Jini❤️❤️❤️( Dιαɾყ σϝ ƚԋҽ ʅσʋҽ...

By Mochii_queen

9.9K 2K 519

රසික හදවත් දිනාගත්...සුප්‍රසිද්ද ගායකයෙක්... කුඩා කල සිට මව් උනුහුම අහිමි වුණු සමාන්‍ය තරුණියක්... දෛවයක් සම... More

chapter one
chapter two
chapter 03
chapter 04
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
Announcement
chapter 13
chapter 14
HAPPY 08 ANNIVERSARY
chapter 15
chapter 16
🥀🌺New book🥀🌺
chapter 17
chapter 18
chapter 19
End

chapter 05

417 88 8
By Mochii_queen

Jihi pov

"ජීහියා...පුතේ...නැගිටින්න..."

"අහ් හරි අප්ප මන් නැගිට්ටා....."

මන් ඇදේ වාඩි වෙලා නිදි කිරන ගමන් අප්පට එහෙම කිව්වෙ....මොකක්ද ඊලගට කරන්නෙ කියලවත් හිතා ගන්න බැරුව....
අද කවදද...🤔🤔අද මන් ස්කුල් යන දවස නෙද...මන් නිකමට වෙලාව බැලුවා
😮😮මොකක්...06.30 අයිගො අද පලවෙනි දවසෙම පරක්කු වෙන්න නම් බෑ...

මන් ඉක්මනින් ම ඇදෙන් පැනල ගියෙ බාතෲම් එකට..අප්පත් හිනා වෙවී යන්න ගියා...කොහොම හරි හත වෙද්දි අපිට ගෙදරින් යාගන්න පුලුවන් වුනා..අප්පත් අද ඉදන් තමා වැඩට යන්නෙ....☺️☺️මුලින්ම....

"ජීහියා...පුතේ.."

"ඔව්...අප්පා කියන්න...."

"ස්කූල් ඇරුනම මන් එක්කන් යන්න එන්නම්...එතකන් ඉන්න....හරිද..."

"හරි අප්පා ☺️"

අප්ප එහෙම කිව්වෙ බයික් එකෙන් යන ගමන්...ඔව් මන් කාර් වල යන්න බයයි නේ ☺️☺️එකෙන් මෙකෙන්...අප්පටත් වැඩට යන්න වෙලා තියෙන්නෙ මේකෙන් 😁😁කියන්න තරම් අවුලක් නැ බයික් එකෙන් වැඩට යන එකත්....

මාව ප්‍රින්සිපල් සර්ගෙ ඔෆිස් එකට එක්කන් ගියපු තාත්තා...ප්‍රින්සිපල් සර් එක්ක කතා කලා...හුගක් හොදට අදුනන දෙන්නෙක් වගේ....යාලුවොද කොහෙද දෙන්න...තාත්ත එක්ක කතා කරපු හැටියෙන්  නම් තෙරුනෙ එමයි...

ඒත් එක්කම මිස් කෙනෙක් ඇතුලට ආව...එයා එක්ක මට යන්න කියල ප්‍රින්සිපල් සර් කියපු නිසා...අප්පටත් යන්නම් කියාගෙන මන් ආවා....

මාව කොරිඩෝ එකක් මැදින් එක්කන් ගිහින් කොරොඩෝ එක අවසානෙම තිබුනු පන්ති කාමරයක් ලග නැවතුනා....මන් කොච්වර බය නැතුව ඉන්න හැදුවත් දැන්නම් නිකන් හාර්ට් එක එලියට පනින්න තරම් සද්දෙන් ගැහෙනවා 😪😪

මාව පන්තියට එක්කන් යද්දි මිස් කෙනෙක් උගන්න උගන්න ඉදියෙ...ඒ මිස්ට මාව බාර දීල අනිත් මිස් යන්න ගියා...ඊට පස්සෙ නම් මට මතක මට ගිහින් පන්තියෙ අවසානෙම ඩෙස් එකක වාඩි වෙන්න කියනව විතරයි...

මන් බිම බලාගෙනම ගිහින් එතනනින් වාඩි වුනා...හැමොම මන් දිහා බලාගෙනද මන්දා....කාගෙවත් අවදානෙ මට ඔනි නෑ 😥

'මේ අවසාන වාරෙට විතරක් ස්කුල් මාරු කරන්නෙ කව්ද...'
'අනිවාරෙන් කලින් ස්කුල් එකෙන් එලවල දාන්නැති..'

හුගක් අය මන් ගැන කතා වෙනව ඇහුනා...කොහොමද කෙනෙක් ගැන හරියටම නොදැන මිනිස්සු මෙහෙම විනිශ්චය කරන්නෙ....😥

ඒත් එක්කම මගෙ එහා පැත්තෙ ඉදපු කෙනා මගෙ පිටට තට්ටු කලා...මොකද මන් පුලුවන් තරම් පොතට නැවිගෙන ඉදියෙ අනිත් අයගෙන් හැන්ගෙන්න....
මන් හිමිට එයා දිහා බැලුවා...

"අ...මේ හ්..හායි...ඔයාට මාව මතකද...."

පො..පොඩ්ඩක් ඉන්න මන් මෙයාව දැකල තියෙනෙ...🤔🤔මෙයානෙද එදා මන් වැටුනු දවසෙ මට උදව් කරපු කෙනා...

"☺️☺️"
මන් හිනා වුනා...

"ආ.පුලුවන්ද....එදා ආපහු හම්බෙමු කිව්වට මෙහෙම හමුවීමක් නම් කොහෙත්ම බලාපොරොත්තු වුන්නෑ මන්...😂😂"

මන් මුකුත් නොකිය හිනා වුනා...

"මේ එක නෙවෙයි ඔයා කැමති මොනා කරන්නද ඉස්සරහට..."

"මන් ආසයි singer කෙනෙක් වෙන්න....

"ඕ....වාව්...ඔයා...ඔයා bts ලව දන්නවද....මෙහෙ බැන්ඩ් එකක්...දන්නැ කියල නම් කියන්න එපා...."

"අ...මෙ...අ...මන් ඇත්ත්ටම දන්නැනෙ...."

"මො?මොකක්.😮...ආ..කමක් නැ...මන් ඔයාට කියල දෙන්නම්කෝ...ආ ඒක නෙවේ ඔයාගෙ නම මොකක්ද...එදා මට කිව්වද මට මතක නැනෙ...☺️"

"මගෙ නම ජීහියා..."

"ඕ...මන් ජීහි කියන්නද....ඒ නම හුගක් ලස්සනයි....ඔයා දන්නවද bts කියන්නෙ මෙම්බර්ස්ල හත් දෙනෙක් ඉන්න බැන්ඩ් එකක්......

ඔය විදියට යුන්ජි මට අර මොකක්ද මන්ද බැන්ඩ් එකක් ගැන මුලු පිරියඩ් එකේම කියෙව්ව...එයත් මෙච්වරකල් තනියම ඉදල තියෙන්නෙ....තනිකම මොන වගෙ දෙයක්ද කියන්න මන් හොදට දන්නවා....
ඉන්ටවල් එකේදි යුන්ජි මායි කැෆටේරියා එක පැත්තට ඇවිදන් ගියා...

"ඔයා දන්නවද ජීහියා...bts කියන්නෙ ඉස්සර හුගක් දුක් විදල හරිම කැපවීමක් කරල දැන් ඉන්න තැනට ආපු කට්ටියක්...දැන් නම් එයාලට නැති දෙයක් නෑ...හොදම දේ දන්නවද...."

"හා හා....යුන්ජි ඔය ගොඩෙ කෙල්ලොන්ට අපේ කුමාරයො හත් දෙනා ගැන බොරු පැහැදිම් දෙන්න යන්න එපා...පස්සෙ අපිටමයි කරදරෙ ඔය වගෙ අය ආර්මිලා වුනාම 😏"

අපෙ ලගින් ගියපු කෙල්ලෙක් එහෙම කියන් මටත් ඔරවන් ගියා...මන්ද මන් මොන වැරැද්දක් කලාටද එයා එහෙම හැසිරුනේ....

"ඉතින් ඔයා singer කෙනෙක් වෙනවට අමතර වෙන මොනාද කරන්නෙ...මන් කියන්නෙ බැරි වෙලාවත් ඒක බැරි වුනොත්"

යුන්ජි එහෙම ඇහුවා...

"ආ...මන් ඩොක්ටර් කෙනෙක් වෙන්නත් ආසයි ☺️☺️මුලින් ඒක කරන් ඉන්නව පස්සෙ තමයි අර හීනෙ හැබෑ කරගන්න ඔනි...."

"ආ....මාත් එමනෙ ජිහියා...අපි දෙන්නම එකම මෙඩිකල් කොලෙජ් එකට තෙරෙයිද දන්නැනෙ "

"අනෙ මොඩි අපි දෙන්නටම එකම හීනෙ නැත්තම් කොමද එකම පන්තියෙ ඉන්නෙ..😂"

"ආහරි...ඒත් ඉතින් අවසාන ටෙස්ට් එකට අනුවනෙ යන කොලෙජ් එක තීරණය වෙන්නෙ...😥😥"

"අයියෝ එක ගැන අපි පස්සෙ හිතමු එන්නකො දැන් කන්න...."
ඔය විදියට යුන්ජිගෙ පිස්සු වැඩත් එක්ක දවස ගෙවිලා ගියා දැණුනෙවත් නෑ..☺️
දන්නෙම නැතුව ස්කුල් ඇරෙන වෙලාවත් ආවා...

ඇරුණු ගමන් මන් ගිහින් ගේට් එක ලගට වෙලා ඉදියෙ අප්ප එනකන්...ඒත් තාමත් අප්ප නෑ...මොකද අප්ප කවදාවත් එහෙම පරක්කු වෙන කෙනෙක් නෙවේ...😥😥

Jungkook pov

අපි හැමොම big hit එකට අවතීර්ණ වුනා...😎😎මීඩියා කාරයො නම් ඉතින් වැහි වැහැල....අපිට pd nim කතා කරල තිබුනු නිසා...අපේ රූම් එකට යන්න කලින් එයාව හම්බෙන්න ගියා...ආ නෑ pd nim ව එයාගෙ අම්මට හම්බෙලා හුගක් කල්...😂😂

අපි ගියේ මීට් වෙන්න...ඒ යද්දි තව කවුද මන්ද ඇතුලෙ ඉදිය....

"ආ එන්න අද ඉදන් ඔයාලගෙ මැනෙජර් මෙයා තමා...."

මොකක්ද යකො එ කියපු විදිය....නිකන් දමල ගැහුව වගෙ...අඩුම අපිව මෙයටවත් මෙයාව අපිටවත් අදුන්නල වත් දුන්නෑ.....😑😑

"එක්ස්කියුස් මී මේ අයි කම්.ඉන්....මන් ලේට් වෙලාද...☺️☺️"

ඒත් එක්කම කවුද මන්ද සක්කරවට්ටමක් ආව ඇතුලට...😑😑අපි වැදගත් සාකච්චාවක ඉදියෙ...
කියන්න තරම් වැදගත් දෙයක් කතා කලෙත් නෑ 🤭🤭

"ආ RM"

Pd nim මොකද මන් දිහා බලන් නම්ජුන් හ්‍යුන් ට කතා කරන්නෙ 🤔🤔

"අද ඉදන් ඔයාගෙ ඇසිස්ටන්ට් මෙයා...මෙයාගෙ නම ජිනී..."

ආපූ....නම්ජුන් හ්‍යුන්ගෙ ඇසිස්ටන්ට් මේ සක්කරවට්ටමද...එහෙමමත් සක්කරවට්ටමක් නෙවේ...😁

"හරි දැන් ඔයාලට යන්න පුලුවන්..."

යකෝ මේක...මේ අලුතින් ආපු දෙන්න නැත්තම් බලාගන්න තිබ්බ...මගෙ හැටි...pd nim ට 😑😑ඔයා මොනා කරත් එයා අපිට ආදරෙයි ☺️☺️😁

අපි ආපහු ගියෙ ප්‍රැක්ටිස් රූම් එකට...

"මේ හ්‍යුන් ඔයාට දැනටමත් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවනෙ "

මොකක් ඒ මොකක්ද ඒ කිව්ව හරුපෙ ජිමින් හ්‍යුන්......🤔🤔නම්ජුන් හ්‍යුන්ට ඇසිස්ටන්ට්ල දෙන්නෙක් මොකටද

"අපෙ කුකීගෙ ඇසිස්ටන්ට් නෙ ඉන්න බැරුව දමල ගහලගියේ...😂😂මේයාගෙ වැඩ ඉවසගන්න බැරුව...."

අනේ මේ ටෙහ්‍යුන් මගෙන් මුකුත් අහගන්න එපා 😑😑

අපි ප්‍රැක්ටිස් කරන අතරෙ එකපාරම අර ඇසිස්ටන්ට් දුවන් ආව ..ආපු පාර මගෙ ඇගෙත් වැදිලයි නැවතුනෙ...

"අ...මේ අද ලන්ච් එක pd nim සර්ගෙන්ලු ☺️☺️"

ඕක කියන්නද මේ හති ඇරන් දුවන් ඇවිත් වන් වේ පාරක වැරදිපැත්තෙන් ආව වගෙ ඇවිත්මගෙ ඇගෙ හැප්පුනෙ....😑😑
ඇත්තමයි උස්සනව අත් දෙකෙන් ඇගක් වත් නැ හරි හැටි....හයියෙන් දිව්වොත් පාවෙයි...😂


(ඔය අලුත් ඇසිස්ටන්ට් ජිනී)

"මේ ඔයා කාගෙ ඇසිස්ටන්ට්ද...."
අම්මො අපෙ ජිමින් හ්‍යුන් ට තියෙන ප්‍රශ්න...

"ම්ම ම න් ජන්කුක්ශි ගෙ ඇසිස්ටන්ට්  නේ...☺️☺️ඇයි එක පාරම එහෙම ඇහුවෙ..."

මො මොකක්...මේ මගෙ...මන් කටත් ඇරන් නෙද...හපොයි

ඒ කෙල්ල ගියා විතරයි ඕන් මගෙ ආදරණීය හ්‍යුන් ලගෙ කටවල් ටික ඇරුණා...වලක් කපන් වැලලියන් කුකී කියන්න එකෙක් නැති හැටි

"එන්ම් ඒ ඇසිස්ටන්ට් ටත් බායි බායි...😂😂"

ඒ ගමන සුගා හ්‍යුනුත් පටන් අරන් 😑

"අනේ මේ මන් නිසා නෙවේ ඔය ඇසිස්ටන්ට් ල අස්වෙන්නෙ...පලවෙනි කෙනා අස්වුනෙත් කෑම එකෙ ගම්මිරිස් තිබිල ඇලජි වෙලා..😌😌"

සුගා;- කවුද ඉතින් කෑම එකට ගම්මිරිස් දැම්මෙ....

ටේ:-අපෙ කුකීනෙ...😁

"ආ හරි ඒ වුනාට දෙවෙනි කෙනා අස් වුනෙ...එයාහෙ හොර සම්බන්දෙ හස්බන්ඩ්ට අහුවෙල...😑"

ජිමින්:- ඉතින් කව්ද ඇසිස්ටනුයි...අර බොඩිගාර්ඩුයි එකට ඉන්න ෆොටො එකක් අර මනුස්සයට යැව්වෙ...

ටේ;- කුකීනෙ 😁

අනේ ඇත්තමයි මේ ටෙහ්‍යුන් නම් මාවම මරන් කන්න ඇවිත්ද කොහෙද...

"ඔය මොනා කිව්වත් අවසාන කෙනා ගියේ මගෙ වැරැද්දකින් නෙවේ 😑"

නම්ජුන්:- අවසාන එක්කෙනා ගෙදර ගියේ...ඔයා එයාගෙ ආසම ඇදුමට තීන්ත හලල...ලිප්ස්ටික් එකෙ ග්ලූ ගාලා තිබ්බ නිසානෙ....

ටේ;- ඇයි තව....කට හොද න්න කියල දුන්නු වතුර බාජනේට ලුණු දාලානෙ දුන්නෙ

සුගා;- මේ සියලු නිගමන වලට අනුව....ඔයා මේ කෙල්ලටවත් එවැනිම දස වද දී පන්නා ගනිවි 😌😂😂

ජන්කුකාඅ.......

අම්මො කව්ද ඒ කන් බිහිරිවන සද්දෙන් එම හිනා වෙන්නෙ....අප්ප අපෙ හොබි හ්‍යුන්නෙ 😑😑
.............................................................................................................................................

ප්‍රැක්ටිස් ඉවර වෙලා හරිම මහන්සි ලිෆ්ට් එකට නගිද්දිම අලුතින් ආපු මැනෙජර් තුත් ලිෆ්ට් එකට ආව....අපි කට්ටියටම බෝ කරල....(අචාර කරන එක)
පැත්තකින් හිට ගත්තා....

(ඔහොම තමා ඉතින් දාඩියත් පෙරන් ඉන්නෙ...)

එක පා රම මැනෙජර් ඔලුවත් අල්ලන් වැටෙද්දි නම්ජුන් හ්‍යුන් ඉක්මනටම අල්ලගත්තා....ඒත් එක්කම මැනෙජර් මගෙ අත අල්ලන් කිව්වෙ එයාගෙ දුව සහෙයිව ස්කුල් එකෙ එයාව ගන්න යන්න...කවුරුත් නෑ කියල...

ඒත් එක්කම බොඩි ගාර්ඩ්ස්ල එකතු වෙලා මැනෙජර්ව උස්සන් වාහනෙකට අරන් ගියා කාටවත් සිහියක් නැ...හැමොම කලබල වෙලා...ඒත් එක්කම මට සිහියට ආවෙ මැනෙජර් කියපු එක...

මොකක්දෝ මන්දා හේතුවකට මට ඒ කියපු දේ නොකර ඉන්න බැරි වුනා.
මන් පාර්ක් එකට යද්දිම බොඩි ගාර්ඩ් කෙනෙක් ආවා...

"සර්...සර් කොහෙද යන්නෙ...."

"අහ්...මන් පොඩි ගමනක් ගිහින් එන්නම්...."

"සර්ව තනියම කොහෙවත් යවන්න එපා කියල තියෙන්නෙ "

අහ්....😑😑
"එහෙනම් නගිනවා කාර් එකට"

මන් එහෙමම ගියේ සහෙයිවා ස්කුල් එක ලගට අපි යද්දි එකම එක ගෑනු ලමයෙක් විතරක් ගේට් එක ලගට වෙලා ඉන්නවා...මන් ගිහින් ඒ ලමයට කතා කලා ආ ඔව් මාස්ක් දාගෙන

"මේ..ඔයාද big hit එකට අලුතින් වැඩට ආපු මැනෙජර්ගෙ දුව.

"ආහ් ඔව් මන් තමයි..."

"මැනෙජර්ට පොඩි කරදරයක්....අපිත් එක්ක යමු..."

මේ කෙල්ල කාර් එක දිහා බලල ආපහු මන් දිහා බැලුවා..

"මේ මන්.බස් එකෙ යන්නම්"

ඈ යකො අපි හොරු කියල හිතුවද 😑😑

මන් ඒ කෙල්ල කෑගහද්දිම ගෙනත් කාර් එකට නග්ග ගත්තා...
(ජන්කුක් කොහෙද දන්නෙ ජීහියා කාර් වල යන්න බය බව 🤭🤭🤭)

Author note


(ජීහියා)

ආ කෝමද මගේ රීඩර්නිම් ලා 🤭🤭
තරහයිද මන්දා මාත් එක්ක....😁😁

නැනෙ නේ....😁😁
මන් දෙබස් දාන විදියට රීඩර් නිම්ලට හිතා ගන්න පුලුවන්ද කවුද කාටද කිව්වෙ කිය්ලා...අපහැදිලි නම් කියන්න 😁

Continue Reading

You'll Also Like

8.1K 1.2K 13
Je-rin ට කොලේජ් එකේදි හම්බවෙන දඟකාර කොල්ලෙක් ගෙයි මෙයාගෙයි කතාවක් තමයි මේ.. මෙයාලගේ කතාව කොහොම වෙයිද.. කියවලම බලන්නකෝ😁😄
139K 16.6K 121
Associated name : 佛系少女穿书日常 Author : 十六月西瓜 , shiliu yue xigua Status in COO : 253 chapters ...
930K 42.6K 51
Warning ( Included abusive content!!!) Total Episodes-43 (Completed) Start date-Oct 6.2021 End date-Feb 21.2022 To finish this story , I spent 4 mont...
2.4M 176K 35
Myanmar×OC အချစ်ဦး၊အချစ်ဆုံး၊လက်တွဲ​ဖော်ဟာ တစ်ထပ်တည်းကျ​သောအခါဝယ် 8.2.2023 ___ 8.4.2023