Destiny (completed)

By Myungshi04

10.9K 1.8K 161

හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩ... More

චරිත හඳුන්වාදීම
01 දිගහැරුම
02 දිගහැරුම
03 දිගහැරුම
04 දිගහැරුම
05 දිගහැරුම
06 දිගහැරුම
07 දිගහැරුම
කතුවරියගෙන්.....,
08 දිගහැරුම
09 දිගහැරුම
10 දිගහැරුම
11 දිගහැරුම
12 දිගහැරුම
13 දිගහැරුම
14 දිගහැරුම
15 දිගහැරුම
16 දිගහැරුම
17 දිගහැරුම
18 දිගහැරුම
19 දිගහැරුම
20 දිගහැරුම
21 දිගහැරුම
23 දිගහැරුම
24 දිගහැරුම
25 දිගහැරුම
26 දිගහැරුම
27 දිගහැරුම (Bonus)
28 දිගහැරුම
29 දිගහැරුම
30 දිගහැරුම (අවසානය)

22 දිගහැරුම

222 57 0
By Myungshi04

________________________________________________________________

...ඒක නිසාමයි විහඟ යාෂ්ට කතා කරලා MEMO Coffee Shop එකට එන්න කිව්වෙ...,)

________________________________________________________________

.
.

(යාෂ්):" *ඉතිං ඉතිං කියහන්කො දැං මට අර කියන්න තියනවා කියපු දේ* .😊.."

(විහඟ):" *හ්ම්. මේකයි බං මං උබව පොඩි කාලෙ ඉඳන් අඳුරනවා.ඒත් මං මේ කියන දේ අහලා උබ කොහොම රියැක්ට් කරයිද කියලා මං දන්නෙ නැහැ*... *හැබැයි මං අද කතා කරන්නේ හිතට එකඟවමයි* ..."

(යාෂ්):" *හරී...විහඟයා දැන් කියහන්කො.මං දන්නවා උබ වැරදි දෙයක් කියන්නවත් කරන්නවත් හදන්නෙ නෑ කියලා. මොකෝ වුණේ* ..."


(විහඟ):" *යාෂ් මං දන්නෙ නෑ මගේ හිතට කවදා මෙහෙම හැඟීමක් ආවද කියලා.මං හිතන්නෙ මං යෙනුලිට ආදරෙයි.එයාට නොදැනෙන්න මං අදටත් එයා යන එන තැන් හොයනවා.මං පරිස්සම් කරනවා.උබට තරහා යයි සමහර විට...ඒත් මං මේ කතා කරන්නෙ මගෙ හිතට එකඟව යි.මං මේ දේවල් යෙනුලිටවත් නොකියා උබට මුලින්ම කිව්වෙ උබ මගෙ හොඳම යාළුවා වගේම යෙනූලිගෙ අයියා.අනික මං දන්නවා යුනිවර්සිටි ඒජ් එක කියන්නෙ හරිම සතුටින් නිදහසේ ගෙවෙන කාලයක්.මොකද මාත් ඒ කාලෙ පහු කරා.මට යෙනුලි වෙනුවෙන් ඕන තරම් කාලයක් බලන් ඉන්න පුළුවන්.මගෙ ජීවිත කාලෙම වුණත්* ..."


(විහඟ හිතුවෙ මේ දේ යාෂ්ට මුලින්ම කියන එක තමා හරිම දේ කියලා.විහඟට බයක් නෑ.මොකද කොල්ලා කවමදාවත් වෑරැද්දක් කරපු කෙනෙක් නෙවෙයි.ඒක නිසාම කොල්ලා හිතේ තියෙන හැම දෙයක්ම යාෂ්ගෙ ඇස් දෙක දිහා බලාගෙනම කිව්වෙ...,)

(යාෂ්):" *මචං විහඟයා මං දන්නවා කවමදාවත් උබ මගෙ නංගිට වැරැද්දක් කරන්නෙ නෑ කියලා.ඒ වගේම ඇස් දෙක වගේ කෙල්ලව බලාගන්නවා කියලත්.මේ දේට මගේ කිසි විරුද්ධත්වයක් නෑ.මොකද මං උබව විශ්වාස කරනවා.අනික තාත්තා නැති වුණාට පස්සේ චූටි ට තාත්තා වුණේ මම.ඒත් මං දැන් සතුටු වෙනවා මං වගේම උබත් චූටි ව ඒ විදියටම බලාගනියි කියලා* ...🥺"

(යාෂ් ගෙ වචන විහඟට මහමෙරක් තරම්... ' _යෙනුලි වෙනුවෙන් ඕනම දෙයක්_ ' හැමවෙලේම කොල්ලා හිතුවෙ එහෙම...)

(විහඟ):" *අනිවාරෙන් බං.මේ දේවල් එයාට කියන්න දවසක් එයි.ඒ වෙනකන් මම බලන් ඉන්නවා.එයාව පරිස්සම් කරනවා* ."


(යාෂ්):" *හ්ම්... ඒත් බං මට පුදුමෙ උබ කොහොම ඒ නයි කොච්චි කරල එක්ක ඉඳීද කියලා* ...😅"


(විහඟ):" *අනේ නෑ බං එයාගෙ ඒ නපුරු කමට, දඟ වැඩ වලට තමයි මං මුලින්ම කැමති වුණේ* ..😊😇😁."

.
.
.

🌼🌼🌼🌼🌼🌼🌼🌼


_After 7 months_


(පහුවුන මාස හත පුරාවට විජේසූරිය ෆැමිලි එකටනං ගොඩක් කාර්යබහුල කාලයක්.මොකද රුක්ෂි වගේම යාෂ් දෙන්නගෙම වෙඩින් එකට තව සතියකටත් අඩු කාලයක් තියෙන්නෙ.මේ වෙනකොට ඇඳුම් හදලා, වෙඩින් කාර්ඩ්ස් එහෙම දීලා ඉවරයි.යෙනුලිත් කැම්පස් වැඩ ටිකත් පාඩුකරගන්නෙ නැතුව මේ හැම වැඩකටම උදව් කළා.ඒවගේම විහඟ මේ කාලෙ පුරාවට ත් යෙනුලි ගැන හොයලා බලන්න පරිස්සම් කරන්න අමතක කරේ නෑ.විහඟගෙ ඇස්මානෙට යෙනුලි එනකම්ම කොල්ලා කෙල්ලව දුරින් ඉඳන් පරිස්සම් කළා.ඒත් නිතර නිතර ගෙදර එන එක,පාරෙ යනකොටත් දවසකට හරි විහඟව දකින එක,යෙනුලි දිහා බලන් ඉන්න විදිය හරියට ඒ ඇස් දෙක ලොකු කතාවක් කියන්න හදනවා වගෙ,කෙල්ලට මේ දේවල් දැනුණා.ඒ වගේම දැකපු මුල් කාලෙදි යෙනුලිගෙ හිතේ අර තිබුණ තරහ දැන් අඩු වෙලා කිව්වොත් හරි.මොකද මේ මාස හත පුරාවට විහඟ මොනතරම් හොඳ කෙනෙක්ද කියලා යෙනුලි තේරුම් ගත්තා.හැමවෙලේම හිනාවෙලා සතුටෙන් ඉන්න හැමෝටම උදව් කරන හරි ලස්සන මනුස්සයෙක් එයා ඇතුළෙ ඉන්නවා කියලා යෙනුලි තේරුම් ගත්තා.යාෂ්ගෙ වෙඩින් එකේ වැඩ වලදී වුණත් විහඟ ගොඩක් උදව් කළා.ඒ කාලෙදි විහඟ යෙනුලි දෙන්නා හොඳ යාළුවො වුණා.මොකද යාෂ්ගෙයි රුක්ෂිගෙයි දෙන්නගෙම වෙඩින් කාර්ඩ්ස් බෙදන වැඩේදි කට්ටිය බෙදිලයි ඒ වැඩේට ගියෙ.මොකද දෙන්නගෙම පිරිස වැඩි නිසා.රුක්ෂි,නාලනී එක්ක යෙනුක තුන්දෙනා වෙනම යනකොට යාෂ්, යෙනුලි එක්ක විහඟත් ඒ වැඩ වලට ගියා.අද කැම්පස් ඉවර වෙලා යෙනුලි බස් එකේ යන්න ආවෙ යාෂ් ට මේ වෙලාවෙ වැඩ ගොඩ ගැහිලා නිසා.ඒත් යාෂ් කෙල්ලව තනියම යවන්න අකමැති නිසා විහඟට කෝල් කරලා යෙනුලිව ගෙදරින් දාන්න කිව්වෙ විහඟත් ෂොප් එක වහලා වැඩ ඉවර වෙලා ගෙදර යන්නෙත් ඒ ටයිම් එකටම නිසා...,)


(යෙනුලි):" *අනේ ලිවියටත් අදම උණ හැදුණනෙ* ...😰"


(ලිවියටත් බැන බැනම කැම්පස් එකෙන් එලියට ආවෙ මිනිහා මැරිච්ච ගෑනි වගේ පාරෙ යන්න වෙන නිසා.වෙනදට ලිවිය ඉන්න නිසා කඩේ දාගෙන හිනා වෙවී කියව කියව යනවනෙ.අද ඒකත් නෑ.පාරෙ තියන ගල් කැට ගණන් කර කර බස් එක එනකන් හිටගෙන ඉන්නකොට මගෙ ඉස්සරහ ට නිල් පාට _CHR_ එකක් නැවැත්තුවා. අඳුරගන්න වැඩි වෙලාවක් ගියේ නෑ මොකද ඒක ඇතුළෙ හිටියෙ හැලපයා.එයා ඉක්මනට බැහැලා ඇවිත් ඉස්සරහ ශීට් එකේ දොර ත් ඇරලා මට කිව්වෙ නගින්න කියලා...,)


(යෙනුලි):" *ආහ් නෑ මං බස් එකේ එන්නම් ඔයා යන්න තෑන්ක්ස්* ..🤗."

( දත් තිස් දෙකම පෙන්නලා හිනාවෙලා කිව්වෙ මාව කාර් එකට දාන් කොහෙ එක්කන් යන්න හදනවද දන්නෙ නැති නිසා.මරන්න ගෙනියවද දන්නෙ නෑනෙ.😏අනික මන් තනියම නෙ...,)


(විහඟ):" *අයියෝ මං මරන්න ගෙනියන්නෙ නෑ ඔයාව.යාෂ් තමා මට කිව්වෙ ඔයාව ගෙදරින් දාන්න කියලා* .😁.."


(විහඟ අහිංසක හිනාවක් එක්ක කිව්වා...)


(යෙනුලි):" _මං හිතපුවා ඇහිලාවත්ද_ ..😅✋. _අනේ අපේ ලොකූටත් වෙන කවුරුත් හිටියෙම නැද්ද මන්දා මේකාටම කිව්වෙ_ . _ඒකත් තනියම_ .
_දෙයියොත් කරන්නෙම මට මාර විහිලු තමා_ ...😒"

(එහෙම කියන්න ඕන වුණාට මොන හේතුවකටද මන්දා විහඟ ආව එක ගැනත් මට සතුටක් තිබුණා...)

(විහඟ):" *මොනාද හලෝ ඔච්චර හිතන්නෙ. බය වෙන්නෙපා මං හරක් මස් කන්නෑ.නගින්න* .😁✋😂.."

(යෙනුලි):" _කවුද දන්නෑ හරකා.ජිම් එකට පිං සිද්ධ වෙන්න පුස් කාපු ඌරෙක්ගෙ වගේ ඇඟක් නං තියනවා.පුස් ඌරා_ .😒😬.."

(හැලපයා කියපු එකට හිතින් බැන බැනම කාර් එකට නැග්ගා. ලොකූ ගැන ගෙදර ගිහින් බලාගන්න පුළුවන්.දෙයියන්ටත් වැඳලා කිව්වෙ අහිංසක මට මේ මනුස්සයා ගෙන් අතවරයක් නං වෙන්නෙපා කියලා...)

(විහඟ):" *ආ මේ කෝ ඔයාගෙ අර යාළුවා... කවුද අර ලිවිනි නංගි* ..😁."

(යෙනුලි):" *එයාට අසනීපයි.ඒ නිසා අද ආවෙ නෑ* ..😊."

(විහඟ):" *හ්ම්... දැං වෙඩින් එකට ලෑස්තියිද* ..😁."

(යෙනුලි):" *ඒ මොකටද මං නෙවෙයි නෙ බඳින්නෙ🤣😂. ඉතිං මෙච්චර කලින් ලෑස්ති වෙලා මොනා කරන්නද* .🤣😂.."

(ඔය නෑවෙ දැන්..හොඳ වැඩේ හැලපයට..😁✋.)

(විහඟ):" *අනෙ අම්මේ කට...වචනයක් වැරදෙන්න බෑ ඉතිං* ..😁😅."

(යෙනුලි):" *මං එහෙම තමා.😁. සන්නිවේදනයේ දී මිනිස්සු හොඳට හිතලා හරියට වචන කතා කරන්නෝන නැත්තං වෙන වෙන අදහස් එළියට එන්නෙ* ..😁😁."

(මං එහෙම සීරියස් වොයිස් එකෙන් කියවද්දි හැලපයා මං දිහා හිනාවෙවී බලන් හිටියා...)

(විහඟ):" *අම්මෝ හරි මැඩම්.මං ආය එහෙම කරන්නම්කො* .✋😅"

(එහෙම කිව්වෙ මගෙ කොණ්ඩෙත් අවුල් කරන ගමන්...)

(විහඟ):" _මගෙ පිස්සු කෙල්ල_ ..."

(කෙල්ලට ඇහෙන්නෙ නැති වෙන්න විහඟ එයාටම කියා ගත්තා...හිනාවෙවී කියවන ඒ ඇස් දිහා හැමදාටම ඒ විදියට බලන් ඉන්න තියනවනම්... කොල්ලා හිතුවෙ එහෙම...,)

(යෙනුලි):" *තැන්ක් යූ මාව ගෙනත් බැස්සුවට... බුදු සරණයි.පරිස්සමට යන්න අයියෙ* ..."

(විහඟ):" *හ්ම්... පරිස්සමින් ඉන්න* ..."

(යෙනුලිව ගෙදරින් බස්සලා කොල්ලා ආවෙ කියා ගන්න බැරි සතුටකින්.මොකද කෙල්ල අද වෙනදට වඩා එයා එක්ක කතා කරපු නිසා.කෙල්ල එක්ක ආව ඒ විනාඩි පහළවක කාලෙ විහඟ මහ හුඟක් හිත ඇතුලෙන් සතුටු වුණා...)



🌼🌼🌼🌼🌼🌼🌼🌼



(ලිවියා අද කැම්පස් ආවට අසනීප ගතිය තිබුණ නිසාම මං එක්ක එන්න හදද්දිම එපා කියලා යැව්වෙ බස් එකේ ඇවිත් ආයම අසනීප වෙයි කියලා බය හිතුන නිසාමයි.අද පහමාර වෙද්දි වෙනදටත් වඩා කරුවලයි.ඩීනුවයි නිකියයි සුලායි යන්නෙ අනිත් බස් එකේ නිසා ඒ ත්‍රිබල දැන් ටිකකට කලින් ගියා.හෝල්ට් එකේම ගෑනු ළමයෙක්ට මං විතරයි.වටේ හිටිය මිනිස්සු ටික මං දිහා රබර් ඇහැ දාන් බලන් ඉන්නවා මට දැණුනා.ඕන එකක් කියලා මාත් පුරුෂ ශක්තිය අරන් හිටියා.ඒත් මැදි වයසේ වගේ හිටිය ඒ මිනිස්සු හය හත් දෙනා ආයෙම මං වටේ කැරකෙන්න ගත්තෙ එක්කෙනෙක් බලෙන්ම මට කතා කරන ගමන්... වැඩිවෙලාවක් ගියෙ නෑ ඒ මිනිහා මගෙ කරට අත දාගත්තා.ආව තරහට මම ඒ මිනිහා ගෙ අත අනිත් පැත්තට ඇඹරුවෙ මගේ සටන් කලාවෙන් ලඟදි ප්‍රයෝජනයක් ගත්තේ නැති නිසා.ඒත් ඊටපස්සේ දැක්ක දෙයින් මට හීන් දාඩිය දාන්න ගත්තා.අර මනුස්සයා අතේ වේදනාවෙන් ඉන්න අස්සෙ තව එකෙක් පාර පැත්තට නොපෙනෙන්න මගෙ දිහාට හැරිලා නකල් එක දාගත්තේ නෝන්ඩියට හිනාවකුත් දාගෙන...)

(යෙනුලි):" *කවුද තමුසෙලා. ඇයි මට කරදර කරන්නේ* ..."

(මං ඇහුවට උන් එකෙක් වචනයක් කිව්වෙ නෑ හිනා වුණා මිස... වෙනදට පයින් සෙනඟ යන පාරේ අද පයින් යන්නෙත් නෑ කවුරුවත්.ඒ මදිවට බස් එකත් නෑ. රෑ වෙලා වගේ කරුවල වැටිලා.හෝල්ට් එක පාරෙන් ඇතුලට කවර් වෙලා නිසා වාහන වලින් යන අයටත් පේන්නේ නෑ. කවුද මේ මිනිස්සු.ඇයි මටම කරදර කරන්නේ.ශිට් ෆෝන් එකත් ඕෆ් වුනානෙ ඩිසයිනින් වැඩ ටික කරනකොට.අනේ විහඟ අයියවත් හිටිය නම්... බස් එක එනකන් හිටියොත් මට වෙන්නෙ මෙතන මැරෙන්න.ඕන එකක් කියලා නකල් එක දාන් මං ඉස්සරහ හිටිය මිනිහට තදින් හෙඩ් පන්ච් කරලා ඉස්සරහ ට යන්න අඩිය තියනවත් එක්කම මං දැක්කා එහා පැත්තෙන් පිහියක් අරන් තව මනුස්සයෙක් එනවා.ඒ එක්කම තව කවුරුහරි මාව ඇදලා ගත්තා වගේම මං නතර වුණේ ඒ කෙනාගෙ පපුවෙ. පුරුදු සුවඳක්...,)



මතු සම්බන්ධයි 🌼🌼🌼🌼🌼

කතාව හොඳයි නම් vote කරන්න අමතක කරන්න එපා 😇 ❤️

________________________________________________________________

*Happy* :)

Continue Reading

You'll Also Like

1.7M 55.6K 75
Alexander, James and Skye were triplets. They were stolen from their family at the age of 4. The family searched for them day and night never giving...
392K 13.3K 53
Anhay Sharma:- Cold business tycoon who is only sweet for his family. He is handsome as hell but loves to stay away from love life. His female employ...
20.1K 892 51
100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම
66.7K 6.1K 88
තෙතක් නැති රළු හිතට ආදරය කියා දුන් නුඹයි මගේ හද සන්තානේ...