Petalless Flower✔️

By Oreo_Bambi

30.9K 6.7K 406

පිපෙන්නට පෙර පෙති හැලී ගිය මලක්... Petalless Flower🥀 More

Episode 1 🥀
Episode 2🥀
Episode 3🥀
Episode 4🥀
Episode 5🥀
Episode 6🥀
Episode 7 🥀
Episode 8🥀
Episode 10🥀
Episode 11🥀
Episode 12🥀
Episode 13🥀
Episode 14🥀
Episode 15🥀
Episode 16🥀
Episode 17🥀
Episode 18🥀
Episode 19-1🥀
Episode 19-2🥀
Episode 20🥀
Episode 21🥀
Episode 22🥀
Episode 23🥀
Episode 24🥀
Episode 25(final)🥀
ජිමින් ගෙන් එයාගෙ ජූ ට ආදරෙන්.......❤️🥀
ටේටේ ගෙන් එයාගෙ ලිලී ට ආදරෙන්...❤️🥀

Episode 9🥀

974 252 4
By Oreo_Bambi

බස් එකට නැග්ග වෙලේ ඉදන් කොලේජ් එක ගාවින් බහිනකල්ම හනාගේ කියවිල්ල අහගන තමයි ආවේ.. මොනා ගැනද දන්නවද කියවන්නෙ යුන්ගි ඔප්පා ගැනයි යුන්ගි ඔප්පා ගෙ රැප් ගැනයි.. හනා කියන විදියට යුන්ගි ඔප්පා තමයි මේ ලෝකෙන්ම හොදම rapper! ඒ කියන විදියටනම් මටත් ආස හිතුනා එයාලා ප්‍රැක්ටිස් කරනවා බලන්න යන්න..

free වෙලාවක් ආව ගමන් auditorium එකට එන්නම් කියාගන මං main hall එකට ආවා.. ඔක්කොම main hall එකේ practice කරන්න ගත්තොත් වැඩේ හරියන්නෙ නැති හින්දා කට්ටියක් auditorium එකේ තව කට්ටියක් music room,dancing room,drama room වල. ඊයෙ ඉදන් concert එක තියන දවස වෙනකල් ම මුලු දවසම ප්‍රැක්ටිස්..

මං main hall එකට එද්දි හෝබි ඔප්පායි හේ වොනුයි කොනක ඉදගන බර කයිය. මාව දැක්කෙත් නෑ.. මං බෑග් එක බිමින් තියලා කොන්ඩෙත් උඩට කරලා ගැටගහගන බිත්තියට හේත්තු වෙලා ඉදගත්තා. ඊටපස්සේ ෆෝන් එක අරන් සින්දුවක් දාගන handfree එක කනේ ගහගත්‍තා.ඇස් දෙකත් වහගන සින්දුව අහ අහ ඉද්දි ටික වෙලාවකින් මගෙ මූනට හුලං පාරක් වැදුනා වගේ දැනුන හින්දා ඇස් ඇරලා බැලුවම මූන ඉස්සරහ හිනාවෙවී ඉන්නවා.. ජිමින්!!

"අම්බෝ මං බයවුන තරම!!"

ජිමින් මූනත් දික් කරගන මගෙ ඉස්සරහ ඉදගන ඉන්නවා දැක්කම ඇත්තටම මං ගැස්සුනා.. එයාට හිනා

"මං හිතුව නින්ද ගිහින් කියලා!"

එහෙම කියාගනම ජිමින් මගේ එහාපැත්තෙන් ඉදගත්තා

"ගොඩක් වෙලාද ඇවිල්ලා?"

"ටිකක් වෙලා!"

"මගේ මූනට එබීගෙන ඉදලා කොච්චර වෙලාද"

"ම්ම්ම් ආව වෙලාවෙ ඉදලා"

"ඉතින් මට කතාකරන්න එපැයි"

"මං හිතුවෙ නින්ද ගිහින් කියලා ඇහැරවන්න ලෝබ හිතුනා"

ජිමින් ඇහෙන නොඇහෙන ගානට එහෙම කියලා නැගිට්ටා..

ශාහ් දැන්නෙ මං මෙයාගෙ ලස්සන දැක්කේ.. කලු ශර්ට් එකටයි බොටම් එකටයි මාර ලස්සනයි.. දිලිසි දිලිසි ඉන්නෙ.

වටේම කෙල්ලො ජිමින් දිහා බල බල කුටු කුටු ගගා මොනාද කියෝනවා

"ජිමින් ඔප්පා... මං මේක ඔයාටමයි ගෙනාවෙ.. ඔප්පා ආසයිනෙ ලෙමන් flavour එකට."

කොහේදෝ ඉදන් ආව කෙල්ලෙක් ඇබරි ඇබරි ජිමින් ට ලෙමන් ජූස් එකක් දික් කලා. ජිමින් ඒ කෙල්ලවත් තල්ලු කරගන හෝල් එකෙන් එලියට ගියා. ඒ කෙල්ලගෙ මූන නිකන් කුනුවෙච්ච තක්කාලි ගෙඩියක් වගේ වුනා

මෙන්න ඒ ගමන ඒ කෙල්ල මට රවනවා.. ඇයි මං මොනාද කලේ මට රවන්නෙ

"මගෙ ජිමින් ඔප්පා ගෙන් ඈත් වෙලා ඉන්නවා! තමුන් එයා එක්ක ඩාන්ස් කලාට කමක් නෑ.. එතනින් එහාට දේවල් හිතාගන ඉදල මට අහුවෙන්නෙපා"

කටත් උල් කර කර කියෝලා ඒ කෙල්ල පද්ද පද්ද ජිමින් ගිය පැත්තටම ගියා..මොකද්ද අනේ ඒ වුනේ.. මට වැටෙන්නෙම මෙහෙම බාල්දි තමයි..හිනත් යනවා මේවට.

මේ ප්‍රැක්ටිස් පටන් ගන්නෙ නැද්ද මන්දා.. මෙහෙම නිකන් ඉදගන ඉන්න ගියාම එපා වෙනවා කතාකරන්නවත් කවුරුත් නෑ.. හෝබි ඔප්පාට නම් වගේ වගක් නෑ හේ වොන් එක්ක කෝලම් කර කර හිනාවෙවී ඉන්නවා..

තාම ප්‍රැක්ටිස් පටන් ගන්න පාටක් නැති හින්දා මං නැගිට්ටෙ යුන්ගි ඔප්පා රැප් කරනවා බලන්න auditorium එකට යන්න. දොර ගාව ඉන්න එක්කෙනා දැකලා මගෙ කටත් බාගෙට ඇරුනා.. ටේහ්‍යුන්!!කලු ශර්ට් එකයි කොල පාට බොටම් එකයි ඇදලා නලලට පටියකුත් බැදගන ඊට උඩින් කොන්ඩේ දාගන.. මාරම හැන්ඩ්සම්.. මේ ඉන්නේ අර දුශ්ට කොටියද කියලත් හිතෙනවා..

"මොනාද කට ඇරගන බලන් ඉන්නෙ"

ටේහ්‍යුන් ලගටම එනකල් මට තේරුනෙ නෑ..දුශ්ට මූනත් දාගන මගේ ලග නැවතිලා එහෙම ඇහුවාම තමයි මං මේ ලෝකෙට ආවෙ.. හැන්ඩ්සම් මූනක් තිබ්බට වැඩක් නෑ මූනේ හිනා පොදක් නෑ.

"අහ්හ් .. ම් මුකුත් නෑ"

"මුකුත් නැති වෙන්න......"

"හරී දැන් ප්‍රැක්ටිස් පටන් ගමු"

හෝබි ඔප්පා ගෙ සද්දෙට ටේහ්‍යුන් කියන්න ගිය එක නැවතුනා.. අම්බෝ හෝබි ඔප්පට පිං! කට්ටිය ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න හදනකොටම වගේ ජිමිනුයි ජන්ග්කුකුයි හෝල් එකට ආවා.. ඒත් ජන්ග්කුක් ඩාන්ස් කරන්නෙ කා එක්කද ටීනා නෑනෙ..

"හ්‍යුන් මට අලුත් පාර්ට්නර් කෙනෙක් හොයාගත්තද"?
"අහ්හ් ඔව් ඔව් හොයාගත්‍තා.. ඔන්න මේ සැරේ නම් රන්ඩු දාගන්නැතුව වැඩේ කරනවා! ටීනා වගේ නෙවෙයි මේ කෙල්ල අහින්සක කෙල්ලෙක්"

හෝබි ඔප්පා එහෙම කියද්දිම ගෑනු ලමයෙක් හිමින් හිමින් අපේ පැත්තට ආවා

"ලමයි මේ ඉන්නෙ ඉන්හා.. ජන්ග්කුක් ගේ අලුත් පාර්ට්නර්. මෙයා මගේ යාලුවෙක්ගෙ නන්ගි කෙනෙක් . අපේ කුකීට පාර්ට්නර්ස් ලා මේ කොලේජ් එකෙන් හොයාගන්න බැරි හින්දා මං ප්‍රින්සිපල් ගෙන් permission අරගත්තා පිටින් කෙනෙක් ගේන්න"


මෙයානම් ටීනා වගේ නැට්ටිච්චියෙක් නෙවෙයි කියලා දැක්ක ගමන් කියන්න පුලුවන්.. අපිට වඩා පොඩි පාටයි.. මං හිමින් සැරේ ජන්ග්කුක් දිහා බැලුවේ එයාගෙ reaction එක මොනවගේද කියලා බලන්න.. අත්දෙකන් බැදගන ඉන්හා දිහා බලාගන ඉන්නවා.. කෙල්ල නම් බිම බලාගන ඉන්නෙ බයේද කොහෙද!

"හායි ඉන්හා මං හේ වොන්"

හේ වොන් ඉන්හා ට අතට අත දුන්නා

හායි මං ජූරි"

ඉන්හා මං දිහා බලලා හිනාවුනා.. අහින්සක පාටයි.. මොනා වුනත් ටීනා වගේ මෙයානම් මගේ ජන්ග්කුක් ගේ ඇගේ එල්ලෙන්න යන එකක් නෑ කියලා හිතුන හින්දා මට පොඩි සතුටකුත් දැනුනා

><

"හරි අන්තිමට කරන්න ඕනේ මෙහෙම.. boys ඔයාලා girl ගෙ කම්මුලක් දිගේ ඇගිල්ල මෙහෙම ගෙනියන්න ඕනෙ ඊටපස්සෙ girl හිමීට boy ගෙ පපුවෙන් ඔලුව තියාගන්න.. තිරේ වැහෙනකල්ම ඔහොම ඉන්න ඕනේ. Ok

හෝබි ඔප්පා අපේ අන්තිම step එකත් කියලා දුන්නා.. මේකනම් කරන්න ලැජ්ජයි වගේ.. මං කොහොමද අනේ ජිමින් ගේ පපුවෙන් ඔලුව තියාගන්නෙ..

" මොනාද තනියම කියවන්නෙ?"

"නෑ.. මේ ඔයාට පුලුවන්ද මේ අයිටම් එක කරන්න?"

"ඔව්.. ඇයි ඔයාට බැරිද?"

"න් නෑ.. එහෙම නෙවෙයි......."

"වැඩිය හිතන්නෙපා.. මේක ඩාන්ස් එකක් විතරයිනේ"

ජිමින් එහෙම කියලා හිනාවෙලා මගේ නහයට තට්ටුවක් දැම්මා..
ඒකත් ඇත්ත මේක ඩාන්ස් එකක් විතරනේ

><

"ඔහ්හ් දැන්ම සපත්තු දාන්නෙපා"

Free time එකක් හම්බුන හින්දා මං හැදුවෙ යුන්ගි ඔප්පාගෙ rap බලන්න යන්න. හනා ට එන්නම් කිව්වට උදේ ඉදන්ම යන්න බැරිවුනානෙ.. සපත්තු දාගන්න හදනකොටම ජිමින් එතන්ට ආවා..

" ඇයි?"

"අපි කපල් ඩාන්ස් එකක් දාමු"

එහෙම කියලා ජිමින් මගේ අතෙන් ඇදගන හෝල් එකේ මැදකට ගියා. ඇත්තටම ජිමිනුයි මායි දැන් හොදම යාලුවෝ වගේ.. එයා පුලුවන් හැමවෙලේම මාත් එක්ක කතාකරන්න ආවා..ජිමින් කොටි පැටියාගෙ යාලුවෙක් වුනාට එයා වගේ නපුරු නෑ.. කොයිවෙලෙත් හිනාවුන ගමන් ඉන්නෙ.. හැබැයි එයාගෙ ඇගේ එල්ලෙන්න එන කෙල්ලොන්ව නම් ගනන් ගන්නෙ නෑ පොඩ්ඩක්වත්.. එහෙමයි කියලා පස්සෙන් එන කෙල්ලො ගාන අඩුත් නෑ.

"හරි දැන් මොකද්ද කරන්නෙ?"

"කරන්නෙද?? මගෙ කකුල් දෙක උඩට නගින්න"

"ඈහ්"

"නගිනවකෝ"

මාත් ඉතින් නැග්ගා.. මේ කොල්ලට පිස්සුද මන්දා.. මගේ අත් දෙකෙන් අල්ලගෙන එහාටයි මෙහාටයි දුර අඩි තිය තිය යනවා.. මං එයාගෙ කකුල් දෙක උඩ ඉන්න හින්දා මාත් එයා එක්කම යනවා.. මරු කපල් ඩාන්ස්.

අපි මුලු හෝල් එක වටේම මෙහෙම ගියාද කොහෙද... ජිමින් ජින් හ්‍යුන් ඉන්න පැත්‍තට ගිහින් එකපාරට මාත් එක්කම ගිහින් ඔප්පාගෙ ඇගේ හයියෙන් හැප්පුනා.. ඔප්පා නොවැටි බේරුනේ අනූනමයෙන්!

"යාආආආශ් ජිමිනා මොනාද කරන්නේ..!!!තව ටිකෙන් මං බිම!! ආහ් කව්ද මේ බටු කෙල්ල නේද!! දෙන්නත් එක්ක මගෙන් ගුටි කන්නද හදන්නේ..ආආ බලනවා ගැස්සුන පාර මාව තාම ගැහෙනවා!"

ජින් ඔප්පා කන් දෙකත් රතු කරගන හොල් එක උඩ යන්න කෑගහනවා.. මටනම් හිනාවෙලා පනත් නෑ.. ජිමින් ගෙ ඇස් වල කදුලු හිනාවෙලාම

"එන්නම් හ්‍යුන්!!"

ජිමින් එහෙම කියාගන හිනාවෙවිම ආයෙ කැරකි කැරකි ආවා.. හෝබි ඔප්පාටත් අපිව දැකලා හිනා.

"අම්බෝ දැන් ඇති ජිමින්.. හිනාවෙලා මට පනත් නෑ"
මං අපි ආයෙ කැරකිලා හිටපු තැනටම ආවට පස්සෙ බඩත් අල්ලගෙන ඉදගත්තා..

"ලස්සනයි!"

"අහ්?"

"හිනාවෙද්දි ලස්සනයි"

එහෙම කියලා ජිමින් මගෙ නලලට තට්ටුවක් දාලා වතුර බෝතලේකුත් අරන් හෝල් එකෙන් එලියට ගියා

ජිමින් pov

දැකපු මුල් දවස් වල ලොකු විශේශයක් නොදැනුනාට එකට ඩාන්ස් කරන්න ගත්තට පස්සෙ මට ජූරි ලගටම වෙලා ඉන්න ඕනේ වගේ දැනෙනවා.. උදේ එනකොට කෙල්ල බිත්තියට හේත්තු වෙලා නිදි. .

මං එයා ඉස්සරහින් ඉදගන ඒ මූන දිහා බලාගන හිටියා.. කියන්න විශේශ ලස්සනක් නෑ ඒත් දැක්ක ගමන් හිත යනවා වගේ එකක් ඒ මූනෙ තියනවා.. චූටි නහයකුයි පිරුනු තොල් දෙකකුයි.. මං ටිකක් වෙලා ඒ මූන දිහා බලන් ඉන්නකොට එකපාරට එයා ඇස් ඇරියා.. කෙල්ල ගැස්සුනාද මන්දා! නිදාගන නෙවෙයි ඉදලා තියෙන්නෙ..

එයා එක්ක කතා කරන්න ඕනෙ වුනත් lemon juice එකක් අරන් එතන්ට ආව මලහෝන්තුව හින්දා මං නැගිටලා හෝල් එකෙන් එලියට ආවා.මොකද ජූරි මං ගැන වැරදියට හිතනවට මං ආස නෑ.. එයා එක්ක ලංවෙලා ඩාන්ස් කරද්දි මට ලොකු සතුටක් දැනෙනවා.. මේ ටික දවසට මං එයාට ගොඩක් ලන් වෙලා. ජූරිත් මාත් එක්ක දැන් ගොඩක් හිතවත්.. ඒ කෙල්ල හිනාවෙනකොට නම් මලක් වගේ.. මිරිකන්න හිතෙනවා.. මං චූටි කෙල්ලන්ට ආසත් මේකයි එයාලා දැක්කම එන හැගීම හරි ලස්සනයි.. නරක දේවල් හිතෙන්නෙම නැති තරම්.

ජිමින් උබට නම් පිස්සු හැදිලා!!!

ප්‍රැක්ටිස් ඉවර වුන ගමන් මෙයා දඩිබිඩියෙ සපත්‍තු දානවා කොහෙද යන්න ලෑස්තිය.. මට එයා එක්ක තව ටිකක් ඉන්න ඕනෙ කියලා හිතුන හින්දා පිස්සු වැඩක් කලා.. මගේ කකුල් දෙක උඩට එයාව නග්ගගෙන අපි මුලි හෝල් එක වටේම ගියා.. ඔක්කොටම හපන් ජින් හ්‍යුන් ගෙ කටේ සද්දේ.. එවෙලෙ නම් ජූරි නවත්ත ගන්න බැරිතරම් හිනා වුනා.. මටත් හිනා හ්‍යුන් දගල දගල අපිදෙන්නට බනිනවා දැක්කම.. මං එක්ක ඉද්දි එයා හිනාවෙනවට මං ආසයි..එයාගෙ හිනාව!!! ඒක හරි ලස්සන දෙයක්.

**************************************

ටේහ්‍යුන් pov

ගෙදර ආවත් මගෙ හිත තිබුනෙ කොලේජ් එකේ.. කොලේජ් එකේ නෙවෙයි අර කොට කෙල්ල ලග!!! ඒ කෙල්ල හින්දා දැන් දවස් ගානක් තිස්සෙ මගෙ ඔලුව පිස්සු නටනවා.. කොයිවෙලේ බැලුවත් ඒ කෙල්ල ඉන්නෙ ජිමින් එක්ක.. dancing partners ලා වුනා කියලා හැමවෙලේම එකට ඉන්න ඕනෙද! එහෙනම් මායි ගායලුයිත් එහෙම ඉන්න එපැයි.. එන්න කිට්ටු වෙලා දැක්ක දේ හින්දා මගේ හිතේ තිබුනේ ලොකු කේන්තියක්.. කොට කෙල්ල ජිමින් ගෙ කකුල් දෙක උඩ නැගගන හෝල් එකවටේම යනවා!! ඒ මදිවට ඒ හිනාව!!! පුදුම සතුටක් දෙන්නගෙ තිබුනෙ.

ජිමිනා වුනත් මීට කලින් ඔහොම කෙල්ලෙක් එක්ක ඉන්නව මං දැකලා නෑ.. දැන් ඌට මාවයි ජන්ග්කුකාවයි ත් අමතක වෙලා
ජිමිනාගෙයි ඒ කෙල්ලගෙයි මොකක් හරි සම්බන්දයක් තියනවද!! නෑ නෑ එහෙම වෙන්න බෑ.. කොට කෙල්ල ජිමින් දිහා බලන්නෙ හරියට යාලුවෙක් දිහා බලනවා වගේ!! ඒත් ජිමින්...

ආයිශ් ටේහ්‍යුන් උබට මොකද මේ වෙලා තියෙන්නෙ!!

"ආආආආආඅශ්"

මං මගෙ කොන්ඩෙත් අත් දෙකෙන් ඇදගනම ඇද උඩින් ඉදගත්තා.. එකපාරටම කවුරු හරි මගෙ room එකේ දොර ඇරියා

"ටේ!! ඔයා දැන් කෑගැහුවද?"

"න් නෑ හ්‍යුන්!! ඇයි?"

"නෑ මට සද්දයක් ආවා ඒකයි බැලුවෙ.. ඔයා හොදින්ද!!
මොකද රතු වෙලා??"

"මං? මං රතු වෙලා නෑ .. මං මේ හොදට ඉන්නෙ!! හ්‍යුන් ට මං සිංදු කියන සද්දෙ ඇහෙන්න ඇත්තෙ මං කෑගැහුවෙ නෑ සිංදුවක් කිව්වෙ"

"අහ්හ් එකත් එහෙමද! ඒක නෙවෙයි මං හෙට කොලේජ් එකට එනවා"

"ඒ මොකටද?"

"ඇයි මට එන්න බැරිද"

"මොනාද හ්‍යුන් .මං ඇහුවෙ හදිස්සියෙ ඇයි කියලා"

"යුන්ගි ගෙ iteam එකට ලමයි ප්‍රැක්ටිස් කරවන්න එයා ට තනියම කරන්න අමාරුයි කියලා පුලුවන්නම් එන්න කිව්වා.. කම්පැනි එකෙත් ලොකු දෙයක් කරන්න නැති හින්දා මං යන්න කියලා බැලුවෙ"

"අහ්හ් ඒකත් හොදයි"

"ලොකු බේබි!!!!! මෙන්න ඉල්ලපු ජූස් එක"

ගෙදර වැඩකරන අජුම්මා කතා කරපු හින්දා හ්‍යුන් දොරත් වහගනම මගෙ room එකෙන් එලියට ගියා..
මං ආයෙත් ඇදට වැටුනේ හිතන්න දේවල් ගොඩක් තිබ්බ හින්දා.. මගෙ හිත එක තැනක නෑ වගෙ.. මං කලින් හිටපු කිසිදෙයක් ඕනාවට වඩා හිතන්නෙ නැති ටේහ්‍යුන් වෙන්න හැදුවත් මට දැන් ඒක කරන්න බෑ.. මට මොකද වෙලා තියෙන්නෙ කියලා මං මගෙන්ම අහලා දැනගන්න ඕනෙ හින්දා මං ඇස් දෙක පියාගත්තා..

ඒත් මට පේන්නෙ හිනාවෙවි ඉන්න කොට කෙල්ලෙක්ව!!

><

Continue Reading

You'll Also Like

3K 607 10
🔥💧එකම කිරුලක් හිමි ඩෙමිගෝඩ් උරුමක්කාරයින් ආදරවන්තයින් වේවිද? නැතිවුනු අයිතිය හඹායන්නෙකුගේ පලිගැනීම සම්පූර්ණ වේවිද ? නොගැ...
418K 16K 44
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
42.4K 10.7K 52
මම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම...
3K 948 8
"යුන්ගියා මන් ඔයාට ලොකූඌඌඌඌම ලොකු උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...