Petalless Flower✔️

De Oreo_Bambi

31K 6.7K 406

පිපෙන්නට පෙර පෙති හැලී ගිය මලක්... Petalless Flower🥀 Mais

Episode 1 🥀
Episode 2🥀
Episode 3🥀
Episode 4🥀
Episode 5🥀
Episode 6🥀
Episode 7 🥀
Episode 8🥀
Episode 9🥀
Episode 10🥀
Episode 11🥀
Episode 12🥀
Episode 13🥀
Episode 14🥀
Episode 15🥀
Episode 16🥀
Episode 17🥀
Episode 18🥀
Episode 19-1🥀
Episode 20🥀
Episode 21🥀
Episode 22🥀
Episode 23🥀
Episode 24🥀
Episode 25(final)🥀
ජිමින් ගෙන් එයාගෙ ජූ ට ආදරෙන්.......❤️🥀
ටේටේ ගෙන් එයාගෙ ලිලී ට ආදරෙන්...❤️🥀

Episode 19-2🥀

857 222 9
De Oreo_Bambi

යන්ග් සෝ ඔප්පා කිව්ව වචන ටික ඇහුනා විතරයි මං පිස්සියෙක් වගේ ඔක්කොම පැත්තක දාලා කස්ටමර් ඒරියා එකට දුවගන ගියේ හිතේ සතුට උතුරන ගමන්.. දුවගන ගිය මාව එකපාරටම ගල් වුනේ කස්ටමර් ඒරියා එකේ කෙලවරේ ටේබල් එකේ ඉන්න කෙනා දැක්කාම

ජිමින්!

විදුරුවක් වගෙ හිත කෑලි කෑලි වලට කැඩිලා යද්දි මගෙ මූනෙ තිබ්බ හිනාව මටත් හොරෙන්ම අතුරුදහන් වුනා.. මාව දැක්කා විතරයි ජිමින් ඒ මූනෙ හිනාවක් පුරෝගන්න ගමන් ඉදගන හිටිය තැනින් නැගිට්ටා.. ඒ තප්පරේම මං ආයාසයකින් මගෙ මූනට හිනාවක් ගත්තෙ මං දුකින් හිටියට මං හින්දා අනිත් අය දුක් වෙන්න ඕනෙ නෑ කියලා හිතපු නිසා.. මං හිනාවේගනම ජිමින් හිටිය ටේබල් එකට ගියා

"ජිමින්.. ඔයා මොකද මෙහෙ?"

"ඇයි මට එන්න බැරිද මෙහෙ?"

"නෑ නෑ පුලුවන්.. ඒත් ඉතින් සෝල් වල ප්‍රින්ස් එරික් මේ වගෙ පොඩි කැෆේ වලට යන්නැතුව ඇතිනෙ"

"සෝල් වල ප්‍රින්ස් එරික්??"

ජිමින් ඇස් දෙකත් ලොකු කරගන මගේ දිහා බලාගන එහෙම ඇහුවාම මට හිනාත් ගියා

"අයියෝ ඩිස්නි කතා බලලා නැද්ද අනේ?? ඔයා හරියට little mermaid එකේ ප්‍රින්ස් එරික් වගේනේ"

මං එහෙම කිව්වෙ ජිමින් ව ටිකක් අවුස්සන්න හිතාගනමයි.. ඒක ඇහුනාම එයා රතු වුනා.. ඔලුවත් කස කසම ඇස් චූටි කරලා හිනාවෙවී ඇබරෙනවා.. මෙච්චර ලැජ්ජ හිතෙයි කියලා මං හිතුවෙ නෑ

"අහ්ම් මං මේ ආවෙ කැපචිනෝ එකක් බොන්න"

"ඔහ් ඉන්න මං ටක්ගාලා අරන් එන්නම්"

එහෙම කියලා මං කිචන් එකට යන්න හැදුවාම ජිමින් මගෙ අතෙන් අල්ලලා මාව නවත්තගත්තා..

"ටිකක් ඉන්න. මට ටිකක් කතාකරන්න ඕනෙ"

" අහ් කියන්න ජිමින්"

"මෙතන බෑ..

"එහෙනම්??"

"මාත් එක්ක ගමනක් යං"

"දැන්??"

"ඔව්"

"අනේ ජිමින් මේ මං වැඩ කරන වෙලාවනේ"

"ඒකත් එහෙමද... ම්ම්ම්ම්ම්"

ජිමින් නලලට තට්ටු කර කර කල්පනා කරනවා.. මෙයාගෙත් සමහර වෙලාවට තියෙන්නෙ මාර කැටයම්

"කැෆේ එකේ ඕනර් ගෙන් මං පර්මිශන් ගත්තොත් එනවද?

"අහ් ම් මේ...."

"ගිහින් owner ව එක්කන් එන්නකො"

"ඒත් ජිමින්..."

"යනවකො කිව්වාම!"

මං ආයෙ ඒත් මේත් ගාන්නෙ නැතුව කිචන් එකේ හිටිය යන්ග් සෝ ඔප්පාවත් එක්කගෙන ආවා.

"අහ් ජූරි ගේ යාලුවා මොකෝ මාව හම්බෙන්න ඕනෙ කිව්වෙ"

යන්ග් සෝ ඔප්පා ජිමින් ව දැකලා හිනාවෙවී එයා ඉස්සරහින් හිටගත්තා..

"මෙයා අපිට වඩා ලොකුද?"

ජිමින් ඔප්පාට ඇහෙන්නැතිවෙන්න පහත් වෙලා මගෙ කනට කරලා ඇහුවාම මාත් ඒ විදියටම එයාගෙ කනට කරලා රහසින් අහපු එකට උත්තර දුන්නා

"අවුරුදු තුනක් විතර ලොකුයි"

"අහ්හ් හ්‍යුන්... මං ටික වෙලාවකට ජූරිව ටිකක් එලියට එක්කන් යන්නද"

මගේ උත්තරේ හම්බුනා විතරයි ජිමින් කෙලින් වෙලා හ්‍යුන් කියන කෑල්ල ටිකක් බර කරලාම කිව්වා.

"අපෝ එක්කන් යන්න.. මෙයාව යවාගන්න බැරුව තමා අපිත් ඉන්නෙ.. කැෆේ එක වහන වෙලාව ආවම ගෙදර යන්න කිව්වත් යන්නෙ නෑ දැන් මෙයා"

යන්ග් සෝ ඔප්පා මට පල් එකට හිනාවෙන ගමන් හොදට රවුම් කර කර කියෝනවා. මං ඔප්පා දිහා බලලා බොරුවට එරෙව්වා. අපේ කතාව ඇහිලද මන්දා සොන් හීත් අපි ඉන්න තැනට ආවා

"අහ්හ් හරිනේ යං එහෙනම්"

ජිමින් මගේ අතෙන් ඇද්ද පාර මං විසිවෙලා ගියා.. දඩබඩ ගාලා ඒප්‍රන් එක ගලෝලා සොන්හී අතට දීලා මං ජිමින් එක්ක එලියට ගියා

"නගින්න"

"කොහෙද යන්නෙ ජිමින්?"

"ප්‍රශ්න අහන්නැතුව නගිනවද?"

"හහ්!"

මං ජිමින් ටත් ගස්සගෙනම කාර් එකට නැගලා ඉදගන සීට් බෙල්ට් එක දාගත්තා.. එයත් හිනාවෙවී කාර් එකට නැගලා කාර් එක ස්ටාර්ට් කලා.. ටික දුරක් යනකල් මං කලේ ශටර් එකෙන් එලිය බලාගන ගිය එක. යන තැන දන්නෙත් නැති එකේ පාර හරි මතක තියාගන්න එපැයි

"ඒයි මේ..."

"මොකද?"

ජිමින් කතා කලාට මං ඒ පැත්ත නොබලම උත්තර දුන්නා..

"උදේට කාලද?"

"තාම නෑ"

"මරු.. දැන් වෙලාව කීයද දන්නවද?"

"බඩගින්නක් ආවෙ නෑ උදේ"

"දැන් බඩගිනිද?"

"එච්චර නෑ"

"යනගමන් කන්න අරන් දෙන්නද ගිහින්ම කනවද"

"ගිහින්ම කමු"

"හ්ම්ම්ම්ම්"

ජිමින් ආයෙත් ඉස්සරහ බලාගන වාහනේ එලෝනව

"මේ ජිමින්"

"ම්ම්ම්ම්"

"ඇත්තටම කොහෙද යන්නෙ?"

"කිව්වනෙ ප්‍රශ්න අහන්න එපා කියලා"

"පුහ්!"

"ඇයි මොකෝ"

"හරි ලොකුකම"

"එහෙම තමා මං ප්‍රින්ස් එරික් නෙ!"

ඒ කිව්ව එකට මට බකස් ගාලා හිනා ගියා.. ජිමිනුත් ඉස්සරහ බලාගනම හිනාවෙනවා.. මං එහෙම්ම ශීට් එකට ඔලුව තියාගන ඇස් පියාගත්තා
.
.
.
.
.







ඒකාකාරි ගමන වෙනස් වුනා කියලා දැනෙනවත් එක්කම මූනට රස්නෙ හුලගක් යන්තම් වැදුනා.. මං ඇස් ඇරලා බලද්දි ජිමින් මගේ මූනට එබීගන බලන් ඉන්නවා.. ගැස්සුන පාර මගේ ඔලුව ගිහින් ශටර් එකේ වැදුනා

"ආයිශ් ජිමින් මං බයවුන තරමක්!!"

"නැගිටින්න අපි තැනට ආවා"

හිනාවෙවී එහෙම කියලා මගේ ශීට් බෙල්ට් එකත් ගලෝලා එයා කාර් එකෙන් බැස්සා. මාත් ඈලි මෑලි ඇරලා කාර් එකේ දොර ඇරගන එලියට බැස්සා.. දැකපු දෙයින් මගෙ ඔලුව පිස්සු වැටුනා කිව්වොත් හරි.. අක්කර සීයක් විතර ලොකු තැනිතලාවක ඩේසි මල් යායට වවලා.. පුදුම තරම් ලස්සනයි හරියටඅ සුරංගනා ලෝකයක් වගේ

මං කාර් එකයි ජිමින් වයි දෙන්නවම පාස් කරගන ඉස්සරහට ගිහින් හිටගත්තා.. පුදුම තරම් ලොකු මල් යායක්. මේ කෙලවරේ ඉදන් එහා කෙලවර දිහා බැලුවාම පේන්නෙ නැති තරම්..මගෙ ඇසුයි කටයි ඔක්කොම ඇරුනා ඒ ලස්සන දැකලා..

හිතේ තිබුන දුක පාලුව විනාඩි ගානකට නැත්තටම නැති වෙලා ගියා.. මේ ගෙවුන කාලෙට පලවෙනි වතාවට එක විනාඩි ගානකට ටේහ්‍යුන් ව මගෙ හිතෙන් අමතක කරන්න මේ දැකපු ලස්සන දර්ශනේට පුලුවන් උනා.. ඒක හරියට බෙහෙතක් වගේ මගේ හිතට දැනුනෙ

"ලස්සනයි නේද?"

ජිමින් අත් දෙකත් පිටිපස්සට කරගන මං ගාවට ඇවිත් හිටගත්තා.. මං ඔව් කියන්න ඔලුව වැනුවා විතරයි කටෙන් වචන එන්නෙ නෑ වගේ. මං වශී වෙලා වගේ හතර වටේම බල බල හිටියෙ..

"ඔතන දිගටම ඉන්නද හදන්නෙ? යං ඇතුල්ට"

ජිමින් මගෙ අතෙන් ඇදගන වගේ පොඩි හුරුබුහුටි ගේට්ටුවකින් ඇතුල්ට ගියා.. මං ඒ යනකලුත් බලාගන ගියේ මල් දිහා

"මෙතන මොකද්ද ජිමින්?? මං කවදාවත් දැකලා නැ මෙච්චර මල් ගොඩක්"

මල් පෙත්තක් සිනිදුවට අතගාන ගාමන් මං ජිමින් ගෙන් ඇහුවා.. මුලු තැනිතලාවම මල් වලින් පිරිලා හරියට චිත්‍රයක් වගේ ලස්සනයි

"ම්ම්ම් මේක මගෙ ඉඩමක්.."

"ඔයාගේ??"

"මගෙ කිව්වට කලින් නම් අබුජි ගේ ගිය අවුරුද්දෙ ඉදන් මගේ"

"වාහ්... මේවගෙ තැනක් තනි මනුස්සයෙක්ට අයිති කියලා හිතන්නවත් බෑ"

මං කටත් ඇරගන හතරවටේ බලන ගමන් එහෙම කියද්දි ජිමින් ගේ මූනෙ ලස්සන හිනාවක් ඇදුනා

"අපි මල් වවලා කොරියාවට වගේම පිටරටටත් යවනවා..තව මෙතන ශූටින් වැඩ වලට එහෙමත් ගන්නවා"

යායට වවලා තියන මල් දිගේ අත ගෙනියන ගමන් මං ජිමින් ගෙ කතාවටත් කන් දීගන හිටියා

"ඔයා නිතරම මෙහෙ එනවද?"

"ම්ම් ගෙදර අය එක්ක එනවා..ඒ ආවම දවසම ඉදලා රෑට අපේ ෆාම් හවුස් එකේ නැවතිලා උදේට යන්නෙ.. නැත්තම් හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියන දවසට ඇවිත් දවසම වගේ ඉදලා යනවා.. පහුගිය දවස් වල නම් නිතරම මං මෙහෙ ආවා"

මං ජිමින් වත් පහු කරගන මුලු තැනිතලාව වටේම ගියා.. කොච්චර ඇවිද්දත් කිසි මහන්සියක් දැනුනෙ නෑ.. ඩේසි මල් හරි ලස්සනයි.. ඒ එක්කම මට මතක් වුනේ මගේ ලිලී මල කිය කිය මං ගාවට වෙලා හිටිය මගේ ටේ ව.. ඩේසි මලක් අතගාන ගමන් ඒ මතක් වුන දේ හින්දා මගෙ ඇස් වලට මටත් හොරෙන්ම කදුලු ආවා..

අද මේවගේ ලස්සන තැනක මට එයා එක්ක ඉන්න තිබ්බනම් කියන සිතුවිල්ල එක්ක මහ දුකක් මගෙ හදවත පසාරු කරගන ගියා..

"ඔය මලට ඔච්චර ආසද?"

ජිමින් ගෙ කටහඩින් මං හිටිය හීන ලෝකෙන් බිමට ආවා..එයා මගෙ ලගට ඇවිත් මං දැක්කෙත් නෑ

"අහ්?"

"මං බලාගන හිටියෙ දැන් සෑහෙන්න වෙලාවක ඉදන් ඔය මල අල්ලගෙන ඒ දිහා බලාගන ඉන්නවා.. අනිත් මලුත් ඕක වගේම තමයි"

දෙන්න උත්තරයක් නොතිබුන හින්දා මං මලෙන් අත අරගන ජිමින් එක්ක හිනාවුනා..

"බඩගිනිද ඔයාට?"

"අපෝ නෑ"

ගර්ර්ර්ර්ර්ර්ර්

ජිමින් ඇස් ලොකු කරගන වට පිට බලද්දි මං ටක් ගාලා බඩ තද කරලා අල්ලගත්තා.. කන්න ඕනෙ කියන දේ මට අමතක වුනාට බඩට අමතක වෙලා නෑ

ඔයාට ඇහුනද ඒක..මොකද්ද ඒ සද්දෙ?"

ජිමින් ඇස් දෙකත් කුරුම්බා සයිස් කරගන හතරවටේ කැරකෙනවා

" ම් මොන සද්දෙද?"

"ඇයි අනේ මේ හරියෙන් දැන් අමුතු සද්දයක් ආව ඇහුනෙ නැද්ද?"

"න් නෑනේ.. මොකෙක් හරි පොඩි සතෙක් වෙන්නැති"

"සතෙක්???"

"ඔව් අනේ සතෙක්"

ගර්ර්ර්ර්ර්ර්

ඒ පාර නම් කලින්ටත් වඩා සද්දෙන් මගෙ බඩ කෑගැහුවා.. ජිමින් ගල් වෙලා වගේ මගෙ බඩ දිහා බලලා ඇස් දෙකත් ලොකු කරගන මගෙ මූන දිහා බැලුවා. මට කරගන්න දෙයක් නෑ.. ජිමින් තප්පරයක් දෙකක් විතර මං දිහා බලාගන ඉදලා ජිමින් මහ හයියෙන් හිනාවුනා.. ලැජ්ජ හිතුනත් එයා හිනාවෙන විදිය දැක්කාම මට ඊටත් වඩා හයියෙන් හිනා ගියා.. අන්තිමේ අපි දෙන්නම මහ හයියෙන් හිනාවුනා

"මෝඩ කෙල්ල.. අර කහ පාට මල් පිරුන ගහ ගාව තියන ටේබල් එකෙන් ඉදගන ඉන්න.. මං කෑම අරගන එන්නම්"

ජිම්න් මගෙ ඔලුවට තට්ටුවක් දාගන හැරිලා තැනිතලාව කෙලවරේ තිබුන පොඩි ගෙයක් වගෙ එකක් ඇතුල්ට ගියා. මං ගිහින් ජිමින් පෙන්නපු ටේබල් එකෙන් වාඩි වුනා.. චූටි චූටි කහ පාට මල් පිරුන ලොකු ගහක්.. ඒ මල් වැටිලා ටේබල් එකයි පුටුයි ඔක්කොම වැහිලා. මං එතන ඉදගන වටපිට බල බල හිටියා.

ටිකකින් ජිමින් අත් දෙකේම,කෑම ප්ලේට් දෙකක් තියාගන කලිසම් සාක්කු දෙකෙ බීම බොතල් දෙකකුත් දාගන ටේබල් එක දිහාවට හිමින් හිමින් ඇවිදගන එනවා . මං දුවලා ගිහින් එයාගෙ අතේ තිබ්බ ප්ලේට් එකකුයි බීම බෝතලේකුයි අරගත්‍තා

"මං කයි කියලද දුවගන ඇවිත් කෑම ප්ලේට් එක උදුරලා ගත්තෙ?"

"ඔය කිව්වෙ ඉතින්.. මං ආවෙ පව් හින්දා උදව් කරන්න"

"හරි හරි මෝඩි.. යං"

ජිමින් එහෙම කියලා අතේ තිබ්බ කෑම ටික ටේබල් එක උඩින් තියලා ආයෙ ගිහින් තව කෑම අරන් ආවා.

ටේබල් එකට ඇවිත් අපි දෙන්නම කන්න පටන් ගත්‍තා.. ප්ලේට් පුරෝලා කෑම ජාති ගොඩක් ගෙනල්ලා.. වටේ තියන ලස්සන පරිසරෙයි බඩේ තිබ්බ ලස්සන බඩගින්නයි එක්ක ඒ කෑම ටික ඉවරකරන්න නම් මහ වෙලාවක් ගියෙ නෑ..

කාලා ඉවර වෙලා ඉදගන හිටිය පුටුවට හේත්තු වෙලා මං තැනිතලාවට ඈතින් පේන කන්ද දිහා බලාගන හිටියා.. ආයෙත් පුරුද්දට වගේ මට මතක් වුනේ ටේහ්‍යුන් ව. අදවගේ දවසකවත් මගේ ගාව එයා නෑ.. ඔයාට ඇත්තටම මාව මතක නැද්ද ටේ?

"ජූරි..."

ජිමින් ගෙ කටහඩින් ගැස්සිලා පියවි ලෝකෙට ආව මං ඇස් දෙකට උනපු කදුලු ටික එහෙම්ම ඇස් දෙකේම හංගගත්තා. කතා කලේ ඇයි කියලා බලන්න මං ජිමින් දිහා බැලුවත් එයා හිටියෙත් ඈත බලාගන.. ටික වෙලාවක් මං ඒ මූන දිහා බලාගන හිටියෙ කතා කලේ ඇයි කියලා දැනගන්න.. ඈත තිබුන ඇස් දෙක ජිමින් මගෙ පැත්ත හැරෙව්වා

"හැපි බර්ත්ඩේ ජූරි.."

ඒ වචන ටික ඇහෙද්දි මට ගොඩක් පුදුම හිතුනා.. ඔව් අද මගේ උපන්දිනේ.. ඒක මටත් මතක් වුනේ අද උදේ අම්මා මට විශ් කරලා හවසට තෑග්ගක් ගේන්නම් කියලා ගියපු හින්දා.. ඒත් වෙලාව යද්දි මට එහෙම්ම ආයේ ඒක අමතක වුනා..

"ඔ..ඔයා දන්නෙ කොහොමද??"

"උවමනාව තියනවනම් ඕනෙ දෙයක් දැනගන්න පුලුවන්"

ජිමින් එහෙම කියලා ආඩම්බර හිනාවක් දාන ගමන් ආයෙත් ඉස්සරහ බලාගත්‍තා..මං තාමත් හිටියෙ ජිමින් දිහා බලාගන.. ජිමින් ට මගේ උපන්දිනේ හොයාගන මට විශ් කරන්න උවමනාවක් තිබ්බා.. ඒත් මගේ ටේ!

එයා මං ඉන්නවද නැද්ද කියලවත් දන්නැතුව ඇති.. උපන්දිනේ වුනත් මගෙ හිතට දැනුනෙ ලොකු දුකක්.. මං ඒ නපුරට ඇයි මෙච්චර ආදරේ කරන්නෙ කියලා මට හිතාගන්න බෑ.. එයාට මාව වටින්නෙ නැතුව ඇති ඒකයි මෙහෙම කරන්නෙ.. ඇස් දෙකට ඉනුව කදුලු මට තවත් හංගගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.. මාවත් තල්ලු කරගෙන හිතේ දුක ඉස්සර වුනේ ලොකු ඉකිබිදුමකුත් එක්ක.

"ජුරී... ඇයි මේ අඩන්නෙ??"

මූන බිමට හරෝගන ඉකි ගහනකොට ජිමින් මගෙ නිකටෙන් අල්ලලා මගේ මූන ඉස්සුවා.. එයා කලබල වෙලා කියලා කටහඩෙන් මට තේරුනා. හොදට ඉදලා එකපරට අඩනකොට කවුද කලබල නොවෙන්නෙ. ඇයි අඩන්නෙ කියලා ඇහුවට පස්සෙ මගෙ දුක තවත් වැඩිවුනා වගේ මට දැනුනේ.. මට කලින්ටත් වඩා හයියෙන් ඇඩුනා

"නම් ජූරි මාව පිස්සෙක් නොකර කියනවා මේ මොකද අඩන්නෙ කියලා? මගෙන් මොකක් හරි වැරැද්දක් වුනාද ඔයාට?? එහෙම උනානම් මට සමාවෙන්න.. ජූරි!! .. අඩන එක නවත්තන්න"

කිසි වැරැද්දක් නොකර අඩන්නෙ ඇයි කියලවත් නොදැන ජිමින් සමාව ගන්නවා. මං ඒ මූන දිහා බැලුවෙ එයා ගැන දුක හිතුන හින්දා. මං අඩන හේතුව ජිමින් ට කිව්වොත් එයාට දුක හිතෙනවා කියලා මං දන්නවා. ඒත් මං වෙන කාටද කියන්නෙ මට උදව් කරයි කියලා විශ්වාස කරන්න පුලුවන් එකම කෙනා ජිමින් විතරයි.. මොන දේ කරලා හරි ටේහ්‍යුන් ව දකින්න ඔනෙ කියන දේ මට තවත් ඉවසන් ඉන්න බෑ..

"ජ් ජිමින්.. අනේ මාව ටේහ්‍යුන් ගාවට එක්කන් යන්න"

මං කියන දේ ඇහුනා විතරයි ජිමින් ගෙ අත් මගෙ නිකටෙන් අයින් උනා..එයා ලොකු හුස්මක් අරන් මගෙ ඇස් දිහා කෙලින් බැලුවා

"ටේ ව මතක් වෙලාද ඇඩුවෙ?"

මං ඔව් කියන්න ඔලුව වැනුවා

"මාත් ඌව හම්බෙන්න දවස් දෙකක්ම ගෙදර ගියා ජූරි.. ඒත් අජුම්මා ඒ දවස් දෙකේම කිව්වෙ ඌ ගෙදර නෑ කියලා.. නම්ජූන් හ්‍යුනුත් බිස්නස් වැඩවලට අන්කල් එක්ක ඇමරිකා ගිහින් හින්දා හ්‍යුන් ගෙනුත් විස්තරයක් අහගන්න විදියක් නෑ.. ආන්ටි, සීයායි ඉන්නෙත් සෝල් වලින් පිටලු. කුකා ගෙන් ඇහුවත් ඌ කිව්වෙත් කෝල් ගත්තත් විනාඩි පහක්වත් කතා කරන්නෙ නෑ කියලා නම්ජූන් හ්‍යුන් කිව්වෙත් ඒකමයි.. කුකා ගේම් ගහන්න කවුරුත් නෑ කියලා නහයෙන් අඩනවා. මට හිතෙන්නෙ ටේ අපිව මගාරිනවා"

ජිමින් කිව්ව දේවල් අහගන හිටියත් මට ටේ ව බලන්න ඕනි කියලා තිබ්බ හැගීම දශමයක්වත් වෙනස් වුනේ නෑ..

"අනේ ජිමින්.. මාව එහෙ එක්කන් යන්න චෙබල්. එකම එකපාරක් මට ඒ මූන බලලා එයා හොදින් කියලා දැනගන්න ඕනෙ.. චෙබල් චෙබල්"

මං මගෙ අත් එකතු කරලා ජිමින් ට වැන්දා.. ඒ තරමටම ටේහ්‍යුන් ව දකින්න මගෙ හිතේ තිබ්බ උවමනාව මාව අසරන කරලා තිබ්බෙ.. මං හයියෙන් ඉකි ගහන ගමන් ජිමින් දිහා බැලුව. කවදාවත් කිසිම කෙනෙක් ඉස්සරහ මං මේතරම් අඩලා නෑ.ඒත් මගෙ ටේ අද මාව ඒ තැනට පත් කලා.. ඇඩුවා වැඩිකමටද කොහෙද මගෙ ඔලුවෙන් දරාගන්න බැරි තරමෙ ලොකු වේදනාවක් ආවා..

"ජූරි අඩන එක නවත්තගන්න.. ඔහොම ඇඩුවොත් මං එක්කන් යන්නෙ නෑ.... හරි හරි මං එක්කන් යන්නම්, කෝ මේ බලන්න"

ජිමින් ආයෙත් මගෙ මූන උස්සලා එයාගෙ පැත්ත හැරෙව්වා

"ජ් ජූරි.. ඔයාගෙ නහයෙන් ලේ එනවා!!"

ජිමින් මහ හයියෙන් කෑගැහුවාම මගෙ ඇඩිල්ලත් එකපාරටම නැවතුනා.. මං තප්පරයක් විතර ඒ මූන දිහා බලාගන හිටියෙ කිව්ව දේ එකපාරට මගෙ ඔලුවට ගියෙ නැති හින්දා.

"මොකක්??"

"ඔයාගෙ නහයෙන් ලේ එනවා"

ජිමින් එහෙම කියලා කලබලෙන් වටපිට බලලා ටේබ එක උඩ තිබ්බ ටිශූ එකක් අරන් මගෙ නහය පිහිදුවා.. එයා හොදටම කලබල වෙලා.. එකාපාරටම මට මතක් වුනා පාර්ටි එක දවසෙත් මට මේකම වුනා නේද කියලා..ජිමින් ටිශූ එක විසිකරලා මගෙ ලගට ඇවිත් මගෙ කම්මුල් දෙකෙන් අල්ලගෙන මූනට එබුනා

"ජූරි..ඔයා හොදින්ද? මං කිව්වා අඩන්න එපා කියලා.. ඔයා අසනීපෙන්ද?"

ජිමින් ගෙ ඇස් වල කදුලු දිලිසෙනවා.. එයා ඇස් දෙකත් ලොකු කරගන මගෙ මූනත් මිරිකගෙන මං දිහා බලාගන ඉන්නවා.. ඔලුව පුපුරන්න තරම් රිදුනත් මං හිනාවුනා.

"මම හොදින් ජිමින්..ඔයා ඔහොම මූන මිරිකද්දි නම් රිදෙනවා"

ජිමින් ටක් ගාලා මගෙ මූනෙන් ඒ අත්දෙක අයින් කරගත්තා.ඒත් ඒ මූනෙ තිබ්බ කලබල ගතිය නම් අඩුවෙලා තිබ්බෙ නෑ

"බයවෙන්නෙපා.. එදා පාර්ටි එක දවසෙත් මෙහෙම වුනා.. අඩපු හින්දා වෙන්නැති. මම හොදින්.."

" එදත් වුනා??? ඇයි මට කිව්වෙ නැත්තෙ. තමුසෙට තමුසෙගෙ ජීවිතෙ සෙල්ලමක්ද කියනවා!"

ජිමින් තරහෙන් කෑගැහනවා.. ඒ මූනත් රතුවෙලා. ජිමින්ගෙ කටහඩට මාව ගැස්සුනා.. මෙච්චර කලබල වෙන්න තරම් දෙයක් වුනේ නෑ..

"ජ් ජිමින්.. ඇයි මේ මම හොදින්.."

මං ටිකක් සද්දෙ අඩු කරලා එහෙම කිව්වාම ජිමින් ටික ටික සන්සුන් වුනා කියලා මට දැනුනා. ඒත් එයා දිගටම මගේ මූන දිහා බලාගන හිටියේ

"මම හොදටම හොදින්.. මං මෙතන ටිකක් ඔලුව තියාගන හාන්සි වෙනවා"

මං එහෙම කියලා පුටුවට හේත්තු වෙලා ඇස් පියාගත්තෙ ඔලුවෙ කැක්කුම ඉවසන්න බැරිවුන හින්දා
.
.
.
.
.
.








ඉර එලිය මූනට වැටුන හින්දා මං අමාරුවෙන් හිමීට ඇස් ඇරලා බැලුවා..ඉරත් බැහැගන යනවා. එතකොටයි මට මතක් වුනේ මං ජිමින් එක්ක එලියට ආවා කියලා.. ඔලුව උස්සන්න හැදුවත් ඔලුව උඩ මොකක් හරි බරක් තියනවා කියලා දැනුන හින්දා මං ඔලුව හරෝලා බැලුවා.. ජිමින් මගෙ ඔලුව උඩ ඔලුව තියාගන නිදි. මං හිටියෙ එයාගෙ උරහිසේ ඔලුව තියාගන..

මං හිමීට ඒ උරහිසෙන් ඔලුව අයින් කරගන ජිමින් ගෙ ඔලුව පුටුවට හේත්තු කලා.. හොදටම හවස් වෙලා. උදේ ආව ගමන් නේද මේ කියලා මතක් වුනේ දැන්..මොනා නැතත් හවස් වෙනකොට නම් මේ තැනිතලාව උදේටත් වඩා ලස්සනයි..තැබිලි පාටට ඉර එලිය වැටිලා. හිම වැටෙන්නත් ලග හින්දා ලාවට සීතලකුත් එනවා..

"ජිමින්.. ඉක්මනට නැගිටින්න..."

මූන දැක්කාම නැගිට්ටවන්න ලෝබ හිතුනත් හොදටම පරක්කු වෙලා හින්දා මං ජිමින්ගෙ මුනට තට්ටුවක් දාලා එයාව් නැගිට්ටෙව්වා.. ඇස් දෙකත් පොඩි කර කර ලොකු ඈනුමකුත් යවන ගමන් තමා එයා නැගිට්ටෙ.. පොඩි ලමයෙක් වගේ

"හොදට නිදාගත්තා නේද?? දැන් හොදටම හවස් වෙලා. යමු.."

ජිමින් ඉර එලිය දිහා බලාගන ඇස් දෙකත් පොඩි කරන ගමන් හා කියලා ඔලුව වැනුවා.

___

"මං යන්නම් ජිමින්"

මං කාර් එකෙන් බැහැලා ජිමින් ට බායි කියාගන කැෆේ එක ඇතුල්ට ගියා.. කැෆේ එක ඇරලා හැබැයි කට්ට කලුවරයි. කස්ටමර් ඒරියා එකත් එහෙමයි.. කැශියර් එක ගාවත් කවුරුත් නෑ වගේ කිසි සද්දයක් නෑ

"සොන් හී..."

කතා කලාට කවුරුත් එලියට ආවෙත් නැති හින්දා මං කිචන් එක පැත්‍තට යද්දි එකපාරට ඩෝං ගාලා සද්දයක් ආවා.මං බයවුන පාර මට කෑගැහුනා.පපුවත් අල්ලගෙන පිටිපස්ස හැරෙද්දි එකපාරටම ලයිට්ස් ඔන් වුනා..මුලු කැෆේ එකේම බැලුන් එල්ලලා සරසලා..

දොර ගාව කේක් එක්කුත් අතේ තියාගන ජිමින් හිනාවෙවී ඉන්නවා.. සොන් හී යන්ග් සෝ ඔප්පයි ඊට පිටිපස්සෙ.. සොන් හී බැලුමක් පුපුරෝලා ඒක තමා ඩෝං ගාලා තියෙන්නෙ එයාගෙ අතේ බැලුම් කෑල්ලක්..

"සප්‍රාආආආයිස්!!" සොන් හී කෑගහගන දුවගන ඇවිත් මාව බදාගත්තා..

"හැපි බර්ත්ඩේ ජූරියෝ"

"මොකද මේ.. මං හොදටම බයවුනා මෝඩි!!"

ජිමින් කේක් එකත් අරන් හිනාවෙවී මං ගාවට ආවා.. මේගොල්ලො ප්ලෑන් කරල තමයි මාව උදෙන්ම රවුමක් එක්කන් ගිහින් තියෙන්නෙ.. මට දැනුයි ඔක්කොම තේරුනේ..

"සෙන්ග් ඉල් චුකා හම්නිදා..සෙන්ග් ඉල් චුකා හම්නිදා.. ජිගු ඒසෝ උජි ඒ සෝ .. සෙයිල් සාරන්ග් හම්නිදා"

මං කේක් එක දිහා බලලා ජිමින් ගේ මූන බලනකොටම වගේ දොර පැත්තෙන් කටහඩවල් ගොඩක් ඇහුන හින්දා මං ජිමින් ලගින් බෙල්ල දික් කරලා දොර දිහා බැලුවා

යුන්ගි ඔප්පා,ජින් ඔප්පා,හෝබි ඔප්පා,සොන් හී,යුන්මි,ජන්ග්කුක්,ඉන්හා,හනා ඔක්කොම ඇවිත්..

ඔක්කොමත් හරි පිටිපස්සෙන්ම ඔම්මාත් හිනාවෙවී අප්පුඩි ගගහ එනවා. මං කටත් ඇරගෙන ඇස් දෙකත් ලොකු කරගන ඒ දිහා බලාගන හිටියේ මේක කොහෙත්ම බලාපොරොත්තු වුනේ නැති දෙයක් හින්දා

"සතුටුයි නේද??"

ජිමින් මං දිහා බලලා හිනාවෙවි ඇහුවා.. ඒ ඇසුත් සතුටින් දිලිසෙනවා.. ඇත්තටම මට පුදුම සතුටක් දැනුනේ.. මං හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක් තමයි මේක. මට දැනුන සතුට කියාගන්න බැරිවුනා.. මං ජිමින් දිහා බලලා ඔව් කියන්න ඔලුව වැනුවා..

"ජූරි හැපි බර්ත්ඩේ.. "

"හැපි බර්ත්ඩේ ඔන්නි"

"හැපි බර්ත්ඩේ බටූ"

හැමෝම මං ගාවට ආවා.. මං කලේ ඒ මූනු දිහා බලලා හිනාවුන එක.

"මගෙ ජූරිට දැන් විස්සයි... පොඩි නෑ දැන්"

එහෙම කියලා ඔම්මා මං ගාවට ඇවිත් මගෙ නලල ඉම්බා.. ඒ ඇස් වල කදුලු.. මං ඔම්මාව බදාගත්තෙ එයා අඩන්න ඔන්න මෙන්න හිටිය හින්දා

"විස්සයි??? මට තාම දෙකේ පන්තියේ වගේනෙ පේන්නෙ"

ජන්ග්කුක් ගේ කතාවට අපි ඔක්කොටම හිනා ගියා.. ඔම්මටත් හිනා

"කවුද මේවා ඔක්කොම ලෑස්ති කලේ"

මං යන්ග් සෝ ඔප්පා දිහා බලලා ඇහුවෙ ඇත්තටම ලොකු කුතුහලයක් තිබ්බ හින්දා

"අයිඩියා එකනම් ජිමින් ගේ.. අපි ඔක්කොම ඉතින් ඒකට සපෝර්ට් කලා"

යන්ග් සෝ ඔප්පා ජිමින් ගෙ පිටටට් තට්ටු කරන ගමන් කිව්වාම මං ජිමින් දිහා බලල ස්තූතියි කියලා කියන්න හිනාවුනා

"මං කැෆේ එකේ නම්බර් එක හොයාගන කෝල් කලේ බයෙන්.. ඒත් විස්තරේ කිව්වාම හ්‍යුන් එක පයින් කැමති වුනා.. හ්‍යුන් දැන් මගේ බොක්ක"

ජිමින් එහෙම කියන ගමන් යන්ගසෝ ඔප්පාගෙ කරට අත දාගත්තා..

"මේ හ්‍යුන් බොක්ක නම් අපි මොක්කුද යටි බඩවල්ද?"

ජන්ග්කුක් එහෙම කියාගන ජිමින් ගෙ බඩට පාරක් ඇන්නාම ඔප්පලා ටිකත් ඇවිත් ජිමින් ට කිචි කවන්න ගත්‍තා

"හෝව් හෝව් හ්‍යුන් අනේ ඇති.. කුකා නවත්තහන් බන් කේක් එක වැටෙයි!!"

"ජූරි ප්‍රාර්ථනාවක් කරලා ඉටිපන්දම් නිවලා කේක් එක කපන්න"

මං ඉටිපන්දම් නිවන්න තප්පරේකට කලින් ආයෙත් දොර දිහා බැලුවෙ මගේ ටේ අන්තිම මොහොතෙ හරි එයි කියලා හිතුන හින්දා..ඒක තමයි මගේ එකම ප්‍රර්තනාව වුනේ. ඒත් එයා ආවෙ නෑ..ටේ අද මෙතන හැමෝම ඉන්නවා ඔයා විතරයි නැත්තේ.. ඔයාට මාව ඒතරමටම එපාද ටේ??

කදුලු අස්සෙන් හිනාවෙන ගමන් මං ඉටිපන්දම් නිවලා කේක් එක කැපුවා.. අපි ලග මොන තරම් දේවල් තිබුනත් වැඩක් නෑ හිත හොයන ආදරේ, සතුට ලග නැත්තම්.. සැනසීමක් දැනෙන්නෙ හිත හොයන දේ අපි ලග තිබුනොත් විතරයි






.
.
.
.

"මං ඔයාට පොඩි ගිෆ්ට් එකක් ගත්තා"

හැමෝම හිටියෙ එක එක තැන්වල.. ඔප්පලා ටිකයි ජන්ග්කුකයි යන්ග් සෝ ඔප්පා එක්ක බර කතාවක්..

සොන්ග් හී,ඉන්හා,යුන්මි හේ වොන්, හනා තව මුල්ලක ලොකු කයියක්..ඔම්මා හේ වොන් ලා එක්ක කතා කර කර ඉදලා ටිකකට කලින් ගෙදර ගියා .මාත් එයාලත් එක්ක කතා කර කර ඉදලා කාටවත් නොදැනෙන්න පැත්තකට ආවෙ ටේහ්‍යුන් ව මතක් වුන හින්දා.. මෙතන එයත් හිටියනම්....
ටේ ගැන කල්පනා කර කර ඉද්දි ජිමින් මං ගාවට ආවෙ පොඩි බොක්ස් එකක් අතේ තියාගන

"අනේ මේ දුන්න දේවල් වැඩිත් එක්ක ජිමින්.. තව තෑගි ඕනි නෑ මට"

මං එහෙම කිව්වෙ ඇත්තටම ජිමින් මං වෙනුවෙන් කරන දේවල් ඕනාවටත් වටා වැඩි කියලා මට හිතුන හින්දා

"විස්ස ලැබුවා විතරයි පන්ඩිත වෙලා... මෙන්න මේක ගන්නවා මං ආසාවෙන් ගෙනාවෙ"

ජිමින් මගෙ දිහාට අතේ තිබ්බ බොක්ස් එක දික්කලා.. එපා කියන්න බැරි හින්දා මං ගත්තා.. ..ඒක ඇතුලෙ තිබ්බෙ බේබි පින්ක් කලර් එකේ චූටි jewel අල්ලපු J අකුරෙ පෙන්ඩන්ට් එකක් එක්ක තියන චූටි ලස්සන නෙක්ලස් එකක්.. ඒක හරිම කියුට්

"අනේ ලස්සනයි"

මට ඒ නෙක්ලස් එක එහෙ මෙහෙ හරෝන ගමන් ඉබේටම කියවුනා

"ආසයිද?"

"ඔව් ගොඩක්.. ඒත් මට මේක ගන්න බෑ.. මේක ගොඩක් වටින පාටයි"

"අහ් ඔන්න ඔන්න ඉතින්... ගත්තෙ නැත්තම් මං එක්කන් යන්න කිව්ව දිහා එක්කන් යන්නෙ නෑ.අනික ඕක බර්ත්ඩේ ගිෆ්ට් එකක් එපා කියන්න බෑ!"

කොහොමහරි ජිමින් ගෙ හිත රිද්දන්න බැරි හින්දා සහ මට මගෙ ටේ බලන්න යන්නම ඕනි හින්දා මං නෙක්ලස් එක ගත්තා

"ඒක නෙවේ J කියන්නෙ ජූරි නේද"

"ම් - අහ් මේ ඔව් J කියන්නෙ ජූරි තමයි.. හරි හරි ඒ පන්ඩිතකම් වැඩක් නෑ දැන් ඕක දාගන්න"

ජිමින් නෙක්ලස් එක මගෙ බෙල්ලට දාලම මිසක් මෙතනින් යන පාටක් නෑ. ඒ හින්දා මං ඒක බෙල්ලට දාගත්තා.. පිටිපස්සෙන් ගාංචුව දාන්න අමාරු හින්දා නෙක්ලස් එක ඉස්සරහ හරවන්න ගිහින් ඒක කොන්ඩෙ පැටලුනා

"අයියෝ.. කෝ ඉන්න මං දාන්නම්"

ජිමින් එහෙම කියලා එකපාරටම මගෙ බෙල්ල වටෙන් පිටිපස්සට අත් දෙක දාල නෙක්ලස් එකේ ගාංචුව තද කලා.කරපු දෙයින් ගැස්සුන පාර මං ජිමින් ගේ මූන දිහා බැලුවා.. එයත් එවෙලෙම වගෙ මගේ මූන දිහාවට ඒ ඇස් පාත් කරලා තප්පරයක් දෙකක් මගෙ මූන දිහා බලාගන ඉදලා ටක්ගාලා මගෙන් ඈත් වුනා

"හෙට මං ටේ ව බලන්න එක්කන් යන්නම්"

ජිමින් එහෙම කියලා අඩියට දෙකට ඔප්පාලා ඉන්න පැත්තට ගියා

___

Continue lendo

Você também vai gostar

426K 16.1K 44
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
16.4K 6.5K 78
අපිට හුස්මගන්න වාතය ඕනේ තරමටම අපිට අපි ආදරේ කරන අයගෙන් ඒ 'ස්පර්ෂය' ඕනේ වෙනවා... ~ඒත් මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඒ මිනිස් 'ස්පර්ෂයේ' වැදගත්කම..... ...
42.4K 10.7K 52
මම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම...
3K 948 8
"යුන්ගියා මන් ඔයාට ලොකූඌඌඌඌම ලොකු උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...