Destiny (completed)

Myungshi04 द्वारा

10.9K 1.8K 161

හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩ... अधिक

01 දිගහැරුම
02 දිගහැරුම
03 දිගහැරුම
04 දිගහැරුම
05 දිගහැරුම
06 දිගහැරුම
07 දිගහැරුම
කතුවරියගෙන්.....,
08 දිගහැරුම
09 දිගහැරුම
10 දිගහැරුම
11 දිගහැරුම
12 දිගහැරුම
13 දිගහැරුම
14 දිගහැරුම
15 දිගහැරුම
16 දිගහැරුම
17 දිගහැරුම
18 දිගහැරුම
19 දිගහැරුම
20 දිගහැරුම
21 දිගහැරුම
22 දිගහැරුම
23 දිගහැරුම
24 දිගහැරුම
25 දිගහැරුම
26 දිගහැරුම
27 දිගහැරුම (Bonus)
28 දිගහැරුම
29 දිගහැරුම
30 දිගහැරුම (අවසානය)

චරිත හඳුන්වාදීම

1.4K 114 5
Myungshi04 द्वारा

නාමල් විජේසූරිය: මේ මගේ තාත්තා.කොළඹ තියන ප්‍රසිද්ධ ම Event Planning company එකේ නිර්මාතෘ. DD shareholders ආයතනයේ වැඩිම shares තියෙන්නෙ මගෙ තාත්තට.ඒත් දැනට අවුරුදු දෙකකට කලින් තාත්තා අපිව දාලා යන්නෙ හදිසි accident එකකින්. ඒ වෙද්දි තාත්තා ලොකු අයියට company එකේ හැම වගකීමක්ම දීලයි තිබුණෙ.ළඟ නැති වුණත් තාත්තා අපි දිහා බලන් ඉන්නවා කියලා මට විශ්වාසයි 🥺♥️.

නාලනී හිමල්ෂා ඒකනායක: මගේ ජීවිතේ එක කොටසක් කිව්වොත් හරි.මොකද මේ මගෙ අම්මා.හැම ප්‍රශ්නයක්ම නෑසතුටෙන් විසඳන කවමදාවත් අපිට සැරෙන් වචනයක්වත් කතා නොකරපු දේවදූතියක් කිව්වත් හරි. මොකද මගේ හැම දෙයක්ම අඩුවක් නැතුව කියන්න පුළුවන් විශ්වාස වන්තම කෙනා මගෙ අම්මා.තාත්තා නැතිවුණා ට පස්සෙ මොනම වෙලාවකවත් ඒ දුක දැනෙන්න දෙන්නැතුව අපි ළඟම හයියක් වෙලා අම්මා ඉන්නවා.🥺

සෙහස් යශ්මිත විජේසූරිය: මේ ඉන්නෙ පවුලේ ඉන්න ලොක්කයියා නොහොත් මගේ ආදරබර ලොකු අයියණ්ඩිය.මගේ දෙවෙනි පියා කිව්වත් වරදක් නෑ මොකද එයාගෙ වැඩේම අහිංසක මට උපදේශන දෙන එක(මේකනෙ මං ඉතින් සූට්ටක් දගයිලු.අයියා තමා කියන්නෙ ඉතිං 😁) වයස අවුරුදු 24 ක් වන මොහුට සුන්දර රූ සපුවක් නෑ වැරදුනා කාන්තාවන් ඇද බැද ගන්නා කඩවසම් පෙනුමක් උපතින්ම හිමියි ☺️. වෘත්තීය වශයෙන් අපේ අයියණ්ඩි කොළඹ ප්‍රසිද්ධ Event Planning company එකේ අයිතිකාරයා වෙනවා.(තාත්තගෙ කම්පනි එක දැන් අයියගෙනෙ)ගතිගුණ කියනවනං එයා කැමති ම නිදහසේ ඉන්න. ගේම් පිස්සෙක් (අවුරුදු 24ක් වුණාට ඒ වෙලාවට කම්පියුටර් එක ඇතුලට බැහැලා ඉන්නෙ.සරලව කිව්වොත් මිනිහට කෑමත් අමතකයි ගේම් ගහනකොට😂)ආ තව දෙයක් යාෂ් කියන්නෙ ලොක්කයියණ්ඩියගේ හුරතල් නාමය.ඒක උන්දැගෙ මිතුරන් අතර බොහොම ජනප්‍රියයි😁.තව දෙයක් අපේ අයියා සංගීතයට ගොඩක් ආස කෙනෙක්.ගොඩක්ම අහන්නෙ ගිරිය කඩන් කෑගහන ජාතියෙ ඔව්වා.අර රොක් ස්ටයිල් එකේ එව්වා.😖අනේ මංද මට නං ඒවා අහද්දිත් කන් දෙක ගැලවිලා වැටෙන සයිස්.(නිකමටවත් ගැලවිලා වැටුනොත් මේ වගේ රත්තරං කන් දෙකක් පංචිකාවත්තෙන් වත් හම්බෙන්නෑ😁✋)

රුක්ෂි පහන්යා විජේසූරිය: මේ ඉන්නෙ මගේ ලොකු අක්කණ්ඩිය. තාම අවුරුදු 21යි.(ඔව් අයියට වඩා බාලයි 😁) කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙ තමා ඉන්නේ.එයාගෙ එකම හීනෙ වෛද්‍යවරියක් වීමලු.(අනේ මංද මට නං ඔය කපන කොටන සීන් වැඩිය නෙවෙයි කොහෙත්ම අල්ලන්නෑ😁).අක්කයි මායි කියන්නෙ හොඳම යාළුවො(ඒකිගෙ හැමදේම මං දන්නවා මගේ් හැමදේම ඒකි දන්නවා😁සරලවම කිව්වොත් අපි අතරෙ රහස් නෑ😁). මෙයාට තරහ යනවා හරිම අඩුයි.(නිකමටවත් එහෙම වුනොත් ජපානෙ හිරෝෂිමාවට ආයෙපාරක් පරමාණු බෝම්බයක් දැම්මා වගේ තමා😁). දැං ඉතිං කැම්පස් නිසා උදේට යනවා හවසට එනවා assignments කරනවා.ආසාවටවත් කෝප්පයක් හෝදන්න වෙලාවක් නෑ.මොනාවුණත් අක්කණ්ඩිය මගේ පරම හොඳම මිතුරිය යි.😊

යෙනුක දැහැන්මිත් විජේසූරිය: ඒ මගෙ මලන්ඩිය.අපි දෙන්නටම තියෙන්නෙ එකම වගේ දුඹුරු පාට ඇස්.වයසින් ගත්තත් ඒ හැටි පරතරයක් නෑ ඒකා මගේ මල්ලි වුණෙ මං එයාට වඩා විනාඩි 2කට කලින් මේලොකෙට ආව නිසා.ඔව් මගේ මිත්‍රවරුනි ඒ මගෙ නිවුන් සහෝදරයා😁. මං වගේම ටකරං කටක් දෙයියන්ගෙ පිහිටෙන් අඩුවක් නැතූව ආදරණීය මලන්ඩියටද උරුම වෙලා තියනවා(අයිය නං කියන්නෙ මට වඩා මල්ලිගෙ කට සංවරයිලු.පුහ්!මංනෙ දන්නෙ එයැයිගෙ සංවරකමේ තරම්🤭😁)හොඳේ කියන්නෙ එයාටයි මටයි අසාධාරණේ නං අරහං.ඉගෙනගත්තු කරාටේ වලට පිං සිද්ධ වෙන්න මේ වෙනකොට මල්ලියි මායි ඩෙන්ටල් එකට හොඳ බිස්නස් එකක් කරල දීලා තියනවා.😁(මොකද අපෙන් ගුටිකන මිනිස්සුන්ගෙන් ගොඩක් ම අය ආපහු යන්නෙ ඉස්සරහ දත් සෙට් එක කුඩු කරගෙන. නැත්තං පිටිපස්සෙ දත් සෙට් එක කඩාගෙන.😁 කාට කියන්නද ඔය අවනඩු නේ..😂)ආ තව දෙයක් අපේ මල්ලිට සහජ හැකියාවක් තියනවා ගායනා කරන්න(නෑ තාම නයි පියෑඹුවෙ නෑ ඒ කියන්නෙ මල්ලිගෙ ගායන හැකියාව ඉහළ මට්ටමක තියනවා😁) ඒවගේම ක්‍රිකට් කියන්නෙ මල්ලිගෙ යි මගෙයි දෙන්නගෙම පිස්සුවක්.ඔක්කොම දැං ම කියලත් බෑනේ මල්ලිකාරයා ගැන දැං ඇති ඈ.😁✋

ඩං... ඩං... ඩං...

ඔව්.... ඊළඟට ඔයගොල්ලෝ කවුරුත් පුන පුනා බලා සිටි මෙතෙක් වෙලා "මං" ලෙස පෙනි සිටිය නිර්ණාමික පුද්ගලයා කියන්නෙ කවුද කියලා කියන්නයි යන්නෙ...

😁😁ආසයිනෙ දැනගන්න😁😁

යෙනුලි දැහැන්මා විජේසූරිය: ඔව් ඒ මං තමා.ගෙදර පුද්ගලයන් ආමන්ත්‍රණය කරන්නෙ චූටි කියලා. යාළුවොනං යෙනු කියලා කියන්නෙ.මං ගැන කියනවනං ඉතින් අපේ පවුලෙ අය කියන විදියට මට ටිකක් නට් ලූස්ලු.අයියකාරයනං කියන්නෙ ටිකක් නෙවෙයි ඔක්කොම නට් ලූස් කියලා.(වෙලාවකට මටත් ඒ ගැන සාධාරණ බයක් නැතුවමත් නෙවේ😁)මොකද මං හැසිරන්නෙ පොඩි එකෙක් වගේ ලු.(මේකනෙ මෙයාලා අවුරුදු 20ක් වුනා කියලා ලොකු නෑනෙ. 100ටවඩා විස්ස කොච්චර පොඩිද මං අහන්නෙ.ඕක තේරෙන්නෑ අපේ ලොක්කයියට😅)ඊයෙ පෙරේදා A/L ලියලා මායි මල්ලියි ප්‍රතිඵල එනකං මඟ බලන් ඉන්නවා.තව ඉතිං කියනවනං අසාධාරණේ මට පේන්න බෑ.ඒවගේම මං සත්තුන්ට ගොඩක් ආදරෙයි.හැබයි කැරපොත්තට ඇරෙන්න.ඔය මිනිහ නිසා වෙලාවක මගේ පණ යනවා ඇයි දෙයියනේ ඒකට තටු දෙකක් දුන්නෙ😒.ආ මායි මල්ලියි දෙන්නම කරාටේ බ්‍රවුන් බෙල්ටර්ස්ලා.(ඊළඟට බ්ලැක් තමා😁).මල්ලිට වගේම ගායන හැකියාවක් මටත් තියනවා.මං ඉතිං ඒකගෙම අක්කනෙ😁✋. ආහ් ලොකුම දේ තමා මං හෙනම ෆිල්ම් පිස්සියක්.සංගීතය කියන්නෙ මගෙ ජීවිතේ මං ආසම විශයක්. ලොක්කයිට ගේම් වගේ මට ෆිල්ම් 🤭. අම්ම නං කියන්නෙ ළඟදිම මාව අංගොඩ යවන්න වෙයි කියලා මේම ගියොත්.(අයියනං කියන්නෙ මට එහෙත් හොඳ වැඩී කියලා)😁අපේ පවුලෙ වැඩියෙන්ම කේන්ති යන්නෙ මට.මම ගොඩක් සංවේදී කෙනෙක් තාත්තගෙ මරණෙදි වුනත් අනිත් අයට සාපේක්ෂව ඒක ගොඩක්ම බලපෑවෙ මට. අයියාගෙ ආදරේ නිසාම මට සාමන්‍ය විදියට ආයෙ එන්න පුළුවන් වුණා.මං හැමවේලෙම සතුටෙන් ඉන්න කෙනෙක්. තව කෙනෙක්ගෙ මූණට හිනාවක් ගේන්න මට පුළුවන් නං ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන කෙනෙක්. අයියෙක් වගේම මල්ලියෙක් ගෙ මැද්දෙ ඉන්න නිසා මගේ වැඩ කොල්ලෙක්ගෙ වගේ.අක්කටත් වඩා ලොක්කයියා හැමවෙලේම මං ගැන ඇහැ ගහගෙන ඉන්නෙ.ඇයි ඉතිං කොහෙ හරි ගියොත් එක්කො වලියක් නැත්තං කවුරු හරි ඩෙන්ටල් එකට යවලා.(දැවෙන ප්‍රස්න ඕවා.අවුරුදු 20ක කෙල්ලෙක් කරන වැඩද ඔව්වා🤭😁ඕ.. මල්ලිත් ඕවට සම්බන්ධයි.යං කලිසං මං එන්නං වගේ මං කොහෙද මල්ලි එතන.නිවුන්නු වෙන එකත් වෙලාවකට නරකම නෑ😁✋). කවුරු කොහොම මොනා කිව්වත් මගේ මොංගල් ජීවිතේ මට ඇත්තටම හොඳයි...😊ඉතිං මං ගැන ලාවට කිව්වා.වැඩි දුර විස්තර කතාවෙන් දැනගමු...

ඔය ඉන්නෙ කතාවෙ ප්‍රධාන චරිත...මැද්දෙන් මැද්දෙන් තව අය එන්න ඉඩ ප්‍රස්ථාව වැඩී.දැනට මේ ඇති...මේක මගේ පළවෙනි කතාව... අඩුපාඩු තියෙයි...අනිවාරෙන් ඒවා කියන්න.ගල් මුල් මල් හැම ප්‍රතිචාරයක් මං හද පිරි මෙව්වා එකෙන් භාර ගන්නවා...🤗
ඒනං විවෘතව ආරාධනා කරනවා ඔක්කොටම "ජීවන පැතුම්" එක්ක එකතු වෙන්න කියලා.අපි බලමු විජේසූරිය ෆැමිලි එකේ ජීවිතවල පැතුම් කොහොම ඉටු වේවිද කියලා...♥️

-- Shashi --

पढ़ना जारी रखें

आपको ये भी पसंदे आएँगी

4K 886 19
පික්පොකට් ගහන රස්තයාදුකාර කෙල්ලෙක්... අහින්සක පෝසත් ශීලාචාර කොල්ලෙක්... සගවත්ත ලොකු රහසක්... ★★★★★★★★★★★★★★★★★ "මම පොඩ්ඩක්වත් ආස නෑ අර ඩාර්ක් ෆෙයරිට...
𝐄𝐗 - 𝐇𝐔𝐒𝐁𝐀𝐍𝐃 🪕 द्वारा

सामान्य साहित्य

644K 29.2K 42
Needs editing [ the destiny series #1] 𝑻𝒉𝒆 𝒇𝒂𝒕𝒆 𝒑𝒖𝒔𝒉𝒆𝒅 𝒕𝒉𝒆𝒎 𝒂𝒑𝒂𝒓𝒕 𝒃𝒖𝒕 𝒅𝒆𝒔𝒕𝒊𝒏𝒚 𝒂𝒈𝒂𝒊𝒏 𝒑𝒖𝒍𝒍𝒆𝒅 𝒕𝒉𝒆𝒎 𝒕𝒐𝒈...
THE BHANUSHALI HOUSEHOLD. idk द्वारा

सामान्य साहित्य

512K 32.7K 41
Let's see how different personalities mends with each other to form a beautifull bond together. Where the Eldest is calm and cold, Second is aggress...
3.7K 525 15
අදුරු රාජදානියේ උරුමකරු ලොවක් හදුනන විද්‍යායවරියක් මේ ඔවුන්ගේ කතාවයි 💜️❤