ජිමින් pov
මගෙ ජූරි අද මාරම ලස්සනයි.. හරියට චූටි සුරංගනාවියක් වගෙ..
එයාව දැක්කාම මට හිතුනෙම අල්ලලා මිරිකන්න.. එයත් මං දිහා කටත් ඇරගන බලාගන ඉන්නව.. මගෙ ලස්සනට වශී වෙලාද කොහෙද..
කට්ටියත් එක්කම ස්ටේජ් එක පැත්තට යනකලුත් මං බලන් හිටියෙ ජූරි දිහා.. කෙල්ල බෙල්ල කරකව කරකව කාවද හොයනවා.. කාවද හොයන්නෙ ඇහුවට කිව්වෙ නෑ හිනාවුනා විතරයි..ඒ හිනාව.
අනේ මන්දා මට හිතෙනව මගෙ මොලේ ජූරිව ඕනාවටත් වඩා මගෙ ඇස් වලට ලස්සනට පෙන්නනවා කියලා.. මොකද අපේ කොලේජ් එකේ ජූරිට වඩා ලස්සන කෙල්ලො ඕනෙතරම් ඉන්නවා ඒත් මට ඒ හැමෝටම වඩා ලස්සනක් මේ පොඩි කෙල්ලගෙන් පේනවා..
ඒ ඇයි?? මං එයාට ආදරෙයිද??
ඔව් මං ජූරිට ආදරෙයි.
ස්ටේජ් එක යටට ගිය ගමන් කෙල්ල ගවුමත් උස්සගෙන ගායලුයි ඉන්හායි එක්ක දඩබඩ ගාලා ගිහින් ඉදගත්තා
මට එතන්ට වෙලා ඉන්න වුනේ නෑ. හ්‍යුන් ලා වැඩ වලට එහෙට මෙහෙට දුවන හින්දා මායි ජන්කුකයි දෙන්නත් හ්‍යුන් ලට උදව් කරන්න ගියා. ටේ පේන්න හිටියෙ නෑ. ඌ කොහෙද කියලා බලන්න ඕනෙ වුනත් වැඩ එක්ක ඒක එහෙම්ම මගෑරුනා.
වැඩ ටික යාන්තම් ඉවර වෙලා කොන්සට් එක පටන් ගත්තා
මං ආයෙත් ස්ටේජ් එක යටට ආවෙ ජූරි එක්ක හරියට කතා කරන්න බැරි වුන හින්දා එයා ලගට වෙලා ටිකක් ඉන්න හිතාගන.. තවත් මේක හංගගෙන ඉදලා තේරුමක් නැති හින්දා මං හිතුවා කොන්සට් එක ඉවරවුන ගාමන්ම ජූරිට මගෙ හිතේ තියන දේ කියනවා කියලා..
ඒත් පහලට එද්දි ජූරි පේන්න හිටියෙ නෑ
"ඉන්හා.. කෝ ජූරි?"
"අහ් ඔප්පා ජූරි ඔන්නි මෙඩිකෙයා එකට ගියා!"
"මෙඩිකෙයා එකට? ඇයි ඒ එයා හොදින් නේද?මොකද වුනේ එයාට? ආයෙත් තුවාල වුනාද?"
ඒක ඇහුවා විතරයි මං දෙලෝ රත් වුනා.. එදා මං ජෙනීට බැන්න හින්දා ඒකි ආයෙත් ජූරිට කරදර කරලද දන්නෙ නෑ.. මගෙ හිතට කේන්තියක් එක්කම ලොකු බයක් ආවා.. මං අහපු ප්‍රශ්න ගොඩට ඉන්හා මං දිහා පුදුමෙන් වගේ බලාගන ඉන්නවා.
"හෝව් හෝව් ජිමින් ඔප්පා මොකද මේ මෙච්චර tension වෙලා?
ජූරි ඔන්නිට මුකුත් වුනේ නෑ.. නම්ජූන් ඔප්පා ඇවිත් කතා කලාට පස්සෙ ඔන්නි මෙඩිකෙයා එකට යනවා කියලා ගියා.. හේතුවක් අහගන්නනම් මට බැරිවුනා. හැබැයි දැන් ගිහින් ටිකක් වෙලා. ඔප්පට පුලුවන් නම් ගිහින් ටිකක් බලනවද? ඔන්නි ජින් ඔප්පගෙ අයිටම් එක බලන්න ආසාවෙන් හිටියෙ පරක්කු වුනොත් බලන්න බැරිවෙයි "
මං ඒ කියපු සැනින් පිටිපස්සෙ දොරෙන් එලියට දිව්වෙ කොන්සට් එක පටන් අරන් හින්දා ඉස්සරහින් යන්න බැරි නිසා.. මෙඩිකෙයා එක පැත්තට යනකොට මං දැක්ක දෙයින් මාව එතනම ගල් වුනා..
මේපල් ගහ යට බෙන්ච් එකේ ජූරි කොල්ලෙක්ව කිස් කරනවා. කොල්ලා කව්ද කියලා හරියට පෙනුනෙ නෑ ලයිට් එලිය වැටිලා තිබුනෙ ජූරිගෙ මූනට විතරයි.. මට දැනුනෙ මාව වෙව්ලනවා වගේ.. ලොකු කේන්තියක් එක්කම මගෙ හිතට දැනුනෙ ලොකු දුකක්..
"නම් ජූරි!!!!!!!!!!"
මං මට පුලුවන් තරන් හයියෙන් කෑගැහුවෙ මොනා කරන්න ද කියලා හිතාගන්න බැරිවුන හින්දා.. මගෙ සද්දෙට ජූරි ඉදගන හිටිය තැනින් ගැස්සිලා නැගිට්ටා.. ඒ එක්කම ඒ කොල්ලාත් නැගිට්ටා නිකන් නෙවේ මගෙ ජූරි ගෙ අතෙනුත් අල්ලගෙන. මට කේන්තිය පාලනය කරන්න බැරිවුනා මං අඩියට දෙකට ඒ කොල්ල ගාවට ගියෙ මුගෙ හොම්බට දෙකක් අනිනවමයි කියල හිතාගන. ඒත් ලගට යද්දි මං ඒ කොල්ලගෙ මූන දැක්ක..
ටේහ්‍යුන්!!!!
__________________
ජූරි pov
කලුවරේම අපි දිහාවට ඇවිදගන ආවෙ ජිමින්. ලගට එනකල් ඒ ජිමින් කියලා මට අදුරගන්න බැරිවුනා. ඒ මූන යකෙක් වගේ.. කලින් තිබුන ලස්සන හිනාව වෙනුවට තියෙන්නෙ යක්ශ බැල්මක්.. ජිමින් ටේහ්‍යුන් ගේ මූන දැකලා එකපාරට නැවතුනා..
එයා පුදුමෙන් වගේ ටේහ්‍යුන් දිහා බලාගන ඉද්දි මාත් බැලුවෙ ටේහ්‍යුන් දිහා ඒ මූනෙ කිසි හැගීමක් නෑ.. ටේහ්‍යුන් හිස් බැල්මකින් ජිමින් දිහා බලාගන ඉන්නවා.. මං මගෙ අත ටේහ්‍යුන් ගෙ අතෙන් ගලවගන්න හැදුවත් එයා ගොඩක් තදින් මගෙ අත අල්ලගෙන හිටිය හින්දා මට ඒක කරගන්න බැරිවුනා..
"ජි ජිමින්.. ඔ ඔයා ඇයි මෙහෙ?"🙁
මෙතන තිබ්බ නිශ්ශබ්දතාවය මට ලොකු අපහසුවක් ගෙනාව හින්දා මං අමාරුවෙන් වචන ගලපගත්තා.. උන දේ හින්දා මාත් ගොඩක් බයවෙලා හිටියේ.. ඒත් ජිමින් ගෙ මූන දැක්කාම මට ඊටත් වඩා බය හිතුනා.
"උබ මොකද්ද මේ කරන්නෙ?"
ජිමින් මං කිව්ව දේ ගනන්වත් ගන්නෙ නැතුව ටේහ්‍යුන් ගාවට ගිහින් ටේහ්‍යුන් ගෙ ශර්ට් එකෙන් ඇල්ලුවා. දෙයියනේ මේ මොකද වෙන්නෙ?
"මායි ඒක උබෙන් අහන්න ඕනෙ. උබ මොකද මෙතන කරන්නෙ?"
ටේහ්‍යුන් මගෙ අත අතෑරලා ජිමින් ගෙ අත් දෙක ගසලා අයින්කරලා ශර්ට් එක හදාගන්න ගමන් ටිකක් සද්දෙට ඇහුවා
"ඔ ඔයාලා ඇයි රන්ඩු වෙන්නෙ? අනේ ඕක නවත්තන්නකො"
මට නිකන් ඇඩෙන්න වගෙ.. හොදම යාලුවො දෙන්නෙක් මේ වගේ දවසක ඇයි රන්ඩු වෙන්නෙ කියලා මට හිතාගන්න බැරිවුනා..අනික ජිමින්ට මෙච්චර කේන්ති ගන්න තරම් මොකද වුනේ
මං එහෙම කිව්වාම ජිමින් මගෙ අත හයියෙන් අල්ලගත්තා. ඇල්ලුව නෙවෙයි තද කරලා මිරිකුවා.. ඒකනම් ඇත්තටම ගොඩක් රිදුනා.. ඒත් මං කටපියාගන ජිමින් දිහා බැලුවෙ ආයි ඌයි ගාන්න ගිහින් මෙතන නාඩගමක් නටන්න ඕනෙ නෑ කියලා හිතුන හින්දා.. මේවගෙ වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි වෙලාවල් වලට සද්දෙ වහලා ඉන්න එක මගෙ හැටියක්.
ජිමින් ගෙ ඇස් දෙක දිලිසෙනවා.. මෙතන ටිකක් කලුවර වුනත් ඒක හොදටම පේනවා.ඒ කදුලුද?? ජිමින් අඩනවද?
"තමුසෙ මට කියනවා!!මට කියනවා මෙතන මොකද මෙතන වෙන්නෙ කියලා!!!"
ජිමින්ගෙ තොල් වෙව්ලනවා.. මං කවදාවත් දැකලා නෑ ජිමින් මේ තරම් කේන්තියෙන් ඉන්නවා!
"ම් මං ....."
"ජිමින් හොද හිතින් ජූරි ගෙ අත අතෑරහන්!!"
ටේහ්‍යුන් ටිකක් සද්දෙට එහෙම කියන ගමන් ජිමින් මිරිකගෙන හිටිය මගෙ අත එයත් අල්ලගත්තා..
දැන් දෙන්නම මගෙ අත මිරිකගෙන ඉන්නෙ.. දැන්නම් අත කැඩෙයි වගේ.
"ජූරි මට උත්තර දෙනවා!!"
ජිමින් ටේහ්‍යුන් දිහා බලන්නෙවත් නැතුව හයියෙන් කෑගැහුවා! එයාගෙ කටහඩ වෙව්ලනවා.
"ජූරි!! තමුසෙ මොකද මෙතන කරන්නෙ? මට කියනවා.. ජූරි මාව පිස්සෙක් කරන්නැතුව කියනවා"
ජිමින් එයාගෙ නිදහස් අතෙන් මගෙ මූන මිරිකුවා.. දැන්නම් ඉතින් මගෙ ඉවසීමත් නැතිවෙනවා. ඇයි අනේ මේගොල්ලො මෙහෙම කෑගහන්න හේතුව මොකද්ද? අනික මං ජිමින්ට තරහ යන්න දෙයක් කලේ නෑ..
"ජිමින් උබට මං කලිනුත් කිව්වා ජූරිව අතෑරහන්!!"
මං කතා කරන්න කට අරින්න හදනකොටම ටේහ්‍යුන් ජිමින් ව පපුවෙන් තල්ලු කලා.ජිමින් අඩියක් පස්සට ගියේ මාත් එක්කමයි.මේ දෙන්නම තාමත් ඉන්නෙ මගෙ අතෙන් අල්ලගෙන.
"මෙතන මොකද වෙන්නෙ!!!!"
ඒ සද්දෙය අපි තුන්දෙනාම පිටිපස්ස බැලුවා.. යුන්ගි ඔප්පා අපි දිහා තරවටු බැල්මකින් බලාගන ඉන්නවා.. අපි තුන්දෙනා දිහා බලන් හිටපු එයාගෙ ඇස් එකපාරටම ගියෙ දෙන්නත් එක්කම මිරිකගෙන හිටිය මගෙ අත් දෙක දිහාවට.ඔප්පා මගෙ අත දිහා බලලා ආයෙත් අපි තුන්දෙනා දිහා බැලුවා
"හනා නහයෙන් අඩනවා ජූරි නෑ කියලා එයාගෙ අයිටම් එක බලන්න. තව ටිකකින් අපේ අයිටම් එක තියෙන්නෙ..
ජිමින් !ටේහ්‍යුන්! ජින් ඔයාලව හොයනවා ඉක්මනට එනවා!! "
යුන්ගි ඔප්පා එහෙම කියලා ආයෙත් යන්න හැරුනා. ඒ ලැබුන අවස්තාවෙන් මං පුලුවන් තරම් හයියෙන් මගෙ අත ඇදලා අරන් ගවුමත් උස්සගෙන යුන්ගි ඔප්පගෙ පිටිපස්සෙන් ගියා. යුන්ගි ඔප්පා දැකපු කිසි දෙයක් ගැන මගෙන් වචනයක් වත් අහන්නෙ නැතුව ස්ටේජ් එක ඇතුල්ට ගියා..මටත් වුන දේ හිතාගන්න බැරුව හිටියෙ. මේ වුන දේ එක්ක මං කොහොමද ජිමින් එක්ක ඩාන්ස් කරන්නෙ!! ඔලුව එක එක විකාර වලින් පිරිලා තියෙද්දි මං උඩට ගියේ හනා ගෙ අයිටම් එක බලන්න.
හනායි යුන්ගි ඔප්පයි ජන්ග්කුකයි තුන්දෙනාම මේ අයිටම් එකේ ඉන්නව. අයිටම් එක නම් මාරම ලස්සනට තිබුනා.. ඒක ගැන ආයෙ කතා කරලා වැඩක් නෑ..
ජන්ග්කුකයි යුන්ගි ඔප්පයි මාරම ටැලන්ටඩ්..
හනාත් ඊට දෙවනි වෙන්නැතුව එයාගෙ performance එක කලා.. මං ගාව හිටිය ඉන්හා උඩ පැන පැන අත්පුඩි ගහනවා..ඒත් වුන දේ හින්දා ඔලුව එක තැනක තියාගන මට මේක බලන්න බැරිවුනා..
ටික වෙලාවකින් මං දැක්කා ජින් ඔප්පා ස්ටේජ් එක පිටිපස්සෙ එයාගෙ solo අයිටම් එක කරන්න ඉන්නවා.. ඒ කියන්නෙ ඊලගට ටේහ්‍යුන් ගෙයි ජිමින් ගෙයි අයිටම් එක. ඒත් ඒ දෙන්නා දැන් ටිකකට කලින් හැසිරුන විදියට එකට perform කරයි කියලනම් හිතන්නවත් බෑ.. මං කලබලේට එතනින් දුවලා ආවට මොකද ඒ දෙන්නා එනවද නැද්ද කියලවත් බලන්න බැරිවුනා.
දැන්නම් මගෙ ඔලුව යකාගෙ කම්මල වගේ.. මේවා හිත හිත ඉද්දි හනා එයාගෙ අයිටම් එක ඉවර කරලා ස්ටේජ් එකෙන් බැහැල හෝල් එකේ කෙලවර හිටිය මං ගාවට දුවලා ආවා.
"ඔන්නි.. ඔයා ආවද!! මං හිතුවෙ අයිටම් එක බලන්න එන්නැතිවෙයි කියලා.. මං ඔයාව ගොඩක් හෙව්වා ස්ටේජ් එකට යන්න කලින්... මං ලස්සනට කලාද ඔන්නි"
හනා ඔලුව පද්ද පද්ද හුරතල් වෙනවා..
"ඔයා ලස්සනට කලා පැටියො"
මගෙ ඔලුව නිදහස් නැති හින්දා මට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි.. මං එහෙම කියලා හනා ගෙ ඔලුව අතගෑවා..එතකොටම ජින් ඔප්පාගෙ අයිටම් එක පටන් ගත්තා. ඇත්තටම ඒ කටහඩට නම් මගෙ ප්‍රශ්නෙ විනාඩි ගානකට අමතක වුනා.. මං ඒ සින්දුව අහගන හිටියෙ හරියට දැහැනකට සමවැදිලා වගෙ.. ඒතරම් ලස්සනයි..
සින්දුව ඉවරවුන ගමන් මුලු හෝල් එකම මහ හයියෙන් අත්පුඩි ගැහුවා.. ජින් ඔප්පාගෙ මූන සතුටින් දිලිසෙනවා.. මටත් ලොකු සතුටක් දැනුනා ඒ මූන දැක්කාම. ඒත් ඒ සතුට තිබ්බෙ ටික වෙලාවයි.. ජිමින් ගෙයි ටේහ්‍යුන් ගෙයි නම් අයිටම් එක announce කලා ඊලග තප්පරේ..මගෙ කකුල් දෙක පන නෑ වගේ වුනා එකපාරටම..
විනාඩියක් යනකල් කවුරුත් ආවෙ නෑ ස්ටේජ් එකට.. මේ දෙන්නා කෝ!!!! අනේ කොන්සට් එක විනාස කරන්න නම් එපා..මං හිතෙන් ඉල්ලුවෙ කොහොමහරි දෙන්නම අයිටම් එක කරන්න ස්ටේජ් එකට එන්න කියලා..තව විනාඩියක් විතර ස්ටේජ් එක හිස් ව තිබ්බා..
මගෙ පපුව ගැලවෙන්න තරම් ගැහෙනවා.. එකපාරට ස්ටේජ් එකේ කොනකින් ටේහ්‍යුන් මතුවුනා.. මගෙ පපුව නැවතුනා වගේ.. ඊලග තප්පරේම ජිමිනුත් අනිත් පැත්තෙන් ආවා.. දැන් තමයි මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ..
මං හිතෙන් දෙවියන්ට ස්තූති කර කර බලන් හිටියෙ ඒ දෙන්නගෙ හැසිරීම දිහා.. මං දන්න හින්දා ඒ දෙන්නා ඉන්නෙ එකිනෙකා එක්ක තරහෙන් කියලා මට තේරුනත් performance එක අතරතුර නම් කිසිම වැරැද්දක් වුනේ නෑ..
මොනා වුනත් එයාලගෙ vocals නම් මාරම ලස්සනයි.. ඇත්තටම මේ කොලේජ් එකෙ ලමයි සල්ලිකාරයො වගේම එයාලා ගොඩක් දක්ශයි.. කිසිම අඩුපාඩුවක් තිබුනෙ නෑ මේ අයිටම් එකෙත්.. audience එක ගොඩක් සතුටු වුනා කියලා අයිටම් එක ඉවර වුනාට පස්සෙ ඒගොල්ලන්ගෙ කෑගැහිල්ලෙන් තේරුනා...
"ඔන්නි යං.. ඊලගට අපේ අයිටම් එක"
ඉන්හා මාවත් ඇදගන ආයෙත් ස්ටේජ් එක යටට ගියා.. මගෙ නම් පපුව අසූහාරදාහට ගැහෙනවා.. ජිමින් ගෙ මූන බලන්නත් බෑ වගෙ.. ඒත් මොනා කරන්නද දැන් මේක කරන්න බෑ කියන්නත් බෑ..මං ඉන්හා එක්කම ස්ටේජ් එක පිටිපස්සට යද්දි එතන ටේහ්‍යුන් ජිමින් දෙන්නම හිටියා.. දෙන්නගෙම මූනු අදුරු වෙලා..
"හොදට කරන්න"
යුන්ගි ඔප්පා අපි ලගට ඇවිත් ටේහ්‍යුන්ගෙයි ජිමින් ගෙයි පිටට තට්ටු කරන ගමන් එහෙම කියලා ගියා.. ඒක හරියට අයියා කෙනෙක් මල්ලි කෙනෙක්ට කරන අණකිරීමක් වගේ.. අනේ යුන්ගි ඔප්පා මං ගැන මොනව හිතාගන ඉන්නවද දන්නෙ නෑ දැකපු දේවල් එක්ක.
Choreography එකේ විදියට මං ජිමින් ගෙ අතෙන් අල්ලගෙන ස්ටේජ් එකට ආවා.. මොනා වුනත් පුලුවන් හැම වෙලාවෙම මං එයාගෙ ඇස් මගාරින්න තමයි උත්සහ කලේ.. මේක තමා කොන්සට් එකේ අන්තිම අයිටම් එක. මට ඕනෙ වුනේ ඉක්මනට මේක ඉවරකරලා මෙතනින් යන්න..
කිසිම ප්‍රශ්නයක් නැතුව අපි steps ටික කරගන ආව.. audience එකත් ගොඩක් ආසාවෙන් බලාගන ඉන්නවා කියලා ඒ දිහා බලද්දි මට තේරුනා.. ඒක ඇත්තටම හිතට ටිකක් හරි සහනයක් වුනා..
අයිටම් එක ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දි choreography එකේ හැටියට ජිමින්ට තිබුනෙ මං ඉනෙන් පහලට නැවෙද්දි මගෙ ඉනෙන් අල්ලගෙන මාගෙ මූන දිගේ එයාගෙ ඇගිල්ලක් යවලා සීරුවට ආයෙ කෙලින් වෙන්න. ඒ කෑල්ල කරද්දි අපි දෙන්නා මූනට මූන බලාගන්න එක ගොඩක් වැදගත් හින්දා මට තවත් ඒ ඇස් මගාරින්න බැරිවුනා..
ඕනෙ එකක් කියලා මං ජිමින් දිහා බැලුවා..
ඒ ඇස් කේන්තියෙන් දිලිසෙනවා.. අනික ඒ ඇස් වල කදුලු. ජිමින් කෙලින්ම මගෙ ඇස් දිහා බැලුවා.. මාව පිච්චිලා යන බැල්මකින් බලලා මට හිතන්නවත් වෙලාවක් නොදී ජිමින් මගෙ තොල් වලට බරවුනා..!
මට දැනුනෙ කියාගන්න බැරි ලොකු අසරණ කමක්.. මිනිස්සු සිය ගානක් ඉස්සරහ මෙහෙම දෙයක් වුනාම මට මැරෙන්න තරම් ලැජ්ජාවක් ආව.. මං ජිමින් ගෙන් ඈත් වෙන්න හදනකොටම කවුද මංදා ඇවිත් ජිමින් ව තල්ලු කලා.. මං බිම!!!! ජිමින්ව පැත්තකට විසිවෙලා ගියා..මුලු audience එකම සූ ගාන සද්දෙන් පිරිලා ගියා..උන දේ හිතාගන්න බැරුව මං වටපිට බලද්දි ටේහ්‍යුන් ජිමින් දිහා බලාගන එලියටත් ඇහෙන්න තරම් හයියෙන් හුස්ම ගන්නවා.. මං එකපාරට බැලුවෙ ගායල් දිහා.. එයත් බිම!! ජන්ග්කුකයි ඉන්හායි කටවල් ඇරගෙන බලාගන ඉන්නවා.. ඒ එක්කම ස්ටේජ් එකේ curtains වැහුනා.. මං දෙපාරක් හිතන්නැතුව නැගිටලා ස්ටේජ් එකෙන් බැහැලා හෝල් එකේ පිටිපස්සෙ දොරෙන් එලියට ගියා..
මං සෙරෙප්පු දෙකක්වත් නැතුව ඇදගන හිටිය ඇදුම පිටින්ම කොලේජ් එකෙන් එලියට ගියා.. මට ඇඩෙනවා.. ටැක්සි එකක් අල්ලගෙන එහෙම්ම මන් ගෙදර ගියෙ හිතේ තිබ්බ දුකයි කේන්තියයි එක්කමයි.. මං කොහොම හිටිය කෙල්ලෙක්ද!!
ඒත් දැන් එකම දවසෙ කොල්ලො දෙන්නෙක් මාව කිස් කලා.. මට මං ගැනම ලොකු ලැජ්ජාවක් ආවා.. ගෙදරට යද්දිත් අම්මා ඇවිත්.මං අම්ම එක්ක කතා නොකර කෙලින්ම ගියෙ මගේ කාමරේට!
කාමරේට ගිහින් මං ටක්ගාලා දොර වහගත්තා
"ජූරි... පුතේ මොකද මේ!! කොන්සට් එක ඉවරද? කෝ ටිකක් එලියට එන්නකො.. අනේ ජූරියො මාත් එක්ක තරහා වෙලාද? අම්ම එන්න හිටියෙ පුතේ කොන්සට් එක බලන්න. හදිස්සියෙ වැඩක් වැටුනා ඒකයි එන්න බැරිවුනේ"
අම්මා දොර එහාපැත්තෙ ඉදන් කෑගහනවා
"මං තරහ නෑ අම්මා.. මට මහන්සි මං නිදාගන්නව"
මං දොර අරින්නැතුවම එහෙම කිව්වෙ අම්මගෙ හිත රිද්දන්න බැරි නිස. බැරිවෙලාවත් අද අම්මා ආවනම් එහෙම එයාට මොනා හිතෙයිද!!! මට ජිමින් ගැන ආවෙ ලොකු කලකිරීමක්
එයා කොච්චර හොදට මාත් එක්ක හිටියද!! ඒත් අද එයාට මොකද වුනේ.. එකද එයාගෙ ඇත්ත ස්වරූපෙ!
මං එයා මගෙ හොදම යාලුවෙක් කියලා හිතපු මමයි වැරදි.. හිතේ තියන දුක කියන්න කෙනෙක් නැතුව මට ලොකු අසරන කමක් දැනුනෙ..
මගෙ ඇස් වලින් කදුලු වැටුනෙ ඉබේටමයි.. මං කොච්චර වෙලා ඇඩුවද කියල මං දන්නෙ නෑ.. ඉබේම මට නින්ද ගිහින් උදේ ඇහැරුනේ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට..
Screen එක දිහා බලන්නෙවත් නැතුව මං ෆෝන් එක ආන්සවර් කලා..
📱 "හෙලෝ"
📱"හෙලෝ ජූරි.. මට සමාවෙන්න"
මං එකපාරට ෆෝන් එක කනෙන් අරන් screen එක දිහා බැලුවෙ උදේ පාන්දර කෝල් අරන් මගෙන් සමාව ගන්නෙ කව්ද බලන්න
"Unknown number" කියලා screen එකේ වැටිලා තිබ්බෙ.
📱"කව්ද මෙ?"
📱"ජිමින්....!"
කනට ඇහෙන නොඇහෙන ගානට ඒක කිව්වෙ.නම ඇහුන විතරයි මං කෝල් එක කට් කලා.. මගෙ හිතට ආවෙ පුදුම කේන්තියක්.. මං කවුරු කියලද දන්නෙ නෑ හිතාගන ඉන්නෙ!!
අර ජෙනී කියන සක්කරවට්ටම වගේ කියලා හිතලා වෙන්නැති හිතුන ගමන් කිස් කරන්න ආවෙ..
මං නැගිටලා වොශ් රූම් එකට ගියෙ අද සෙනසුරාදා හින්දා නාලා කැෆේ එකට යනවා කියලා හිතාගන.. යන්ග් සෝ ඔප්පා එක්ක කයියක් ගහගන ඉද්දිවත් හිත හැදෙයිනේ.
කොච්චර ආසාවෙන්ද මං කොලේජ් ගියෙ..දැන්නම් යන්න තියා පැත්ත බලන්න හිතෙන්නෙ නෑ..
අම්මා නම් ඔෆිස් ගිහින් වෙනදා වගේම sticky note එකක් එක්ක කෑම තියලා..
" ජූරියා.. අම්මා එක්ක තරහ වෙන්නෙපා..අද අම්මා කලින් එන්නම්.. සරන්හේ"
මට අම්මා පව් කියලාත් හිතුනා. කොහෙවත් ඉන්න මෝඩයෙක් හින්දා ඊයෙ අම්මා එක්ක කතා කරන්නත් බැරිවුනා
මං කෑම එක කාලා ඩෙනිමයි හූඩි එකකුයි ඇදගන එලියට බැස්සෙ කැෆේ එකට යන්න.. දෙසැම්බර් ලග හින්දා එලිය යන්තම් සීතලයි.. හිතේ තිබ්බ මූසල ගතිය යන්නත් එක්ක මං සීතල විදගෙනම වටපිට බල බල කැෆේ එක පැත්තට පියමැන්නා
**