Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ...

By Mochii_queen

9.9K 2K 519

රසික හදවත් දිනාගත්...සුප්‍රසිද්ද ගායකයෙක්... කුඩා කල සිට මව් උනුහුම අහිමි වුණු සමාන්‍ය තරුණියක්... දෛවයක් සම... More

chapter one
chapter two
chapter 03
chapter 04
chapter 05
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
Announcement
chapter 13
chapter 14
HAPPY 08 ANNIVERSARY
chapter 15
chapter 16
🥀🌺New book🥀🌺
chapter 17
chapter 18
chapter 19
End

chapter 06

401 85 4
By Mochii_queen

ජිනි කාර් එක ඇතුලට දාල ඉස්සරහින් ජන්කුක් ගිහින් වාඩි වුනා...😂💔බොඩි ගාර්ඩ්ට තමා ඒ ගමන වාහනේ එලවන්න වුනේ...

Jihi pov

මට බහින්න ඕනි වුනත්...මට යන්න කිසිම ක්‍රමයක් තිබ්බෙ නෑ....කිසිම සිහියක් නැතුව වාහනෙන් බහින්න විදියක් හොය හොය ඉදපු මට...එකපාරටම පොඩි කාලෙ වුණු ඒ අදුරු මතක එකින් එක මගෙ ඊස්සරහ මැවිල පෙනුනෙ හරියට චිත්‍ර පටියක් වගේ.....මගෙ ඉස්සරහින් ආපු කාර් එක...ඔම්ම වැටිල ඉදපු හැටි...😥😥

ඒත් එක්කම හැමදේම අදුරු වෙලා යනව වගෙ දැනෙද්දි මට ලාවට පෙනුනෙ මාව කාර් එකට ඇදන් ආපු කෙනා..මන් දිහා බලාගෙන මොනව හරි කියනව විතරයි..එ මොනවද කියලවත් මට තෙරුම් ගන්න වෙලාවක් ඉතුරු නොකරම බාගෙට පියවෙල තිබුනු මගෙ ඇස් සම්පූර්ණෙන්ම වැහිලා ගියා...😪😪

Jungkook pov

මන් අර කෙල්ලව දාගෙන කාර් එකෙ ඉස්සරහින් නැග්ගෙ පස්සෙ ගියොත් ඒම මගෙ හතර හන්දි කඩල තියෙයි කියල සාදාරණ සැකයක් මට ඇති වුණු නිසා 😂😂

මේ කෙල්ල හරියට දගලන්නෙ අපි කිඩ්නැප් කරා කියල හිතාගෙන වගෙනෙ...ඇත්තටම ඒම හිතාගෙනද දන්නැ...😒😒

මන් කල්පනා සාගරේක ගිලිල ඉන්න අතරෙම....එකපාර වැහැල පෑව්ව වගෙ නිස්කලන්ක ස්වබාවයක් ආවා...ඔව් ඔව් කෙල්ල කෑ ගහන එක නවත්තලා...මන් හිමිට් පස්ස බැලුවෙ...ඊලගට පාත් වෙන්න යන මරාලෙ මොකක්ද බලන්න....😒🙄

ඔලුව අල්ලන් මොකද...මූන හොදටම දාඩියෙන් පෙගිලා....ඇස් දෙකත් වහන්...මොකක් හරි අමාරුවක්ද...

"ම්ම්..මේ ආ..ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද...."
අනේ ඇත්තමයි ජන්කුකෝ ඔයාටත් වෙන අහන්න විදියක් තිබ්බෙම නැද්ද....කෝ තමුසෙගෙ පුරුශ දෛර්ය 😑

මේ කෙල්ල මන් දිහා පොඩ්ඩක් බැලුවා...එන පොට හොද නෑ...නෑ නෑ ගහන්න නෙවෙ..🙄කලන්තෙ දාන්න නේද හදන්නෙ...හිත හිත ඉන්න වුන්නෑ සිට් එක උඩ එහෙමම වැටුනා...

මන් ඉක්මනින්ම පිටි පස්සට පැන්නෙ....කෙල්ලගෙ ඔලුව කොහෙ හරි වැදෙන්න කලින් අල්ලගන්න....මන් පස්සට ගිහින් කෙල්ලව මගෙ අත් උඩට අරන් කතා කලේ වුනු දෙයක් හිතා ගන්න බැරුව...මන් බය වුන්නැ කිව්වොත් නම් ඒක බොරුවක් 😥😥

ඒ අස්සෙ බොඩි ගාර්ඩ්කාරය මන් දිහා කන්න වගෙ බලන් ඉන්නවා...😂ඇයි ඉතින් ඉස්සරහ සීට් එකෙ ඉදන් පස්සෙ සීට් එකට පැන්නහම දැන් ඒ මදිවට මේ කෙල්ලෙක්වත් අල්ලගෙනනෙ..😂

ටිකකින් කෙල්ල ඇස් ඇරියත්...මොකක් හරි දේකට බයෙන් ඉන්නව වගෙ මට තෙරුණෙ ආපහු කෙල්ලගෙ මූණ දාඩියෙන් පිරෙද්දි..එක පාරටම මාව බදා ගත්ත කෙල්ල මගෙ පපුව අස්සෙ මූණ හන්ග ගත්තෙ...හරියට එයාව ආරක්ශා කරන්න කියන්න වගේ ඒත් එක්කම ඒ කෙල්ලගෙ කටෙන් පිට වුනෙ එකම එක වචනයයි

"ඔම්මා..."

කෙල්ලට ඔම්ම මතක් වෙලාද...ඇයි කෙල්ලගෙ ඔම්ම නැද්ද...දාහක් ප්‍රශ්න හිත වටේ දුවද්දි මන් කරේ මගෙ එක අතකින් කෙල්ලගෙ කොන්ඩෙ අතරින් හිමිට කෙල්ලගෙ ඔලුව පිරිමැදපු එක...
🙄🙄මන් එම කරලද...අනෙ මන්ද මටත් හිතා ගන්න බෑ....😁

කෙල්ල තව තවත් කෙල්ලගෙ මුණ මගෙ පපුව අස්සෙ හන්ග ගත්තා..වැඩි වෙලාවක් නොගිහින් කෙල්ල අඩනව කියල තෙරුනෙ...මගෙ පපුව හොද්ටම තෙමිල වගෙ සීතල වෙද්දි..කාර් එක හොස්පිටල් එක ලග නතර කරා..
මන් දැන් මොකක්ද කියන්නෙ...බහින්න කියනවද...🙄🙄
.................................................................................................................
author;- අම්මෝ මහ ලොකු play boy..😂😂
Kukii;-😒ඕතර් නම් කියයි මන් මෙතන හද්ද අසරණයි ඕඉ...
.................................................................................................................
"අහ්ම් අහ්ම්....මේ අපි හොස්පිටල් එකට ආවා.."🙄

ටිකක් වෙලා එහෙම්ම ඉදපු කෙල්ල ටිකකින් මගෙන් ඈත් වුනා..මගෙ පපුව දිහාද කොහෙද බලන් ඉන්නෙ...😒😒ඔව් ඉතින් අර වැස්ස වැඩි කාලෙට වැවේ වාන් ඇරිය වගේ තමා 😒...ඕන් දැන් තමා ලැජ්ජව කියන එක දැනිල තියෙන්නෙ...😂කම්මුල් දෙක රතු වෙලා...ඇස් දෙකයි නහයයි නම් අඩලම රතු වෙලාද කොහෙද..

කෙල්ල කාර් එකෙන් බැහැල දිව්වෙ...හරියට අපි මෙතන වෙන මොකක් හරි කරන්න හැදුව වගේ 😒😒

"සර් අපි මොකක්ද කරන්නෙ..."

මොන විකාරයක්ද මේ....මොකක්ද කරන්නෙ අහන්නෙ...😑😑

"අපිද...දැන් මෙතනට වෙලා ඉන්නෙ අල තම්බන්නද ඩොර්ම් එකට යමු..."

අර කෙල්ල ඔම්ම ගැන කිය කිය ඇඩුව කියන්නෙ...අනිවාරෙන් දැන් කෙල්ල ලග ඔම්ම නෑ..එතකොට අප්ප විතරයි කෙල්ලට ඉන්නෙ...දැන් කෙල්ලගෙ අප්පත් මේ තත්වෙන් ඉන්නව දැක්කම...😥

කෙල්ල ලග කවුරුත් නැද්ද දන්නෑ....දැන් මෙතන පොඩි එකෙක් වගෙ අඩපු හැටියට...එතන ගිහින් මොනව කරයිද...🙄අඩුම ගියපු හේතුවවවත් දන්නවද දන්නෑ...🙄

"හෝ.......හෝ..."

බුදු අම්මෝ මගෙ කොන්ද..

"ඔහොමත් බ්‍රෙක් ගහනවද මනුස්සයො...කව්ද තමුසෙට ලයිශන් දුන්නෙ..."

"මට ලයිශන් නෑ සර්..."

"මො...මොකක්..? දැන් අරන් ආවෙ එතකොට ලයිශන් නැතුවද...?"

"ඔව් සර්.."

දෙයියනේ ඇත්තමයි...යන්තන් යහතින් මෙතනට ආව...ඔය අයිනකට කරල නවත්තන් ඉන්න...මන් හොස්පිටල් එකට ගිහින් එන්නම්..."

"ඒත් සර්"

"මන් කිව්ව විදියට කරනවකො"

මන් මාස්ක් එකත් දාගෙන හොස්පිටල් එක ඇතුලට ගියා...ඇත්තටම ඒක ප්‍රයිවට් හොස්පිටල් එකක් වුනු නිස මට ලෙසි වුනා...මොකද..මාව අදුන ගන්න තියෙන ඉඩකඩ අඩුයිනෙ..මොකද මෙතනට වැඩිය මිනිස්සු එන්නැනෙ....

කොහොම හරි කෙල්ලගෙ තාත්තා ඉන්න තැන නම් හොයා ගන්න පුලුවන් වුනා...ඒත් කොහෙද කෙල්ල..මන් රූම් එකෙ දොර ඇරගෙන ඇතුලට ගියේ රූම් එක ඇතුලෙද බලන්න...ඒත් හිටපු නැති නිසා ආපහු එන්න හදද්දි ඇටෙන්ඩන් කෙනෙක් එක්ක..කෙල්ල රූම් එකට ආවෙ ඒත් එක්කමයි..🤐🤐

"ඔ..ඔයා මොකද මෙහෙ කරන්නෙ..."

ඇටෙන්ඩන්ට් කෙල්ලව දාල ආපහු ගියා...ඒත් එක්කම මේ කෙල්ල මගෙන් එහෙම අහන් මගෙ පැත්තට ආවා...ඒත් එක්කම තමා කෙල්ල කෙල්ලගෙ අප්පව දැක්කෙ...😥කෙල්ල ඇද ලගට ගිහින් අප්පගෙ අතින් අල්ලන් අඩන්න ගත්තෙ හරියට පොඩි ලමයෙක් වගේ...
🙄නැ එමමත් නැ මේ මන්...නිකන් කටට ආපු නිසා එම කිව්වෙ

තාම නම් මැනෙජර්ට සිහිය නෑ..කෙල්ල නම් හිටු කියල අඩනව...මන් ගියේ ඩොක්‍ටර්ව හම්බෙන්න....

මන් ඩොක්ටර් දුන්නු ෆයිල්ස් සේරම එකින් එක බලන්න ගත්තා...😥😥මට ඩොක්ටර් කියපු එක තාම හිතා ගන්න බෑ...කෙල්ලගෙ අප්පට පිලිකාවක්...🙄ඒක හොද කරන්න පුලුවන් අව්දියෙ නෙවෙලු තියෙන්නෙ...පිලිකාව ඇග පුරාම පැතිරුණු නිසා...ඔපරේශන් එකකින් ටික කාලයක් ජීවත් කරන්න පුලුවන්ලු...ඒත් ඩොක්ටර් කිව්වෙ පේශ්න්ට කැමති විදියකට කරමු කියලා...

මොකද ඔපරෙශන් වලින් ජීවත් වෙනවට වඩා ඉතුරු පොඩි කාලෙ හොදින් වගෙම සතුටින් ජීවත් වෙන්න හුගක් පෙශන්ලා ආස නිසා...

No one pov

ජන්කුක් මේ හැමදේම හිත හිත ඉන්න අස්සෙ ජීහිය ඇවිත් ජන්කුක් බල බල ඉදපු ෆයිල්ස් වලට එබුනා....ජීහිය දැක්ක ඒකෙ තිබුනෙ කැන්සර් එකක් ගැන රිපොට්ස් වගයක් කියල...ඒත් ඒ එයාගෙ අප්පගෙ කියල දැනගන්න ලැබුන්නැ...මොකද ජීහියා එබිල ඉන්නව දැකපු ගමන් ජන්කුක් ඒ ෆයිල් එක වහපු නිසා...

"ක්...කාටද කැන්ස....ආ නැ ම්ම් මේ කාගෙද ඔය රිපොර්ට්..."🙄

ජීහිය අඩපු නිසාම කතා කරගන්නත් අමාරුයි...අප්පව දැකපු ජීහියා..එයාගෙ කදුලු නිදහසෙ යන්න ඉඩඇරියෙ ජන්කුක් රූම් එකෙන් එලියට ගියාට පස්සෙ...💔💔

"මේ...මෙව මන් මේ...මගෙ..."🙄
ජන්කුක්ට කියන්න බොරු මතක් වෙන්නෙත් නෑ..😂
කොහොමද කියන්නෙ ඒ ජීහියගෙ අප්පගෙ කියලා 😥

"මේ රිපොර්ට්ස් ඔයාගෙද...🙄"

"මො...මොකක්...😲ආ ඔව් මෙ මගෙ තමා...😬"

Jihi pov

දෙයියනේ මෙයාට කැන්සර් එකක්...ඒකත් මෙච්චර පොඩි වයසකින්..කොහොමද දෙයියනේ...😥😥මැරෙනව කියල දැන දැනත්  ජීවත් වෙන්නෙ....මේ ලොකෙ මිනිස්සුන්ට කොයි තරම් නම් ප්‍රශ්න තියෙද...සමහරවිට ඒ තරම් රිස්ක් එකක් නැද්ද දන්නෑ...🙄පොඩි කැන්සර් එකක්ද දන්නැනෙ...

"ආහ් මේ අප්පට සිහිය ආවද...🤐🤐"

"අහ් ඔව්...මන් මෙ ඩොක්ටර්ට කතා කරන්න ආවෙ..."

"ම්..මන් පොඩ්ඩක් ඔයාගෙ අප්ප එක්ක කතා කරල එන්නම්...ඔයා ඩොක්‍ටර්ව හොයා ගන්නකො...."

හහ් එයාට මොනාද මගෙ අප්ප එක්ක කතා කරන්න තියෙන්නෙ..මොනා හරි වැඩක් බාර දෙන්නද දන්නෑ...එයා වැඩ කරන තැන වැඩ කලා කියල..ලෙඩ වෙලා ඉන්නකොට වැඩ බාරදෙන්න බැනෙ...😑

Jungkook pov

මන් ජීහියගෙ අප්පට සේරම කිව්වෙ...එයාට තීරණයක් ගන්න කියලා.
ඩොක්ටර් කිව්ව විදියටම මැනෙජර්ත් කැමති වුනේ ගෙදරට වෙලා ඉන්න...

ඒත් එක්කම මැනේජර් මට කිව්වෙ එයාගෙ දුවට මේ දෙවල් දැන ගන්න තියන්න එපා කියල...නොදැන ඉදියම දුක වැඩිනෙ...අනෙ මන්දා...🙄මට අදාල නැනෙ....

මන් රූම් එකෙන් එලියට එනකොටම ඩොක්‍ටර් තුත් අර කෙල්ල එක්ක ඇතුලට ආවා....

"ආ මේ පෙශන්ව ඩිස්චාර්ජ් කරන්න පුලුවන්...ඒ නිසා..එක්කගෙනම යන්න පුලුවන්....නෙක්ස්‍ට් වීක් පේශන් එක්ක එන්න...පොඩි ස්කැන් එකක් කරන්න."

යකූ..මට කියන්නෙ මන් පේශන් ගෙ කව්ද...මාත් ඉතින් අහ් හරි කිය කිය ඔලුව වන වන අහන් ඉදියා...😒කවද කාපු කටුද මෙ...

මැනෙජර්වයි කෙල්ලවයි ගෙනිහින් දාන්න වුනෙත් අවසානෙ මට...කොහොම හරි මන් හැමදේම ඉවර වෙලා ඩෝර්ම් එකට ආව...ආම්මො හොද පණ ගිහින්...

At the dorm

මන් එද්දි හ්‍යුන්ල මන් දිහා කන්න වගෙ බලන් ඉදියා...😒😒නිකන් හොර වැඩකට ගියා වගෙනෙ...මන් දිහා බලන් ඉන්නෙ...

"කොහෙද කුකී ගියේ...?"

ජින් හ්‍යුන්ටත් මේ වෙලාවෙම අහන්නොනි වුනානෙ...දැන් මොකක්ද කියන්නෙ....
ඔන්න ඔහෙ විස්තරේ කියනවා...

"අහ්...මන් ගියා මැනෙජර්ගෙ දුවව එක්කගෙන එන්න...එයාවයි මැනෙජර්වයි ගෙදරින් දාගෙනම තමා මන් ආවෙ...."

තේරුණාද නැද්ද කියන්න මන් දන්නෑ..සාරන්ශගත කොට විස්තරය මන් හ්‍යුන්ලට කිව්ව...😌😌

මන් එහෙම්ම ගියේ මගෙ කාමරේට...හම්මෝ අද නම් හොදටම මහන්සී...වොශ් එකක් දාන් මන් ගිහින් ඇදෙන් හාන්සි වුණා..
ඒත් එක්කම මට මතක් වුනේ අර කෙල්ල මාව බදන්..ඔම්ම ඔම්ම ගගා කෑහපු විදිය...😒😒ඔව් ඉතින් ඕක හිතන්න දෙයක් නැ තමා...ඒත් ඉතින්...මොක වුණත් කෙල්ලෙක් නෙ..මාවනෙ බදන් ඉදියෙ...😒

Jihi pov

අප්පගෙ වැඩ ටික ඉවර වෙලා මාත් වොශ් එකක් දාන් ඇදට ආවෙ නිදා ගන්න...අප්ප නිකන්ම ෆේන්ට් වෙලා වැටුනලු...අනෙ මන්ද හිතා ගන්නත් බෑ...🙄

අද නම් හරිම මහන්සී...හෙට ස්කුල් යන්න වෙන එකක් නෑ මට හිතෙන්නෙ...මන් එහෙම්ම නින්දට වැටුනා....
.............................................................................

මන් ඉදියෙ පාලු තැනක...ටිකක් කලුවරත් වෙලා වගේ....එ ලගම කාර් එකක් නවත්තල තිබුණා...එකට හේත්තු වෙලා කවුරු හරි ඉදිය...
මන් හිමින් හිමින් ඒ කෙනා ලගට යද්දිම...වෙඩි සද්දයක් ඇහුනා...
මන් නැවතෙනවත් එක්කම...ඒ කෙනා මන් දිහා බැලුවා....
...............................................................................

මන් දාඩියත් දාගෙන නැගිට්ටෙ...ආහ්...එලාර්ම් එක වැදුන්නැත්තම් මන් තාමත් අර විකාර හීනෙ දකිනවා...😑මන් ඒක ගැන හිත හිත වොශ් එකක් දාගෙන ටවල් එකත් ඇදන් ආවෙ ඇදුමක් ගන්න...ඒත් එක්කම බෙල් එක වදින සද්දෙ නිසා..මන් ගියේ අජුම්ම උදෙන්ම පොලට යන්නැති කියල හිතන ගමන්....

ඒනිසාම ටවල් එක පිටින් මන් ගියේ දොර අරින්න...මන් දොර අරිනවත් එක්කම...පිට හිටියෙ නම් මන් කිසි සේත්ම බලාපොරොත්තු වුනු කෙනෙක් නෙවේ....😲😲
.......................................................................................

Jungkook pov

මන් නිදාගෙන ඇහැරියෙ ජින් හ්‍යුන්ගෙ කෑගැහිල්ලට....ජුනි හ්‍යුන් මොනා හරි කඩල වගේ...😒එකෙන් මෙකෙන් අහින්සක අපිට නින්දකුත් නෑ..අද නිවාඩු දවසක් වෙලත් ඇයි අප්ප....මේම නිවාඩු නෑ අද අපි නිවාඩුවක් ඉල්ලුවා...ජිමින් හ්‍යුන්ට සනීප නෑ...ටේ හ්‍යුන්ගෙත් කකුල් රිදෙනවලු...🙄

ජින් හ්‍යුනුයි නම්ජුන් හ්‍යුනුයි නම් කොහෙද යනව කිව්ව....මොනාද අප්ප මෙයාල මේ උදේ පාන්දර ඉදන් කරන්නෙ මට නින්දකුත් නෑ...කට්ට්ටියගෙ කසු කුසුව...😒

මන් නිදි මත විකාරෙම වොශ් එකක් දාන් ඇවිත් පහලට ගියා...යද්දිම කට්ටියගෙ කසු කුසුව නැති වුණා....

"ආ...මේ කුකී අර මැනෙජර්ට කොමද දන්නැනෙ...ඔයා එයාල ඉන්න තැනක් දන්නවද කුකී...."

මේ ජිමින් හ්‍යුන්ට තියෙන අමාරුවක්...😒

"ඇයි හ්‍යුන් දැන් දැන ගත්ත කියල යන්නද...."

"යන්න තමයි කියනවකො...😑"

"ඔව් දන්නවා...😒"

"ඒ කෙල්ල විතරයි නේ ඉන්නෙ....අද ඒ ලමයට ස්කූල් ඇති නේ..අප්ප බලාගන්නොනි නිසා ස්කුල් නොගිහින් ඉදිද දන්නැනෙ....🙄🙄"

"ඉතින්...😒"

"ඉතින් කියන්නෙ පොඩ්ඩක් ගිහින් බලනවකෝ....කුකී..."

ඒ ගමන ටේ හ්‍යුනුත් පටන් අරන්...

"අනෙ මෙ...මට නම් බෑ...ඔනි කෙනෙක් යන එකයි ඇත්තෙ...😒"

"හරි එනම් අපි දෙන්න යන්..."

හහ් ලෙඩ අමතකයි...මෙ ජිමින් හ්‍යුන්ටත්....ටේ හ්‍යුනුත් එයාටම එකතු වෙලා...😑

Author note

කෝමද රීඩර්නිම්ලා.....සුවෙන් සැපෙන් ඉන්නොනෙ....😁😁
එමම ඉන්න හොදේ...

Continue Reading

You'll Also Like

393K 8K 9
My priority /property/privacy
4.8K 1.4K 25
"තනිවීම ප්‍රේමයක් කිව්වට, මිනිස්සු ප්‍රේම කලේ තනිවෙන්න නෙවෙයි. හැම හමුවීමකම වෙන්වීමක් ලියැවිලා තියෙනවා කිව්වට, මිනිස්සු මුණගැහුණේ වෙන්වෙන්න බලාගෙනත්...
65.1K 4.4K 25
အခုခေတ်ရဲ့ B@d@ssက နှောင်းပိုင်းခေတ်ကို ရောက်သွားတဲ့အခါ...
1.2K 312 14
වර්තමානයෙන්-අනාගතයට ගමන් කරන සූ සොයාගන්නට උත්සහ කරන ඇගේ මරණයේ අබිරහස. ඇගේ පෙම්වතා, යෙහෙලියන් සගවන රහස් ඇය විසින්ම සොයා ගන්නට ලැබුණු සීමිත දින ගණන. කා...