Petalless Flower✔️

By Oreo_Bambi

30.8K 6.7K 406

පිපෙන්නට පෙර පෙති හැලී ගිය මලක්... Petalless Flower🥀 More

Episode 1 🥀
Episode 2🥀
Episode 3🥀
Episode 4🥀
Episode 5🥀
Episode 6🥀
Episode 7 🥀
Episode 8🥀
Episode 9🥀
Episode 10🥀
Episode 11🥀
Episode 12🥀
Episode 13🥀
Episode 14🥀
Episode 15🥀
Episode 16🥀
Episode 17🥀
Episode 18🥀
Episode 19-1🥀
Episode 19-2🥀
Episode 20🥀
Episode 21🥀
Episode 22🥀
Episode 24🥀
Episode 25(final)🥀
ජිමින් ගෙන් එයාගෙ ජූ ට ආදරෙන්.......❤️🥀
ටේටේ ගෙන් එයාගෙ ලිලී ට ආදරෙන්...❤️🥀

Episode 23🥀

823 219 5
By Oreo_Bambi

Episode 23

යුන්ගි ජිමින් ගෙ පස්සෙන් ම හොස්පිටල් එකෙන් එලියට ආවත් ජිමින් ට ඒ ගැන අංශුමාත්‍රයක්වත් දැනුනෙ නෑ.. හිතේ තිබුන හිස් හැගීමත් එක්කම ජිමින් හොස්පිටල් එකේ ගාර්ඩ්න් එකට වෙනකල්ම ආවා.. හුගක් රෑ වෙලා හින්දා ගාර්ඩ්න් එකේ කිසිම කෙනෙක් හිටියෙ නෑ.. තවදුරටත් හිතේ තියන වේදනාව හංගගෙන ඉන්න ජිමින් ට පුලුවන් වුනේ නෑ.. ජිමින් කෑගහගනම ගාර්ඩ්න් එකේ තනපියල්ල උඩ දනගහගත්තා.. හොස්පිටල් එක ඇතුලෙ කිසිම කෙනෙක් ට ඒ කෑගැහිල්ල ඇහුනෙ නැතත් ජිමින් ගෙ පස්සෙන් ජිමින් එක්කම ගාර්ඩ්න් එකට ආව යුන්ගි ට ඒ වේදනාත්මක කෑගැහිල්ල හොදටම ඇහුනා..

ජිමින් ව කවදාවත් මෙහෙම නොදැකපු යුන්ගි ටත් මේක දරාගන්න අමාරු වුන හින්දා යුන්ගි දුවගන ගිහින් ජිමින් ලගින් දනගහගත්තා ..

"ජිමිනා... ඇයි!! ඔයා.හොදින්ද???"

ජිමින් ලගින් දනගහගන යුන්ගි ජිමින් ගෙ උරහිසෙන් අල්ලලා හෙලෙව්වෙ ජිමින් ට මොකක් හරි වෙලාවත්ද කියලා බය හිතුන හින්දා.. ඒ වෙලාවෙ ජිමින් කදුලු පිරිලා රතුවුන ඇස වලින් යුන්ගි දිහා බැලුවෙ හුගක් අසරණ විදියට..

"අනේ හ්‍යුන්.. මගෙ ජූ!!"

ජිමින් යුන්ගි ව බදාගන අඩන්න ගත්තෙ හිතාගන්නවත් බැරි විදියට.. ජිමින් මේ තරම් දුර්වල වෙලා ඉන්නවා යුන්ගි කවදාවත් දැකලා තිබුනෙ නෑ..

"ජිමින්.. මොකද මේ.. මං කිව්වනෙ ජූරි ට මුකුත්ම වෙන්නෙ නෑ.. අපි එයාව සනීප කරගමු"

යුන්ගි ට ජූරි ව සනීප කරගන්න එක කෙසේවෙතත් ජිමින් ව මේ තත්වෙන් දකින්න කොහොමවත්ම ඕනි උනේ නෑ.. හුගක් හිත හයිය කෙනෙක් වුනත් තමන්ගෙ කෙනෙක් මෙහෙම වැටිලා ඉන්නවා දකින එක කොයිවගේ වේදනාවක්ද කියලා යුන්ගිට හොදටම තේරුනා.

"න් නෑ හ්‍යුන්... නෑ..එයාව එයා.. මගේ ජූ!! ජූ ව බේරගන්න බෑලු හ්‍යුන්"

හුගක් ලොකු ඉකිබිදුම් එක්ක ජිමින් යුන්ගි ගෙ මූන දිහා බැලුවෙ තමන් පරාද වුනා කියලා තමන්ගෙ අයියට කියන්න ඕනි වුන හින්දා.. තමන් ආදරේ කරපු කෙනා ඒ ආදරේ පිලිනොගෙනම තමන්ව දාලා යන්න හදනව කියන හැගීම ජිමින් ව හුගක් හෙම්බත් කරලයි තිබුනේ..

"ජිමින්.. මොනාද මේ කියවන්නෙ? කව්ද කිව්වෙ ජූරි ව බේරගන්න බෑ කියලා?"

යුන්ගි ජිමින් ගෙ මූන තමන්ගෙ සුරතට ගන්න ගමන් ටිකක් කලබලෙන් වගේ එහෙම ඇහුවෙ ජිමින් කියන දේවල් වල අගක් මුලක් තමන්ට තේරුම් ගන්න බැරි හින්දා..

"ඩ් ඩොක්ටර් !! මං ඩොක්ටර් ව හම්බුන හ්‍යුන්.. මං documents ඔක්කොම fill කරලා ඩොක්ටර් ව හම්බෙලා ආවෙ"

ජිමින් ගෙ ඇස් වල නලියන කදුලු එක්කම බලාපොරොත්තු රහිත කටහඩකින් යුන්ගි ට එහෙම කිව්වාම යුන්ගි ජිමින් ගේ මූනෙන් අත් දෙක අරගෙන ජිමින් වත් අල්ලගෙනම නැගිට්ටා..

"හරි මට මුල ඉදන් කියන්න ඩොක්ටර් කිව්ව දේවල්"








Few minutes ago

"අහ් මේ මිස්ටර්... patient නම් ජූරි ගේ යාලුවා නේද? එන්න."

ජිමින් ඩොක්ටර් ගේ කාමරේ දොරට තට්ටු කරලා ඇතුල්ට ඔලුව දානවත් එක්කම ඩොක්ටර් ජිමින්ට ඇතුල්ට කතා කලා..

"ඩොක්ටර් මං ඔක්කොම documents ටික fill කලා.. මට ජූරි ගෙ තත්වෙ දැනගන්න පුලුවන්ද ??"

"අහ්.. ජූරි ගෙ භාරකාරයා මිස්ටර් මින් කියලා නේද කලින් කිව්වෙ? භාරකාරයා එක්ක තමයි මට කතාකරන්න පුලුවන් patient ගැන"

"මින් යුන්ගි මගෙ අයියා ඩොක්ටර් .. එයා තමයි මට කිව්වෙ ඩොක්ටර් ව හම්බෙන්න කියලා.. මමයි ජූරි ගෙ guardian .."

"Ok..මේ මිස්ටර් .......?

"ජිමින්.. පා‍ර්ක් ජිමින්"

"හරි මිස්ටර් පාර්ක් ඉදගන්න.. මෙහෙමයි අපි ගෙවුන පැය හතර ඇතුලත මිස් නම් ජූරි ගෙ පරික්ෂණ සියල්ලම වගේ කලා.. අපිට තහවුරු වුනා එයාට මොලේ පිලිකාවක් එහෙමත් නැත්තම් brain cancer තත්වයක් තියනවා කියලා.. ඒත් කනගාටුවට කාරනාව තමයි අපි දැනටමත් ප්‍රමාද වැඩී.... මොකද මිස් නම් ජූරි ඉන්නෙ දැන් stage 5 කියන අවසාන අදියරේ"

ඒ වචන ටික ඇහෙනවත් එක්කම ජිමින් ට දැනුනෙ තමන්ගෙ හදවත නතර වුනා වගේ හැගීමක්.. ජිමින් වචන පටලවගෙන අමාරුවෙන් කතා කලා..

"ඇයි ඩොක්ටර් එහෙම කියන්නෙ.. මගේ ජූ ව අපිට බේරගන්න පුලුවන්.. සල්ලි ගැන හිතන්නෙපා ඩොක්ටර් ඕනි තරමක් වියදම් කරන්න මට පුලුවන් "

ජිමින් ගෙ කතාව ඇහුනාම ඩොක්ටර් හුගන් නිවුනු හිනාවකින් ජිමින්ට සංග්‍රහ කලේ මේ තත්වෙදි ජිමින් ට දැනෙන දේ තේරුම් ගන්න පුලුවන් හින්දා..

"ඔව් මන් දන්නවා මිස්ටර් පාර්ක්.. ඔයාලා මේ වෙලාවේ මිස් නම් ජූරි වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න ලෑස්ති කියලා.. ඒත් ගැටලුව මුදල් වල නෙවෙයි.. ඉන්න මං පැහැදිලි කරන්නම්..

එහෙම කියලා ඩොක්ටර් ජූරි ගෙ රිපෝට්ස් අරගන ජිමින් ඉස්සරහින් තිබ්බා..

"මිස් නම් ජූරි ට තියෙන්නෙ gliobastoma කියන මොලේ පිලිකා තත්වය.. ඒක මාරාන්තික වුනත් stage 1,2,3 කියන තත්ව වල ඉන්න රෝගියෙක් ගෙ ජීවිතය අපිට බේරගන්න පුලුවන්.. ඒත් මිස් නම් ජූරි කියන්නෙ stage5 ඉන්න රෝගියෙක්.. මේ පේනවද මිස්ටර් පාර්ක්..

ඩොක්ටර් ජූරි ගෙ ස්කෑන් රිපෝට්ස් වල තිබුන පින්තූරයකට පෑන තියලා ජිම්න් ට පෙන්නුවා..

"මේ තියෙන්නෙ මිස් නම් ජූරි ගෙ මොලේ.. ඔයාට පේනවද මේ ගෙඩි.. ඒවා කූඩාරම් වගේ මුලු මොලේ පුරාම විහිදිලා තියෙන්නෙ.. ඒවගේම තමයි කාලයක් තිස්සෙ මේ පිලිකාවෙන් පීඩා වින්ද හින්දා මිස් නම් ජූරි ගෙ මොලේ සෛල විශාල ප්‍රමාණයක් දැන් විනාශ වෙලා ඉවරයි... දැන් තියන තත්වෙ අනුව සැත්කමක් කරලත් තේරුමක් නෑ.. ඒ විතරක් නෙවෙයි ජූරි අවුරුදු එකහමාරක් හෝ දෙකක් වගේ කාලයක් තිස්සෙ ලොකු මානසික පීඩනයකින් තමයි ජීවත් වෙලා තියෙන්නෙ.. ඒකත් මේ රෝගය මේ තරම් අසාධ්‍ය වෙන්න ප්‍රබල හේතුවක් වෙලා තියනවා"

ඩොක්ටර් ගේ පැහැදිලි කිරීම අවසන් වෙනවත් එක්කම ජූරි ගෙ රිපෝට්ස් ගොඩ උඩට වැටුන කදුලු බිංදුව හින්දා ඩොක්ටර් ජිමින් දිහා බැලුවා.. ජිමින් තාමත් හිටියෙ ජූරි ගෙ ස්කෑන් රිපෝට් එක දිහා බලාගනමයි.. ඩොක්ටර් තමන්ගෙ පුටුවෙන් නැගිටලා ජිමින් ලගට ඇවිත් ජිමින් ගෙ පිටට තට්ටු කලා. ජිමින් ලොකු හුස්මක් අරගන නැගිටලා ඩොක්ටර් ගේ මූන දිහා බැලුවා..

"මගෙ ජූ ට තව කොච්චර කාලයක් තියනවද ඩොක්ටර් ??"

"උපරිම තව මාසයක්. ඊට අඩු මිසක් වැඩි නෑ මිස්ටර් පාර්ක්"

__

ජිමින් ගෙ කතාව අහගන හිටිය යුන්ගි ටත් ජූරි ගැන ඇතිවුනේ හුගක් ලොකු දුකක්.. ඇත්තටම යුන්ගි කියන්නෙ ලේසියෙන් කෙනෙක්ට කැමති වෙන කෙනෙක් නොවුනත් ජූරි ව මුනගැහුන දවසෙ ඉදන් ජූරි හුගක් හොද අහිංසක කෙනෙක් කියලා යුන්ගි දැනගන හිටියා.. ඒ වගේම හනා ව තමන්ට ලැබුනෙත් ජූරි හින්දා කියන එක යුන්ගි දන්නවා.. පහුගිය අවුරුදු දෙක ඇතුලත යුන්ගි හනා ව බලන්න යන හැම දවසකම ජූරි ටත් අඩුම ගානෙ ඩෝනට් එකක් හරි අරන් යන්න පුරුදු වුනා..යුන්ගි ජූරි එක්ක වැඩිය කතා බහ නොකලත් තමන්ගෙ ම කෙනෙක් කියන හැගීම යුන්ගි ගෙ හිතේ ජූරි ගැන තිබුනා..

ඉතින් තමන් ලගින් අශ්‍රය කරපු කෙනෙක් ගැන මේවගේ දෙයක් දැනගත්තාම අනිත් අයට දැනෙන වේදනාවම යුන්ගි ටත් දැනුනා.. යුන්ගි මුකුත් නොකියම ජිමින් ගෙ ඔලුව අතගෑවෙ තමන්ට කරන්න දෙයක් නෑ කියලා තේරුම් ගිය හින්දා

"හ්‍යුන් අපි එයාව වෙන රටකට ගෙනියමු..නේද හ්‍යුන්?? මේ ඩොක්ටර් කිව්වට ඔයිට වඩා හොද ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනිච්චොත් මගේ ජූ හොදවෙයි.."

ජිමින් පොඩි එකෙක් වගේ යුන්ගි ගෙන් ප්‍රශ්න කර කර කියවන්න ගත්තත් යුන්ගිට දෙන්න උත්තර තිබුනෙ නෑ..

"හ්‍යුන්.. මගෙ මොලේ.. ඒක ජූ ට දුන්නොත් ජූ හොදවෙයි නේද හ්‍යුන්?? මං.. මං ඒක කොහොමත් වැඩිය පාවිච්චි කරපු කෙනෙකුත් නෙවෙයිනෙ හ්‍යුන්.. ඒ හින්දා මගේ මොලේ තමා හොදම..අපි... අපි ඩොක්ටර් ගෙන් අහමුද හ්‍යුන් මගෙ මොලේ ජූ ට දෙමුද කියලා.. හ්‍යුන් අපි අහමු නේද?"

ජිමින් එකදිගට කියෝගන ගිහින් අන්තිමට යුන්ගි දිහා බැලුවෙ හිනාවෙවී.. හරියට එයා ජූරි ව බේරගන්න ක්‍රමයක් හොයාගත්‍තා වගේ බැල්මකින්.. තමන් ගෙ මල්ලි වගේ ඉන්න කෙනා මේ විදියට හැසිරෙන එක යුන්ගි ට තවත් දරාගන්න බැරිවුනා.. යුන්ගි ගෙ ඇස් වලිනුත් කදුලු ආවෙ ජූරි ගැන හිතට දැනුන දුකට වඩා ජිමින් ඉන්න තත්වෙ දකිනකොට හිතට දැනුන දුක වැඩි හින්දා.. යුන්ගි ඇස් වහගන ඔලුව දෙපැත්තට වැනුවෙ ජිමින් කිව්ව දේවල් කරන්න බෑ කියලා කියන්න..

"ආආඅර්ර්ර්ර්ශ්... අනේ හ්‍යුන් මගේ ජූ!!!!!"

ජිමින් කෑගහගනම යුන්ගි ව බදාගත්තෙ තමන් කියන දේවල් වල තේරුමක් නෑ කියලා තේරෙනවත් එක්කම හිතට දැනුන වේදනාව හින්දා.. ජිමින් වත් අදහන්නෙ නැති තරමටම ජිමින් ජූරි ට ආදරේ කලා..

නොලැබෙන කෙනෙක්ට කිසිම ලාබයක් බලාපොරොත්තු නොවී කරන ආදරය ගොඩක් බලවත් කියලා මේ වෙලාවෙ ජිමින් ගෙ කතාව දන්න ඕනිම කෙනෙක්ට තේරෙනවා..













Time pass

යුන්ගි ජිමින් වත් එක්කගෙන ආයෙම ICU එක ගාවට එද්දි හනා එතන පුටුවකට වෙලා නිදාගන හිටියා.. ජිමින් හින්දා යුන්ගි ට හනා ව සම්පූර්නයෙන්ම අමතක වෙලා තිබුනේ.. යුන්ගි දුවලා ගිහින් හනා ලගින් ඉදගත්තා..

"හනා.. පැටියෝ නැගිටින්න.."

"ආම්ම්...ඔප්පා.. ඔයා ආවද.. අනේ මට නින්ද ගියා"

"හරි කමක් නෑ..මං එන්න ගොඩක් වෙලා ගියා නේද? දැන් එලිවෙලා අපි ගෙදර යන්"

"අනේ ඔප්පා.. ඔන්නි ව බලලා යන්කෝ"

"ජූරි නිදි ඇති දැන්.. අපි ගෙදර ගිහින් එමු.. හාද?"

යුන්ගි හනා ගේ ඔලුව අතගාන ගමන් එහෙම ඇහුවාම හනා හා කියන්න ඔලුව වැනුවා.. ඒ එක්කම ටේහ්‍යුන් ඒ පැත්තට ඇවිදගන එනවා ජිමින් දැක්කා.. ටේහ්‍යුන් ව දැක්ක ගමන් ජිමින් ගෙ අත මිටමෙලවෙනවා දැකපු යුන්ගි ටක්ගාලා ජිමින් ගෙ අතෙන් තදකරලා අල්ලගත්තෙ කිසිම කලබලයක් කරන්නෙපා කියලා මූනෙ සන් කරන ගමන්

"ටේ.. ජූරි ට කොහොමද දැන්??"

යුන්ගි ටේහ්‍යුන් ගාවට ගිහින් ටේහ්‍යුන් ගෙ කරල අතදාගන්න ගමන් ඇහුවෙ ජිමින් වගේම ටේහ්‍යුනුත් මේවෙලාවෙ ඉන්නෙ ලොකු දුකකින් කියලා දන්න හින්දා..තමන් ගෙ මල්ලිලා දෙන්නටම මේ දේ දරාගන්න අමාරුයි කියලා යුන්ගිට තේරුනා.. ඒත් ඒක යුන්ගි ගෙ මනසටනම් නිදහස් හැගීමක් වුනේ නෑ

"බෙහෙත් වල සැරටද කොහෙද එයා තාමත් නිදි හ්‍යුන්... ඒක නෙවෙයි හ්‍යුන් ඩොක්ටර් ව හම්බෙන්න ගියාද??"

"ඔව් ටේ.. අපි යනගමන් කතා කරමු.. මායි හනා යි ගෙදර ගිහින් එන්න කියලා හැදුවේ.. ඔයත් යං"

"බෑ හ්‍යුන්.. මට ජූරිව දාලා එන්න බෑ.."

ජිමින් ටේහ්‍යුන් දිහා බලාගන හිටියෙ තමන්ගෙ හිතට දැනුන කේන්තිය උපරිමේට පාලනය කරගන.. ඩොක්ටර් කිව්ව දේවල් එක්ක ජූරි අවුරුදු දෙකක් තිස්සෙ මානසික පීඩනයක හිටියෙ කා හින්දද කියලා අමුතුවෙන් ජිමින් ට කියලා දෙන්න ඕනි වුනේ නෑ

"ටේ කියන දේ අහන්න.. ඔයා ඇමරිකා ඉදලා ආව ගමන් නේද තාම? දැන් ගෙදර යන්න.. අපි ආයේ එමු.. කුකා ඉන්හායි හේ වොනුයි එක්ක එනවා කිව්වා. තව ටිකකින් එයාලා එයි. අපි ගිහින් දවල්ට එමු.."

"ඒත් හ්‍යුන්......"

📲

📱"හ්‍යුන්..."

📱".........."

📱"අහ් මෙච්චර ඉක්මනට?"

📱"............."

📱"හ් හරි හ්‍යුන්"

කෝල් එක කට් කරපු ටේහ්‍යුන් යුන්ගි දිහා බැලුවා..

"කව්ද ටේ කතාකලේ?"

"නම්ජූන් හ්‍යුන්"

"අහ් ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද??"

"නෑ යුන්ගි හ්‍යුන්, හ්‍යුන් කොරියාවට ඇවිත්.. "

"අහ්හ් එහෙනම් ඔයා ගෙදර යන්නම එපැයි.. ගිහින් නම්ජූන් හ්‍යුන් එක්කම අපි ආයෙ එමු"

ටේහ්‍යුන් අකමැත්තෙන් වුනත් යුන්ගි එක්ක ගෙදර ගියෙ එයා හුගක් තෙහෙට්ටු වෙලා හිටිය හින්දා.. මේ වෙලාවෙ ජූරි ව බලාගන්න තමන් ශක්තිමත්ව ඉන්න ඕනි කියලා හිතුන නිසා..

ටේහ්‍යුන් ආයේම ජූරි ගෙ කාමරේට ගිහින් නිදාගන ඉන්න ජූරි ගෙ නලල,කම්මුල්,ඇස් පිලිවලින් සීරුවට සිපගන යුන්ගි එක්ක ගෙදර ගියෙ පුලුවන් තරම් ඉක්මනට ආයෙ එන්න හිතාගන..











Time pass

බෙහෙත් වල සැර ටික ටික අඩුවෙනකොට ජූරි නින්දෙන් ඇහැරුනා..

"ටේ....."

ජූරි අඩ නින්දෙන් වගේ මුලු ඇදම අතගාන ගමන් හෙව්වෙ ටේහ්‍යුන් ව.. ඇදේ තමන් ඇරෙන්න කවුරුත් නෑ කියලා තේරුන ගමන් ජූරි කලබල වෙලා නැගිට්ටා..

"ආහ්.. අනේ..."

එකපාරටම නැගිටපු හින්දා ඔලුව ඇතුලෙ තිබුන වේදනාව සිය ගුනයකින් වැඩි වෙලා ජූරිට දැනුනේ..ඒ වේදනාව දරාගන්න අමාරු හින්දා ජූරි කෑගහගනම ඔලුව බදාගත්තා..

ඒ එක්කම දොර ලග ඉදන් ජූරි දිහා බලාගන හිටිය ජිමින් හුගක් කලබල වෙලා ජූරි ලගට දුවගන ඇවිත් ඇද ලගින් දනගහගන්න ගමන් එයාගෙ අතකින් අල්ලගත්තා

"ජූ.. ඔයා හොදින්ද ?? ඔයාට අමාරුද?"

ඇස් දෙකත් ලොකු කරගන තමන් දිහා බලාගන ඉන්න ජිමින් දිහා ජූරි අමාරුව පැත්තක තියලා බලලා ලාවට හිනාවුනා..

"ජ් ජිමින්.. මං හොදින් .."

ජිමින් ගෙ මූනෙ තිබ්බෙ ලොකු කලබලකාරී බවක් වගේම ලොකු දුකක් කියලා ජූරි ට බලපු ගමන් තේරුනා.

"ජිමින් ඔයා හොදින්ද ?? ඔයා ඇඩුවද ??"

ඉදිමිලා රතුවුනු ඇස් හින්දා ජිම්න් හොදටම අඩලා කියලා තේරුම් ගන්න ජූරිට මහවෙලාවක් ගියේ නෑ.

"න් නෑ.. මං..."

ජිමින් ට කියන්න ගිය දේ කියාගන්න බැරිවුනේ ඒ එක්කම ඩොක්ටර් කාමරේට ආව හින්දා.. ජිමින් ටක්ගාලා ඇද ලගින් නැගිට්ටත් ජූරිගෙ අත අතෑරියෙ නෑ..
ඩොක්ටර් හිනාවෙලා ජිමින් ගෙ පිටට තට්ටුවක් දාන ගමන් ජූරි ගාවට ආවා.. ජිමින් එතනින් එහාට වුනේ ඩොක්ටර් ට ජූරි ව බලන්න ඉඩ හදලා දෙන ගමන්.

ඩොක්ටර් ජූරි ව චෙක් කරලා නර්ස් ට ෆයිල් එක දෙන ගමන් ලොකු හුස්මක් ගත්තෙ අසනීපය ගැන ජූරිට හැම විස්තරයක් ම කියන්නයි.. ජිමින් මේ ගැන ජූරිට කියන්නෙපා කියලා ඩොක්ටර් ගෙන් ඉල්ලුවත් රෝගියට තමන් ගෙ තත්වය ගැන දැනගන්න පූර්ණ අයිතියක් තියන හින්දා ඩොක්ටර් ට ඒ ඉල්ලීම ඉශ්ට කරන්න බැරිවුනා..












ජූරි ඇදට වෙලා ඔහේ බලාගන හිටියෙ කිසිම හැගීමක් නැති බැල්මකින්.. තමන් දිහා අසරන විදියට බලන් ඉන්න ජිමින් දිහා ජූරි බැලුවෙ ලොකු හුස්මක් පිටකරන ගමන්..

"ජිමින්...."

"කියන්න ජූ..."

ජිමින් අඩියට දෙකට ජූරි ලගට ආවා.. ජූරි ආයාසයකින් මූනට හිනාවක් ගත්තෙ ජිමින් ට තමන් හොදින් කියලා අගවන්න ඕනි හින්දා..

"ම් මට.. උදව්වක් කරනවද ජිමින්??"

_

යුන්ගි හනා ව ආයෙ එක්කන් එන්න අදිමදි කලත් හනා ජූරි ව බලන්න ඕනිමයි කියලා අඩන්න ගත්ත හින්දා හනා ව එක්කන් එන්නම සිද්දවුනා.. යුන්ගි හොස්පිටල් එකට යන්න කලින් ටේහ්‍යුන් ගෙ ගෙදරට ගියේ නම්ජූන් කතා කරලා එන්න කිව්ව හින්දා.. ඒ යනකොටත් ජින්,නම්ජූන්,ටේහ්‍යුන් තුන්දෙනාම සාලෙට වෙලා හිටියා.. ඒ අයගෙ මූනෙත් තිබුනෙ සුපුරුදු වේදනාවමයි..

"අහ් යුන්ගියා.."

නම්ජූන් යුන්ගිව දැක්ක ගමන් ගිහින් බදාගත්තෙ හුග කාලෙකින් තමන්ගෙ ප්‍රාණසම යාලුවෙක්ව දකින්න ලැබුන සතුට හින්දා..

"ජූන් හ්‍යුන්.. කොහොමද ඉතින්"

"මං හොදින් යුන්ගි.. ඔයාලා හොදින්ද?? හනා කොහොමද ඉතින්?"

නම්ජූන් හනා ගෙ ඔලුව අතගානකොට හනා නම්ජූන් දිහා බලලා හිනාවුනා

"මාව පේන්නෙත් නෑ වගේ දැන්.."

සෝෆා එකට වෙලා හිටිය ජින්ගෙ කෑගැහිල්ලට යුන්ගි ඒ පැත්ත බලලා කටත් ඇදලා ඇස් දෙකත් හීනි කලේ නෝන්ඩියට වගේ..

කට්ටියම කතා බහකලත් ටේහ්‍යුන් හිටියෙ කිසිම වචනයක් කතා නොකර.. ඔහේ බලාගත්තු අත බලාගන ඉන්න ටේහ්‍යුන් දිහා බැලුව නම්ජූන් ගෙ මූනත් අදුරුවුනා.

"යුන්ගි හ්‍යුන්.. ඔයා ඩොක්ටර් ව හම්බුනා කිව්වා නේද?? මගෙ ජූරු ගැන මොනාද ඩොක්ටර් කිව්වෙ"

කවුරුත් ජූරි ගැන කතා කරන පාටක් නැති හින්දා ටේහ්‍යුන් ම කතාව පටන් ගත්තා.. ජිමින් කිව්ව හැමදේම ටේහ්‍යුන් ට කියන්න ඕනි කියලා යුන්ගි හිතාගත්තෙ මොනා වුනත් ටේහ්‍යුන් කියන්නෙ ජූරිගෙ පෙම්වතා හින්දා, ටේහ්‍යුන් ටත් හැමදේම දැනගන්න අයිතියක් තියනවා කියලා හිතලා...













"ම් මොකද්ද කියන්නෙ හ්‍යුන්?? මගේ ජූරිට එහෙම මාව දාලා යන්න බෑ!!"

ටේහ්‍යුන් ස්ටූල් එක උඩ තිබ්බ මල් වාස් එක පොලේගහගනම නැගිට්ටෙ ඇස් වල කදුලු පුරෝගන...

"අනේ ඔප්පා... ඔයා කියන්නෙ බොරු නේද? මගෙ ඔන්නි!!"

හනා මහ හයියෙන් අඩන්න ගත්තෙ යුන්ගි මේගැන හනාටවත් කියලා නොතිබුන හින්දා.. හනා ට මේක දරාගන්න බෑ කියලා දන්න හින්දා යුන්ගි ඒක ගැන නොකියා ඉන්න තීරනය කලත් මේක හැමදාම හංගගෙන ඉන්න බෑ කියලා යුන්ගි තේරුම්ගත්තා

"මගෙ ජූරි ට මාව දාල යන්න බෑ.. මට එයාට කියන්න ගොඩක් දේවල් තියනවා.. මට ..මට එයාව එක්කන් යන්නත් ගොඩක් තැන් තියනවා!! හ්‍යුන්.. මේ යුන්ගි හ්‍යුන් කියන්නෙ බොරු නේද??"

ටේහ්‍යුන් නම්ජූන් ව බදාගන අඩන්න ගත්තෙ හැමෝගෙම ඇස් කදුලු වලින් පිරෙද්දි..

ජින් ට මතක් වුනා එයා බටූ බටූ කිය කිය විහිලු කරද්දි ජූරි බොරුවට මූන අකුලගන කෑගහපු හැටි

නම්ජූන් ගෙ ඇස් වලට කදුලු ආවෙ ඔලුව අතගාන හැමවෙලාවකම මී පැටියෙක් වගේ ඇස් පියාගන හිනාවුන හැටි මතක් වෙලා.. නම්ජූන් ට ගොඩක් ම දුක හිතුනෙ තමනුත් දුරදිග නොබලා ජූරි ව සැක කරපු එක ගැන..

හනා තාමත් යුන්ගි ව බදාගන මහ හයියෙන් අඩනවා.. ජූරි හනා ට සැලකුවෙ තමන්ගෙම නන්ගි කෙනෙක්ටත් වඩා ආදරෙන්.

නම්ජූන් ව බදාගන අඩපු ටේහ්‍යුන් එකපාරටම නම්ජූන් ගාවින් ඈත් වෙලා ගෙදරින් එලියට බැහැලා දුවගන ගිහින් කාර් එකට නැගලා කාර් එක ස්ටාර්ට් කරගත්තෙ තව මොහොතක්වත් නාස්ති නොකර ජූරි ව බලන්න යනවා කියලා හිතාගන..

අනිත් අයත් ඒ ගමන්ම වගේ තම තමන්ගෙ වාහන වල හොස්ටල් එකට ගියා..











ටේහ්‍යුන් පිස්සෙක් වගේ හොස්පිටල් එක ඇතුලට දිව්වේ වටපිටාව ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නැතුව.. ඒ හින්දා හොස්පිටල් එකෙන් එලියට ඇවිදගන එන ජන්ග්කුක්,ඉන්හා,හේ වොන් ව ටේහ්‍යුන් දැක්කෙ නෑ..

"ටේ!!!!!!"

ටේහ්‍යුන් ව දැකපු ජන්ග්කුක් කෑගැහුවත් ටේහ්‍යුන් ට ඒක ඇහුනෙ නෑ.. ටේහ්‍යුන් කෙලින්ම දිව්වෙ ජූරි ගෙ කාමරේට.. දොරත් ඇරගන ඇතුල්ට ගිය ටේහ්‍යුන් එහෙම්ම ගල් වුනා..

ඇද හිස්.. මුලු කාමරේම හෙව්වත් ජූරි හිටියෙ නෑ.. ඔලුව විකාර වෙලා තියෙද්දි ටේහ්‍යුන් කාරමරෙන් එලියට ආවෙ පිස්සෙක් වගේ.. ඒ එක්කම ටේහ්‍යුන් පස්සෙන් අපහු දුවගන ආව ජන්ග්කුක් ,ඉන්හා ,හේවොන් ටේහ්‍යුන් ව දැකලා නතර වුනා..

"ටේ!!!"

"ක් කුකා.. කුකා කෝ බං මගේ ජූරි... උබ දැක්කද?"

ජන්ග්කුක් ව දැකපු ටේහ්‍යුන් ජන්ග්කුක් ගාවට දුවලා ගියෙ ලොකු කලබලේකින්.. ටේහ්‍යුන් ගෙ හිත මහ මූසල බයකින් පිරිලා තිබ්බෙ..

"ජූරි ගියා ටේ!"

ජන්ග්කුක් ගොතගැහුවෙ ටේහ්‍යුන් ගෙ මූනෙ තිබ්බ හැගීම තේරුම් ගන්න පුලුවන් හින්දා.. ජූරි නෑ කියලා දැනගත්තාම ටේහ්‍යුන් හැසිරෙන විදිය එයාට හිතාගන්න අමාරු වුනේ නෑ

"ග් ගියා???? කොහෙද ගියෙ?? කා එක්කද ගියෙ?කියනවා කුකී"

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ උරහිසෙන් අල්ලලා හෙලෙව්වෙ හිතට ආව අසරනකම පිටකරගන්න ක්‍රමයක් හිතාගන්න බැරිවුන හින්දා..

"ජූරි ජිමින් එක්ක ගියා..."

■■

Continue Reading

You'll Also Like

570 146 5
🍂*අසීමාන්තික ප්‍රේමයක අසීමාන්තික සීමාවන් බිඳළූ ඈ...*🍂 එන්න ඇවිද යමු.. ඈ ගිය මන් මාවත ඔස්සෙ.. ඇගෙන් ගිලිහී ගිය ඇගේම ජීවිතය සොයා... 🙏පොඩි හිටියන්...
4.6K 1K 20
Don't Copy My Work 🚫 Sinhala Fanfication BL BL - YoonMin Seosen 2 ♡︎ Ranking First #01 #1 SG දුශ්ථ ඕතරී 😈
2.8K 1K 10
ජන්කුක් තණගොල්ලේ හාන්සි වෙනකොට පුංචි වැහිබිංදු බිමට වැටෙන්න අරන් තිබුනා. ඇස් පියාගන්න ගමන් ලාවට හිනාවුන ජන්කුක් " ඔයා තමා මගේ පුංචි පියොනි මල " කියල...