Destiny (completed)

By Myungshi04

10.6K 1.8K 161

හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩ... More

චරිත හඳුන්වාදීම
01 දිගහැරුම
02 දිගහැරුම
03 දිගහැරුම
04 දිගහැරුම
05 දිගහැරුම
06 දිගහැරුම
07 දිගහැරුම
කතුවරියගෙන්.....,
08 දිගහැරුම
09 දිගහැරුම
10 දිගහැරුම
11 දිගහැරුම
12 දිගහැරුම
13 දිගහැරුම
14 දිගහැරුම
16 දිගහැරුම
17 දිගහැරුම
18 දිගහැරුම
19 දිගහැරුම
20 දිගහැරුම
21 දිගහැරුම
22 දිගහැරුම
23 දිගහැරුම
24 දිගහැරුම
25 දිගහැරුම
26 දිගහැරුම
27 දිගහැරුම (Bonus)
28 දිගහැරුම
29 දිගහැරුම
30 දිගහැරුම (අවසානය)

15 දිගහැරුම

249 53 2
By Myungshi04

________________________________________________________________

.... කවදාවත් නැතුව කලින්ම ඇහැරුනේ එලාම් එකත් නැතුවම....

________________________________________________________________

••••• ජීවිතේ කියන්නෙ හරිම ලස්සන දෙයක්.හැබැයි ඒ විඳින මිනිසුන්ට.විජේසූරිය ෆැමිලි එකට අද ගොඩක් ලස්සන දවසක් මොකද අද එයාලගේ පොඩිම දුව එයාගේ හීනෙට යන පාර දිගේ ඇවිදන් යන පලවෙනි දවස නිසා. යෙනුලි කියන්නෙ ගොඩක් සංවේදී චරිතයක්. පිටට ෆන් එකේ හිටියට පුංචිම දුකකදි වුණත් හරි ඉක්මනට හිත ඇතුලෙන් වැටෙන චරිතයක්.නාමල්ගෙ මරණය ලොකුවට ම බලපෑවෙ කෙල්ලට. සෙහස්ගෙ ආදරය රැකවරණය සෙනෙහස නිසාම කෙල්ල දැන් ඔළුව උස්සලා ඉන්නවා.අයියාකෙනෙක් කියන්නෙ නංගි කෙනෙක්ට දෙවියො දීපු තෑග්ගක්.ඉතිං අයියා විදියට වගේම තාත්තා කෙනෙක් විදියටත් සෙහස් යෙනුලි ගැන හොයලා බලන්න අමතක කරේ නෑ.පුංචි කාලෙ ඉඳන්ම අපි හැමෝටම හරි ලස්සන හීන තියනවා. මං අනාගතේ වෙන්නේ කවුද කියලා. ඉතිං යෙනුලිත් ඒ වගේමයි. කෙල්ලට ඕන වුණේ ඩිසයිනින් පැත්තෙන් ඉස්සරහට යන්න.ඒත් ලිවිනි නම් පොඩි කාලෙ කැමති වුණේ වෛද්‍යවරියක් වෙන්න. ඒත් අද දෙන්නම නොහිතපු දෙයක් වෙලා තියෙන්නේ.පුංචි කාලෙ ආසාවට නොතේරුම් කමට කිව්වට වයසින් මුහුකුරා එනකොට අපිටම තේරුම් යනවා අපේ ඇඟේ තියෙන්නෙ මොනවගේ දක්ෂතාවයන්ද කියලා. ලිවිනි කියන්නෙ කෙල්ලගෙ සහෝදරියක් කිව්වත් හරි.බහ තෝරන කාලෙ ඉඳන්ම දෙන්නා හිටියෙ එකට.ඉතිං අදත් දෙන්නම  එකම විශ්වවිද්‍යාලයට යනවා.යෙනුලි වගේම ලිවිනිත්  ඩිසයිනින් පැත්තෙන් ඉස්සරහට යන්න පාර හදාගෙන ඉවරයි.නොතේරුම්කමට අපි කවුරුත් කිව්වට මට ඕන ටීචර් කෙනෙක් වෙන්න මට ඕන ඉන්ජිනියර් කෙනෙක් වෙන්න කියලා හැමෝටම එහෙම වෙන්න බෑ. ගුරුවරියක් කියන්නෙ ළමයෙක්ගෙ දෙවෙනි අම්මා වෙන කෙනා.ඉතිං එයා කියන හැමදේම අර ළමයට තේරෙන්න ඕන.කෙනෙක්ට තවත් දෙයක් තේරුම් කරන්න දැනුම පාදන්න හැකියාවක් අපි හැමෝටම නෑ.එහෙම ලැබෙනවනම් ඒ සසරෙ කරපු පිනකටයි. ඉතිං ලිවිනි එයාගෙ හැකියාව දක්ෂතාවය හොයාගෙන ඉවරයි. ඒ නිසාමයි කෙල්ලත් ඩිසයිනින්ග් පැත්තට යන්නෙ.ජීවිතේ මොන විදියකට තියෙයිද කියලා අපි කවුරුත් දන්නෙ නැහැ. හැමදේම දෛවයට බාර කරලා අත් බැඳගෙන බලන් ඉන්නවනම් එතන කිසිම උත්සාහවන්තයෙක් බිහි වෙන්නෙ. කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බැරි වෙන්න අපි අපේ ජිවිතේ කතාව ලියන්නෝ න දෛවය කියන පෑනෙන්.එතනයි උත්සාහවන්තයා ඔළුව උස්සන තැන. ••••

(යෙනුලි එනකන් ලිවීත් කැම්පස් එකේ ගේට් එක හරියෙන් ඉන්නවා කියලා යෙනුලිට කිව්වෙ දෙන්නම එකට යන් කියලා.යෙනුලිට 7 වෙද්දි එන්න කියලා කෙල්ල කිව්වෙ අපායට ගියත් කලින් යන්නෝන නිසයි.ඔය අතරෙ යෙනුලිත් නිල් පාට ගවුමක් ඇඳලා 6.30 වෙද්දි පහළට ආවෙ අයියා එක්කම යන්න පුළුවන් නිසා...,)

(යෙනුලි):" *අම්මා මං ලෑස්තියි... කෝ අයියයි පොඩියි... 7 වෙද්දි ඉන්නත් ඕන.ලිවී මං එනකන් ඉන්නවා කිව්වා* ..."

(පඩිපෙල බහින ගමන් ම මං ඉතිං සුපුරුදු ටිංකිරි වොයිස් එකෙන් කතා කරන් ආවා. මං යනකොට අම්මා ඇස්වල කඳුලු පුරවන් වතුර වීදුරුවකුත් තියාගෙන බලන් ඉන්නවා.අයියායි පොඩියි රුක්ෂි අක්කයිත් හරි සතුටෙන් පහලට වෙලා මං එන දිහා බලන් හිටියෙ මාව පිළිගන්න වගේ... සත්තකින්ම අම්මකෙනෙක්ට මේ තරම් සතුටක් තියනවද ඉතිං.තාත්තා නැතිවෙලා අවුරුදු පහක් වෙන්න වුණාට ඒ කාලෙ පුරාවට ම නැතිවුණ තාත්තාගෙ ආදරෙත් දෙගුණ තෙගුණ කරලා දෙන්න අම්මාට පුළුවන් වුණා.අයියා අක්කා පොඩී මං වගේම අම්මා අපි පස්දෙනා එකට ඉන්නතාක් මේ ශක්තිමත් පවුර නම් කඩන්න බෑ.තාත්තා කොහේහරි ඉඳන් අපි දිහා බලන් ඉන්නවා ඇති. හැමවෙලේම මං හිතුවෙ එහෙම... )

(නාලනී):" *අනේ මගෙ කෙල්ලගෙ ලස්සන අද* ..🥺."

(අම්මා එහෙම කියලා වතුර එකත් පොවලා මාව තුරුල් කරගත්තෙ හරිම ආදරෙන්...හැමදාටම ඒ උණුහුමේ ඉන්න තියනවනම් මේ විදියට... ඒත් මං යන්නත් ඕනනෙ.නැත්තන් ලිවී ජාතිය අමතනවනෙ ඉතිං.අම්මටයි රුක්ෂි අක්කටයි ත් වැඳලා ඊළඟට ගියෙ ලොකූ ගාවට.එයාටත් වැඳලා ආශිර්වාදෙ ගත්තෙ තාත්තව මතක් කරගෙන...තාත්තා නැතිවුණ දවසේ ඉඳන් ලොකූ හැම වෙලේම මට තාත්තා වුණා..., )

(සෙහස්):" *පැංචි කැම්පස් එක ඇතුලෙනම් දඟ වැඩ බෑ හරිද..☺️.මොකද වෙනදනම් බය නෑ පොඩී හරි හිටියනෙ. ඒත් අද එයා එන්නෙ නෑනෙ.පරිස්සමින් වැඩ ටික කරගෙන යන්නෝන හරිද* ..♥️."

(ලොකූ මගෙ නහය මිරිකලා මාව තුරුල් කරන් එහෙම කිව්වෙ මහ ලොකු සෙනෙහසකින්....)

(රුක්ෂි):" *චූටිට මං කැම්පස් තියරි එක ගැන කියලා දුන්නනෙ අයියෙ... ඒත් මේ මැන්ටලේ මොනවා කරගනීද දන්නෙ නෑ.මට තියන බය ඒක* 😅😁..."

(යෙනුලි):" *අයියෝ හරි අනේ ඔයා කියපු විදියට ම ඉන්නම්...මට ඔක්කොම මතකයි* .😁✋.."

(මං එහෙම කිව්වෙ අයියට හේත්තුවක් දාගෙන...)

(යෙනුක):" *අක්කෙ තමුසෙ මට වැන්දෙ නෑනෙ. 🧐ඉක්මනට මටත් වදිනවා ඉතිං* ...😁🤭"

(මල්ලිගෙ කතාවට නම් ඔක්කොටම හිනා... මේ ගොන් වස්සා කිව්වොත් කියන්නෙම ඔය වගේ සීනිබෝල කතාමයි...😂)

(යෙනුලි):" *අනේ ආසා ඇති...ඒත් සම්ප්‍රදායානුකූලව ඒක අනුමත නෑ අපේ රටේ. පොඩිහිටියන් වැඩිහිටියන් නමදින එක තමා අපි කරන්නෙ.* .😁😁."

(මං පොඩ්ඩක් ඇදලා පැදලා නෝන්ඩියට වගේ කිව්වම පොඩීගෙ මූණ තැලිච්ච තක්කාලි වර්ශන් එකට හැරුණා...)

(යෙනුලි):" *අයියෝ මෙහෙ එනවා මගෙ රිලා පැටියා* .🤗♥️.."

මල්ලියවත් බදාගත්තෙ මේ ඉන්නෙත් මගෙම අනිත් කොටස නේද කියලා...පොඩීට නං කැම්පස් යන්න ආසාවක් තිබ්බෙ නෑ.වෙනදා ඉතිං නැට්ට වගේ මගේ පස්සෙන්මනෙ. මං යන්නෙ කොහෙද මල්ලිත් එතන.ඒනිසා ඉතිං මටත් තනියක් නෑ.ඒත් දැං කැම්පස් යන්නෙ මෙයා නැතුව නෙ.මේ මැන්ටලේ නැතුව පාළු දැනෙයි ගොඩක්... නොකිව්වට ඒකාටත් එහෙම තමා... හොඳ වෙලාවට කොළඹ එකට සිලෙක්ට් වුණේ උදේ හවස හරි ගෙදරින් හම්බෙනවනෙ.දුරකට වැටුනනම් ඒකත් නෑ.ඇයි ඉතින් හොස්ටල් ඉන්න වෙනවනෙ...)

(යෙනුක):" *පිස්සු නටලා ඒම අහුවෙන්නෑ.පාඩුවෙ ඉන්නෝ න හරිද. මං දන්නැද්ද ලිවිනියි ඔයයි එකතු වුණාම.ලෝකෙ පෙරලන්න වුණත් බැරි නෑනෙ* .🤣😂✋"

(මල්ලි කිව්වෙ මගෙ කොණ්ඩෙත් අවුල් කරන ගමන්...)

(ලොකූ):" *චූටි ඒනන් යන්ද... ලිවිනි නංගි ඔයා එනකන් ඉන්නවා කිව්වා නේ. යන්නත් විනාඩි පහළවක්වත් යනවා* ..."

(යෙනුලි):" *ආ ඔව්නෙ.යමු ඒනං* 😊😊"

(හරියටම 7 වෙද්දි කැම්පස් එක ළඟට ආවා. මං එනකොට ලිවී නං ඇවිත් හිටියා අන්කලුයි ආන්ටියි එක්ක.ආ තරුක් අයියත් ඇවිත්. ඔව් ඉතින් අනාගත බිරිඳ ගැන බලන්නත් එපැයි.මාව එතනට යවන්නත් බය ලොකූත් පස්සෙන් ආවා. ඇයි එයාගෙ ප්‍රෙන් තරුක් අයියත් හිටියනෙ. පොඩීත් ඉතිං නැට්ට වගේ ආවා මං එක්ක... ඔක්කොටම කතා කරලා මායි ලිවියයි කැම්පස් එක ඇතුළට ආවෙ එයාලා ගියාට පස්සේ යි. ලිවියයි මායි ඊයෙ අපි දෙන්නටම එක වගේ ගවුම් දෙකක් ගත්තා හැබැයි පාට දෙකකින්.මං නිල් ගද්දි එයා අළු පාට එක ගත්තා.ඒක ලිවියටත් ගොඩක් ලස්සනට තිබ්බා...)

________________________________________________________________

මතු සම්බන්ධයි 🌼🌼🌼🌼🌼


________________________________________________________________

කියවන ඔයාලගෙ අදහස් කියාගෙන ම vote එකත් දීගෙනම යන්න....♥️

Author : *Happy* :)

Continue Reading

You'll Also Like

KASHI By stuckinatale

General Fiction

396K 19.8K 42
"So, Mrs. Kashi Abhay Pratap Singh..chalte hai. Goodbye..". Saying this, he left her broken in this world of betrayal. ~~~~~~~~~~ Kashi, a simple gir...
445K 16.2K 192
Won Yoo-ha, a trainee unfairly deprived of the opportunity to appear on a survival program scheduled to hit the jackpot, became a failure of an idol...
2.4K 329 17
කොහොමද ඔයාවයි ඔයාගේ යාලුවො තුන්දෙනාවයි එකපාරටම මායාවන් තියන අතීතෙට ගියොත්
2.2K 74 10
DISCLAIMER!!!! _____________ this is not a boyfriends fanfic it's a satire book full of pictures that slander it sorry not sorry :) WARNING!!!!! ...