ idol කෙනෙක් උනත් එකයි නැතත් එකයි. මාස තුනක් තියෙනවනේ. මේ මාස තුනේ ජොලියේ කල් ගෙවනවා. කාගෙහරි ෆෑන් සයින් එකක් තිබ්බොත් ඒකට ගිහිල්ලා. BTS නැතත් SHINee, IU, EXO ඔය කාගේ හරි කොන්සට් එකකට ගිහිල්ලා ඉන්නවා. කොහොමත් BTS ලව හම්බෙනවනෙ bighit එකට ගිහාම.

මම අත් දෙකත් දෙපැත්තට දික් කරගෙන ඇසුත් පියාගෙන හීන ලෝකෙක අතරමං වෙන්න ගියා විතරයි මගෙ එහා පැත්තෙන් දේදුනු බෙරිහන් දෙන්න ගත්තනේ.

💛"හලෝ එතකොට දැන් අපි මේ ඉන්නේ කොරියාවේද?😕"

❤"නෑ බන් අපි මේ ඉන්නේ ඇෆ්ගනිස්ථානෙ😡. ඇයි යකෝ තොට පෙන්නැද්ද අර කොරියාව කියලා ගහල තියෙනවා😤."

මන් එහෙම කියලා හැරුනේ සේජා දිහාවට එයා නම් වටේ කැරකි කැරකි සිරි නරබන ගමන් ආවේ.

❤"සේජා ඉක්මනට එනවා. අපිට යන්න තියෙනවා."

🧡"හා ඉන්න ඉන්න. මන් මේ එනවා තමයි🤧."

💛"හම්මේ උබේ හදිස්සිය. මොකෝ අර කොරියන් ගෑනු ටික මිස් වෙයි කියලද?😏"

❤"අනේ මන් උබට කියන්නෑ ඉතිම්😒."

ඔව් දේදුනු කියන්නෙත් අර හේටර්ස් කියන ගොබ්බ වදුරු රැලේ එක්කෙනෙක්😤. උට Ji Chan wook ඇරෙන්න අනිත් හැම කොරියන් මනුස්සයම පෙන්නේ ගෑනු වගේ. ඒකට ඉතින් මට‍ කරන්න දෙයක් නෑ ඌ කැමති kollywood actors ලටනේ🤷‍♀️.

එතකොට සේජා කියන්නේ kdrama පිස්සෙක්. Kpop වලටයි bts ලටයි අකමැත්තක් නෑ එයාලගේ සමහර සින්දු අහනවා. ඒත් පිස්සු වැටිලා නෑ. මොනා උනත් korean actors ලටන්ම් මාරම කැමතියි.

මොන වෙනස්කම තිබ්බත් ඉතින් හැමදාමත් මේ දෙන්නම තමයි මගෙ හොදම යාලුවෝ දෙන්නා.

අපි තුන්දෙනා කියව කියව airport එකෙන් එලියට ගිහාම කවුද මන්ද full suit එකක් ඇදන් ඉන්න උස අජුස්සි කෙනෙක් අපේ පැත්තට ආවා. ඇවිල්ල කාඩ් එකක් අපේ පැත්තට දික් කරලා කතා කරන්න ගත්තා.

"අන්යහසේයෝ නන් කන්ග් ජූමන් ඉම්මිදා. මම ආවේ ඔයාලව bighit එකට එක්කන් යන්න. ඔයාලා නේද ශ්‍රී ලංකා වලින් ආපු ට්‍රේනීස්ල තුන්දෙනා."

💛"අහ්... යේ යේ... ඒ අපි තමයි😁."

මම කාඩ් එක අතට ගන්නවත් එක්කම දේදුනු කිව්වා.

"එහෙනම් මේ පැත්තෙන් එන්න. ඔයාලගේ බඩු ටික ඩිකියට දාන්න🙂."

අර බොඩිගාඩ් කියලා ඉවර වෙන්නත් කලින් සේජා ගිහින් අපේ බෑග් තුනම අරන් ඒක ඇතුලට දැම්මා😅. දාල දුවලා ගිහින් කාර් එකේ වාඩි උනා. මායි දේදුනුයිත් ඉතින් ගිහින් වාඩි උනා. මට‍ හුරු කාර් එකක ඉස්සරහ සීට් එකේ යන එක නිසා මම මට කාර්සික් තියෙනවා කියලා ශේප් එකේ ගිහින් ඉස්සරහ සීට් එකේ වාඩි උනා😁.

අපේ බෑග් ටික වාහනේ එහෙමම තියෙන්න ඇරලා අපි bighit එක ළගින් බැස්සා. Bighit එක ඇතුලට ගිහාම මට‍ උන්හිටි තැනුත් අමතක උනා😍. හතරවටෙන්ම BTS. හැමතැනම bts පෝස්ටර්, බැනර් එල්ලලා තිබ්බා😍.

🧡"හලෝ මේක ඇතුලේ bts ලට මාර තැනක්නේ දීල තියෙන්නේ😮."

💛"ඒක තමයි බන්😮."

❤"ඔය කටවල් දෙක වහ ගන්න. මට‍ තව ටිකක් මගෙ ඔප්පලා දිහා බලන්න ඉන්න දීල🤩."

💛"අනේ උබේ මහලොකු ඔප්පලා. බලාගනින් ගෙදර ගිහින්🙄."

❤"හරි හරි ඉතිම්. උබ ඔහොම කිව්වට උබත් මේ කට ඇරන් බලාගෙන ඉන්නේ එයාල දිහමනේ😂."

"මිස් ඔයාලා ඇතුලට යන්නැද්ද. ඔතනටම වෙලා ඉන්නද හදන්නේ😐"

❤"අහ්හ්... ඉන්න ඉන්න අපි යන්නම්. කොයි පැත්තටද දැන් යන්නොනේ😄."

"මගෙ පස්සෙන් එන්න"

අපි එයා කිව්ව විදිහටම එයාගේ පස්සෙන් ගියා. ගිහිල්ල අපි නැවතුනේ මොකක්හරි ලොකු හෝල් එකක් ගාව.

"මිස් මෙතන තමයි තැන. ඇතුලට ගිහිල්ලා ඉදගෙන ඉන්න"

🧡"ok තෑන්ක්ස්😄"

අපි එයා කිව්ව‍ විදිහටම ඇතුලට ගිහින් වාඩි උනා. එතන පනස් දෙනෙක්ට විතර පුටු තිබ්බා. සමහරු ඇවිල්ලා හිටියත් තව සමහර පුටු හිසවට තිබ්බේ. ටික වෙලාවකින් ඉතුරු පුටු ටිකත් පිරුණම Bang Sihyuk pd nim එක්ක තව උස නිකන් වයස අවුරුදු තිස්‌ ගානක වගේ පිරිමි කෙනෙක් ආවා.

එතන තිබ්බ පොඩි ස්ටේජ් එක වගේ එකට නැගල Bang pd කතාව පටන් ගත්තා.

🅿️"අන්යහසේයෝ... නන් Bang Sihyuk ඉම්මිදා. ඔයාලා මන් ගැන අහල ඇති කියලා හිතනවා. ම්ම්ම්.... ඔයාලට කොරියන් පුලුවන්නේද?"

Pd නිම් එහෙම කිව්වම හැමෝම ඔලුව වැනුවා. හොද වෙලාවට දේදුනුට කොරියන් ලියන්න කියවන්න නැතත් කතා කරන්න හරි ඉගැන්නුවේ. මායි සේජයි නම් කොහොමත් O/L වලට කොරියන් ඉගෙන ගත්තනේ.

🅿️"හරි හැමෝටම පුළුවන්නේ. එහෙනම් මම දිගටම කතාව කරගෙන යන්නම්. හොදයි... ඔයාලා හැමෝම දන්න විදිහට මේ පාර girl group එක හදන්න අපි කොරියන් අයව නැතුව අනිත් රටවල් වල අයයි තෝරාගත්තේ. ඔඩිෂන් තියලා දැන් අපි පනස් දෙනෙක්ව ඒකට තොරගෙන තියෙනවා. ඒ තමයි ඔයාලා.

අපි ඔයාලට මාස තුනක ට්‍රේනින් එකක් දීල දක්ෂම පස් දෙනෙක්ව තොර ගන්නවා. හැබැයි ඔයාලා කීයටවත් හිතන්න එපා ඔයාලට ඒක කරන්න බැරි වෙයි කියලා. හැමතිස්සෙම ආත්ම විස්වාසෙන් වැඩ කරන්න. අනිවරෙන්ම ඔයාලට දිනන්න පුළුවන් වෙයි."

💛"එයා එහෙම කියයි. ඔය කිව්ව‍ දේ ඇත්ත වෙන්නේ අන්තිමට සිලෙක්ට් වෙච්ච පස් දෙනාට විතරයි."
(දේදුනු මට‍ හිමීට මගෙ කනට කරලා කිව්වා)

ඇත්තටම දේදුනු කිව්ව කතාව ඇත්ත. Pd නිම් කියපු දේ අදාල වෙන්නෙ අන්තිම පස් දෙනාට විතරයි.

Pd නිම් තව මොනාද මොනාද කියලා ඊලගට අපිට අපේ මැනේජර් ව හදුන්වල දුන්නා.

🅿️"හොදයි මගෙ කතාව මෙතනින් ඉවරයි. ඉතුරු ටික ඔයාලගේ මැනේජර් කරයි."

එහෙම කියලා pd නිම් එතනින් ගියාම එයත් එක්ක ආපු අනිත් පිරිමි කෙනා කතා කරන්න පටන් ගත්තා.

Ⓜ️"අම්.... මම තමයි ඔයාලගේ මැනේජර්. කිම් සෝජූන්. ඔයාලා මට‍ සෝජූන් ඔප්පා කියලා කතා කරන්න. හරි මම දැන් ටීම්ස් බෙදන්න පටන් ගන්නම්."

එහෙම කියලා සෝජූන් ඔප්පා ටීම්ස් බෙදන්න පටන් ගත්තා.
______________________________________

To be continued.....

Continue Reading

You'll Also Like

Fake Love By :)

Fanfiction

132K 3.1K 45
When your PR team tells you that we have to date a girl on the UCONN women basketball team and you can't say no to it... At first you don't think too...
59.9K 14.7K 34
ඔලී side story Fanfiction
12.6K 3.3K 27
"මම කවුද කියලා තමුන් කවදම හරි දැනගනී නිම්.. එදාට තමුන්ට පසුතැවෙන්න වෙයි..ගොඩාක්...." -ජින්- " මේ ඒක නෙමේ පොඩි බඩගින්නට කන්න දෙයක් නැද්ද?? හි හීඊඊ " ...
2.3M 118K 65
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...